Main Logo

Sunday 29 December 2013

එඩේරුන් නැති සිංහල බැටළුවෝ


දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ගැන ලියන ලිපි පෙළ කල්දැමීමට සිදු වී තිබෙන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් කරන ලද බවට පළවූ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ය. දකුණු අප්‍රිකාවේ ඩෙස්මන්ඩ් ටුටූ බිෂොප්වරයා ලංකාවට විරුද්ධව ප්‍රකාශයක් කළේ ඊනියා සංහිඳියාවකට නම් නො වේ. මැන්ඩෙලාගේ සංහිඳියාව අපි පසුව සාකච්ඡා කරමු.    

තමන් දේශපාලනයෙහි නොයෙදෙන්නේ යැයි කියන මැල්කම් රංජිත් කාදිනල්තුමා ද දෙමළ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර තිබෙනු දුටිමි. එතුමන් කියනු ඇත්තේ එය හුදෙක් රටේ සුබ සිද්ධියට කරන්නක් මිස දේශපාලන මැදිහත්වීමක් නොවන බව ය. සියළු දේශපාලනඥයන් කියන්නේ තමන් ජනතාවට රටට සේවය කරන බව ය. මෙරට සියළු ආගමික නායකයෝ දේශපාලනයෙහි යෙදෙති. එය සෘජු මැතිවරණ දේශපාලනයක් නොවිය හැකි ය. එහෙත් මැතිවරණවලදී ඡන්දය දිය යුතු ආකාරය ගැන ද ඇතැම් පූජකවරු කියා දෙති. කෙසේ වෙතත් කාදිනල්තුමාට අනුව මෙරට දෙමළ වාසභූමි ඇත. ඒ නිජභූමි නොවේ යැයි එතුමා කියනු ඇත. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමෙහි ද නිජභූමි ගැන නොකියැවිණි. එහි සඳහන් වූයේ ඊනියා ඓතිහාසික නිජභූමි ය. උතුරු හා නැගෙනහිර පළාත් එකතුකළේ ඒ සංකල්පය මුල්කර ගනිමිනි. අහිංසක ලෙස පෙනෙන සංකල්ප ජනතාවගේ ස්වාධිපත්‍යයට හා රටේ භෞමික අඛන්ඩතාවට එරෙහිව යොදාගත හැකි ය. මේ රටේ කිසිවකුටවත් වෙන්කෙරුණු වාසභූමි නැත. වාසයභූමිය යනු තමන් වාසය කරන ප්‍රදේශය යනු බොරු කතා ය. වාසභූමියට ඉන්දු ලංකා ගිවිසුමේ ඇත්තේ වෙනත් අරුතකි. දකුණ දෙමළ ජනයාට සැලකූ ආකාරය මෙන් ම ප්‍රභාකරන් ද වැරදි යැයි කාදිනල්තුමා කියයි. තමන් මධ්‍යස්ථ බව පෙන්වීමට කැමති අය මෙවැනි ප්‍රකාශ කරති.  දකුණ වැරදියට සලකා ඇත්තේ කෙසේ දැයි කාදිනල්තුමා පැහැදිලි කරන්නේ නම් මැනවි.  ඒ අතර එතුමන් කියා ඇත්තේ විවිධ ආණ්ඩු යටතේ සාකච්ඡා පැවතුණත් විසඳුමක් නොලැබුණේ දෙමළ නායකයන් සමග අවංකව සාකච්ඡා කිරීමට දේශපාලනඥයන්ට ධෛර්යයක් නොතිබුණු නිසා බව ය. එතුමන් කියා ඇති දෙයට අටුවා ටීකා අවශ්‍ය නො වේ. දේශපාලනඥයන්ට ඔය කියන ධෛර්යය නො ලැබුණේ සිංහලයන් නිසා ද? දෙමළ නායකයෝ අවංකව සාකච්ඡාවලට පැමිණියාහු ද? 

අද මෙරට විසඳීමට දෙමළ ප්‍රශ්නයක් නැත. ඒ බව ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා ක්‍රියාත්මක වන ආකාරයෙන් ද පැහැදිලි වෙයි. මෙරට සිටින සියළු දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණයට විසඳුම විය යුත්තේ සියළු දෙමළ ජනයා විඳින ඊනියා අසාධාරණයට පිළියමක් මිසක් උතුරු හා නැගෙනහිර පළාත්වලට ඊනියා වාසභූමි සංකල්පය ඔස්සේ බලය බෙදීම නො වේ. ඇතැයි කියන ප්‍රශ්නය එකකි. දී ඇති විසඳුම තවත් එකකි. මෙය යන්නෙ කොහේ ද මල්ලෙ පොල් පිළිතුරකි. අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නොවන බව සිහින ලෝකයක ජීවත්වන වාසුදේව නානායක්කාර මහතාට ද මතක්කර දිය යුතු ය. තමන්ට අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමට නැති ප්‍රශ්න මැවීමට ගිය විට එවැනි තත්ත්ව උද්ගත වෙයි. අද මෙරට පළාත් සභා යනු එක්සේසත් රාජ්‍ය ව්‍යුහය තුළ ක්‍රියාත්මක වන ආයතන පමණකි. වත්මන් භාෂාවෙන් කියන්නේ නම් එක්සේසත් රාජ්‍යයක් යනු ඒකිය රාජ්‍ය ප්‍රභේදයකි. දෙමළ ජාතික සංධානය ඒ බව ද, පොදු රාජ්‍ය මණ්ඩල නායකත්ව රැස්වීමෙන් පසු ඉන්දියාවට කළහැකි බලපෑමක් නැති බව ද, වටහා ගත යුතු ය. කාදිනල්තුමා මැදිහත්වීමට උත්සාහ කරන්නේ ඒ නිසා විය හැකි ය. ජෙනීවා ගෝනිබිල්ලා පෙන්වා දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීමට කටයුතු කළ නොහැක්කේ අද ආණ්ඩුව බැටළුහම්  පොරවාගත් වෘකයන් හඳුනන බැවිනි. 

