Main Logo

Wednesday 31 August 2016

උසස් පෙළ ද බුර්කාව ද

උසස් පෙළ ද බුර්කාව ද


මුස්ලිම් ශිෂ්‍යාවන් පිරිසක් උසස් පෙළ පරීක්‍ෂණයට බුර්කා හෙවත් හිසේ සිට පතුළ දක්වා වැසෙන ලෙස වූ ඇඳුමක් ඇඳ ගෙන ඇවිත්. ඒක ඇන්දම ඇස් විතරයි පේන්න තියෙන්නෙ. ඇතැම් මුස්ලිම් රටවල බුර්කාව ඇඳීම අනිවාර්යයි. ඇතැමුන්ට අනුව බුර්කාව ඇඳීම ෂර්යා නීතියේ කොටසක් බවට පත්කළ යුතුයි.  ඔවුන් කියන්නේ ස්ත්‍රීන්ගේ මුහුණ පෙන්වීම වෑරදිවලට තුඩු දිය හැකි බැවින් මුහුණ වසාගෙන ගමන් බිමන් යා යුතු බවයි. ඒත් ගෙදරදි බුර්කාව ඇඳීම අවශ්‍ය වන්නේ නැහැ. ඇතැම් මුස්ලිම් රටවල බුර්කාව වෙනුවට හිජාබ් නම් හිස්වැස්මක් පළඳිනවා. එයින් මුහුණ වැසෙන්නේ නැහැ.

Tuesday 30 August 2016

ඩිල්ශාන් මතුකරන නායකත්ව ප්‍රශ්නය

ඩිල්ශාන් මතුකරන නායකත්ව ප්‍රශ්නය

ඩිල්ශාන් ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. සමුගෙන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එකෙදි කියපු සියල්ල ගැන මා දන්නේ නැහැ. මා පදනම් වෙන්නේ ලැබෙන තොරතුරු මත පමණයි. ඔහු කියා තිබුණා මැතිවුස්ගේ කොන්දෙ අමාරුවක් ගැන, මහේල හා සංගක්කාර ගැන. මේ අය ගැන මගේ එතරම් ප්‍රසාදයක් කොහොමටත් නැහැ. ඔවුන් දක්‍ෂ ක්‍රීඩකයන් වෙන්න පුළුවන්. ඒහෙත් ඔවුන්ට අර්ජුනගේ නායකත්ව ගුණ නැහැ. අර්ජුන පසුව මොනවා කළත් රට වෙනුවෙන් ක්‍රීඩා කළා. මේ අය කටින් මොනවා කිවුවත් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නොවෙයි තමන් වෙනුවෙන්. ඔවුන් තමන් වෙනුවෙන් වාර්තා වෙනුවෙන් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරන කොට රටත් දිනන්න පුළුවන්. දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් සේවය කරනවා කිවුවත් සේවය කරන්නෙ තමන්ට හා පවුලට. අර්ජුන දේශපාලනයට නොගොස් ක්‍රීඩාවේ ම සිටියා නම් රටට වැඩක් වෙන්න තිබුණා.

Monday 29 August 2016

මළවුන්ගේ අවුරුදුදා


මළවුන්ගේ අවුරුදුදා

ශ්‍රී ල නි ප මියගියේ ඒ ආප්ප රාත්‍රියෙහි ය. එනම් දැනට අවුරුදු දෙකකට පමණ පෙර ය. හෙට අනිද්දා පැවැත්තෙන ශ්‍රී ල නි ප සම්මේලනයක් ගැන ප්‍රවෘත්ති පළවෙනවා. දැන් සංවත්සර පවත්වන්නට ශ්‍රී ල නි පක්‍ෂයක් නැහැ. කුරුණෑගල දී පැවැත්වෙන්නේ මළවුන්ගේ  අවුරුදු දා සැමරුමකි. එදිනට එයට  සහභාගි වනු ඇත්තේ දේශපාලන වශයෙන් මියගිය අය හා ඇතැම් විට එ ජා ප භූතාත්ම ය. මළවුන් සැමරීම සඳහා කළයුත්තේ මතක බණක් කීම දානයක් දීමයි. රනිල් ලවාම මතක බණක් කියවා ගන්න පුළුවන්. ඔහුට ඒ සඳහා මාතෘකා ගණනාවක් ම තිබෙනවා.. රාජපක්‍ෂ රෙජිමය, හොරකම්, වයි ෆයි, ෆෝක්ස්වාගන්, මෛත්‍රිපාලයන්ගේ ක්‍රිකට් ජය ආදිය මගේ මතකයට එනවා. මා කතාකරන්නේ මහා බැංකු හොරකම හා ඕස්ටේ‍ර්ලියානු හොරකම් ගැන විතරක් නොවෙයි. ශ්‍රී ල නි ප ලේකම් ඉස්සීම, බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකිරීම,  සිංගප්පුරු වසන්තය, එට්කා ගිවිසුම, එෆ්සීඅයිඩී නාඩගම, මාමයි බෑණයි වගේ මාතෘකා බර ගණනක් රනිල්ට තිබෙනවා. දානය දෙන්නේ කාට ද කියන එක මහජනයාට තීරණය කරන්න දෙන එක හොඳයි.

Sunday 28 August 2016

ක්වොන්ටම් විවරණයක්

ක්වොන්ටම් විවරණයක්

බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්ය කිව්ව ම බොහෝ දෙනකුට කේන්ති යනවා. ඒ ගැන එක එක්කෙනා පඬි කතා කියනවා. බටහිර විද්‍යාව අද ලෝකයේ ම ආධිපත්‍යය දරන්නේ ඒක ඇත්ත කියලා හිතන්න පුරුදු කරල තියෙන නිසාත් බටහිරයන්ගෙ දේශපාලන ආධිපත්‍ය නිසාත්. බටහිර විද්‍යාව කියන්නෙ තවත් දැනුමක් පමණයි. මිථ්‍යා කියල අද සමාජයෙ කියැවෙන්නෙ බොහෝ වෙලාවට අපේ දැනුමට. අපේ දැනුම පහතට දැමීමට බොහෝ දෙනාට අවශ්‍යයි. ඒ බටහිර අධ්‍යාපනයක් ලබපු අය. ඔවුන් බටහිරයන්ගෙ ඒජන්තයන්, වහලුන් හැටියට කටයුතු කරන්නෙ. සමහරවිට ඔවුන් ඒ බව නොදන්නවා වෙන්න පුළුවන්. තමන් වහලුන් බව නොදත් වහලූන් කොතරම් සංඛ්‍යාවක් ලෝකෙ ඉඳලා තියෙනවා ද? ඔවුන්ට නාථ දෙවියන් වහකදුරු වගේ.

Saturday 27 August 2016

ෂ්රොඩිංගර්ගේ බළල්ලු හා මිනිස්සු

ෂ්රොඩිංගර්ගේ බළල්ලු හා මිනිස්සු


ෂ්රොඩිංගර්ගේ බළලා කතාව ගැන විවිධ අය විවිධ දේ කියනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක දී ලණ්ඩනයේ පළවන නිව් සයන්ටිස්ට් සඟරාවට මා කෙටි සටහනක් යැවුවා. එය අගෝස්තු 27 වැනි දා කලාපයේ සංස්කාරකට ලිපි යටතේ පළකර තිබෙනවා. මා මෙය මෙසේ පළකරන්නේ අප සඳහන් කරන දේ ද බටහිරයන්ගේ සැලකිල්ලට ලක්වන බව කීමට. මා මේ සම්බන්්ධයෙන් දි අයිලන්ඩ් පුවත්පතට ලියූ ලිපි මෙරට කිසිවකු සතපහකට ගණන් ගත්තේ නැහැ. කලකට ඉහත කෝනල් විශ්වවිද්‍යාලයේ  arXiv පළවු ලිපි දෙකක් ද අවශ්‍ය අයකුට කියවීම සඳහා මෙහි ලකුණු කරනවා.

