Main Logo

Wednesday 30 September 2020

ප්‍රශ්න කිහිපයක්

 

ප්‍රශ්න කිහිපයක්

 

මෙල්බන් නුවර ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මා සමග වැඩ කළ (මා අවුරුදු එකහමාරක් පමණ එහි වැඩ කළා) නික් ගාන්හම් පසුගිය දා මගෙන් විමසා සිටියා ගණිතයෙන් විදේශ සේවයට මාරු වුණේ කොහොම ද කියා. මා කිවුවේ බොහෝ කලක සිට මා දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බවයි. එහෙත් ඔහුට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ලේබර් හිතවතෙක්. ඒ දිනවල ඔහු විට්ලම්ට ආධාර කළා. මා ඔහුට කියන්න ගියේ නැහැ ලංකාවේ  එහෙම තමයි කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, විනිසුරුවන්, රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරුන් ඇතුළු දේශඥපාලනඥයන්ට ආදී එකී නොකී ඕනැම අයකුට තානාපති කමක් කරන්න පුළුවන් කියලා.

Tuesday 29 September 2020

මැනල ද පුතේ කිරි (පොල්) දුන්නේ මා උඹට

 මැනල ද පුතේ කිරි (පොල්) දුන්නේ මා උඹට


අප ජීවත් වන්නේ දෙලොවක් අතර. මට දැන් හරියට මතක නැහැ දෙලොවක් අතර චිත්‍රපටියෙන් මොකක් ද කිවුවෙ කියල. එක අතකට එහෙම කියන එකත් වැරදියි. චිත්‍රපට මොනවට ද සමාජ විද්‍යාව තියෙන්නෙ සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න. සමාජ විද්‍යාවට කලින් නම් නවකතාවට තැනක් තිබුණ සමාජ විග්‍රහ හැටියට. සමාජ විද්‍යාව ආපු මුල් කාලෙ අහල තියෙන ප්‍රශ්නයක් තමයි නවකතා තියෙද්දි සමාජ විද්‍යාවක් මොකට ද කියල. දැන් නවකතාලින් කෙරෙන්න  ඕන කාර්යය මිලාන් කුන්දේරා තම ආර්ට් ඔෆ් ද නවල් කෘතියේ කියනවා. 

721

 721



කාගෙ කගෙත් දැන ගැනීම සඳහා විශ්වවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අංක 721 දරණ චක්‍රලේඛයේ අදාළ කොටස අමුණනවා. කථිකාචාරයවරුන්  උසස් කිරීම  සඳහා වූ නිර්ණායක මෙහි සඳහන් වෙනවා.  සුළු සංශෝධන ඇති වුවත් මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ 721යි.


 


එකිනෙකා දැන ගන්නේ තම තමන්ට අවශ්‍ය අන්දමට බවත් මා දන්නවා.


 

Monday 28 September 2020

සෞම්‍යගේ ප්‍රශ්නය

 සෞම්‍යගේ ප්‍රශ්නය


සෞම්‍ය ලියනගේගේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා කතා කරනවා. මෙයින් යම් යම් දේ පැහැදිලි වෙනවා. ප්‍රශ්නය ගැන බොහෝ දෙනකුට අවබෝධයක් නැති බව. එමෙන් ම ලිපියක් කියවන ක්‍රමය. ලිපියක් තබා ඕනෑම දෙයක් අප කියවන්නේ අහන්නේ අපට සාපේක්‍ෂව. ලිපිය ලියන්නා ලියන්නේ එකක්. කියවන්නා කියවන්නේ තවත් එකක්. ඒ අතර තමන් දරණ අදහස් මත මේ මේ දේ විය යුතු යැයි කියන අයත් ඉන්නවා. එක් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයක වැඩ කර ඇති අයකු දන්නේ නැහැ ආචාර්ය සංගමයක හා ආචාර්ය සමිති සම්මේලනයෙහි ඇති වෙනස. එක් විප්ලවවාදියකුට අනුව 1992- 93 කාලයේ රාවය පළ කරල තියෙන්නෙ කොළඹ විශ්වවිිද්‍යාලයෙ හිටපු වාමාංශිකයන් පිරිසක්. මා කියන දේ ඔහුට තේරෙයි ද කියන එක ප්‍රශ්නයක්.

