Main Logo

Saturday, 5 December 2020

ප්‍රීස්ට් සිරප්

 ප්‍රීස්ට් සිරප් 


දැනුම් යටත්විජිතවාදය යන්න බටහිර නිපදවන ලද සංකල්පයක් නො වෙයි. එය මෙරට නිෂ්පාදනයක්, සංස්කරණයක්. එහෙත් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ඒ නිෂ්පාදනයට සහභාගි වී නැහැ. පඬි නැට්ටන්ට සංකල්පයක් සංස්කරණය කරනවා කියන්නේ කුමක් ද යන්නවත් තේරෙන්නේ නැහැ. මේසය යන සංකල්පය මනසේ සංස්කරණයක් කී විට ඔවුන් අසන්නේ මනසට මේසය වෙනස් කරන්න පුළුවන් ද කියා. මේසය මනසේ සංස්කරණයක් නම් මනසට මේසය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනළු. 

Friday, 4 December 2020

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

 

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

 

පැබ්ලෝවාදී හතරවැනි ජාත්‍යන්තරයෙන් නව සමසමාජ  පක්‍ෂය අස් කෙරිලා. ඒ ගැන ට්‍රොට්ස්කිවාදීන් කිහිප දෙනකුට හැර චරිත කාරියවසම් කියන තුම්මුල්ලේ ජාත්‍යන්තරවාදීන්ටවත් වැඩක් නැහැ. ඒත් මා දැන් සතියකට වැඩි කාලයක් තිස්සේ ඒ ගැන ලියන්න ඉන්නෙ. ඒ ඊනියා ජාත්‍යන්තරයෙ තියෙන වෑැදගත්කම ගැන වචනයක් දෙකක් කියන්නෙ. චරිත කාරියවසම්ගෙ අය නම් තුම්මුල්ලෙන් එහාට ජාත්‍යන්තරයක් ගැන හිතන්නෙ නැහැ. ඊනියා ජාත්‍යන්තරය කෙතරම් වැදගත් වුණත් මා අදත් ලියන්නෙ නිවුටන් ගැන. පසුව අර පැණිය නිර්දේශ කරන වෙදමහතා (ඔහු වෙදමහතකු තමයි. අපේ සංස්කෘතියෙ වඩු මහතකුට වෙදමහතකු වෙන්න පුළුවන්) ගැනත් ලියන්න ඕන. දැනට බටහිර වෙදමහතුන් ඒ වෙදමහතාගේ පැණිය පරීක්‍ෂා කරන්න ඊනියා විද්‍යාත්මක විධික්‍රම සිතා බලනවා. අපි ඔවුන්ට ඉඩ දීල ඉන්නවා.

Thursday, 3 December 2020

පොල් වැටීම හා ගුරුත්වාකර්ෂණය

 පොල් වැටීම හා ගුරුත්වාකර්ෂණය 


ප්‍රබුද්ධ මාක්ස්වාදී ද්‍රව්‍යවාදියකු මට කියා තිබුණා ගුරුත්වාකර්ෂණය කියන එක පට්ටපල් බොරුවක් නම් මියන්මාරයෙ සිට ආපසු එන විට ගුවන් යානයෙන් බිමට පනින්න කියා. ඔය වගේ කතා කාලෝ ෆොන්සේකා වැනි වියතුනුත් කියා තිබෙනව. ඒ් කතාවල ප්‍රබුද්ධත්වය ගැන මට හොඳ වැටහීමක් තියෙනවා.  ඒත් මට මෙතන දි පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ගුවන් යානයේ දොර හරි හදිසි දොරක් හරි ඇර ගන්නෙ කොහොමද කියන එක. ගුවන් සේවකයකු හරි සේවිකාවක හරි මට ආධාර කරයි ද? ගුවන් යානයේ නියමුවා කුමක් කියාවි ද?  

Wednesday, 2 December 2020

ගැටළුව හිතළුව හා වැඩ කිරීම

 

ගැටළුව හිතළුව හා වැඩ කිරීම

මා චතුර අල්විස් ධම්මික බණ්ඩාර වෙදමහතා හා සිසිර ජයකොඩි ඇමති සමග සාකච්චා කරනු අසා සිටියා. චතුර මාර දූතයකු මෙන් ප්‍රශ්න ඇසුවා. මාර දූතයා කියන්නෙ Devil's advocate යන ඉංගිරිසි සංකල්පයට යොදන්න අපේ සංස්කෘතියෙ හදා ගත්ත යෙදුමක්. තමන් එකඟ නූණත් අනෙක් පැත්ත වෙනුවෙන් පෙනී සිටීම තර්ක කිරීම ප්‍රශ්න ඇසීම තමයි එයින් අදහස් වෙන්නෙ. චතුර ඒ කාර්යය ඉතා හොඳින් කළා. වෙදමහතාත් තමාට හැකි ආකාරයෙන් පිළිතුරු දුන්නා.

Tuesday, 1 December 2020

කොත්තමල්ලි පුළුවන් නම් පැණිය බැරි ඇයි

 

කොත්තමල්ලි පුළුවන් නම් පැණිය බැරි ඇයි

 

අරණායක පැත්තෙ වෙදමහතකු වූ ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් 19 රෝගීන් සඳහා හඳුන්වා දී ඇති පැණියට (අපි එයට පැණියක් යැයි කියමු) යහපත් ප්‍රතිචාරයක් ලැබිල තියෙනවා. ලැබෙන තොරතුරු අනුව වෙදමහතා අවුරුද්දකට කිට්ටු කාලයක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරල තියෙනවා. දැනට සති හිපයකට පමණ පෙරයි සිසිර ජයකොඩිට ආරංචිය ලැබිල තියෙන්නෙ. ඉන් පසු තමයි වතුපිටිවල රෝහලේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් කිහිප දෙනකු සමග යම් ආකාරයක  සම්පරීක්‍ෂණයක කර තියෙන්නෙ. මේ අනුපිළිවෙලේ වෙනසක් තියෙන්නත් පුළුවන්. අරණායක වෙදමහතා ගැන මුලින් ම දැන ගත්තෙ වතුපිටිවල වෙදමහතා වෙන්නත් පුළුවන්.

Monday, 30 November 2020

කොවිඩ් රෝගීන්ට සිංහල බෙහෙතක්

 කොවිඩ් රෝගීන්ට සිංහල බෙහෙතක් 



සිංහල වෙදමහතකු කොවිඩ් 19 වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාරයක් ලබා දෙන බව කියැවෙනවා. එය සාර්ථක බව ද පැවසෙනවා. එය කරුණු කිහිපයක් නිසා සතුටුදායක ආරංචියක්. අවශ්‍ය නොවූවත් බටහිර වෙදකම අනුවත් එය පරීක්‍ෂණයට ලක් කෙරිලා සාර්ථක ප්‍රතිඵල අත් කර දී ඇති බව කියැවෙනවා. 

Sunday, 29 November 2020

වෙනත් සත්භාවවේදයක ක්වොන්ටම් භෞතිකය

 වෙනත් සත්භාවවේදයක ක්වොන්ටම් භෞතිකය

 

මේ ලිපිය 2010 දී කෝනෙල් විශ්වවිද්‍යාලයේ සඟරාවක පළවූවකි. අවශ්‍ය අයකුට එය එහි කියවිය හැකි ය. මෙහි රූප සටහන් හා ගණිත සංකේත එක්කෝ පළ නොවේ නැත්නම් නිවැරදිව සඳහන් නො වෙ. මුල් ලිපිය කියවීමෙන් ඒ සියල්ල බලා ගත හැකි ය.

 

මෙහි කියැවෙන්නේ අංශුවක් දෙතැනක හෝ වැඩි තැනක සිටීම පිළිබඳ කතාවකි. අංශුවකට එක වර සිදුරු දෙකකින් යා හැකි බවත් එමගින් ද්විත්ව සිදුරු පරීක්‍ෂණය තේරුම් ගත හැකි බවත් කියැවෙයි. එහි දී චතුස්කෝටික න්‍යාය වැදගත් වන අයුරුද කියැවෙයි.

 

අද වන විට අංශුවක් දෙතැනක පිහිටීම බටහිර භෞතික විද්‍යාවේ පිළිගැනී අවසන් ය. එහෙත් එය ඊනියා යථාර්ථය යැයි මම නොකියමි. එය තවත් කතාවක් පමණකි.

 

මේ ලිපිය ගැන යමක් කිව යුතු නම් ජාත්‍යන්තර සඟරාවකට යා හැකි ය. මුහුණු පොතේ තම තම නැණ පමණින් පළ කරන අනම් මනම් නොසලකා හරින බව පමණක් සලකන්න.

දොවාල් ඉන්දියාව එංගලන්තය හා දෙමළ ජාතිවාදය

 දොවාල් ඉන්දියාව එංගලන්තය හා දෙමළ ජාතිවාදය


අජිත් කුමාර් දොවාල් ලංකාවට පැමිණියේ  ඇයි? ඔහු මෙහි දී හමු වුණේ කවුරුන් ද? ඒ පිළිබඳ එතරම් දෙයක් නිල වශයෙන් දැන ගැනීමට නැහැ. සමාජ මාධ්‍යයෙන් ද එතරම් දෙයක් දැන ගන්න නැහැ. ඔහු අගමැති මහින්ද රාජපක්‍ෂ හමු වූ බවත් කොවිඩ් 19 හමුවේ කඩා වැටෙන ආර්ථිකය ගොඩ ගැනීමට කලාපයේ අනෙක් රටවලට නායකත්වය දෙන ලෙසත් ඉල්ලා සිටි බවත් කියැවෙනවා. 

Saturday, 28 November 2020

පාස්කු ප්‍රහාරය වහාබ්වාදය හා ඩීල් දේශපාලනය

 පාස්කු ප්‍රහාරය වහාබ්වාදය හා ඩීල් දේශපාලනය


2019 පාස්කු ප්‍රහාරය ගැන යමක් කීම අදාළ පරීක්‍ෂණය කරන කොමිසමට ප්‍රශ්නයක් නොවේ කියා හිතනවා. 1942 දීත් පාස්කු ප්‍රහාරයක් ලංකාවේ සිදුවෙලා තියෙනවා. ඒ ජපන් ප්‍රහාරයක්. 2019 ප්‍රහාරය ලංකාවට සීමා වූ එකක් නොවන බව අප මුල සිට ම කියා සිටි දෙයක්. මෙහි ඇති ජාත්‍යන්තර සම්බන්ධතා සෙවීමට කලක් ගත වන්න පුළුවන්. එහෙත් අපේ කතන්දරය අනුව මෙය බටහිර රටවල් කිහිපයක් මුස්ලිම් රටවල් කිහිපයක් සමග එකතු වී කරන ලද්දක්. ඒ එක් පැත්තකින් චීන නව සේද මාර්ගයට විරුද්ධ ව. 

Friday, 27 November 2020

විමලවීර වනජීවින් හා මහාවංසය

 විමලවීර වනජීවින් හා මහාවංසය


විමලවීර දිසානායක කියන්නෙ ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ හිටපු ශිෂ්‍යයෙක්. ඔහු තරමක් වෙනස් ආකාරයකට විශ්වවිද්‍යාලයට පැමිණි අයෙක්. ඔහු තවමත් ගැමියකු ද කියා මා දන්නේ නැහැ. එහෙත් ගැමියකු මෙන් ජීවත් වෙනවා. අද ඔහු වනජීවි රාජ්‍ය ඇමති. එහෙත් ඔහු දේශපාලනඥයෙක්. ඔහු පාර්ලිමේන්තුවට පත් වන්නේ මහජන ඡන්දයෙන්. ඔහුට රාජ්‍ය ඇමතිකම ලැබෙන්නේ පාර්ලිමේන්තුවට පත් වෙන නිසා. ඔහු මූලික වශයෙන් සතුටු කරන්න ඕන තම ඡන්දදායකයන් මිස වනජීවීන් නො වෙයි. වනජීවීන් පන්නල හරි මිනිසුන්ට ජීවත්වෙන්න තැනක් හදල දෙන්න ඕන.

Thursday, 26 November 2020

දේශපාලන නඩු හා මහා බන්දුල

 දේශපාලන නඩු හා මහා බන්දුල 


මේ දේශපාලන නඩුවලින් නිදොස් වෙන හා ඇප ලබා දෙන කාලය ද කියල වෙලාවකට හිතෙනවා. දේශපාලන නඩුවලින් වරදකරුවන් වන්නෙ ටික දෙනයි. කාට හරි ඒ ගැන සමීක්‍ෂණයක් කරන්න පුළුවන්. මා කියන්නෙ වරදකරුවන් නිදොස් කරන බව එහෙමත් නැත්නම් නිදොස් වන බව නො වෙයි. දේශපාලන නඩු පැවරීම ම දේශපාලන වැඩක්. ඒකත් දේශපාලනයෙ අංගයක්. 

