Main Logo

Showing posts with label Pattini. Show all posts
Showing posts with label Pattini. Show all posts

Tuesday, 26 December 2017

සමාජයීය විද්‍යාවන් මිය ගොස්

සමාජයීය විද්‍යාවන් මිය ගොස්


නත්තලේ සැබෑ අරුත ගැන ලිපියක් ලියන්න ඕන. ඉතා කෙටියෙන් කියනවා නම් නත්තලේ සැබෑ අරුත අන් කිසිවක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝකයා මත පැටවීම. දෙරණ කුමක් කිව්වත් අපේ ගෙවල්වල නත්තල් ගසුත් නැහැ, අපේ දෙමව්පියන් මිය ගිය අවස්ථාවල කන්‍යා සොහොයුරියන් පැමිණ මියගිය අයගේ ආත්මය වෙනුවෙන් යාඥා කෙළෙත් නැහැ. මා නාථ දෙවියන් ගැන කතා කරන විට මා වාඩි වී සිටින්නේ මොළය උඩද කියලා අහන අය නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරනවා. සිංහල වෙදමහතුන්ට කෘෂිරසායනික වකුගඩු රෝගය සුවපත් කළ හැකි බව රෝගීන් ලවා ම පෙන් වූ විට දොස්තරලාගෙන් සහතික ඉල්ලන රටක අප ජීවත් වෙනවා. මා දෙවියන් වහන්සේ ඉන්නව ද කියාවත් නීට්ෂෙ කීවාක් මෙන් දෙවියන් වහන්සේ මිය ගිහින් කියාවත් කියන්නේ නැහැ (නීට්ෂෙට පෙරත් මේ අදහස කිහිප දෙනකු කියා තිබුණා). දෙවියන් වහන්සේ බටහිර විද්‍යාවේ ඉන්නවා. විශ්වවේදයට අනුව විශ්වයට පටන් ගැන්මක් තියෙනවා. ඒ යුදෙව් සංකල්පයක්. දෙවියන් වහන්සේත් යුදෙව් වියුක්ත සංකල්පයක්. මා ප්‍රශ්න කරන්නේ යුදෙව්/කතෝලික/ක්‍රිස්තියානි/ඉස්ලාම් ආගම් නොවෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය. පසුව මේ ගැන තවදුරටත් කතා කරමු. මා වැනි අංශු මාත්‍රයක් වූ නොවැදගත් පුද්ගලයකු නැති කිරීමට දෙරණෙහි ප්‍රබුද්ධයන්ට හා  ධන කුවේරයන්ට  විනාඩි පහක් ගත වන්නේ නැහැ. එහෙත් මට නැති වන්න දෙයක් නැහැ. ආත්මයක් නැහැ. මා ත් නැහැ.