Sunday 27 September 2020

සෞම්‍ය ලියනගේගේ කතාව

 සෞම්‍ය ලියනගේගේ කතාව


මා සෞම්‍ය ලියනගේගේ මතවාදවලට විරුද්ධයි. ඔහු වමෙක්, ප්‍රබුද්ධයෙක්. මා හිතන්නේ ඔහුත් ජාතිකවාදයට විරුද්ධ ය කියා. මා මෙය ලියන්නේ මගේ විරුද්ධ මත ධාරියකු වෙනුවෙනුත් මා යමක් කළා කියා ඊනියා බුද්ධිමතකු ප්‍රබුද්ධයකු මධ්‍යස්ථ මත ධාරියකු ලෙස ලකුණු ටිකක් ලබා ගැනීමට නො වෙයි. මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. මෙහි මා ගැන ද සඳහන් වන්නේ උගතුන්ගේ කුහක කම දැන ගැන්වීමටත් ඇතැම් රෙගුලාසිවලට මගේ සම්බන්ධය ලියා තැබීමටත්. මෙහි තොරතුරු මට මිත්‍රයකුගෙන් ලැබුණු විශ්වවිද්‍යාලයේ පාලක සභා සටහනක් මත පමණක් පදනම් වෙනවා. එහි තොරතුරු නිවැරදි ය කියන උපකල්පනයෙන් මෙය ලියනවා.  

Saturday 26 September 2020

ජාතිකත්වයේ ගමන් මග

 ජාතිකත්වයේ ගමන් මග


බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරී අදට වසර හැටඑකක්. එතුමා වෙඩි පහරට ලක්වුණේ අභාවයට කලින් දින. ඝාතනය කෙරුණේ සෝමාරාම විසින්. ඔහු පසුව ඇංග්ලිකන් කිතුනුවකු වුණා. සෝමාරාම ඝාතනය ක්‍රියාත්මක කළ තැනැත්තා වුණත් එහි පිටුපස සිටියේ බුද්ධරක්ඛිත හා එච් පී ජයවර්ධන. විමලා විජේවර්ධනටත් එයට සම්බන්ධයක් තිබුණා. මේ ඝාතනය පිටුපස ඇත්තේ ජාතික ව්‍යාපාරයේ පරස්පර. ඒ කියන්නේ ධනවාදයේ පරස්පර නැතැයි කියන එක නො වෙයි. වමේ නම් පරස්පරයක් නැහැ. ඒ වමාලා (වම්මු කියනවාට වඩා වමාලා කියන එක සරලයි පහසුයි) ඇතත් වමක් නැති වීම නිසා. නැති වමක පරස්පර තියෙන්න බැහැ. ඒත් වමාලා අතර පරස්පර තියෙනවා.


Friday 25 September 2020

කාලෝ ගැන

 කාලෝ ගැන 


ඊයේ මගේ ලිපියට පඬි නැට්ටකු ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ මහජනයාගේ මුදලින් පඩි කකා පරෙවියන් බලන්නෙ නැතිව තානාපති හැටියට රටට වැඩක් කරන්න කියා. තවත් අයකු කියා තිබුණේ තමනුත් තනියම පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්න කැමති නමුත් තමන්ට තානාපතිකමක් නොලැබෙන බව. ඇතැමුන්ට මගේ තානාපතිකම ප්‍රශ්නයක් වෙලා. කල්පනා කරන්න තානාපතිකමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය එසේ කිරීමට හැකියාව පමණයි. පඬියන්ට ඒ හැකියාව නම් ගෑවිලාවත් නැහැ. ඔවුන් දන්නේ අරයා මෙහෙම කියල තියනවා මෙයා අරෙහෙම කියල තියනව කියල වමාරන්න විතරයි.

Thursday 24 September 2020

සාම පරෙවියෝ පණුවන් අහුලන් කති

 සාම පරෙවියෝ පණුවන් අහුලන් කති   





මියන්මාරයේ ලංකා තානාපති කාර්යාලය හා තානාපති නිල නිවස පිහිටා තියෙන්නේ අක්කර දෙකක පමණ ඉඩමක. තානාපති නිල නිවාසය විශාලයි. අපට ලොකු වැඩියි. පඬි නැට්ටකුටත් ඕන්නම් ඉන්න පුළුවන්.  මේ කලකට පෙර සුද්දන් අත්පත් කර ගත්තු ඉඩම්වල හදපු ගෙවල්. මේ ඉඩමෙ සේවය කරන්න මියන්මාර කම්කරුවන් ඉන්නවා. ඔවුන් කම්කරු පංතියක නම් නො වෙයි. ලංකාණ්ඩුව ඔවුන්ට වැටුප් ගෙවනවා. එය ඔවුන්ගෙ ශ්‍රමයට සරිලනවද කියල බලන්න පඬි නැට්ටකුට, වමෙකුට එන්න කියන්න ඕන. ඔවුන් බැරිවෙලාවත් විප්ලවයක් කළොත් එය ලංකාවට ද මියන්මාරයට ද? කම්කරුවන් කියන්නෙ ජාත්‍යන්තර පංතියක් නිසා ඔය වගේ නොවැදගත් ප්‍රශ්න වැඩක් නැහැ. කොහොමටත් කම්කරු පංති නායකත්වය පිළිබඳ ප්‍රශ්නය තවම විසඳිලා නැති නිසා ඔය ප්‍රශ්න ගැන කල්පනා කරන්න ඕනෙ නැහැ. 

