Main Logo

Showing posts with label චින්තනපර්ෂදය. Show all posts
Showing posts with label චින්තනපර්ෂදය. Show all posts

Wednesday, 3 January 2018

චීන කොඩිය හා ලස්සෙට කොඩිය

චීන කොඩිය හා ලස්සෙට කොඩිය


චීනා හම්බන්තොට වරාය අත්පත් කර ගත් බව පෙන්වන කොඩිය ප්‍රදර්ශනය කරලා. මේ කොඩි ඉස්සීම බටහිරයන්ගේ පුරුද්දක්. පිටරටක්, රාජ්‍යයක් තම රජු වෙනුවෙන් අත්පත් කර ගැනීමෙන් පසු තම කොඩිය අදාළ රටේ ඔසවා එරට දැන් තමන් යටතේ ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ඔවුන් පුරුදුව සිටියා. දැනුත් එසේ කරනවා. හඳට ගිය ඇමරිකන් එක්සත් රාජ්‍ය අජටාකාශගාමීන් එහි තම කොඩිය එසෙව්වා. දැන් කවුරු හරි අහන්න  බැරි නැහැ ඔවුන් ඇත්තට ම හඳට ගියා ද කියා. ඒ කොහොම වුණත් මට අහන්න තියෙන ප්‍රශ්නය දැන් හඳ අයිති කාට ද යන්නයි. හඳත් ඇමරිකන් එක්සත් රාජ්‍යවල ම කොටසක් ද? හඳ සාක්කි කියන එකක් නැහැ. අනාගතයේ දී හඳේ අයිතිය වෙනුවෙන් ලෝක යුද්ධයක් ඇති වන්න පුළුවන් ද?

Tuesday, 2 January 2018

බැඳුම්කර කතාව

බැඳුම්කර කතාව


බැඳුම්කර වාර්තාව ජනාධිපතිට භාර දීලා. ඒක ලොකු පොත් තුනක්. ඒ වාර්තාවෙ වැඩියෙ තියෙන්නෙ සාක්‍ෂි හා වෙනත් සටහන් කියලා හිතෙනවා. නිර්දේශ මොනව ද කියලා දන්නෙ නැහැ. මොනව වුණත් දීර්ඝ නිර්දේශයක් ඇතැයි කියලා හිතන්න අමාරුයි. හෙට ජනාධිපතිත් වැඩි විස්තරයක් කියයි කියලා හිතන්න බැහැ. මේ රට පවතින්නෙ බොරු බලාපොරොත්තු දීමෙන් හා ඇති කිරීමෙන්. බලාපොරොත්තු ඉටු වෙන්න අවශ්‍ය නැහැ. මිනිසුන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් රැවටෙන්න උපන් පිරිසක් වගේ. බලාපොරොත්තුවකින් තවත් බලාපොරොත්තුවකට පනිනවා.

Monday, 1 January 2018

රාමනුජන්, වියුක්තය, සංයුක්තය හා අනන්තය

රාමනුජන්, වියුක්තය, සංයුක්තය හා අනන්තය



ඊයේ ලිපියේ රාමනුජන් ගැන සඳහන් කිරීමේ දී කාලිඅම්මා යන දෙවඟන නමක්කාල් යනුවෙන් කියැවෙන්න ඕන. නමක්කාල් යනුවෙන් තමිල්නාඩුවේ නගරයක් තියෙනවා. නමක්කාල් දෙවඟන නාමගිරි යනුවෙන් ද හැඳින්වෙනවා. ඇය විෂ්ණු දෙවියන්ගේ භාර්යාවක් යැයි ද කියැවෙනවා. නමක්කාල් නගරයේ විෂ්ණු දෙවියන් සිය හතරවැනි අවතාරය වූ නරසිංහ ( සිංහ හිසක් හා මිනිස් සිරුරක්) සිටි බවක් ද එතුමාගේ භාර්යාව වූ ලක්‍ෂමී සිටි බවක් ද කියනවා. නාමගිරි දෙවඟන යනු ලක්‍ෂමී දෙවඟන ද කියා දන්නේ නැහැ.