අද ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ ජෙනීවා සාකච්ඡා සඳහ දහතුනට පක්‍ෂ අය යැවීම ය. පසුගිය අවුරුද්දේ ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කරගත හැකි වූයේත් ඉන් පෙර නොහැකි වූයේත් එකල සහභාගි වූ අයගේ දක්‍ෂතාව නිසා යැයි ඔවුහු කියති. එහෙත් එයට පෙර අප දිනුවේ නම් එයට හේතුව අප ඉන්දියාවට හා බටහිරට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම ය. විශේෂයෙන් ම ඉන්දියාවට අවශ්‍ය ආකාරයට පොරොන්දු දීම ය. එහෙත් ඉන්දියාව පසුගිය වසර වනවිට දැනසිටි කරුණ නම් අප ඉන්දියාවේ පදයට නැටීමට සූදානම් නැති බව ය. ඉන්දියාව බටහිරයන් සමග එකතු වී ජෙනීවාහි දී අප පරාජයට පත්කළේ එබැවිනි. එසේ පැරදීම අපට ප්‍රශ්නයක් නො වේ. එය අපේ ආත්මාභිමානයට හේතුවකි. ජෙනීවාහි දී ජයග්‍රහණය කිරීම සඳහා අප ජනතාවගේ ස්වාධිපත්‍යය හා රටේ භෞමික අඛණ්ඩතාව පාවා දිය යුතු නො වේ. අප කළ යුත්තේ බටහිරට පක්‍ෂ නොමැති රටවල සමග විශේෂ සම්බන්ධතා ඇති කරගෙන ජෙනීවාහි දී එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් පරාජය කිරීම ය. ඇමරිකාව ඉන්දියාවට සලකන ආකාරය පසුගිය දා ඇමරිකාවේ ඉන්දීය තානාපති නිලධාරිනියක සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයෙහි දී පැහැදිලි විය. යම්කිසි දවසක ඇමරිකාව ඉන්දියාවේ දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන යයි කියමින් ජෙනීවාහිදී ඉන්දියාවට විරුද්ධව යෝජනා සම්මත කිරීමට ක්‍රියා කිරීමට ඉඩ ඇත. බටහිරයන්ට අද ඉන්දියාව අවශ්‍ය වන්නේ පකිස්ථානයට හා චීනයට විරුද්ධ ව යොදා ගැනීමට මිස වෙනත් කරුණකට නො වේ. 

කෙසේ වෙතත් කාදිනල්තුමා මැදිහත් වීමට සූදානම්වන්නේ කිනම් ප්‍රශ්නයක් විසඳීමට දැයි  නිශ්චිත ව පැහැදිලි කරන්නේ නම් මැනවි. පසුගිය කාලයේ කතෝලික සභාවේ ඇතැම් බිෂොප්වරුන් කොටින්ට උඩගෙඩි දුන්නේ හුදෙක් ජීවිත බය නිසා ම යැයි අපි විශ්වාස නො කරමු. සවුන්ද්‍රනායගම්, ජෝසෆ් එමෑනුවෙල් ආදී බිෂොප්වරුන් කොටින්ට පක්‍ෂව ක්‍රියා කළ ආකාරය අපි දුටුවෙමු. අද ද එමෑනුවෙල් බිෂොප්වරයා පිටරට සිට කොටින්ට පක්‍ෂව ප්‍රචාරක කටයුතුවල නිරත වෙයි. ඒ කිසි ලෙසකින්වත් ජීවිත භය නිසා කෙරේන්නක් නො වේ. රායප්පු ජෝසෆ් බිෂොප්තුමා මරියතුමියගේ ප්‍රතිමාව ද කොටින්ට දීමට කටයුතු කළේ ය. ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු බිෂොප්වරයා ප්‍රභාකරන් මානව හිතවාදී පුද්ගලයකු ලෙස හැඳින්වී ය. බටහිරයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් ඇත්තේ කළු බැටළුවන් පමණක් නො වේ. කළු එඬේරු ද සිටිති. මෙහි කළු යන්න බටහිරයන් යොදන්නේ ද කලුබවට කරන අපහාසයක් ලෙස ය. ඒ කෙසේ වෙතත් සිංහල කතෝලිකයෝ ද සිංහල ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. ඔවුහු ද බටහිර සංකල්පයට අනුව බැටළුවෝ වෙති. අද ඔවුන්ට එඬේරුන් නැත් ද? 