Wednesday 23 September 2020

මියන්මාර වැසියන් හා සුදුසේකරලා

 මියන්මාර වැසියන් හා සුදුසේකරලා

මා ජයසේකර මුතුරන්වලගේ මේ ලිපිය බෙදා හදා ගන්නේ මියන්මාර වැසියන් ලංකාවටත් විශේෂයෙන් දළදා මැදුරටත් දක්වන ගෞරවය සිංහල බෞද්ධයන්ට දැන්වීම පිණිසයි. ඒ මිස මෙහි වෙනත් දේශපාලන කතාවක් නැහැ. මියන්මාරයේ ලංකා තානාපති ලෙස මියන්මාරයේ දේශපාලනයක් ගැන කතා කරන්න මට බැහැ.
මියන්මාර වැසියන්ට සිංහල බුද්ධාගම ගැන ඇති ගෞරවය ගණනාථලාට (කවුද සඳහන් කර තිබූ පරිදි ගණනාථ සුදුසේකරට හෙවත් සුදුසේවකට) හා ඔවුන්ගේ අවජාතක ගෝලයන්ට නැත්තේ ඇයි ද කියා මා අසන්නේ නැහැ. ඒ ප්රශ්නයට පිළිතුර පසුව පළ කරන්නම්.



Tuesday 22 September 2020

සටන් සගයකුගේ අභාවය

 සටන් සගයකුගේ අභාවය


ඔරානි ජෑන්ස් මිය ගිහින්. ඈ ගැන බොහෝ දෙනකු දන්නේ නැහැ. ඇය ලෝක ප්‍රසිද්ධ සාහිත්‍යකාරිනියක, ලේඛිකාවක, කලාකාරියක, විද්‍යාඥවරියක, දාර්ශනික අදහස් පළ කළ තැනැත්තියක, දේශපාලනඥවරියක නොවෙයි. ලෝකයේ තබා ලංකාවේවත් ඇය ගැන දැන සිටි අය අල්පයි. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි උපදේශිකාවක ලෙස සේවය කර කලකට පෙර මා හිතන විධියට 2012 දී පමණ විශ්‍රාම ගත්තා. ඇගේ සැමියා ජෑන්ස් රසායන විද්‍යා මහාචාර්යවරයකු ව සිට විශ්‍රාම ගත්තා. ඔහු පාසලේත් විශ්වවිද්‍යාලයේත් මට වඩා වසරකින් ඉහළයි. ඔරානිත් හැදෑරුවේ රසායන විද්‍යාව. ඇය අපට වඩා වසර දෙකකින් පමණ පහළය කියන එකයි මගේ විශ්වාසය. ඇගේ අභාවය ගැන මට ඇත්තේ කණගාටුවක්. මගේ ශෝකය පවුලේ සැමට.



Monday 21 September 2020

වමක් නැති ව දකුණට සේවය කරන වම්මු

 වමක් නැති ව දකුණට සේවය කරන වම්මු


මෙරට වමට මොක ද වුණෙ? මේ ප්‍රශ්නයට පිළිතුරු රාශියක් දෙන්න පුළුවන්. මුකුත් වෙලා නැහැ, ඔය යසට තියෙන්නෙ, අන්තිම සටනට සැරසෙනවා, වික්‍රමබාහුගෙන් අහන්න, සකර්බර්ග් පඬියන්ගෙන් අහන්න, ජ වි පෙ වම ඉස්සරහට ගෙන යනවා, පෙරටුගාමීන් තව ටික කලකින් බලය අල්ලනවා, අනෙක් රටවල වෙච්ච දේ ම වුණා, වෙන්න තිබුණු දේ වුණා, වෙන්න ඕන දේ වුණා, නාථ දෙවියන්ගෙන් අහන්න, ගෝඨාභයගෙ ෆැසිස්ට්වාදයෙන් රට මුදව ගන්න වැඩ කරනවා, කම්කරු පංතිය සංවිධානය කරනවා, කම්කරු පංති නායකත්වය ගොඩ නගන්න හදනවා සහ තවත් පිළිතුරු. මේ සමහර පිළිතුරු වමට මොක ද වුණෙ කියන ප්‍රශ්නයට නොව වම මොක ද කරන්නෙ කියන ප්‍රශ්නයට පිළිතුරු. ඒක පෙන්නුවොත් අපිට පාන් ද කියල අහන්න ඉඩ තියෙනවා. නැහැ කේක් කියන්නත් පුළුවන්.

Sunday 20 September 2020

තපස්සු භල්ලුක

 තපස්සු භල්ලුක


තපස්සු භල්ලුක ගැන විස්තරයක් පසුව සිංහලෙන් ලියන්නම්. ඔවුන් මියන්මාරයේ බවට මතයක් මියන්මාරයේ තියෙනවා. මා කලින් ඒ ගැන ලියා ඇති. වෙලා තියෙනවා නම් මේ පත්‍රිකාව කියවන්න. පත්‍රිකාවේ තිබූ ඡායාරූප මෙහි නොමැති බව කරුණාවෙන් සලකන්න. අදාළ තැන්වල මාතෘකා පමණක් ඇති.

