Main Logo

Thursday 28 April 2022

ආතල්ගමට නාඩගමක් ඇවිල්ල ද බොලේ

 ආතල්ගමට නාඩගමක් ඇවිල්ල ද බොලේ


ඊයේ රාහුල හිමියනි ඔබ වහන්සේ කොහේද යන ලිපිය ලියද්දී මට අවශ්‍ය වුණා පඬිනැට්ටන් වටේ යැවීමට. ආතල්ගම කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂිත තැන නොදීමට ක්‍රියා කරන තැනක්. එහි සිටින අයගෙන් රැල්ලට යන අය හැරුණු විට අනෙක් අයට සිංහල බෞද්ධ සංස්කෘතිය සමග ඇත්තේ වෛරයක්. ඔවුන්ගේ ම කසිකබල් වචනවලින් නම් ඇරියස් එකක්. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නොදෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයට යටවීමෙන්.

සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නැති කිරීම පටන් ගත්තේ කතෝලික පරංගි. ලන්දේසින් හා පසුව ඉංගිරිසින්. පසුව කී ජාතීන් දෙක උපායශීලී ව එය කරගෙන ගියා. අද කතෝලික මුස්ලිම් ආධිපත්‍යයක් යටතේ එය ආතල්ගමේ දී සිදු වෙනවා. ගල්කන්දේ ධම්මානන්ද හිමියන් චීවරය ගිගි ස්ත්‍රීන් පාමුල අතුරන්නේත් ඒ සඳහායි. එහි පසුබිමේ ඇත්තේ පට්ටම පට්ටපල් බොරුවක් වූ මාක්ස්වාදී සමාජවාදයයි. රාහුල හාමුදරුවන් ද කලක් ඔය සමාජවාදයෙන් නොමග ගිය භික්‍ෂූන් වහන්සේ නමක්. ඒ බව කීමෙන් පසු මා පහත සඳහන් ඡෙද දෙක ඇතුළත් කළා.

"එහෙත් උන්වහන්සෙ (රාහුල හාමුදරුවන්) ගිහියන් සමග එකට වාඩිවෙන්න ගිහින් භික්‍ෂුත්වය කෙළෙසුවෙ නැහැ. තමන් වහන්සේට වඳින්න එපා කිවුවෙ නැහැ. භික්‍ෂුව හා ගිහියා අතර වෙනස උන්වහන්සේ දැන සිටියා. එමෙන් ම බුදුහමෙහි ශ්‍රෙෂ්ඨත්වය පිළිබඳවත් උන්වහන්සේට හැඟීමක් තිබුණා. ඇරිස්ට හා බටහිර දැනුමට අභියෝග කිරීමට තරම් බටහිර විද්‍යාව හා බටහිර ගණිතය පිළිබඳ දැනුමක් උන්වහන්සේට නොමැති වීම අභාග්‍යයක්. අවාසනාවකට අදත් බොහෝ භික්‍ෂූන් වහන්සේට ඒ පිළිබඳ දැනුමක් නැහැ.

උන්වහන්සේගේ ගෝල නමක් ය කියන රාහුල ආයතනයේ වත්මන් අධ්‍යක්‍ෂ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ට ඇත්තේ ජනප්‍රියවාදී මනසක්. ගල්කන්දේ හාමුදුරුවන්ගේ මවට දෙමළ සම්භවයක් තියෙන බව කියනවා. ඒ කෙසේ වුවත් උන්වහන්සේට සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විය යුතු තැන නැති කිරීමේ වුවමනාව ඇති බව පැහැදිලියි. රාහුල හාමුදුරුවන්ට අවශ්‍ය වුණෙ බටහිරයන්ට බුදුදහමේ අගය කියා දීමට. උන්වහන්සේ බුදුදහම බටහිර අච්චුවට දැමීමට උත්සාහ කෙළෙත් වැරදියට නමුත් ඒ අවශ්‍යතාවට."

ගල්කන්දේ හාමුදුරුවන්ට ද ඇත්තේ ඒ කිසිදා වැඩ නොකරන කසිකබල් සමාජවාදී අදහස්. අද ඇතමුන් ආතල්ගමේ කොමියුනිස්ට් සමාජයක් දකිනවා. කිසිම නිෂ්පාදනයක් නැති ව යැපෙන අරුම පුදුම කොමියුනිස්ට් සමාජයක්. එහි ඊනියා රාජ්‍යයක් නම් නැතුව ඇති. රාජ්‍යය ඇත්තේ එය ඉදිරිපිට. ඊනියා රාජ්‍යයක් නැතත් එහි නායකත්ව සටන් තියෙනවා. කර්නර් එළවලා. කෙකරගාමින් ජෙප්පන් පරදා නායකත්වයට එන්න හදනවා. සජිත් නුවර ඉඳන් පා ගමණින් එනවා. ඒත් ඔහු නායකත්වය ගැනීමට සූදානම් නැහැ. රාජිත සජිත්ට කොකා පෙන්නන්න හදනවා. තරුණ තරුණියන් ආතල් ගන්නවා.

