Main Logo

Thursday 31 December 2020

පැණියෙන් සිහි විකල් වූ සිංහල මධ්‍යම පංතිය

 පැණියෙන් සිහි විකල් වූ සිංහල මධ්යම පංතිය

අනාගන්න එක හොඳ වෙන වෙලාවලුත් තියෙනවා. බත් කන්න ගියාම අනාගත්තෙ නැත්තන් මොකද වෙන්නෙ. බත් ටිකක් වෙන ම කාලා එක එක වෑන්ජනේ වෙන වෙන ම කෑවොත් අර කියන්න වගේ රහක් නැහැ. ඉංගිරිසින් නම් සාමාන්‍යයෙන් කන්නෙ වෙන වෙන ම. ඒ වැඩේට ගෑරුප්පුවයි පිහියයි ගැලපෙනවා. හැඳි ගෑරුප්පුවලින් කන්න පුරුදු වුණෙ ආසියාවෙ ද කියල හිතෙනවා. සිංහලයන් ද මෑතක් වන තුරු ඇතැම් අවස්ථාවල හැඳි ගෑරුප්පුවලින් බත් කැව. පිහියෙනුයි ගෑරුප්පුවෙනූයි අනාගන්න බැහැ නොවැ. ඒත් මෑතක ඉඳලා මධ්‍යම පංතියෙ අය ගෑරුප්පුවෙන් කොහොම හරි අනාගන්න හදනවා. ඉස්සර මධ්‍යම පංතියට ටිකක් හරි නිර්මාණ ශක්තියක් තිබුණ. ගෑරුප්පුවයි පිහියයි වෙනුවට අඩු තරමෙන් ගෑරුප්පුවයි හැන්දයි පාවිච්චි කළා. දැන් මධ්‍යම පංතියට එච්චරවත් නිර්මාණශීලී වෙන්න බැහැ.

Wednesday 30 December 2020

උඳුවප් පෝයේ වැදගත්කම, අත්හැරීම හා අත් නොහැරීම

 

උඳුවප් පෝයේ වැදගත්කම, අත්හැරීම හා අත් නොහැරීම



ඊයේ උඳුවප් පොහෝ දා. සිංහල බුද්ධාගමට වෙසක් පොසොන් මෙන් ම උඳුවප් පොහොය ද වැදගත් වෙනවා. බුදුදහම අද ලෝකයේ සසුනක් ලෙස පවතින්නේ සිංහල බුද්ධාගම නිසයි. සිංහල බුද්ධාගම නොවන්නට ථෙරවාදය දිය වී යන්නට තිබුණා. මියන්මාරයේ සිට කාම්බෝජය දක්වා වූ කලාපයේ ථෙරවාදය පවතින්නේ සිංහල බුද්ධාගම නිසයි. අප නොකීවාට ඒ රටවල සිංහල බුද්ධාගම යන්න කියැවෙනවා, යොදා ගැනෙනවා.

Tuesday 29 December 2020

මෙතෝදිස්ත සභාවේ රිච්මන්ඩ් විදුහල

 

මෙතෝදිස්ත සභාවේ රිච්මන්ඩ් විදුහල

 

රිච්මන්ඩ් විදුහල සමග මට විශේෂ සම්බන්ධයක් නැහැ. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ පළමු වසරේ මගේ කාමර සගයකු ඇතුළු මිතුරන් ගණනාවක් ඒ පාසලේ ඉගෙනුම ලබා තියෙනවා. එවැනි සම්බන්ධකම් වෙනත් පාසල් සමගත් තියෙනවා. රිච්මන්ඩ් විදුහලේ ඉතිහාසය ගැන මට ලියන්න හිතුණේ දැනුම ලබා ගැනීමේ ක්රමයක් ලෙස මනුෂ්ය නොවන ප්රාණීන්ගේ ද උපකාරය ලත් තවත් අවස්ථාවක් සඳහා උදාහරණයක් ලෙස එය ඉදිරිපත් කළ හැකි නිසයි. එහෙත් ඒ විදුහලේ ම ආදි ශිෂ්යයන් යම් පිරිසක් ඒ දීර්ඝ ඉතිහාසයට උරුමකම් කීමට අකමැති බව පෙනී යනවා. රිච්මන්ඩ් ආදි ශිෂ්යයන් අතර භේදයක් ඇති කිරීමට මට අවශ්ය නැහැ. එහෙත් මා දන්නා කරුණු කිහිපයක් සඳහන් කිරීම අවශ්ය කියා මා හිතනවා.

ලිපි කියවීම හා දැනුම


ලිපි කියවීම හා දැනුම


මේ ලිපි පෙළක් බව අමතක නොකරන්න. රාම පාලම ගැන ලියූ ලිපියට කලින් රිච්මන්ඩ් විද්‍යාලය ගැන ලියූ ලිපියේ මේ කොටස ඇතැමුන් එක්කෝ කියවා නැහැ, එක්කෝ ඔවුන්ට මගහැරිල එහෙමත් නැත්නම් වෙන කරුණක්.  මා ඒ කිසිවකුට දොස් කියන්නේ නැහැ. 


අවුරුදු දහස් ගණනකට පෙර තිබූ දැනුම් ගැන අප දන්නේ නැහැ. ඒ දැනුම් ලබා ගත්තේ කෙසේ ද නිර්මාණ කෙළේ කෙසේ ද ආදී දහසක් ප්‍රශ්න අප හමුවේ තියෙනවා. 


ඒ ප්‍රශ්න ගැන හිත යොමු කරන්න අපට වෙලාවක් නැහැ. ඒ වගේ ම තේරෙන්නේත් නැහැ. අපට ආවේණික වූ  විධියකට පමණක් අප ලෝක සංස්කරණය කරනවා. 


මේ රිච්මන්ඩ් ලිපියෙන්.


"පසුගිය දා ඉන්දියාව හා ලංකාව යා කරන පාළම ගැන හඬදසුන්පටයක් දකින්න ලැබුණා. මා එය වෙන ම ලිපියක පළ කරන්නම්. ඒ හඬදසුන්පටය  අනුව එකී පාළම හදා තියෙන්නෙ අවුරුදු හත්දාහකට කලින්. ඒ අතර ඇති වැලිතට්ටුව අවුරුදු හාරදාහක් පමණයි පැරණි. මට හිතෙන්නෙ වැලි තට්ටුව පාළම හැදුවාට පසු එකතු වී තිබෙන බවයි. මෙය රාමගේ පාළම කියා කියනවා. ඉංගිරිසින් ඇඩම්ස් බ්‍රිජ් කියනවා. ඉංගිරිසින් එහෙම කියන එක හොඳයි. පාළම හදල තියෙන්නෙ රාමවත් ඇඩම්වත් නොවන බව එයින් කියැවෙනවා. පාළම හැදුවෙ කවුද? එය ස්වාභාවික නිර්මාණයක් නොවන බවයි කියැවෙන්නෙ."

