Main Logo

Tuesday 31 December 2019

රාජිත චම්පක ගානියා හා තවත් දේ

 සිංහල ලිත් ඉලක්කම්


රාජිත චම්පක ගානියා හා තවත් දේ


සජිත් බොහොම බරපතළ දේ ගැන කතා කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සෙ නැතිව හිටපු සජිත්ගෙ ඩයිනමෝව හා එංජිම නැවත ක්‍රියාත්මක වෙනවා වගේ. සජිත් ඒවා ගරාජයට දාලා තියෙන්න ඇති. දෙයියන්ගෙ පිහිටෙන් සජිත්ට හෘදයාබාධ නැහැ. ආතතියකුත් නැති පාටයි. ඔහු තාම තරුණයි. රාජිතට හා චම්පකට වඩා තරුණයි. ඔහු රාජිත හා චම්පක බලන්නත් ගිහින්. මට ඔහුගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන ඔහු මොක ද කියන්නෙ. ඔහුත් හිටි ආණ්ඩුවකින් තමයි 2015 -2019 කාලයෙ ජාතික ගීය දෙමළෙන් ගැයුවෙ. ඔහු එය අනුමත කළ බවයි පේන්න තියෙන්නෙ. බොහෝ දෙනාට මතක නැති වුණාට ජාතික ගීය දෙමළෙන් ගැයීමට ජාතික ව්‍යාපාරයෙ සමහර ගිහි පැවිදි ප්‍රධානීන් ද එකඟ වුණා. 

Monday 30 December 2019

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

 සිංහල ලිත් ඉලක්කම්


ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය



සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල මා දන්නෙ නැහැ. අප ජාතික ගීයක් නිර්මාණය කර ගත්තෙ ඩොමීනියන් නිදහස ලැබුණට පස්සෙ. මේ නිදහස ගැනත් කතා දෙකක් කියන්න තියෙනවා. කවුද පඬියකු කියලා තිබුණ ඕස්ත්‍රේලියාවෙත් තියෙන්නෙ ඩොමීනියන් නිදහසක් කියලත් ඒ රටේ උදවිය සතුටින් ඉන්නව කියලත්.
ඕස්ත්‍රේලියාව කියන්නෙ ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් ගිය අය පදිංචි වුණු රටක්. ඒ අය හිරකාරයො ය කියල නිග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. හිරකාරයන්ගෙ වුණත් දරුවන් වැරදිකරුවන් නොවෙයි. එරට වැසි යම් ප්‍රමාණයකට එංගලන්තයෙ රැජන ගැන ගෞරවාදර හැඟීමක් තියෙනවා. ඔවුන් තම මවුරට ලෙස එංගලන්තය ගැන හිතනවා. ඒත් එරට වැසියන්ගෙන් සමහරුනට පූර්ණ නිදහස අවශ්‍යයි.

Sunday 29 December 2019

සිංහලයන්ගෙ බිංදුව

 සිංහල ලිත් ඉලක්කම්


සිංහලයන්ගෙ බිංදුව


බිංදුව යුරෝපයට ගියෙ ආසියාවෙන්. ඒක අවුරුදු තුන්හාරසියකට එහා පැත්තෙ වුණා ද නැත්නම් අවුරුදු දාහකට කලින් සිද්ධ වුණාද කියන විශාල ප්‍රශ්නයක් වෙන්නෙ බිංදුවෙ ඉතිහාසය දන්නෙ නැති අයට.  කොහොමටත් බිංදුව යුරෝපයට ගියාට පස්සෙ ඒකට ඔවුන් කිවුවෙ යක්‍ෂයාගෙ ඉලක්කම කියලා. ඒකට හේතුවක් තියෙනවා. බිංදුවට අගයක් නැහැ. එහෙම නම් අගයක් නැති දෙයකට සංකේතයක් මොකට ද? 

Saturday 28 December 2019

දෙමළ වෙල්ලාල ජාතිවාදය

  සිංහල ලිත් ඉලක්කම් 


දෙමළ වෙල්ලාල ජාතිවාදය



දෙමළ ජාතිවාදී වෙල්ලාලයන්ට අද තදින් ම දැනෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ශිවාජිලිංගම් යාපනයේ මා හිතන විධියට බන්ධනාගාරය ඉදිරිපිට, මෙරට ඉතිහාසයට අයත් චිත්‍ර ප්‍රතිමා ඉවත් කරන්න කටයුතු කරලා. විග්නේස්වරන් මහාවංසය ගැන තම අවිශ්වාසය පළ කරලා. ඔහුට අනුව එහි ප්‍රබන්ධත් තියෙනවා. සුමන්තිරන් කියනව ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්නෙ නැත්තන් දෙමළ ජනයා ජාතික ගීය ගායනා කරන එක අත්හරිනවලු. 

Friday 27 December 2019

කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය

සිංහල ලිත් ඉලක්කම් 


කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය




රාජිත වටා එ ජා පෙරමුණ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ එකතු වෙන බව පේනවා. ඔවුන් එකතු වෙනවාට වඩා බටහිරයන් ඔවුන් එකතු කරන්නේ ය යන්න වඩා සංගතයි. කලකට පසු  අනුර රනිල්දාස කතා කළා. ඔහු රාජිත වගේ හැංගිලා ඉඳලා නැහැ. එහෙත් ලජ්ජාවට හැංගිලා ඉඳලා. සියයට තුනෙන් පසු ඔහුට සියයට හයේ මිතුරන් සමග ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔහුට දැන් නව මිතුරන් ඉන්න බවකුත් පෙනී ගියා. 

Thursday 26 December 2019

දැනුම් පද්ධති දෙකක කතාවක්


    සිංහල ලිත් ඉලක්කම් 



අද ඉරට  මොකද වුණෙ යන්න දැනුම් පද්ධති දෙකක කතාවක්. 

තවත් දැනුම් පද්ධති දෙකක කතාවක් අද (2019 - 12 - 26) දෙරණ ප්
රචාරය කළා. ඒ ඝරසර්පයි. ඒ සම්බන්ධයෙන් මා ලියූ ලිපි තුනක් කාලයෙහි පළවුණා. එය පහත සඳහන් සබැඳිවලින් කියවන්න පුළුවන්. 



අද ඉරට මොකද වුණේ

 සිංහල ලිත් ඉලක්කම් 


අද ඉරට මොකද වුණේ

අද අමාවක වෙන්න ඕන. ඉස්සර නම් සිංහලයන් හතර පෝය දැනගෙන ඉඳලා තියෙනවා. හතර පෝයට සිල් ගත්ත අයත් හිටියා. දැන් බොහෝ දෙනා හතර පෝය තියා පසළොස්වක ගැන දැනගන්නෙත් එදාට නිවාඩු ලැබෙන නිසා. ජනමාධ්‍ය පඬියකු කියන්න පුළුවන් අද තමයි සුනාමි දවස කියලා. ඒකත් එහෙම තමයි. තවත් ප්‍රබුද්ධ ම ප්‍රබුද්ධ පඬියකු කියන්න පුළුවන් අද බොක්සිං ඩේ කියලා. නැහැ ඒක මේ බොක්සිං ක්‍රීඩාව සමග සම්බන්ධ එකක් නො වෙයි. බටහිර රටවල නත්තලට ලැබුණු තෑගි පෙට්ටි විවෘත කරන දිනය අද. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙ සුප්‍රසිද්ධ බොක්සිං ටෙස්ට් තරගය පැවැත්වෙනවා. මෙවර එය නවසීලන්තය සමග පැවැත්වෙනවා. 