නැති මම

 

නැති මම 

පසුගිය දා දිලිත් ජයවීර කියා තිබුණා මා වෙනස් නොවීම මගේ ඇති ලක්‍ෂණයක් කියා. සමහර විට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි සමයේ සිට වෙනස් නොවී ඇති බව කියනවා ඇති. ඔහු විශ්වවිද්‍යාලයට පැමිණියේ 1985 පමණ වෙන්න පුළුවන්. ඒ වන විට මා අද ඉන්න තත්වයට පත්වෙලා තිබුණෙ. ඒ කියන්නෙ එදා සිට අද දක්වා මා කිසිම අයුරකින් වෙනස් වී නැති බව නො වෙයි. මා සිත් පිත් නැති අංශුවක් නොවෙයි. අංශුවක වුණත් වේගය (ප්‍රවේගය) වෙනස් වෙනවා. අංශු වෙනත් අංශු සමග ගැටෙනවා. ක්වොන්ටම් අංශු කිසිවකු විසින් නිරීක්‍ෂණය නොකෙරෙන විට ඩිරැක්ට අනුව රේඛීය ව වෙනස් නොවී චලනය වෙනවා. එහෙත් නිරීක්‍ෂණයක දී වෙනස් වෙනවා. ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදය අනුව නම් අංශු නැහැ. එය වෙනත් ම කරුණක්.

Saturday 19 September 2020

ජූලි කලබල හා පාස්කු ප්‍රහාරය

 

ජූලි කලබල හා පාස්කු ප්‍රහාරය

 

පළාත් සභා හා ඉන්දියාව ගැන ලියු ලිපියේ මා සඳහන් කෙළේ ඉන්දියාව පළාත් සභා හා දහතුන් වැනි සංශෝධනය වෙනුවෙන් බලපෑම් නොකළ බව නොව බලපෑම් කළ බවට සාක්‍ෂි නැත යන්න ය. ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභා පිහිටුවීමක් ගැන නොකියැවෙයි. ඒ කියන්නෙ අප ලිඛිත ව ඉන්දියාවට දහතුන ගැන හරි පළාත් සභා ගැන හරි පොරොන්දුවක් දී නැති බවයි. ඒ පොරොන්දු වාචික ව දෙන්න ඇති. එහෙත් ඒ අය එනම් ජේ ආර්, ගාමිණි දිසානායක පමණක් නොව සාක්‍ෂි වශයෙන් සිටි ප්‍රේමදාස ඇතුළත්මුදලි ආදීන් ද මිය ගිහින්. මිය ගිහින් හා මැරිල අතර ඇති වෙනස මොකක් ද? ටිකක් හිතන්න. ඒ හිතන්න බැරි පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට නො වෙයි.

Friday 18 September 2020

වඩුකොඩෙයි යෝජනා

 වඩුකොඩෙයි යෝජනා


ඉන්දු ලංකා ගිවිසුමේ පිටපතක් ඉතා වැඩි දෙනකු අතරට ගිහින් තියෙනවා. විසිදාහක් පමණ. එමෙන් ම ඇතැමුන් මට දන්වා එවා තිබුණා තමන්ට එය ප්‍රයෝජනවත් කියා. ඒ අතර පුවත්පත් කතුවරුන් ද හිටියා.

අද 1976 වඩුකොඩෙයි යෝජනාව පළ කරනවා. මෙය දෙමළ ජාතිවාදයේ හා වෙල්ලාලයන්ගේ කුට ප්‍රාප්තිය. මෙයින් පසු වෙල්ලාලයන්ට තමන් නොසිතූ පරිදි වෙනත් කුලවල ත්‍රස්තවාදීන් පසුපස යන්න සිදු වුණා. දෙමළ ත්‍රස්තවාදය ඇති වුණා. එයට ජ වි පෙ ආභාසය ද මුල දී තිබුණා. වික්ටර් අයිවන්ට බැරි ද මෙහි කරාව කුලය සමග ඇති සම්බන්ධය ගැන ඊනියා පර්යේෂණයක් කරන්න.

Thursday 17 September 2020

විස්ස කොයිබට ද?

                                 විස්ස කොයිබට ද?

 

විස්සට මොකද වෙන්නෙ? විස්සෙ කතෘ කවුද වගේ ප්‍රශ්න බොහෝ දෙනකුගෙ හිත්වල තියෙනවා. දෙවැනි ප්‍රශ්නයට නම් පිළිතුරක් තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කතෘත්වය භාරගෙන තියෙනවා. ඒකෙන් කියන්නෙ එහි දළ අදහස එතුමාගෙ කියන එකයි. නීිතිපති දෙපාර්තමේන්තුව තමයි විස්ස කෙටුම්පත් කරල තියෙන්නෙ. ජනාධිපතිවරණය කාලෙ රටේ මතයක් තිබුණ දහනවය අහෝසි කරන්න කියල. ඒ දහනවය ගැන හොඳින් හිතල ඇතිකර  ගත් මතයක් නොවෙයි. එය දළ අදහසක්. 