Wednesday, 25 November 2020

ඉතිහාසය අවසන් නොවීම හෙවත් සමාජයට නිවනක් නැති වීම

 ඉතිහාසය අවසන් නොවීම හෙවත් සමාජයට නිවනක් නැති වීම


ෆුකුයාමා කතා කෙළේ ඉතිහාසයේ අවසානය ගැන. ඒ බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුව. එහෙත් ඉතිහාසය  අවසන් වී නැති බව හන්ටින්ග්ටන් පැහැදිලි කළා. සෝවියට් දේශය බිඳ වැටීම නිසා බටහිර රටවලට ඒකාධිකාරයක් ලැබුණේ නැහැ. සෝවියට් දේශය බටහිර රටවලට වඩා වෙනස් වුණා. ඒත් මූලික වෙනස්කම් තිබුණේ නැහැ. ලෙනින්ගේ නායකත්වයෙන් තමයි ඊනියා තුන්වැනි ජාත්‍යන්තරය ක්‍රියාත්මක වුණෙ. බටහිරත් සෝවියට් ක්‍රමයත් අවසාන වශයෙන් ජාත්‍යන්තරවාදී. එය එකම චින්තනයක බිහි වුණෙ. ෆැසිස්ට්වාදයත් ඒ චින්තනයෙමයි. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ බිහි වුණු දේශපාලන ධාරා තුනක් ලෙසයි අපට ඒ හඳුනාගන්න වෙන්නෙ. 

Tuesday, 24 November 2020

යොන් මැරිල්ලේ චක්‍රීය කතාව හා චින්තනය

 යොන් මැරිල්ලේ චක්‍රීය කතාව හා  චින්තනය


මේ වන විට යොන් මැරිල්ල බොහෝ දෙනකුට අමතක වෙලත් ඇති. එහි කතාව සැකෙවින් මෙසේයි. කලකට පෙර ග්‍රීකයන් (යවනයන් හෙවත් යෝනයන්) පහළොස් දෙනකු හා සිංහලයන් පහළොස් දෙනකු නැවක යන විට නැවේ යම් ආබාධයක් නිසා පහළොස් දෙනකු මුහුදට දැමීමට අවශ්‍ය වෙලා. නැවේ කප්පිත්තා උපායක් කල්පනා කර තිස්දෙනා රවුමක සිටුවා එකේ සිට නවයට ගණන් කර නවවැන්නා මුහුදට දැමීමට යෝජනා කර තිබෙනවා. නවවැන්නා මුහුදට දැමීමෙන් පසු නැවතත් එකේ සිට නවයට ගණන් කර නවවැන්නා මුහුදට දැමීමට. කප්පිත්තා රවුම සකස් කර ඇත්තේ හැම අවස්ථාවක ම නවවැන්නා යෝනයකු වන පරිදියි. ප්‍රශ්නය වූයේ ඒ සැකැස්ම කවරේ ද යන්නයි. 

Monday, 23 November 2020

මැලේරියාවේ සිට කොරෝනාව දක්වා

 මැලේරියාවේ සිට කොරෝනාව දක්වා


දැනට අවුරුදු අසුපහකට පමණ පෙර මෙරට මැලේරියා වසංගතය පැතුරුණා. මිනිසුන් විශාල වශයෙන් මිය ගියා. ගණන් හිලවු මා දන්නේ නැහැ. සංඛ්‍යානය කියන්නෙ මා ප්‍රිය කරන විෂයක් නො වෙයි. එහෙත් පේරාදෙණියේ දී සහකාර කථිකාචාර්යවරයකු ලෙස මට එහි පැත්තක් උගන්නන්න වුණා. ඒ අවුරුදු පනහකටත් පෙර. මා කිසිවක් උගන්නන්නෙ නැති නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. 

Sunday, 22 November 2020

ඒ කත හා මේ කත හෙවත් අසමත් වූ අධ්‍යාපනය

 ඒ කත හා මේ කත හෙවත් අසමත් වූ අධ්‍යාපනය 


පසුගිය දා බෝවෙන රෝග සඳහා වූ රෝහලෙන් (අයිඩීඑච්) පැන ගිය කොවිඩ් 19 රෝගී යැයි කියන කත ඇහැලියගොඩ ප්‍රදේශයේ දී අල්ලා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් විශාල සහායක් ලැබී තිබෙනවා. ඒ කාන්තාව පැන ගියේ අවුරුදු දෙකක පමණ දරුවකු සමග බව පැවසෙනවා. මෙය පළමු පැන යෑම හෝ අවසාන පැන යෑම හෝ නොවෙයි. 

Saturday, 21 November 2020

අපේ ඇඟේ තියෙන චතුස්කෝටිකය, ප්ලූටෝ හා ප්ලේටෝ

 අපේ ඇඟේ තියෙන චතුස්කෝටිකය, ප්ලූටෝ හා ප්ලේටෝ 


ජාත්‍යන්තරවාදය අද පුස්සක් පමණයි. එහි ප්‍රකාශකයන් වූ ධනවාදයත් මාක්ස්වාදී සමාජවාදයත් අද කඩන් වැටිල. ඒ දෙක ම ද්‍රව්‍යවාදී දරශන පදනම් කර ගත්තෙ. මාක්ස්වාදියකු කියන්න පුළුවන් ධනවාදය එහෙම නො වෙයි කියල. ඒත් ධනවාදීන් හා බටහිර දැනුම් සංස්කාරකවරුන් එහෙම සිතුවෙ නැහැ. බටහිර විද්‍යාඥයන්  දෙවියන් වහන්සේ ඇදහු අයත් ඇතුලුව වැඩ කෙළෙ ද්‍රව්‍යවාදීන් හැටියට. ඒත් විසිවැනි සියවසේ මේ ද්‍රව්‍යවාදය කඩා වැටෙන්න ගත්ත. එය මුලින් ම සිද්ධ වුණෙ සාපේක්‍ෂතාවාදයේ. නීරීක්‍ෂකයා ඉදිරියට එන්න ගත්ත. ඉන් පසු ක්වොන්ටම් භෞතිකයෙ. නිරීක්‍ෂකයාට තවත් බලතල ලැබුණා. 

Friday, 20 November 2020

ඊනියා කරුණු හා ලෝකය

 ඊනියා කරුණු හා ලෝකය


ඊයේ ලිපියෙහි මාතෘකාව අනුරුද්ධලාට ඉන්න හදන රම්‍ය සූරම්‍ය සුබ නොව අනිරුද්ධලාට ඉන්න හදන රම්‍ය සූරම්‍ය සුබ යනුවෙන් වෙනස් වෙන්න ඕන. මට අවශ්‍ය නිරෝධ නොවූ අයගේ ගෙවල් ගැන කීමටයි. අනුරුද්ධ යන්නට තේරුම් තිබෙන බව මට කිහිප දෙනකු ම දන්වා තිබුණා. සාමකාමී, අනුදකින, අනුදක්නා, යෙදී ඉන්න, භක්තිමත් ආදිය ඔවුන් සඳහන් කර තිබුණා. ඒ සියල්ලන්ට පින්!

Thursday, 19 November 2020

අනිරුද්ධලාට ඉන්න හදන රම්‍ය සුරම්‍ය සුබ

 අනිරුද්ධලාට ඉන්න හදන රම්‍ය සුරම්‍ය සුබ

 

මේ මියන්මාරයේ හේමන්තයේ ආරම්භයයි. වස්සානය ඉවර වෙලා. අප මෙහි ආවේ මැයි මස මැද. මාස හයකට පෙර. පනුවන් කන සාම පරෙවියන් බලනවා. රියැදුරා පදවන බී එම් ඩබ්ලිව් රථයේ ගමන් බිමන් යනවා. සුවිසල් මන්දිරයක ජීවත් වෙනවා. ඒත් හැම තැන ම කොවිඩ්. එන්නත ආවත් එච්චර ම වැඩක් වෙන එකක් නැහැ. යම් පිරිසකට හරි යයි. කොවිඩ් 19 සරම්ප පැපොල් වගේ නො වෙයි. තරමක් හෙම්බිරිස්සාව වගේ. සාමාන්‍යයෙන් සරම්ප වගේ දෙයියන්නෙ ලෙස නැවත හැදෙන්නෙ නැහැ. ඒත් හෙම්බිරිස්සාව නැවත නැවත හැදෙනවා. අර පීසිආර් ධන වන අය සෘණ වෙනවා ධන වෙනවා නැවත සෘණ වෙනවා. පීසිආර් පරීක්‍ෂණයෙහි ද ප්‍රශ්න තියෙනවා. ඒත් කොවිඩ් 19 හොඳ වෙලා (ඉන් කුමක් අදහස් වුණත්) නැවත හැදෙන්න පුළුවන්. කොවිඩ් හැදිල මිනිස්සු මැරෙනවා කියා මා හිතන්නෙ නැහැ. කොවිඩ් හැදුනම  වෙනත් තියෙන රෝග වැඩි වෙන්න පුළුවන්. ඉන් මරණයට පත් වෙන්න පුළුවන්. මේ වා පිත් සෙම් තුලනයේ ප්‍රශ්නයක්. කොවිඩ් 19ට බය වෙන්න ඕන නැහැ. ඒත් පරෙස්සම් වෙන්න ඕන. හෙම්බිරිස්සාවෙනුත් පරෙස්සම් වෙන්න තමයි අපට කියා දී තියෙන්නෙ. හෙම්බිරිස්සාවත් නරක් වෙන්න පුළුවන් කියනවා. කොවිඩ් 19න් ඊටත් වඩා පරෙස්සම් වෙන්න ඕන.  කොවිඩ් 19 වඩාත් නරක් වෙන්න පුළුවන්.

Wednesday, 18 November 2020

දැනුම් යටත්විජිතවාදය මුස්ලිම් ආක්‍රමණය හා ආණ්ඩුව

 



දැනුම් යටත්විජිතවාදය මුස්ලිම් ආක්‍රමණය හා ආණ්ඩුව 


අද අගමැති මහින්දට අවුරුදු හැත්තෑපහක් පිරෙනවා. ජනාධිපති ගෝඨාභයගේ පදවිප්‍රාප්තියට අවරුද්දක් පිරෙනවා. මට කිසිවකුටවත් ස්තෝත්‍ර ගයන්න වුවමනාවක් නැහැ. මට අවශ්‍ය රට නිදහස් කර ගැනීමට පමණයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටුවමු කියන්නෙත් රට නිදහස් කර ගැනීමටයි. අද බොහෝ දෙනා යෙදා ගන්නා වචනයක් වනුයේ නව යටත්විජිතවාදය යන්නයි. ආසියාතික රටවලට හතළිස් ගණන්වලත් අප්‍රිකානු රටවලට හැට ගණන්වලත් දේශපාලන හා හමුදාමය යටත්විජිතවාදයෙන් නිදහස ලැබුණත් ආර්ථික, සංස්කෘතික, ගෝලීය, ණය, ඊනියා ආධාර, රාජ්‍ය නොවන සංවිධාන ආදී ක්‍රමවලින් බටහිර රටවල් තම ආධිපත්‍යය දිගට ම ගෙන ගියා. ඒ තමයි නව යටත්විජිතවාදය. දකුණු අමෙරිකානු රටවලට දහනවවැනි සියවස තරම් ඈත කාලයක දී දේශපාලන නිදහසක් ලැබුණ නමුත් ඔවුනුත් නව යටත්විජිතවාදයේ ගොදුරු. 

Tuesday, 17 November 2020

වහාබ්වාදය සමග ඩීල් ඕන නැහැ

 වහාබ්වාදය සමග ඩීල් ඕන නැහැ 


රිෂාඩ් බද්‍යුද්දීන්ට තමන්ගෙ මුදලින් කැලෑ වවන්න වෙලා. විල්පත්තුවෙ කැලෑ කැපුවෙ නැහැ කියලයි බද්‍යුද්දීන් කිය කිය හිටියෙ. නඩුවෙනුත් ඒක ඔප්පු වෙලා. කැලෑ කපල තියෙන්න ටිකක් එහායින්. බද්‍යුද්දීන් කියන්නෙ  ඩීල් දේශපාලනයේ පරමාදර්ශය. ඒ වචනය හරි නැහැ කියල කෙනකුට හිතෙන්න පුළුවන්. මාත් පරම කතාවලට කැමති නැහැ. ඒත් ඩීල් දේශපාලනය සඳහා කාට හරි අනුගමනය කරන්න පුළුවන් හොඳ ම පුද්ගලයා තමයි රිෂාඩ් බද්‍යුද්දීන්. අර කියනව වගේ ඔහු ඩීල් දේශපාලනය පරිපූර්ණත්වයට ගෙනාවා. 

Monday, 16 November 2020

ගෙඩි, ඉටිගෙඩි, ගුරුත්වාකර්ෂණය හා පට්ටපල් බොරු

 ගෙඩි, ඉටිගෙඩි, ගුරුත්වාකර්ෂණය හා පට්ටපල් බොරු


අප පොල් ලෙලි ගැනත් පොල් මුඩු ගැනත් කියන්න ඕන. පොල් මුඩු නැත්තන් ඇතැම් භාණ්ඩ පිරිසිදු කිරීමේ දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පොල් මුඩ්ඩ වෙන වෙන දේටත් ප්‍රයෝජන වෙනවා. පොල් ලෙලි ගැන කතා කිරීමේ දී පොල් කොහු ආදිය පමණක් නොව ලෙලි පොල් ද මතක් වෙනවා. ඒ කියන්නෙ ලෙල්ල සහිත පොල් ගෙඩිය. ඒත් ගහකින් ගෙඩියක් වැටුණ ම අප කියන්නෙ පොල් ගෙඩියක් වැටුණ කියල මිසක් ලෙලි පොල් ගෙඩියක් වැටුණ කියල නො වෙයි. 