Wednesday 25 December 2019

හාල් මිල පාලනය කරන්න බැරි ඇයි?

    සිංහල ලිත් ඉලක්කම්



හාල් මිල පාලනය කරන්න බැරි ඇයි?


අද හාල් ප්‍රශ්නය උග්‍ර වෙලා. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු යැයි කීවත් රජවරු මෝල් හිමියන් පමණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඒ මෝල් හිමියන් කවුදැයි නොදන්නවා වෙන්න බැහැ. එහෙත් ජනාධිපතිට එක් දුරකතන ඇමතුමකින් ප්‍රශ්නය විසඳන්න බැහැ. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය තියෙනවා. ඉන් ජනාධිපති බලතල එතරම් කැපී නැති වුවත් අද තිබෙන දේශපාලන පක්‍ෂ ක්‍රමය යටතේ අගමැතිට නෛතික බලයකට වඩා පාක්‍ෂික බලයක් තියෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජාතික ජනාධිපති වුවත් ඔහු බලයට පත් වුනේ පොහොට්ටුවක් නිසා නොවුනත් කොටි පරාජය කිරීමේ දී ස්ථිර අධිෂ්ඨානයකින් ක්‍රියා කෙළේ එකල ආරක්‍ෂක ලේකම් වුවත් ජනමතයක් ගොඩ නගා ඇත්තේ වෙනත් ආකාරයකට සිතවන ලෙසයි. අප සිතන්නේ නැහැ. අප සිතවනවා පමණයි. පස්වැනි සියවසෙන් පසු තත්වය ඒකයි.

Tuesday 24 December 2019

නත්තල් පණිවුඩයක් නොවේ

   සිංහල ලිත් ඉලක්කම් 


නත්තල් පණිවුඩයක් නොවේ




හෙට සමහරුන්ට නත්තල්. තවත් සමහරුන්ට හැමදා ම නත්තල්. කතෝලිකයන් මෙන් ම විවිධ ක්‍රිස්තියානින් ද නත්තල සමරනවා. ඒත් ලංකාවෙ කතෝලිකයන්ට නම් හෙට නත්තල් තියෙන එකක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මාස අටකට පසුව හෙට නත්තල උදා වෙන්නෙ. පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් දැන් සාක්‍ෂි සටහන් කර ගන්නවා. ඒ ගැන පසුව කතා කරමු. එහෙත් පාස්කු ප්‍රහාරය එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමට කළ උත්සාහයක් බව මා ඒ දිනවල ම කිවුවා. ඒ එක් කරුණක් පමණක් මතක් කරන්න ඕන.

Monday 23 December 2019

ජ වි පෙ වටා කතා

   සිංහල ලිත් ඉලක්කම්


ජ වි පෙ වටා කතා



ජ වි පෙරමුණේ ඉන්න හොඳ සහෝදරයකු කියල ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක් වෙන ලාල්කාන්ත තමා කවුද යන්න හොඳහැටි ප්‍රකාශ කරමින් ගානියා පැහැර ගෙන ගිය බව කියල තිබුණා. ලාල්කාන්ත ඒ බව දැන ගත්තෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ජ වි පෙ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද යන ප්‍රශ්නය තියෙනවා. 1971 හරි 1987-90 කාලයෙ හරි ජ වි පෙ හිටිය කිසිවකු එකල ජ වි පෙරමුණෙන් සිද්ධ වෙච්ච මිනීමැරුම් ගැන අඩු තරමෙන් පසුතැවෙන්නෙවත් නැත්නම්  ඒ කිසිවකු හොඳ වෙන්නෙ කොහොමද? ඒ සියල්ල ගැන දැන දැනත් අදත් ජ වි පෙරමුණෙ ඉන්න අය ගැන මොනව කියන්න ද? 

Sunday 22 December 2019

තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව

      සිංහල ලිත් ඉලක්කම් 


තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව




තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්. දැනට ජනාධිපති කෙනකු පත් කර ගෙන ඉන්නවා. එතුමා අගමැති කෙනකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගෙන තියෙනවා. එය ඊනියා භාරකාර ආණ්ඩුවක් නොවෙයි. භාරකාර ආණ්ඩුවක් තිබිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක දී. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. ඕනෑම අවස්ථාවක එ ජා පෙරමුණට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ආණ්ඩුව පරද්දන්න පුළුවන්. 

Saturday 21 December 2019

ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය

   සිංහල ලිත් ඉලක්කම්



 

නොම් පෙන් කෞතුකාගාරයෙ ඇති සෙල්ලිපිය. මෙහි මැද පේළියෙ මැද 605 ලියල තියෙන්නෙ 0 (තිත)  යොදා ගෙන. මෙය හත්වැනි සියවසේ. අප ශුන්‍යය සඳහා හල්කිරීම යොදා ගෙන තියෙනවා. සීගිරියෙ පස්වැනි සියවසේ ගඩොල්වල ඒ සංකේතය ඇති සංඛ්‍යා දක්වල තියෙනවා.



ථෙරවාදය, වී ගොවිතැන හා කෘෂිරසායනික වකුගඩු රෝගය



මේ ඊයේ ලිපියට ඌණ පූරණයක්. මහා මාධ්‍යවේදියකු කියන අන්දමට මා පස්දෙනකුගේ කණ්ඩායමක් නියෝජනය කරමින් ජනමාධ්‍ය විවේචනය කරන අයකු වෙන්න පුළුවන්. මා සමග පස්දෙනකු තබා තුන්දෙනකුවත් නැහැ. මා නොමැරෙන්න උපන් අයකු නොවෙයි. ක්‍ෂීර සාගරය කැළඹූ වෙලාවෙ මට එතැන ඉන්න බැරි වෙලා. අමෘතය ටිකක් පානය කරන්න බැරි වෙලා.  මා ශරීරික ව මිය යෑමට පළමු ජනමාධ්‍ය විසින් මරා දැමුණු අයෙක්. ඒත් මට තවමත් වකුගඩු අමාරුව ගැන රුදාවක් තියෙනවා. මා සඳහන් කරන්නේ ඊනියා හේතුව නොදත් වකුගඩු රෝගය නමින් බටහිර වෛද්‍යවරුන් විසින් නම් කෙරී ඇති කෘෂිරසායනික වකුගඩු රෝගය ගැනයි. 