Wednesday 16 September 2020

වෙළඳාම සිංහලේ හා වහාබ් විරෝධී මුස්ලිමුන්

 වෙළඳාම සිංහලේ හා වහාබ් විරෝධී මුස්ලිමුන් 


සුමේධ වීරවර්ධනගේ කාත්තන්කුඩි ගමන ගැන හොඳ තමයි වැඩියෙන් කියැවුණෙ. එහෙත් ඒ ගැන දොස් කී අය ද සිටියා. ඇතැමුන් අසා තිබුණේ කාත්තන්කුඩියේ සහ අනෙක් පළාත්වල ඉන්න වහාබ් විරෝධීන් විශ්වාස කරන්න පුළුවන් ද කියා. එය ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ සමග ම අහන්න පුළුවන් රාජපක්‍ෂලා විශ්වාස කරන්න පුළුවන් ද කියා. සුමේධ විශ්වාස කරන්න පුළුවන් ද කියා. මා විශ්වාස කරන්න පුළුවන් ද කියා. 

Tuesday 15 September 2020

මාරාන්තික උපවාසවල මරණය

 මාරාන්තික උපවාසවල මරණය  


සුමේධ වීරවර්ධන කාත්තන්කුඩියෙ උත්සවයකට ගිහින් ඉතා හොඳ කතාවක් කරල. උත්සවය පවත්වල තියෙන්නෙ වහාබ්වාදයට විරුද්ධ පොතක් එළිදැක්වීමේ දි. වහාබ්වාදයට විරුද්ධ, වහාබ්වාදයට පෙර වූ මුස්ලිම් සංස්කෘතියෙ ජීවත්වන  මුස්ලිම් ජනයා කාත්තන්කුඩියෙත් ඉන්නවා. අප ඒ බව අමතක නොකළ යුතුයි. සියලු ආගම් එක සමාන යැයි හෝ හැම ආගමක ම උගන්වන්නේ එකම යැයි මා කියන්නේ නැහැ. ඒත් සිංහල බෞද්ධයන්ට අනෙක් බෞද්ධ විරෝධී නොවන ආගමිකයන් සමග සහජීවනයෙන් ඉන්න පුළුවන්. ඒ ගැන විස්තර පසුවට. 

Monday 14 September 2020

පළාත් සභා හා ඉන්දියාව

 පළාත් සභා හා ඉන්දියාව 

ඉන්දු ලංකා ගිවිසුම.

 ඉන්දු ලංකා ගිවිසුම.


1987 ජූලි මස 29 වැනි දින කොළඹ දී අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුම. මෙය සිංහලට පරිවර්තනය කිරීමට තරමක කාලයක් ගතවන නිසා ඉංගිරිසි පිටපත ම පළ කරනවා. බොහෝ දෙනා ඉන්දු ලංකා ගිවිසුම ගැන දන්නා නමුත් ගිවිසුම නොදන්නා බැවින් මෙය මෙසේ පළ කරනවා. මේ සම්බන්ධයෙනුයි අද ලිපිය ලියැවෙන්නේ. එතෙක් මෙය කියවා ගන්න.

Sunday 13 September 2020

විස්සට කමිටුවක් - අපි අඹ කමු

 

විස්සට කමිටුවක් - අපි අඹ කමු

 

තවමත් කිසිවකු පළාත් සභා පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ බලපෑමට බව කියන්න සාධකයක් ඉදිරිපත් කර නැහැ. අර ඊනියා මූලාශ්‍රයක් ගැනවත් කිසිවකු කියන්නේ නැහැ. සමහරු කියන්නන් වාලේ කියනවා ඉන්දියාවෙන් අහන්නෙ නැතිව පළාත් සභා අහෝසි කරන්න බැහැ කියා. මාත් කලින් හිතන් හිටියේ අප වරදකරුවන් කර ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටෙව්වා කියා. එහෙත් දැන් පළාත් සභා ගැන මට වෙනස් අදහසක් (හිතළුවක්) ඇතිවෙලා. එය හරියනවද වැඩකරනවාද කියල බලන්නයි මේ විස්තර (සාධක) ඉදිරිපත් කරන්න කියා කියන්නෙ.

Saturday 12 September 2020

පශ්චාත් එංගලන්ත කතාව

 


පශ්චාත් එංගලන්ත කතාව 


බටහිර විද්‍යාවේ ප්‍රධාන සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ (අනෙක නේචර්) අද (සැප්තැම්බර් 12) කලාපයේ ගුරුත්වජ කාච (gravitational lenses) හා මන්දාකිණි පොකුරු ගැන පත්‍රිකාවක් පළවනවා. ඉන් කියන්නේ මන්දාකිණි පොකුරුවල අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය මත පදනම් වූ විශ්වවේදයෙන් කියැවෙන ගුරුත්වජ කාචවලට වැඩි සංඛ්‍යාවක් ගුරුත්වජ කාච නිරීක්‍ෂණය කෙරී ඇති බවයි. මෙහි ඇති ඡායාරූපය ඒ පත්‍රිකාවෙන් ගත් එකක්. එහෙත් මෙහි ඇත්තේ පත්‍රිකාවේ දැක්වෙන ඡායාරූපයෙහි ප්‍රතිබිම්බයක්. 



