බටහිර විද්‍යා විශ්වාස හා මුස්ලිම් විශ්වාස
කොවිඩ් වැළඳී මිය යන මුස්ලිමුන්ගේ අවසන් කටයුතු කෙරෙන ආකාරය ප්‍රශ්නයක් වෙලා. මෙයට ප්‍රධාන හේතුව කොවිඩ් 19 ගැන බටහිර විිද්‍යාවට කියන්න දෙයක් නැති වීමයි. අප අකමැති වුවත් අද ලෝකයේ කටයුතු කෙරෙන්නේ බටහිර දැනුම අනුවයි. අද ලෝකයේ දැනුම් යටත්විජිතවාදයක් තියෙන්නෙ. අප හැම දෙයක් ම අවසානයේ දී යොමු කරන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයේ විනිශ්චයටයි. ඔවුන් දෙන විනිශ්චය අපි ආමෙන් කියා පිළිගන්නවා. ආමෙන් කියන්නේ එකඟයි යන අර්ථය ගෙන දෙන වචනයක්. එය අලුත් තෙස්තමේන්තුවට පැමිණියේ හීබ්‍රැ බයිබලයෙන් කියනවා.
මුස්ලිමුන්ගේ ප්‍රශ්නයක් ගැන කතා කිරීමේ දී ක්‍රිස්තියානි සංස්කෘතියේ වචන යොදා ගැනීමට සිදු වීම එක් අතකින් ප්‍රශ්නයක් විය යුතු නැහැ. යුදෙව් සංස්කෘතිය මෙන් ම මුස්ලිම් සංස්කෘතියත් බටහිර ආසියාවේ නැත්නම් ඉංගිරිසින්ට අනුව මැද පෙරදිග නිපැයුම්. සංස්කෘති දෙක ම ඒක දේවවාදය මත පදනම් වෙලා. එක ම දෙවියන් වහන්සේ කෙනකු ගැනයි කියැවෙන්නේ. මුස්ලිම් ප්‍රශ්නය විසඳ ගන්න සිද්ධ වෙන්නෙත් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍ය යටතෙ.
ධම්මික වෙද මහතාගෙ පැණියටත් තියෙන ප්‍රශ්නය එයයි. අපට එයත් විසඳ ගන්න වෙලා තියෙන්නෙ බටහිර වෛද්‍ය විද්‍යා දැනුමට යටත් ව. මුස්ලිමුන්ට මා කියන කතාව තේරෙනව කියල හිතන්න බැහැ. ඔවුන් හිතන්නෙ භූමදාන ප්‍රශ්නය සිංහලයන්ගේ ආණ්ඩුවක තීරණ නිසා වෙන එකක් කියල. සිංහලයන්ගෙ බහුතර ඡන්දයෙන් පත් වුණත් මෙය තවමත් සිංහලයන්ගෙ ආණ්ඩුවක් නො වෙයි. මේ රටේ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. බටහිර ක්‍රිස්තියානි නීතියක්.
අද ප්‍රශ්නය වෙලා තියෙන්නෙ ලෝක මට්ටමෙන් ම බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයට හා අනුරුප චින්තනයට විසඳුම් නැති වීම. මෙය හුදෙක් ධනපති ක්‍රමයේ ප්‍රශ්නයක් නො වෙයි. සමස්ත බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ම ප්‍රශ්නයක්. ධනපති ක්‍රමයත් බටහිර විද්‍යාවත් යන දෙක ම එක ම චින්තනයක බිහිවෙලා තියෙන්නෙ. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ අර්බුදයට මුස්ලිම් ආගමික විශ්වාස හසු වීමයි භූමදාන/ආදාහන ප්‍රශ්නයේ මුල.
එහෙමත් නැත්නම් මුස්ලිම් ආගමික විශ්වාස හා බටහිර විද්‍යා විශ්වාස අතර වූ ප්‍රශ්නයක්. බටහිර විද්‍යාවෙත් තියෙන්නෙ විශ්වාස. තමා සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාව ඉගෙන ගත්තකු බව පවසන අයකු මගෙන් ඉතා අහිංසක ව අහල තිබුණ අද ලෝකයේ දකින්නට තියෙන්නෙ බටහිර විද්‍යා දියුණුව නේ ද කියල. මාත් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දවස්වල අවුරුදු හැටකට ඉස්සර හිතන් හිටියෙ එහෙම තමයි. ඒත් මට බටහිර විද්‍යාඥයකු වීමට නො හැකි වුණා. දැන් මා හිතන්නෙ වෙනස් විධියකට.
එක් පඬි නැට්ටකු කියල තිබුණ නලින් ද සිල්වාට විද්‍යාඥයකු වීමට පුළුවන් වුණා නම් පැණිය නැහැ කියල. ඒකෙ ඇත්ත නැත්ත කොහොම වුණත් මට නොවෙයි මෙරට සිංහල බෞද්ධ චින්තනයෙ ඉන්න කිසිවකුට බටහිර විද්‍යාඥයකු වෙන්න බැහැ. ප්‍රශ්නය ම අපට බටහිර විද්‍යාඥයන් වීමට බැරි වීම හා අපට අපේ චින්තනයෙන් පැන නගින දේ ගැන විශ්වාසයක් නැති වීම. අපට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ.
බටහිර විද්‍යාව කෙසේ වෙතත් බටහිර තාක්‍ෂණය නම් පෙළහර පානවා. අද බටහිර වෙද මහත්තුරුන්ට පරීක්‍ෂණ නැතිව කිසිවක් කර ගන්න බැරි තත්වයට පත්වෙලා. බටහිර රෝහලකට ගියා ම හිතෙනනෙ බටහිර භෞතික විද්‍යා පර්යේෂණාගාරයක ඉන්නවා කියා. තාක්‍ෂණය හා විද්‍යාව අතර හිතන සම්බන්ධය නැහැ. ඒ කොහොම වුණත් බටහිර වෙදකමට කොවිඩ් 19 සඳහා විසඳුම් නැහැ. මුස්ලිම් අවසන් කටයුතුවල ප්‍රශ්නයේ මුල එතැනයි. බටහිර තාක්‍ෂණයටත් කර කියා ගන්න දෙයක් නැහැ.