නලින් ද සිල්වා

2013-12-29



Friday 27 December 2013

Habits, habitats and armed forces


Those who were not in favour of operations against the LTTE have a habit. They wanted the operations to be stopped and engage in so called peace talks with the terrorists. The UNP ridiculed the armed forces and Ranil Wickremesinghe referred to Thoppigala as a jungle. Ravi Karunanayake wanted to find out whether the army was in Medawachchiya when they were in Killinochchi. He probably does not know where Alimankada is as he thought it was another name for Pamankada. As far as he is concerned it appeared that all mankadas were the same. Then Lakshman Kirielele said any ass or some other animal could fight a war. The NGO pundits and self appointed specialists on warfare, echoing the westerners, said that the “war” cannot be won by either party. However, the Sri Lankan armed forces were able to defeat the LTTE and to become the first to defeat a terrorist organization.

The peace talks were to be based on the thirteenth amendment, which was a result of the infamous Indo Lanka Accord which is not a document valid politically or legally. The Indo Lanka Accord referred to the historical habitats of the Tamils in Sri Lanka, and it was to these so called habitats that power was to be devolved in order to solve the “discriminations” against the Tamils by the Sinhala Buddhists, who in the eyes of the westerners and NGO pundits are the worst Chauvinists in the world. The government of the Sinhala people as the Tamil racists call the Sri Lankan government has no respect at all for human rights according to the west, their agent UNP and of course the NGO pundits and the TNA.

Almost all these anti Sinhala Buddhist organizations habitually tell us though the war was won, peace was not won. They seem to be of the opinion that peace could have been won without winning the war. For them winning the “war” was not a necessary condition for peace. It is clear what they mean by peace is not what the vast majority of Sinhalas and probably Tamils have in their minds. As far as the UNP, NGO pundits and others are concerned peace is nothing but betraying the sovereignty of the people and the territorial integrity of the nation. For them peace is handing over a piece of the country to the Tamil racists. In any event most of them talk of a non-existing Tamil nation and their self determination.

It is wrong to say that there is no peace in this country. Peace was won by the Sri Lankan armed forces under the political leadership of the President and the direction of the Defense Secretary. However, England and some other western countries want another \war against the Sinhala people this time through various means. They employ the dispersed Tamils in their countries on one hand and on the other, their so called international organizations such as the UN and human rights agencies, and of course the NGOs. The displaced Tamils operate through a faction of the TNA that had its annual conference recently in Vavunia without Ananda Sangari who was not sympathetic to the LTTE but with the widows of the terrorists and others such as Sumanthiran the MP appointed on the national list. The anti Sinhala lobby shout slogans inside and outside the Parliament, stage demonstrations in London and Geneva and attempt to give the impression that there is no peace in the country. In the whole of Sri Lanka the arrival of the prince of peace was celebrated day before yesterday unlike in the days of Prabhakaran the devil of terrorism and some Bishops of the Catholic Church who dominated the Church then, and some other Churches. We cannot forget that the Bishop of a Christian denomination referred to the terrorist leader as a humane person. It is time for the Catholic and other Christian Churches to look back and correct the mistakes. After all there are Sinhala Catholics and Christians whom the Church cannot ignore in the name of finding so called peace that is detrimental to the sovereignty of the people and the territorial integrity of the nation.     

As we have said very often, this so called solution is backed by the Tamil racist Vadukoddai resolution, though the Tamil problem is more than hundred and fifty years old. The Tamil racists took so much time to formulate “the problem” in order to suit the solution that they had from the state council days. Nagnathan who became the treasurer of the Illankai Thamil Arasu Kadchchi (Lanka Tamil State Party) later wanted a separate country for the Tamils even before the first Parliament was elected in 1947. In the case of Tamil racism the solution came first and then the problem was formulated.

However, the process was so artificial that the solution does not address the problem. The problem is “discrimination against the Tamils by the Sinhala Buddhists and their government”. The solution is devolution of power to the historical habitats of the Tamils, identified by the Indo Lanka Accord as the Northern and Eastern Provinces, though the “Eelam Map” refers to an area to the north of Chillaw on the western coast and Panama in the eastern cost. This “Eelam Map” is based on judicial districts demarcated by the Dutch who imported the Vellalas to the country. Incidentally the word Eelam was coined by C Sunthralingam who spelt it as Eylom. If the Tamils are discriminated then a solution has to be found for all the Tamils in the country and not only for the Tamils living in the Northern and Eastern Provinces.  

It has to be emphasized that the solution depends on the concept of habitats as stated in the Indo Lanka Accord. It does not depend on the so called homeland concept and it is clear that it is the concept of habitats that is used to justify the solution of devolution of power to the Northern Province and the Eastern province. Thus when the Catholic Church issues a statement recognizing habitats of the Tamils, the Sinhalas especially the Sinhala Buddhists are disturbed to say the least. The Church in its defense may say that they do not refer to the homeland, but then the notorious Indo Lanka Accord also does not refer to the homeland of the Tamils. The Catholic Church like any other organization is entitled to engage in politics forgetting the differences between the God and Caesar without correcting its mistakes, but then the Church should realize that it is not immune from criticism.