Monday 28 December 2020

රිච්මන්ඩ් විදුහලේ ආරම්භය ගැන කී මනුෂ්‍ය නොවන ප්‍රාණීන්

 රිච්මන්ඩ් විදුහලේ ආරම්භය ගැන කී මනුෂ්‍ය නොවන ප්‍රාණීන්


කොවිඩ් සමග තවත් දේ බැඳිල තියෙනවා. අද දි අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වන ප්‍රවෘත්තියකට අනුව කොවිඩ් ආධාර මුවාවෙන් මෙරට මුස්ලිම් අන්තවාදීන්ට ජාත්‍යන්තරයෙන් මුදල් ලැබෙනවා. ප්‍රවෘත්තියට අනුව ලංකාවේ රුසියනු තානාපති තමයි ඒ බව මෙරට පොලීසිය භාර ඇමති සරත් වීරසේකරට පවසා ඇත්තේ. මියගිය අයගේ සිරුරු භූමදානය ප්‍රශ්නයක් ලෙස මතු වුණේ තරමක් කල් ගිහින්. ඒ පිටුපසත් අන්තවාදී මුස්ලිම් ජාත්‍යන්තරයක් ඉන්නවා ද කියා අප දන්නේ නැහැ. කොහොමටත් මුස්ලිම් අන්තවාදීන් පිටුපස බටහිරයන් කාලයක සිට ඉන්නවා. වහාබ්වාදය කවදා ඇති වුණත් අද එය මෙහෙයවනු ලබන්නේ බටහිරින්. 

Sunday 27 December 2020

සජිත්ගෙ පාංශුකූලය හා භූමදාන ප්‍රශ්නය

 සජිත්ගෙ පාංශුකූලය හා භූමදාන ප්‍රශ්නය


සජිත් ප්‍රේමදාස මුස්ලිමුන් වෙනුවෙන් බෞද්ධයන්ගේ පාංශුකූලය සඳහා කටයුතු කරනවා. සිංහල බෞද්ධයන් ඒ ඒ පුද්ගලයාගේ පාංශුකූලයක් ගැන කිවුවේ නැහැ. ඇහැවුවෙත් නැහැ. සජිත්ට අවශ්‍ය බෞද්ධයන්ගේ පාංශුකූලය දෙන්න. මේ අතර චම්පක රණවක භූමදාන කළ මිනී ගොඩ ගන්න බලන් ඉන්නවා. 

Saturday 26 December 2020

පැණියට විරුද්ධ පඬි කතා

 පැණියට විරුද්ධ පඬි කතා  


පිටරට වාසය කරන එක් වෛද්‍යවරයෙක් ලියා තිබුණා විද්‍යාඥයකු වූ මා දැන් විද්‍යා විරෝධියකු වී ධම්මික වෙද මහතාගේ පැණිය වෙනුවෙන් කතා කරන බවක්. මා කිසි දා විද්‍යාඥයකු වී සිටියේ නැහැ. තරුණ කල විද්‍යාඥයකු වීමට බලාපොරොත්තුවක් තිබූ නමුත් මට එසේ වීමට නොහැකි බව තේරුම් ගියා. මා බටහිර විිද්‍යා විරෝධියකු වී නැහැ. මා බටහිර විද්‍යා දැනුම ප්‍රතික්‍ෂෙප කරන්නේත් නැහැ. මගේ විරෝධය බටහිර  විද්‍යාව දරණ ආධිපත්‍යයට හා එය එක ම දැනුම් පද්ධතිය ලෙස පෙන්වීමට දරණ උත්සාහයටයි. 

Friday 25 December 2020

පැණියෙන් හෙළ දැනුමට තල්ලුවක්

 පැණියෙන් හෙළ දැනුමට තල්ලුවක්

 


ධම්මික වෙද මහතා හැරෙන්න තවත් පාරම්පරික/හෙළ වෙද මහතුන් මෙරට ඉන්නවා. මා මූලික වශයෙන් දැනට හෙළ වෙදකම කියන්නේ මනුෂ්‍ය නොවන ප්‍රාණින්ගෙන් හෝ ආධ්‍යාත්මික ව ප්‍රතිකාර දැන ගෙන කරන වෙදකමට. පාරම්පරික වෙදකමත් මට හිතෙන විධියට විශාල වශයෙන් මනුෂ්‍ය නොවන ප්‍රාණින්ගෙන්  හෝ ආධ්‍යාත්මික ව හෝ ලබා ගත් දැනුම එකතු කර ගත් එකක්. ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට යම් ආකාරයකින් උසස් යැයි කියන මනසක් තියෙන්න ඕන. එය සමහර විට භාවනාවෙන් ළඟා කර ගන්නා තත්වයක් වෙන්න පුළුවන්. 

Thursday 24 December 2020

සජිත්ගේ කනත්ත විරෝධයට චම්පක නැහැ

 සජිත්ගේ කනත්ත විරෝධයට චම්පක නැහැ


ඊයේ කනත්ත ඉදිරිපිට සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයක් තිබුණා කොවිඩ් 19 වැළඳී මියගිය මුස්ලිමුන්ගේ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධ ව. එතැන බලවේගයේ නායකයන් බොහෝ දෙනකු හිටියා. සජිත් රාජිත ආදීන්. සජිත් අසා සිටියේ ලෝකයේ රටවල් එකසිය ගණනක භූමදානයට ඉඩ දෙද්දී ලංකාවේ ඉඩ නො දෙන්නේ ඇයි ද කියා.  එමෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයත් භූමදානයට අවසර  දී ඇති බව ඔහු මතක් කළා. හොඳ ප්‍රශ්නයක් හොඳ මතක් කිරීමක්. 