අද සෑම දැනුමක ම පරස්පර තියෙනවා. ඒ දැනුම් විශ්වාසය මත ගොඩනැගීම නිසාත් අද දවසේ එය රේඛීය ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වන නිසාත්. මුස්ලිම් විශ්වාසවලත් පරස්පර තියෙනවා. මුස්ලිම් චින්තනයත් රේඛීය චින්තනයක්. මුස්ලිම් අය ආදාහනයට විරුද්ධයි. ඒ ඔවුන්ට අනුව පිච්චෙන නිසා. ඒත් ආගම වෙනුවෙන් බෝම්බ පුපුරුවාගෙන පිච්චෙන්න කැමතියි. මුස්ලිමුන් අවසාන කටයුතු ඉතා ඉක්මණින් දිනක් ඇතුළත කරන්න උත්සාහ ගන්නවා. එත් දැන් ශීත කාමරල දින ගණන් තියා ගන්න කැමතියි.
මා මුස්ලිම් පරස්පර දකින්න කැමැත්තකින් ලියනවා නො වෙයි. මා මුස්ලිම් විශ්වාස ප්‍රශ්න කරන්නේ නැහැ. බටහිර විද්‍යාවේත් පරස්පර තියෙනවා. පරස්පර ඇති වුණා ම මොකක් හරි තවත් බොරුවක් කියනවා. කාල් පොපර් මොනව කියල තිබුණත් බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක් කරන්න බැරි කමක් තිබුණා. අද බටහිර විද්‍යාවට වෙලා තියෙන්නෙ බොරු ගොතා ගැනීමට නොහැකි වීම. කොවිඩ් 19ට බටහිර වෙදකමේ ප්‍රතිකාරයක් නැහැ. කාලෝ රෝගීන් (ඉබේ හොඳ වෙන රෝගීන්) බටහිර වෙදකම නිසා හොඳ වෙන රෝගීන් බවට පත් වෙලා.
කොවිඩ් 19 වෛරසයක් නිසා ඇතිවනවා කියල තමයි තාමත් කියන්නෙ. ඒත් මේ වෛරසයෙ විකෘති (ප්‍රභේද) තියෙනවා. ඒව පැටවු වගේ ඇති වෙනවා. අද වන විට එංගලන්තයෙ අලුත්ම විකෘතියක් ඇති වෙලා. සමහරු කියනවා ඒක අර එත්නත හදන්න ගිහින් ඇති වෙච්ච එකක් කියල. තව ම කවුරුන්වත් ප්‍රශ්න කරල නැහැ මේක වෛරසයක් ද වෙනත් මොකක්වත් ද කියල. බැක්ටීරියා වෛරස ආදිය හැරුණ ම තවත් දේ තියෙන්න පුළුවන් ද? මා නම් දන්නෙ නැහැ. මා කිසිම අරුතකින් විද්‍යාඥයකු නො වෙයි.
කොවිඩ් වෛරසය ජීව ෙසෙලවල පමණයි තියෙන්නෙ කියනවා. මැරුණු ෙසෙලවල වෛරසයට පවතින්න බැහැ කියනව. එක මුස්ලිමුන්ට හොඳ කතාවක්. යමකු මිය ගියාට පස්සෙ වෛරසය සිරුරේ තියෙන්න විධියක් නැහැ. ඒ නිසා භූමදාන කිරීම වරදක් නො වෙයි. ඒත් අනෙක් පැත්තෙන් කියනව වෛරසය මුදල් නෝට්ටුවල, විවිධ පෘෂ්ඨවල, ජලයේ තියෙනව කියල. ඒක නම් මුස්ලිමුන්ට හොඳ මදි.
මට පෙන්නන්න ඕන අද අධිපතියාට නිශ්චිත පිළිතුරක් දීමට නොහැකි වීමේ ප්‍රශ්නය. අධිපතියා කිවුවෙ බටහිර විද්‍යාවට හා බටහිර දැනුමට. සමහර විට කොවිඩ් හැදෙන්නෙ වෛරසයක් නිසා නොවෙයි කියන්නත් ඉඩ තියෙනවා. ජීවය කියන එකට අලුත් අර්ථදැක්වීමක් දෙන්නත් ඉඩ තියෙනවා. ඒ මොකක් වුණත් අනිශ්චය බවක් නිශ්චිත නොවන බවක් මේ කතාවෙ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මොනව කිවුවත් ඒ ඇසුරෙන් විද්‍යාලෝලී සජිත් ප්‍රේමදාස මොනව කිව්වත් සැකයක් තියෙනවා. වෛරසයට හරි මොහොකට හරි පෘෂ්ඨවල ජලයේ තියෙන්න පුළුවන් කියනවා. එතන ප්‍රශ්නයක්.
මේ අනිශ්චය නිසා කරන්න තියෙන්නෙ සූදානම් ශරීරය කියල වෛරසයෙ හරි මොකක හරි පැවැත්මට තියෙන ඉඩකඩ නැති කරන එකයි. මුස්ලිම් විශ්වාස හා බටහිර විද්‍යා අනිශ්චය අතර ප්‍රශ්නයක් වෙච්ච දෙයක් ගැන අපට ඇත්තෙ අපේ ශරීර සූදානම් සරීරෙ නියමයට යටත් කරන එක පමණයි කියලයි මට හිතෙන්නෙ.