Main Logo

Monday 28 February 2022

චින්තන පරෂදය යුක්‍රේනය හා බත් පිඟාන

 

චින්තන පරෂදය යුක්‍රේනය හා බත් පිඟාන

 

ඉඳහිට චින්තන පර්ෂදයට මුදල් ආධාර ලැබෙනවා. හඳුන්නෙත්තිට හා රනිල්දාසට තරම් නැති වුවත් අපේ හිතවතුන් මුදල් එවනවා. ඊයේ පෙරේදාත් එංගලන්තයේ එක් ප්‍රාන්තයක (කෝරළයක) වෙසෙන අයකු රුපියල් ලක්‍ෂයකට චෙක්පතක් එවා තිබුණා. අප එයත් ගෞරවයෙන් ස්තුති පූර්වක ව ප්‍රතික්‍ෂෙප කළා. අද චින්තන පර්ෂදයෙන් වෙන එක ම කාර්යය වෙබ් අඩවියක මේ ලිපිය පළකිරීම පමණයි. සකර්බර්ග් නොමිළයේ පළ කරන නිසාත් එමගින් යම් පිරිසක් ලිපිය කියවන නිසාත් අප ඔහුටත් ලිපිය යොමු කරනවා. සතපහකට වැඩක් නැති අනාථ කඳවුර සඳහා නම් නොවෙයි. ඔවුන්ගෙන් රටට කිසිම බලපෑමක් වන්නේ නැහැ. ඔවුන් නර්මාලාප හා නිර්මාලාප කියවනවා පමණයි.

Sunday 27 February 2022

යුක්‍රේනය ලංකාව හා පඬි නැට්ටෝ

 

යුක්‍රේනය ලංකාව හා පඬි නැට්ටෝ

 

ඇතැමුන් යුක්රේනය, රුසියාව හා බටහිරයන් සමග ලංකාව, ඉන්දියාව හා බටහිරයන් සංසන්දනය කරනු දකින්න පුළුවන්. ඉන් එකක් පමණක් පැහැදිලි වෙනවා. ඒ මෙරට පඬියන්ගේ පඬි පෝතකයන්ගේ හා පඬි නැට්ටන්ගේ බුද්ධිමය දරිද්‍රතාව. යුක්රේනය ඉතිහාසයේ යම් කලක් රුසියාවේ කොටසක් ව පැවතියා. එය සාර් යුගයේ සිට ම පැවත එන්නක්. රුසියන් විප්ලවයෙන් පසු වෙනසක් සිදු වූයේ නැහැ. යුක්රේනයේ උපන් ලියොන් ට්‍රොට්ස්කි රතු හමුදාව මෙහෙයවූවා. ඔහු තමයි සෝවියට් දේශයේ පළමු විදේශ ඇමති. විප්ලවයෙන් පසු යුක්රේනය සෝවියට් දේශයෙන් වෙන් වුණේ නැහැ.

Saturday 26 February 2022

ප්‍රශ්නය චින්තනය හා ජර්මනිය මිස යුක්රේනය නොවෙයි.

 

ප්‍රශ්නය චින්තනය හා ජර්මනිය මිස යුක්රේනය නොවෙයි.

 

යුද්ධය බියකරුයි. ඉන් වඩාත් ම විපතට පත්වන්නේ ස්ත්‍රීන් හා ළමුන්. ඊනියා මානව හිතවාදීන් යුද්ධයට විරුද්ධයි. ඒ තමන්ට යුද්ධය දිනන්න බැරි නම්. තමන්ට තම මතය සනාථ කිරීමට ඊනියා සාධක නැත්නම්. යුක්රේනයේ යුද්ධයක්. එය පළමු යුද්ධයවත් අවසාන යුද්ධයවත් නො වෙයි. ප්‍රශ්න විසඳෙන්නේ සාකච්ඡාවලින් නොව අවියෙන්. අප කැමති වුණත් නැතත් වැඩ කෙරෙන්නෙ එහෙමයි.

Friday 25 February 2022

ඊනියා බුද්ධිමතුන් හා ගිය හකුර

 ඊනියා බුද්ධිමතුන් හා ගිය හකුර

 

අපි රුසියාවෙ ප්‍රශ්නෙ පස්සෙ කතා කරමු. පුටින් ප්‍රශ්නය හොඳින් කළමනාකරණය කරාවි. අපේ ප්‍රශ්නවල දී රුසියාව අපට ආධාර කළා. ඒ බව අමතක කරන්න හොඳ නැහැ. බටහිර රටවල් දැන් බලවත් නැහැ. ගමේ හිටපු රාළහාමි චරිතය තමයි ඔවුන් රඟපාන්නෙ. එහෙත් බටහිරයන් රුසියාවෙ ඊනියා යුද විරෝධයක් ඇති කරන්න උත්සාහ ගන්න බව පේනවා. යුද විරෝධී නම් බටහිරයන්ට තියෙන්නෙ නේටෝව හා එවැනි අනෙක් සංවිධාන විසුරුවා හරින්න. එවිට ලෝකයේ යුද තත්වය සෑහෙන ප්‍රමාණයකින් අඩු වේවි. යුක්‍රේනයෙ  ප්‍රශ්නයට නේටෝවත්  වග කියන්න ඕන.