Friday 11 September 2020

ලංකාව මියන්මාරය බෞද්ධ සම්ප්‍රදාය හා කිතුණුවන්

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ලංකාව මියන්මාරය බෞද්ධ සම්ප්‍රදාය හා කිතුණුවන් 


මා පසුගිය දා මෙසේ සඳහන් කළා. "කාට හරි කියන්න පුළුවන් ද අප පළාත් සභා සම්බන්ධ තීරණයක් ගන්න ඉස්සෙල්ල ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන ඇයි කියල”. ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීමට තව දවසක් දෙකක් කල් දෙන්න පුළුවන්. එක් අයකු අහල තිබුණා අප ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න අප එහි ප්‍රාන්තයක් ද කියල. ඒකත් ඇත්ත තමයි. නමුත් ප්‍රාන්තයක් නොවෙයි කීම ම ප්‍රමාණවත් නැහැ. අප ඉන්දියාව සමග පළාත් සභා ඇති කිරීම ගැන  යම්කිසි ගිවිසුමකට එළඹිලා  තියෙනවා ද කියා දැන ගැනීමටයි මට අවශ්‍ය වෙන්නෙ. දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර සපයන්න කියා ඉල්ලා සිටිනවා.

Thursday 10 September 2020

ප්‍රේමලාල් හා ගව ඝාතනය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ප්‍රේමලාල් හා ගව ඝාතනය


ප්‍රේමලාල් ජයසේකර දිවුරුම්දීමවත් මස් පිණිස ගව ඝාතනය තහනම් කිරීමවත් රටේ ඊනියා දැවෙන ප්‍රශ්න නො වෙයි. ප්‍රේමලාල් පමණක් නොව අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විශාල පිරිසක් මන්ත්‍රීවරුන් වශයෙන් දිවුරුම් දීමට සුදුස්සන් නො වේ. ඒ මගේ සදාචාරය අනුව. සදාචාරය සාපේක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මා එකී සියල්ලන් ම දිවුරුම් දීමට විරුද්ධයි. මේ පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නුසුදුසු අයගෙන් සමන්විත වනු ඇති බව මා කියා ඇත්තේ ජනාධිපතිවරණයටත් පෙර. 

Wednesday 9 September 2020

විස්සේ කොස්ස

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විස්සේ කොස්ස 


අද වන විට ද්විත්ව රටවැසියන්ට මෙරට  දේශපාලන වශයෙන් වැදගත් තනතුරු ලබා දිය යුතු යැයි කියන්නන් ගෙනෙන එක ම තරකය වී ඇත්තේ විවිධ දක්‍ෂතා ඇති දවිත්ව රටවැසියන්  මග හැරිය නොයුතු බවයි. ඔවුන්ට ඇලුම් පිළිබඳ ගැටුම ගැන කියන්න දෙයක් නැති බව පැහැදිලියි. ද්විත්ව රටවැසියන්ට දේශපාලන වශයෙන්  වැදගත් තනතුරු නොදිය යුතු බව කියන්නේ මේ ඇලුම් ගැටුම හා දෙවැනි රටට එකී ද්විත්ව රටවැසියන්ට බලපෑම් කළ හැකි ය යන කරුණු මත පදනම් ව. ඇලුම් ගැටුම බටහිර රටවල ඉන්න සිංහලයන්ට මැතිවරණවල දී ද බලපානවා. ඩෙමොක්‍රටික්/කම්කරු පක්‍ෂ ඉතා පැහැදිලි සිංහල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔවුන් දන්නවා. ඒ සිංහලයන් ඡන්දය දීමේ දී සැලකිය යුත්තේ තමන් පදිංචි රටේ සුභ සිද්ධිය ද නැත්නම් ලංකාවේ සුභ සිද්ධිය ද? 

පකිස්ථානය තර්කය හා ගර්ඩ්ල්

 

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9


පකිස්ථානය තර්කය හා ගර්ඩ්ල්


පකිස්ථානයේ සිදුවීමක්. ලංකාවේ සිදු වුණා නම්? බටහිර සිදු නොවන්නේ අනෙක් සියලු දෙනා නොමරා  මරා දමා ඇති බැවින් ද? බටහිරින් ඉගෙන ගන්නා අපි හිතන්නෙ පතන්නෙ නැති ඇවිදින මළකඳන් ද? ඊනියා තර්කය විසින් සිතීම මරා දමනු ලැබ ඇත් ද? ගර්ඩල් ප්‍රමේයේ සංස්කාරක ගර්ඩල් තර්කයෙන් දෙවියන් වහන්සේ ඉන්න බව පෙන්වා ඇත.  