Sunday, 15 November 2020

පොල් නිසා නොකියැවුණු ගුරුත්වාකර්ෂණය

 පොල් නිසා නොකියැවුණු ගුරුත්වාකර්ෂණය


කිහිප දෙනකු කියා තිබුණා ගුරුත්වාකර්ෂණය ගැන ලියන්න කියා. මා ඕනෑ තරම් ඒ ගැන ලියා තියෙනවා. එහෙත් නිතර ම අලුත් පිරිසක් එකතු වෙනවා. ඔවුන් පැරණි ලිපි කියවන අය නොවෙයි. ඔවුන්ට ඒ සඳහා වෙලාවක් නැහැ. අද සමාජය හරි කාර්ය බහුලයි කියනවා. මා නම් කාර්ය බහුලවීම අත්විඳ නැහැ.  හැම අවුරුද්දක ම අලුත් අවුරුද්ද ගැන එක ම දේ ලියැවෙනවා. සූර්යයා මීනයෙන් මේෂයට යෑම ආදිය ගැන. අද නම් කොවිඩ් 19 නිසා බොහෝ දෙනා, බටහිර වෙදහාමිනේලාත් ඇතුලුව, කතා කරන්නේ මේසයට මීන එවිම ගැන. ඔය මීන කතාව කොහොම වෙතත් මුදල් නෝට්ටු සහ වෙනත් දේ ස්පර්ශ කිරීම හා ඉන්පසු අත්හේදීම ගැන හිතා බලනවා නම් හොඳයි. 

Saturday, 14 November 2020

භූමදාන කරන්න ම ඕන ද?

 භූමදාන කරන්න ම ඕන ද?


බටහිර වෙදමහතුන් චන්න ජයසුමන සමග ඇති වෛරය ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා. එයට බටහිර වෙදමහතකු වශයෙන් සම්බන්ධ වුණේ නොදත් දොස්තර කෙනෙක්. ප්‍රතිදෙහ පරික්‍ෂාව ගැන චන්න දුන් සවිස්තරාත්මක පිළිතුරෙන් පසු කටඋත්තර නැති වූ විපක්‍ෂය පැණියක් ගැන ඇහුවා. ඔවුන් හරියට ප්‍රතිජීවක  මිටින් ගෙන උපන් අය වගේ. බටහිර වෙදකම හා දැනුම අද වැල් වටාරන් කියවනවා. බටහිර වෙදමහත්තුරුන්ට කරන්න පුළුවන් රාජකාරිය තමයි කොවිඩ් අලුත්ගේ කරන්නේ. අතන මෙච්චර ලෙඩ්ඩු ඉන්නවා මෙතන මෙච්චර ඉන්නවා අත් හෝදන්න, හුදකලා කරන්න, පරීක්‍ෂා කරන්න. ඒත් අඩු තරමෙන් රෝගයට ලක්විය හැකි අය හඹා යෑම ආදිය ඔවුන්ට කරන්න පුළුවන් ද? එවැනි කාර්යයන් ත්‍රිවිධ හමුදා, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හොඳින් කරනවා. ඒ වැඩේ බටහිර වෙදමහත්තුරුන්ට දෙමු ද? ඔවුන් පළමුවෙන් ඒ සඳහා ප්‍රවේසම් දීමනාවක් ඉල්ලාවි. 

කොවිඩ් හා වතුර

 කොවිඩ් හා වතුර


මේ ලිපිය Science of the Total Environment සඟරවේ පළ වුවක්. මා මෙය ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාවේ අනිශ්චතාව පෙන්නුම් කිරීමට. මේ ලිපිය අනුව කොවිඩ් හා වතුර අතර සම්බන්ධයක් තියෙනවා.
FOCUS on Covid-19 Diagnosis by Wastewater-Based Epidemiology: SARS-CoV-2 Concentration and Detection Methods, Biomarkers and Future Perspectives
In April 2020, our last Editor´s Choice on Covid-19 outbreak was released. A selection of the first accepted papers including temperature and air quality influence, hospital disinfection and sewage as indicator of the impact of the virus among others were highlighted . Such selection did help to better understand this new global epidemic from an environmental and health perspective. Since then STOTEN did receive over 1000 submissions for the Covid-19 Special issue and we did publish already over 100 papers. In this summer 2020 Editor´s choice our second selection on the same topic we focus on the so- called Wastewater-Based Epidemiology (WBE) concept to monitor Covid-19 outbreak.
WBE can be used as early detection system and to determine the scale of Covid-19 outbreak . Detection of SARS-CoV-2 is generally carried out with nucleic acid–based polymerase chain reaction (PCR) assay, used for confirmation of COVID-19 patients around the globe. PCR has high sensitivity and specificity, requirements for complicated sample handling in the laboratory, skilled personnel, and a period of data processing and analysis between 4-6 hours.In wastewaters the virus causing COVID-19 (via feces introduced in waste water) can survive from hours to days. Detection of SARS-CoV-2 in sewage has been employed as a complementary method to clinical test and as early warning indicator of virus spreading in communities, covering both symptomatic and asymptomatic cases. a. First Detection of SARS-CoV-2 in Wastewaters Around the Globe
The first group of selected seven papers report first data on COVID-19 in sewage for a variety of countries using different PCR platforms, among them Italy [1, 2], Australia [3] ,Japan [4] , USA [5], , Ecuador [6] and India[7]. The idea behind this WBE is easy to understand: patients with COVID-19 in their gastrointestinal tract will thus excrete it in their feces. It has been reported [8] that between 15 to 83% of patients infected with SARS-CoV-2 have detectable viral RNA in feces and they may continue to remain positive in the stool, even when respiratory tract samples become negative. Conversely, urine is often negative. It is worth to highlight few findings from the various studies. SP Scherchan et al., [5] reported that no one of the secondary and final treated effluents samples with chlorine were tested positive for SARS-CoV-2. In this sense P Foladori et al [8] did summarize that disinfection technologies based on hypochlorous acid can be implemented for inactivation of SARS-CoV-2 in wastewater SG Rimoldi [2] detected SARS-CoV-2 RNA in raw, but not in treated wastewaters (four and two samples, respectively, sampled in two dates). Viral RNA was not detected in the Milano and Monza WWTPs plants, equipped with tertiary treatments suggesting that additional treatment was able to remove the virus. Another study did report the levels of SARS-CoV-2 in countries with low level of sanitation, L.Guerrero-Latorre [6] detected SARS-CoV-2 in urban rivers of Quito, Ecuador, receiving direct discharges of wastewaters. Such levels were high and did match those of other cities with over 4000 hospitalized cases. Surprisingly in Quito [6] only 750 Covid-19 clinical cases were reported, suggesting a lack of PCR-based diagnosis. We can explain this discrepancy by the fact the Ecuador is a low sanitation country, with not many facilities to perform the clinical tests in one side and also to a high level of asymptomatic cases, as reported for other cases. One of the most recent examples of a first study in a large country has been recently published by M. Kumar et al., [7]. It is first WBE surveillance in India using RT-PCR and it was performed at the Old Pirana Waste Water Treatment Plant (WWTP) at Ahmedabad, Gujarat, which has 106 million liters per day and receives effluent from Civil Hospital treating COVID-19 patients. Several genes like ORF1ab, N and S genes of SARS-CoV-2 were detected only in the influent with no genes detected in effluent . Increasing levels of SARS-CoV-2 genetic loading in the wastewater did correspond to an increase in the number of active COVID-19 patients in the city. The number of gene copies was comparable to those reported in untreated wastewaters of Australia reported by W.Ahmed et al.,[3] .
b. Persistence and Virus Concentration and Detection Methods Survival and/or persistence of the virus in the wastewater environment is a key parameter when considering SARS-CoV-2 detection in WBE. M. Arslan et al., [9] looked at the possibilities of transmission routes of SARS-CoV-2 and SARS-Cov-1 via fecal-oral and aerosol-borne and its persistence in wastewaters . based on present knowledge coronaviruses have, in general, low stability in the environment due to the natural action of oxidants that disrupt the viral envelope. Persistence in waste water is driven by several parameters such the presence of organic matter oxidants and temperature. For instance at 20 oC SARS-CCoV-1 was found to survive for 2 days in domestic sewage but at lower temperatures of 4 oC it can persists up to 14 days. They also reported that previous recommended dosage of chlorination has been found to be not sufficient to inactivate SARS-CoV-2 in places where viral load is high such as hospitals. There is a comprehensive list concentration methods used on the RNA extraction protocol in WBE that need to be used before PCR detection like electropositive or electronegative membranes , ultrafiltration, polyethylene glycol (PEG) precipitation and separation , ultracentrifugation, skimmed-milk flocculation, ultrafitration, monolithic adsorption filtration columns among others. Generally similar protocols for the influent, secondary-treated sewage are used and a volume of 100mL of untreated wastewater samples is sufficient to detect enteric viruses . Most of the concentration methods were developed for non enveloped enteric viruses such as norovirus, and hepatitis A virus among others. Excellent review papers on concentration methods of viruses in WBE were recently published by W.Ahmed et al., [10] and D.Lu et al., [11] . D. Lu [11] did highlight that PEG-based separation method is the most used for the COVID-19 in WBE. The authors indicated as well that the electronegative membrane filtration method may have problems with the preferential adsorption of organic matter on the charged membrane surface and the potential risk of clogging when handling turbid wastewater samples. Analysis of SARS-CoV-2 in wastewaters by different PCR platforms is as well matter of concern. To investigate a bit more in this direction G. La Rosa and co-workers [ 1 ] did analyze the presence of SARS-CoV-2 using three different nested RT-PCR assays and one real-time qPCR assay. Primers were also indicated to be very relevant using this methodology. From all the different methods used. a novel nested PCR assay specific for SARS-CoV-2 detection was proposed in this case. MVA Corpuz et al [12] presents an updated and comprehensive review on the different methods used for detection and quantification of viruses in WWTPs, including both wastewater and sludge. Recent efforts to improve efficiency of virus detection and quantification methods in the complex wastewater and sludge matrices are highlighted . Novel approaches to detect SARS-CoV-2 in WBE digital PCR (dPCR) need attention as recently reported by W. Ahmed et al. [13]. The major benefit of dPCR over qPCR is the direct absolute quantification of virus genome copy numbers in a sample without the necessity of external calibration. dPCR platforms can generally be divided into two groups: droplet dPCR (emulsion based) and chip-based dPCR (microfluidic). Digital PCR (dPCR) is at least 10-fold lower than that of RT-qPCR The major advantage of dPCR over qPCR is that it performs absolute quantification, and hence, no standards are required. c.Biomarkers
To this end, the solution at present to monitor SARS-CoV-2 in WBE could be a combination of technologies and methodological strategies already in place such as PCR and endogenous biomarkers measurements using ELISA and or MS. Why we do not use both approaches for WBE?. Certainly both methods got advantages and disadvantages. Papers selected in this Editor´s choice did discuss a lot already about PCR standardization. We are also aware that inflammatory response biomarkers are related to SARS-CoV-2 but also to other diseases. Both methods suffer from drawbacks but obviously they are complementary too. On top of that WBE seems to detect more possible cases of patients than clinical tests, including asymptomatic ones, and also other ones who did recover from Covid-19. In this sense WBE can provide additional information not only on asymptomatic cases but also on immunized patients who did recover from Covid-19 . Based on these data, epidemiologists could be able to estimate if Covid-19 outbreak would become like a common flu in the near future.
Biomarkers discharged either through urine or feces, are of interest because they can be rather specific for given infectious diseases and good candidates for WBE. A likely place to start evaluating the use of biomarkers would be to make use of the fact that Covid-19 can involve extensive inflammatory damage. The archetype biomarker for systemic oxidative stress is the prostaglandin-like class of substances called isoprostanes as reported by CG Daughton [14] .This paper summarizes that testing for biomarkers might have several other major advantages over the use of PCR such as biomarkers might be more universally excreted among infected individuals, the excreted levels can track the severity of infection, biomarker testing might have tighter ranges for per-capita excretion, facilitating better calibration and more accurate estimations of the number of infected individuals in a community, and avoiding a potential under-appreciated problem with using PCR. Another advantage of using biomarkers instead of SARS-CoV-2 with PCR is on the detection side since most of the measurements for biomarkers molecules are carried out by mass spectrometry(MS) or ELISA . It is well-known that MS or ELISA provide better accuracy and detection limits and validation of results as compared to standard PCR measurements. With this said, the following question will needs answer : Can we look for the same type of biomarkers,. i.e inflammatory response biomarkers already used in clinical diagnostics for the detection of Covid-19 outbreak in WBE? d.Final remarks and Future Perspectives PCR is still the most widely used method for SARS-CoV-2 detection in waste waters as well as in clinical studies. One of the problems is the complexity of the wastewater matrix that needs to be treated by using different concentration methods . Efforts are certainly needed to evaluate the applicability of these existing methods to concentrate SARS-CoV-2. As recommended by W.Ahmed et al [13] there is an urgent need to evaluate RT-qPCR methods used by different laboratories with a clear target to achieve a verification/standardization agreement. Several factors such as qPCR platforms, PCR inhibitors, nucleic acid extraction efficiency and low levels of targets may have contributed to the observed discrepancies between laboratories .Standardization of the whole protocol is needed to recover and detect SARS-CoV-2 from environmental water samples, including all steps : concentration method, PCR assay, and process controls. With this said, the expected future of PCR in WBE will greatly benefit by incorporating new technological developments from the clinical field such as digital PCR reported by W. Ahmed et al., [13]. References in the literature highlight the need of paper based devices and smartphones already used in clinical testing look like a reasonable alternative. Can smartphome technology be used for detecting viruses in wastewaters? MVA Corpuz et al ., [12] reported an example from the literature using a smart-phone fluorescence microscope and a mobile graphical user interface. Such methodology was applied to the detect specific of noroviruses with antibody-based method. That being said, I hope that this Editor´s choice selection will help to better understand and monitor the Covid-19 outbreak using WBE. And most importantly, in these strange times, stay safe and enjoy this uncommon and highly needed 2020 summer break! References
G La Rosa, M Iaconelli, P. Mancini, G. Bonanno Ferraro, C. Veneri, L. Bonadonna, L. Lucentini, E. Suffredini, First detection of SARS-CoV-2 in untreated wastewaters in Italy, Science of the Total Environment, 736 (2020)139652. S. G. Rimoldi, F. Stefani, A. Gigantiello,S. Polesello, F. Comandatore, D. Mileto,M. Maresca, C. Longobardi, A. Mancon,F. Romeri, C. Pagani, F, Cappelli, C. Roscioli, L. Moja, M.R. Gismondo, F. Salerno, Presence and infectivity of SARS-CoV-2 virus in wastewaters and rivers, Science of the Total Environment, 744 (2020) 140911.W. Ahmed, N. Angel, J. Edson, K. Bibby, A. Bivins, J. W. O'Brien, Ph. M. Choi, M. Kitajima, S.L. Simpson, J. Li, Ben Tscharke, R. Verhagen, W.J.M. Smith, J, Zaugg, L. Dierens, Ph. Hugenholtz,K. V. Thomas, J, F. Mueller, First confirmed detection of SARS-CoV-2 in untreated wastewater in Australia: A proof of concept for the wastewater surveillance of COVID-19 in the community, Science of the Total Environment, 728, 2020, 138764.E. Haramoto , B. Malla , O. Thakali , M. Kitajima , First environmental surveillance for the presence of SARS-CoV-2 RNA in wastewater and river water in Japan, Science of The Total Environment, 737 (2020)140405.S.P Sherchan, S. Shahin, L. M. Ward, S. Tandukar, Tiong G. Aw, B. Schmitz, W. Ahmed and M. Kitajima, First detection of SARS-CoV-2 RNA in wastewater in North America: A study in Louisiana, USA, Science of the Total Environment, 743 (2020) 140621.L. Guerrero-Latorre, I. Ballesteros, I. M. Villacrés, M.Genoveva Granda, B. Freire-Paspuel, B. Ríos-Touma, SARS-CoV-2 in river water: Implications in low sanitation countries, Science of the Total Environment, 743 (2020)140832.M. Kumar, A. K.Patel, A. V Shah, J. Raval, N. Rajpara, M. Joshi ,C. G Joshi First proof of the capability of wastewater surveillance 1 for COVID-19 in India through detection of genetic material of SARS-CoV-2, Science of the Total Environment,P. Foladori, F. Cutrupi, N. Segata, S. Manara,F. Pinto, F. Malpei, L. Bruni and G. LaRosa, SARS-CoV-2 from feces to wastewater treatment: What do we know? A review, Science of the Total Environment , 743 (2020) 140444.M Arslan, B. Xub, M.Gamal El-Din, Transmission of SARS-CoV-2 via fecal-oral and aerosols–borne routes:Environmental dynamics and implications for wastewater management in underprivileged societies, Science of the Total Environment, 743 (2020) 140709.W. Ahmed , P. M. Bertsch , A. Bivins , K. Bibby , K. Farkas , A. Gathercole ,Eiji Haramoto , Pradip Gyawali , Asja Korajkic , Brian R. McMinn, Jochen F. Mueller , Stuart L. Simpson ,Wendy J.M. Smith , Erin M. Symonds , Kevin V. Thomas , Rory Verhagen , Masaaki Kitajima , Comparison of virus concentration methods for the RT-qPCR-based recovery of murine hepatitis virus, a surrogate for SARS-CoV-2 from untreated wastewater, Science of the Total Environment, 739 (2020)139960.D. Lu, Z. Huang, J. Luo, X. Zhang, S. Sha, Primary concentration – The critical step in implementing the wastewater based epidemiology for the COVID-19 pandemic: A mini-review, Science of the Total Environment,https://doi.org/10.1016/j.scitotenv.2020.141245M.V A. Corpuz, A. Buonerba, G. Vigliotta, T. Zarra, F. Ballesteros, P. Campiglia,V. Belgiorno, G. Korshin, V. Naddeo, Viruses in wastewater: occurrence, abundance and detection methods Science of the Total Environment, https://doi.org/10.1016/j.scitotenv.2020.140910W. Ahmed , S. Payyappat , M. Cassidy , N. Harrison, C. Besley Interlaboratory accuracy and precision among results of three sewage-associated marker genes in urban environmental estuarine waters and freshwater streams, Science of the Total Environment, 741 (2020)140071.CG. Daughton, Wastewater surveillance for population-wide Covid-19: The present and future, Science of the Total Environment, 736 (2020)139631.
Return to Editors’ Choice Science of the Total Environment Readers
View Articles