Thursday 24 February 2022

සුනිල්ගේ විප්ලවය හා අනෙක් සුනිල්

                 සුනිල්ගේ විප්ලවය හා අනෙක් සුනිල්

 

සුනිල් මාධව ප්‍රේමතිලක මිය ගිහින්. මට ඔහු කෙරෙහි තිබුණේ සුහද හැඟීමක් නොවෙයි. ලක්මිණේ එකල වැඩ කළ බොහෝ දෙනකු පිළිබඳ මට සුහද හැඟීමක් නැහැ. ඒ ගැන මා කලින් කියා ඇති.  මේ ලිපිය සුනිල් මාධව පිළිබඳ සටහනක් ද නොවෙයි. මෙය ඊනියා විප්ලවවාදීන්ගේ බුද්ධිය හා හදවත අතර කතාවක්. නැහැ මෙය පඬි නැට්ටන්ගේ ඊනියා ද්වයංගී (binaries) කතාවක් ද නොවෙයි. පඬිනැට්ටන් දන්න ද්වයංගියක් නැහැ. මා දන්නවා මෙරට ඊනියා විප්ලවවාදීන් සුනිල් මාධවට ආදරය කළ බවත් මට ආදරය නොකරන බවත්. එහෙත් මා ඔය ආදරය කියන එක පඬි නැට්ටන්ගේ අර්ථයෙන් දන්නේ නැහැ. අද ඔවුන් ආදරය කියන වචනය කැමති කියන්නෙහි පර්යාය පදයක් ලෙස ව්‍යවහාර කරනවා.

Wednesday 23 February 2022

අපි ඔක්කොම පඬියො ඔක්කොම ණය කාරයො

 අපි ඔක්කොම පඬියො ඔක්කොම ණය කාරයො


ජනමාධ්‍යට මෙතරම් හොඳ කාලයක් තවත් නොතිබී ඇති. ඩොලර් අර්බුදය හා සම්බන්ධ ප්‍රශ්න රාශියක් තියෙනවා. තෙල් විදුලිය පොහොර ඉන් ප්‍රධානයි. ඊනියා වොයිස්කට් ගන්න ඕන තරම් ජනයා ඉන්නවා. මාධ්‍ය සාකච්ඡා දවසකට තුන හතරක් වුණත් තියන්න පුළුවන්. ආචාර්ය මහාචාර්යවරුන් තම ඊනියා ප්‍රාමාණික දැනුම ලබා දීමට සෑදී පෑදී ඉන්නවා. අර වත්මන් සමාජයේ ව්‍යවහාරයක් අනුව ඔවුන් කන්ටේනර් ටෝක් දෙනවා. සමහරු කන්ටේනර ඇතුළෙ සමහරු පිට. වරායෙ කන්ටේනර අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියන්න පුළුවන් අය අපට ඒ පිළිබඳ දැනුම බෙදා දෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරනවා. පොඩි අඩුපාඩුවක් පමණයි තියෙන්නෙ. ඔවුන්ට විසඳුම් නැහැ. ඒක ගණන් ගන්න එපා. අවශ්‍ය සාකච්ඡාවයි.

Tuesday 22 February 2022

22222

 22222  

၂၂၂၂၂

 

අද මියන්මා වැසියන්ට ඉතා සුබ දවසක්. ඒ දිනය දෙකේ ඉලක්කම්වලින් පමණක් හරි දෙකේ ඉලක්කම් වැඩිම ප්‍රමාණයකින් හරි ලියන්න පුළුවන් නිසා. එවැනි දිනයක් ක්‍රිස්තු වර්ෂ යටතේ කලින් ලැබී නැහැ. නැවත ලැබෙන්නෙත් නැහැ. අවශ්‍ය නම් අද  දිනය    ၂၂၂၂၂ කියා ලියන්න පුළුවන්. නැත්නම් ඉංගිරිසි ක්‍රමයට ශූන්‍යය ද සහිත ව ၂၂၀၂၂၂  ලෙස ලියන්න පුළුවන් ඇමරිකන් ක්‍රමයට ၀၂၂၂၂၂  ලෙස ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිංහල ක්‍රමයකට ၂၂၀၂၂၂ කියා ලියන්න පුළුවන්. දෙදහස විසිදෙක කියා අවුරුද්ද ලියුවොත් එය පිළිවෙළින් ၂၂၀၂၂၀၂၂, ၀၂၂၂၂၀၂၂, ၂၀၂၂၀၂၂၂ ලෙස ලියැවෙනවා. මෙහි යනුවෙන් ලියැවෙන්නේ බුරුම 2 ඉලක්කමයි.

