Main Logo

Showing posts with label ඉරිදා රිවිර. Show all posts
Showing posts with label ඉරිදා රිවිර. Show all posts

Monday, 2 March 2015

දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා - 3 (ඉරිදා රිවිර ලිපියකි )

දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -3

යක්‍ෂ සංස්කෘතිය යටපත්කර බලයට පත් මෞර්ය සංස්කෘතිය ගැමුණු කුමරුට රජකම නො දුන්නේ ය.මහාවංශය ඒ බව යම්තාක් දුරකට සඟවයි. අප දන්නේ ගැමුණු තිස්ස සමග සටන්කළ බව පමණ ය. එහෙත් එසේ සටන් කළේ ඇයි දැයි අපට කිසිවකු කියන්නේ නැත. අපට තේරෙන පරිිදි නම් තිස්සට දුන් රජකම ආපසු ගැනීම සඳහා ගැමුණුට සටන් කිරීමට සිදුවිය. එහි දී විහාර මහා දේවිය පමණක් නොව දශමහා යෝධයන් ද හිත යටින් ගැමුණුගේ පැත්ත ගන්නට ඇත. සටනින් ගැමුණු ජයග්‍රහණය කළේ ය. තිස්සයා ඇඳ නැතැයි කී හාමුදුරුවෝ ඔහු තමන්වහන්සේගේ කරමත ඇති බව ගැමුණුට නිහඬ ව දැන්වූහ. විහාර මහා දේවිය භික්‍ෂූන් වහන්සේ කරමතින් මාළිගාවට පැමිණි තිස්සයා වැළඳගත්තේ උතුරා යන මව් සෙනෙහසිනි.