https://www.msn.com/en-xl/asia/pakistan/pakistan-christian-man-sentenced-to-death-for-blasphemous-texts/ar-BB18OSkZ?ocid=msedgdhp

Tuesday 8 September 2020

විස්සෙන් විසි විය යුතු දේ

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විස්සෙන් විසි විය යුතු දේ


මට අද ලියන්න ඕන විස්ස ගැන. ඒත් ඊට ඉස්සෙල්ල පොඩිකාරණයක් කියන්න ඕන. මා අහගෙන හිටියා චතුර අල්විස් කියනවා කොවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ ආරක්‍ෂිත ම රටවල් සීයෙන් ලංකාව අනූදෙවැනි ස්ථානයේ පසුවෙනව කියල. මා නම් මේ ඊනියා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සතපහකට ගණන් ගන්නෙ නැහැ. ඕවා යම්කිසි නිර්ණායක මත පදනම් වෙලා කරන ඊනියා සමීක්‍ෂණවල ප්‍රතිඵල. ඉන්දියාව අපට වඩා ආරක්‍ෂක යැයි කියනවා නම් අපට අහන්න තියෙන්නෙ ආරක්‍ෂාව කියන එකෙන් අදහස් කරන්නෙ කුමක් ද, ඒ දැන ගැනීම සඳහා යොදා ගන්න නිර්ණායක මොනවද වගේ ප්‍රශ්න. ඒ ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරු අනුව ලකුණු දීමේ ක්‍රමයක් ඇති. 

Monday 7 September 2020

තෙල් නැවේ කතාව කාට කියන්න ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



තෙල් නැවේ කතාව කාට කියන්න ද?


කේ එම් පනික්කාර් කියන්නෙ ඉන්දියාවෙ වත්මන් විදේශ ප්‍රතිපත්තියෙ එක් නිර්මාපකයෙක්. ඔහු වත්මන් කේරළයේ උපන්නෙක්. කේරළයේ ම ඉපදුණු මෙනන් සමග එකට ඉගෙන ගත් අයෙක්. ඉන්දියාවෙ වත්මන් විදේශ ප්‍රතිපත්තිය කේරළ බ්‍රාහ්මණ වාංශිකයන් අතින් සකස් කෙරුණාය කියන එක අතිශෝක්තියක් විය හැකි වුවත් එහි ගත යුත්තක් තියෙනවා. පනික්කාර් තමයි කිව්වෙ ඉන්දියන් සාගරය කියන්නෙ ඉන්දියාවෙ සාගරය කියල. තෙල් නැව ගිනි ගත්තෙ ඉන්දියන් සාගරයෙ.

Sunday 6 September 2020

ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කාටද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ආණ්ඩුව වැට්ටවීමට අවශ්‍ය කාටද? 


2010 මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වැට්ටූ අය මේ ආණ්ඩුව ද වැට්ටවීමට කටයුතු කරන බවක් පේනව. ඔවුන් එසේ කරන්නේ වුවමනාවෙන් ම ආණ්ඩුව ගෙදර යැවීමට නොවූවත් ඔවුන්ගේ ක්‍රියා මාර්ග ඒ සඳහා තුඩු දෙනවා. ඔවුන්ට කිසිම ජාතිකත්වයක් නැහැ. ඔවුන්ට ඇත්තේ බලයේ සිටීමේ සහ අනාගතයේ දී තම පෞද්ගලික බලය තවත් වැඩි කර ගැනීමේ අපේක්‍ෂාව පමණයි. ඔවුනුත් පසුගිය මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඔවුන් බලා සිටියේ දෙමළ ජාතිවාදීන් මුස්ලිම් අන්තවාදීන් සහ සජිත් පිළේ කිහිප දෙනකුත් එකතු කරගෙන තුනෙන් දෙක ලබා ගන්න. 

Saturday 5 September 2020

ද්විත්ව රටවැසියන්, දෙපැත්තට ම අප්පුඩි ගැසීම හා ඩීල්

 සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




ද්විත්ව රටවැසියන්, දෙපැත්තට ම අප්පුඩි ගැසීම හා ඩීල්


ද්විත්ව රටවැසි ප්‍රශ්න (ප්‍රශ්නය නොවෙයි) එක් එක් අය එක් එක් විධියට සංස්කරණය කර ගෙන. එක් පඬියකුගේ ප්‍රශ්නය ඔය පිටරට ඉන්න දක්‍ෂ යැයි කියන අයගේ සේවය ලබා ගන්නේ කෙසේ ද යන්න. මා සිකුරාදා ලිපියේ මෙසේ සඳහන් කළා. "ද්විත්ව රටවැසියන් සමහර දෙනකුට විශේෂ දක්‍ෂතා ඇති බව සැබැයි. පඬි නැට්ටන්ට නොතේරුණාට මට අවශ්‍ය ඔවුන්ගේ සේවය රටට අහිමි කිරීම නො වෙයි. ද්විත්ව රටවැසියන්ට රටවල් දෙකකට පක්‍ෂපාති වීමට සිදුවෙනවා. අනෙක් රට ඔවුන්ට යම් බලපෑමක් කළොත් එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නයි ප්‍රශ්නය."