තල්මස් දඩයම

තල්මස් දඩයම


එක්සත් රාජ්‍යවල වයඹ අන්තයේ ම ජීවත් වූ මකා ජනතාවගේ සංස්කෘතිය තල්මසුන් සමග සම්බන්ධයි. ඔවුන්ගේ සංස්කෘතියේ සතුන් හා මිනිසුන් අතර එක්තරා විධියක සමානත්වයක් තිබුණා. සතුන් සමග කතාකළ හැකි වූ මුතුන් මිත්තන් ගැන ඔවුන් කියනවා. මා මේ දැනගත්තේ චාලට් කෝට්ගේ පොත කියවීමෙන්. මට මතක් වුනේ කාවන්තිස්ස රජු වැනි අය. සතුන් කී දේ තේරුම්ගැනීමට හැකි වූ අය ගැන අපේ සංස්කෘතියේත් කියැවෙනවා. ජාතක පොතේ කතාකළ සතුන් ගැන සඳහන් වෙනවා. ඒ සතුන් සමග සන්නිවේදනයක් ගැන කියවෙන්නෙ. අපට හත්වැනි පන්තියේ සිංහල ඉගැන්වූ ගුරුතුමා ජාතක කතාවක් ගැන කියලා දෙන ගමන් ඇහුව්වා සතුන්ට කතාකරන්න පුළුවන් ද කියලා. අබෞද්ධයකු වූ ඔහු ඉන් බලාපොරොත්තු වුනේ ජාතක කතා බොරුයි කියලා කියන්න. අප යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හුරු කෙරුවෙ ඒ විධියට. සංසාර පුරුද්දට වෙන්න ඕන ඊට අවුරුදු විසිපහකට විතර පස්සෙ මට ඒ සංස්කෘතියෙන් කැඩෙන්න පුළුවන් වුනා.

Friday 26 August 2016

අලි කරුණාව

අලි කරුණාව

බෞද්ධ පෙරහැරවලට අලි ගෙන යෑමෙන් ඔවුන්ට සිදුවන හිරිහැරයක් ගැන කරුණාවක් මතුවෙලා. කොච්චර ද කියනව නම් යුනෙස්කො ලොක්කියකුටත් අලි ගැන කරුණාව ඇතිවෙලා. මේ තවත් සංස්කෘතික උච්චාධිපත්‍යයක් මිසක් කරුණාවක් නොවෙයි.  ඇංග්ල්කන් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශ්‍ය වෙලා තියෙනවා මුළු ලෝකෙම තමන්ගෙ සංස්කෘතිය පතුරුවන්න. අශ්වයන්ට නැති කරුණාවක් බල්ලන්ට නැති කරුණාවක් සත්වෝද්‍යානවල ඉන්න සතුන්ට නැති කරුණාවක් අලි ගැන ඇතිවෙන්නෙ මොකද කියලා ඇහුවට උත්තරයක් හම්බවෙන්නෙ නැහැ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි නැත්නම් කෙටියෙන් ඇංග්ලිකන් සංස්කෘතියට අවශ්‍යයි අනෙක් සංස්කෘතීන් නැති කරන්න. නැත්නම් තමන්ගෙ අණසක යටතෙ පවත්වාගෙන යන්න. අලි කරුණාව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම සඳහා ගන්නා තවත් පියවරක් පමණයි.

Thursday 25 August 2016

බෙදා පාලනය කිරීම


 බෙදා පාලනය කිරීම

  • සමහරුන් හිතන්නෙ මා බටහිර දැනුම සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කරනවා කියලා. ඒ වගේ මත ප්‍රචාරය කරන්නෙ එක්කෝ මා කියන දේ හරියට තේරුම් නොගෙන. එහෙම නැත්නම් සමාජයට වැරදි චිත්‍රයක් දෙන්න. ඒක මා ජාතිවාදියකු යැයි කියනවා වගේ. මේ කතා දෙක අතරෙ සම්බන්ධයක් තියෙනවා. මේ කතා ප්‍රචාරය කිරීමෙන් වාසි වෙන්නෙ කාට ද? වාසිය වෙන කාහටවත් නොවෙයි බටහිරයන්ට. මා උත්සාහ ගන්නෙ අද ලෝකය පුරා ම ඇති බටහිර යටත්විජිතවාදයේ සංස්කෘතික, දේශපාලන හා ආර්ථික සංරචක පෙන්වීමටයි. ඒ මිසක් බටහිර ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවෙයි. බටහිර දැනුමත් මා යොදා ගන්නවා. එසේ නොමැතිව මේ ලිපිය මුහුණු පොතට එක් කරන්නේ කොහොම ද?

Wednesday 24 August 2016

නැති අවස්ථිති රාමු


නැති අවස්ථිති රාමු

කාලෙකින් බටහිර විද්‍යාවෙ සංකල්ප ගැන කතාකරන්න බැරිවුනා. නිවුටන්ගෙ බලය පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව කලින් ලිපියක කියා ඇති. ගුරුත්වාකර්ෂණ බලයත් පංචෙන්ද්‍රියවලට ගෝචර වන්නේ නැහැ. ඒක අපට දැනෙන්නේ නැහැ. ඒත් බටහිර විද්‍යාවෙ කතාකරන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර දේ ගැන. ඔවුන් පටන් ගන්නෙත් ඉවර කරන්නෙත් පංචෙන්ද්‍රිය ගෝචර දේවලින්. බටහිර යථානුභූතවාදීන්ට (පොසිටිවීිස්ට්ස්) අනුව පවතින දේ පංචෙන්ද්‍රිය ගෝචර විය යුතුයි. බටහිරයන් පශ්චාත් යථානුභූතවාදය, පශ්චාත් නූතනවාදය, පශ්චාත් ව්‍යුහවාදය ආදිය ගැන කතාකරනවා. පශ්චාත් කියන වචනෙම තියෙන්නෙ බංකොළොත් බවක්. මේ වචන වැඩියෙන් ම භාවිතා වෙන්නෙ බටහිර සමාජයීය විද්‍යාවල.

Tuesday 23 August 2016

සුරදූතයන් මතුකරන ප්‍රශ්න



සුරදූතයන් මතුකරන ප්‍රශ්න

විග්නේස්වරන් ගෙන්නපු ගුවන් හමුදා ශාන්තිකර සුරදූත වෛද්‍යවරුන් (http://www1.kalaya.org/2016/08/blog-post_94.html) විස එන්නත් පරීක්‍ෂාව ප්‍රතික්‍ෂෙප කරලා ඔවුන්ට අවශ්‍ය උපකරණ නැහැ කියලා. ඒක ඇත්ත හේතුව ද කියලා හිතන්න අමාරුයි. ඔවුන් ආවේ මේ පරීක්‍ෂණ කරන්නත් එක්ක. ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව අතුල් කේෂප් විග්නේස්වරන්ට ඒ වෛද්‍යවරුන් එවන බවට එකඟවෙලා තිබුණා. ඔවුන් ආපහු යන්නට ඇතැයි කියා සිතනවා. එහෙත් ප්‍රශ්න රාශියක් ඉතිරිවෙලා. පළමුවෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන දරපු ස්ථාවරය මොකක් ද? ඔවුන්ගේ පක්‍ෂවල වෙබ් අඩවි ඒ ගැන එතරම් විරෝධයක් පළ කෙළේ නැහැ. ඔවුන් ඒකෙ බරපතළ කම දැක්කෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ නීතිඥයන් ගොඩ පෙරකදෝරවෙකු වූ මා කී දේ සතපහකට ගණන් ගත්තෙ නැද්ද? මා අන්තවාදියකු ද? ජාතිකවාදියකු වුවත් අන්තවාදියකු නම් ඔහු අතේ දුරින් තබාගත යුතු ද?

දෙවනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ ගැන මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ. එන්නත් කතාව පැත්තකින් තබන්න. පිටරට වෛද්‍යවරුන් ලංකාවේ වෙදකම් කිරීමට පෙර අවසරයක් ලබාගත යුතු නැද්ද? නැත්නම් වෛද්‍ය සභාව ඉදිරියේදීවත් ඒ ගැන කිසිවක් කිරීමට බලාපොරොත්තු වන්නේ ද? වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා අසනීප වෙලා කියලා දැනගන්න ලැබුනා. සමහරවිට ඒ නිසා රැ්ස්වීමක් තබාගැනීමට නොහැකි වූවා ද කියා දන්නේ නැහැ. ලංකාවේ බටහිර වෛද්‍යවරයකුට හෝ වෛද්‍ය කණ්ඩායමකට හෝ යම්කිසිවකුගේ ආරාධනයෙන් බටහිර රටකට ගොස් තෝරාගත් පිරිසකට හෝ පොදුවේ හෝ කිසි අවසරයක් නොගෙන වෙදකම් කළ හැකි ද? මෙරට වෛද්‍ය සභාව අදාළ කොන්දේසි (නිර්ණායක) ගැන නැවත සිතා බලන්නේ ද? වෛද්‍ය සභාව පිහිටුවන්න යන ඉංජිනේරු සභාව වගේ වැඩ කරන එකක් නැහැයි කියලා හිතනවා. ඉංජිනේරු සභාවට රනිල්ගෙන් ම දහතුන් දෙනකු පත්කරන්න යනවා. එවිට ඉතිරිවන්නේ හතර දෙනයි. ඔය සභාව රැකියා නැති ඉන්දියානු ඉංජිනේරුවන්ට මෙරට සේවය කිරීමට අවසර දීම සඳහා ද? මෙරට පාලනය කරන බටහිර හා ඉන්දියන් තානාපතිවරුන් යහපාලන නඩේට වඩා ඉහළින් ඉන්නවා.
  
තවත් ප්‍රශ්න තිබෙනවා. මේ වෛද්‍ය කණ්ඩායම ලංකාවට පැමිණියේ කාගේ ආරාධනයකින් කාගේ අවසරයකින් ද? මා නම් විශ්වාස කරන්නේ නැහැ ආණ්ඩුව මේ ගැන නොදැන සිටියා කියා. උතුරු පළාතේ ආණ්ඩුකාරයා නම් ඒ වෛද්‍යවරුන් පැමිණීම ගැන කැමැත්තක් දක්වන්නේ නැති බවක් පෙනෙන්නට තිබෙනවා. ඔහු ඒ ගැන දන්නෙවත් නැතිව ඇතීි.  ඔහු කියා තිබුණේ මේ වෛද්‍ය සායන සඳහා ලංකාවේ දෙමළ වෛද්‍යවරුන් සිටිය දී පිටරටින් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැති බව. එයින් කියැවෙන්නේ ආණ්ඩුූකාරයා සිංහල බටහිර වෛද්‍යවරුන් ඒ සායන පැවැත්වීමට අකමැති බව ද? නැත්නම් මහාඇමති සිංහල වෛද්‍යවරුන්ට අකමැති වේවි කියා එසේ කීවා ද?   

කොහොමටත් පළාත්සභාවල බලතල ගැන ප්‍රශ්න මතුවෙනවා. උතුරු පළාත් සභාව තමන්ට එ ජා ප මාමයි බෑනයි දී ඇති බලතලවලටත් එහා යන බව පැහැදිලියි. බුදු පිළිම වහන්සේ ඉවත්කිරීමට තීරණය කෙළේ කිනම් බලතල අනුව ද? යම් ආකාරයකින් ගුවන් හමුදා වෛද්‍යවරුන් ගෙන්වීමට රජය අවසර දී නොතිබුණා නම් විග්නේස්වරන් අතුල් කේෂප් එක්ක ඒ ගැන කතා කෙළේ කොහොමද?ාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු මොන බලතල යටතේ ද? හිටපු විනිසුරු විග්නේස්වරන්  අපට පැහැදිලි කරනවා ද? අඩුම තරමින් ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතටවත් කියනවා ද?  අපට දැන් ඒ පත්තරයත් කියවන්න වෙලා.

විදේශ කටයුතු සම්පුර්ණයෙන් ම රජයට අයත් කටයුත්තක්. විදේශ සමග ගිවිසුම් අත්සන් කරන්න පුළුවන් රජයට විතරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය හා එහි වෙනත් ආයතන සමග ගනුදෙනු කරන්න පුළුවන් එහි නියෝජනය කරන්න පුළුවන් රජයට විතරයි. ඒත් ඒවා එහෙම ම වෙන්නෙ නැහැ. එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ ලෝකය පාලනය කරන්න බටහිරයන් තනාගත් තවත් ආයුධයක් පමණයි. රුසියාවට හා චීනයට ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයත් නිෂේධ බලයත් නොතිබෙන්නට අපට කතාකරන්නවත් ඉඩක් නැහැ. ඊනියා මානව හිමිකම් කොමිසමේ කොටින්ටත් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.

උතුරු පළාත් සභාව වැඩ කරන ආකාරය ගැන පුළුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කෙරෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගිහින් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් ද කියලා හොයලා බලන්න ඕන. මේ ඔක්කොටම වැඩියෙන් ජනතාව මේ ප්‍රශ්න ගැන දැනුවත් කරන්න ඕන. ජනමාධ්‍යවලට එතනදි ලොකු කාර්යභාරයක් ඉටුකරන්න තියෙනවා. ඒත් අපට පඬියන් නොවන ජනමාධ්‍යවේදීන් කී දෙනකු සිටිනවා ද? අනෙක් අතට ආණ්ඩුවත් රාජ්‍ය විරෝධීව ව්‍යවස්ථාවට පිටීින් කටයුතු කරනවා නම් උතුරු පළාත් සභාව ගැන මොනවා කියන්න ද?  ගුරා හිටගෙන කරන කොට ගෝලයා දුව දුව කරනවා කියලා තියෙන්නෙ කට කහනවට නොවෙයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා

2016 අගෝස්තු 23














Saturday 20 August 2016

ශාන්තිකර සුරදූතයා



ශාන්තිකර සුරදූතයා



ශාන්තිකර සුරදූතයා හෙවත් පැසිෆික් ඒන්ජල් මෙහෙයුම දැන් යාපනයේ ක්‍රියාත්මක වෙනවා. එය අගෝස්තු 17 සිට 22 දක්වා පැවැත්තෙවනවා. මෙහි ඇමරිකානු එක්සත් රාජ්‍යයන්ට අමතරව නේපාලය, බංග්ලාදේශය වැනි රටවල අය ද සිටින බව කියැවෙනවා. ඉංජිනේරුවන් වෛද්‍යවරුන් ආදීන් ඒ මෙහෙයුමේ සිටින බව අගෝස්තු 19 වැනි දින දි අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවක් අනුව පැහැදිලියි. ඇඑරා මේ මෙහෙයුම යාපනයේ ක්‍රියාත්මක කරන එක අපට හිතාගන්න පුළුවන්. ඒ සඳහා විවිධ හේතු දේවි. ඒත් මොණරාගල දිස්ත්‍රික්කයට යෑමට ශාන්තිකර සුරදූතයා හිතලා නැහැ. පසුව හිතාවිද දන්නේ නැහැ.

Friday 19 August 2016

එන්නත් පරීක්‍ෂාව නීතියෙන් පුළුවන් ද

එන්නත් පරීක්‍ෂාව නීතියෙන් පුළුවන් ද

ඇඑරාවල (ඇමරිකානු එක්සත් රාජ්‍යවල) තානාපති අතුල් කේෂප් ඔවුන්ගේ ගුවන් හමුදා භටයන් කිහිප දෙනකු සමග යාපනයට ගිහිල්ලා. ඒ අය එල් ටී ටි ඊ සාමාජිකයන් කිහිප දෙනකුට විස එන්නත් කරලාද කියලා පරීක්‍ෂණයක් කරන්න යනවා. ඒ කියන්නෙ මේ හමුදා භටයන් අතර බටහිර වෛද්‍යවරුන් ද ඉන්නවා කියන එක. මේ තානාපතිගෙ සහ තවත් තානාපතිලගෙ මෙරට දේශපාලනයෙහි කරන ඇඟිලි ගැසීම් ගැන කලින් සඳහන් කළා. අතුල්, ඩික්සිත්ටත් එහා යන්න පුළුවන් (http://www1.kalaya.org/2016/08/blog-post_17.html). අතුල් ඉන්දීය සම්භවයක් ඇති එරා (එක්සත් රාජ්‍ය) තානාපතිවරයෙක්.  ලංකාවෙ එක එක විධියෙ අතුලල ඉඳලා තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහත් අතුල කෙනෙක් ගැන කියනවා. ඒ අතුල නමින් තවත් ලොකු පොඩි අතුලලත් බිහිවුනා. මේ සමහර අතුලල සිංහල බෞද්ධයන්ට විරුද්ධයි. 