Friday 20 December 2019

ජනප්‍රියවාදී දේශපාලනය, කෘෂිරසායනය හා ථෙරවාදය

    සිංහල ලිත් ඉලක්කම් 


0  5      
1  6
2  7
3   8
4   9                                           කාම්බෝජ ඉලක්කම් 



ජනප්‍රියවාදී දේශපාලනය, කෘෂිරසායනය හා ථෙරවාදය



චම්පක අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න විධියක් නැහැ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස රඟපාන කරුණාරත්න ජයසූරිය හා එ ජා ප පිරිස් බොරු උද්ඝෝෂණයක් කරන්න හදනවා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකට දැන්විය යුතු ය කියා. එය වැඩිම වුනොත් සම්ප්‍රදායක් මිස නීතියක් වරප්‍රසාදයක් වෙන්න බැහැ. කරුණාරත්න ජයසූරිය තවමත් එ ජා පක්‍ෂයේ අයකු ලෙසයි කටයුතු කරන්නෙ. ඔහු සම්ප්‍රදාය අනුව අපක්‍ෂපාත වෙන්න ඕන. චම්පක පොලීසිය රැවටීම ගැන ඒ රිය අනතුර සිදු වූ දිනවල ජයසූරිය දැන ගෙන ඉන්න නැතිව ඇති. අඩුම තරමෙන් අර තරුණයකු කළ පැමිණිල්ල ගැන හොයල බලන්න කිසිවකු උනන්දු වුනෙ නැහැ. මා කියන්නෙ කතානායක ඒ ගැන සොයා බැලිය යුතුව තිබුණා ය කියන එක නො වෙයි. කතානායක සම්ප්‍රදාය රකින්නෙ නැති නිසා ආණ්ඩුවත් සම්ප්‍රදාය රකින්න ඕන නැහැ කියලත් මා කියන්නෙ නැහැ. චම්පකට ලොකු ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඔහු රක්‍ෂිත බන්ධනාගාරයෙ ඉන්නවා. සුදු වෑන් රියකින් පැහැර ගෙන ගොස් නැහැ. ඔහු දැන් ඉන්නෙ අධිකරණය බාරෙ. 

Thursday 19 December 2019

චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය

   සිංහල ලිත් ඉලක්කම්


චම්පක හා සුමන්තිරන්ගෙ දෙමළ ජාතිවාදය 



චම්පක අත්අඩංගුවට ගැණුනෙ ආණ්ඩුව වෙනස් වූ නිසා. කාට හරි ඒක එහෙම නොවෙයි කියල කියන්න පුළුවන්. ඒත් පහුගිය ආණ්ඩුව කාලෙ ඔහු අත්අඩංගුවට ගැණුනෙ නැහැ. කොහොම වුනත් චම්පක අත්අඩංගුවට ගත්ත එක හොඳයි. රිය අනතුරු සිද්ධිය හොඳට හොයල බලල උසාවියට චෝදනා ඉදිරිපත් කරන්න ඕන. ඔහු පමණක් නොවෙයි තවත් අයත් අත්අඩංගුවට ගන්න ඕන. රනිල් රාජිත වැන්නන් ගැනත් හොයන්න ඕන. ඔවුන් අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් හේතු නැද්ද? තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, ශානි අබේසේකර, කන්දප්පා පමණක් නොවෙයි ගානියා ගැනත් ස්විට්සර්ලන්ත හා වෙනත් තානාපතින් ගැනත් හොයන්න ඕන. රිචඩ් සොයිසාත් බටලන්දත් අපට අමතක කරන්න බැහැ. ඒත් මේ කිසිවක් නීතියට අනුව ම පමණක් කෙරෙයි ද? මෙතෙක් කල් මේ දේශපාලනයට සම්බන්ධ චෝදනා කිසිවක් නීතියට පමණක් අනුව සිද්ධ වුනෙ නැහැ. 

Wednesday 18 December 2019

පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු


                                                            
       සිංහල ලිත් ඉලක්කම්


                                           

පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු



ඒ ගමන විද්වතුන් කියන කොටසකුත් කියල වාසනාවන්ත පොහොට්ටුව ලකුණෙන් ම මහා මැතිවරණය තරග කරන්න ඕනෙ කියලා. විද්වතුන් වාසනාව ගැන විශ්වාස කරනව කියල මා දැන හිටියෙ නැහැ. මා නම් විද්වතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට තියෙන ලොකුම ශක්තිය එයයි. මා තර්කය ගැනවත් විශ්වාස කරන්නෙ නැහැ. මා තර්ක කරන බව ඇත්ත. ඒත් ඇත්ත කියල දෙයක් නැහැ. මා බෞද්ධයෙක්. බුදුහාමුදුරුවො කාළාම සූත්‍රයෙහි දේශනා කළේ යමක් තාර්කික වූ නිසාවත් පිළිගන්න එපා කියල. අද ඉන්න බුද්ධිමතුන් උගතුන් කියන අය යමක් තර්කානුකූල නම් පිළිගන්නවා.

Tuesday 17 December 2019

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි

 සිංහල ලිත් ඉලක්කම්


මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 




විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග සංගත දේත් තියෙනවා. විජය වංගයෙන් ලංකාවට ආපු එක බොරුවක් නො වෙයි. විජයත් එක්ක මහා පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා. වංගයෙ (බෙංගාලයෙ –- බංග්ලාදේශයෙ) පුණ්ඩ්‍රා කියල කුඩා ප්‍රාන්තයක් තියෙනවා. ඒකෙන් තමයි විජය ඇවිල්ල තියෙන්නෙ. ඒත් මහාවංසයෙ පුණ්ඩ්‍රාවක් ගැන කියැවෙන්නෙ නැහැ. ඒත් පාණ්ඩ්‍ය දේශයක් ගැන කියැවෙනවා.

Monday 16 December 2019

කොන්සර්වෙටිව් ජයග්‍රහණයට මුහුණ දීම

  සිංහල ලිත් ඉලක්කම්


කොන්සර්වෙටිව් ජයග්‍රහණයට මුහුණ දීම



එංගලන්තයේ (එක්සත් රාජධානියේ) මැතිවරණය ගැන විවිධ මත පළ වෙනවා. කොන්සර්වෙටිව් පක්‍ෂය අද ජාතිකවාදී පක්‍ෂයක් හැටියට කටයුතු කරනවා. කොන්සර්වෙටිව් හා ලේබර් පක්‍ෂ ගත් කල ලේබර් හෙවත් කම්කරු පක්‍ෂය ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් ලෙස මෙරට දෙමළ ජාතිවාදයට වඩා ලැදියි. ඒ බව පහත සඳහන් ප්‍රකාශ දෙකෙන් පැහැදිලි වෙනවා. මා මේ ප්‍රකාශ කලිනුත් ඉදිරිපත් කර තිබෙනවා. ඊනියා මූලාශ්‍ර ඉල්ලන පඬියන් ද  ඒ ලිපිවලට ආපසු නොයන නිසා ඒ ප්‍රකාශ නැවතත් ඉදිරිපත් කරනවා. පළමුව ලේබර් පක්‍ෂයේ මුදල් අමාත්‍යාංශයේ කටයුතු බලන මැක්ඩොනල්ගෙන්.

