සිංහල ලිත් ඉලක්කම්
පරාද අපේක්‍ෂාව
මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණයට වඩා පරාජය අපේක්‍ෂාවෙන් කෙරෙන්නක් බව පැහැදිලි ය. ඒ තම පරාජය නොවන අනුන්ගේ පරාජය සඳහා ය. අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා ඉදිරිපත් වුවහොත් ඒ ඔහුගේ ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් නොව සජිත්ගේ පරාජය අපේක්‍ෂාවෙනි. රනිල්දාසට ජයග්‍රහණයක් සඳහා කිසිම අපේක්‍ෂාවක් තිබිය නො හැකියි. ඔහුගේ ඒකායන අපේක්‍ෂාව සජීත් පරාජය කිරීම ය.
මහේෂ් සේනානායකට ලොකු බලාපොරොත්තුවක් තියෙන්න බැහැ. ඔහුත් කරන්නෙ ඡන්ද කැඩීමක්. ඒත් සජිත්ගෙ නොවෙයි. ඔහු කඩන්නෙ ගෝඨාභයගෙ ඡන්ද. මෙවර ජනාධිපතිවරණයෙ දි සෑම ඡන්දයක් ම වටිනවා. පොහොට්ටුවෙ නායකයන් හා අනෙක් අය ඡන්ද එකතු කරන වැඩක් කරන්නෙ නැති පාටයි. ඔවුන් දැනටමත් දිනල ඉවරයි. මට හැම තිස්සෙ ම මතක් වෙන්නෙ හාවගෙයි ඉබ්බගෙයි තරගය.
ගෝඨාභයට විරුද්ධව බැරල් කාරයන් දාල තියෙන නඩුවට මොනව වෙයි ද කියන එක කියන්න බැහැ. සමහර විට අද තීන්දුව දෙන්නත් පුළුවන්. මා මේ ලිපි ලියන්නෙ ගෝඨාභය ජාතික හා වාම කේන්ද්‍රිය කඳවුරෙන් ජාතික අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වේවි ය කියන උපකල්පනයෙන්. ඒත් මට පොහොට්ටුවෙ ඇතැමුන් ගැන එතරම් විශ්වාසයක් නැහැ. ඔවුන් තම ශක්තිය සම්පූර්ණයෙන් යොදවන බවක් පේන්නෙ නැහැ. පහුගිය ඔක්තෝම්බරයෙ හදපු දින පනහෙ ආණ්ඩුව රැක ගන්නත් ඇතැමුන් උත්සාහයක් ගත්තෙ නැහැ.
ගෝඨාභයට පක්‍ෂ වෙන්න ශ්‍රී ල නි පක්‍ෂය කැමති කර ගන්න මීට වඩා උනන්දුවක් දක්වන්න ඕන. මෛත්‍රිපාලගෙ කණ්ඩායම ලවා ඡන්ද කඩවන්න කාට හරි වුවමනාවක් තියෙනවා ද? මේ ජනාධිපතිවරණය දිනවන්න නොවෙයි පරදවන්න පවත්වන එකක් කියල මට හිතෙන්නෙ මේ කරුණු නිසා
ගෝඨාභය සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නගන්න කටයුතු කරන එකක් නැහැ. ඒත් ඔහුගේ පාලනයක ඒ සඳහා මුල් පියවර කිහිපයක් ගන්න පුළුවන්. ඒකට සමහරු අකමැති බවක් පේන්න තියෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යය කියල කියන්නෙ නැතිව ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක් ගැන කතා කරනවා. සභ්‍යත්ව රාජ්‍යය කියන සංකල්පය මාටින් යක් කියන තැනැත්තා මුලින් ම ගෙනාවෙ චීනයේ රාජ්‍යය හඳුන්වන්න. ඔහු චීන රාජ්‍යය ජාතික රාජ්‍යයක් හැටියට දැක්කෙ නැහැ.