අංශුවක් යනු කුමක් ද

 What Is a Particle?


වැඩක් ඇත්තේ ම නැත්නම් මේ ලිපිය කියවන්න. අංශුවක් යනු කුමක් දැයි ඔබට දැනගත හැකි වනු ඇත. වැඩ අධික ම නම් ලිපියේ අවසානය කියවන්න.

Friday, 13 November 2020

විශ්වාස හා නිවුටන්ට පොල්ලක්

 


 විශ්වාස හා නිවුටන්ට පොල්ලක් 


මොන ඉලක්කම් හරඹයකින්වත් ලෝක ආර්ථිකය හා දේශපාලනය කඩා වැටිල කියන එක වහන්න බැහැ.  ඒක නැහැ කියන්න ඕන නැහැ. ලංකාවෙ  ආර්ථිකය වැටෙන්නෙ වත්මන් ආණ්ඩුවේ දුර්වලකමක් නිසා  නොවෙයි. මට හිතා ගන්න බැහැ (මා ඊයේ සඳහන් කළ වියුක්ත අරුතින් නො වෙයි) අනුරගේ සහාය ලබන සජිත්ගේ ආණ්ඩුවකින් මොකක් වෙන්න තිබුණ ද කියන එක. සජිත්ගෙ ආණ්ඩුවක් හිතෙන් මවා ගන්න පුළුවන්. සජිත් වියුක්ත නැහැ. බොහොම සංයුක්තයි.

Thursday, 12 November 2020

කොවිඩ්, පට්ටපල් බොරු හා මුස්ලිම් බැතිමතුන්

 කොවිඩ්, පට්ටපල් බොරු හා මුස්ලිම් බැතිමතුන්


කොවිඩ් 19 නිසා ලංකාවේත් පොදුවේ ලෝකයේත් බොහෝ දේ වෙලා තියෙනවා. වෙමින් තියෙනවා. ඒ අතර ට්‍රම්ප්ට යන්න වෙලා. එයටත් කොවිඩ් සුළුවෙන් බලපෑවා. එහෙත් මූලික වශයෙන් ඔහු පැරදුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මිය යමින් සිටියත් බටහිර වෙනත් චින්තනයක් නැති කමේ ප්‍රශ්නයෙන්. ඔහු අතරමං වූවෙක්. ඔහු 2016 ජනාධිපති තරගය දිනූ  දින තමයි මගේ ලෝකය නිකුත් වීමේ තිස්වසර සමරා තියෙන්නෙ. එදා මා ට්‍රම්ප් ජනාධිපති වීම ගැන සතුටු වන බව කී බව කිහිප දෙනකු මතක් කර තිබුණා. සුපුරුදු පරිදි මට එය අමතක වෙලා තිබුණේ. මෙවර ට්‍රම්ප් පැරදීම ගැන මා කණාගාටු වෙන්නේ නැහැ. ඩෙමොක්‍රටික් පක්‍ෂවලට එතරම් ආයුෂ නැහැ. ඔවුන් යන්නේ සමාජවාදී පක්‍ෂ කොමියුනිස්ට් පක්‍ෂ ගිය පාරේ හයිගේට් කරා. මට අර හතරවැනි ජාත්‍යන්තරයේ ලිපිය දිනපතා ලැබෙනවා. ලෝකයේ ඇති වැඩවර්ජන ගැන එයින් දැන ගන්න පුළුවන්. ඒකත් හොඳයි. දේශපාලන වශයෙන් ශක්තිමත්  වෙනත් චින්තනයක් නොමැති වීම  බටහිරට පමණක් නොව ලෝකයට ම ප්‍රශ්නයක්. 

Wednesday, 11 November 2020

ඇරිස්ටෝටල්ට කොවිඩ් උණ හැදිල

 ඇරිස්ටෝටල්ට කොවිඩ් උණ හැදිල 


රාජිනී ජයසිංහ නමැත්තියකගේ නමින් බොරුව හෙළා දකින කථිකාචාර්යවරුන් පිරිසක් විසින් යැවෙන විද්‍යුත් ලිපියක් මටත් ලැබුණා. මට විද්‍යුත් ලිපිය ලැබී තිබුණේ මා කැලණිය විශ්වවිද්‍යාලයේ දී  ලබා ගත් ලිපින දෙකකට. මෙය කැලෑ පත්තරයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. බොරුව හෙළා දකින කථිකාචාර්යවරුන් නොව උගතුන් ලංකාවේ ඉන්නේ ඉතා සීමිත පිරිසක්. ඔවුන් තම නමින් ප්‍රකාශයක් කිරීමට තරම් ශක්තියක් තියෙන අය. ඒ කැලෑ පත්තරයේ ඇති බොරුව හෙළා දකින්නන්ගේ බොරු අතර චන්නට ගෞරව උපාධියක් (පන්ති සාමාර්ථයක්) නැති බවත් චන්නගේ නිබන්ධනය ලිව්වේ චන්න නොව වෙනත් අයකු බව මා පවසා ඇති බවත් සඳහන් වෙනවා. ඒ දෙක ම බොරු.

Tuesday, 10 November 2020

බටහිර විද්‍යාවේ බොරුව සැමරීම

 බටහිර විද්‍යාවේ බොරුව සැමරීම  


අපි බොහොම කැමතියි යම් සිද්ධියකින් පස්සෙ මං කිවුව නේ කියල කියන්න. ඒ අප කී පුරෝකථන හරි ගිහින් කියා හිතල.  මට නම් එහෙම කියන්න දෙයක් ඇත්තේ නැති තරම්. අටවැනි දා පැවති මියන්මාර මැතිවරණයෙන් මා සිතූ දෙයක් වැරදිල. මා හිතා හිටියේ සු චී මැතිණියගේ පක්‍ෂය දිනාවි එහෙත් 2015 ගත් ආසන සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වේවි කියා. ඒ සිතිවිල්ල වැරදි බව වැටහෙනවා. සු චී මැතිණියගේ පක්‍ෂය විශිෂ්ට  ජයක් අත් කරගෙන තියෙනවා. ඇගේ පක්‍ෂය ජනවාර්ගික සුළුතරයක් ඇතැයි කියන ප්‍රාන්තවලත් ජයග්‍රහණය කර තියෙනවා. ඒත් හමුදාව තවමත් බලවත්. මියන්මාරයෙ ජනතාවට ජාතිකත්වයක් තිබුණත් ජාතික මතවාදයක් නැහැ. අපි  මියන්මාර ජනතාවට සුබ පතනවා. 

Monday, 9 November 2020

අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ

 අපේ රාමුව, වරකා, කොවිඩ් හා තවත් දේ


කොවිඩ්, තර්කය, නාට්‍යය, වරකා ඉරු ආදී සියල්ල එකිනෙකට සම්බන්ධයි. අවශ්‍ය නම් බියර් ද දාගන්න. අපි කොවිඩ්වලින් පටන් ගනිමු. එක්තරා ආයුර්වේද වෛද්‍යවරයෙක් කියා තිබුණා ආයුර්වේදයේ කොවිඩ් රෝගය සඳහා ප්‍රතිකාරයක් නැති බවත් තියෙනවා කියන්නේ ව්‍යාජ ප්‍රතිකාර බවත්, ප්‍රතිකාරයක් ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට යවා අනුමැතිය ලබා ගත යුතු බවත්.  මේ ප්‍රකාශයෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. රෝගයක් කියන්නෙ මොකක් ද, ප්‍රතිකාරයක් කියන්නෙ මෙකක් ද, ප්‍රතිකාරය අනුමත කළ යුත්තේ කවුද විතරක් නොවෙයි, තර්කය කියන්නෙ මොකක් ද නාට්‍යයක් කියන්නෙ මොකක් ද ආදී දහසක් ප්‍රශ්න. 

Sunday, 8 November 2020

ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන්

 ජාතික චින්තනය, වරකා ඉරුව, මියන්මාරය හා බයිඩන් 


ජාතික චින්තනය වරක ඉරුවකට ඌනනය කරන්න පුළුවන් කලාකාරයන් ඉන්න රටක අප ජීවත් වෙන්නෙ. ඒකට මාත් එක අතකට වෑරදිකාරයෙක්. ගුණදාස අමරසේකරගෙ ජාතික චින්තනය වරකා ඉරුවකට ඌනනය කරන්න පුළුවන් බව කියන්න තිබුණෙ බොහෝ කාලෙකට පෙර. ඒත් මෙහි සඳහන් කරන කලාකාරයා ගුණදාස අමරසේකර නොවෙයි. ඔහු නාට්‍ය ලෝකයේ නමක් හදාගන්න නැහෙන කෙනෙක්. ඔහුට ඊනියා ජාතික චින්තනය ඇතිවත් බැහැ නැතිවත් බැහැ. 