It should be realized even by some ministers belonging to the leftover left, not to mention the TNA leaders that the Provincial Councils in operation today do not confirm to the Indo Lanka Accord as such. The Northern and Eastern Provincial councils act separately and the provinces are not amalgamated for the purpose of implementing the thirteenth amendment and the provincial councils act. The present provincial councils are not a solution to the so called discrimination of the Tamils and they function in the framework of the “eksesath rajya” a form of unitary state if one were to use modern terminology. The Northern Province Provincial council is not different from any other provincial council in the country and this is something that the TNA should realize sooner than later. The original idea of provincial councils was bound to fail as there was no problem to be solved envisaged by the so called solution.

It is in this background that we have to consider the employment of the armed forces in the country. Sumanthiran who said a few weeks ago in a television discussion that there were no Tamil speaking policemen in most of the police stations in the Northern Province, but  did not respond to the media spokesperson for the Police who challenged the honourable MP, is now shouting slogans against the presence of the Army in the Jaffna Peninsula. It is the commander of the Army who decides where to employ the platoons, and as long as Premachandrans, Sritharans who want a separate state it appears that the commander cannot confine the army to the barracks. The Provincial Council of the Northern Province has no authority to decide where the army should be stationed and as long as the Army is not involved in civil administration there is nothing wrong in having the army in the streets of Jaffna or Colombo, if the commander is of the opinion that there are separatists who are controlled by external forces that act against the sovereignty of the people and the integrity of the nation. The faction of Sampanthan and Wigneshwaran is only using Sumanthiran to counter the faction of the dispersed Tamils in the TNA, and this policy would not succeed.


Nalin De Silva

27-12-2013

Wednesday 25 December 2013

ගැලීලියෝ බොරු කීවේ ඇයි?


බටහිර විද්‍යාව පිළිබඳ මා දරණ ස්ථාවරය මෙසේ ය. බටහිර විද්‍යාව යනු ලෝකයේ ඇති එක් දැනුම් පද්ධතියක් පමණ ය. බටහිර විද්‍යාව එතෙක් තිබූ චීන, භාරතීය, සිංහල, බැබිලෝනියානු, මිසර ආදී  විද්‍යාවන්ට වඩා වෙනස් වෙයි. එහෙත් එසේ වන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියැවෙන්නන් ප්‍රකාශ කරන ආකාරයට එහි ඇති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නිසා නො වේ. නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, උද්ගමන, නිගමන, යම් න්‍යායක් (logic) මත පදනම් වී තර්ක කිරීම ආදිය බොහෝ දැනුම් පද්ධතිවල දැකිය හැකි ය. බටහිර විද්‍යාව අනෙක් විද්‍යා ඇතුළු දැනුම් පද්ධතිවලින් වෙනස් වන්නේ එය පදනම්වන චින්තනයේ ඇති වෙනසක් නිසා ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද මේ චින්තන වෙනස හේතුවෙනි.    

බටහිර විද්‍යාව බිහිවූයේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පහළොස්වැනි සියවස අගභාගයේ දී දකුණ යුරෝපයේ, විශේෂයෙන් ම ඉතාලියේ ඇතිවූවකි. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට පෙර යුරෝපයේ තිබුණේ කතෝලික චින්තනය ය. පහළොස්වැනි සියවස අග දී දකුණු යුරෝපයේ සිදුවූ මේ චින්තන විප්ලවයට හේතු කිහිපයක් විය. ඒ අතර පාප්වහන්සේගේ ආධිපත්‍යයට එරෙහි වූ දේශපාලනයක් ද විය. එසේ ම පෞද්ගලිකත්වය සාමූහිකත්වය අභිබවා පෙරට පැමිණියේ ය. එය ද කතෝලික චින්තනයෙහි සාමූහිකත්වයට එරෙහි වූ ආකල්පයක් විය. 

නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය කතෝලික චින්තනය මෙන් සංයුක්ත නො වී ය. පෞද්ගලිකත්වය ඉස්මතුවීම සමග චින්තනය සංයුක්තයෙන් වියුක්තයට හැරිණි. මේ පිළිබඳ විටින් විට අපේ ප්‍රවාද මගින් කරුණු දක්වා ඇත. පෝලන්තයේ විසූ කොපර්නිකස් පූජකත්වය ලබාගැනීම සඳහා පැමිණියේ මෙවන් චින්තන විප්ලවයකට භාජනය වී තිබි ඉතාලියකට ය. ඒ වන විට මාටින් ලූතර්ගේ අදහස් ද යුරෝපයෙහි තිබිණි. පෘථිවිය සූර්යයා වටා චලනය වන බව ද පෘථිවිය සූර්යයා වටා යන තම ගමන් මාර්ගයට ආනත ව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව ද සිංහලයෝ දැන සිටියහ. සිංහලයන්ගේ තෙල්මේ නැටුම සකස් වී ඇත්තේ පෘථිවියේ මේ සංකීර්ණ චලිතය නිරූපණය කරමිණි. කොපර්නිකස් ඉන් යම් දැනුමක් භාරතයෙන් ලබාගෙන තිබිණි. එහෙත් කොපර්නිකස් ගෙන ගිය ඒ දැනුම ඉතාලියේ දී ක්‍ෂණිකව නො පිළිගැණිනි.