Monday 21 February 2022

කතෝලික සභාව මෛත්‍රිපාල හා නිලන්ත ජයවර්ධන

 

කතෝලික සභාව මෛත්‍රිපාල හා නිලන්ත ජයවර්ධන

 

කතෝලික සභාවට ලංකාවේ විශේෂ බලතල නැති බව කාදිනල්තුමාත් දන්නා බවට සැකයක් නැහැ. ලංකාවේ තබා ලෝකයේවත් අද එවැනි බලතල නැහැ. පහළොස්වැනි සියවසට පෙර නම් පාප්වහන්සේ මුළු බටහිර යුරෝපය ම පාලනය කළා. පාප්වහන්සේ ලෝකය පෘතුගීසීන් හා ස්පාඤ්ඤයන් අතර බෙදුවේ පහළොස්වැනි සියවස අග භාගයේ දී. එහෙත් එය ම කතෝලික සභාවේ බලය හීන වීමට හේතුවක් වුණා. බටහිරයන්ගේ ව්‍යවහාරය අනුව එය අවසානයේ ආරම්භය වුණා. එකල පාප්වහන්සේ නොදැන සිටි කාරණය වූයේ කතෝලික ආධිපත්‍යය වෙනුවට ක්‍රිස්තියානි ආධිපත්‍යයක් ඇති වීම ආරම්භ වී තිබුණු බව. බටහිර යුරෝපය කතෝලික චින්තනයෙන් කැඩී ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පිය නගමින් සිටි බව. වැඩි කල් නොගොස් ජර්මනියේ මාටින් ලූතර් පූජකතුමා 1517 දී පාප්වහන්සේට විරුද්ධ ව පෝස්ටරයක් ඇලෙවුවා.

 

Sunday 20 February 2022

එදා වේල ටුවර්ස්

 එදා වේල ටුවර්ස් 


පෝරු මස්තකයේ දෑඟිලි පැටලීම ගැන අප කවුරුත් දන්නවා. එය බමුණු චාරිත්‍රයක් බවයි මගේ වැටහීම. එය එසේ වුණත් නැතත් අප බමුණන්ට බනිමින් බමුණු කතා කියන අය. ද්වංගුල පඤ්ඤා කියන්නෙත් බමුණු කතාවක්. ඒ පාලි යෙදුම බමුණන්ගෙ නො වෙයි. ඔවුන් එය කියන්න ඇත්තෙ සංස්කෘතෙන්. එය සිංහලට දෑඟිලි නුවණ කියා කියන්න පුළුවන්. දෑඟිලි නුවණ කියන එක හැඳිමිටේ දිග කියල සිංහලයන්ගෙ බමුණු ව්‍යවහාරෙ යෙදෙන්නෙ. 

Saturday 19 February 2022

නූතනත්ව වෛද්‍ය සහතිකය හා පශ්චාත්නූතනවාදියෝ

නූතනත්ව වෛද්‍ය සහතිකය හා පශ්චාත්නූතනවාදියෝ

 

මෙම ලිපිය පසුගිය ජනවාරි 23 වැනි දා හා එයට පෙර වමාලා ගැන පළ වූ ලිපි හා සම්බන්ධයි. ශ්‍රී ල නි ප ඇතිවීමෙන් පසු මෙරට පැරණි වමට යම් ආකර්ෂණයක් තිබුණා නම් එය නැති වී ගියා. පැරණි වමට එකල ඇතැමුන් ආකර්ෂණය වුණේ ඊනියා මාක්ස්වාදී විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමට නොව ජාතිකත්ව නිදහසක් දින ගැනීමට. ඇතැම් ජාතිකවාදීන් එකල එ ජා පක්‍ෂයටත් සහාය දැක්වුවා. ඒ අයට ඩී එස් සේනානායක නිදහස දිනාගත් නායකයා වුණා. ඔවුන්ට ඩොමීනියන් නිදහස හා පූර්ණ නිදහස අතර වෙනස තේරුණේ නැහැ. කොහොමටත් ඇතැම් සිංහලයන් එංගලන්ත රජුට කැමැත්තෙන් හිටියා.

Friday 18 February 2022

ඇරිස් කතෝලික සභාව හා පාස්කු ප්‍රහාරය

 

ඇරිස් කතෝලික සභාව හා පාස්කු ප්‍රහාරය

 

කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව තවමත් පාස්කු ප්‍රහාරය පිළිබඳ මහා මොළකරු කවුදැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය කර නැහැ. එහෙත් ඒ කවුදැයි ඔවුන් දන්නා බව ඔවුන්ගේ කතාවලින් කියැවෙනවා. සමහරවිට දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඉවසීම පරීක්‍ෂා කරනවා වෙන්න පුළුවන්. කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් පසුවන ලෙස මා කිව යුතු නැහැ. ඔවුන් ඉහළ ම බැතිමතුන්. 