Thursday 18 August 2016

මාලබේට කළ යුත්ත

මාලබේට කළ යුත්ත

ඇතැමුන් පෞද්ගලික වෛද්‍ය උසස් අධ්‍යාපනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි ද කියන එකට  පිළිතුරක්  නැහැ. ඒ හැඟීමෙන් පමණක් කරන දෙයක්. හැඟීම් සංස්කෘතිය මත ද ඇති වෙනවා. සිංහල බෞද්ධයකුට සතකු මැරීමක් ගැන ඇති වන හැඟීම මුස්ලිම් භක්තියකුට ඇතිවන හැඟීමට වඩා වෙනස්. ඒත් සිංහල බෞද්ධයන් ද අද මසුන් මැරීමේ යෙදෙනවා. දෙමළ ජනයාට සිංහලයන්ට විරුද්ධව හැඟීමක් ඇති කර තිබෙන්නේ දෙමළ වෙල්ලාල ප්‍රභූන්. එය ක්‍රිස්තියානි පසුබිමක් ඇති වෙල්ලාල ප්‍රභූන් විසින් ඇතිකරන ලද්දක්. එය විශේෂයෙන් ම ඇති කෙළේ ඇංග්ලිකන් ක්‍රිස්තියානියේ දකුණු ඉන්දීය පල්ලියක බැතිමතකු වූ චෙල්වනායගම් විසින්. වෙල්ලාල ප්‍රභූන්ට ඒ හැඟීම ඇතිකෙළේ ලන්දේසීන් හා පසුව ඉංගිරිසින්. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නයට ප්‍රභූන්ටවත් සාමාන්‍ය දෙමළ ජනයාටවත් පිළිතුරක් දෙන්න බැහැ. ඒත් ඔවුන් ඉංගිරිසින්, දැන් බටහිරයන් හා ඉන්දියාව, විසින් සිංහලයන්ට විරුද්ධව මෙහෙයවෙනවා. 

Wednesday 17 August 2016

තානාපති ඇඟිලි ගැහීම්

තානාපති ඇඟිලි ගැහීම්

ලංකාවෙ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මෙරට දේශපාලනඥයෙක් වෙලා. අප ඇමරිකාව කියලා කිව්වට එහෙම රටක්   ලෝකෙ නැහැ. ඇමරිකාව කියන්නෙ මහාද්වීපයක්, ඕන නම් උතුරු අමෙරිකාව හා දකුණු ඇමරිකාව කියලා කඩන්න පූළුවන්. අප ඇමරිකාව කියලා කියන්නෙ එක්සත් ජනපදවලට.  ඒ්කට එක්සත් ජනපද කියන එකත් වැරදියි. ඒක එක්සත් රාජ්‍ය වෙන්න ඕන. ඒ රාජ්‍ය කිහිපයක් එකතුවෙලා හැදුණු රටක් නිසා. ඉංගිරිසියෙන් කියන්නෙ යුනයිටඩ් ස්ටේටස්. දැන් යූඑස් කියලත් කියනවා. ඉස්සර ලංකාවෙ සමහරු කිවුවෙ ස්ටේට්ස් යනව කියලා. එංගලන්තෙන් නිදහස ලැබෙන කොට තිබුණෙ රාජ්‍ය දහතුනක්. පස්සෙ අනෙක් රාජ්‍ය එකතු කරගෙන. කැලිෆෝනියාව ඉස්සර ස්පාඤ්ඤයට අයත්. එහි තාමත් ස්පාඤ්ඤ ලක්‍ෂණ දකින්න පුළුවන්. මේ කතාව පස්සෙ කියමු.

Tuesday 16 August 2016

අතුරුදහන් කාර්යාලය වර්ජනය කරමු

අතුරුදහන් කාර්යාලය වර්ජනය කරමු

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවන්නේ ජෙනීවා යෝජනාවක් අනුව බව පැහැදිලියි. මේ ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවූයේ ම මෙවැනි ආයතන ඇතිකිරීම සඳහායි. බටහිරයන් මේ ආණ්ඩුව පිහිටුවූයේ මහින්දගෙන් හා රණවිරුවන්ගෙන් පළිගැනීමට. 2009 මුල එංගලන්තය හා අනෙක් බටහිර රටවල් කියන දේ අහල මහින්ද කටයුතු කළා නම් අදත් ඔහු ජනාධිපති . ඒ දවස්වල අප අරාබි වසන්ත ගැන කිවුවට කවුරුන්වත් ඒ ගැන ඇහුම්කන් දුන්නෙ නැහැ. මහින්ද පරාජය කරන්න බටහිරයන්ට  ඔහු ඝාතනය කරන්නට ඕන වුනේ නැහැ. අරාබි රටවල වගේ නොවෙයි මෙහේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තවමත් තියනවා. ඒ නිසා මැතිවරණයකින් මහින්ද (රනිල්ට බටහිරයන් උගන්නපු වචනවලට අනුව රාජපක්‍ෂ රෙජිමය) ගෙදර යවන්න බටහිරයන් කටයුතු කළා. මේවට කුමන්ත්‍රණ කියන එක වැරදියි. මේ තම ලෝක ආධිපත්‍යය රැකගැනීමට බටහීිරයන් ක්‍රියාකරන අන්දම.