අපේ පෑරණි රාජ්‍යය සභ්‍යත්ව රාජ්‍යයක් නො වෙයි. ඒක සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යය. අවශ්‍ය නම් සිංහල ථෙරවාද බෞද්ධ රාජ්‍යය. ඒ රාජ්‍යය ගැමුණු රජු දවසෙ ඉඳන් 1815 දක්වා තිබුණා. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමේ වගන්ති දෙකකින් සිංහල සිරිත අනුව රට පාලනය කරන්නත් (රට කරවන්නත්) බුද්ධාගම හා දේවාගම ආරක්‍ෂා කර පෝෂණය කරන්නත් ඉංගිරිසින් පොරොන්දු වුණා. ඒ පොරොන්දුච ඉංගිරිසින් ඉටු කළා නම් මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය නැති වන්නෙ නැහැ. ඒත් ඉංගිරිසින් 1816 -17 කාලයෙ ඒ රාජ්‍යය නැති කරා. 1840 දී ඔවුන් දළදා මාළිගාවෙ භාරකාරත්වයෙන් ද නිදහස් වුණා. අද මේ රටේ තියෙන්නෙ ඉංගිරිසි ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යයක්. සජිත් යටතෙ ඒක බෝන් අගෙන් ක්‍රිස්තියානි රාජ්‍යයක් වේවි.
සභ්‍යත්ව රාජ්‍යයක් කියන්නෙ යම් සභ්‍යත්වයක ඇති කරන රාජ්‍යයක් නො වෙයි. එය ජාතික රාජ්‍යයක් වන්නෙ නැහැ. බටහිරයන්ට තිබුණු ප්‍රශ්නය චීනය ඔවුන්ට අනුව ජාතික රාජ්‍යයක් නො වීම. අද ඔවුන් රුසියාවත් සභ්‍යත්ව රාජ්‍යයක් ලෙස හඳුන්වනවා. කොහොමටත් හන්ටින්ග්ටන්ට අනුව ථෙරවාද සභ්‍යත්වයක් නැහැ. සභ්‍යත්වය කියන එක බටහිරයන්ගෙ සංකල්පයක්. අප සභ්‍යත්වය කියන වචනය හදා ගත්තෙත් විසිවැනි සියවසේ. ඒ සිවිලිසේෂන් යන්නට. ඒත් අප අද සභ්‍යත්වය කියන්නෙ බටහිරයන් සිවිලිසේෂන් කියන එකට නො වෙයි.
අප ගෝඨාභයට කියන්නෙ නැහැ මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න කියලා. ඔහු තම කාර්යය කරන විට නොදැනුවත් ම ඒ සඳහා පියවර කිහිපයක් ගනීවි. පොහොට්ටුවෙ ඇතැමුන්ට එය දිරවන්නෙ නැති බව මා දන්නවා. ඒ කොහොම වුණත් ජාතික සංවිධාන සම්මේලනය ඒ සඳහා වැඩ කරන්න ඕන.
ගෝඨාභයට තියෙන එක වාසියක් තමයි රනිල්ට සජිත් පරාජය කරන්න තියෙන වුවමනාව. රනිල් පක්‍ෂයේ ජයග්‍රහණය සඳහා සජිත් වෙනුවෙන් වැඩ කරන්න පෙළඹේවි කියා මා හිතුවා. එහෙත් රනිල්ට අවශ්‍ය සජිත් දේශපාලනයෙන් හැකි නම් අතුගා දාන්න. සජිත් දිනුවොත් මොන එකඟතාවලට පැමිණියත් රනිල්ට අගමැති කම ලැබෙන එකක් නැහැ. 2015 දි මෛත්‍රිපාල දිනුව ම අද පොහොට්ටුවෙ ඉන්න ඇතැමුනුත් මෛත්‍රිපාල එක්ක ගියා වගේ සජිත් දිනුව ම එ ජා ප නායකයන් යම් පිරිසක් සජිත්ට එකතු වෙනවා. රනිල්ට අගමැති කම ලැබෙන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි රනිල්ට පක්‍ෂ නායකකමවත් ලැබෙන්නෙ නැහැ. 2015 ජනවාරි අත්දැකීම මහින්ද රනිල් සමග බෙදා ගන්න ඇති. ඒ නිසා රනිල් උඩින් කොහොම වුණත් යටින් සජිත්ට විරුද්ධ වේවි. ඒත් ඒකෙන් කියන්නෙ නැහැ රනිල් ගෝඨාභයට පක්‍ෂ වේවි කියාා. රනිල්ල බොහෝ විට රනිල්දාස ඉදිරිපත් වුණෙත් දාසට ඡන්දය දේවි. ජයම්පතිත් ලාල් විජේනායකත් ඒ විධියට තමයි.
පොහොට්ටුව මේ ප්‍රශ්න ගැන මීට වැඩිය කල්පනා කරන්න ඕන. ජයග්‍රාහි මානසිකත්වය එතරම් සුබ නැහැ. මෙය අපේක්‍ෂකයන් දිනවීමට නොව පැරදවීමට පවත්වන ජනාධිපතිවරණයක්.