අද ඉරට මොකද වුණේ
අද අමාවක වෙන්න ඕන. ඉස්සර නම් සිංහලයන් හතර පෝය දැනගෙන ඉඳලා තියෙනවා. හතර පෝයට සිල් ගත්ත අයත් හිටියා. දැන් බොහෝ දෙනා හතර පෝය තියා පසළොස්වක ගැන දැනගන්නෙත් එදාට නිවාඩු ලැබෙන නිසා. ජනමාධ්‍ය පඬියකු කියන්න පුළුවන් අද තමයි සුනාමි දවස කියලා. ඒකත් එහෙම තමයි. තවත් ප්‍රබුද්ධ ම ප්‍රබුද්ධ පඬියකු කියන්න පුළුවන් අද බොක්සිං ඩේ කියලා. නැහැ ඒක මේ බොක්සිං ක්‍රීඩාව සමග සම්බන්ධ එකක් නො වෙයි. බටහිර රටවල නත්තලට ලැබුණු තෑගි පෙට්ටි විවෘත කරන දිනය අද. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයෙ සුප්‍රසිද්ධ බොක්සිං ටෙස්ට් තරගය පැවැත්වෙනවා. මෙවර එය නවසීලන්තය සමග පැවැත්වෙනවා.