බටහිර විද්‍යාවේ හා හේතුවාදයේ කඩා වැටීම
බටහිර විද්‍යාව ගැන බොහෝ දෙනා කියන බොහෝ දේ සාවද්‍යයි. මා කියන්නේ
පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන සූත්‍රය ගැන පමණක් නො වෙයි. එය බටහිර විද්‍යාවේ ක්‍රමය යනුවෙන්
වැරදි මතයක් සමාජයේ පැතිරිලා. ඒ අතර බටහිර විද්‍යාව ආනුභවික කියලත් මතයක් පවතිනවා.
ඒ අතර ම හේතුවාදය (බුද්ධිවාදය) ගැනත් කතා කරනවා. බොහෝ දෙනා හිතන්නේ මේ දෙක
එකම පදනමක කියා. ඒත් ඒ දෙක දෙකක්. බුද්ධිවාදයෙ ආනුභවිකයක් නැහැ. යම් ප්‍රස්තුතයකින්
පටන්ගෙන නිගමන (අපෝහනය) කිරීම තමයි එහි කෙරෙන්නෙ. ඒ නිගමන නිරීක්‍ෂණය කරන්නවත් එහි
පෙළඹෙන්නෙ නැහැ. බටහිර විද්‍යාවෙ එක දෙයක් වෙලා තියෙනවා. ඒ ආනුභවිකයයි හේතුවාදයයි
එකතු කිරීම. ඒකත් කරලා තියෙන්නෙ ප්‍රතිපත්තියක් මත නො වෙයි, අවස්ථාවාදී ව. ඒ මදිවාට බුද්ධිවාදය හා හේතුවාදය
දෙකමත් එකක් නො වෙයි.