Wednesday 23 December 2020

මජන් සෝදා ගත් කල බාසුන්නැහැ වෙදකමට සුදුසුයි

 

මජන් සෝදා ගත් කල බාසුන්නැහැ වෙදකමට සුදුසුයි

 

පඬි නැට්ටියක අහල තිබුණ නලින් ද සිල්වා ධම්මික වෙද මහතාගෙ පැණිය ගැන පමණක් කතා කරන්නෙ අනෙක් පැණි ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි කියල. මා පැණි ගැන පමණක් නොව පැණියන් ගැනත් උනන්දුවක් දක්වනවා. අපේ චින්තනයෙ දහසක් ප්‍රතිකාර තියෙනවා. එකක් පමණක් තියෙන්නෙ ඒකදේවවාද චින්තනවල.

Tuesday 22 December 2020

බටහිර විද්‍යා විශ්වාස හා මුස්ලිම් විශ්වාස

 බටහිර විද්‍යා විශ්වාස හා මුස්ලිම් විශ්වාස


කොවිඩ් වැළඳී මිය යන මුස්ලිමුන්ගේ අවසන් කටයුතු කෙරෙන ආකාරය ප්‍රශ්නයක් වෙලා. මෙයට ප්‍රධාන හේතුව කොවිඩ් 19 ගැන බටහිර විිද්‍යාවට කියන්න දෙයක් නැති වීමයි. අප අකමැති වුවත් අද ලෝකයේ කටයුතු කෙරෙන්නේ බටහිර දැනුම අනුවයි. අද ලෝකයේ දැනුම් යටත්විජිතවාදයක් තියෙන්නෙ. අප හැම දෙයක් ම අවසානයේ දී යොමු කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයේ විනිශ්චයටයි. ඔවුන් දෙන විනිශ්චය අපි ආමෙන් කියා පිළිගන්නවා. ආමෙන් කියන්නේ එකඟයි යන අර්ථය ගෙන දෙන වචනයක්. එය අලුත් තෙස්තමේන්තුවට පැමිණියේ හීබ්‍රැ බයිබලයෙන් කියනවා. 

Monday 21 December 2020

පැණියට තවත් පරීක්‍ෂා මොනවට ද?

 පැණියට තවත් පරීක්‍ෂා මොනවට ද?


මා උගතකු බුද්ධිමතකු වියතකු නොවීම ගැන මට ඇත්තේ කිව නොහැකි තරම් සතුටක්. අද උගතුන්  වියතුන් බුද්ධිමතුන් කරනව වගේ බටහිර විය ගහේ බැඳි නන්දිවිශාලලා මෙන් බටහිර දැනුම් කරත්තය අදින්නට මට අවශ්‍ය නැහැ. මා එයින් නිදහස්. උදලු කෙටිය විසි කළ උද්දාළයනට මෙන් විය ගහෙන් මිදුණු මටත් ඇත්තේ මහත් සතුටක්. 

Saturday 19 December 2020

එක දෙවියයි එක දැනුමයි විය යුතු නැහැ

 එක දෙවියයි එක දැනුමයි විය යුතු නැහැ 


ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණේ ඒ ගැන ප්‍රසිද්ධියක් ලැබුණු දිනයේ දී ම බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ සම්බන්ධ යම් ආකාරයක නිල නොවන අයුරකින් හරි සම්පරීක්‍ෂණයක් කර ඇති බවට පළ වූ වාර්තා ප්‍රශ්නයේ මුලයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් මෙරට දේශීය වෙදකමේ බහු ප්‍රතිකාර ඇති නමුත් ඒ එකටවත් ප්‍රසිද්ධියක් නොලැබුණේ අවශ්‍ය බටහිර වෛද්‍ය සහතික නොතිබූ නිසයි. 


එහෙත් ධම්මික වෙද මහතාගේ පැණියට යම් බටහිර වෛද්‍ය සහතිකයක් ලැබීම නිසා ජනමාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ සමග ම ඒ වටා පිරිස් එකතු වීම මෙන් ම එයට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීම ද ඇරඹුණා. අර පසුව එකතු වූ පිරිස් අතර තක්කඩියන් ද ඉන්න පුළුවන්. ඔවුන් මුල සිට ම සිටි අය නො වෙයි. ඔවුන්ට වෙනත් දෙයක් අවශ්‍ය වන්න පුළුවන්. පැණියට විරුද්ධ ව ජනමතයක් ගොඩ නැගීමට විවිධ දේශපාලන කොටස් එකතු වුණා. බටහිර අධ්‍යාපනයෙන් එන්නත් කරනු ලැබූ මතවාද දෘෂ්ටිවාද (අල්තුසර් ද දෘෂ්ටිවාදයකින් මිදුණ අයකු නොවෙයි) සහිත ව ධම්මික වෙදමහතාගේ සුදූුසුකම් සාකච්ඡාවට ගැණුනා. කපු මහතකු බව මේසන් බාසුන්නැහැ කෙනකු බව ආදිය වැදගත් වුණා. කාලි අම්මාගෙන් දැනුම ලැබුණු බව ප්‍රශ්නයක් වුණා. රාමනුජන්ට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. බටහිර උගතුන් එකලත් රාමනුජන් වෙනත් ගණිතඥයන් මෙන් යැයි කීමට තැත් කළත් එය සාර්ථක වුණේ නැහැ. 


බටහිර විද්‍යාව (වෛද්‍ය විද්‍යාව විශේෂයෙන්) ධනපති ක්‍රමය සමග ඇති අවියෝජනීය (ඔවුන්ගේ වචන) සම්බන්ධකම් විවිධ පුද්ගලයන් සමාගම් මගින් පෙන්නුම් කෙරුණා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමයෙන් වෙන් කරන්න බැරි ඒ දෙක ම එක ම චින්තනයක් මත පදනම් වෙන නිසා. බටහිර විශ්වවිද්‍යාල වැඩවසම් සම්බන්ධකම් මත ඇති වූ ආයතන. ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් එයට හොඳ ම උදාහරණ. එහෙත් අද වන විට ඒ විශ්වවිද්‍යාල ධනේශ්වරය සමග සම්බන්ධකම් ඇති කරගෙන වැඩවසම් නෂ්ටාවශේෂත් සමග. හරියට  වින්ඩ්සර් රජපවුල වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව සමග සම්බන්ධකම් ඇති කර ගෙන තියෙන විධියට. බටහිර වෛද්‍ය විද්‍යාව ඖෂධ සමාගම් එක්ක ඇති සම්බන්ධයේ අංශු මාත්‍රයක් පමණයි මෙරට ඖෂධ නියෝජිතයන් බටහිර වෙදමහතුන් සමග ඇති සම්බන්ධයේ  තියෙන්නෙ.   


