Main Logo

Wednesday 9 October 2019

ගෝඨාභය හා සිංහල ඡන්ද

      සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා සිංහල ඡන්ද



මෙරට ජනගහන ප්‍රතිශත 2012 සංගණනයට අනුව මෙසේ ය. සිංහල 74.9, වතුකර නොවන දෙමළ 11.2, මුවර් මුස්ලිම් 9.2, වතුකර දෙමළ 4.2,  අනෙක් 0.5. බෞද්ධ 70.2, හින්දු 12.6, මුස්ලිම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3, අනෙක් 0.05. 


2019 වන විට සුළු වෙනස්කම් සිදු වී ඇති නමුත් අපට ඉහත සඳහන් ප්‍රතිශත ම යොදා ගැනීමට පුළුවන්. ඒ අනුව මෙරට සිංහල ක්‍රිස්තියානි ප්‍රතිශතය 4.7ක් පමණ වෙනවා. මුවර් මුස්ලිම් කියන්නෙ දහහතරවැනි සියවසේ මෙරටට වත්මන් ඉන්දියාවේ කේරළ ආසන්නයෙන් පැමිණි දෙමළ කතා කරන ඉස්ලාම් භක්තිකයන්ගෙන් පැවත එන්නන්. එසේ නොවන මුස්ලිමුන් 0.5%ක් පමණ ඉන්නවා. ඒ වත්මන් මැලේසියාවෙන් පැමිණි අයගෙන් පැවත එන්නන්.

ජනාධිපතිවරණයෙන් ජයගන්න ඡන්ද 50%ක් හා එකක් ලබා ගන්න ඕන. එහෙම නැත්නම් දෙවැනි මනාප ගණන් කිරීමට සිදුවෙනවා. ඡන්දය දීමේ අනුපාතයත් ජනගහන අනුපාතයට සමාන යැයි උපකල්පනය කළහොත් (ඒ උපකල්පනය වැරදෙන්න පුළුවන්. ගියවර උතුරු පළාතේ ඉතා විශාල ප්‍රමාණයක් ඡන්දය දුන්නා) ඡන්ද 50%ක් ලබා ගන්න පුළුවන් සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් පමණ ඡන්දය දුන්නොත්. ගියවර ජනාධිපතිවරණයේ දී සිංහල ඡන්දවලින් 60%ක් පමණ මහින්දට ලැබුණා. මෙවර ගෝඨාභයට අඩුම තරමෙන් ඒ 60% ලැබෙන්න ඕන. එහෙම වුණොත් ගෝඨාභයට මුළු ඡන්දවලින් 45%ක් පමණ ලැබෙනවා. ප්‍රශ්නය ඉතිරි 5% ලබා ගන්නේ කෙසේ ද යන්නයි. 

සාමාන්‍යයෙන් උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ ඡන්ද වැඩිපුර ලැබෙන්නේ එ ජා ප අපේක්‍ෂකයාට. ඒ දේශපාලන ගණුදෙනු (ඩීල්) නිසා. පොහොට්ටුව එවැනි ගණුදෙනුවලට ගියොත් ඒ ඔවුන්ගේ අවසානය.  සිංහල නොවන ඡන්ද 25%ක් පමණ තියෙනවා. අර ඉතිරි 5% ලබා ගන්නේ කෙසේ ද? එයට විකල්ප රාශියක් තියෙනවා. පළමුවෙන් ම ලැබෙන සිංහල ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගැනීම. එය 60% සිට 67% පමණ වැඩි කර ගතහැකි නම් ප්‍රශ්නය එතැනින් ම විසඳෙනවා. එය කළ නොහැක්කක් නොවෙයි. ඇතැම් පඬියන් එය කළ නොහැකි දෙයක් බව කියනවා. ඒ ඔවුන්ගේ දීන මානසිකත්වය නිසා. යම් අපේක්‍ෂකයකු දෙමළ කතා කරන්නන්ගේ හා ඉස්ලාම් භක්තිකයන්ගේ ඡන්ද ගැන නොතකා සිංහලයන්ට ඔවුන්ගේ නැති වී ගිය අයිතිවාසිකම් හා උරුමය ගැන කෙළින් කතා කරනවා නම් ඒ ඡන්ද ලබා ගත හැකියි. 