Monday 15 August 2016

මේ සිංහල අපගෙ රටයි

   මේ සිංහල අපගෙ  රටයි


‍ මාලබේ ප්‍රශ්නයට අපි පස්සෙ එමු. අඩු තරමෙන් තර්ක කරන්නවත් ඉගෙන ගන්න පුළුවන් වේවි. මේ හැම ලිපියක ම තර්ක කරන්න ඉගැන්වෙනවා. ඒත් අපට යම් මතයක් ගැන කියන විට ඒ සියල්ල අමතක වෙනවා. ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු. නන්දා මාලිනී මේ රටේ ඉන්න ප්‍රබුද්ධ ගායිකාවක් ලෙසයි සැලකෙන්නෙ. ප්‍රබුද්ධ කියලා කියන්නෙ ප්‍රබුද්ධයන් ඒ වචනෙ පාවිච්චි කරන අර්ථයෙන්. එහෙම කිව්වම කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. මට වෙලාවකට හිතෙනවා ප්‍රබුද්ධ කියන එක බුද්ධ කියන එකට වඩා ඉහළ ද කියලත්. අපි ඒක පැත්තකින් තියමු. කොහොමත් මා නම් ප්‍රබුද්ධ නැහැ. ඇයි කියලා ඕනම මාක්ස්වාදියකුගෙන් අහන්න.
නන්දා මාලිනී කාලෙකට ඉස්සර මේ සිංහල අපගෙ රටයි කියලා ගීයක් ගැයුවා. එයට ඉතාමත් ප්‍රබුද්ධයකු වූ සුචරිත සුපිරි ට්‍රොට්ස්කිවාදී ගම්ලත් සහෝදරයා විරුද්ධ වුනා. ඔහුත් සිංහල මහාචාර්යවරියක වූ පියසීලී විජේගුණසිංහ සහෝදරියත් අතරෙ සාහිත්‍ය විචාරය ගැන නොමියෙන වාදයක් ඒ දවස්වල තිබුණා. දැන් දෙදෙනාම මියගිහින් වාදයත් මියගිහින්. ගම්ලත් ඒ ගීතය සිංහල ස්වෝත්තමවාදී කියලා දෙන්නම් බැටේ විචාරයක් කළා. ප්‍රබුද්ධ නන්දා ගීය ගායනා කිරීම නැවැත්තුවා. මා දන්නෑ දැන් ගායනා කරනවාද කියලා. ගම්ලත් මියගියාට තවත් අතිප්‍රබුද්ධයන් මේ රටේ ඉන්නවා. මට මේ ගීතය මතක් වුනේ ළඟදි කියවපු ලිපියක් නිසා. ඒ ලිපිය මෙරට දෙමළ ජාතිවාදය විකාශය ගැන ලියපු එකක් නොවෙයි. ඒත් ඒකෙන් කියැවුනෙ රනිල්ගෙ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ, ලක්‍ෂමන් වික්‍රමසිංහ ඇංග්ලිකන් බිෂොප්ගෙ සහෝදරයා, කලක් ලේක්හවුස් අධිපතියා, රාජ්‍ය භාෂා පනත විකෘත කරලා ප්‍රචාරය කරපු අන්දම. රාජ්‍ය භාෂා පනතෙන් කියැවුනෙ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බව. එස්මන්ඩ් වික්‍රමසිංහ ඒක ප්‍රචාරය කෙළෙ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරපු විධියට.
සිංහල රාජ්‍ය භාෂාව කියන එකේ හා සිංහල පමණක් රාජ්‍ය භාෂාව කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. 1815න් පස්සෙ රටේ රාජ්‍ය භාෂාව වුනේ ඉංගිරිසි. ඊට ඉස්සර සිංහල. දැන් පඬියකු අහන්න බැරි නැහැ ඒ කාලෙ රාජ්‍ය භාෂා පනතක් තිබුණ ද කියලා. නැහැ ඒ දවස්වල පනත් තිබුණෙ නැහැ. රටේ වැඩ කෙරුනෙ සිංහල සිරිතට අනුව. ඒවා බලා කියා ගන්න සිරිත් ලේනා කියලා කෙනෙක් හිටියා. කාට හරි ඕන නම් එයාට නීතිපති කියන්න පුළුවන්. රාජ්‍ය භාෂාව කියන සංකල්පය නැතිවුවත් ඒ කාලෙත් රජයට වැඩ කරන්න භාෂාවක් තිබුණා. ඒ සිංහල. යාපනේ ආර්ය චක්‍රවර්තිලාත් වැඩ කෙළේ සිංහල බස මුල් තැනේ තියලා. 1566 පෘතුගීසින් හා ආර්ය චක්‍රවර්ති රජු අතර ගිවිසුම කෙටුම්පත් කරලා තිබුනෙ සිංහලෙන් හා පෘතුගීසි භාෂාවෙන්. ඒකෙ දෙමළ තිබුණෙ නැහැ. යාපනයේත් සෙල්ලිපි තියෙන්නෙ සිංහලෙන්. එංගලන්තෙ තාමත් රාජ්‍ය භාෂා පනතක් නැහැ. ඒත් රාජ්‍ය භාෂාව ඉංගිරිසි. ඇමරිකාව ස්පාඤ්ඤ භාෂාවට බයේ ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කරල අවුරුුදු දහයක් විතර ඇති. ඒත් කෙනඩිත් වැඩ කෙළේ ඉංගිරිසියෙන්, ඇමරිකන් ඉංගිරිසියෙන්.
රාජ්‍ය භාෂාව 1815 දි සිංහලෙන් ඉංගිරිසියට මාරු වුනා. ඒකටත් බ්‍රවුන්රිග් පනතක් ගෙනාවෙ නැහැ. ඒත් 1931න් පස්සෙ ඒ වගේ වැඩට පනත් ඕන කියලා සුද්දන් කියලා තිබුණා. ඒ අනුව සිංහල නැවතත් රාජ්‍ය භාෂාව කරන්න පනතක් ඕන වුනා. 1956 රාජ්‍ය භාෂා පනත ගෙනාවෙ ඒකට. එතන දි දෙමළ රාජ්‍ය භාෂාව කරන්න කිසිම වුවමනාවක් තිබුණෙ නැහැ. ඓතිහාසික වශයෙන්වත්, ජනගහනය අනුවවත් එහෙම අවශ්‍යතාවක් තිබුණෙ නැහැ. එස්මන්ඩ් වික්‍රමසිංහගෙ සිංහල පමණක් කියන කතාවෙන් සිද්ධ වුනේ දෙමළත් රාජ්‍ය භාෂාව කරන්න ඕන නමුත් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළා කියලා ප්‍රචාරය වීූම. දෙමළ ජාතිවාදයට ඒ වන විටත් අවුරුදු සිය ගණනක්. එස්මන්ඩ් දෙමළ ජාතිවාදී ගින්නට පිදුරු දැම්මා. රටේ භාෂා දෙකක් තිබුණට එක භාෂාවටයි රාජ්‍ය භාෂාව වෙන්න සුදුසුකම තිබුණෙ. එස්මන්ඩ් එක පෑන් පහරින් ඒ සුදුසුකම දෙමළටත් දුන්න.
මේ සිංහල අපගෙ රට කිවුවම ඒකෙ තියෙන්නෙ වෙන අර්ථයක්. සිංහල පිළිබඳ මහාචාර්ය වෙලා හිටිය ගම්ලත්ට තේරෙන්න ඕන ඒකෙන් මේ සිංහල අපගෙ පමණක් රට කියලා කිවුවෙ නැති බව. නන්දාට තවත් සිංහල මහාචාර්ය කෙනකු වූ සුනිල් ආරියරත්නගෙන් ඒ බව අහගන්න තිබුණා. සුනිලුත් සරුංගල් ඇරපු අයෙක්. සිංහලයන්ට මේ සිංහල අපගෙ රටයි කියලා කියන්න බැරි මොක ද? ඒකෙන් කියැවෙන්නෙ නැහැ මේ රට දෙමළ රටවැසියන්ගෙ රට නොවන බව. ව්‍යංගයෙන්වත් කියැවෙන්නෙ නැහැ එහෙම එකක්. හැබැයි සිංහලයන්ට වෙන රටක් නැති බව නම් කියැවෙනවා. නන්දා ගයන්නෙ නැත්තන් ඉන්දිකා උපමාලි ගයන ගීතයවත් අහලා ඒ පිළිබඳ නිගමනයකට එන්න.
සිංහල රාජ්‍ය භාෂාව කෙරුවෙ ඉංගිරිසිය පන්නන්න. බණ්ඩාරනායක මහත්තයා දෙමළට නිසි තැන දෙන පනතකුත් ගෙන ආවා. මේ සිංහල අපගෙ රටයි කිවුවෙ රටේ වරුණෙ කියන්නයි අප ඉපදෙන මැරෙන රට මේක බව කියන්නයි. එත් සිංහල විරෝධීන් ඒවට වෙනම අර්ථකථන දුන්න. එස්මන්ඩ් සිංහල භාෂාවට විරුද්ධව දෙමළ ජනයා උසිගැන්නුව. ගම්ලත්ට ඒක කරන්න බැරිවුනා. සිංහල දෙමළ කෝළාහලවලට එස්මන්ඩ්ු වග කියන්න ඕන. 1983 ජූලි කලබලවලට ජේ ආර් හා එ ජා ප වග කියන්න ඕන. එස්මන්ඩ් හා ජේ ආර් අවසන් වශයෙන් කෙරුවෙ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජනයාට ආයුධ සැපයීම. අද රනිල් එයත් කරන අතර එයටත් වඩා දුර ගිහින් රට සිංහලයන්ට අහිමි කිරීමට සැරසෙනවා.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
 https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 අගෝස්තු 15

Sunday 14 August 2016

මාලබේට විරුද්ධ ඇයි?

මාලබේට විරුද්ධ ඇයි?

මට තියෙන ලොකුම ශක්තිය තමයි නැතිවෙන්න දෙයක් නැතිවීම. මට යම් යම් දේ නැති බව නොවෙයි මෙයින් කියන්නේ. ඒවා නැතිවීම මට ප්‍රශ්නයක් නොවන බවයි. ඒ නිසා මට යම් පිළිගැනීමක් කිහිප දෙනකු අතර තිබුණත් ඒකත් නැතිවීම ප්‍රශ්නයක් නොවෙයි. මට මා හිතන දෙයක් කියන්න පෞද්ගලික ව ප්‍රශ්නයක් නැහැ. මාලබේ වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නය ගැන මා කියන්නේ බොහෝ දෙනා ඒ පිළිබඳ ව මට විරුද්ධ වන බව දැන දැනමයි. එය මට ප්‍රශ්නයක් නොවෙයි. ඇතැම් ප්‍රතිචාරවලින් ඒ විරුද්ධත්වය දැක ගත හැකි වූවා. ඒත් රටට හා ජාතියට ප්‍රශ්නයක් ඇති වේ යැයි මා සිතන සමහර දේ මා ප්‍රකාශ කරන්නේ නැහැ. මාලබේ ප්‍රශ්නය නිසා රටට හා ජාතියට බලපෑමක් නැහැ.