පසුව ගැලීලියෝ කොපර්නිකස්ගේ මතය පිළිගෙන එය ඉගැන්වීම ඇරඹී ය. ගැලීලියෝ එවකට ඉතාලියේ සිටි උගතුන්ගෙන් අතිවිශාල බහුතරය පිළිගෙන සිටි මතයට විරුද්ධ මතයක් ප්‍රචාරය කළේ ය. ඉතාලියේ එවකට සිටි උගත්තු සමස්තයක් ලෙස ගත්කල ගැලීලියෝගේ අදහස් නො පිළිගත්හ. එකල ද ඉතාලියේ මහාචාර්ය අමරතුංග වැන්නන් සිටියාට සැකයක් නැත. ඔවුන් අන් අය නොපිළිගන්නා අදහස් ප්‍රචාරය කිරීම පිළිබඳ ගැලීලියෝට විරුද්ධ වන්නට ඇත. එහෙත් ගැලීලියෝ එවැනි ගතානුගතික ඊනියා උගතුන් කී දේ තඹයකටවත් මායිම් නොකරන්නට ඇත. 

අඩු තරමෙන් ගැලීලියෝට විරුද්ධ වූවන්ට එසේ කිරීමට තර්කයක් විය. මේ තර්කය අපේ ප්‍රවාද මගින් ප්‍රකාශ කෙරී ඇත. පොළොව ගමන්කරන්නේ නම් නටුවෙන් ගිළිහුණු පොල් (ඇපල්) ගෙඩියක් ගහ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නය විය. තරමක අතිශෝක්තියෙන් කියන්නේ නම් පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. ඒ තර්කයෙහි වරදක් නැත. පාප් වහන්සේ ගැලීලියෝ ට කියා සිටියේ පොළොව ගමන්කරන්නේ නම් ඒ බව ඉගැන්වීමට පෙර එය ඔප්පුකරන ලෙස ය. ඇතැම් විට ඇතැම් අය යම් යම් දේ ඔප්පු කරන ලෙස ඉල්ලන්නේ ඔප්පු කිරීම පිළිබඳ මනා අවබෝධයකින් නො වේ. පාප් වහන්සේ මෙන් ම අමරතුංග මහතා ද ඔප්පු කිරීම යන්න හදාරා නැත.  

එහෙත් මම පාප්වහන්සේට ගරු කරමි. එසේ කරන්නේ උන්වහන්සේ තම චින්තනය වූ කතෝලික චින්තනය වෙනුවෙන් පෙනී සිටි නිසා ය. අමරතුංග මහතා පෙනී සිටින්නේ සිංහලයන්ගේ චින්තනය වෙනුවෙන් නොව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙනුවෙනි. සංයුක්ත වූ කතෝලික චින්තනයෙහි පාප්වහන්සේගේ තර්කය නිවැරදි ය. උන්වහන්සේ තම තර්ක ඉදිරිපත් කලේ සංයුක්ත චින්තනයක ය. අපට පොල් ගෙඩි හුදු ප්‍රත්‍යක්‍ෂ නොවූවත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගත හැකි වෙයි. පොල් ගෙඩිය පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ගෝචර නො වෙයි. එහෙත් අපට පොල් ගෙඩිය පිළිබඳ යම් ආකාරයක ප්‍රත්‍යක්‍ෂයක් මනස ද ආධාරයෙන් ලබාගත හැකි ය. එපමණකට පොල් ගෙඩිය සංයුක්ත වෙයි.

අමරතුංග මහතා නොදනිතත් ඔප්පු කිරීම් කෙරෙන්නේ යම් පද්ධතියක ය. ඒ ඒ දැනුම් පද්ධතියෙහි ආකල්ප, න්‍යාය ආදිය වෙයි. එය චින්තනයක් මත පදනම් වෙයි. පාප් වහන්සේගේ සංයුක්ත චින්තනයෙහි පොල් ගෙඩි ප්‍රත්‍යක්‍ෂ වෙයි. පොළොව චලනය නො වෙයි. පොළොව චලනය වන බව අමරතුංග මහතා නිරීක්‍ෂණය කර තිබේ ද? පොළොව චලනය වීම අපේ සංයුක්ත අත්දැකීමක් නො වේ. අපේ සංයුක්ත ප්‍රත්‍යක්‍ෂය පොළොව චලනය නොවන බව ය. එමෙන් ම අපේ සංයුක්ත ප්‍රත්‍යක්‍ෂය වන්නේ නටුවෙන් ගිළිහුණු පොල් ගෙඩිය ගහමුල වැටෙන බව ය. ඒ පද්ධතිය තුළ වූ ගතිකය අනුව පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. එහෙත් පොල් ගෙඩි වැටෙන්නේ ගහ මුළ ය. ගැලීලියෝගේ කතාව, එනම් පොළොව චලනය වන බව හා නිරීක්‍ෂණය අතර පරස්පරයක් ඇත.  

