උඳුවප් පෝයේ
වැදගත්කම, අත්හැරීම හා අත්
නොහැරීම
ඊයේ උඳුවප් පොහෝ දා. සිංහල බුද්ධාගමට වෙසක් පොසොන් මෙන් ම උඳුවප් පොහොය ද වැදගත් වෙනවා. බුදුදහම අද ලෝකයේ සසුනක් ලෙස පවතින්නේ සිංහල බුද්ධාගම නිසයි. සිංහල බුද්ධාගම නොවන්නට ථෙරවාදය දිය වී යන්නට තිබුණා. මියන්මාරයේ සිට කාම්බෝජය දක්වා වූ කලාපයේ ථෙරවාදය පවතින්නේ සිංහල බුද්ධාගම නිසයි. අප නොකීවාට ඒ රටවල සිංහල බුද්ධාගම යන්න කියැවෙනවා, යොදා ගැනෙනවා.
බුදුදහම මත පදනම්
ව ලෝකයේ සසුනක් පැවතීම ම පුදුමයක්. සොක්‍රටීස්ට ප්ලේටෝ නමින් ගෝලයකුත් ප්ලේටෝට
ඇරිස්ටෝටල් නමින් ගෝලයකුත් හිටියා. ඇරිස්ටෝටල් සොක්‍රටීස් අනුගමනය කෙළේ ය කියා කියන්න
බැහැ. කෙසේ නමුත් ඔවුන් ඉගැන් වූ දේ තියෙනවා. ඇකඩමි ලයිසියම් ආදිය පාසල් මිස සසුන්
නො වෙයි. බුදුදහම ඉගැන්වීමක් ලෙස පවතින්න පුළුවන්. නමුත් බුදුදහම මත පදනම් ව
සසුනක් පැවතීම පුදුමයක්.
බුදුහාමදුරුවන්ගේ
දහම සසර කෙළවර කිරීම සඳහායි. නිවන් සම්මාබෝධය සඳහායි. ඒ සඳහා අවසානයේ දී දැනුම ද
අත්හරින්න ඕන. දැනුම බෙදා දෙන ඇකඩමි ලයිසියම් එ අරුතින් වැදගත් වන්නේ නැහැ. දැනුම
ද අත්හරින්න ඕන කියන එක නොපිළිගන්නා සිංහල බෞද්ධයන් ඉන්න පුළුවන්. ඒත් ඔවුන් වෙනත්
බොහෝ දේ අත්හරින්න ඕන බව පිළිගනීවි. ඒ ඒ දේ අත්හරින්න ඕන කියන දහමක් ලොව පවතින්න
පුළුවන්. එහෙත් ඒ මත පිහිටා සසුනක් පවතින්නේ කොහොම ද?
බුදුහාමුදුරුවන්ගෙ
ධර්මය මත පදනම් ව භික්‍ෂූන් වහන්සේ පමණක් නොව උපාසක උපාසිකා පිරිසක් ද
ඉන්නවා. එසේ වන්නේ කෙසේ ද යන්නයි ප්‍රශ්නය. භාරතයෙන් නැති වී ගිය බුදුසසුන අවසානයේ
දී ලංකාවේ පමණක් ඉතිරි වුණේ කෙසේ ද? භාරතයෙන් සසුන නැති වීම ගැන විවිධ
කතා කියන්න පුළුවන්. මුස්ලිම් ආක්‍රමණ, වෛදික විරෝධතා, රාජ්‍ය අනුග්‍රහය නැති වීම ආදිය ඒ
සඳහා ගෙතී ඇති කතා.
එහෙත් මිනිසුන්ට
යම් ලෞකික හරි මරණයෙන් පසු හරි බලාපොරොත්තුවක් ඇති කිරීමත් ආගමක් පැවතීමට හේතුවක්. බොහෝ දෙනාට යම් යම් අවශ්‍යතා
ඉටු කර ගන්න ඕන. වෛදික මෙන් ම පසුව ඇති වූ හින්දු ආගමෙන් ද කියැවෙන්නේ සදාකාලික
ජීවිතයක්. නොමැරෙන ජීවිතයක් තමයි ඉතා වැඩි පිරිසකට අවශ්‍ය. ආගම්වලින් දෙන්නෙත්
එවැනි විසඳුම්. සදාකාලික ස්වර්ගය, සදාකාලික බ්‍රහ්මන් හා එක්වීම එවැනි විසඳුම්.