Sunday 15 December 2019

ගෝඨාභය ආණ්ඩුව දුර්වල කරන්නෝ

 සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය ආණ්ඩුව දුර්වල කරන්නෝ



අද ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව දුර්වල කෙරෙන ක්‍රියාවක් පැතිර යනවා. මෙයට බැසිල් සම්බන්ධයි. එහෙත් ඔහු රටේ නැති බවයි ආරංචිය. මේ ක්‍රියාව අනෙකක් නොව මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට කෙරෙන ඉල්ලීමයි. මෙය භයානක වැඩක් බව බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒ ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා මත ප්‍රසිද්ධ වේදිකාවල පොහොට්ටුවෙන් තරග කළ යුතු බව කියැවෙනවා. මේ ගැන මහින්ද මොකද කියන්නෙ.  

Saturday 14 December 2019

ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි

 සිංහල ලිත් ඉලක්කම්

ජනමාධ්‍යවේදියා, අමරසේකර හා රෝසි 


ලෝකය පුරා ජාතිකත් ව මත පැතිරෙනවා. එංගලන්ත (එක්සත් රාජධානි) මැතිවරණය කොන්සර්වෙටිව් පක්‍ෂය ජයගෙන ඇත්තේ විශාල බහුතරයක් සහිතව. ඊයේ ලිපිය ලියන විට සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් වී තිබුණේ නැහැ. එංගලන්තය හා ස්කොට්ලන්තය ඡන්දය දී ඇති අයුරින් පැහැදිලි වෙනවා ඔවුනොවුන්ගේ ජාතිකත්වය. එංගලන්තයට (බිරිතානියට) යුරෝපා සංගමයෙන්  ඉවත් වීම සඳහා ජොන්සන්ට වරමක් ලැබී තිබෙනවා. ඉංගිරිසින්ට අවශ්‍යයි යුරෝපා සංගමයෙන් වෙන් වන්න. ස්කොට් ජාතිකයන්ට අවශ්‍යයි බිරිතානියෙන් වෙන් වන්න. එක්සත් රාජධානිය කියන්නේ පඬියන් අපට කුමක් කීවත් ඒකීය රාජ්‍යයක් නොවෙයි. එය සහසන්ධීය රාජ්‍යයක්. එංගලන්තය හා ස්කොට්ලන්තය වෙන ම රාජ්‍ය දෙකක්. ඒ එකතු වීමෙන් තමයි (වේල්සයත් සමග) බිරිතානිය සෑදී තිබෙන්නේ. ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

Friday 13 December 2019

විදෙස් පුවත් තුනක්

        සිංහල ලිත් ඉලක්කම්

විදෙස් පුවත් තුනක්

මුස්ලිම් රටක් වූ ගැමිබියාව මියන්මාරයේ අවුං සාන් සුකීට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තර ජූරියට යෑම, ඉන්දියාව ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයෙන් බංග්ලාදේශයෙන් පැමිණෙන ස්ලිම් නොවන සරණාගතයන්ට ඉන්දියානු රටවැසිකම දීමට පනතක් සම්මත කර ගැනීම,  එංගලන්තයේ (එක්සත් රාජධානියේ) කොන්සර්වෙටිව් පක්‍ෂය මැතිවරණයෙන් ජය ගැනීම පිළිබඳ ව මෙරට ජනමාධ්‍ය පඬියන් එතරම් කතාවක්, ඊනියා විශ්ලේෂණයක්, නැති වීම තරමක ප්‍රශ්නයක්. රටේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු තමන් සතු බව පෙන්වමින් කතා කරන පඬියන් මේ ප්‍රශ්න ගැන එතරම් උනන්දුවක් නොදක්වන්නේ ඇයි ද යන්න   ඔවුන්ගෙන් ම දැන ගන්න ඕන. මේ පඬියන්ට රටේ ජනාධිපතිකම දුන්න නම් රට මිහිබට සුරපුරක් වෙන්න තිබුණ. 

Thursday 12 December 2019

ගානියා හා ජාත්‍යන්තරය

  සිංහල ලිත් ඉලක්කම් 


ගානියා හා ජාත්‍යන්තරය

ස්විට්සර්ලන්ත සිද්ධිය යනු විශාල ක්‍රියාදාමයක මතු වූ කොණක් පමණයි. ගානියා යනු කවුදැයි සොයා ගන්න ඕන. ඇය මුලින් ශ්‍රියාලතා පෙරේරා කියා කියනවා. ඇයට එ ජා ප සම්බන්ධකම් තියෙන්න ඇති. රාජිත සේනාරත්න කියන කතාවලින් ඒ බව පැහැදිලි වෙනවා. අකිල විරාජ් කියනවා ආණ්ඩුව මේ සිද්ධිය එ ජා පක්‍ෂයට සම්බන්ධ කිරීමට දරණ උත්සාහයෙන් පේන්නෙ ආණ්ඩුවෙ බංකොළොත්කම කියා. එහෙත් දැනට දින කිහිපයකට උඩදි අකිලල මේ සිද්ධිය ආණ්ඩුවට බැර කරලා සුදු වෑන් මවල දේශපාලන වාසියක් ගන්න බැලුවා. 

Wednesday 11 December 2019

අපට විරුද්ධ බටහිර රාජ්‍ය පරාජය කරමු

     
                                                              සිංහල ලිත් ඉලක්කම්



අපට විරුද්ධ බටහිර රාජ්‍ය පරාජය කරමු



අපේ කඳවුරේ එක් පඬියකු  කියා තිබුණා අල්ජසීරා බීබීසි ආදී ජනමාධ්‍ය ඒ ඒ රටවල ආණ්ඩුවල මතය සකස් කරනවා කියා. එහෙම නැත්නම් සකස් කිරීමේ දී යම්  බලපෑමක් ඇති කරනවා කියා. මොහු මෙරට විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දී යම් බලපෑමක් ඇති කරපු අයෙක්. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උසස් වෙනවා විය හැකියි. රාජ්‍ය සමග ගනුදෙනු කිරීමේ දී පොල්ලෙන් ගැහුවාක් මෙන්  වැඩ කිරීමට නොහැකි වනවා විය හැකියි. මගේ නම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තබා පුද්ගල පුද්ගල සබඳතාත් ඇත්තේ පහළ මට්ටමක.  මා ඒ ගැන තැවෙන්නේ නැහැ.

Tuesday 10 December 2019

අස්ථිර ලේකම්වරු

   සිංහල ලිත් ඉලක්කම්


අස්ථිර ලේකම්වරු



විවිධ අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සභාපතිවරුන් සහ වෙනත් එවැන්නන් පත් කෙරෙනවා. ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාරකාදීන් ඉන්නවා. කලකට පෙර එච් ඒ ද එස් ගුණසේකර, බුද්ධදාස හේවාවිතාරණ ආදී ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් මුදල් අමාත්‍යංශයේ තනතුරුවලට පත් කෙරුණා. ඒ පත්වීම් කරුණු දෙකක් මත යුක්ති යුක්ත කෙරුණා. ඒ ඔවුන්ගේ සේවය ආණ්ඩුවට ලබා ගැනීමත් ඔවුන්ගේ දැනුමට අදාළ පත්වීම් දීමත් යන කරුණු. 

