Main Logo

Monday 21 October 2019

හකීම්, පලාලි කා වෙනුවෙන් ද?

      සිංහල ලිත් 


හකීම්, පලාලි කා වෙනුවෙන් ද?




හකීම් සහාරාන් දැනන් හිටලා නැහැ. ඒත් ඔහු ළඟ ම රැස්වීමක වාඩි වෙලා. හකීම් සහාරාන්ගෙ නම දැනන් හිටියෙ නැද්ද කරන වැඩ ගැන දැන හිටියෙ නැද්ද ආදී වශයෙන් දැන හිටිය කියන එක වෙනස් වෙනවා. මා හකීම් දන්නවා යම් ආකාරයකට, එත් මුණ ගැහිලා කතා කරලා නැහැ. අපි සමහරුන් එක්ක කතා කරල තියෙනවා. ඒත් නමවත් දන්නෙ නැහැ. හකීම්ට අද කොහොමටවත් කියන්න බැහැ තමා සහාරාන් දැන හිටිය කියලා. ඒත් ඔහු සහාරාන් වෙනුවෙන් කතා කළා. ඔය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණෙ අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසය නිසා නො වෙයි. අතන මෙතන රතන හිමි සිද්ධියෙන් සිද්ධියට පනිනවා නැහැ වැඩම කරනවා. දේශපාලනඥයකු හැටියට උන්වහන්සේට ඕන කරන්නෙ ප්‍රසිද්ධිය හා මන්ත්‍රීකම. පුළුවන් නම් ඇමතිකමක්. මුස්ලිම් ඇමතිවරු අස්වුණෙ සහාරාන් ආරක්‍ෂා කරන්න. මුස්ලිම් ත්‍රස්තවාදයෙ සහාරාන් වෙනුවෙන් පෙනී හිටීමට. 


හකීම් විතරක් නොවෙයි රෂීඩ් බද්‍යුද්දීන් විතරක් නොවෙයි හිස්බුල්ලාත් මුස්ලිම් ආක්‍රමණිකවාදය වෙනුවෙන් පෙනී සිටින අය. හිස්බුල්ලා සජිත්ගෙ ඡන්ද කඩන්න දැම්ම කියල ඔහු නිදොස් වෙන්නෙ නැහැ. මොවුන් සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුනොවුන් අතර මතභේද ඇති. ඒත් ඔවුන් මෙරට මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීමට විවිධාකාරයෙන් කටයුතු කරන අය. මේ මුස්ලිම් රාජ්‍යය නැගෙනහිර පළාතට සීමා වෙන එකක් නො වෙයි. එය දෙමළ ජාතිවාදීන් මුලින් බලාපොරොත්තු වූ ආකාරයට මෙන් මුළු රටට ම බලපාන එකක්. 

පොන්නම්බලම් රාමනාදන්ලාට අවශ්‍ය වුණෙ රටේ ම නායකයන් වෙන්න. මුස්ලිම් නායකයන්ටත් අවශ්‍ය වෙන්නෙ එයයි. ඒත් වෙනසක් තියෙනවා. රාමනාදන්ලාට අවශ්‍ය වුණේ නැහැ රට ම හින්දු කරන්න. කොහොමත් ඔවුන්ට ක්‍රිස්තියානි සම්භවයක් තිබුණෙ. එහෙත් මුස්ලිම් නායකයන්ට අවශ්‍ය මුළු රට ම මුස්ලිම් කරන්න. සියල්ලන් ඉස්ලාම් භක්තිමතුන් කරන්න. ඔවුන්ට බලය ලැබුණොත් අර ඊනියා අනාගමික පඬියන්ටත් ඉස්ලාම් ආගම වැළඳ ගන්න සිද්ධ වේවි. මුස්ලිමුන්ට ක්‍රිස්තියානීන්ට මෙන් බැහැ අනෙක් ආගමිකයන් නමට හරි ඉන්න ඉඩ දෙන්න.  අද බෞද්ධයනුත් ඉන්නෙ ක්‍රිස්තියානි රාජ්‍යයක. 

මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය බව නොපිළිගන්නා අය සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් බටහිර රටවල ක්‍රිස්තියානි රාජ්‍ය තියෙන බව පිළිගන්නවා. ඒත් අද ලෝකයේ ම තියෙන්නෙ ක්‍රිස්තියානි ආධිපත්‍යයක් බව ඔවුන් පිළිගන්නෙ නැහැ. ඔවුන් තාමත් කතා කරන්නෙ අධිරාජ්‍යවාදයක් ගැන. ඔවුන් ලෙනින්ගෙ කසිකබල් සංකල්පයෙන් ඈත් වෙන්නෙ නැහැ.  ලංකාවෙත් තියෙන්නෙ ක්‍රිස්තියානි ආධිපත්‍යයක්. මුස්ලිමුන්ට ලංකාවෙ දි ක්‍රිස්තියානි සංස්කෘතියේ සහාය ලැබෙනවා. ඒ සිංහල බෞද්ධයනට විරුද්ධ ව. එහෙත් මෙරට මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීමට ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ආධාරයක් ලැබෙන එකක් නැහැ.  