එහෙත් පඬියන් එසේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අද කොළපාට සමාජකාරයන් මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න බොහෝ කලින් ඉන්දීය ඔත්තුකරුවන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න බොහෝ කලින් අප මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් ඔවුන් හා අප අතර වෙනසක් තියෙනවා. ඔවුන් පටන් ගන්නේ ම සිංහල ඡන්දවලින් තුනෙන් දෙකක් (67%) ලබා ගන්න බැහැ කියන උපකල්පනයෙන්. අප පටන් ගන්නේ ඒ ඡන්ද ප්‍රමාණය ලබා ගන්න පුළුවන් යන උපකල්පනයෙන්. අප කියන්නේ නැහැ. අසිංහල ඡන්ද එපා කියා. එහෙත් අප ඔවුන්ගේ ඡන්ද වෙනුවෙන් සිංහල අයිතිවාසිකම් පාවා දිය යුතු නැහැ.  

ඉන්දිය ඔත්තුකරුවන් හා කොළපාට සමාජ කාරයන් කියන්නේ සිංහල ඡන්ද තුනෙන් දෙකක් ලබා ගැනීමට නොහැකි බැවින් දෙමළ කතා කරන හා මුස්ලිම් ඡන්ද යම් ප්‍රමාණයක් ලබා ගැනීමට අප ඔවුන්ගේ ඉල්ලීම් දිය යුතු බව. ඒ නිසා ම ඔවුන් දෙමළ හා මුස්ලිම් ඡන්ද කැඩේවිය යන බියෙන් සිංහලයන්ට සෘජුව කතා කරන්නේ නැහැ. සිංහලයන්ට සෘජුව කතා නොකර අදාළ ඡන්ද 67% ලබා ගන්න බැහැ. අද ගුරුකන්ද ගැන මුහුදු මහා විහාරය ගැන උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ගැන කතා කිරීමට පඬියන් ගෝඨාභයට ඉඩ දෙනවා ද? 

පඬියන් කරන්නේ නොකෙරෙන වෙදකමකට කෝඳුරුතෙල් සෙවීම. ඔවුන් රවුමක යනවා. සිංහලයන්ගේ ඡන්දවලින් 67%ක් ලබා ගන්න බැහැ. ඒ නිසා දෙමළ කතා කරන හා මුස්ලිම් ඡන්ද ලබා ගන්න ඕන. ඒ නිසා දෙමළ කතා කරන හා මුස්ලිම් ඡන්ද කඩා ගන්න හොඳ නැහැ. ඒ නිසා සිංහලයන්ට තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න හොඳ නැහැ. එහි ප්‍රතිපලය සිංහල ඡන්දවලින් 67%ක් නොලැබී පඬියන්ගෙ උපකල්පනය තහවුරු වීමයි. පඬියන්ගේ ක්‍රියා මාර්ගය ඔවුන්ගේ මූලික උපකල්පනය තහවුරු කර ගැනීමට පමණක් වෙනවා. පඬියන් වෙනුවෙන් පඬියන් කියා අපට කියන්න පුළුවන්.

අද විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වී තිබෙන්නේ වෙනස් තත්වයක්. සිංහලයන් බලා සිටින්නේ මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව කතා කරන අපේක්‍ෂකයකු. සජිත් එය කරන්නේ නැහැ. ගෝඨාභය ජාතික ආරක්‍ෂාව ගැන කියනවා. ඒ හොඳයි. එහෙත් එය වියුක්ත ප්‍රකාශයක්. එය වඩාත් සංයුක්ත වෙන්න ඕන. මිිනිසුන්ගේ ඇහැට කණට (පංචේන්ද්‍රියන්ට) ගෝචර වෙන  විධියකට එය කියන්න ඕන. මුස්ලිම් ඡන්ද නැති වේය කියන බියකින් ඒ බව සංයුක්ත ව නොකියා සිටීමෙන් සිදු වන්නේ මුස්ලිම් ඡන්ද මෙන් ම ලැබෙන්න තියෙන සිංහල ඡන්දත් නැති වී යෑමයි. 