Monday 9 December 2019

ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව


                                                සිංහල ලිත් ඉලක්කම්



ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව



ස්විස් නාඩගම තවත් දුර යන පාටයි. ඊයේ මහා දවල් හමු වූ ස්ත්‍රිය ගානියා බැරිස්ටර් ෆ්‍රාන්සිස් අපරාධ විමර්ෂණ කොට්ඨාසයට (සී අයි ඩී) ඇවිල්ලා. එහෙත් මෙරට ජනතාවට ඇගේ මුහුණ දැක ගැනීමට දකින්න ලැබුණෙ නැහැ. ඒ පැමිණීමත් එක් රංගනයක්. එතැන රැඳී සිටි ඡායාරූප ශිල්පීන්ට පෙන්නුවේ මුහුණ වසා ගෙන ඇතුළට ගිය පිරිමියෙකු වෙන්න ඕන. ඔහු සමග තවත් කිහිප දෙනකු සිටියා. ඒ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ අය වෙන්න ඕන.

Sunday 8 December 2019

දයාසිරි හා එස් බී ලා

    සිංහල ලිත් ඉලක්කම් 

දයාසිරි හා එස් බී ලා


ඊයේ ශ්‍රී ල නි පක්‍ෂයේ තුන්දෙනකුට විරුද්ධ ව විනය පරීක්‍ෂණයක් තිබුණා. එහි තීන්දුව පසුව දෙන බවයි කියැවෙන්නේ. ලක්‍ෂමන් යාපා මාධ්‍යවේදීන් යැයි කියා ගන්නන්ට ඔහුට තේරෙන විධියට හොඳ පිළිතුරක් දී තිබුණා. ඔහු කියා ඇත්තේ ඔවුන් ගත් තීරණයට පසුව ශ්‍රී ල නි පක්‍ෂය පැමිණි බවයි. තවත් අයකු කියා ඇත්තේ තමන් ගත් තීරණයට දයාසිරි ජයසේකර පසුව පැමිණි බවයි. 

Saturday 7 December 2019

සුද්දන් සුද්ද කිරීම

       සිංහල ලිත් ඉලක්කම්


සුද්දන් සුද්ද කිරීම 




මෙරට ඊනියා ලාංකික ජාතියක් ගොඩ නැගීමට පඬියන් කතා කරනවා. එහෙත් දෙමළ, මුස්ලිම් නමින් දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වෙනවා. පඬියන් ඒ පක්‍ෂවලට ඊනියා ලාංකික නාමයකින් ඒ පක්‍ෂවල නම් වෙනස් කර ගන්න කියන්නේ නැහැ. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා කතාව මතක් වෙනවා. පඬියන් කියන්න බැරි නැහැ සිංහලයන්ගේ අසාධාරණකම් නිසා එලෙස පක්‍ෂ නම් කිරීමට සිදු වී තිබෙනවා කියා. එහෙත් පඬියන් මේ අසාධාරණකම් නම් කරන්නේ නැහැ. 

Friday 6 December 2019

එ ජා ප බෝන් අගේන් ජයග්‍රහණය

        සිංහල ලිත් ඉලක්කම් 


එ ජා ප බෝන්  අගේන් ජයග්‍රහණය

එ ජා පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තා. රනිල් මේ එකකටවත් කැමති නැහැ. එහෙත් ඔහු පසුව සජිත්ට ජනාධිපතිවරණයෙ දි ආධාර කළා. ඒ බටහිරයන්ගේ කීමට. බටහිරයන්ට ගෝඨාභය දිනනවා දකින්න වුවමනාවක් තිබුණෙ නැහැ. බැසිල්ටත් මුල දි ගෝඨාභය දිනවන්න වුවමනාවක් තිබුණෙ නැහැ. පහුගිය ජනාධිපතිවරණය මුල් කාලයෙ මා එය හැඳින්නුවෙ පරාජය කිරීමේ සටනක් ලෙස. 

Thursday 5 December 2019

බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර

        සිංහල ලිත් ඉලක්කම්


 බටහිරයන්, සිංහල නැගිටීම හා චිත්‍ර 



එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශයේ ලංකාව රාජ්‍ය දෙකකට කැඩීමක් ගැන කියැවෙනවා. උදය ගම්මන්පිල ඒ ගැන කියා තිබුණා.  ඒ පිළිබඳ ව ලන්ඩනයේ ලංකා මහා කොමසාරිස්වරිය කලින් ම  පැමිණිල්ලක් කරල තියෙනවා. එවිට කොන්සර්වටිව් පක්‍ෂය කියා තියෙන්නෙ රාජ්‍ය දෙකේ කතාව ලංකාවට අදාළ නැත එය ඊනියා මැද පෙරදිගට පමණක් අදාළ බවයි. අපි කොන්සර්වෙටිව් පක්‍ෂයේ  මැතිවරණ ප්‍රකාශයේ අදාළ කොටස උපුටා දක්වමු.  "We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution."මෙහි කියන දෙය ඉතා පැහැදිලියි. සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි ගැටුම් කලාපවල රාජ්‍ය දෙකක් සඳහා වූ තම ප්‍රතිපත්තිය පවත්වා ගෙන යන බව සඳහන් වෙනවා. මෙහි අවසන් කොමාව තිබෙන්නේ Middle East යන වචනවලට පසුව. එවිට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නේ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග සම්බන්ධයෙන්. කොන්සර්වෙටිව් පක්‍ෂයට රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිය ඊනියා මැද පෙරදිගට (මෙය බටහිර ආසියාව විය යුතුයි. මැද පෙරදිගක් ඇත්තේ යුරෝපයට සාපේක්‍ෂව) පමණක් සීමා කළ යුතුව තිබිණි නම් කොමාව යොදන්න තිබුණෙ Sri Lanka යන්නට පසුව and යන්නට කලින්. කොන්සර්වෙටිව් පක්‍ෂයට කොමාව වැරදිලා ද? නැත්නම් අපට කොකා පෙන්නනවා ද? 

Wednesday 4 December 2019

වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න

      සිංහල ලිත් ඉලක්කම්





වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න




දෙමළ කතා කරන ජනයාට (ඔවුන් ජාතියක් තබා ජනවර්ගයක්වත් නො වෙයි. ඔවුන් අඩුම තරමෙන් උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හා කඳුකරයේ යනුවෙන් ජන කොටස් තුනක් ලෙස ඉන්නවා. ඔවුන්ට පොදු නායකයන්වත් නැහැ) තමන් දෙමළ කතා කිරීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ පිළිතුරක් දීමට නොහැකි ව සිංහල විරෝධීන් ගැඩවිලුන් මෙන් දඟලනවා. ජනාධිපති හා ආරක්‍ෂක ලේකම් දෙමළ කතා කරන ජනයාගේ ප්‍රශ්න විසඳන බව කී විට ඔවුන් දැඟලිල්ල නවත්තලා උඩ පනින්න හදනවා. එහෙත් ගැඩවිලුන්ට උඩ පනින්න බැහැ. 