බුදුහාමුදූරුවන්
නොමැරී ඉන්න දුන්නෙ වෙනත් විසඳුමක්. නොමැරී ඉන්න නම් නොඉපදී ඉන්නයි
බුදුහාමුදුරුවන් ඉගැන්නුවෙ. මිනිසුන්ට ඒකෙ ඇති සැපය මොකක් ද කියල අහන්න පුළුවන්.
නොඉපදී සැප විඳින්නෙ කවුද? අප කුමක් කිවුවත්
මම කියන සංකල්පය අප ළඟ ඕනෑවටත් වඩා තියෙනවා. මම නැති වුණොත් සැප විඳින්නෙ කවුද? අර එක බමුණෙක් කිවුවලු ගෞතමයන්ගෙ
නිවන තමාට ඕන නැහැ කියල.
අපට කියන්න
පුළුවන් නිවන් සම්මාබෝධය මේ භවයෙ ම කරන්න පුළුවන්. මිය යන්න ඕන නැහැ ආදී දේ. ඔය
කියන්නෙ උපාධිශේෂ නිවන ගැන. බුදුහාමුදුරුවන්ගෙ දහම අනුව යම්
භවයක දී ම තමයි සසර කෙළවර වන්නෙ. සදාකාලික ජීවිතයක් ගැන කතා කරන කොට තමයි මරණින්
මතු ස්වර්ගයක් ගැන කියන්න වෙන්නෙ. ඒ ස්වර්ගයේ මරණයක් වන්නේ නැහැ. බුදුහාමුුදරුවන්
කියන්නෙ ඉපදීම නතර කරන්න කියල. එවිට එය යම් භවයක දී ම කෙරෙන්න ඕන. ඒ භවයට පස්සෙ
තවත් භවයක් ගැන කියන්න බැහැ. ඒ නිසා නිවන සම්මාබෝධ වන්නෙ ම යම් භවයක. භවයෙන් පස්සෙ නොවෙයි. භවයෙන් පස්සෙ
කිවුවොත් සසර කෙළවර වෙලා නැහැ. සසර කෙළවර වෙලා මිය ගියා ම (පිරිනිවන් පෑවම)
නිරුපාදිශේෂයි.
මිනිසුන්ට දැන
ගන්න ඕන තවත් දේ තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. ශ්‍රද්ධාව ඇති කර ගන්නෙ කොහොම ද, ශ්‍රද්ධාවක් නැතිව දහම මත පදනම් ව
සසුනක් පවත්වාගෙන යන්න පුළුවන් ද? මා හිතනවා ඔය ප්‍රශ්නයට පළමුවෙන් ම පිළිතුරක් දුන්නෙ ආනන්ද
හාමුදුරුවො කියල. සැවැත් නුවර ජෙතවනාරාමයෙහි ආනන්ද බෝධිය ඇති කිරීම තමයි ඒ
පිළිතුර. ශ්‍රද්ධාව සසුනට අවශ්‍යයයි. එය භක්තියක් නො වෙයි. අශෝක රජු දවසත් ශ්‍රද්ධාව
තිබුණ. මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරල සසුන පිහිටුවපු එකයි කෙළෙ. ඊට කලින්
බුදුදහම විතරක් නො වෙයි සමහර විට හාමුදුරුවරුනුත් ඉන්න ඇති. ඒ ගැන මා තර්ක කරන්න
යන්නෙ නැහැ. උපාසක උපාසිකාවන් හිටිය ද කියන එක ප්‍රශ්නයක්.
මිහිඳු මහා රහතන්
වහන්සෙ මෙරට සසුන පිහිටුවීමට එක් අවශ්‍යතාවක් හැටියට දැක්වූයේ මෙරට උපන් අයකු
පැවිදි වීම. සියල්ල අත්හැර පැවිදි වෙන එක එකක්. සියල්ල අත් නොහැර ගිහි ගෙයි ඉන්න
ගිහියන්ට නිවනට අමතර ව යම් යම් බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන එක තවත් එකක්.