අද මුස්ලිම් සංස්කෘතික හා ආර්ථික ආක්‍රමණයක් මෙරට සිදු වෙනවා. එය දේශපාලනික ආක්‍රමණයක් බවට පත් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඡන්ද කුට්ටි ඩීල් දේශපාලනය විසින් සිංහලයාගේ මළගමට වැඩ කෙරෙනවා. ජාතිකත්වයක් නැති කොළපාට සමාජ කාරයන් හා ඉන්දීය ඔත්තුකරුවන් එයට උඩගෙඩි දෙනවා. පොහොට්ටුවේ ඇතැමුන්ට කිසිම ජාතිකත්වයක් නැහැ. 2015 දී මහින්ද පැරදුණෙත් සිංහලයන්ට නිසි පරිදි ආමන්ත්‍රණය නොකළ නිසා. ගම්පහ, කුරුණෑගල, කොළඹ අවට සිංහල ඡන්ද නැති වීම එහි දී විශේෂයෙන් බල පෑවා

අප අඩු තරමෙන් කළ වැරදිවලින් පාඩම් ඉගෙන ගන්න ඕන. එ ජා පක්‍ෂයේ හිතවතුන් අද මේ පැත්තට ඇවිත් උපදෙස් දෙන්නේ එ ජා පක්‍ෂය දිනවීමට පමණයි. මොවුන්ට සැලකීම මුලින් ආපු කණට වඩා පසුව ආපු අඟට සැලකීමක්. අඟ වටින්නේ කාට ද යන්න අමුතුවෙන් කිව යුතු නැහැ. ගහක අඟ පටලවා ගෙන තම දිවි අහිමි කර ගත් මුවා අපට සිහි වෙනවා.

පකිස්තානයේ මුස්ලිම් ගැහැණුන් නැත් ද කියා අවුරුදු දහයකට පසු තැනක් ලැබුණු ඔබ්සරවර් පාසල් ශිෂ්‍ය ක්‍රිකට් ක්‍රීඩක  භානුක රාජපක්‍ෂගේ පිති හරඹය නරඹන කොට හිතෙනවා. ඒ කතුන් බුර්කා අඳින්නේ නැහැ. ඒ කතුන්ගේ මුහුණු අපට හොඳින් බලා ගන්න පුළුවන්. මට ලංකාවේ මුස්ලිම් ගැහැණුන්ගේ මුහුණු බලන්න වුවමනාවක් නැහැ. එහෙත් ඔවුන් මෙරට සංස්කෘතික ආක්‍රමණය නවතා බුර්කාව ගලවන්නේ නම් හොඳයි. අප විරුද්ධ වන්නේ මේ සංස්කෘතික ආක්‍රමණයටයි. හොඳ  පිති හරඹයක් ගෝඨාභය රාජපක්‍ෂගෙන් ද බලාපොරොත්තු වෙනවා. 
   
මෙවර ගෝඨාභයට සිංහලයන්ට සෘජුව කතා කිරීමට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ශිවාජිලිංගම් හා හිස්බුල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හොඳයි. ඔවුන් බැසිල් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ද රනිල් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ද යන්න හරියට ම කියන්න බැහැ. එහෙත් ඔවුන් කඩන්නේ සජිත්ගේ ඡන්ද.  මුවර් මුස්ලිම්වරුන් ඉන්නේ 9.2%ක් පමණයි.  එහෙත් එය සිංහල කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් මෙන් දෙගුණයක් පමණ. මුවර් මුස්ලිම් ඡන්ද සජිත්ට යන එක වැළැක්වීමට හැකි නම් එයත් ගෝඨාභයට හොඳයි. එලෙසම ශිවාජිලිංගම් මගින් සජිත්ට ලැබෙන්න තියෙන දෙමළ කතා කරන ඡන්ද වැළැක්විය හැකි නම් එයත් ප්‍රයෝජනවත්. අද ගෝඨාභයට දෙමළ හා මුස්ලිම් ජාතිවාදවලට විරුද්ධ ව සිංහලයන්ට සෘජුව ම ආමන්ත්‍රණය කරන්න පුළුවන්

ගෝඨාභය අද එන්නේ තමන්ට ම සකස් කෙරුණු ක්‍රීඩා පිටියකට. එය කියලවත් කරව ගන්න  බැරි වැඩක්. ඔහු කොළපාට සමාජකාරයන්ගෙන් ගලවා ගන්න ඕන. ඔවුන් දැකුම්තිරය (sightscreen) ඉදිරියේ එහාට මෙහාට යමින් ගෝඨාභයගේ ඒකාග්‍රතාව බිඳිනවා.