Tuesday 3 December 2019

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ

 සිංහල ලිත් ඉලක්කම්

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ


මේ ලිපිය ලියන්න ටික වෙලාවකට කලින් කසිකබල් ජනමාධ්‍යයක කසිකබල් ජනමාධ්‍යවේදියකු මට කතා කළා. ඔහු මොකට කතා කළා ද කියාවත් අහන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ලියා ඇති දේ මා කියවා තිබෙනවා. ඔහුට අනුව මා අප්‍රබුද්ධයෙක්. මෝඩයෙක්. නැති දෙවියන් ඇතැයි කියා හිතන මිථ්‍යාමතධාරියෙක්. ඔහුට අනුව කාලෝ ෆොාන්සේකා බුද්ධිමතෙක්, යථාර්ථවාදියෙක්. සිංහල විරෝධී චිත්‍රපටි අධ්‍යක්‍ෂවරුන් පුළුල් මනසක් ඇති මහා පුරුෂයන්. ඔහු වැඩ කරන්නෙ රජයෙ ජනමාධ්‍යයක. ඔහු තමන් දන්න සීමිත වචනවලින් කියන්න පටන්ගත්තා මට ආදරෙයි කියලත්. මට බයකුත් හිතුණා. ඔහු ප්‍රබුද්ධ සමරිසියකු ද දන්නෙ නැහැ. 

Monday 2 December 2019

සජිත් බැසිල් ආදී පරාජිතයෝ

 සිංහල ලිත් ඉලක්කම්



සජිත් බැසිල් ආදී පරාජිතයෝ 
ජනාධිපතිවරණයෙන් පරාජය වුනෙ සජිත් පමණක් නො වෙයි. බැසිලුත් පරාදයි. ප්‍රධාන වශයෙන් ම බැසිල් හා ඔහුගෙ අනුගාමිකයන් තමයි සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවෙ. එපමණක් නොවෙයි ඔවුන් මුලින් ගෝඨාභයට විරුද්ධ වුනා. එහෙත් අද ඔවුන් තමයි ජයග්‍රහණයට උරුමකම් කියන්න මුලින් ම ඉදිරිපත් වෙන්නෙ. මා දැක්කා මේ කණ්ඩායමේ කිහිප දෙනෙක් කියල තියෙනවා මොන ගිවිසුම් තිබුණත් මැතිවරණයේ දී ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන් කියල. ඔවුන්ට අනුව බැසිල් තමයි පොහොට්ටුව නිර්මාණය කළෙ.

Sunday 1 December 2019

කත ගැන නොකී කතා

    සිංහල ලිත් ඉලක්කම් 


කත ගැන නොකී කතා



ආණ්ඩුවේ ඇතැම් උද්ධච්ඡ ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් (එවැනි නිලයක් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ නැහැ)  සිතා සිටින්නේ ගෝඨාභය ජයග්‍රහණය කෙළේ පොහොට්ටුව නිසා බව ය. ඔවුන් කෙතරම් තමන් ගැන අධිතක්සේරුවකින් සිතනවා ද කිවහොත් මැතිවරණයේ දී ශ්‍රී ල නි ප නැතිව පොහොට්ටුවෙන් තරග කිරීමට කියනවා. ගෝඨාභය පොහොට්ටුවෙන් තරග කිරීම පිළිබඳ මා කැමති වුණේ නැහැ. එහෙත් අවසානයේ දී නව සංධානයට එයට එකඟ වීමට සිදු වුණා. එහෙත් ඒ තවත් කොනේදේසිවලට යටත් ව. මැතිවරණයේ දී සංධානය පුටුව ලකුණෙන් තරග කිරීමට ගෝඨාභයගේ නායකත්වයෙන් පැවති පක්‍ෂ නායක ගිවිසුම් අත්සන් කිරීමේ දී එකඟ වුනා. 

Saturday 30 November 2019

ස්විස් චීස් හා ඉන්දීය සමෝසා

      සිංහල ලිත් ඉලක්කම් 


ස්විස් චීස් හා ඉන්දීය සමෝසා



විදේශීය සම්බන්ධතා ගැන කරුණු දෙකක් ගැන කියන්න වෙලා තියෙනවා. පළමුවෙන් ස්විස් හුටපටය ගැන  නැවතත්. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් කියැවෙන්නේ තානාපති කාර්යාලය විධිමත් පැමිණිල්ලක් කළ බවයි. එය කාට ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැමිණිල්ල කර ඇත්තේ ජනාධිපතිට, අගමැතිට හෝ විදේශ අමාත්‍යාංශයට නම් එය විධිමත් වුවත් නැතත් පැමිණිල්ලක් ලෙස භාර ගැනීමට සිදු වෙනවා. 

Friday 29 November 2019

ස්විස් හුටපටේ

                  සිංහල ලිත් ඉලක්කම්





ස්විස්  හුටපටේ



මේ කෙටි ලිපිය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් ඊනියා පැහැර ගැනීමකට ලක් වීම සම්බන්ධවයි. මෙරට බටහිර තානාපති කාර්යාලවල සේවය කරන්නන්ගේ දෙමළ අනුපාතය ලංකාවේ ජනගහනයේ දෙමළ අනුපාතයට වැඩි යැයි මා විශ්වාස කරනවා. එබැවින් අදාළ කාන්තාව දෙමළ ද යන සැකය මතුවෙනවා. මෙය තාවකාලික පැහැර ගැනීමක්. පැය දෙකක් පමණ කාලයකට පැහැර ගෙන තියෙන්නෙ.

Thursday 28 November 2019

ගෝඨාභය මෝදි හමුව

    සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය මෝදි හමුව



ජනාධිපති ගෝඨාභය අද රෑ ඉන්දියාව බලා පිටත්වෙනවා.  ඉන්දියාව හා චීනය අද ආසියාවෙ විතරක් නොවෙයි ලෝකෙ ම බලවත්තු. එතකොට ලංකාව. අපිත් බලවත්. මා හිතන්නේ අපට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් තමයි අප කුඩා රටක් කියල හිතීම. අප කුඩා කියා හිතන තාක් අප කුඩායි. අප අනුන් කියන දේ පමණක් කරන පිරිසක් හැටියට ඉන්න තාක් කිසිවකු අප  මායිම් කරන එකක් නැහැ. 

Wednesday 27 November 2019

නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය

              සිංහල ලිත් ඉලක්කම්



නූතන බමුණන්ට විරුද්ධ අරගලය හා ගෝඨාභය



මහා සංඝ රත්නය ප්‍රකාශ කරල තිබුණ එක්සත් ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්තයවාදී පෙරමුණ පරාජයට පත්වුණෙ රන්ජන් රාමනායක, මංගල සමරවීර වැන්නන් සංඝ රත්නයට හා බුදු සසුනට අපහාස කළ නිසා කියලා. ආශු මාරසිංහත් අකිල විරාජ් කාරියවසමුත් ඒවැනි ප්‍රකාශ නම් සඳහන් නොකර කර තිබුණා. පරාජය ඒ නිසා ම පමණක් සිදු වුනා නම් ඒක භයානයකයි.

