කාලො අයං තෙ
මේ ඔබේ කාලයයි. මේ මගේ කාලයයි. මේ අපේ කාලයයි. කාලෙකට පස්සෙ අද කාලය සඟරාව නැවත පිටවුණා. ආර්ථික ප්‍රශ්න නිසා සඟරාව නැවතුණත් කාලය නැවතුණේ නැහැ. කාලය වෙබ් අඩවියක්, බ්ලොග් අඩවියක් ලෙසත් මුහුණු පොතේ පිටුවක්, ගිණුමක් ලෙස පළ වුණා. එය ඉදිරි කාලයේත් කෙරෙවි.
මේ අපේ කාලය වන්නේ විවිධ අරුත්වලින්. 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පාමින් ඇරඹුණු කාලය අවුරුදු තිස්තුනක කාලයක ජයග්‍රහණ රැසක් අත් කර ගෙන තියෙනවා. ඒවා එකින් එක විස්තර කිරීම අනවශ්‍යයි. ඒ වගේ ම කාලය පමණක් මැදිහත් වී ඒ ජයග්‍රහණ ලබා ගත්තේ යැයි කීමට තරම් කාලය උඩඟු වන්නේවත් බොළඳ වන්නේවත් නැහැ. ජයග්‍රහණ පසු පස බොහෝ පුද්ගලයන් මෙන් ම සංවිධාන ද දකින්න පුළුවන්.
එහෙත් එක් අරුතකින් මේ කාලයේ කාලයයි. කාලය පටන් ගත් කාලයේ අපට අවශ්‍ය වූයේ බටහිර දැනුම් පද්ධතියට විකල්ප දැනුම් පද්ධතියක් නිර්මාණය කරන්න. සමාජවාදයට මාක්ස්වාදී නොවන විකල්පයක් නිර්මාණය කරන්න. ඒත් කාලයාගේ ඇවෑමෙන් මෙහි සංකල්පීය වශයෙන් වෙනස්කම් කිහිපයක් වෙලා. අප එහෙම කිවුවත් කාලය කියන වියුක්ත සංකල්පය මිනිසුන් සංස්කරණය කර ගෙන ඇත්තේ ම වෙනස් වීම තේරුම් ගන්න.
කාලය වියුක්ත වුණත් එය කාලය මැනීම සම්බන්ධ කර ගෙන සංයුක්ත කරල. මට හිතෙන්නෙ පළමුව කාලය මැනීම එහෙමත් නැත්නම් කාල අන්තරය කියන සංකල්පය කලින් හදාගෙන පස්සෙ කාලය කියන වියුක්ත සංකල්පය හදා ගෙන කියල. කොහොමත් පෑ තෑටිය ගත්තත් වත්මන් ඔරලෝසුව ගත්තත් ඒ අපට පංචෙන්ද්‍රිය ගෝචර වස්තු වෙනවා.
එදා කොහොම වුණත් අද අපි දැනුම නිර්මාණය කරනවා කියන්නේ නැහැ. අද අප කියන්නේ දැනුම සංස්කරණය කරනවා කියා. අප එකල නිර්මාණාත්මක සාපේක්‍ෂතාවදයක් ගැන කතා කළ එක ඇත්ත. ඒ නම අදත් යොදා ගත්තත් කියන්න ඕන සංස්කරණාත්මක සාපේක්‍ෂතාවාදය කියා. සංස්කරණය තමයි අවිජ්ජා පච්චයා සංඛාරා යන්නට වඩා සමීප. එහෙම තමයි, කාලයත් සමග අදහස් වර්ධනය වෙනවා.