පාප්වහන්සේ ගැලීලියෝට කීවේ පොළොව ගමන් කරන බව ඔප්පු කරන ලෙස ය. අමරතුංග මහතාට එය කළ හැකි ද? ගැලීලියෝට නම් එසේ ඔප්පු කිරීමට නොහැකි විය. පාප්වහන්සේ කියා තිබුණේ පොළොව චලනය වන බව ඔප්පු නොකර එය නූගන්වන ලෙස ය. එහෙත් ගැලීලියෝ දිගින් දිගට ම තම ඉගැන්වීම කරගෙන ගියේ ය. පාප්වහන්සේ ගැලීලියෝ සිරගෙට නියම කළහ. පාප්වහන්සේ එදා කල වරදක් නැත. ක්‍රියාවක් වරදක් වන්නේ යම් පද්ධතියකට සාපේක්‍ෂව ය. එකල තිබූ චින්තනය හා ඒ මත පදනම් වූ  නීතිය ඇතුළු දැනුමට අනුව පාප්වහන්සේ වරදක් කර නැත. වරද කර ඇත්තේ ගැලීලියෝ ය.

අප මේ කතා කරන්නේ බටහිර විද්‍යාවේ තිඹිරිගෙහි සිදු වූ දේ ගැණ ය. ගැලීලියෝට කතෝලික චින්තනය මත පදනම් ව පොළොව චලනය වන බව ඔප්පු කිරීමට නොහැකි විය. අප ඒ බව පිළිගත යුතු ය. ගැලීලියෝට සිදුවූයේ මහත් අභියෝගයකට මුහුණ දීමට ය. ඔහුට පොළොව චලනය වන බවට වූ දැනුම ලැබුණේ කොපර්නිකස්ගේ මාර්ගයෙනි. කොපර්නිකස්ට එය ලැබී ඇත්තේ භාරතයෙනි. භාරතීයයනට ඒ දැනුම ලැබුණේ කෙසේ ද? එය ඔවුන්ගේ සංයුක්ත දැනුමක් වී ද? 

මා සිතන අයුරෙන් පැරණි භාරතීයයනට හා සිංහලයන්ට එය සංයුක්ත දැනුමක් විය. එය ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂයක් විය. එහෙත් එය පංචෙන්ද්‍රියයන්ගෙන් ලබාගත් ප්‍රත්‍යක්‍ෂයක් නො වී ය. ඔවුන් එය ලබාගත්තේ මනසින් විය යුතු ය. ආධ්‍යාත්මික ව මනස දියුණු කිරීමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව හා සූර්යයා වටා ගමන්කරන බව ඔවුන් දකින්ට ඇත. අපගෙන් ඇතමකුට ද මනස දියුණු කිරීමෙන් ඒ ආකාරයෙන් දැනුම ලබාගත හැකි යැයි මම විශ්වාස කරමි. එහෙත් වත්මන් අධ්‍යාපන ක්‍රමයෙහි එවැනි ධ්‍යාන ලබාගැනීම්වලට ඉඩක් නැත. 

මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි පීඨාධිපති ලෙස කටයුතු කරද්දී සිසුන්ට භාවනාව සඳහා විද්‍යා පීඨයෙහි ඉඩකඩ සපයා දුන්නෙමි. එහෙත් එයට බලවත් විරෝධතාවක් විද්‍යා පීඨයෙහි සිංහල බෞද්ධ යැයි කියාගන්නා ඇදුරන්ගෙන් ම මතුවිණි. එහි දී විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යනුවෙන් ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් ලිවීමට ද මට සිදුවිය. අපි අවුරුදු දහතුනක පාසල් අධ්‍යාපනයක් ලබා වසර තුනක හෝ හතරක හෝ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් ද ලබා ඉන්පසු අවුරුදු තුන හතරක නැතහොත් එයටත් වැඩිකලක පශ්චාත් උපාධි අධ්‍යාපනයක් ලබන්නෙමු. ඊනියා පර්යේෂකයන් සරසවි ඇදුරන් ආදීහු එලෙස අවුරුදු විස්සකට වඩා බටහිර ක්‍රමයට පුහුණුවක් ලැබුවෝ වෙති.

අමරතුංග මහතා ද එසේ යැයි සිතමි. ඒ අවුරුදු විස්සෙන් පසුව ද බොහෝ දෙනා ඊනියා පර්යේෂණවල යෙදෙති. එහෙත් ඔවුන් විසින් ඉදිරිපත් කෙරී ඇති නව සංකල්පයක්, ප්‍රවාදයක් වේ ද? ඔවුන් ආචාර්ය, උසස් ආචාර්ය උපාධිධාරී මහචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සම්මානිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඔවුන් නමින් ඇති සංකල්පයක්, ප්‍රවාදයක් නැත. එසේ වුවත් පැරණි සිංහලයෝ තෙල්මේ නැටුමෙහි සංකීර්ණ සූර්ය චලිතය නිරූපණය කළහ. ඔවුන්ට තිබුණේ ආධ්‍යාත්මික ශක්තිය හා ඒ ඇසුරෙන් ලබාගත් දැනුමකි. 