පැණියේ සාර්ථකත්වය මනින්න පුළුවන් රෝගීන් සුව වෙනව ද බලීමෙන්. එය බටහිර ඊනියා සායනික නැහැසුම් ක්‍රමයට ම සිිදු විය යුතු නැහැ. එහෙත් අද ඇති දැනුම් යටත්විජිතවාදය නිසා පරක්‍ෂාව බටහිර ක්‍රමයට සිදු කරන්න වෙලා. ඒ අතර ආයුර්වේද කමිටුවකුත් තියෙනවා. මෙරට ඉන්න සහතික උගතුන්ට සහතිකය හැර වෙනත් දෙයක් නැහැ. ඔවුන්ට දැනුමක් අලුතෙන් දෙන්න බැහැ. වැඩිම වුණොත් කළ හැක්කේ වැමෑරීම පමණයි. මෙරට නිර්මාණාත්මක හැකියාවක් ඇතියවුන් වැඩිය දකින්න පුළුවන් සාමාන්‍ය පෙළෙන් එහාට උගත් නැති අය අතර. උසස් පෙළ අධ්‍යාපනයෙන් නිර්මාණාත්මක හැකියාවන් නැත්තට ම මෙන් නැති කරනවා. මෙරට අවුරුදු 150ක බටහිර වෛද්‍ය අධ්‍යාපනය එයට හොඳ ම උදාහරණයයි. 


අද උදේ එක් කමිටුවක වාර්තාවක් නිකුත් වෙලා. බටහිර විද්‍යාව අනුව කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ පැණියේ විෂක් නැති බවයි. ඒ වාර්තාව ආයුර්වේද කමිටුවට යොමු කරලා. ආයුර්වේද කමිටුව තවම එයට ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පේන්න තියෙන්නෙ. ඔවුන් ඉක්මණින් ඒ කටයුත්ත කරනවා නම් හොඳයි. මේ ආයුරවේදය හා හෙළ වෙදකම අතර ප්‍රශ්න ඇති කරගන්න වෙලාවක් නො වෙයි. 


අද විවිධ අය කාලිඅම්මා ගැන විවිධ කතා කියනවා. ඇගේ සම්භවය පිළිබඳ ව ඇත්තේ එක් කතාවක් පමණක් නොවෙයි. ඒ තමයි පෙරදිග දැනුමේ එක් ලක්‍ෂණයක්. බ්‍රහ්මන් ඒක දේව සංකල්පය බිහිවන්න පෙර මේ රටවල තිබුණේ බහුදේවවාදයක්. අප එක් දෙවියකු පමණක් ගැන විශ්වාස කෙළේ නැහැ. ලංකාවේ කොහාමටවත් තිබුණේ නැහැ. මෙරට බ්‍රහ්මන් සංකල්පයක් නැහැ. මහා බ්‍රහ්මයත් තවත් දෙවියකු (බ්‍රහ්මයකු) පමණයි. කාලිඅම්මා භද්‍රකාලි මෑණියන් නමිනුත් හැඳින්වෙනවා. ඒ යහපත් අරුතෙන්. කෙසේ වෙතත් මට කියන්න තියෙන්නෙ අපේ සංස්කෘතියෙහි එකම කතාවක් නොව විවිධ කතා තියෙන බවත් විවිධ දෙවියන් ඉන්න බවත් විවිධ දැනුම් විවිධ ප්‍රතිකාර තිබෙන බවත්. 


බටහිර ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතිවල ඉන්නේ එක් දෙවියන් පමණයි. අද ඔය එක් දැනුමක් අනන්‍ය දැනුමක් ආදී සංකල්ප පැන නගින්නේ ඒ ඒක දේව සංකල්පයෙන්. සිංහල බෞද්ධයන්ට බහු දේව සංකල්පයක් තියෙන්න. ඒක දේව සංකල්පයක් නැත කියන එකෙන් බහු දේව සංකල්පයක් නැත කියා කියැවෙන්නෙ නැහැ. බටහිර දැනුම ලෝකයේ එක ම දැනුම විය යුතු නැහැ. බහුදේව වගේ ම බහු පද්ධති තියෙනවා. ක්‍රිස්තියානි හා මුස්ලිම් සංස්කෘතීන්ට ඒ බව පිළිගැනීමේ අපහසුතාවක් තියෙනවා. මේ ගැන තවත් විස්තර පසුවට.


අද කිවයුතු වැදගත් කරුණක් තියෙනවා. පඬියන් පඬි නැට්ටන් ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති නායක හාමුදුරුවන්ට සැරෙන් කතා කිරීම ප්‍රශ්නයක් කර ගෙන. මේ අය ඒ කරන්නේ ශ්‍රද්ධාවකින් නොවෙයි. ශ්‍රී මහා බෝධින් වහන්සේ මුළ ඉඳගෙන අරක්කු බීමට කතා කෙළේ ඒ වර්ගයේ අය. මේ හුදෙක් වෙද මහතාට හා ඒ මගින් හෙළ වෙදකමටත් අවසානයේ දී සඟ සසුනටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් පහර ගැසීම සඳහා කෙරෙන්නක්.


මට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව දැනට දශක දෙකක පමණ කාලයක් තිස්සේ ධම්මික වෙද මහතා අටමස්ථානාධිපති හාමුදුරුවන්ට වෙදකම් කරනවා. උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ භද්‍රකාලි මැණියන්ගෙන්, කාලි අම්මගෙන් බව. නායක හාමුදුරුවන් එ නිසා වෙද මහතා අමතන්නේ මෑණියන් කීයා. වෙද මහතා හාමුදුරුවන් සමග සාකච්ඡාචේ දී මා ඔබ වහන්සේගේ මෑණියන් කියන්නේ ඒ අරුතෙන්. ඒ සාකච්ඡාචේ ඉතිරි කොටස් ද ප්‍රචාරය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ සාකච්ඡාව හොඳින් දන්නා හඳුනන අය අතරයි.


විවිධ බලවේග හෙළ වෙදකමට විරුද්ධව ක්‍රියා කරනවා. ඔවුන්ට රෝගීන්ට මොනව වුණත් කමක් නැහැ. හෙළ වෙදකමට පහර දෙන්න පුළුවන් නම්. අද අපට අවශ්‍ය රෝගීන් සුවපත් කිරීමටයි. එහි දී අප එක දැනුමක් පමණක් යන්න බැහැර කරනවා. බහු දේවා බහු විජ්ජා මිස ඒක දේව ඒක විජ්ජා නොවෙයි.      