මගේ ලිපි කියවන්න අලුතෙන් පිරිසක් ඇබ්බැහි වෙලා. ඔවුන් පරණ ලිපි කියවල නැහැ. ඊයේ නිවන ගැන තිබූ ලිපියෙ එක් අයකු නිවන සාපේක්‍ෂ ලෙස අරගෙන. ඔහු අඩුම තරමෙන් මගේ ලෝකය කියවා නැති බවයි පේන්නෙ. ඔහු නිවන් අවබෝධකරගන්න හදන අයෙක්. සම්මාබෝධය පැත්තකින් තියන්නලු. අවබෝධ කරගන්නව නම් ඉතින් මනසෙන් තමයි. එහෙම අවබෝධ කර ගත්තා කියමු. ඉන් පස්සෙ මනසට මොකක් ද වෙන්නෙ. මනස නැති වෙනවා ද දිගට ම පවතිනවා ද? මේ ප්‍රශ්න ඇති වන්නෙ බුදුදහම වෛදිකකරණයට ලක් කිරීමේ ප්‍රතිඵල ලෙස. නූගතුන් කියන අයගෙ වැඳුම් පිදුම් මට ප්‍රශ්නයක් නො වෙයි. මාත් හැමදා ම උදේට තානාපති කාර්යාල භූමියෙ බුදු පිළිම වහන්සේට මල් පූජා කරන නූගතෙක්. උගතුන්ගෙ මුග්ධ දාර්ශනික තාර්කික කතා තමයි බුදුදහමට තියෙන ප්‍රශ්නය. මා කියන එක, මා යනුවෙන් කෙනකු ඉන්න බව කියන එක බොරු බව මෙනෙහි කරන්න. කාලෝගෙ කාළාම සූත්‍රය නොව බුදුහාමුදුරුවන්ගෙ කාළාම සූත්‍රය කියවන්න. ඒත් මා කී නිසා පමණින් කියවන්න එපා.

Saturday, 7 November 2020

පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම

 පඬිපෝතිකාවන්ගේ දුප්පත්කම


පසුගිය දා පේරාදෙණියෙ පඬි පෝතිකාවක් තම නොහැකියාව ප්‍රකාශ කරල තිබුණ. මට හරියට ම මතක නැහැ ඇය කියා තිබූ වචන. ඒත් ඇය කියා තිබුණෙ මෙන්න මෙවැන්නක්. ලංකාවෙ අද බර වචන පාවිච්චි කරන ඕනෑම අයකුට උගතකු ලෙස පෙනී ඉන්න පුළුවන්. අනිත් මිනිස්සු නොමග යවන්නත් පුළුවන්. ඒත් නලින් ද සිල්වා බර වචන පාවිච්චියකුත් නැතිව ජනමතයක් ගොඩනගනවා. එය පරාද කිරීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බුද්ධිමය දරද්‍රතාව. ඇය මතක් කරල තිබුණ හඳගමගෙ තනි තට්ට ගැන මා චිත්‍රපටය නරඹන්නෙ නැතිව විචාරයක් ලියල තිබුණ කියල. සිංහල බෞද්ධ විරෝධී හඳගමලගෙ චිත්‍රපට ගැන ලියන්න චිත්‍රපට බලන්න අවශ්‍ය නැහැ කියන එක මා කියා ඇති. 

Friday, 6 November 2020

 බටහිර දැනුම් ආධිපත්‍යය යටතෙ කොවිඩ් සමග වාසෙ


බටහිර වෙදමහත්තුරුන්ට පින්සිද්ද වෙන්න අපට කොවිඩ් සමග සාමාන්‍ය ම නොවුණත් සාමාන්‍ය විධියට ජීවත් වෙන්න පුළුවන් වෙලා. දැන් තියෙන්නෙ සිතියම් ඇඳීමේ ප්‍රශ්නය විතරයි. ග්‍රාම නිලධාරි මහතුන්ට ගමේ සිතියම පාරවල් හා ගෙවල් එක්ක (ගූගල් හරියන්නෙ නැහැ) දීල කොවිඩ් ආසාදිත අය ඉන්න තැන් ලකුණු කරවන එක විතරයි තියෙන්නෙ. ඒක කොහොම හරි කරන්න ඕන නැත්නම් කොවිඩ් අලුත්ගේලා අර මොකක් ද කමිටුවකින් යන්න යාවි. ගියත් විශාල ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මාධ්‍ය හරහා සියලු උපදෙස් ලබා දෙනවා. පාදෙණිය කොහෙ ගිහිල්ල ද කියල මා මේ කල්පනා කරන්නෙ. ජනාධිපතිවරණ දවස්වල නම් ඔහු ගෝඨාභය රාජපක්‍ෂගෙ වගේ ම සජිත් ප්‍රේමදාසගෙ රැස්වීම්වලත් දැක ගන්න පුළුවන් වුණා. 

Thursday, 5 November 2020

අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප්

 අතරමං වූ අතරමැදියා හෙවත් ට්‍රම්ප්


එක්සත් රාජ්‍යවල ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ වීම තව කල් යනවා. මේ ලෝකයේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රට කියල කියනවා. එංගලන්තයේ අගමැති ජොන්සන් ට්‍රම්ප්ගෙ අනුගාමිකයෙක් කියල කියන්න පුළුවන්. මේ රටවල් දෙකේත් යුරෝපයේ රටවලත් මහා ප්‍රශ්න. එහි කැරලි තත්වයන් තියෙනවා. ඒත් ඊනියා විප්ලව කරනව තියා හඬක් නගන්නවත් මාක්ස්වාදියකු නැහැ. ඔවුන් කටවල් වැහෙන්න මාස්ක්දාගෙන මාස්ක්වාදීන් වෙලා. නිකම් වැඩකට නැති සඟරාවල කුණු කුණු ගානවා විතරයි. මේ රටවල පෙන්නුම් කෙරෙන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ කඩා වැටීම. බයිඩන් දිනනව කිවුවෙ 12%ක වැඩි ප්‍රමාණයකින්. බයිඩන්ට ඡන්ද මණ්ඩල 270 ළඟ කැරකෙන්න වෙලා. ඡන්ද විද්‍යාල කියන අය නැවත විද්‍යාලෙට, පාසලට ගියත් වැඩක් වෙන්නෙ නැහැ. ඔය විද්‍යාලවල හිතන්න උගන්වන්නෙ නැහැ. අර බැක් ටු ස්කූල් වැඩ සටහන්වලට මොක ද වුණේ.

Wednesday, 4 November 2020

මා කැලණි ගිය හැටි

 මා කැලණි ගිය හැටි


අද එක්සත් රාජ්‍යවල මීළඟ වසර හතරේ ජනාධිපති කවුද කියා දැන ගන්නට හැකි වේවි. මුළු ලෝකය ම අර්බුදයකට ගිහිල්ල ඉන්න වෙලාවක, බටහිර ක්‍රූිස්තියානි නූතනත්වය කඩන් වැටිල ඕන එකක් වෙන්න පුළුවන් කියන එක ඊනියා යථාර්ථය බවට පත්වෙලා තියෙන වෙලාවක ඕන කෙනෙක් ජනාධිපති වෙන්න පුළුවන්. ජනාධිපති කෙනකු පත් නොවීමත් අර ඕන එකක් වෙන්න පුළුවන්. කිසිවකුටවත් ඡන්ද මණ්ඩල 270ක් නොලැබුණොත් මොකද වෙන්නෙ. කොංග්‍රසය තීරණය කරනවා ද? ඒක හරි ද? මොකක් වුණා ම මොක ද?  මොකක් හරි වෙයි. 

Tuesday, 3 November 2020

ඇඳිරි නීති අස්සෙත් යන වස්තු

 ඇඳිරි නීති අස්සෙත් යන වස්තු


ඇතැමුන් අහනව කාලය කියන්නෙ මොකක් ද කියල. මගේ උපාධි නිබන්ධය පරීක්‍ෂා කළ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ මහාචාර්ය විට්රෝ පොතකුත් ලියල තිබුණ කාලය යනු කුමක් ද (What is Time) කියල. මාත් නිබන්ධය ලිව්වෙ කාලය හා අවකාශය සම්බන්ධ දේ ගැන නිසා ඒ පොත කියවල තිබුණ. ඒත් ඒකෙ කාලය කියන්නෙ මොකක් ද කියන එකට උත්තරයක් දීල තිබුණෙ නැහැ. මා ඒ බව ඔහුට කියන්න ගියේ නැහැ.

Monday, 2 November 2020

කොවිඩ් මැතිවරණය ඩීල් දුම් හට්ටිය හා පිරිත්

 කොවිඩ් මැතිවරණය ඩීල් දුම් හට්ටිය හා පිරිත්


කොවිඩ් ගැන හුඟක් දේ කියන්න තියෙනවා. කොවිඩ් ගැන ම නො වෙයි. අදාළ දේ ගැනත්. විශේෂයෙන් ම මෙරට උගතුන් ගැනත්. ලංකාවේ තරම් උගතුන් ලෝකෙ කොහෙවත් නැහැ. වරක් ප්‍රසිද්ධ හාමුදුරුනමක් ප්‍රකාශ කෙළේ ලංකාවෙ කතා කිරීමට යම්තමින්වත් පුළුවන් හැම අයකු ම ගායකයකු කියල. උන්වහන්සෙ යොදා ගත් වචන මා මෙහි සඳහන් කරන්නෙ නැහැ. ඒ වගේ ම තමයි උගත්තු. වචන දෙකක් ගැට ගහගන්න පුළුවන් හැම දෙනා ම මෙරට උගත්තු. මා උගතකු නොවීම ගැන මට ඇත්තේ අපමණ සතුටක්.

Sunday, 1 November 2020

මියන්මාරයේ වප් පොහොය

 මියන්මාරයේ වප් පොහොය 


වප් පුර පොහොය මියන්මාරයට ඉතා වැදගත් පොහොයක්. ඔවුන් එය හඳුන්වන්නේ තදින්ජෝ කියායි. වස්සානය අවසන් වන පොහොය ලංකාවටත් වැදගත්. වප් පොහොය දින බුදුහාමුදුරුවන් මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනය කර ආපසු මනු ලොවට වැඩම කළ දිනය ලෙස අප සියල්ලන් ම සලකනවා. මියන්මාරයේ වප් පොහෝ දින ලංකාවට වඩා විශේෂත්වයක් දැක්වෙනවා. මේ සම්බන්ධ උත්සවය දින පහක් තිස්සේ පැවැත්වෙනවා. උත්සව පටන් ගැනෙන්නේ පුර පොහොයට පෙර දින සිටයි.

Saturday, 31 October 2020

චන්න ජයසුමනගෙ සුදුසුකම

 චන්න ජයසුමනගෙ සුදුසුකම 


අපේ රටේ තරම් දේශීය දැනුමට ගරහන්න සූදානම් වෙච්ච ඊනියා උගත් පිරිසක් ලෝකෙ වෙන කිසිම රටක ඉන්නවා කියා හිතන්න බැහැ. ඒ මෙරට ලන්දේසීන් හඳුන්වා දී පසුව ඉංගිරිසින් දිවයින පුරා පැතිර වූ අධ්‍යාපන ක්‍රමයෙත් ප්‍රතිඵලයක්. එහෙත් එය බටහිර අධ්‍යාපනයට පමණක් ම සීමා කරන්නත් බැහැ. දේවනාගරි අක්‍ෂරවලින් තම මුහුණුපොතේ ගිණුමේ නම ලියන ආයුර්වේද වෙදමහතකු යැයි සැලකිය හැකි අයකුට අනුව අප පාරම්පරික ප්‍රතිකාර ගැන කියන්නේ එවැනි පාරම්පරික වෙදමහතුන් දැන් නැති බව දැන දැන ව්‍යාජ පාරම්පරික ප්‍රතිකාර පෙන්වා ඉන්පසු ඒ අසාර්ථක බව පෙන්වීමට. ඔහුට කේන්ති ගිහින් ඇත්තේ මා පාරම්පරික වෙදකම ගැන කියන දේට වෙන්න බැහැ. දේවනාගරී අක්‍ෂරවලින් නම ලියන පාරම්පරික වෙදමහතුන් ගැන මා දන්නේ නැහැ. බටහිර දැනුම ඉදිරියේ දණ්ඩ නමස්කාර කරන තාර්කික බෞද්ධයකු යැයි සිතිය හැකි පඬි නැට්ටකුට ද ඊයේ අර වෙද සංගමය ගැන කී දේ විස වෙලා. ඔහුට අනුව වෙද සංගමය නීති රීති වෙනස් කිරීම පාරේ වමෙන් යනව ද දකුණෙන් යනව ද කියන එක වෙනස් කරනව වගේ භයානක වැඩක්. තාර්කික බෞද්ධයන් කාළාම සූත්‍රය පළමුව හදාරනවා නම් හොඳයි. ඒත් කාලෝගේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට නොවෙයි. 

Friday, 30 October 2020

කොවිඩ් පිරිමි කම හා රතු එළිය

 කොවිඩ් පිරිමි කම හා රතු එළිය


කොවිඩ් ගැන බොහෝ දේ ලියන්න තියෙනවා. මා කිසිම ආකාරයක වෙද මහතකුවත්, සමාජ විද්‍යාඥයකුවත්, මනෝ විශ්ලේෂකයකුවත්, දාර්ශනිකයකුවත් තබා කිසිම උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. ඒත් මගේ හිතට අදහස් එනවා. මා ඒ ලියනවා. මා හිතන්නේ හිතට එන අදහස්වලින් සියයට එකක්වත් ලියැවෙන්නේ නැහැ කියලයි. බටහිර විද්‍යාවෙත් මගේ හිතට අදහස් එනවා. ඒ ඔවුන්ගේ සම්ප්‍රදායෙන් හා චින්තනයෙන් පිට බැවින් ලියල වැඩක් නැහැ. විශ්විද්‍යාලෙ වැඩ (නො)කරපු කාලෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනකු ලවා ඒ අදහස් උඩ උපාධි නිබන්ධන නම් ලියෙව්වා.