Sunday, 31 December 2017

ගණනාථ ද නාථ ද?

ගණනාථ ද නාථ ද?


මේ ලිපිය හැඳින්වීමක් පමණයි. අප මේ මාතෘකාවෙන් හෝ තේමාවෙන් හෝ මහනුවර දී හෝ පේරාදෙණිය්දි හෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මෙය දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. දැනුම යනු කුමක් ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඥානය හා විඥානය පිළිබඳ ප්‍රශ්නයක්. විඥානයේ වි උපසර්ගයෙන් කියැවෙන්නේ උසස් බවක් ද විරුද්ධභාවයක් ද යන්න පිළිබඳ ප්‍රශ්නයක්. මට නම් විඥානය කියන්නේ වැරදි ඥානයක්. තමාගේ හා අවට පැවැත්ම පිළිබඳ වැරදි ඥානය. මෙය ඊනියා යථාර්ථය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා වාස්තවිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා අපක්‍ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. පැවතීම පිළිබඳ ප්‍රශ්නයක්.

Saturday, 30 December 2017

රාජපක්‍ෂලාට එරෙහි ව රාජපක්‍ෂලා

රාජපක්‍ෂලාට එරෙහි ව රාජපක්‍ෂලා


ගණනාථ ද නාථ ද ලිපිය ලිවීම දිනෙන් දින කල් යනවා. ඒ අතර ගණනාථලා අනුව යන එච් එල් සෙනෙවිරත්න වැනි සමාජ විද්‍යාඥයන් යැයි කියා ගන්නා අනුකාරක ශාස්ත්‍රීය දුගියන් මේ සියලු ප්‍රශ්නවලට වග කිව යුත්තේ පනස්හයේ පෙරළිය කියා කියනවා. ඔහු  දිනක් මා හමුවීමට පැමිණියා. ඔහු මොන තරම් අනුකාරක ශාස්ත්‍රීය දුගියකු ද යන්න මා එදා මොනවට අවබෝධ කර ගත්තා. ඔහු ලංකාවට පැමිණි දිනෙක නැවත හමුවීමට හැකි නම් හොඳයි. මා හමුවීමට පැමිණෙන බොහෝ දෙනා නැවත මා හමුවීමට එන්නේ නැහැ. ඔවුන් අතර  අනුකාරක ශාස්ත්‍රීය දුගියන් ද කසිකබල් දේශපාලනඥයන් ද සිටිනවා. වරක් එක් පූජකවරයකු මා හමුවීමට ඉබ්බාගමුවෙන් පැමිණියා. ඔහුටත් මහා විශ්ලේෂකයකු ලෙස පෙනී සිටින යුග පෙරළිකාර වත්මන් මන්ත්‍රීවරයකුටත් පමණක් නැවත නොපැමිණෙන ලෙස අණ කරන්න  මට සිදු වුණා.