Tuesday 26 November 2019

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කරමු

         සිංහල ලිත් ඉලක්කම් 

ගෝඨාභය බැසිල්ගෙන් ආරක්‍ෂා කරමු



මා නොවැදගත් මිනිසකු බව ඇත්ත. මා ලියන ලිපිවලින් සත පහක වැඩක් වෙන්නෙ නැති බවත් ඇත්ත. ඒ නිසා දිනපතා ලිපි නොලියන්නත් මා තීරණය කරගෙන හිටියා. ඒත් මා අද තීරණය කළා අනාගත ඉතිහාසඥයන්ගෙ (ජී සි මැන්දිස්ගේ ගෝලයන් නොවෙයි) දැන ගැනීම සඳහාවත් දිනපතා නැති වුවත් යම් යම් දේ ලියා තැබිය යුතු ය කියා. ඒ ලිපි ඉතා කෙටි වෙන්නත් පුළුවන්. 

Monday 25 November 2019

වැඩක් නැති වැඩ


           සිංහල ලිත් ඉලක්කම්

වැඩක් නැති වැඩ



ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු රුවන්වැලි සෑ මළුවේ කරන ලද කතාව ගැන මා සිතා සිටියේ එයට යම් ආකරයකින් මගේ දායකත්වයක් තිබූ බවයි. එහෙත් දින දෙක තුනකින් මට වැටහී ගියේ මා මෝඩයකු බවයි.  දේශපාලනයේ දී අදහස් දක්වන ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ කියා සිටියේ රනිල්ගේ ආණ්ඩුවේ සිංහල බෞද්ධ විරෝධී වැඩ නිසා සිංහල බෞද්ධයන් නැගී සිට ආණ්ඩුව පරාජය කළ බව ය. සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනිය හැකි බව අන්තිමට ඒත්තු ගන්වා ඇත්තේ මංගලගේ රන්ජන් රාමනායකගේ හා ඒ ආණ්ඩුවේ වෙනත් අයගේ කතා බවයි උන්වහන්සේගෙන් ප්‍රකාශ වුනෙ. නිතර ජනමාධ්‍ය ඔස්සේ තම අදහස් ප්‍රකාශ කරන උන්වහන්සේට මගේ නමස්කාරය. 

Sunday 24 November 2019

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්

 සිංහල ලිත් ඉලක්කම්

චන්ද්‍රප්‍රේමගේ වික්‍රමය හා සුමන්තිරන්



කොළපාට සමාජය ලියූ සී ඒ චන්ද්‍රප්‍රේම අද ඉරිදා අයිලන්ඩ් පුවත්පතට හොඳ ලිපියක් ලියා තියෙනවා. ඔහු කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය පීඩාවට පත් වූ සිංහල බහුතරයෙහි ප්‍රතික්‍රියාව කියා. සමාජයේ සිදුවන ප්‍රතික්‍රියාව නිව්ටන්ගේ තුන්වැනි නියමය සමග කිසිම සම්බන්ධයක් නැති බව මා දන්නවා. ඒත් මට මේ චන්ද්‍රප්‍රේම කියන ප්‍රතික්‍රියාව ගැන ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව අහඹු සිද්ධියක් ද? අර ඇමරිකාවේ සංඝනායක වල්පොල පියනන්ද හාමුදුරුවන් කියනව වගේ රංජන්ට හා මංගලට සිංහල බෞද්ධයන් දැක් වූ ප්‍රතිචාරයක් ද? එහෙම නැත්නම් එ ජා ප ඊනියා යහපාලනයට දැක් වු ප්‍රතික්‍රියාවක් ද? සිංහලයන් පීඩාවට ලක් වූයේ 2015න් පසුව ද? 

Saturday 23 November 2019

සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලත්වය දෙමළ ජාතිවාදය හා විවිධ පඬියෝ



ඉතා පැහැදිලි ව සිංහල බෞද්ධ ජාතිකත්වය පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක කවදාටත් වඩා අද තහවුරු වෙලා. මේ ගැන විවිධ පඬියන් විවිධ කතා කියනවා. ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන අය කියන්නේ තම තමන් නිසා ඒ තත්වය ඇතිවෙලා කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ජනමාධ්‍යයෙහිත් ප්‍රචාරය වන්නේ ඒ අයගෙ කතා. ඒ නිසා ජනතාවත් දන්නේ ඔවුන් ගැන. මා නම් මේ තත්වය ඇති වීමට කිසිම අයුරකින් දායක වී නැහැ. මගේ අදහස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය උපකාර කෙළේ නැහැ. උපකාර කරන්නෙත් නැහැ. ඔවුන් බටහිර දැනුමේ දාසයෙන්. මේ ලිපි පළවන්නේ කාලය බ්ලොග් අඩවියෙහි පමණයි. මා මේ ලිපි ලිවීම ඉක්මනින් ම නතර කරනවා. දැන් ජාතික ව්‍යාපරයෙහි ද විවිධ පඬියන් ඉන්නවා. ඔවුන්ට ප්‍රතිවාදීන්ට මුහුණ දෙන එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔවුන් පඬියන්. කොහොමටත් දෙසීයකට කියවන්න ලියන එකේ තේරුමක් නැහැ.

Friday 22 November 2019

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව

 සිංහල ලිත් ඉලක්කම් 

ඇමති පට්ටම් හා සර්වාගමික උත්සව


ජනතා සේවකයන්ගේ තරම දැන් පේන්න පටන් අරන්. ඇමතිකම්වලට ලොකු පොරයක් තිබිලා. ගෝඨාභය කියල තියෙනවා ඇමතිවරුන් පහළොස්දෙනකුට සීමා කරනවා කියලා. පහළොස්දෙනා තෝරන්න වෙන්නෙ 50%ක් පොදුජන පෙරමුණට, 32%ක් ශ්‍රී ල නි පක්‍ෂයට, 18%ක් ඉතිරි පක්‍ෂවලට කියන සූත්‍රයට අනුව. 15න් 18%ක් කියන්නෙ 2.7ක්. 32%ක් කියන්නෙ 4.8ක්.  50%ක් කියන්නෙ 7.5ක්. මිනිසුන් දශම ගණනින් නැති නිසා මේ සංඛ්‍යා රවුම් කරන්න වෙනවා.  එවිට පොදුජන පෙරමුණට 8 යි. ශ්‍රී ල නි පක්‍ෂයට 5 යිි. අනෙක් පක්‍ෂවලට 3 යි.  එවිට දහසයක් වෙනවා. පහළොවක් කියන්නෙ පොඩි සංඛ්‍යාවක්. එය ප්‍රතිශත අනුව බෙදන විට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ශ්‍රි ල නි පක්‍ෂයට හිමි සමහර ඇමතිකම්  අනෙක් පක්‍ෂවලට දෙන්න වෙලා. මේ  අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් ඉන්න පුළුවන්.  රාජ්‍ය ඇමතිවරුන් නම් ව්‍යවස්ථාවට අනුව බැහැ. 

Thursday 21 November 2019

අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


         සිංහල ලිත් ඉලක්කම්




අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය


දේශපාලනඥයකු ව නොසිටි ගෝඨාභය දේශපාලනඥයකු විය යුතු නැහැ. ඔහුට තමන්ට සුපුරුදු ආකාරයට කටයුතු කිරීමට ඉඩ දෙන්න ඕන. ඔහු රාජ්‍ය පාලකයකු, නැත්නම් මෙරට සම්ප්‍රදාය අනුව රාජ්‍යයේ භාරකාරයා විය යුතුයි. නීතිය නැවීම, නීතිය කැඩීම ආදිය ඔහුගෙන් බලාපොරොත්තු නොවිය යුතු ය. එහෙත් දේශපාලනඥයන් වැඩ කරන්නේ වෙනත් අයුරකින්. එබැවින්  දේශපාලනඥයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කිරීමට සිදු වී තියෙනවා. අද නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතයි. එය පහළොස් දෙනකුට සීමා වීමට යන බවට ආරංචි පැතිරෙනවා. එය සුබ නිමිත්තක්. ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකයා. ඔහු සංධානයට ගරු කරාවි.