Thursday 17 February 2022

විජේවීර ප්‍රභාකරන් හා තීක්‍ෂණ

 

විජේවීර ප්‍රභාකරන් හා තීක්‍ෂණ

 

මහීෂ් තීක්‍ෂණ ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් (IPL) තරගවල දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකිරීමට මිල දී ගැනීම පිළිබඳ ව විරෝධයක් තමිල්නාඩුවෙන් මතුවෙලා. ඔහු රණවිරුවෙක් නිසයි විරුද්ධ වෙනවා කියන්නෙ. ඔහු හමුදාවත් සමග තිබූ සම්බන්ධකම කුමක් ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් ඔහු කතෝලික පාසලක් වූ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. කාදිනල්තුමාට මේ ගැන යමක් කියන්න තියෙනවා ද? මේ සිද්ධියේ මහාමොළකරු කවු ද?

Wednesday 16 February 2022

අශූචි ජනමාධ්‍ය

 

අශූචි ජනමාධ්‍ය

 

චමුදිතගෙ නිවසට අශූචි පහරක් එල්ල කරල. එය අශූචි වැඩක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. සර්වතොභද්‍ර වේෂයක් දරණ  ඩලස් අලහප්පෙරුම අශූචි ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැකලා. ඩලසුත් ජනමාධ්‍යවේදියෙක්. ඔහු පළමුවෙන් ම වැඩ කෙළෙ ලක්මිණ පුවත්පතේ. ඒ අවුරුදු තිහකට පමණ පෙර. ලක්මිණ අයිතිකරු වූයේ තිලක් කරුණාරත්න. බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ හා මා උපදේශකවරුන් වුණා. ගෙවිඳු කුමාරතුංගත් විශාල වැඩ කොටසක් කළා. ඔහු එකල ශිෂ්‍යයෙක්.  එහි කතුවරයා ලෙස පත්කෙරුණේ සුනිල් මාධව. එහෙත් තීරණය පරිදි කතුවැකි ලිවුවේ මා. ඒ පුවත්පතට විමල් වීරවංශත් චම්පක රණවකත් වෙනත් නම්වලින් ලිවුවා. ජනරංජන එහි කාටුන් චිත්‍ර ශිල්පියා වුණා.

Tuesday 15 February 2022

ආණ්ඩුව බය ඇයි?

 

ආණ්ඩුව බය ඇයි?

 

අපි කාට ද බය අපිට කවුද බය කියා කතාවක් තියෙනවා. මා නම් හිතන්නේ ආණ්ඩුව හැමෝට ම බයයි. ආණ්ඩුවට කිසිවකු බය නැහැ කියා. එය පුදුමයක් නො වෙයි. මේ ජෙනීවා සෘතුවයි. කොහොමටත් බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුවට වට්ටන්න බලන් ඉන්නෙ. අප චීනය තරහ කර ගත්තා. අප රුසියාවෙන් හා යුක්‍රේනයෙන් බලාපොරොත්තු වන්නේ සංචාරකයන් පමණ ද? අපට එක්සත් ජාතීන්ගේ විවිධ මණ්ඩලවල පිහිටට හිටියේ රුසියාව හා චීනයයි. අප දැන් ඒ රටවල් අත්හැරදාල ද? රවි කුමුදේශ්ලාට මෙතරම් බලයක් ලැබෙන්නේ බටහිර ඊනියා මානව අයිතිවාසිකම් කතා මගින් පතුරවන ආධිපත්‍යය නිසා. උපුල් රෝහණලා සමන් රත්නප්‍රියලා සහාය දැක්වූ ආණ්ඩුවල ජේ ආර් හා ප්‍රේමදාස වෘත්තීය සමිතිවලට කිසිම ඉඩක් දුන්නේ නැහැ. ජූලි වැඩ වර්ජකයන් ගැන දැන් කාටත් අමතකයි. වික්‍රමබාහුටත් අමතකයි. ඔහු රනිල් සමග එකතු වෙලා මේ ආණ්ඩුවට විරුද්ධ ව. බටහිරයන් ජේ ආර්ට විරුද්ධ ව කළේ කුමක් ද? ඉන්දියාව වෙල්ලාලයන් හා දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් ජේ ආර් බය කරන තෙක් ඔහු කිසිවකුට බය වුණේ නැහැ.

Monday 14 February 2022

ඩොලර්වලට 13+ දෙනවා ද?

 

ඩොලර්වලට 13+ දෙනවා ද?