Thursday, 29 October 2020

පොම්පියෝ හා ආණ්ඩුව

 


පොම්පියෝ හා ආණ්ඩුව


පොම්පියෝ ගැන මෙතරම් ලියන්න වේය කියා මා හිතුවේ නැහැ. යොන් මැරිල්ල, තර්කය හා කාළාම සූත්‍රය ගැන ඇතැමුන් නොදන්නා දේ, තම නොහැකියාව ප්‍රදර්ශනය කළ පේරාදෙණියේ ඉංගිරිසි අංශයේ පඬි පෝතිකාව ආදිය ගැන පමණක් නොව සිංහල බෞද්ධයන්ට විරුද්ධව ඇති සිංහල බෞද්ධ ජරාව වැනි නම්වලින් ම ඇති සකර්බර්ග් ගිණුම් ආදිය ගැනත් ලිවීම කල් යන එක පමණයි සිදු වන්නේ. අප රටේ බෞද්ධයන් නොමැති වීම ගැනත් ලියන්න ඕන. බෞද්ධයන් ඉන්නව නම් ඒකත් නොවෙයි ඒක නොවන්නත් නොවෙයි කිවුව ම වෙන මොකක් ද කියල අහවි යැයි. කාළාම සූත්‍රය ගැන බණ කියන හාමුදුරුවරු යමක් තර්කානුකූල වූ නිසා ම යමක් න්‍යායානුකූල වූ නිසා ම පමණක් පිළිගන්න එපා කියන්නෙ මොක ද කියල ඊනියා තාර්කික බෞද්ධයන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ මොක ද? මධ්‍යම ප්‍රතිපදාවෙ අන්ත දෙක ඉවතලන්න කියන්නෙ මොක ද? අන්ත දෙකක් විතර ද තියෙන්නෙ.  මෙරට ඊනියා බෞද්ධයන් බුදුහාමුදුරුවන්ට වඩා ඇරිස්ටෝටල්ට සලකන බව පේනවා. යොන් මැරිල්ලෙ තවත් අර්ථ තියෙනවා ද? 

Wednesday, 28 October 2020

පොම්පියෝ ගියාපියෝ

 පොම්පියෝ ගියාපියෝ


පොම්පියෝට විරුද්ධතා ඇත්තේ මුහුණුපොතේ හා චීන තානාපති කාර්යාලෙ  පමණ ද? නලින් බණ්ඩාරල පොම්පියෝට විරුද්ධ නැහැ. ඔවුන්ගෙ ප්‍රශ්නය ආණ්ඩුවේ හිතවතුන් සාමාජිකයන් පොම්පියෝට විරුද්ධ නැත්තෙ ඇයි කියන එක පමණයි. ආණ්ඩුවේ ඇතැමුන් විරුද්ධ නැතුව නොවෙයි.  මා නම් පොම්පියෝ ආ ඒකටත් විරුද්ධයි. චීන විදේශ ඇමති ආ එකටත් විරුද්ධයි. මේ සීතල යුද්ධයට අපි පටලැවෙන්නෙ හොඳ නැහැ. 

Tuesday, 27 October 2020

පොම්පියෝ, සීතල යුද්ධය හා ලංකාව

 පොම්පියෝ, සීතල යුද්ධය හා ලංකාව 


අද එක්සත් රාජ්‍යවල රාජ්‍ය ලේකම් පොම්පියෝ ලංකාවට එනවා. ඔහු සිංහල කියවන්න දන්නවා නම් මුහුණුපොතෙන් දැන ගන්න පුළුවන් තමන් ලංකාවට යන්නෙ ඇයි කියල. මා හිතන්නෙ පොම්පියෝට වඩා ලංකාවෙ අය දන්නවා ඔහු ලංකාවට එන්නෙ මොකට ද කියල. මාත් ලංකාවෙ. ඒ නිසා මාත් දන්නවා ඔහු එන්නෙ මොකට ද කෙසේ වුණත් එන්නෙ ඇයි කියල. ඔහු එන්නෙ සීතල යුද්ධය සඳහා.

Monday, 26 October 2020

සිංහල බෞද්ධ ඡන්ද හා ජගත්

 

සිංහල බෞද්ධ ඡන්ද හා ජගත්

 

මහාචාර්ය ජගත් වැල්ලවත්ත කියන්නෙ උගතෙක්. අර ඇතැමුන් කියන විධියට ප්‍රාමාණික උගතෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙ සමාජවිිද්‍යා අධ්‍යනංශයේ මහාචාර්යවරයෙක් වෙන්න ඕන. ඔහු කාලයක් තිස්සේ තවත් මහාචාර්යවරු දෙන්නෙක් එක්ක සාමාන්‍යයෙන් එකට වැඩ කරනවා. ඒ මහාචාර්ය චරිත හේරත් හා මහාචාර්ය රංජිත් බණ්ඩාර. ඔවුනුත් ප්‍රාමාණික උගතුන් වෙන්න පුළුවන්. මා නම් ප්‍රාමාණික තබා උගතකුවත් නො වෙයි. ගණිතයේ, ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවේ දැනගත යුතු දෙයින් දාහෙන් එකක්වත් මා දන්නේ නැහැ. ඇතැමුන් මා ප්‍රාමාණික උගතකු යැයි කියන්නේ කෙසේ ද කියා මා දන්නේ නැහැ.

Sunday, 25 October 2020

බැසිල්ගෙ මන්ත්‍රීතන්ත්‍රවාදය පනස්හයට හරස්වීම

 

බැසිල්ගෙ මන්ත්‍රීතන්ත්‍රවාදය පනස්හයට හරස්වීම

 

අප රටේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව අප නොදන්නවා නො වේ. අප රටේ ක්‍රියාත්මකවන්නේ ප්‍රෝඩාතන්ත්‍රවාදයක් යැයි ඇතැමුන් කියනු ඇත. එහෙත් මා කියන්නේ මෙරට ක්‍රියාත්මක වන්නේ මන්ත්‍රීතන්ත්‍රවාදයක් බව ය. එය වඩාත් ම හොඳින් දන්නේ බැසිල් රාජපක්‍ෂ. ඔහුගේ ඊනියා දක්‍ෂතාව ඇත්තේ එය තේරුම් ගැනීමට හා කළමනාකරණය කිරීමට දක්වන සමත් කමෙහි ය. මන්ත්‍රීවරුන්ට සමීප වීම ඔවුන්ගේ දුරකතන පණිවුඩවලට පිළිතුරු දීම, මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම මන්ත්‍රීතන්ත්‍රවාදයේ අංග. විවිධ අය විවිධ දේ සම්බන්ධයෙන් දක්‍ෂතා දක්වනවා. අපි බැසිල්ගේ දක්‍ෂකම ගැන පසුව කතා කරමු. ඔහු රටට නැතිව ම බැරි වස්තුවක් ද?

Saturday, 24 October 2020

කොවිඩ්, සාපේක්‍ෂතාව හා ඩීල්

කොවිඩ්, සාපේක්‍ෂතාව හා ඩීල්

මට හමු වී ඇති දක්‍ෂ ම ශිෂ්‍යයකු වන ශිරන්ත චාමරට කොවිඩ් ආසාදනය වෙලා. ඒ ගැන මා කණගාටු වන අතර ඔහුටත් පවුලේ සැමටත් ඔහු කියන අන්දමට ම සැනසිල්ල ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා. ඔහුගේ පියා මාළු වෙළඳාම හා සම්බන්ධ වී සිටියත් පෑලියගොඩ යන එන බව දැන සිටියත් විපරම් කිරීමට බැරි වුණා. මේ ඔහුගේ මුහුණු පොතේ ගිනුමේ තිබූ සටනක්.

Friday, 23 October 2020

විස්ස සීල් තිබ්බෙ ඩීල්වලින් නොවෙයි

 විස්ස සීල් තිබ්බෙ ඩීල්වලින් නොවෙයි 


විස්සෙන්  ආණ්ඩුව දිනලා. ඒ ඩීල් හින්ද නිසා නොවෙයි. මෛත්‍රිපාල නැවතත් ආණ්ඩුවට ද්‍රෝහි වෙලා. ඔහු විස්සට ඡන්දය දෙන්න ඇවිත් නැහැ. ඔහු අර කොමිසමේ සාක්කි දුන් බවට සාක්කියක් නැහැ. මා වැරදි වෙන්න පුළුවන්. මෛත්‍රිපාලට මොකද කරන්නෙ. ඔහු සජිත් ළඟට යවමු ද? හකීම්ගෙ පක්‍ෂයෙ මුස්ලිම් මන්ත්‍රීවරුන් හතරදෙනකුත් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂෙ මුස්ලිම් මන්ත්‍රීවරයකුත් සජිත්ගෙ මුස්ලිම් මන්ත්‍රීවරයකුත් කඳුරට ජනතා පෙරමුණේ දෙමළ මන්ත්‍රීවරයකුත් සජිත්ගෙ පක්‍ෂෙ ලේකම්වරියත්  ආණ්ඩුවේ සහායට ඇවිල්ල. ඒ කිසිම ඩීල් එකකින් නොවෙයි. ස්වඡන්දයෙන්  කැමැත්තට විස්සේ ගුණ දැකල ආණ්ඩුවට පක්‍ෂව ඡන්දෙ දීල. මට පොඩි බයක් ඇති වුණා. සජිත්ගෙ පක්‍ෂෙ ලේකම්වරිය ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ නැති සජිත්ල පක්‍ෂෙන් නෙරපයි ද කියලා? එහෙම කළොත් සජිත් කොහෙ යන්න ද? ආපහු සිරිකොතට ද? 

Thursday, 22 October 2020

ජාතික ව්‍යාපාරයට තීරණාත්මක දවසක්

 ජාතික ව්‍යාපාරයට තීරණාත්මක දවසක්


අද රටේ තීරණාත්මක ම දවසක්. කාට හරි කියන්න පුළුවන් හැම දවසක් ම තීරණාත්මකයි කියල. එහෙම නොවෙයි. අද විස්සට ඡන්දය විමසන දවස. කිසිවකු නොසිතූ ආකාරයට ද්විත්ව රටවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට ඇති බාධාව තවත් පළල් කර වෙනත් තනතුරු සඳහා ද එය බලපාන අන්දමට විස්ස සකස් කළ යුතු බවට රටේ පමණක් නොව පිටරට සිටින සිංහලයන් අතර ද මතයක් ඇති වෙලා තියෙනවා.

Wednesday, 21 October 2020

ද්විත්ව රටවැසි ප්‍රශ්නයට විකල්පයක්.

 

ද්විත්ව රටවැසි ප්‍රශ්නයට විකල්පයක්. 

 

ඊයේ මගේ හැත්තෑහය වැනි උපන් දිනය. බොහෝ දෙනකු මට සුබ පතා තිබුණා. ඇතැමුන් සුපුරුදු පරිදි මට බැණ වැදී තිබුණා. ඒ අතර ජාතික කඳවුරේ අයත් සිටියා. ඒ අය ගැන කතා කරන්න දෙයක් නැහැ. නිර්මාල් දේවසිරි, වංගීස සුමනසේකර වැනි මතවාදී වශයෙන් විරුද්ධවාදීන් ද සුබ පතා තිබුණා. චතුර අල්විස් ප්‍රධාන ජනමාධ්‍යයක් ඔස්සේ මට සුබ පතා තිබුණා.  ඒ සියල්ලන්ට ම බැන්න අයටත් ඇතුළුව මා පින් දෙනවා. ඒත් ඒ සියල්ලට වඩා මට වටින්නේ මගේ චූටි මුණුබුරා මගෙන් ඇසූ ප්‍රශ්න. සීය කිරිබත් කෑව ද සීනි සම්බෝල  තිබුණ ද ලුනුමිරිස් තිබුණ ද? 

Tuesday, 20 October 2020

 


විස්ස බලතල හා යොන් මැරිල්ල 


විස්ස, විසි එක හා විසි දෙක දිනවල පාර්ලිමේන්තුවේ විවාද කෙරෙනවා. ආණ්ඩු පක්‍ෂයෙ නම් ඒ තුනෙන් දෙකකින් සම්මත කිරීම සඳහා මන්ත්‍රීවරුන් එකිසිය පනස් දෙනකු නැහැ. එහෙත් විස්ස මේ කඩිමුඩියේ ගේන්න ඇත්තේ ඒ බව නොදැන වෙන්න බැහැ. විසි දෙවැනිදා රාත්‍රියෙහි අපට සියල්ල දැන ගන්න පුළුවන් වේවි. ලිහන්න තියෙන මල්ල ඔබල බලන්න මට ඕන නැහැ. 