Wednesday 20 November 2019

ගෝඨාභය ගාමිණි අභය අබියස


  සිංහල ලිත් ඉලක්කම්




ගෝඨාභය ගාමිණි අභය අබියස



සිංහල බෞද්ධයන්ගෙන් බොහෝ දෙනකු මෙතෙක් ජීවත් වූයේ බියෙන්. ඔවුන් තමන් සිංහලයන් යැයි කීමට බිය වූවා. මංගල සමරවීර වැන්නන් මෙය සිංහල බෞද්ධ රටක් නො වේ යැයි ඊයේ පෙරේදාත් කිව්වා. නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප කළා. අමරදේව මහසඟ ගණ මොක ද කළෙ කියල ඇහුව. සුනිල් ආරියරත්න දෙමළ බෞද්ධයන් ගැන කතා කළා. ඊනියා ලිබරල්/මාක්ස්වාදී මතධාරී පඬියන් සිංහල බෞද්ධ කී ගමන් ජාතිවාදී යැයි  කිව්වා. සිංහල බෞද්ධයන්ගේ ඊනියා දූපත් මානසිකත්වයක් ගැන කිව්වා. පඬියන් මොන ජාත්‍යන්තරයෙ ද? මෙරට මතවාදී ආධිපත්‍යය තිබුණේ බටහිරට දාසකම් කළ අනුකාරක අහිනකට. ඒ ඔවුන්ගේ බුද්ධිමය හැකියාවක් නිසා නො වෙයි. ඔවුන් පිටුපස බටහිර සංස්කෘතික ආධිපත්‍යය තිබුණ නිසා. ඒ සමග බටහිර දේශපාලන ආධිපත්‍යය හා ආර්ථික ආධිපත්‍යය ක්‍රියාත්මක වුනා. ඉන්දිය ආධිපත්‍යයකුත් තිබුණා. ලංකාවේ මහාරාජාලා අප පාලනය කෙළේ සංස්කෘතික ව හා දේශපාලනික ව. ඔවුන්ට ඕන කෙළේ රනිල් වෙනුවට සජිත්. 

Tuesday 19 November 2019

රුවන්වැලි සෑය සම්බන්ධවයි

    සිංහල ලිත් ඉලක්කම්


රුවන්වැලි සෑය සම්බන්ධවයි

ජනාධිපතිවරණ විශ්ලේෂණය ඉවර නැහැ. මා විශ්ලේෂණය කියන්නේ ගියවර ප්‍රතිඵල සමග සන්සන්දනය කිරීමට නො වෙයි. අදත් හෙටත් මා කතා කරන්නෙ ජනාධිපතිවරණයට අදාළ වෙනත් දේ ගැන. ඇතැම් ජාතිකවාදීනට මා තවමත් සිරිජාතිකවාදියෙක්. ඔවුන්ගේ මෛත්‍රිපාල වෛරී ඇස නිසා ඔවුන්ට නොපෙනෙන දේ බොහෝයි. 

Monday 18 November 2019

ජාතික ජනාධිපති

  සිංහල ලිත් ඉලක්කම්


ජාතික ජනාධිපති



පළමුවෙන් ම හත්වැනි ජනාධිපති ලෙස තේරී පත්වී ජාතික ජනාධිපති ලෙස අද ජාතිකත්වයේ සංකේතය වූ රුවන්වැලි සෑ බිමේ තම රාජකාරි කටයුතු අරඹන නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂට මගේ සුබ පැතුම්. මෙවර ජනාධිපතිවරණය බොහෝ කරුණු අතින් වැදගත්. කලක් තිස්සේ අප කී බොහෝ දේ ජනාධිපතිවරණයේ දී යම් පමණකට නමුත් බල පා තියෙනවා.

Sunday 17 November 2019

ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද ජාතිවාද පරාජය කරමු



ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද  ජාතිවාද පරාජය කරමු



ඡන්ද ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතිනවා. මේ මොහොතේ දී (උදේ අටට පමණ) නම් ඉදිරියෙන් ඉන්නේ සජිත්. ඒත් අවසානයේ දී ගෝඨාභය දිනාවි. ඡන්ද ප්‍රතිඵල සියල්ල නිල වශයෙන් පිට වූ පසු විශේලේෂණයක් ඉදිරිපත් කරනවා.

Saturday 16 November 2019

තුප්පහි උගත් නයි හා කැලණි නයි

  සිංහල ලිත් ඉලක්කම්


තුප්පහි උගත් නයි හා කැලණි නයි


  1. අද රටේ අනාගතය තීරණය කරන දවසක්. තීරණය කුමක් ද කියා අනාවැකි පළ කිරීමට නොනගත වෙලාවෙ දි මා උත්සාහ කරන්නේ නැහැ. මේ කාලය නිහඬ කාලය කියා තමයි මැතිවරණ කොමිසම කියන්නෙ. මෙය නිහඬ කාලයක් ම නො වෙයි. විවිධ පුද්ගලයන් විවිධ දේ කියනවා. මෙය නිහඬ කාලයක් නොව ප්‍රවර්ධන කටයුතු නොකරන කාලයක්. මා හිතන්නේ ඒ සඳහා සුදුසු ම වචනය නොනගත කාලය කියා. නොනගතය යන්න බටහිර සංකල්පයක් නො වෙයි. අප අපේ සංස්කෘතියෙන් වචන හොයනවා වෙනුවට කරන්නේ බටහිර සංකල්ප පරිවර්තනය කරන එක. 

Friday 15 November 2019

මම දැන ගතිමි මම සැක කෙළෙමි

    සිංහල ලිත් ඉලක්කම් 


මම දැන ගතිමි මම සැක කෙළෙමි




බටහිර විද්‍යාවේ නිතර කියැවෙන දෙයක් තමයි යම්කිසි සංසිද්ධියක් නැවත නැවතත් පරීක්‍ෂණයට ලක් කිරීමට හැකි විය යුතු බව.  යම් කිසි පරීක්‍ෂණයක් අද කළත් හෙට කළත් ලන්ඩනයේ කළත් මොස්කව්හි කළත් එක ම ප්‍රතිඵලයක් ලබා දිය යුතු ය යන්නත් ඒ සමග කියැවෙනවා. මේ තමයි ඊනියා සාධාරණීත්වය නැත්නම් පොදු බව. ඒ සිද්ධිවල පොදු බව තේරුම් ගෙන ඒ සඳහා තමයි කතන්දර ගොතන්නෙ. එහෙමත් නැත්නම් ඊනියා ප්‍රවාද ගොඩ නගන්නෙ. ප්‍රවාදයක් කියන්නෙ කතන්දරයක්.