 

අපේ විදේශ ප්‍රතිපත්තියේ තරමක වෙනසක් වෙලා. විදේශ ඇමති ජී එල් පීරිස් කියන විධියට ඉන්දු ලංකා සම්බන්ධතා දැන් ඉතා ඉහළ තත්වයකට පත්වෙලා. ඒ කියන්නේ ඉන්දු ලංකා සම්බන්ධතා ගැන ඉන්දියාව සතුටින් ඉන්න බවයි. ඉන්දියාව සතුටු වන්නෙ ඉන්දියාවට ඕන විධියට වැඩ සිද්ධ වෙන නිසා. ඉස්සරත් එහෙමයි. ඒ කාලෙ ඉන්දියාව කියා රටක් නොතිබූ බව ඉන්දියන් විරෝධී පඬියකු කියන්න පුළුවන්. ඒත් එහි යම් සම්ප්‍රදායක් තිබුණා. එය බමුණු සම්ප්‍රදායක්. බමුණු සම්ප්‍රදායට තදින් පහර වැදුණෙ බුදුදහමින්. එදා ඉඳලා බමුණන් බුදුදහමට තදින් විරුද්ධයි. බුදුදහම රැකගත් අපටත් විරුද්ධයි. ඉන්දියාවට මොන ආකාරයකට හරි බෞද්ධකමක් ගෑවිලාවත් තියෙන රටවල් එක්ක හොඳින් ඉන්න බැහැ. තිබ්බතය චීනය උදාහරණ. බෞද්ධ නොවන රටවල් යටත් කර ගන්න එක ඉන්දියාවට පහසුයි.

Sunday 13 February 2022

වර්ජකයන්ට අලි පිහිටයිි

 

වර්ජකයන්ට අලි පිහිටයිි

 

සමන් රත්නප්‍රිය වැඩවර්ජනය, ඔහු කියන විධියට තාවකාලික ව අත්හැරලා. සජිත් රාජිත ආදීන් මොකද කියන්නෙ. රත්නප්‍රිය තම  වැඩේ පාවල දීල ද? ජෝසෆ් ස්ටැලින් හා මහින්ද ජයසිංහ මොනව කරනවා ද දන්නෙ නැහැ. මොවුන් පාදෙණිය අනුව යමින් වැඩ වර්ජනය කරල ආණ්ඩුව පෙරළන්න මහන්සි ගන්න අය. මා ඊයේත් කිවුවෙ පාදෙණියට සෞඛ්‍ය ලේකම් ධුරය ලබා දුන්න නම් ප්‍රශ්න ඉවරයි.

Saturday 12 February 2022

සුනිල් රත්නප්‍රිය රවි කුමුදේශ් කොයිබට ද?

 

සමන් රත්නප්‍රිය රවි කුමුදේශ් කොයිබට ද?

 

සමන් රත්නප්‍රිය හා රවි කුමුදේශ් තම ආධාරකරුවන් කිසිවකුත් නැතුව කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන් (ඔවුන් සැලසුම් කර එවන ඊනියා රෝගීන් නොව) බැලීමට ගොස් තමන් වැඩවර්ජනය කරන්නේ රෝගීන් වෙනුවෙන් යැයි කියන මෙන් ඉල්ලා සිටිනවා. ජෙප්පන් හා සෙප්පන් (පෙරටුගාමීන්) පොලිස් භටයන්ට කියන්නේ තමන්ගේ අරගල ඒ භටයන්ගේ දරුවන් වෙනුවෙන් කියා. ඔවුන් කියන්න පුළුවන් මට අපෝහකය නොතේරෙන නිසා මනස්ගාත කියවනවා කියා.

Friday 11 February 2022

සිංහල බෞද්ධත්වයට එරෙහිව ක්‍රිස්තියානි නූතනත්වයට කඩේ යන බමුණු කේවට්ටයෝ

 

සිංහල බෞද්ධත්වයට එරෙහිව ක්‍රිස්තියානි නූතනත්වයට කඩේ යන බමුණු කේවට්ටයෝ

 

ඊයේ ලිපියේ පාණදුරේ ගැන සඳහන් වූ දේ මා දන්නා තරමින් පොතක පතක තියෙන දෙයක් නො වෙයි. ඒ මා අසා ඇතිි දෙයක්වත් නො වෙයි. එය මගේ සංස්කරණයක්. එය වැඩ කරනවා ද නැත් ද කියා මා කියන්නේ නැහැ. එය වත්මන් සිද්ධි (facts) නැත්නම් කරුණු සමග සංගතයි. කාලෝ ෆොන්සේකාට නම් සිද්ධි පූජනීයයි (facts are sacred). සිද්ධි යන්න බටහිර යොදා ගැනෙන්නේ සත්‍ය යන්න සමග සාම්‍යව . මෙරියම්  වෙබ්ස්ටර්  සිද්ධි නිර්වචනය කරන්නේ මෙසේයි.  Something that has actual existence, an actual occurrence, a piece of information presented as having objective reality.  එහෙත් අපට යථාර්ථය සත්‍යය ආදිය නැහැ. මිනිසුන් සංස්කරණය කර ඇති දේ යම් සම්භාවිතාවක් සහිත ව වැඩ කරනවා. සිද්ධිත් එසේමයි. ඒ ඒ සිද්ධිවලට ඇත්තේ ඒ ඒ සම්භාවිතා.