අපේ පාසල්වල සරසවිවල කාලපරිච්ඡෙද වෙන් නොකරන්නේ ඇයි? ඒ සඳහා පංති කාමර ලබා නොදෙන්නේ ඇයි? අපේ දැනුම ඊනියා පර්යේෂණ මත නොව ආධ්‍යාත්මික දියුණුව මත පදනම් වී ඇත. ටික කලකට පෙර ජනාධිපතිතුමා පාසල්වල පංති කාමරයක් භාවනාවට වෙන් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එහෙත් අධ්‍යාපන බලධාරීන් ඒ ගැන කිසිවක් කළ බවක් දැනගන්නට නැත. නිවන් අවබෝධ කරගැනීම සඳහා කරන භාවනාවක් නොවුවත් දැනුම නිර්මාණය කිරීමේ මාර්ගයක් ලෙස එවැනි භාවනාවක වැදගත්කමක් ඇත. 

ඒ කුමක් වුවත් ගැලීලියෝ මුහුණ දුන්නේ ඉතා අසීරු ප්‍රශ්නයකට ය. ඔහුට පොළොවේ චලනය පිළිබඳ දැනුම ලැබී තිබුණේ ආධ්‍යත්මික ව ඒ දැනුම ලබාගත් සංස්කෘතියකිනි. කතෝලික සංස්කෘතියෙහි ද යුදෙවු සංස්කෘතියෙහි ග්‍රීක සංස්කෘතියෙහි ද දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමේ සම්ප්‍රදායක් විය. එහෙත් ඒ සංස්කෘතීන්ට පදනම් වූ චින්තන එකතු වීමෙන් නිර්මාණය කෙරුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඒ සම්ප්‍රදාය ප්‍රතික්‍ෂෙප විය. 

දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම මත පාප්වහන්සේගේ ආධිපත්‍යය තහවුරු වී තිබිණි. නව චින්තන විප්ලවයෙන් අභියෝග කෙරුණු එක් කරුණක් වූයේ පාප්වහන්සේගේ ආධිපත්‍ය ය. එබැවින් ග්‍රීක යුදෙවු ක්‍රිසතියානි චින්තනයෙහි එසේ දෙවියන්ගෙන් ලබාගත් දැනුම ප්‍රතික්‍ෂෙප විය. ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන දැනුම පමණක් නව චින්තනයෙහි ආකෘතික ව පිළිගැණිනි. අද වන විට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේ වුව ද නො පිළිගැනෙයි. 

අද දක්වා එකී චින්තනයෙහි  විකාශයට කලක් ගත වී ඇත. ගැලීලියෝ පාප්වහන්සේට අවනත නොවූ නමුත් භක්තිමත් කතෝලිකයෙක් විය. නව චින්තනයක ආරම්භයේ දී එවැනි ගැටළු මතු වීම අපේක්‍ෂා කළ යුතු ය. ගැලීලියෝට දෙවියන්ගෙන් දැනුම ලබාගත නොහැකි විය. එසේ කරන්නට යැයි ඉල්ලා සිටීමට ද ඔහුට නොහැකි විය. ඔහුට නව චින්තනයෙන් ලැබුණු භාවනාවක් ද නො වී ය. එසේ නම් පොළොව චලනය වන්නේ ය යනුවෙන් ඔහු කොපර්නිකස්ගේ නමින් ඉදිරිපත් කළ එහෙත් සිංහලයන්ට ද (පොළොවේ චලනය ගැන ඉගැන්වීමේ දී අඩු තරමෙන් තෙල්මේ නැටුම ගැන සඳහන් කරවීමට අධ්‍යාපන බලධාරීන්ට පියවර ගතහැකි ද?) තිබූ දැනුම හා පොල් ගෙඩිය ගහ මුළ වැටීම නම් නිරීක්‍ෂණය අතර වූ පරස්පරයට විසඳුමක් දුන්නේ කෙසේ ද? ඔහු නැවතත් ඉන්ද්‍රිය ගෝචර නොවන දැනුමක් කරා ගියේ ය. එය නව චින්තනයට පටහැණි වුවත් පසු කලෙක අර්නස්ට් මාක් නම් ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියකු පරමාණුවට විරුද්ධ වන තුරු කිසිවකු එහි වරදක් දුටු බවට සාක්‍ෂි නැත. ගැලීලියෝ ප්‍රශ්නයට විසඳුම ලෙස ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත දැනුම් නිර්මාණය කළේ ය. ඔහු පට්ටපල් බොරු ගොතන්නට පටන් ගත්තේ ය. බටහිර විද්‍යාව ආරම්භ විය.