Friday, 29 December 2017

සිද්ධි දෙකක්

සිද්ධි දෙකක්


ගෙවී යන සතියේ වැදගත් නොවුණත් වැදගත් සිද්ධි දෙකක් ගැන යමක් කිව යුතුයි. මා ඊනියා අපෝහකයක් හෙවත් දයලෙක්තිකයක් කතා කරනවා නො වෙයි. දයලෙක්තියක් ගැන කතා කරන අයට අනෙක් බොහෝ දේ මෙන් ම එය අවබෝධයකින් තොරව තම පඬි බව පෙන්වීමට යොදා ගන්නා වචනයක් පමණයි. මාක්ස්වාදී අපෝහකය තවත් රූපිකයක් පමණයි. අපෝහකයේ රූපිකය පොතෙහි මේ ගැන සඳහන් වෙනවා. කසිකබල් මාක්ස්වාදීන් හා වෙනත් පඬියන් අපෝහකයක් ගැන පාරම්බාන්නේ චතුස්කෝටිකය ගැන දැනීමකින් තොරව. චතුස්කෝටිකය බටහිර අපෝහකයට වඩා බෙහෙවින් පොහොසත්. මෙරට ඊනියා උගතුන්ට ග්‍රීකයන්ගෙන් තොර ලෝකයක් නැහැ. හෙරෙක්ලිටස් අයකුට එක ම ගඟට දෙවරක් බහින්න බැරිය කී කතාව ඔවුන්ට හරි වැදගත්. අප දන්නේ ගඟක් කියා දෙයක්වත් අයකු කියා පුද්ගලයකුවත්, එක වර කියා ක්‍ෂණයක්වත් නැති බව. දෙවරක් ගැන කතා කුමට ද?

Thursday, 28 December 2017

රනිල් ද චන්ද්‍රිකා ද ඉවත් කළ යුතුයි

රනිල් ද චන්ද්‍රිකා ද ඉවත් කළ යුතුයි


මා අද ලියන්න සිටියේ ගණනාථ ද නාථ ද කියා. ගණනාථ කියන්නේ අනුකාරකයන්ගේ සේකරට, ඔබේසේකරට මිස මගේසේකරට නො වේ. මගේ සේකර බුදුහාමුදුරුවන්. නාථ කියන්නේ මතු බුදු වන නාථ දෙවියන්. මාතෘකාවෙන් අදහස් කෙරෙන්නේ ගණනාථ නාථ සමග කිසිසේත් ම සම කිරීමක් නො වෙයි. ගණනාථ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් දැරූ ව්‍යාජ බටහිර බුද්ධිමතෙක්. බටහිර බුද්ධිමතකු වීමට නම් වියුක්ත සංකල්ප, ප්‍රවාද නිර්මාණය කරන්න ඕන. අපි පසුව ඒ ගැන කතා කරමු. ගණනාථත් යෙදී ඉන්නේ වක්‍ර ව වුවත් සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක නමුත් සෘජු  දේශපාලනයට ඉඩ දී ඔහුට මේ ලිපියෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ වෙනත් දෙදෙනකු ඉවත් කිරීම වඩා වැදගත් නිසා.