Thursday 10 February 2022

සල්ගාදු පිටියේ ඈතින් සිට

 

සල්ගාදු පිටියේ ඈතින් සිට

 

ඊයේ අනුරාධපුරයේ පැවති රැස්වීම සාර්ථකයි. පොදුජන පෙරමුණේ වැටීම බලාපොරොත්තු වූ පඬියන්ට පඬිනැට්ටන්ට බටහිරයන්ට ඉන්දියාවට සහ තවත් විජාතිකයන්ට එය අතුල් පහරක් වුණා. මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි ඉලක්ක කරගත් රැස්වීමක් සමග එය සංසන්දනය කරන්න බැහැ. මැතිවරණ ආසන්නයේ රැස්වීම්වලට එන සෙනග වෙනත් කාලයක පවත්වන රැස්වීම්වලට එන්නේ නැහැ. ඊයේ රැස්වීම 2019 රැස්වීම සමග සංසන්දනය කරන්න බැහැ. 2019 දී මාත් රැස්වීමට සහභාගි වුණා. ඒත් ඊයේ ගියේ නැහැ. ඒ සජිත්ට පක්‍ෂ ව නො වෙයි.      

Wednesday 9 February 2022

නූතන බමුණු ආධිපත්‍යය හා ථෙරවාදය

 

නූතන බමුණු ආධිපත්‍යය හා ථෙරවාදය

 

ධරමය නායකත්වයෙහි තබා කටයුතු කිරීමේ දී ඇති වන ප්‍රශ්න  දෙක අප පෙබරවාරි හත්වැනි දා මගේ නොවන මගේ ම ථෙරවාදය ලිපියෙහි සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න දෙක එකිනෙකට සම්බන්ධයි.  පළමුවෙන් ම බුදුහාමුදුරුවන් දෙසූ ධර්මය කුමක් දැයි නො දැනීම. ඒ නිසා ම අද විවිධ ධර්ම ලෝකයේ තියෙනවා. ඒ සියල්ල ඒ ඒ අයගේ අර්ථකථන. මහායාන, හීනයාන, තන්ත්‍රයාන යනුවෙන් දළ වශයෙන් ඒ කොටස් කරන්න නැත්නම් වර්ග කරන්න පුළුවන්. ථෙරවාදය ගොනු වන්නේ හීනයාන යටතේ. මහායානය අද ඇත්තේ ජපානය, කොරියාව වැනි රටවල. මට දැනෙන ආකාරයට බමුණු මත වැඩියෙන් ම ඇතුළු වී ඇත්තේ මහායානයට. අනෙක් යානවලත් බමුණු මත නැතුවා නො වෙයි.

Tuesday 8 February 2022

මූසිලටත් වඩා අසාධාරණ ලංකා වසන්තයේ වෘත්තීය සමිති නායකයෝ

 

මූසිලටත් වඩා අසාධාරණ ලංකා වසන්තයේ වෘත්තීය

 සමිති නායකයෝ

 

මේ ආණ්ඩුව පෙරළීම බටහිරයන්ගේ මූලික බලාපොරොත්තුවයි. බටහිරයන් දින පනස්දෙකේ ආණ්ඩුවවත් ඉවසුවේ නැහැ. දින පනස්දෙකේ ආණ්ඩුව පෙරළීම සඳහා බටහිරයන් මංගලලා පමණක් නොව යටත්විජිතලා රනිල්දාසලා ඇතුළු යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ල නිප විරෝධී කණ්ඩායම සමග එක් වී කටයුතු කළා. අවාසනාවකට අපේ දේ රැකගැනීමට නිතර දෙවේලේ කතාකරන අයත් හුදු පෞද්ගලික කරුණු මත රනිල්ලා සමග එකතු වුණා. ඒ සියලු දෙනා එකතු වී සකස් කළ විශ්වාසභංග යෝජනාව තමයි යටත්විජිත මීටර් සීයේ වාර්තාව කඩා පාර්ලිමේන්තු ලේකම්ට භාරදුන්නෙ.