Saturday 13 August 2016

ව්‍යවස්ථා සංශෝධනයක්

ව්‍යවස්ථා සංශෝධනයක්

වැසිකිළියේ කරන දේ කෑම සාලයේ දී කරන්නේ නැහැ කියලා කතානායක කියලා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කරු ජයසූරිය යටතේ පාර්ලිමේන්තුව මොකක් ද කියන එක. ඒ ඒ අය ඒ ඒ විධියට හිතාගන්නවා ඇති. ලංකාවෙ ඇමරිකන් තානාපති කොහොම හිතනව ද කියලා අප දන්නේ නැහැ. බටහිරයන් ලංකාවට එන්නෙ මොහොකට  යනව කියලා හිතාගෙන ද? මේ ඉන්දියන් සම්භවයක් ඇති තානාපති තමන්ගෙ සුවච සේවකයන්ට කියනවා ඇමරිකන් කාරයො කියන විධියට ගුඩ් ජොබ් කියලා. සමහරවිට ග්‍රේට් ජොබ් කියන්නත් ඇති. ඇමරිකන් සංස්කෘතියෙ අතිශයොත්තිය මමායනය දකින්න පුළුවන්. ඔවුන් මේ ඊනියා ජාතික ආණ්ඩුව පත්කරගත්තෙම මේ වගේ ගුඩ් ජොබ් කරන්න තමයි. අප ඒ දවස්වල ඒ බව කියන විට අද ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න අය ගණන් ගත්තෙ නැහැ. අද ඇමරිකානුවන්ගෙන් තිස් ලක්‍ෂයක් පමණ ඉන්දීය සම්භවයක් ඇති අය. ඔවුන්ගෙන් සමහරු ඇමරිකාවෙ ඉහළ තනතුරුවල ඉන්නවා.

Friday 12 August 2016

තවත් ද්‍රෝහි පනතක් සම්මතයි

තවත් ද්‍රෝහි පනතක් සම්මතයි

නිදහස් අධ්‍යාපනය ගැන කිව යුතු තවත් දේ තිබුණත් ඊයේ සම්මත වූ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ගැන සඳහන් කළ යුතු වෙනවා. මේ පනත ඉන්දු ලංකා ගිවිසුම හා ඒ ඇසුරෙන් ගෙන ආ පළාත් සභා පනත වගේ ම ද්‍රෝහී පනතක්. ද්‍රෝහී පනත් සම්මත කරගන්නේ එ ජා පක්‍ෂයේ හෝ එම පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් ඇති ආණ්ඩුවලින්.  ඒ් එ ජා ප මෙරටට ද්‍රෝහී පක්‍ෂයක් නිසා. එහෙම කිව්වම සමහරු කියයි එ ජා ප නෙවෙයි ද ලංකාවට නිදහස දිනාගත්තෙ කියලා. ඒ දිනාගත්ත නිදහස ප්‍රධාන වශයෙන් ම මෙවැනි පනත් සම්මත කර ගැනීමට මිස වෙනත් දෙයකට නො වෙයි. මේ පනත ජාත්‍යන්තරය යැයි කියාගන්නා බටහිර රටවල් හා ඉන්දියාව අපට පැටවූ එකක්. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලෙන් පැටවූයේ ඉන්දියාව. ඒ පිටුපස එංගලන්තය ඇමරිකාව හා අනෙක් බටහිර රටවල් හිටියා. අපේ ස්වෛරීභාවයට බලපාන කරුණු සිදුවන්නේ අපට වුවමනා අන්දමට නොවෙයි. ඒත් අප සිතනවා අපට එ ජා ප යටතේ නිදහස ලැබුණා කියලා. අපට ඇත්තේ සීමිත නිදහසක්. මේ සීමිත නිදහස පවා අප යොදාගෙන ඇත්තේ බණ්ඩාරනායක (කුමාරතුංග නොවේ) හා රාජපක්‍ෂ ආණ්ඩු සමයේ දී පමණයි. බටහිරයන් අපට දී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්‍ෂණයක් වන්නේ බටහිරයන්ට අවශ්‍ය එහෙත් අපට වින කරන ආණ්ඩු පත්කිරීමට අපට පවරා ඇති ඡන්ද බලයයි. මේ ප්‍රජාතන්ත්‍රවාදය එක් පැත්තකින් සියතින් ගෙල සිඳගැනීමේ නිදහසක්. 

Thursday 11 August 2016

නිදහස් අධ්‍යාපනය ගැන සිතමු

නිදහස් අධ්‍යාපනය ගැන සිතමු

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනයට පහරක් වැදුනා. ඒ ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන උපාධියක්, එනම් කොළඹ විශ්වවිද්‍යාලයේ වෙදකම් හා සැත්කම් පිළිබඳ උපාධිය මුදලට ගැනීමට සූදානම් වූ නිසා. ඒත් මාලබේ විද්‍යාලය නිදහස් අධ්‍යාපනයට පහරක් නොවෙයි. ඒ කියමනට අකමැති අය ඉන්න පුළුවන්. ඒ අය මට විරුද්ධව ලියාවි. මා අරයගෙ මෙයාගෙ අතකොළුවක් කියලත් කියාවි. ඒත් මා ලියන්නේ ඒ ඒ අය සතුටු කිරීමට නොවෙයි. මෙය අප තවත් පැහැදිලි කරගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ කුමක් සඳහා ද? හතළිහේ දශකයට පෙරත් කන්නන්ගර මහතා ඉගෙන ගන්නට පෙරත් සුද්දන්ගෙ කාලෙ ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුණා. සුද්දන් එන්න පළමුව මෙරට තිබූ අධ්‍යාපනයට කවුරුවත් ගෙවුවේ නැහැ. අඩු තරමෙන් රජයවත් ගෙවුවේ නැහැ. ඇත අතීතයේ මහාවිහාරය හා අභයගිරිය රජුගේ ආධාර ලැබූ බව ඇත්ත. ඒ දාන මාන ආදියෙන්. වැටුප් හැටියට නෙවෙයි. කෝට්ටෙ කාලෙත් එහෙමයි. අපේ සංස්කෘතියේ අධ්‍යාපනය අනෙක් දෙයින් වෙන්කර තිබුණේ නැහැ. ඔබ මේ ලිපි කියවීමෙන් යමක් ඉගෙන ගන්නවාද දන්නේ නැහැ. ඉගෙන ගත්තත් මට කවුරුන්වත් ඒ සඳහා ගෙවන්නේ නැහැ. මා බලාපොරොත්තුවන්නේත් නැහැ. මගේ ජීවිතයේ ඉගෙනීම, ඉගැන්වීම, කියා දෙකක් නැහැ. මහාවිහාරයේ හරි අභයගිරියේ හරි අද කියන අර්ථයෙන් නිදහස් අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඒ කියන්නෙ ඒ කාලෙ ගෙවලා ඉගෙන ගත්ත කියන එක නොවෙයි.

Wednesday 10 August 2016

මාලබේ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට පෙරවදනක්

මාලබේ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට පෙරවදනක්

මාලබේ වෛද්‍ය විද්‍යාලය ප්‍රශ්නය ගැන කතාව බොහොම හැඟීම් අවුස්සන එකක්. ඒක මාලබේ කඩය කියලා තමයි පටන්ගන්නෙ. මේ රටේ තියෙන්න ඔක්කොම අධ්‍යාපන කඩ තමයි. ඒ කඩවල තියෙන්නෙ ඒකාධිකාරයක්. බටහිර අධ්‍යාපනය විතරයි ගන්න තියෙන්නෙ. ඔය සමහරු කතාකරන භාෂාවෙන් නම් තේරීමක් (චොයිස් එකක්) නැහැ. මේ කඩ අනුන්ගෙ බඩු විකුණන කඩ. සමහර කඩ ආණ්ඩුව ගානෙ පවත්වගෙන යනවා. ඒවට අප ඔක්කොම එකතුවෙලා ගෙවනවා. ඒ හින්ද තම තමන් ගෙවන මුදල ඉතාමත් සුළුයි. ඒ අතර දරුවන් ආධාරක (ටියුෂන්) පංති යනවා. ඒවට තමන් ම ගෙවනවා. කොළඹ ළමයි පුත්තලමෙන් නුවරඑළියෙන් උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටිනවා. මේ අවුල ගැන කතාකරන්න ලිපි පෙළක් ලියන්න වෙයි. 