මිහිඳු හිමියන්
මෙරටට වඩින කාලයෙහි මෙරට සිටි ජනතාව වෘක්‍ෂ වන්දනාවට පුරුදු වී සිටි අය. මිහිඳු
හාමුදුරුවන් එය පවත්වා ගෙන යෑමට වෙනත් විධියක් කල්පනා කරන්න ඇති. සමහර විට
උන්වහන්සේට ආනන්ද බෝධිය හා එහි අදහස මතක් වෙන්න ඇති. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ
දක්‍ෂිණ ශාඛාව එක්ක සංඝමිත්තා තෙරණින් වහන්සේ ලංකාවට වැඩම කෙළෙ බුදුසසුන තහවුරු
කරන්න. මෙරට සංස්කෘතියට බුදුදහම ඇතුල් කර ගන්න. අදත් සිංහල බුද්ධාගමේ ප්‍රධාන ම
අංගයක් වන්නෙ බෝධි වන්දනාව. මිනිසුන් බෝධි
වන්දනාව කරන්නෙ කළගුණ සැලකීමට ම නො වෙයි. එය බුදුහාමුදුරුවන්ට වැඳීමක් ද වෙනවා. ඒ
අතර බලාපොරොත්තු ද කියනවා.සියල්ල අත්හැර නැති මිනිසුන් තමන්ගෙ බලාපොරොත්තු කියන්නෙ
බෝධීන් වහන්සෙ ළඟ. බුදුසසුන පවත්වාගෙන යෑමට එවැනි යම් දෙයක් අවශ්‍යයි.
බුදුසසුන භාරතයෙ
නැති වීගෙන යන කාලයෙ තමයි බුද්ධඝොෂ ආදී හාමුදුරුවරු ලංකාවට වැඩියෙ. භාරතයෙ බුදුදහම
බමුණු තර්කවල හිර වෙන්න පටන් ගත්ත. විවිධ වාද, විඤ්ඤාණවාදය, සර්වස්තිවාදය, පුද්ගලවාදය ආදී කෙස් පැළෙන තර්ක
ඉදිරිපත් කරන්නන් ඇති වුණා. ඔවුන්ට ශ්‍රද්ධාවක් තිබුණෙ නැහැ. ගිහියන්ට ඔය තර්කවලින්
නිවන් සම්මාබෝධ කරන්න බැහැ. ලෞකික බලාපොරොත්තුවක් ඉටු කර ගන්නත් බැහැ. නාගර්ජුනපාදයන්ගෙ තර්ක හොඳයි. ඒත්
ගිහි සමාජයට වැඩක් නැහැ.
මට හිතෙන්නෙ
ආන්ද්‍ර ප්‍රදේශයේ හාමුදුරුවරුන්ට එය හොඳින් වැටහෙන්න ඇති. උන්වහන්සේ බුදුසසුන රැක
ගැනීමට ලංකාවට පැමිණ මහා කටයුත්තක් කර ඇති බවයි පේන්නෙ. බුද්ධඝෝෂ හාමුදුරුවන්ගෙ
කාර්යභාරය වුණෙ ශ්‍රද්ධාව තහවුරු කිරීමයි. එය භක්තියක් බවට පත් වුණා ද යන්න
සාකච්ඡා කළ යුතුයි. විසුද්ධි මාර්ගය වැරදිය කියා තර්ක කරන්න පුළුවන්. ඒත් එය යම්
මාර්ගයක් පෙන්නුවා.
සංඝමිත්තා
මෙහෙණින් වහන්සේත් බුද්ධඝෝෂ හාමුදුරුවොත් මෙරට බුදුසසුන පවත්වාගෙන යෑමට අවශ්‍ය
පසුබිම ඇති කළා කියන එකයි හිතෙන්නෙ. එය තමයි සිංහල බුද්ධාගම වුණෙ. එහි අංග තමයි
මියන්මාරයෙ සිට කාම්බෝජය දක්වා තියෙන්නෙ. ඒ රටවල සිංහල බුද්ධාගම ඒ ඒ රටේ ඇදහිලි
සමග මිශ්‍ර වෙලයි පවතින්නෙ. එහෙමත් නැත්නම් ඒ ඒ රටවල සංස්කෘතීන්ට
සිංහල බුද්ධාගම අවශෝෂණය කෙරිල. මිහිඳු හාමුදුරුවන් හෙළ සංස්කෘතියට බුදුදහම අවශෝෂණය
කරල සිංහල බුදුුසසුනක් පිහිටෙවුව. ඒ සඳහා සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ උපකාරය ලබා
ගත්ත. බුද්ධඝෝෂ හාමුදුරුවන් ශ්‍රද්ධාව තහවුරු කරන්න පියවර ගත්ත.