ෂාෆි වඳ සැත්කම් දහස් ගණනක් කළා ද යන්න මා දන්නෙ නැහැ. අතන මෙතන රතන හිමියන් ඒ ගැන අද මොනවා කියනවා ද දන්නෙත් නැහැ. උදය ගම්මන්පිළ මොනවා කියනවා ද දන්නෙත් නැහැ. අද ඔහුට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ අලි සබ්‍රි කියන විධියට. අලි සබ්‍රිට පුළුවන් පිවිතුරු හෙළ උරුමයෙ උපසභාපති වක්‍ර ආකාරයෙන් මහින්ද ලවා අස්කරවන්න. ගම්මන්පිළ කීකරු නූණොත් පිවිතුරු හෙළ උරුමයේ සභපතිත් අස් කරන්න ඉඩ තියෙනවා. ඒ මොකක් වුණත් ෂාෆි ගැන විධිමත් පරීක්‍ෂණයක් කෙරෙන්න ඕන. අලි සබ්‍රි නීතිඥයකු වුණත් විනිසුරුවකු නො වෙයි. 

මුස්ලිමුන් මුළු ලංකාවෙ ම මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවන්න උත්සාහ කරත් අද දෙමළ ජාතිවාදීන් දෙමළ රාජ්‍යයක් පිහිටුවීම උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළත් ප්‍රදේශයකට සීමා කරලා. එහෙත් ඔවුන් පිටුපස සිටින එංගලන්තය හා ඉන්දියාව කටයුතු කරන්නෙ වෙනත් අරමුණු සහිත ව. එංගලන්තය 1833න් පමණ පසු හැමදාමත් දෙමළ ජාතිවාදය යොදා ගත්තෙ සිංහල බෞද්ධයන්ට හා සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව. 

ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදා ගන්න පටන් ගත්තෙ මෑතක. 1948න් පස්සෙ. නේරුගෙ කාලයෙ සිට ඉන්දියාවට අවශ්‍ය වුණෙ ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් කර ගන්න. අදත් එය නතර වෙලා නැහැ. නේරුගෙ දුව ඉන්දිරා ගාන්ධි, මුණුබුරා රජිව් ගාන්ධි ඒ සඳහා කටයුතු කළා. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙළෙත් ඒ බලාපොරොත්තුවෙන්. එහි දී ගාමිණී දිසානායක විභීෂණගේ කාර්යය ඉටු කළා. ඉන්දියාව පළාත් සභාවලට තමන්ගෙ ප්‍රාන්ත රාජ්‍යවලට නැති බලතල ජේ ආර් හා ගාමිණී දිසානායක ලවා ලබා දුන්නා. එහෙත් ඉන්දියාවට විභීෂණ කෙනකු අවශ්‍ය වුණෙ නැහැ. ගාමිණී දිසානායක ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී මිය ගියා. 

අද මෝදි කාෂ්මීරය තුනට කඩලා. එහෙත් ඔහුට උතුරු හා නැගෙනහිර පළාත් එකතු කරන්න අවශ්‍යයි. මෝදිට ඊටත් වඩා බලාපොරෙත්තු තියෙනවා. ඒ ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් කර ගන්න. අප පලාලි ගුවන් තොටුපොළ බලන්නෙ  ඒ ඇහෙන්. පලාලි ගුවන් තොටුපොළ ඡන්ද ගුණ්ඩුවක් වෙන්නෙ අපට. එය තවත් ඊනියා ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්. අපට තවමත් ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පමණයි. මත්තලින් කවුද හීත්‍රො යන්නෙ. නාමල් රාජපක්‍ෂ දවස් කීයක් මත්තලින් ගුවන්ගත වෙලා තියෙනවා ද? 

පලාලි කියන්නෙ ඉන්දියාවට නම් ඉන්දියාවෙ තවත් ප්‍රාදේශීය ගුවන් තොටුපොළක්. පලාලියෙන් චෙන්නායි යන්න පුළුවන් වේවි. පලාලි ගුවන් තොටුපොළෙන් (ඡන්ද ගුණ්ඩුව ප්‍රායෝගික එකක් බවට පත් වීමෙන් පසු) උතුරු පළාත හා තමිල්නාඩුව අතර සම්බන්ධය වැඩි වෙන එක මිස වෙන දෙයක් වෙන්නෙ නැහැ. ඉන්දියාවට මේ සම්බන්ධය අවශ්‍යයි. ඉන්දියාවට ප්‍රභාකරන් ද ලංකාව තම ප්‍රාන්තරයක් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් යෙදා ගැනීමට අවශ්‍ය වුණත් ප්‍රභාකරන්ට ඉන්දියාවට යටත් වීමට අවශ්‍ය වුණේ නැහැ.  

රජිව් ගාන්ධි ජීවත් වූ කාලයේ සිට ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට ලංකාවට කිහිප ආකාරයකින් උපකාර කළා. ඒ ඉන්දියාව අප තම ප්‍රාන්තයක් කර ගැනීමේ වුවමනාවෙන්. ඊනියා සාම සාධක හමුදාවත් එක් පියවරක් පමණයි. අද ඔවුන් පලාලි ගුවන්තොටුපළට ආධාර කරන්නෙත් අප තම ප්‍රාන්තයක් කර ගැනීමට. පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් නොව ඉන්දියාවෙ ප්‍රාදේශීය ගුවන් තොටුපොළක්. ඉන්දියාවට තිබුණ යාපනය හා කොළඹ අතර අධිවේගී මාර්ගයක් තැනීමට ආධාර කරලා යාපනය චෙන්නායි නගරයට නොව කොළඹට තවත් ළං කරන්න.