       


සුපිරි කළු කුහරයක් නැති වෙලා

 සුපිරි කළු කුහරයක් නැති වෙලා


සුපිරි කළු කුහරයක් නැති වෙලා කියනවා. ඔය පැත්තට එහෙම ආවද?

Somehow, a Monstrous Supermassive Black Hole Has Gone Missing

Friday 18 December 2020

එම්සීසී ගිවිසුම හා සිරිසේන

 එම්සීසී ගිවිසුම හා සිරිසේන 


එක්සත් රාජ්‍ය එම්සීසී ගිවිසුම අකුළ ගෙන. මා දන්නේ නැහැ වෙන රටක් සම්බන්ධයෙනුත් එවැනි දෙයක් සිදු වුණා ද කියල. ලෝකයේ තවමත් බලගතු ම රාජ්‍යය අප වැනි රටක ජනමතයට කන් දීමක් ලෙස එය සලකන්න පුළුවන් ද? අපට වෙන් කරල තිබුණ මුදල සියරා ලියොන් රටට දෙනව කියනවා. අපට වෙන් කරපු මුදල කියන එකත් වැරදියි. ඒ එක්සත් රාජ්‍ය තමන් වෙනුවෙන් ලංකාවෙ වියදම් කරන්න හිටි මුදල. 

Thursday 17 December 2020

හෙළ වෙදකමට ෆයිසර්ලා අවශ්‍ය නැහැ

හෙළ වෙදකමට ෆයිසර්ලා අවශ්‍ය නැහැ


අද ලෝකයේ අධිපති චින්තනය බටහිර චින්තනයයි. අප එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා. එහි පෞද්ගලිකත්වය, වෙන්කිරීම, ඇරිස්ටෝටලීය න්‍යාය ආදිය අංග වෙනවා. ධනපති ක්‍රමය මෙන් ම බටහිර විද්‍යාව ද බිහි වන්නේ මේ චින්තනයෙහි. විදුසර කියවූ අය ඒ දන්නවා. බටහිර විද්‍යාව ධනපති ක්‍රමය සමහ ඔවුන්ගේ භාෂාවෙන් ම කියනවා නම් ඓන්ද්‍රීය ව බැඳිලා. ලංකාවේ අපටත් මේ චින්තනයෙන් මිදෙන එක ලෙහෙසි නැහැ. අද ධම්මික වෙද මහතාටත් මේ චින්තනයේ අයකුගේ බලපෑමක් තියෙන බව පැහැදිලියි.

Wednesday 16 December 2020

බටහිර වෙදකමේ සිරිසඟබෝලා ඉන්නවා ද?

 

බටහිර වෙදකමේ සිරිසඟබෝලා ඉන්නවා ද?

 

කෑගල්ල පැත්තෙ ධම්මික වෙද මහතා  කොවිඩ් 19 රෝගීන් සඳහා බෙහෙතක් ඉදිරිපත් කරල. ඒක කාලි අම්මගෙන් ලැබුණු එකක් කියලයි කියන්නෙ. දැන් ප්‍රශ්න රාශියක් පැන නැගිල. පහුගිය කාලෙ කිහිප දෙනෙක් ම මේ වගේ ප්‍රතිකාර ගැන කිවුව. ඒත් ඒව යට ගියා. ආයුර්වේද, පාරම්පරික බෙහෙත් හැටියටයි ඒවා ඉදිරිපත් වුණෙ. ඒත් ධම්මික වෙද මහතාගෙ බෙහෙත නැත්නම් පැණිය වතුපිටිවල බටහිර වෙද මහතකුට දැන ගන්න ලැබිල. ඔහු  බටහිර වෙද මහතකු වුණත් අනෙක් වෙදකම් ගැනත් යහපත් ආකල්පයක් දරන්නෙක්. මා ඔහු නොහඳුනන බව කියන්න ඕන. ඒ නිසා මේ තොරතුරු ඔහුගෙන් ලැබුණු දේ නො වෙයි. ජනමාධ්‍යයෙ තිබුණ  තොරතුරු මත පදනම් වෙලයි මා ලියන්නෙ.

Tuesday 15 December 2020

සිංහල බුද්ධාගමේ නව පරිච්ඡෙදයකට පෙරවදනක්

 සිංහල බුද්ධාගමේ නව පරිච්ඡෙදයකට පෙරවදනක්


පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් අතර ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත්තේ මගේ අසාර්ථකභාවයයි. ඔවුන් හිතන්නේ අවුරුදු තිස්පහක් පමණ තිස්සේ මා ඉදිරිපත් කර ඇති අලුත් අදහසක් නැති බවත් ඒ නිසා කිසිවකු මා සමග නැති බවත් ය. අප කාලය සඟරාව නැවත පළ කරන්නේ ඔවුන්ගේ මේ හිතළු අතරයි. කාලය ට එතරම් ප්‍රචාරයක් ලැබී නැති නමුත් එයට දැනටමත් ඉල්ලුමක් ඇත. පසුගිය දා කාලය මුහුණු පොත් පිටුවේ චම්පක ගැන පළ වූ ලිපිය පනස්දාහකට වැඩි පිරිසක් අතරට ගොස් ඇත. එයට ලැබී ඇති ප්‍රතිචාර (සංවිධානාත්ම ප්‍රතිචාර නොව කැමැත්ත පළ කිරීම් ආදිය) අනුව සියයට අසූවක් පමණ පිරිසක් ලිපියේ අදහස සමග ඇති බව පෙනී යනවා. චම්පකට ජනාධිපති වීමට නම් වෙනත් මගක් සොයා ගැනීමට වේවි. සමගි ජන බලවේගය හරහා නම් එය කර ගන්නට බැහැ. 