 

Monday 7 February 2022

මගේ නොවන මගේ ම ථෙරවාදය

                               මගේ නොවන මගේ ම ථෙරවාදය

 

ඊයේ අප ලිපිය අවසන් කෙළේ බුදුන්වහන්සේ දේශනා කළ පරිදි ධර්මය නායකත්වයේ තබා ගෙන වැඩ කිරීමේ දී එය බිඳ වැටෙන්නට ඇති ඉඩකඩ ගැන සඳහන් කරමින්. පළමුවෙන් ම අපට ප්‍රශ්නය වන්නේ බුදුහාමුදුරුවන් දේශනා කෙළේ කුමක් ද යන්නයි. බුදුහාමුදුරුවන් ජීවමාන ව වැඩ විසූ කාලයේදීත් ඒ ප්‍රශ්නය තිබුණා. ඒ පිළිබඳ විවිධ සාකච්ඡා ඇති වී තියෙනවා. එහෙත් ඒ සාකච්ඡා එතරම් ප්‍රයෝජනවත් වුණේ නැහැ. අදත් ඒ සාකච්ඡාවලින් එතරම් වැඩක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන් ජීවමාන ව වැඩ විසූ සමයේ නම් ගිහින් උන්වහන්සේගෙන් අහන්න පුළුවන්කම තිබුණා. ඒත් දැන් කාගෙන් අහන්න ද?

Sunday 6 February 2022

ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව

 ප්‍රේමදාස හා ගෝඨාභය නායකත්ව 


මෙම ලිපිය ඊයේ ලිපිය සමග පමණක් නොව පෙබරවාරි දෙවැනි දා හා ජනවාරි තිස්එක්වැනි දා ලිපි සමගත් සම්බන්ධයි. ආර් ප්‍රේමදාස කිසිම ප්‍රභූ සම්බන්ධතාවක් නැතිව රටේ විධායක ජනාධිපති පදවියට පත් වූ බවත් ඔහුට තම අදහස් ක්‍රියාවට නැංවීමට අදාළ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම තම අතට ගැනීමට හැකි වූ බවත් අප ඊයේ සඳහන් කළා. අවාසනාවකට වත්මන් ජනාධිපතිතුමාට එසේ කිරීමට නොහැකි වී තිබෙනවා.

අද ලිපිය

 අද ලිපිය ප්‍රමාද වන බව කරුණාවෙන් සලකන්න

Saturday 5 February 2022

ජේ ආර්, ප්‍රේමදාස හා රාජපක්‍ෂලා

 

ජේ ආර්, ප්‍රේමදාස හා රාජපක්‍ෂලා

 

ඊයේ රාජ්‍ය නිදහස් උත්සවයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තවත් හොඳ කතාවක් කළා. එතුමා අයිතිවාසිකම් ගැන මෙන් ම වගකීම් ගැන ද සඳහන් කළා.  මැති ඇමතිවරුන්ගෙන් ආදර්ශමත් වන ලෙස ඉල්ලුවා. තවත් බොහෝ දේ කිවුවා. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ කතා කතාවලට පමණක් සීමා වීම. මා එයින් අදහස් කරන්නේ ජනාධිපති ගෝඨාභය අවංක නො වේය යන්න නො වෙයි. ඒ කතා ක්‍රියාවට නැංවීමට එතුමාට යාන්ත්‍රණයක් නොමැති වීමයි.

Friday 4 February 2022

නිදහස ගැන කාදිනල්තුමාට ප්‍රශ්නයක්

නිදහස ගැන කාදිනල්තුමාට ප්‍රශ්නයක්



අද නිදහස් දිනය. එය මෙරට එක ම හා නිල නිදහස් දිනයයි. අපට අවුරුදු හැත්තෑහතරකට පෙර අද වැනි දිනක ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබුණා. එහෙත් අපේ රජු වූයේ හයවැනි ජෝර්ජ්. අපට ඔහුගෙන් හා ඔහුගේ දියණියගෙන් නිදහස් වීමට තවත් අවුරුදු විසිහතරක් ගියා. ඒ 1972 මැයි 22 වැනි දා. අප එදින සමරන්නේ නැති එක ගැන නම් මට ඇත්තේ කණාගාටුවක් මෙන් ම කළකිරීමක්. ජේ ආර් ඒ දිනය උපක්‍රමශීලී ව අමතක කළේ තම 1977 ව්‍යවස්ථාවෙන් පෙබරවාරි හතර ජාතික දිනය ලෙස නම් කිරීමෙන්. මා හිතන්නේ අපේ ජාතික දිනය විය යුත්තේ මැයි 22. පෙබරවාරි හතරත් සැමරුවාට වරදක් නැහැ. අපට නිිදහස ලැබීම පටන් ගත්තේ 1931 සර්වජන ඡන්දය ලැබීමත් සමග. ඉංගිරිසින් තමන් මෙරට බිහි කළ නායකයන් කෙරෙහි වූ විශ්වාසය නිසා ම අපට සර්වජන ඡන්දය දුන්නා. ඒ නිදහසත් 1948 නිදහසත් මෙරට ප්‍රභූන්ට සීමා වූ නිදහසක්. සාමාන්‍ය ජනයාට නිදහස ලැබෙන්න පටන් ගත්තේ 1956 දී. එයට මුල් වුණෙ ශ්‍රී ල නි පක්‍ෂය. ඒ නිදහසට අදත් බොහෝ දෙනා විරුද්ධයි. අද සිංහල බෞද්ධ විරෝධය වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඒ පනස්හයට දැක්වූ විරෝධයයි. එහි සරදම වන්නේ පනස්හය නිසා ම බිහි වු ඇතැම් පඬි නැට්ටන් ඒ නිිදහසට විරුද්ධ වීමයි.