Wednesday, 27 December 2017

හොරා පොලිස්

හොරා පොලිස්


මා නම් ජනමාධ්‍යවේදියෙකු නො වෙයි. කලක් කාලය සඟරාව සංස්කරණය කළත් පසු කලෙක ලක්මිණ පුවත්පතේ කතුකම නිල නොවන අයුරින් කළත් මා ජනමාධ්‍යයකු වන්නේ නැහැ. කාලය සඟරාව 1987 සිට හතරවරක් විටින් විට පවත්වාගෙන යෑමට උත්සාහ කළත් එය කළ නොහැකි වූවා. ජනතාව ආකර්ෂණය වන අයුරකින් ලියන්න කියන්න මට බැහැ. අනූවේ දශකයේ මුල ලක්මිණ පූවත්පත ඇරඹූ විට නිල නොවන වශයෙන් එහි කතෘ වූයේ මා.  එහි විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම මෙන් ම චම්පක රණවකත් ලේඛකයන් අතර වුණා. (අද රාවය කතෘ ජනරංජන කාලයටත් ලක්මිණටත් කාටුන් ඇන්දා.) නිල වශයෙන් කතෘ වූයේ සුනිල් මාධවයි. එහෙත් කතුවැකි ලිව්වේත් පුවත්පත සංස්කරණය කෙළේත් මා. ගෙවිඳු ආධාර කළා. එකලත් මා කොටි පරාජය කළ යුතුය කළ හැකි ය යන මතයේ සිට පුවත්පත සංස්කරණය කළා. එයට ව්‍යාජ සමාජවාදීන් විරුද්ධ වුණා. ඔවුන් පුවත්පතේ අයිතිකරු තිලක් කරුණාරත්නට මගේ ප්‍රතිපත්තියට විරුද්ධව කරුණු කියා මා පුවත්පතේ කටයුතුවලින් අයින් කළා. එසේ වුවත් පුවත්පත ගෙන යන්න බැරි වුණා. මේ විස්තර බෙංගමුවේ නාලක හිමියන්ගෙන් ද දැනගත හැකියි. එකල විමල් මෙන් ම චම්පක ද ඊනියා යුද්ධයට විරුද්ධව සිටියා. ඩලස් ගැන කියන්න ඕන නැහැ. විමල් ජ වි පෙ සාමාජීකයෙක්. චම්පක යුද්ධයට විරුද්ධව පෝස්ටර ගැසුවා. ඉන් අවුරුදු කිහිපයකට පසු 1994 දී මංගල සමරවීරට මැතිවරණයේ දී ආධාර කළා. චම්පක එදත් කොටි පරාජය කළ යුතුය කියන මතයේ හිටි බව ඔහුගේ අනුගාමිකයන් කියන විට කරන්නේ කුමක් ද කියා කල්පනා වෙනවා. ඔහු ඉල්ලුමක් ඇතැයි කියමින් ජාතිකත්වයට පැමිණියේ කොටි ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කිරීමෙන් පසුවයි. කාලය සඟරාව මෙන් ම ලක්මිණ පුවත්පත පවත්වාගෙන යෑමේ දී ද ගෙවිඳු කුමාරතුංගගේ කැප වීම කිසි දිනෙක අමතක කරන්න බැහැ. 

Tuesday, 26 December 2017

සමාජයීය විද්‍යාවන් මිය ගොස්

සමාජයීය විද්‍යාවන් මිය ගොස්


නත්තලේ සැබෑ අරුත ගැන ලිපියක් ලියන්න ඕන. ඉතා කෙටියෙන් කියනවා නම් නත්තලේ සැබෑ අරුත අන් කිසිවක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝකයා මත පැටවීම. දෙරණ කුමක් කිව්වත් අපේ ගෙවල්වල නත්තල් ගසුත් නැහැ, අපේ දෙමව්පියන් මිය ගිය අවස්ථාවල කන්‍යා සොහොයුරියන් පැමිණ මියගිය අයගේ ආත්මය වෙනුවෙන් යාඥා කෙළෙත් නැහැ. මා නාථ දෙවියන් ගැන කතා කරන විට මා වාඩි වී සිටින්නේ මොළය උඩද කියලා අහන අය නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරනවා. සිංහල වෙදමහතුන්ට කෘෂිරසායනික වකුගඩු රෝගය සුවපත් කළ හැකි බව රෝගීන් ලවා ම පෙන් වූ විට දොස්තරලාගෙන් සහතික ඉල්ලන රටක අප ජීවත් වෙනවා. මා දෙවියන් වහන්සේ ඉන්නව ද කියාවත් නීට්ෂෙ කීවාක් මෙන් දෙවියන් වහන්සේ මිය ගිහින් කියාවත් කියන්නේ නැහැ (නීට්ෂෙට පෙරත් මේ අදහස කිහිප දෙනකු කියා තිබුණා). දෙවියන් වහන්සේ බටහිර විද්‍යාවේ ඉන්නවා. විශ්වවේදයට අනුව විශ්වයට පටන් ගැන්මක් තියෙනවා. ඒ යුදෙව් සංකල්පයක්. දෙවියන් වහන්සේත් යුදෙව් වියුක්ත සංකල්පයක්. මා ප්‍රශ්න කරන්නේ යුදෙව්/කතෝලික/ක්‍රිස්තියානි/ඉස්ලාම් ආගම් නොවෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය. පසුව මේ ගැන තවදුරටත් කතා කරමු. මා වැනි අංශු මාත්‍රයක් වූ නොවැදගත් පුද්ගලයකු නැති කිරීමට දෙරණෙහි ප්‍රබුද්ධයන්ට හා  ධන කුවේරයන්ට  විනාඩි පහක් ගත වන්නේ නැහැ. එහෙත් මට නැති වන්න දෙයක් නැහැ. ආත්මයක් නැහැ. මා ත් නැහැ.

