Main Logo

Tuesday 29 December 2020

ලිපි කියවීම හා දැනුම


ලිපි කියවීම හා දැනුම


මේ ලිපි පෙළක් බව අමතක නොකරන්න. රාම පාලම ගැන ලියූ ලිපියට කලින් රිච්මන්ඩ් විද්‍යාලය ගැන ලියූ ලිපියේ මේ කොටස ඇතැමුන් එක්කෝ කියවා නැහැ, එක්කෝ ඔවුන්ට මගහැරිල එහෙමත් නැත්නම් වෙන කරුණක්.  මා ඒ කිසිවකුට දොස් කියන්නේ නැහැ. 


අවුරුදු දහස් ගණනකට පෙර තිබූ දැනුම් ගැන අප දන්නේ නැහැ. ඒ දැනුම් ලබා ගත්තේ කෙසේ ද නිර්මාණ කෙළේ කෙසේ ද ආදී දහසක් ප්‍රශ්න අප හමුවේ තියෙනවා. 


ඒ ප්‍රශ්න ගැන හිත යොමු කරන්න අපට වෙලාවක් නැහැ. ඒ වගේ ම තේරෙන්නේත් නැහැ. අපට ආවේණික වූ  විධියකට පමණක් අප ලෝක සංස්කරණය කරනවා. 


මේ රිච්මන්ඩ් ලිපියෙන්.


"පසුගිය දා ඉන්දියාව හා ලංකාව යා කරන පාළම ගැන හඬදසුන්පටයක් දකින්න ලැබුණා. මා එය වෙන ම ලිපියක පළ කරන්නම්. ඒ හඬදසුන්පටය  අනුව එකී පාළම හදා තියෙන්නෙ අවුරුදු හත්දාහකට කලින්. ඒ අතර ඇති වැලිතට්ටුව අවුරුදු හාරදාහක් පමණයි පැරණි. මට හිතෙන්නෙ වැලි තට්ටුව පාළම හැදුවාට පසු එකතු වී තිබෙන බවයි. මෙය රාමගේ පාළම කියා කියනවා. ඉංගිරිසින් ඇඩම්ස් බ්‍රිජ් කියනවා. ඉංගිරිසින් එහෙම කියන එක හොඳයි. පාළම හදල තියෙන්නෙ රාමවත් ඇඩම්වත් නොවන බව එයින් කියැවෙනවා. පාළම හැදුවෙ කවුද? එය ස්වාභාවික නිර්මාණයක් නොවන බවයි කියැවෙන්නෙ."