Monday 14 December 2020

අක්‍රීය පළාත් සභා අහෝසි කරමු

 අක්‍රීය පළාත් සභා අහෝසි කරමු



අගමැති මහින්ද රාජපක්‍ෂ වැඩ දෙකක් ඉක්මන් කරන්න කියල. එකක් හොඳයි අනෙක අවශ්‍ය නැහැ. හොඳ කියල කිවුවත් වෙන කියන්න දෙයක් නැති නිසයි එසේ කියන්නෙ. ඒ අර ධම්මික වෙදමහතාගේ පැණිය පිළිබඳ මහාචාර්ය පරීක්‍ෂාව ඉක්මන් කරන්න කීම. ප්‍රමාදයට විවිධ හේතු  කියන බව මා දන්නවා. එයට වග කියන්න ඕනෙ වෙන කණ්ඩායමක් කියල කියනවා. ඒ වරද හදාගෙන පරීක්‍ෂාව ඉක්මණින් කරන්න කියල වෙන්න ඕනෙ කියන්නෙ.  මේ මහාචාර්යවරුන් සම්ම ජාතියේ ප්‍රතිකර්මයක් හඳුන්වාදුන් අය නො වෙයි. ඔවුන් කරන්නේ සායනික නැහැසුම් හරියට කෙරෙනවාද යන්න  සොයා බැලීම වෙන්න ඕන. කොහොමටත් හෙළ වෙදකමේ ප්‍රතිකාරයක් බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කිරීමෙන් පෙන්වන්නේ දැනුම් යටත්විජිතවාදයයි. මෙරට ඊනියා බටහිර දැනුම් විශේෂඥයකු වීම එතරම් අමාරු දෙයක් නො වෙයි. අන්තර්ජාලයට ගොස් තොරතුරු ලබා ගෙන ඒ සිංහලෙන් කීම පමණයි කරන්න තියෙන්නෙ. අර බ්‍රහස්පති සෙනසුරු අහසේ ළඟින් පෙනීම ගැන මේ දිනවල කෙරෙන කතාබහ ගැන සැලකිලිමත් වන්න. 

Sunday 13 December 2020

චම්පකගේ ජනාධිපති පිම්ම

 චම්පකගේ ජනාධිපති පිම්ම 


මා දේශපාලනඥයන් සෑහෙන පිරිසක් අඳුනනවා. ඇසුරු කරළත් තියෙනවා. හිට්ලර් ඇඳින ගෙන හිටියේ නැහැ. ඇසුරු කරළත් නැහැ. ඒත් චම්පක රණවක අඳුනනවා. ඇසුරු කරළත් තියෙනවා. චම්පක ඉදිරියේ ප්‍රේමදාස (සජිත්ගෙ පියාණන්) ළදරුවෙක්. අපට අසූහතේ භිෂණය අවුරුදු හතළිහකට  පමණ පසුව පන්සිය ගුණයකින් වැඩි කර ගන්න අවස්ථාවක් උදාකර ගන්න අවස්ථාවක් එළඹෙනවා. 

Saturday 12 December 2020

දහසක් ප්‍රතිකාර

 දහසක් ප්‍රතිකාර 


කොවිඩ් 19ට තවත් ප්‍රතිකාරයක් ගැන කියැවෙනවා. එය හොඳයි. මින් පෙරත් ආයුර්වේද පාරම්පරික ප්‍රතිකාර ගැන කියැවුණා. ඒත් ඒවා විවිධ හේතු නිසා යට ගියා. ඉන් ප්‍රධාන ම හේතුව වුණෙ ඒ ප්‍රතිකාර බටහිර විද්‍යාත්මක නැහැ කියන එක. කෑගල්ලේ ධම්මික වෙදමහතාගේ පැණියට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණේ වතුපිටිවල රෝහලේ කරන ලද සම්පරීක්‍ෂණයක දී එහි සාර්ථකත්වය තහවුරු වීම නිසයි. එසේ නොවන්නට ඒ ප්‍රතිකාරයත් යට යන්න තිබුණා.

බටහිර කොරකළ කොරෝනා

 

බටහිර කොරකළ කොරෝනා - එස් ජයසුන්දර

එස් ජයසුන්දර විසින් ලියන ලද මේ ලිපිය ඉඩ නොමැති වීම නිසා මෙවර කාලය කලාපයේ (2020 දෙසැම්බර්) පළ කිරීමට නොහැකි වුණා. ඒ ගැන කණගාටුව පළ කරන අතර එහි කාලීන බව සලකා එය මෙසේ පළ කරනවා. - නලින් ද සිල්වා


දෙයියන්ගෙ ලෙඩ අපට බෙහෙවින් හුරු පුරුදු වචනයකි. අපේ පැරැණ්නන් ඒ සඳහා කළ යුතු බේත් හේත් ද හොඳින් දැන සිටියහ. සමාජයක් ලෙස ද ඒ සඳහා සාමූහික වත් පිළිවෙත් ගනු ලැබිණි. නිවසෙහි සිටින්නේ දෙයියන්ගේ ලෙඩ වැළඳුනු එක අයෙක් පමණක්නම් උළුවස්සේ කොහොඹ අත්තක් එල්වා තැබිණි. එවිට නිවසෙහි දෙයියන්ගෙ ලෙඩ වැළඳුනු එක් පුද්ගලයෙක් සිටින බව ගම්මු දැන ගනිති. එම නිසා ඔවුන් එම නිවසට ඇතුළු නොවෙයි. එහෙත් ලෙඩාට අවශ්‍ය දේ තමන්ට හැකි අයුරින් ගෙනැවිත් නිවෙස ඉදිරිපිට තබා යෑම ගම්මුන් සිරිතයි. නිවැසියන්ගෙන් කීප දෙනෙකුටම රෝගය වැළඳී ඇත්නම් නිවස පිහිටි ඉඩමට ඇතුළු වන කඩුල්ලේ කොහොඹ අතු කිහිපයක් එල්ලා තැබීමට නිවැසියන් ක්‍රියා කරයි. එය පෙර පරිදිම ලෙඩුන් සංඛ්‍යාව පිළිබඳව ගම්මුන්ට පණිවිඩයකි. ඒ අනුව කඩුල්ල පැණීමෙන් වළකින ගම්මු තමන්ට හැකි දේ ගෙනැවිත් කඩුල්ල අසල එල්ලා තැබීමෙන් තමන්ට හැකි අයුරින් ලෙඩ වූ නිවැසියන්ට උපකාර කරති. ගමේ බොහෝ දෙනෙකුට මේ රෝගය වැළඳී ඇත්නම් ගමට පිවිසෙන ස්ථානයේ කොහොඹ අත්තක් එල්ලා තැබෙයි. එමඟින් ලබාදෙන පණිවිඩය තේරුම් ගන්නා අනෙකුත් ගම්මානවල ජනයා ඒ ගමට ඇතුළු වීමෙන් වැළකී තමුන්ට හැකි අයුරින් රෝගී වූ ගැමියන්ට උපකාර කරති. මෙම සන්නිවේදන ක්‍රමය මඟින් රෝගය පැතිරීම වළක්වා ගැනීම අපේ සිංහල බෞද්ධ සම්ප්‍රදායට ආගන්තුක නොවුණි. එපමණක් නොව, රෝගීහු ද එම ක්‍රමයට කිසිදු චකිතයකින් තොරව අනුගත වී සුවය ලබන තෙක් නිවෙස්වලට වී සිටියහ.