Monday, 25 December 2017

රටක නම

රටක නම


මෙරට වත්මන් නිල නාමය ශ්‍රී ලංකාව ය. එහෙත් බොහෝ සිංහලයන් කියන්නේ ලංකාව කියා ය. ශ්‍රී ලංකාව නිල වශයෙන් ම භාෂා තුනකින් හැඳින්වෙනවා. එසේ කිරීමේ දී මට තේරෙන හැටියට, වෙනත් අය කියන පරිදි ද (මා දෙමළ දන්නේ නැහැ. මා ඒ ගැන සමාව යදින්නෙත් නැහැ.) නිල වශයෙන් රටවල් තුනක් කියැවෙනවා. සිංහලෙන් ශ්‍රී ලංකාව, දෙමලෙන් ඉලංකෙයි, ඉංගිරිසියෙන් ස්‍රී ලංකා. ඒ එසේ වන්න බැහැ. මෛත්‍රිපාලගේ නම ඉංගිරිසියෙන් ලියන්නේ කොහොම ද? දෙමළෙන් ලියන විට මෛත්‍රිපාල යන්න දෙමළ උච්චාරණය අනුව වෙනස් කර ලියනවා ද?

Saturday, 23 December 2017

දොස්තර ඒකාධිකාරය 4

දොස්තර ඒකාධිකාරය 4


බොහෝ දේ ගැන ලියන්න තියෙනවා. මූලාශ්‍ර, ඊනියා සමාජයීය විද්‍යා, න්‍යාය (ලොජික්) ගණිතය හා බටහිර විද්‍යාව විශේෂයෙන් ම භෞතික විද්‍යාව, සයිටම්, මැතිවරණය, බොරු හා පට්ටපල් බොරු, සිංහල බෞද්ධ රාජ්‍යය, අපේ දැනුම හා බටහිර දැනුම් ආධිපත්‍යය, ආදී වශයෙන් මාතෘකා බොහෝමයි. එක් තරුණයකු, මා හිතන විධියට නුවර පදිංචි අයකු, අසා තිබුණා මේ කරුණු, දැනුම් අවශෝෂණය, ඥානවිභාග ආදිය ගැන කතා කරන තැනක් දන්නවා ද කියා.  සමහරු මේ කරුණු ගැන ලියනවා, එහෙත් මේ කරුණු අවුරුදු තිහක් පමණ කතා කළ අය ගැන ලියන්නේ නැහැ.

Thursday, 19 January 2012

නන්දිකඩාල් ජයග්‍රහණය ඉදිරියට ගෙන යමු (ශ්‍රවණ ගොනුව) !


අසාධාරණකම්,ඉන්ද්‍රපාලන්,ප්‍රමිතිකරණය,දෙමළ-ජාතිවාදය,පානදුර,1958,ඉසෙඩ්-ලකුණ,සංඛ්‍යානය,තටෙල්,විශේෂඥයෝ,රාවය,අයිවන්,මොහාන්,රොහාන්,රූපවාහිනිය,නොර්වේ,ඇමරිකාව,බ්‍රිතාන්‍යය,යුදෙව්වෝ,දෙමළ,පිරිවෙන්,සිංහල,සුදුකොඩි,යටත්විජිතවාදය,නිලධාරීන්,ඉන්දියාව,13,සංශෝධනය,මහින්ද,ආණ්ඩුව,කරූ,සජිත්,බෝන්-අගේන්,රෝසි,ජනරළ,මැරබලය,කේ.පී.,සංවර්ධනය,යාපනය-කොළඹ,අධිවේගී-මාර්ගය