Tuesday 9 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 6

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 6

අප එකිනෙකා කණ්ඩායමක් ලෙස ක්‍රියා නොකරන බව මා ඊයේ කීවා.මෙහි දී තවත් කරුණක් කිව යුතුයි. මනුෂ්‍ය නොවන  ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීමේ දී ද අප පරෙස්සම් විය යුතුයි. මේ ප්‍රාණීන් බොහා් විට භූතයන්. ඔවුන් ද පෘථග්ජන බව මා කියා ඇති. ඔවුන් අතින් වැරදි සිදුවනවා පමණක් නෙවෙයි. ඔවුන් හිතාමතාත් වැරදි කරනවා අප නොමග යැවීමට. අප ඔවුන් කියන දේ ගැනත් නිතර පරීක්‍ෂාවෙන් සිටිය යුතුයි. මා පොදුවේ බටහිරයන්ගෙන් හා විශේෂයෙන් බටහිර විද්‍යාවෙන් ඉගෙන ගත් දෙයක් තමයි ස්වයං ප්‍රතික්‍ෂෙප කිරීම හා කළමනාකරණය. ඒ ගැන අපි පසුව විස්තරාත්මක ව කතාකරමු.

Monday 8 August 2016

වකුගඩුව පක්ෂ දේශපාලනයට ලක්කිරීම 5

වකුගඩුව පක්ෂ දේශපාලනයට ලක්කිරීම 5

ඉන්දීය සම්භවයක් ඇති ඇමරිකානු තානාපති අපේ ව්‍යවස්ථාව හදන්න උදවු වෙන්න යන වෙලාවෙ, අපේ හමුදාවත් සමග සහයෝගයෙන් කටයුතු කරන්න යන වෙලාවෙ ඒවා ගැන කතා නොකර කෘවරෝගය ගැන මේතරම් කතාකරන්නෙ මොකද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මේ ඔක්කොම ඇමරිකන් ආධිපත්‍යයෙ ප්‍රතිඵල. ඇමරිකාව අද බටහිර ලෝකයෙත් මුළු ලෝකයේත් ආධිපත්‍ය දරණවා. බටහිර ක්‍රමයට අවශ්‍ය පහසුකම් වැඩිය තියෙන්නෙ ඇමරිකාවෙ. ඒ නිසාමත් චන්නට තමන්ගෙ පර්යේෂණ සමහරක් කැලිෆෝනියාවෙ වි්ශ්වවිද්‍යාලයක කරන්න සිද්ධ වුනා. බහුජාතික සමාගම්වල විතරක් නෙවෙයි බටහිර දැනුමේත් ප්‍රධාන මධ්‍යස්ථාන තියෙන්නෙ චීනයේවත් ජපානයේවත් නෙවෙයි බටහිර රටවල. බටහිර ක්‍රමය අනුගමනය කරන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමන්ගෙ නොවන මතවාද හා අදහස්වලටත් ඉඩ දීම. මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක් කියලා හිතන්න එපා. ඔවුන් ඒවට ඉඩදීලා ඒවා පාලනය කරනවා. ඔවුන් ඒ කරන හැටි දන්නවා. ලංකාවේ අපේ මතවාද ගැන දෙවියන් භූතයන් ගැන කතාකරන්න ඇති නිදහසට වඩා නිදහසක් ඇමරිකාවෙ ස්වදේශිකයන්ගෙ මත, අදහස්, පර්යේෂණ විධික්‍රම ගැන කතාකරන්න තියෙනවා. පහුගිය දවස්වල ඇමරිකාවෙ ස්වදේශික උගතුන් ලියූ පොත් කිහිපයක් ම මට කියවන්න ලැබුණා. ඔවුන් දැනුම ලබාගැනීමේ විධික්‍රම ලෙස තම සිහින, අමනුෂ්‍ය ප්‍රාණීන්, සාමුහික අත්දැකීම්, උත්සව, සැණකෙළි ආදිය ගැන කතාකරනවා. ඒත් ඉතා පැහැදිලි කරුණක් තියෙනවා. පර්යේෂණ විධික්‍රම ගැන කතාකරන කොටම මේ ස්වදේශික උගතුන් බටහිරට යටවෙලා. ඔවුන්ට විශ්වවිද්‍යාලවල මහාචාර්ය පදවි ලැබෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාලවල අපේ චින්තනය ගැන කතාරන්න නිදහසක් නැහැ. අපේ විශ්වවිද්‍යාලවල උගතුන්ට බැහැ අපේ චින්තනයට ඉඩ දීලා ඒක පාලනය කරන්න. ඒ එක් පැත්තකින් ඔවුන් හරිහමන් බටහිර විද්‍යාඥයන් නොවන නිසා. ඒ නිසා හොඳකුත් තිබෙනවා. අප බටහිර චින්තනයට යටවෙන්නෙ නැහැ. ආණ්ඩුව යටවුනත් අවසානයේ දී අප අපේ ව්‍යවස්ථාවවත්් හමුදාවවත් බටහිරට යටකරන්නේ නැහැ. 

Sunday 7 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 4

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 4

වකුගඩු රෝගය නමින් අප හඳුන්වන්නේ කෘෂිරසායනික වකුගඩු රෝගය බව නිතර මතක තබාගන්න ඕන. ඒකට හේතුව වෙනත් වකුගඩු රෝග ද තිබෙන නිසා. පහසුව සඳහා මෙතැන් සිට අප නමේ මුලකුරු මගින් කෘවරෝ කියා හඳුන්වනවා. කෘවරෝ ගැන අදහස් ප්‍රචලිත වන විට ඇතැම් දේශපාලනඥයන් ඒ ගසා කෑමට උත්සාහ කළා. ජාතික හෙළ උරුමය එහි දී ප්‍රධාන වූවා. මේ අය කිසිවකු ප්‍රධාන ප්‍රශ්නය වූ දැනුම් ආධිපත්‍යයට අත ගැසුවේ නැහැ. ජාතිකත්වයක් නැති එහෙත් දේශපාලනය සඳහා කෘර ලෙස ඔවුන් කෘවරෝ යොදා ගත්තා. චන්නගේ පොතේ උත්සවය පිටුපස ද දේශපාලන පක්‍ෂයක් හා අනාගත සිහින දකින අය සිටිනවා. 

Saturday 6 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 3

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 3

මා ලිවීමට බලාපොරොත්තුව සිටි සමහර කරුණු දැනටමත් ප්‍රතිචාර ලෙස ලියැවිලා. ඒත් තව බොහෝ කරුණු කියන්න තියෙනවා. එයට පෙර වෙනත් කරුණක් කිව යුතුයි. මෛත්‍රිපාලටයි දුමින්දටයි රටට කරන්න පුළුවන් සේවය තමයි මහින්ද ඇතුළු අනෙක් අය මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයෙන් අස්කිරීම. ඔවුන් මේ අත ගගා සිටින්නේ නඩුවක පැටළෙන්නේ නැතිව මහින්දලාගේ මන්ත්‍රීකම් නැතිකරන්නයි. මන්ත්‍රීකම් නැතිකළත් කමක් නැහැ. ඔය පාර්ලිමේන්තුවේ කාලය දැන් නීතියෙන් කෙසේ වෙතත් අවසන්. ඒත් තවමත් රනිල්ට තුනෙන් දෙකේ බලයක් තියෙනවා. ඒ නිසා පනත් සම්මත කරගන්න හිතනවා ඇති. ඒ වුනත් දැන් බලය උරගා බැලෙන්නේ මහාපාරේ. මහින්දලා අස්කරාම ජාතික සංවිධානයක් ගොඩනැගේවි. එය අප කියන ප්‍රමාණයට ජාතික වෙන එකක් නැහැ. ඒත් ඒකෙ වරදක් නැහැ. චන්නගේ උත්සවයේත් ප්‍රධාන ම අඩුපාඩුව තමයි ඒකෙ ජාතිකත්වය වෙනුවට ව්‍යාජ සමාජවාදයට තැන දීම. බහුජාතික සමාගම්වලට පහර ගැසීමෙන් පමණක් වකුගඩුව හොඳ වෙන්නේ නැහැ. එසේ කිරීම වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීමක්.