Friday 11 December 2020

පැණිය අසික්කිත අමනයන් අතට පත් වේවි ද?

 පැණිය අසික්කිත අමනයන් අතට පත් වේවි ද? 


එක්තරා ආයුර්වේද වෙදමහතකු කොවිඩ් 19 සඳහා පැරණි පොතක හරි වට්ටෝරුවක හරි තිබුණා ය කියන ඒ මහතාට අනුව නම් හිංගල බෙහෙතක් ඉදිරිපත් කරලා. එයට ප්‍රසිද්ධියක් ද ලබා දීලා. මෙය ධම්මික බණ්ඩාර වෙදමහතාගේ පැණිය ම ද කියන එක ගැන තොරතුරක් නැහැ. එහි මෙන් ම මෙහිත් මී පැණි හා සාදික්කා තියෙනවා. ආයුර්වේද වෙදමහතා බටහිර ඊනියා විද්‍යා නම් සමග සාදික්කා හා මී පැණි ගැන විස්තරයක් ද කර තිබෙනවා. 

Thursday 10 December 2020

ජාත්‍යන්තරයෙන් නසසප නෙරපීම

 ජාත්‍යන්තරයෙන් නසසප නෙරපීම 


අද ලිපිය එලොවටත් මෙලොවටත් වැඩක් නැති ලිපියක්. මේ ලිපි කියවන්නන් අතර එලොවටත් මෙලොවටත් වැඩක් නැති අය ඉන්නවා. ඔවුන් තම තමන්ගේ ලෝකවල ලිපි කියවන්නේ. සතපහකට වැඩක් නැති මාක්ස්වාදීන්ට තමන් අනාථ වී සිටින විට එලොව ගොස් සිටින මාක්ස්වාදීන්ගෙන්වත් කිසිම පිහිටක් නැහැ. විශේෂයෙන් ම ට්‍රොට්ස්කිවාදීන්ට හරි ට්‍රොට්ස්කිවාදී අච්චුවේ සිටින්නන්ට හරි අද කිසිම හව්හරණක් නැහැ. සකර්බර්ග් නොහිටින්න ඔවුන් උන්නා ද මළා ද කියාවත් දැන ගන්නට නැහැ. 

Wednesday 9 December 2020

කාලො අයං තෙ

 කාලො අයං තෙ



මේ ඔබේ කාලයයි. මේ මගේ කාලයයි. මේ අපේ කාලයයි. කාලෙකට පස්සෙ අද කාලය සඟරාව නැවත පිටවුණා. ආර්ථික ප්‍රශ්න නිසා සඟරාව නැවතුණත් කාලය නැවතුණේ නැහැ. කාලය වෙබ් අඩවියක්, බ්ලොග් අඩවියක් ලෙසත් මුහුණු පොතේ පිටුවක්, ගිණුමක් ලෙස පළ වුණා. එය ඉදිරි කාලයේත් කෙරෙවි. 

Tuesday 8 December 2020

අධ්‍යාපනය, ධම්මික වෙදමහතා රාමනුජන් හා කාලි අම්මා

 

අධ්‍යාපනය, ධම්මික වෙදමහතා රාමනුජන් හා කාලි අම්මා

 

නිදහස් අධ්‍යාපනයට අධ්‍යාපනය නිදහස් කර ගැනීමට බැරි වීම අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය වෙලා. කන්නන්ගර මහතාවත් ඊට පසු ඊනියා අධ්‍යාපනඥයන්වත් ඒ කරුණ ගැන උනන්දුවක් දක්වපු බවක් පේන්න නැහැ. ලන්දේසින් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වුණෙ අපට ඔවුන්ගෙ නම් හා ආගම දීම. ඒත් ඉංගිරිසින් ඒ කරුණුවලට වඩා වැදගත් තැනක් දුන්නෙ ඔවුන් හිතන පතන විධියට අප ලවාත් හිතවන්න. අප හිතන්නෙ නැති ජාතියක් නිසා එහි ප්‍රතිඵලය වුණෙ අපි ඉංගිරිසින්ගෙ හා අනෙක් බටහිරයන්ගෙ දැනුම වමාරනල වමාලා බවට පත්වීම.

Monday 7 December 2020

මහාචාර්ය පරීක්‍ෂාව

 මහාචාර්ය පරීක්‍ෂාව  


ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්‍ෂා කිරීමට බටහිර වෙදමහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල. ඒ අය බටහිර වෙදකම හා සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්‍ෂා කරන්න බටහිර මහාචාර්ය වෙදමහත්වරු කිහිප දෙනකු පත් කරල. ඔය මහාචාර්යවරුන්ගෙන් කී දෙනකු මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවද හරි ඉදිරිපත් කරල තියෙනවා ද? එහෙමත් නැත්තන් ඔවුන්ගෙ භාෂාවෙන් කිවුවොත් හොයා ගෙන තියෙනවා ද? බටහිර වෙදකමේ බෙහෙත් වෙනත් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්‍ෂා කරනවා ද?

Sunday 6 December 2020

විග්නරගෙ යහළුවා සිංහල බූද්ධාගම හා ශූන්‍ය

 

විග්නර්ගේ යහළුවා සිංහල බූද්ධාගම  හා ශූන්‍ය

 

මීළඟට පළවෙන ලිපිය (Nature Physics)  සඟරාවේ පළ වූ එකකි. ඉංගිරිසි එතරම් නොදන්නා මට ද කියවා තේරුම් ගත හැකි මෙය මට වඩා ඉංගිරිසි දන්නා බොහෝ දෙනකුට තේරෙනවා ඇති. මෙහි සිංහල පරිවර්තනයක් මා සතුව නැහැ.