Monday, 19 October 2020

 ප්‍රියන්තා සේනානායකගේ අභාවය 


නාථ දේව මණ්ඩලය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තිබූ ප්‍රියන්තා සේනානායක මහත්මිය මිය ගිහින්. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ කිත්සිරි සේනානායකගේ බිරිඳ. කිත්සිරි තමයි මට කියා තිබුණේ ප්‍රියන්තාට නාථ දේව මණ්ඩලය සමග සම්බන්ධවීමට හැකි බව. ඇය රෝගවලට කළ පිළියම් සාර්ථක වෙලා තිබුණා. ඒ නිසා තමයි චන්න ජයසුමන මා සමග රජරට වකුගඩු රෝගය ගැන කී විට මා ඔහු ප්‍රියන්තා වෙතට යොමු කෙළේ. ඈ අපට කීවේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කෘමිනාෂක බවත් ඒ කෘමිනාෂකවල ආසනික් තිබෙන බවත්. 

Sunday, 18 October 2020

යොන් මැරිල්ල

 යොන් මැරිල්ල 


යොන් මැරිල්ල කියල සෙල්ලමක් තියෙනවා. සමහරු හිතන්නෙ මෙතන යොන් කියන්නෙ මුස්ලිමුන්ට කියල. ඒ ගැන වෙන ම කතාවක් තියෙන්නෙ. අපි ඉස්සර යෝන යොන් කියල කිවුවෙ ග්‍රීකයන්ට. ග්‍රීක කියල කිව්වත් පැරණි ග්‍රීසියේ වර්ග හතරෙන් එකකට (Ionians) . යෝන යවන කියල අප ඔවුන් හැඳින්නුවා. මේ යෝනයන් අතර ඇතැන්ස්හි විසූ අය නැත්නම් ඇතීනියන්වරුන් ද හිටියා. මේ යෝනයන් පණ්ඩුකාභය කාලයේත් ලංකාවෙ හිටි බව මහාවංසයෙත් සඳහන් වෙනවා. පණ්ඩුකාභය රජු යෝනයන්ට අනුරාධපුරේ එක් ප්‍රදේශයක් වෙන් කරල දීල තියෙනවා. 

Saturday, 17 October 2020

ආසියාවේ සීතල යුද්ධය, පාස්කු ප්‍රහාරය හා ජාතිකත්වය

 ආසියාවේ සීතල යුද්ධය, පාස්කු ප්‍රහාරය හා ජාතිකත්වය


ඒ කාලෙ සෝවියට් දේශය හා බටහිර අතර සීතල යුද්ධයක් තිබුණා. ඒක ඉවර වුණෙ 1989 නොවැම්බර් මාසෙ බර්ලින් තාප්පෙ බිඳ වැටුණට පස්සෙ. ඉන් පසු විවිධ පොත්පත් ලියැවුණා. ෆ්‍රැන්සිස් ෆුකුයාමගෙ 1992 දි පළවුණු ඉතිහාසයේ අවසානය (The End of History and the Last Man) සහ සැමුලේ හන්ටින්ග්ටන්ටන් ෆුකුයාමාට දුන් පිළිතුරක් ලෙස ද සලකන්න පුළුවන් 1993 දි පළ වූ සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations) පොත. ෆුකුයාමා කිව්වෙ බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද හා ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකය මිනිස් විකාශයේ අවසාන ප්‍රතිඵලය බවයි. හන්ටින්ග්ටන් කියා සිටියෙ ඒක එහෙම නොවෙයි මින් පස්සෙ ඇතිවන්නෙ සභ්‍යත්ව ගැටුම් කියා. ඔහු කිවුවෙ මුස්ලිම් සභ්‍යත්වය බටහිර සභ්‍යත්වයට තර්ජනයක් වෙනව කියල. 1995 දි ෆ්‍රුකුයාමා ට්‍රස්ට් (Trust: Social Virtues and Creation of Prosperity (1995)) නමින් පොතක් ලියල තමාගේ 1992 ස්ථාවරය තරමක් වෙනස් කරල සංස්කෘතිය ආර්ථිකයෙන් පැහැදිලි ව වෙන් කරන්න බැහැ කියල කිවුව.

Friday, 16 October 2020

ලෝ වටා ගිය චීනුන් හා දැනුම

 ලෝ වටා ගිය චීනුන් හා දැනුම 


වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර ඒ නමින් හඳුන්නපු සූර වීර ධීර ජනමාධ්‍යවේදීන් බ්‍රැන්ඩික්ස් පොකුර ඒ නමින් හඳුන්වන්නේ නැහැ. මේ ජනමාධ්‍යවේදීන් උදාර දේශප්‍රේමීන්. බ්‍රැන්ඩික්ස් ආයතනය රටට ගෙනා විදේශ විනිමය සලකලා ඔවුන් ඒ පොකුර මිනුවන්ගොඩ පොකුර ලෙස නගරයේ නමින් හඳුන්වනවා වෙන්න පුළුවන්. මොන තරම් දේශප්‍රේමයක් ද? මොන තරම් නිර්භීතභාවයක් ද? මට නම් ඒ දේශප්‍රේමය ගෑවිලාවත් නැහැ. 

Thursday, 15 October 2020

විස්ස කල් දාල කොවිඩ් පරාද කරමු

විස්ස කල් දාල කොවිඩ් පරාද කරමු


මා  ඊයේ ලියූ ලිපිය ඇසුරෙන් සුපුරුදු පරිදි ඒ ඒ අය තමන් කැමති දේ සංස්කරණය කරගෙන. එය නවත්තන්න කිසිවකුටවත් බැහැ. ඊනියා ජාත්‍යන්තරවාදී පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට අනුව ඒ විකාරයක්. ඔවුන් කියන්නේ නැහැ එය විකාරයක් වන්නේ කෙසේ ද කියා. මා ඒ සියල්ලන්ගෙන් ඉල්ලා සිටියා ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන ලෙස. එය එක් පුද්ගලයකුගෙන් කළ ඉල්ලීමක් නො වෙයි. ඒ ප්‍රශ්නවලට ඔවුන්ට කිසි දා උත්තර දෙන්න බැහැ. 

Wednesday, 14 October 2020

ආශ්‍රිතයන් නිරෝධායනය කරන්න එපා

 ආශ්‍රිතයන් නිරෝධායනය කරන්න එපා


විස්ස ගැන බද්‍යුද්දීන් දෙබෑයන් ගැන පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර බලපෑම් ගැන මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ඔවුන් ත්‍රස්තවාදීන් සමග පැවැත් වූ සම්බන්ධකම් ගැන බොහෝ දේ කියන්න තිබුණත් අද වඩා වැදගත් වන්නේ කොවිඩ්. එහෙත් අමරපුර රාමඤ්ඤ නිකාය නමින් නිකුත් වූ නිවේදනය ගැනත් ජාත්‍යන්තර විප්ලවය ගැනත් වචනයක් දෙකක් නොකියා බැහැ. විස්ස ගැන මගේත් ප්‍රශ්න තියෙනවා. මා ඒ ලියා ඇති. එහෙත් අත්තංගනේ හාමුදුරුවන් වැනි හාමුදුරුවරුන් නිකාය නමින් ඒ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීම නිවැරදියි කියා හිතන්න බැහැ. අත්තංගනේ හාමුදුරුවන් යම් දේශපාලන පක්‍ෂයකට හිතවත් බව අප දන්නවා. උන්වහන්සේගේ මතය නිකාය සම්බන්ධ කර ගන්නෙ නැතිව ප්‍රකාශ කළා නම් යහපත්. ඊයේ මහානායක හිමිවරු ඒ ප්‍රකාශය තමන්වහන්සේගේ අනුදැනුමෙන් තොරව කළ එකක් බව නිවේදනය කිරීමත් සමග ප්‍රකාශය හෑල්ලු වුණා. 

Monday, 12 October 2020

කොවිඩ් 19 තියෙනවා ද? ලෙඩ්ඩු ඉන්නවා ද? ඉරිදා දිවයින තියෙනවා ද?

 කොවිඩ් 19 තියෙනවා ද? ලෙඩ්ඩු ඉන්නවා ද? ඉරිදා දිවයින තියෙනවා ද?


බටහිර වෙදකම හැරෙන්න තවත් වෙදකම් තියෙනවා. ඒ ඔක්කොම කවුරු කවුරු හරි මිනිසුන් සකස්කරපු ඒවා. ඒවයේ ඇති ඊනියා සත්‍යයක් නැහැ. සත්‍යය කියන්නෙ ඇති දේට. සත්බව කියන්නෙ ඇති කියන එක. ලෝකය ම අපි සංස්කරණය  කර ගත් දෙයක්. නැත්නම් අප එකිනෙකාගේ ලෝක කියන්නෙ අප සංස්කරණය කර ගත් දේ. එහෙම කියන එකත් හරි නැහැ. දේ කියන්න යමක් තියෙන්න ඕන. අපේ භාෂා මා දන්න තරමින් හදාගෙන තියෙන්නෙ මේ ඇතිබව නැත්නම් සත්බව මුල් කර ගෙන. අපට ඒ සත්බව නැතිව කතා කරන්න ලියන්න හිතන්න සන්නිවේදනය කරන්න බැහැ. ඒක හරි අවුලක්. අවුලක් කිවුවට අවුලත් අපේ ම සංස්කරණයක්. 

Sunday, 11 October 2020

බ්‍රැන්ඩික්ස්, කාන්තාව හා කොවිඩ්

 බ්‍රැන්ඩික්ස්, කාන්තාව හා කොවිඩ් 


කොවිඩ් පැරදවීම සඳහා රට ම එක්විය යුතු ය කියා මා කියන්නේ නැහැ. එසේ නොකියන්නේ එය කිසි දා සිදු නොවන නිසා. පහුගිය දා ලක්‍ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ කතා කෙළේ එහෙම එක්වන්න නම් නොවෙයි. සජිත්, හරීන්,  ආදීන්ගෙන්වත් අනුර රනිල්දාස (දැන් සජිත්දාස), යටත්විජිත හේරත් ආදීන්ගෙන්වත් එකතුවක් බලාපොරොත්තු වන්න බැහැ. දෙඩුම් ශිල්පී (කවුරු සකස්කළත් අවශ්‍ය පරිදි අපි යොදා ගන්නවා) වමාරන වමාලගෙන් කිසිවක් බලාපොරොත්තු වන්න බැරි ඔවුන්ට දෙඩීම හැර වෙන කිසිවක් කිරීමට බැරි නිසා. මේ සියල්ලන්ට ම අවශ්‍ය පුළුවන් හරි බැරි හරි ආණ්ඩුව පරද්දන්න මිසක් කොවිඩ් පරද්දන්න නොවෙයි. කොවිඩ්ට ආණ්ඩුව පරද්දන්න පුළුවන් නම් ඔවුන් වඩාත් කැමති වෙයි. ආණ්ඩුව පරද්දන්න බැරි නම් වමාලා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව ආණ්ඩුවේ කොටසක් එක්ක හරි එකතු වේවි. ඒත් වැමෑරීම හැර ඔවුන්ට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. 

Saturday, 10 October 2020

නොබෙල් සාම තෑග්ග දිනනු පිණිස මාස්ක් නැතිව මාක්ස් සමග

 නොබෙල් සාම තෑග්ග දිනනු පිණිස මාස්ක් නැතිව මාක්ස් සමග


මා එතරම්  බලාපොරොත්තුවක් තියාගෙන හිටියෙ නැහැ 2020 සාම නොබෙල් ත්‍යාගය උකුස්සන් විසින් රැක බලා ගැනෙන හා මෙහෙයවෙන, පණුවන් කන සාම පරෙවියන්ට ලැබේවි කියල. මෙවර එය ලැබිල තියෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනට. ලෝකයේ ආහාර නැති අයට ආහාර දීම ආහාර නැති කම නිසා හිංසාවට පෙළඹෙන ජනතාවට සාමය ගෙන යෑම ආදී කරුණු හේතු පාඨයේ තියෙනවා. ඒවා ඇත්ත ද කියල අහන්න එපා.  පසුගිය වසරවල ප්‍රදානය කෙරුණු සාම නොබෙල් තෑගිවලින් 20%කට වඩා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආයතනවලට ලැබුණු බව කියනවා. එය හරි ද වැරදි ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් මා දන්න දේ නම් ඔය තැගි දෙන්නෙත් උකුස්සන් ම කියන එක. උකුස්සන් තමන්ගෙ සංවිධානවලට තෑගි දෙන්නෙ නැතිව කාට දෙන්න ද?

Friday, 9 October 2020

නිරෝධායනය, වම හා චීන දූත පිරිස.

 නිරෝධායනය, වම හා චීන දූත පිරිස. 


චීන දූත පිරිසක් ලංකාවට ඇවිල්ල. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධානියකු වූ හිටපු විදේශ ඇමතිවරයකු ඒ දූත පිරිසේ නායකත්වය දරණ බවයි ආරංචිය. ඉස්සර නම් ලංකාවෙත් චීන කොමියුනිස්ට් පක්‍ෂයක් තිබුණා. ඒකෙ ප්‍රධානියා වුණෙ ශන්මුගදාසන් සහෝදරයා. ඒ දවස්වල බොහෝ විප්ලවවාදීන් හිටියෙ චීන කොමියුනිස්ට් පක්‍ෂෙ. මං කිවුවෙ ලංකාවෙ චීන කොමියුනිස්ට් පක්‍ෂෙ. ඔය අතර විප්ලවය ගැන කතා කරපු අප වගේ කිහිප දෙනෙක් ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවල හිටිය. ඒ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂවල අඩිපාරෙ තමයි අද ඉන්න වමාලා ගිහින් තියෙන්නෙ. අඩිපාරෙ කියන එකෙන් අදහස් කරන්නෙ වැඩක් කෙරුව කියන එක නොවෙයි. කතා කර කර හිටියා කියන එක. ඒකට කතාපාර කිවුවොත් හරි ද? අද වමාලට කියන දෙඩුම් ශිල්පීන් යෙදුම ඉස්සර හිටපු විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදීන්ටත් යොදන්න පුළුවන්. අද ඉන්න දෙඩුම් ශිල්පීන් ට්‍රොට්ස්කිවාදීන් නොවෙන්න පුළුවන්. ඔවුන් ලකාන්, අල්තූසර්, ජිජැක් ආදී එකී නොකී අයගේත් ෆූකෝ ඩෙරීඩා බදියු ආදී මෙකී නොකී අයගේත් මත වමාරන අය වෙන්න පුළුවන්. අද ඉන්න දෙඩුම් ශිල්පීන් දන්නෙ වමාරන්න විතරයි. සමහර විට ඔවුන්ට වමාලා කියන්නෙ වමාරන හින්ද වෙන්න ඇති. 