Friday 5 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 2

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 2

මෙහි පළමු කොටසට ප්‍රතිචාර රාශියක් ලැබිලා. මත ප්‍රකාශ කිරීම හොඳයි. ඒත් එය දේශපාලනඥයන්ගෙ මට්ටමට ගෙන යන්න එපා. පාද යාත්‍රාව ගැන පැවැත්වෙන වාද විවාද ගැන සලකන්න. ඒවා හූවක්වත් වටින්නෙ නැහැ කීම හූවටත් කරන අගෞරවයක් වෙන්න පූළුවන්. ඇතැම් අය මා ලියූ පොත් ගැන අසා තිබුණා. ඒ පොත් බොහොමයක් මුද්‍රණයේ නැහැ. සහරවිට නුගේගොඩ කියවන නුවණ පොත්හලේ හෝ සරසවි පොත්හලේ හෝ තියෙන්න පුළුවන්. මේ මාතෘකාව ගැන හෙට තවදුරටත් කියන්න කලින් කරුණු දෙකක් පැහැදිලි කරන්න ඕන. පළමුවෙන් කියන්න ඕන මේක ගෞරවය පිළිබඳ කතාවක් නොවන බව. මගේ නම හරි ප්‍රියානිගෙ නම හරි ප්‍රියන්තාගෙ නම හරි කියැවෙන්න ඕන එහි ඉතිහාසය සඳහන් කිරීමේ දී යම්කිසි පිළිවෙළකට. (චන්නට නැතත් ඇතැමුනට ඉතිහාසය අමතක කරන්න ඕන වෙලා) ඒ ගෞරවයක් සඳහා නොවෙයි. ඉතිහාසය සංදර්භය අපට වැදගත්. මේක විශ්වවිද්‍යාලවල කරන දේශන වගේ වෙන්න බැහැ. ඒ දේශන පවත්වන්නෙ ඉතිහාසයක් නැතිව වගේ. නිව්ටන්ගෙ චලිත නියම ගැන ඉගැන්වෙන්නෙ නිව්ටන්ට කලින් කිසිම දෙයක් වුනෙ නැති විධියට. නිව්ටන්ගෙ දෙවැනි නියමයෙන් පළමුවැනි නියමය ලබාගන්න පුළුවන්. ඇයි එහෙනම් පළමුවැනි නියමයක්. ඒ ඇරිස්ටෝටල්ගෙ චලිත නියම වැරදි කියලා කියන්න. ඒක විශ්වවිද්‍යාලෙ කියලා දෙන්නෙ නැහැ. අපේ ක්‍රමයෙ සංදර්භයට ඉතිහාසයට තැනක් දෙනවා. බුදුහාමුදුරුවන්ගෙ සූත්‍රවල සංදර්භයක් තියෙනවා. අඩු තරමෙන් ඒක ඉගෙන ගනිමු.

Thursday 4 August 2016

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 1

වකුගඩුව පක්‍ෂ දේශපාලනයට ලක්කිරීම 1

චන්න ජයසුමනගේ වකුගඩු සටන පළවෙලා. ඒ දොරට වැඩීමට මහින්ද, ගෝඨාභය, ජී එල්, ගම්මන්පිළ, අමරසේකර ආදීන්  සහභාගි වෙලා. මා ඒ බව දුටුවේ දෙරණ නාලිකාවෙන්. දෙරණත් වකුගඩු සටනේ ඉන්නවා. ඒකෙදි කතාකරන්න තිබුණු අයගෙන් තුන්දෙනකුගෙ, අනුරුද්ධ පාදෙනිය, වසන්ත බණ්ඩාර, චන්න ජයසුමන බටහිර වෛද්‍යවරුන්ගෙ කතා කොටස් පමණයි දෙරණෙ ප්‍රචාරය වුනෙ. මූලාසනේ සිටි පූජ්‍ය ඕමාරෙ කස්සප අනුනායක හාමුදුරුවන්ගෙ අනුශාසනාවෙනුත් කොටසක් ප්‍රචාරය වුනා. අනෙක් දෙදෙනාගේ, විජේරත්න සකලසූරියගේ හා මතුගම සෙනෙවිරුවන්ගේ කතා ප්‍රචාරය වුනේ නැහැ. නාලිකාවකට ඔක්කොම කතාවල කොටස් ප්‍රචාරය කරන්න බැහැ. ඒත් මේ වාර්තාව බලන කොට මට අතීතය මතක් වුනා. ඒ සියල්ල කියන්න බැහැ. මගේ අතීතය ගැන ඒ තරම් හොඳක් කියන්නත් නැහැ. ඒත් ඒ සියල්ල බැරිවුනත් ටිකකවත් කියන්න ඕන. ජනමාධ්‍ය නැතිවුනත් අද සමාජයීය මාධ්‍ය මගින් පණිවුඩය යවන්න පුළුවන්. චන්නට දෙරණට හා තවත් අයට වකුගඩු සටන පිළිබඳ ගෞරවය ලැබෙන්න ඕන.

Wednesday 3 August 2016

ජාතික දේශපාලනයක් සඳහා

ජාතික දේශපාලනයක් සඳහා 

ජාතික දේශපාලනයක් කිරීමට හොඳ ම පසුබිම සකස් වෙලා. ඒත් ඒ කරන්නේ කොහොම ද? මෙරට දේශපාලනය පක්‍ෂ මත පදනම් වෙලා. එපමණක් නෙවෙයි. මුහුණු පොතේ පළවන ලිපි හා වෙනත් දේට කැමැත්ත පළකරන්නේත් පක්‍ෂ දේශපාලනය මත. ඇතැමුන්ට ඒ සඳහා පක්‍ෂවලින් අණ ලැබෙනවා. ඒ අණ ලැබෙන්නේ උපදෙස් හැටියට. ජ වි පෙරමුණ එවැනි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා. ඒ පක්‍ෂයෙන් විවිධ අවස්ථාවල කැඩී ගිය කණ්ඩායම් ද ඇත්තේ ඒ පිළිවෙතේමයි. 

Tuesday 2 August 2016

පාද යාත්‍රාව ගැන පා සටහනක්

පාද යාත්‍රාව ගැන පාද සටහනක්

චන්ද්‍රිකාට, ෆයිසර් මුස්තාෆාට, හැරිසන්ට හා තවත් අයට අනුව ඉතා අසාර්ථක පාද යාත්‍රාවක් අවසන් වෙලා. පොලිස්පති ඒ ගැන මුකුත් කියලා නැහැ. කවුදෝ කියලා තිබුණ පාද යාත්‍රාවෙ දෙදහක්වත් හිටියෙ නැහැයි කියලා. චන්ද්‍රිකා කියනවා එයාගෙ පාද යාත්‍රාව තරම් සාර්ථක නැහැයි කියලා. ඒත් එයාගෙ පාද යාත්‍රා මොනවද කියලා කිවුව නම් හොඳයි. 1992 දි මහින්දගෙ පාද යාත්‍රාවකට බලෙන් ගොඩවෙලා චන්ද්‍රිකා බැනුම් අහපු හැටි නම් හුඟ දෙනෙකු දන්නවා. ජ වි පෙ අනුර පඬි කතා කියලා තිබුණා. මේ කවටයන්ගෙ කතා අනුව වුවත් පැහැදිලි වන්නෙ පාද යාත්‍රාව අතිශයින් ම සාර්ථක බවයි.

Monday 1 August 2016

සමාධියට ගල් ගසන්නේ කවු ද?

සමාධියට ගල් ගසන්නේ කවු ද?

චන්ද්‍රිකා කුමාරතුංග පාද යාත්‍රාවට විරුද්ධව පොලිසියට පැමිණිලි කරලා. ඒ පාද යාත්‍රාවේ ගමන් කරන අය හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට ගල් ගසා විය කියායි. පොලිසිය ඒ පැමිණිල්ල ඉතා බැරෑරුම් ව අරගෙන. ඒ පොලිස්පතිවරයා ඉතා අපක්‍ෂපාත නිසා ද චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියක් නිසා ද ඒ දෙක ම නිසා ද වෙනත් හේතුවක් නිසා ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වෙතත් සමාධිය අසල පොලිස් සේනාංකයක් නැවැත්වීමට පියවර ගෙන තිබුණා.