අද ආතල්ගම ගැන කතාකරන විට මතක්වෙන සිංදුවක් තියෙනවා. ඒ පැරණි රසාංගයක්. එඩී ජයමාන්න ගැයූ කොළොම්පුරේ ශ්‍රීයා ගීතය. එහි කියැවෙනවා තම ගමේ නාඩගමක් කොළඹ ඇවිත් ද කියන කතාව. ඒත් මෙය ගමේ නාඩගමක් නොවෙයි. නගරයේ ම නාඩගමක්. අපේ අම්මල ඇසූ දෙයක් මට මතක් වෙනවා. මේ මොන නාඩගමක් ද? එඩී ජයමාන්න ගයන ගීතයේ තියෙනවා ලජ්ජා නැති තරූණ තරුණියන් ගෝල්පීස් යෑමක් ගැන. ගීත රචකයා අවුරුදු හැත්තෑවකටත් ඉහත අද ආතල්ගම දැක්කේ කෙසේ ද? ආතල්ගමේ ට්‍රෑම්කාරයක් ප්‍රදර්ශනය කරන්න බැරි ද? අඩු තරමෙන් ඡායාරූපයක්. ආතල්ගමේ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජයදේව උයන්ගොඩට නාඩගම නිදහස් කර ගන්න බැහැ. ඔහුට කොහොමටත් නිර්මාණශීලීත්වයක් නැහැ. මා කියන්නේ සංකල්ප හා ප්‍රවාද (කතන්දර) සම්බන්ධයෙන්. අද (ජඩ) අරගලය නායකත්ව අරගලයක් බවට පත් වෙලා.

මා කසිකබල් සමාජවාදය ගැන කීමෙන් පසු ධම්මානන්ද හිමියන්ගේ මවගේ දෙමළ සම්භවය ගැන කිවුවා. එහෙත් උන්වහන්සේගේ ක්‍රියා කලාපයට හේතුව එය බව කිසි විටෙකත් කිවුවේ නැහැ. මවගේ දෙමළ සම්භවය ගැන කී විගස මා මේ වාක්‍යය ලිවුවා. ‘ඒ කෙසේ වුවත් උන්වහන්සේට සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විය යුතු තැන නැති කිරීමේ වුවමනාව ඇති බව පැහැදිලියි.’ එයින් කියැවුණේ මවගේ දෙමළ සම්භවය මෙහි දී අදාළ නොවන බවයි. එහෙත් පඬි නැට්ටන් මා සිතූ පරිදි ම වටේ ගියා. ඔවුන් හිතන්නේ මා සියල්ල මේ දෙමළ කතාවකට ඌනනය කරන බවයි. ඔවුන්ට ලිපි සමූහයක් තබා ඡෙදයක්වත් තේරුම් ගන්න බැහැ. මොන විද්‍යාවක් හැදෑරුවත් මොන උපාධියක් ලබා ගත්තත් පඬිනැට්ටා පඬිනැට්ටාමයි.

දෙමළ ජාතිවාදයත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ම නිර්මාණයක් බව මා කොතෙකුත් කියා ඇති. ආතල්ගමේ දෙමළ හින්දු නියෝජනත්වයක් නැහැ. මෙය දෙමළ ජාතිවාදය මත පදනම් වූවක් නො වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මෙහෙයීම මත සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව කතෝලික මුස්ලිම් සංධානයකින් කෙරෙන්නක්. ගෝටා ගෝ අවසන් වීමට නියමීිත ව තිබුණේ බුද්ධා ගෝ සටන්පාඨයෙන්i. එහෙත් ලංකා වසන්තය උදාවන්නේ නැහැ. ගෝටා ස්ටේ (නොයනු) ව්‍යාපරයක් දැන් රටේ වර්ධනය වෙනවා. එපමණක් නොවෙයි මහින්ද ස්ටේ (නොයනු) ව්‍යාපාරයකුත් ඒ සමග වර්ධනය වෙනවා. ගෝටා ගෝ වෙනුවට ආතල් ගෝ කියා ළඟදිම කියාවි. දෙමළ ජාතිවාදය ඇති වුණෙ තමිල්නාඩුවෙ. එය කතෝලික පූජකවරුන් ආරම්භ කෙළෙ හින්දුත්වයට විරුද්ධ ව. ඉන්දියාවෙත් හින්දුත්වයට විරුද්ධව මුස්ලිම් කතෝලික ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. ආතල්ගමේ සිද්ධවෙන දේ ගැන ඉන්දියාවට වැටහීමක් තියෙන්න ඕන.