Thursday 3 February 2022

අපේ අයගේ ජාත්‍යන්තර මට්ටම

 

අපේ අයගේ ජාත්‍යන්තර මට්ටම

 

අප බොහෝ වෙලාවට කියනවා අපේ ජාත්‍යන්තර මට්ටමේ වැඩ සටහන් ගැන, පුද්ගලයන් ගැන. මට මතක හැටියට එක්තරා හාමුදුරු නමක් සඳහන් කෙළේ අපේ විද්‍යාඥයන් නැත්නම් නාසා ආයතනය වහන්න වේවි වගේ කාරණයක්. අපි සමහර විට අපේ ජාත්‍යන්තර මට්ටමේ සංගීතඥයන් සිනමා අධ්‍යක්‍ෂවරුන් ගැන කියනවා. ඒක හොඳයි. ඒත් ඒ ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. මා හිතන විධියට අපට ජාත්‍යන්තර මට්ටමට යෑමට හැකි වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණයි. එයට හේතුව එංගලන්තය හැරෙන්න යුරෝපයේ වෙනත් රටවල්  ක්‍රිකට් ක්‍රීඩාව නොකිරීමත් අනෙක් මහාද්වීපවලත් පැරණි ඉංගිරිසි යටත්විජිත කිහිපයක පමණක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමත් කියාත් හිතෙනවා. ක්‍රිකට් ඊනියා නූතනත්ව ක්‍රිඩාවක් ද? විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවවත් පාපන්දු මෙන් ලෝකයේ ජනප්‍රිය නොවන්නේ ඇයි. පාපන්දු ලංකාවේ ජනප්‍රිය නොවන්නේ ඇයි? එහෙමත් නැත්නම් නොකරන්නේ ඇයි?

 

Wednesday 2 February 2022

ධර්මපාලතුමා හා සිංහල බෞද්ධයා

 

ධර්මපාලතුමා හා සිංහල බෞද්ධයා

 

මේ ලිපිය පෙරේදා (ජනවාරි 31) මහේශාක්‍ය කුණු බිත්තර සම්ප්‍රදාය මැයෙන් පළ වූ ලිපිය හා සම්බන්ධයි. එහි මේ කොටස සඳහන් වුණා "ඉංගිරිසින් තම පාසල් මගින් අනුකාරක නායකයන් පිරිසක් බිහි කෙරුවා. ධර්මපාලතුමාත් ඒ පාසල් දෙකේම ඉගෙන ගත් අයෙක්. එතුමා අර නායකයන් හැඳින්නුවෙ කළු සූද්දන් ලෙස. ඉංගිරිසින් ධර්මපාලතුමා හැර මේ නායකයන් කෙරෙහි දැඩි විශ්වාසයක් තැබුවා. ඔවුන් අපට විශ්වවිද්‍යාලයක් දුන්නෙ නැහැ. එහෙත් කාටත් පෙර සර්වජන ඡන්දය දුන්නා. ඒ අතර සියල්ලන් ම එකතු වී ධර්මපාලතුමා ඉන්දියාවට යැවුවා.” මෙහි පාසල් දෙක යනු රාජකීය හා ශන්ත තෝමස් විදුහල්.

Tuesday 1 February 2022

සයන්ස් ෆේල්

 

සයන්ස් ෆේල්

 

ඇතැමුන්ගෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විමසීමේ දී ඔවුන් කියනවා තමන් සයන්ස් ෆේල් කියා. ඒ කියන්නේ විද්‍යා විෂයයෙන් අසමත් වෙලා කියන එකයි. එසේ අසමත්වීම ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන්ට වෙනත් විෂයකින් ඉගෙනුම ලබන්න පුළුවන්. විභාග දැනුම ගැන එතරම් විශ්වාසයක් තියන්න බැහැ. ශිෂ්‍යත්වය අසමත් අයත් මහාචාර්යවරුන් වෙනවා. එවැන්නන්ගේ පිළිගන්න ඕන මොන විභාග ප්‍රතිඵලය ද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එක් අතකින් ගත්ත ම මා ද විද්‍යාවෙන් අසමත්. මට විිද්‍යාඥයකු වීමට බැරි වුණා.