කාලය පටන් ගත්ත කාලයේ බටහිර දැනුම එකම දැනුමය කියන මතය තහවුරු වෙලා තිබුණෙ. හාමුදුරුවරුන්ටත් බුදදහම විද්‍යාත්මක යි කියල පෙන්නන්න ඕන කම තිබුණා. අද ඒ තත්වය යම් ප්‍රමාණයකට නැති වෙලා. එදා අපට විකල්ප දැනුම් පද්ධති ගැන කතා කරන්න සිද්ධ වුණා. ඒත් අද එහෙම නැහැ. දැන් දැනුම් පද්ධති රාශියක් තිබීම ගැන යම් වැටහීමක් තියෙනවා. ධම්මික වෙදමහතාගෙ පැණිය බටහිර වෙදකමට අනුව සමත් වුවත් නැතත් බටහිර වෙදකම කියන්නෙ තවත් එක් වෙදකමක් පමණක් ය කියන එක අද යම් ප්‍රමාණයකට තහවුරු වෙලා.
ඒත් බටහිර දැනුමේ ආධිපත්‍යය තවමත් විශාල ප්‍රමාණයකට තියෙනවා. ඒ නිසා ම තමයි ධම්මික වෙදමහතාගේ පැණිය බටහිර වෙදමහත්තුරු තමන්ගෙ ක්‍රමයට අනුව ඊනියා පරීක්‍ෂාවලට ලක් කරන්නෙ. එහෙත් ධම්මික වෙද මහතාගේ පැණියෙන් හා තහවුරු වී ඇති මතවාදවලින් ඇතැම් බටහිර වෙදමහත්තුරු හොඳට ම කැලඹිලා ඒ නිසා තමයි ඔවුන් ධම්මික පැණියෙන් කොවිඩ් පොකුරු බිහි වේවා කියල දුෂ්ඨ ප්‍රාර්ථනා ඇති කර ගන්නෙ. වෙදමහත්තුරු කියා ගන්නා අය ම ලෙඩ වැඩි වේවා කියල ප්‍රාර්ථනය කිරමෙන් පෙන්වන්නේ පැණිය ඔවුන්ට කෙතරම් පෙවිල ද කියන එක.
එදා අප හිතුවෙ සමාජවාදයටත් මාක්ස්වාදී නොවන විකල්ප තියෙනවා කියල. ඒත් අද දන්නවා සමාජවාදය කියන එකත් ඇති නොවන්නක් කියල. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වැඩකට ඇති සංකල්පයක් නො වෙයි. අද අප සමාජවාදයට විකල්ප හොයන්නෙ නැහැ. ඒ කියන්නෙ අප ධනවාදයට පක්‍ෂ කියන එකවත් ධනවාදය රැක ගැනීමට ක්‍රියා කරන බවවත් නො වෙයි. අප ක්‍රියා කරන්නේ චින්තනය වෙනස් කිරීමට.
පහළොස්වැනි සියවසේ ඇති වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තමයි අද ලෝකයේම ආධිපත්‍යය දරන්නෙ. ලංකාවෙ අපේ වෑයම සිංහල බෞද්ධ චින්තනයක් ඇති කිරීමටත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමටත්. අප ධනවාදීන්වත් සමාජවාදීන්වත් නො වෙයි.
මේ අපේ කාලය වන්නේ වෙනත් දේ අතර අපේ මග ගැන අපට දැන් පැහැදිලි නිසාත් අපට ඒ මගේ යෑමට හැකි නිසාත්. අවුරුදු තිස්තුනක් කියන්නෙ පුද්ගලයකුගෙ ජිවිත කාලයෙහි විශාල කොටසක් වුණත් ජාතියක ජීවිත කාලයෙහි ඉතා කුඩා කොටසක්. පුද්ගලයකුට තම ජීවිත කාලයෙහි ඉටු කර ගන්න පුළුවන් සීමිත අරමුණක්. එහෙත් ජාතියකට අරමුණක් ඇත්නම් ඒ අරමුණ කරා යෑමට තරුණ පිරිසක් ඇත්නම් කාලය නිකරුණේ ගෙවී ගොස් නැති බව පැහැදිලියි. මේ එවැනි තරුණ පිරිසකගේ කාලයයි. එය ඔබේ කාලයයි. එය අපේ කාලයයි.