Friday 4 September 2020

ගෝඨාභයට ශක්තිය ලබා දීම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9


ගෝඨාභයට ශක්තිය ලබා දීම


විසිවැනි සංශෝධනය නීීිතිපති දෙපාර්තමේන්තුවෙන් අවසාන වශයෙන් කෙටුම්පත් කරන්න ඇති. එහෙත් එය කාගෙවත් නොව ගෝඨාභය රාජපක්‍ෂගෙ සංශෝධනයක්. මේ සංශෝධනයෙන් රාජපක්‍ෂ පවුලේ බලය වැඩිවෙනවා කියල සමහරු කියනවා. මට නම් එහෙම දෙයක් පේන්නෙ නැහැ. අගමැති බලතල කප්පාදු වෙලා. එය මහින්ද රාජපක්‍ෂගෙ බලතල කප්පාදුවක් නො වෙයි. දහනවවැනි සංශෝධනයෙ අරමුණ වුණෙ රාජපක්‍ෂලාගේ බලය නැති කිරීම වගේ ම සිරිසේනගෙ බලයත් නැති කිරීම හා රනිල්ගෙ බලය වැඩි කර ගැනීම. සම්මජාතියේ ඡන්දයෙන් ජනාධිපති වීමට නොහැකි බව දැන සිටි රනිල් අගමැතිගෙ බලය වැඩි කෙළෙ එමගින් තමන්ට බලය ලබා ගැනීමට. 

Thursday 3 September 2020

දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ කා විසින් ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ කා විසින් ද?


ඇතැම් දෙමළ ජාතිවාදීන් කියනවා ආණ්ඩුව උතුරු පළාතේ සිංහල ජනයා පදිංචි නොකළ යුතු ය කියා. ඔවුන් කියන්නේ තමන් සිංහල ජනයා යාපනයට හා වෙනත් ප්‍රදේශවලට පැමිණ ඉඩම් මිල දී ගැනීමට විරුද්ධ නැති නමුත් ආණ්ඩුව සිංහලයන් පදිංචි කරනවාට විරුද්ධ බවයි. බැලූ බැල්මට එය ඉතා සාධාරණ ප්‍රකාශයක් ලෙස හැඟී යන්න පුළුවන්. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් ඒ ප්‍රකාශය ගැන තම එකඟත්වය පළ කරාවි. 

Wednesday 2 September 2020

අක්තපත්‍ර පිළිගැන්වීම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



අක්තපත්‍ර පිළිගැන්වීම 


මා ඊයේ බිනර පොහෝ දා මියන්මාරයේ ජනාධිපතිතුමාට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මගේ අක්තපත්‍ර පිළිගැන්නුවා. එය මෙපමණ කල් ගියේ කොවිඩ් නිසා. කොවිඩ් පැතිරී යෑමෙන් පසු වෙනත් තානාපතිවරයකු මියන්මාරයට පැමිණ නැහැ. එමෙන් ම කොවිඩ් නිසා ඔවුන් අක්තපත්‍ර භාරදීමේ දී අනුගමනය කරන පිළිවෙතත් තරමක් වෙනස් කර තිබුණා. උත්සවයට සහභාගි වීමට අවසර ලැබී තිබුණේ ඉතාමත් සීමිත පිරිසකට. මියන්මාරයේ ලංකා තානාපති කාර්යාලයේ වෙනත් කිසිම නිලධාරියකුට සහභාගි වීමට අවසර තිබුණේ නැහැ.  

Tuesday 1 September 2020

සිංහරාජ, ආනවිලුන්දාව හා විල්පත්තුව

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



සිංහරාජ, ආනවිලුන්දාව හා විල්පත්තුව 


ආනවිලුන්දාව ගැන ජනාධිපති සනත් නිශාන්ත ඇමතිවරයා අමතල. ඇමති කියනවලු ඒක තමන්ගෙ ඡන්දදායකයකුගෙ වැඩක් ඒකෙන් පරිසරයට හානියක් වෙන්නෙ නැහැ කියල. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ පරිසර කතාව අද විහිළුවක් වෙලා. යම් ව්‍යාපෘතියකින් පරිසරයට හානියක් වෙනව ද නැත් ද කියල තීරණය කරන්නෙ කොහොම ද? තීරණය කරන්නෙ කවුද? ජනාධිපති යනව ද හැම තැනම තීරණය කරන්න අදාළ ව්‍යාපෘතියෙන් පරිසරයට හානියක් වෙනවා ද කියල දැන ගන්න. එහෙම නැත්නම් ජනාධිපති පරිසර කමිටුව කියල ඊනියා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල තීරණ ගැනීමේ බලය ඒ කමිටුවට පවරනවා ද?