 

මේ ලිපිය ක්වොන්ටම් භෞතිකයේ විග්නර්ගේ යහළුවා පිළිබඳවයි. පසුගිය දා කරන ලද අධ්‍යයනවලින් පැහැදිලි වී ඇත්තේ අඩුම තරමෙන් ක්‍ෂුද්‍ර අංශු සඳහා පරිසිද්ධි (facts) සාපේක්‍ෂ බව ය.

Saturday 5 December 2020

ප්‍රීස්ට් සිරප්

 ප්‍රීස්ට් සිරප් 


දැනුම් යටත්විජිතවාදය යන්න බටහිර නිපදවන ලද සංකල්පයක් නො වෙයි. එය මෙරට නිෂ්පාදනයක්, සංස්කරණයක්. එහෙත් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ඒ නිෂ්පාදනයට සහභාගි වී නැහැ. පඬි නැට්ටන්ට සංකල්පයක් සංස්කරණය කරනවා කියන්නේ කුමක් ද යන්නවත් තේරෙන්නේ නැහැ. මේසය යන සංකල්පය මනසේ සංස්කරණයක් කී විට ඔවුන් අසන්නේ මනසට මේසය වෙනස් කරන්න පුළුවන් ද කියා. මේසය මනසේ සංස්කරණයක් නම් මනසට මේසය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනළු. 

Friday 4 December 2020

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

 

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

 

පැබ්ලෝවාදී හතරවැනි ජාත්‍යන්තරයෙන් නව සමසමාජ  පක්‍ෂය අස් කෙරිලා. ඒ ගැන ට්‍රොට්ස්කිවාදීන් කිහිප දෙනකුට හැර චරිත කාරියවසම් කියන තුම්මුල්ලේ ජාත්‍යන්තරවාදීන්ටවත් වැඩක් නැහැ. ඒත් මා දැන් සතියකට වැඩි කාලයක් තිස්සේ ඒ ගැන ලියන්න ඉන්නෙ. ඒ ඊනියා ජාත්‍යන්තරයෙ තියෙන වෑැදගත්කම ගැන වචනයක් දෙකක් කියන්නෙ. චරිත කාරියවසම්ගෙ අය නම් තුම්මුල්ලෙන් එහාට ජාත්‍යන්තරයක් ගැන හිතන්නෙ නැහැ. ඊනියා ජාත්‍යන්තරය කෙතරම් වැදගත් වුණත් මා අදත් ලියන්නෙ නිවුටන් ගැන. පසුව අර පැණිය නිර්දේශ කරන වෙදමහතා (ඔහු වෙදමහතකු තමයි. අපේ සංස්කෘතියෙ වඩු මහතකුට වෙදමහතකු වෙන්න පුළුවන්) ගැනත් ලියන්න ඕන. දැනට බටහිර වෙදමහතුන් ඒ වෙදමහතාගේ පැණිය පරීක්‍ෂා කරන්න ඊනියා විද්‍යාත්මක විධික්‍රම සිතා බලනවා. අපි ඔවුන්ට ඉඩ දීල ඉන්නවා.

Thursday 3 December 2020

පොල් වැටීම හා ගුරුත්වාකර්ෂණය

 පොල් වැටීම හා ගුරුත්වාකර්ෂණය 


ප්‍රබුද්ධ මාක්ස්වාදී ද්‍රව්‍යවාදියකු මට කියා තිබුණා ගුරුත්වාකර්ෂණය කියන එක පට්ටපල් බොරුවක් නම් මියන්මාරයෙ සිට ආපසු එන විට ගුවන් යානයෙන් බිමට පනින්න කියා. ඔය වගේ කතා කාලෝ ෆොන්සේකා වැනි වියතුනුත් කියා තිබෙනව. ඒ් කතාවල ප්‍රබුද්ධත්වය ගැන මට හොඳ වැටහීමක් තියෙනවා.  ඒත් මට මෙතන දි පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ගුවන් යානයේ දොර හරි හදිසි දොරක් හරි ඇර ගන්නෙ කොහොමද කියන එක. ගුවන් සේවකයකු හරි සේවිකාවක හරි මට ආධාර කරයි ද? ගුවන් යානයේ නියමුවා කුමක් කියාවි ද?  

Wednesday 2 December 2020

ගැටළුව හිතළුව හා වැඩ කිරීම

 

ගැටළුව හිතළුව හා වැඩ කිරීම

මා චතුර අල්විස් ධම්මික බණ්ඩාර වෙදමහතා හා සිසිර ජයකොඩි ඇමති සමග සාකච්චා කරනු අසා සිටියා. චතුර මාර දූතයකු මෙන් ප්‍රශ්න ඇසුවා. මාර දූතයා කියන්නෙ Devil's advocate යන ඉංගිරිසි සංකල්පයට යොදන්න අපේ සංස්කෘතියෙ හදා ගත්ත යෙදුමක්. තමන් එකඟ නූණත් අනෙක් පැත්ත වෙනුවෙන් පෙනී සිටීම තර්ක කිරීම ප්‍රශ්න ඇසීම තමයි එයින් අදහස් වෙන්නෙ. චතුර ඒ කාර්යය ඉතා හොඳින් කළා. වෙදමහතාත් තමාට හැකි ආකාරයෙන් පිළිතුරු දුන්නා.

Tuesday 1 December 2020

කොත්තමල්ලි පුළුවන් නම් පැණිය බැරි ඇයි

 

කොත්තමල්ලි පුළුවන් නම් පැණිය බැරි ඇයි

 

අරණායක පැත්තෙ වෙදමහතකු වූ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් 19 රෝගීන් සඳහා හඳුන්වා දී ඇති පැණියට (අපි එයට පැණියක් යැයි කියමු) යහපත් ප්‍රතිචාරයක් ලැබිල තියෙනවා. ලැබෙන තොරතුරු අනුව වෙදමහතා අවුරුද්දකට කිට්ටු කාලයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරල තියෙනවා. දැනට සති හිපයකට පමණ පෙරයි සිසිර ජයකොඩිට ආරංචිය ලැබිල තියෙන්නෙ. ඉන් පසු තමයි වතුපිටිවල රෝහලේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් කිහිප දෙනකු සමග යම් ආකාරයක  සම්පරීක්‍ෂණයක කර තියෙන්නෙ. මේ අනුපිළිවෙලේ වෙනසක් තියෙන්නත් පුළුවන්. අරණායක වෙදමහතා ගැන මුලින් ම දැන ගත්තෙ වතුපිටිවල වෙදමහතා වෙන්නත් පුළුවන්.