Thursday, 8 October 2020

බ්‍රැන්ඩික්ස් පොකුර හා දුම් හට්ටිය

 

බ්‍රැන්ඩික්ස් පොකුර හා දුම් හට්ටිය

 

ආණ්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන විධියට වැඩ කළා නම් බ්‍රැන්ඩික්ස් පොකුර නවත්ත ගන්න තිබුණා කියල කියනවා. මා ඒකට ඇඟලුම් පොකුර වගේ නමක් කියන්න යන්නෙ නැහැ. බ්‍රැන්ඩික්ස් මෙයට වග කිවයුතු වුණත් නැතත් පොකුරේ මුල එතැන වෙන්න ඕන. මා ඒකෙන් කියන්නෙ පළමු වැනි රෝගියා හමුවුණේ එතැනින් කියන එක නොවෙයි. පොකුරේ ව්‍යාප්තිය බ්‍රැන්ඩික්ස් හරහා සිදු වී ඇති බව පැහැදිලියි.

Wednesday, 7 October 2020

කොවිඩ් හා කළු කුහර

 

කොවිඩ් හා කළු කුහර

 

ඊයේ මගේ එක් බලාපොරෙත්තුවක් බිඳ වැටුණු දවසක්. ඒ බටහිර වෙදකම/භෞතවේදය පිළිබඳ නොබෙල් තෑග්ග රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට නොලැබීම නිසා. මා බටහිර වෙදමහත්තුරු ගැන කී දේට සමහර බටහිර වෙදමහත්තුරුන්ට හා වෙදහාමිනේලාට කේන්ති ගිහින්. එහෙම වෙන එක පුදුමයකුත් නො වෙයි. ඒ ගැන පස්සෙ කතා කරමු. අද මා හීනෙන්වත් නොසිදූ හොඳක් සිද්ධ වෙලා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිිද්‍යාලයෙ රොජර් පෙන්රෝස්ට 2020 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ගෙන් බාගයක් හිමිවෙලා. මෙවර භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල තෑග්ග තුන්දෙනකුට හිමිවෙලා. ඒ කළු කුහර ගැන ඔවුන්ගේ අධ්‍යයනවලට. පෙන්රෝස්ට හිමිවෙලා තියෙන්නෙ කළු කුහර සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රවාදාත්මක අධ්‍යයනයකට. අනෙක් දෙදෙනාට තෑග්ගෙ ඉතුරු භාගය හිමිවෙලා තියෙන්නෙ කළු කුහර පිළිබඳ කරන ලද නිරීක්‍ෂණ සම්බන්ධයෙන්. පඬි නැට්ටකු කියන්න පුළුවන් මා නොබෙල් තෑගි අගය කරනවා කියා. නැහැ මා ලෝකයේ සිදුවන අගය කිරීම් ගැන කියනවා පමණයි

Tuesday, 6 October 2020

බිඳ වැටුණු බලාපොරොත්තුව

 

බිඳ වැටුණු බලාපොරොත්තුව 


අද උදේ මගේ එක් බලාපොරොත්තුවක් බිඳ වැටුණා. මා හිතාගෙන හිටියේ 2020 බටහිර වෙදකම/භෞතවේදය පිළිබඳ නොබෙල් ත්‍යාගය කොවිඩ් 19 පැතිරීම ගැන එදා සිට අද දක්වා ආණ්ඩුවට උපදෙස් දෙන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට ලැබේවි කියා. ඔවුන් ඒ සම්බන්ධයෙන් කර ඇති කාර්යය අති උදාරයි. ජනමාධ්‍ය ඔවුන්ට ලබාදෙන ප්‍රචාරය නොවන්නට ඔවුන්ට ඒ කාර්යය ඉටු කිරීමට නොහැකි වීමට තිබුණා. ඔවුන් එකල පීසීආර් පරීක්‍ෂණ වෙනුවට වෙනත් පරීක්‍ෂණ කරන්න කිවුවා. දැන් කියනවා පීසිආර් පරීක්‍ෂණ ප්‍රමාණය මදිය කියා. මොන තරම් දෙයක් ද? 2020 අදාළ නොබෙල් ත්‍යාගය හෙපටයිටිස් සී වයිරසය හොයා ගත්තා යැයි කියන තුන්දෙනකුට හිමි වෙලා. ඔය හොයාගැනීම් ගැන මා කියන්නේ නැහැ. අර ඉලෙක්ට්‍රෝනය හොයා ගත්තෙ කවු ද? දැන් කියන්නෙ ඉලෙක්ට්‍රෝන තියා මොන අංශුවක් වත් නැහැ කියල. දැන් තියෙන්නෙ ක්‍ෂෙත්‍ර! ඔය ජනප්‍රිය විද්‍යා කතන්දර පොතක ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදය (Quantum Field Theory) ගැන කියැවෙන්නෙ නැද්ද? 

ඒත් මගේ තවත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ 2020 සාම නොබෙල් ත්‍යාගය අර පණුවන් කන සාම පරෙවියන්ට ලැබේවි කියා. එය දැනුම් දෙනකන් මා නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. සාම පරෙවියන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ හරපද්ධතිය විනාශ කරන්න. ඒ අර උකුස්සන් වෙනුවෙන්. පරෙවියන්ට තමන්ගෙ අවශ්‍යතාව   කෙලින් කියන්න හයියක් නැහැ. ඒ නිසා සමහර තැන්වල සිංහල බෞද්ධ මූලධර්මවාදයක් ගැන අන්තවාදයක් ගැන කියනවා. මූලධර්මවාදය හරි අන්තවාදය හරි කියන්නෙ මොකක් ද කියල පැහැදිලි කළා නම් හොඳයි. මෙරට බොහෝ සිංහල බෞද්ධයන් නම් මා යක්‍ෂයන් මනස ආදිය ගැන කියන දේ සමග එකඟ වන්නේ නැහැ. ඒ මා මූලධර්මවාදියකු නිසා නම් නො වෙයි. ඒකට කමක් නැහැ අද වමක් නැහැ. නව වමාල බිහිවුණෙ අසුවෙ දශකයෙ. වම නැතිවුණාට පස්සෙ. අර මුලදි X කණ්ඩායම හැදුවෙ. ඒකට සිංහල බෞද්ධ හර පද්ධතිය විනාශ කරන්න උත්සාහ කරන මංගල ආධාර කෙළෙ.  අපි ඒ ගැන පස්සෙ කතා කරමු. 

Monday, 5 October 2020

වමාලා ගැන කතාවක්

වමාලා ගැන කතාවක්



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරල තිබුණ තමා බද්‍යුද්දීන් සමග ඩීල් දේශපාලනයක නොයෙදෙන බව කියා. එය ඉතා වැදගත්. ඒ ගැන අප එතුමාට කෘතඥ වනවා පමණක් නොවෙයි. ඒ නිවේදනයෙන් කියැවෙන්න මුසාවක් නොවන බවත් අප දන්නවා.

Sunday, 4 October 2020

ඩීල් දේශපාලනය කරළියට ඇවිත්

 ඩීල් දේශපාලනය කරළියට ඇවිත්


උකුස්සන් විසින් ඇති කෙරී රැක බලාගැනෙන, පණුවන් කන සාම පරෙවියන් තමන් බව තේරුම් ගැනීමට ශක්තියක් නැති ඇතැම් වමාලා ජිජැක් මගින් ජාතිකවාදය තේරුම් ගන්න උත්සාහ ගන්නවා. සිංහලෙන් ලියන දේ තේරුම් ගැනීමට නොහැකි පඬි නැට්ටන්ගේ ඉංගිරිසි දැනුම විශ්මය ජනකයි. ඒ කුමක් වුවත් ජිජැක්ටත් වමාලාටත් මොනව හරි ලියනව කියනව හැරෙන්නෙ වෙන කරන්න දෙයක් නැහැ. දැන් වමක් ඇත්තෙත් නැහැ. නැති වමකට සම්ම ජාතියේ නොවෙයි සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකටවත් බලයට එන්නත් බැහැ. වමාලා ජාතික කඳවුර ගැන කරදර නොවී වම නැති වුණේ මොකද කියල හොයල බලනව නම් හොඳයි. අර තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෙ නැතිව අනෙකුකගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන කතා කිරීම තමයි වමාලා කරන්නෙ. 

Saturday, 3 October 2020

මැනලයි ක්‍ෂීර කිරි දෙන්නේ මා ඔබට

 මැනලයි ක්‍ෂීර කිරි දෙන්නේ මා ඔබට  





මා මැනල ද පුතේ කිරි (පොල්) දුන්නේ මා උඹට ලිපිය ලියල අත ගන්නත් කලින් ජ වි පෙරමුණේ (මොන බලය වුණත්, වමාලා ටිකක් සහාය දුන්නත් ඒක ජ වි පෙ) මන්ත්‍රිණී හරිනි කියල කාන්තාවන්ට ගෙදර දොර වැඩ කරනවාට වැටුපක් ගෙවන්න ඕන කියල. ඒකට තරමක දිග උත්තරයක් දෙන්න ඕන. මේක ආරම්භයක් පමණයි. මා කලක සිට කියන දෙයක් තමයි කාන්තාවන් රැකියාවකට නොගොස් ගෙදර ඉන්දවීම සඳහා දීමනාවක් ලබා දිය යුතු බව. එයට වැටුපක් ද නැද්ද කියන එක වෙන ම කතාවක්. අප ජීවත් වන්නේ බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සමාජයක නිසා වැටුප කීවත් දීමනාව කීවත් කමක් නැහැ.

Friday, 2 October 2020

පොපර් මාක්ස්වාදය දැක්ක හැටි

 පොපර් මාක්ස්වාදය දැක්ක හැටි   


වමාලා මගේ දැනුම ගැන මට කරන්න පුළුවන් දේ ගැන කරදර වෙනවා. මා කියල තියෙනව මම විද්‍යාඥයකු වෙන්න ගිහින් බැරුව ආපු අයෙකු කියල. ඒ වගේම මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි කියල. මා විශ්වවිද්‍යාලයක ආචාර්ය කමකට  සුදුසු නැති නිසා වෙන්න ඕන දෙවැනි වර මා පේරාදෙණියට නොගත්තෙ. ජේ ආර් ජයවර්ධනට පින් සිද්ද වෙන්න පසුව කොළඹ විශ්වවිද්‍යාලෙ රස්සාවක් හම්බ වුණා. පසුව ජී එල්, ලක්‍ෂමන්, ඈපාසිංහ, සමරනායක දැන ගත්තා මා සුදුසු නැහැ කියල. ඊට පස්සෙ නඩු කීයල නීතිය ආධාර කරගෙන කැලණියේ රස්සාවක් ගත්තා. ඒකෙන් අස් කරන්න ඔන්න මෙන්න තියෙද්දි විශ්‍රාම ගියා. මට වෙන රස්සාවක් කරන්නත් බැහැ. ඒ නිසා රස්සාවක් නැතිව ගෙදර ඉන්න එක ඇරෙන්න මට කරන්න දෙයක් තිබුණෙත් නැහැ.

Thursday, 1 October 2020

චීනය ඉන්දියාව හා ක්‍ෂමා ආයතනය

 චීනය ඉන්දියාව හා ක්‍ෂමා ආයතනය


පසුගිය දා අක්තපත්‍ර ප්‍රදානය කිරීමට පැමිණි තානාපතිවරුන් හතර දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හොඳ ප්‍රකාශයක් කර තිබුණා. එය  ඇතැම් වෙබ් අඩවියක වාර්තා වූයේ මෙසේයි. “ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි”

Wednesday, 30 September 2020

ප්‍රශ්න කිහිපයක්

 

ප්‍රශ්න කිහිපයක්

 

මෙල්බන් නුවර ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මා සමග වැඩ කළ (මා අවුරුදු එකහමාරක් පමණ එහි වැඩ කළා) නික් ගාන්හම් පසුගිය දා මගෙන් විමසා සිටියා ගණිතයෙන් විදේශ සේවයට මාරු වුණේ කොහොම ද කියා. මා කිවුවේ බොහෝ කලක සිට මා දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බවයි. එහෙත් ඔහුට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ලේබර් හිතවතෙක්. ඒ දිනවල ඔහු විට්ලම්ට ආධාර කළා. මා ඔහුට කියන්න ගියේ නැහැ ලංකාවේ  එහෙම තමයි කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, විනිසුරුවන්, රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරුන් ඇතුළු දේශඥපාලනඥයන්ට ආදී එකී නොකී ඕනැම අයකුට තානාපති කමක් කරන්න පුළුවන් කියලා.