අපි ඒ බුද්ධාගම
අග්නිදිග ආසියාවට දුන්න. එහෙම නොවන්නට ඒ රටවල් හින්දු සංස්කෘතියෙ. සමහර රටවල් පසුව
මුස්ලිම් සංස්කෘතියට ගිහින්. එයට හේතුව හරියට ම පැහැදිලි නැහැ. එහෙත් දොළොස්වැනි
සියවසේ පමණ අග්නිදිග ආසියාවට ගියෙ සිංහල බුද්ධාගම. අර අත්හැරීම ගැන කියන අතරෙ
ඇතැම් බලාපොරොත්තු තබා ගැනීමට අවසර ඇති සිංහල බුද්ධාගම.
අපට පුළුවන්කම
ලැබිල තියෙනවා අත්හරින්න කියන දහමක් අත්නොහැර තියා ගන්න. මා හීිතන්නෙ අපෙන් ලෝකයට
දී ඇති වටිනා ම දේ එයයි. අත්හරින්න කියන දහමක් අත්නොහැරීම. එයට සරිලන න්‍යායක්
චතුස්කෝටිකයෙ තියෙනවා. ඒත් ඒ න්‍යාය නිසා නොවෙයි දහම පවතින්නෙ. අපට
පඬියන් සමග පොඩි තර්කයක පැටලෙන්න ඕන වුණා ම නැත්නම් පඬියන් විකාර කියවන විට අපට න්‍යාය
අවශ්‍ය වෙනවා. ඒත් ඒ තර්ක දුර දිග ගෙනි යන්න අවශ්‍ය නැහැ.
භාරතයෙ අනවශ්‍ය විධියට තර්ක දුර දිග ගෙනිච්ච.
ලංකාවෙ අපට පොඩි
වාසියක් තියෙනවා. අපට තරකයක් දුර දිග ගෙන යන්න තරම් පඬියන් පිරිසක් නැහැ. ඔවුන්ට
අපට විරුද්ධ ව යමක් කියන්නත් බටහිරින් ගන්න වෙලා. අපට ඔවුන් සමග තරගයක් නැහැ. ඒ
නිසා අපට භාරතයෙ මෙන් අනවශ්‍ය තර්කවල හීර වෙන්න අවශ්‍ය වන්නෙ නැහැ.
කෙසේ නමුත්
මිහිඳු හිමියන්ගෙ සංඝමිත්තා මෙහෙණින්ගෙ හා බුද්ධඝෝෂ ආදී හාමුදූැවරුන්ගෙ මග ගිහින්
බටහිරට මුහුණ දිය හැකි බුදු සසුනක් ගොඩ නැගීමේ කාර්යභාරය අද අපට හිමි වෙලා
තියෙනවා. එහි එක් අංගයක් තමයි මනුෂ්‍ය නොවන ප්‍රාණින්ගෙන් දැනුම සංස්කරණය කිරීම.
බෝධි පූජාවට
විරුද්ධව බොරු පඬි කතා කීමෙන් වැඩක් වන්නෙ නැහැ. මිනිසුන්ට හැම දෙයක් ම එක ගමන්
අත්හරින්න බැහැ. ඒ සඳහා කාලයක් දෙන්න ඕන. ඒ කාලය කල්ප ලක්‍ෂ ගණණක් වෙන්නත්
පුළුවන්. අනිච්ච දුක්ඛ අනත්ත ශුන්‍ය සම්මාබෝධ කිරීම පහසු දෙයක් කියා හිතන්න එපා. ඒ අතර ශ්‍රද්ධාව ඇති කරන බලපොරොත්තු
තබා ගත හැකි මාර්ගත් තියෙන්න ඕන. අනෙක් දේ මෙන් ම බලාපොරොත්තුත්
අත්හරින්න ක්‍රමයෙන් පුරුදු වෙන්න ඕන.
අද ශ්‍රද්ධාව
වෙනුවට භක්තිය ඇති වෙලා නම් ඒක වෙනස් කරන්න කටයුතු කරමු. එය වෙන ම දෙයක්.