සරල රේඛාවක් කියන්නෙ කුමක් ද
මුහුණු පොතේ ප්‍රතිචාරවලට පිළිතුරු දීමට මට පුළුවන්. ඔවුන්ගේ ප්‍රතිචාරවල ඇති අතාර්කිකබව, නොදැනුවත්කම බොරු පඬිබව පෙන්වාදීමට හැකියි. ඒත් මේ ප්‍රතිචාරවලට පිළිතුරු දීමට ගියොත් මට වෙන කිසිවක් ලියන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ කතාවලට පිළිතුරු දීම චින්තන පර්ෂදයේ සිටි හා සිටින අයට පැවරෙනවා. ඒත් ඔවුන් එය කරන බවක් පෙනෙන්නේ නැහැ. එය තරමක් කණගාටුවට කරුණක්.
පුවත්පත්වල ඇති වූ වාදවල දී මා පිළිතුරු දී තිබෙනවා. එහි දී කතුවරයාගේ කතුරට ඇතැම් දේ කැපෙනෙවා. කතුවරු තමන්ට අවශ්‍ය තැනක දී විවාදය නවත්වනවා. මැතක දී මේ සම්බන්ධ හොඳම උදාහරණය විදුසර කතුවරයා අශෝක අමරතුංග සමග පැවැත්වූ වාදය නැවැත්වීමට ගත් පියවර. මෙරට තර්ක කිරීමට නොදන්නේ තරුණයන් පමණක් නොවෙයි. ඊනියා මහාචාර්යවරුන්, විදග්ධ ජනමාධ්‍යකරුවන් ලෙස පෙනී සිටින්නන් ද තර්ක කරන්නේ අවුල් මනසකින් හා අසම්පුර්ණ දැනුමක් සහිතව. කිසිවකුට සම්පුර්ණ දැනුමක් ලබාගන්න බැහැ. මෙජි දී මා අසම්පූර්ණ දැනුමක් යන්නෙන් අදහස් කරන්නේ තමන් කියන දේ පිළිබඳවවත් වැටහීමක් නැති බව.