ඊයේ ලිපිය පළ කිරීමෙන් පසු මට ධම්මානන්ද හිමියන් ගැන තවත් තොරතුරු ගලා ආවා. අර පරගොඩ පන්සලෙන් අම්පාරෙ ගල්කන්දේ පාසලට වැඩම කළ හාමුදුරුවන් නන්දාලෝක හාමුදුරුවො. අද ඔහු කොළඹ ප්‍රදේශයේ ජීවත් වෙනවා කියනවා. මා ඔහු කීවේ දැන් ඔහු උපැවිදි වෙලා පන්සල අත්හැර පවුල් වෙලා නිසා. ඔහු විවාහ වී සිටින්නේ කා සමග දැයි දැන ගැනීමට අවශ්‍ය නම් ධම්මානන්ද හිමියන් හමුවන්න. තවත් තොරතුරකින් කියැවුණේ ධම්මානන්ද හිමියන් ඉන්දියාවේ අධ්‍යාපනය ලබද්දී දෙමළ මහතකු උපකාර කළ බවයි. මේ හුදෙක් පඬිනැට්ටන්ගේ දැනගැනීම පිණිස මිස ආතල්ගමේ චීවර ඇතිරීම ගැන කීමට නො වෙයි.

මුස්ලිමුන්ට මෙන් ම කතෝලිකයන්ට ද සිංහල බෞද්ධ සංස්කෘතියෙන් සැලකුම් ලැබුණා. කතෝලික පරංගි පැමීණීමෙන් පසු මුස්ලිමුන්ට අතවර හිරිහැර සිදු වූ විට ඔවුන්ට පිහිටට ආවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ රජවරු. කතෝලිකයන්ට රෙපරමාදු ලන්දේසීන් හිරිහැර කළ විට ඔවුන්ට පිහිට වූයේත් සිංහල රජවරු. කතෝලිකයන්ට ආගම ප්‍රචාරය කිරීමට හාමුදුරුවරුත් උපකාර කළා. ජුසේ වාස් ශාන්තුවරයා පැමිණියේ ලන්දේසින් මෙරට සිටි කාලයේ. ශාන්තුවරයා කතෝලික ආගම ප්‍රචාරය කෙළේ රජතුමාගේ ආධාරයෙන්. ආගමක් නොඇදහූ සිංහලයන් ආගම් ප්‍රචාරයට අවහිර කෙළේ නැහැ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ සහනශීලීත්වය.

සිංහල බෞද්ධ සංස්කෘතිය අනෙක් බොහෝ සංස්කෘතීන් මෙන් විශ්වාසය මත පදනම් වන්නේ නැහැ. නිවන ගැන ඇති කෙටි ලිපිය කියවන්න. විවිධ ක්‍රිස්තියානි ආගම් හා ඉස්ලාම් ආගම අතර නම් නම් යුද්ධ ඇති වුණා. ඒ විශ්වාසය මත පදනම් වීම නිසා. සිංහලයන් නැගී සිටියේ මෙතෝදිස්තයන් හා ක්‍රිස්තියානින් බුදුදගමට අපහාස කළ නිසා. පංච මගා වාද හා ගුණානන්ද හාමුදුරවන් එහි ප්‍රතිඵල. එහෙත් එහි දී ද ආගම් කතාවක් සිංහලයන්ට ඇති වුණේ නැහැ. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියක ජීවත් වුණා.

ආගම් කතාව ආවෙ ඕල්කට්තුමාගෙන් පසුව. ඒ ඉතිහාසය ලියන්න ඕන. අද කළ හොඳ පස්සෙන් එළවීමක් දකින්න පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතියට තිබිය යුතු විශේෂත්වය නැති කිරීමට අද ඇතැම් ඊනියා සිංහලයන් ද කටයුතු කරනු පෙනෙනවා. ශබ්ද විකාශනවලින් කෙරෙන මුස්ලිම් යාඥාවලට විරුද්ධ නොවන ඔවුන් පිරිතට විරුද්ධ වෙනවා.