නලින් ද සිල්වා

2013-12-25

The politics of TNA


It is said that the Tamil National Alliance (TNA) is getting ready to remove the name of Ananda Sangari from its membership list. It is true that Ananda Sangari did not poll enough preferential votes at the Northern Province Provincial Council elections to be elected as a member of the provincial council. The TNA received more than seventy percent of the vote of the people in the province, and it was clear that they voted under instructions from the dispersed Tamils who now reside in the western countries. We have come to a stage where the politics in the Northern Province are increasingly being manipulated by the western countries through the displaced Tamils in those countries. It is a case of western countries maintaining the dispersed Tamils and the latter maintaining their relatives in the province through money sent to them.

It is said that a last minute campaign through SMS, telephone calls etc., was conducted by the dispersed Tamils to make the voters in the Northern Province go to the polling booths and from all accounts it can be inferred that the latter were asked to vote for the TNA with preferential vote for those candidates who are sympathetic to the LTTE. The people elected Anandi, the wife of an LTTE terrorist leader with the second largest preferential vote after Wigneshwaran and rejected Ananda Sangari who is not sympathetic to the LTTE.
                                                                                                          
It appears that there are at least two groups within the TNA. The first faction is the party of the Eelamist dispersed Tamils in the western countries and the second faction is that led by Sampanthan. This latter group has the blessings of India and had their support as well, but it has to compete with the faction of the Eelamist dispersed Tamils. It also appears that the Colombo based Tamils who are not with the UNP, support mainly the Sampanthan faction, while the Tamils in the other areas of the country are generally with the SLFP led UPFA. However, as far as the Northern Province is concerned the vote is being manipulated by the dispersed Tamils  that do not belong to the group of elite Tamils in the country. The elite Tamils support either the UNP or the Sampanthan faction and those who are sympathetic to the latter faction in general are more Hindu oriented than Christian oriented.

The dispersed Tamils in the western countries are not from the elite families and are products of free education. There is this difference between the Tamil leadership of the Tamil Congress for example and the present leadership. The leaders such as G G Ponnambalam and those who preceded him came from the elite families but after the introduction of free education and after Chelvanayakam the leadership changed from the elite to the educated non elite. It is the non elite free educated that give leadership to the dispersed Tamils who in turn lead the Tamils in the Northern Province. Sampanthan with the support of the Indians would like to go back to the days of the elite with Wigneshwaran but it is clear that he has a problem at hand.

The western countries also would like the elite but the non elite free educated in the west would not allow it to happen. The west, especially England does not mind that, as their main objective is to teach the Sinhala people a lesson for all that the latter did and do against the English colonial power. Prabhakaran has for all purposes made an irreversible change in the Jaffna society and it is the dispersed Tamils with the support of England, which calls the shots.

The dispersed free educated Tamils who were educated mostly at the expense of the Sinhala people since the latter as the majority would have contributed more to the public purse that spent money for free education among other such social welfare measures have displaced the elite Tamils and it appears that Sampanthan is fighting a losing battle. However, he is determined to fight back and the present shouting of slogans by various sectors has to be considered in this background.

Since the provincial council elections for the Northern Province, the Tamil politics have gone back to the days of the Vadukkodai resolution and the Indo Lanka agreement that is not valid either legally or politically. There is familiar talk against the National Flag, National Anthem in addition to attempts to celebrate the so called mahivir day at various places in the northern province. Even the Catholic Church that has Bishops such as Rayappu Joseph who did not make statements because of fear of Prabhakaran now talks again of traditional habitats of the Tamils. One may try to split hairs by telling that traditional habitats are not the same as homeland, but the net political result is the same whatever the term used. The infamous Indo Lanka agreement that was forced on us by the Gandhi dynasty and the Indian Brahmins also referred to the Northern Province and the Eastern Province as the habitats of the Tamils ignoring the fact that these provinces were demarcated by the English as late as 1889. The Catholic Church echoing Wigneshwaran and the others want the removal of the governor of the Northern Province on the grounds that the latter was an ex army officer.

The Tamil leadership and others who echo these slogans have gained a new life after the visit of David Cameron who threw the usual English sophisticated but bogus manners out of the window, and behaved exposing his true character as an English Prime Minister. It is the anti Sinhala attitude, especially the anti Sinhala Buddhist attitude that was exhibited nakedly by David Cameron and the Sinhala people should be thankful to him for being not sophisticated. The English are not democrats at all and they cover their autocracy by bogus sophisticated mannerisms.  

Sampanthan and Wigneshwaran as long as the Tamil politics in the Northern Province are determined by the dispersed Tamils and the western countries led by England, have to compete with TNA leaders such as Premachandran, Sritharan and Anandi to name only a few. It is a pity to see Wigneshwaran competing with Anandi but it is politics whether one likes it or not. India is not in a position to help them as the Indian Prime Minister by not attending the CHOGAM has abdicated the role of India in Sri Lankan Tamil politics. Jayalalitha is only an inflated figure who has no authority outside Tamil Nadu. Her talk of becoming the Prime Minister of India is nothing but wishful thinking of an aging actress.

There have been ex army officers who were acceptable to the Tamil leaders as the governors of the Northern and Eastern Provinces from the days of Vartharajaperumal and it is nothing but opportunistic politics of the TNA leaders who supported the candidature of the commander of the army, Sarath Fonseka to the post of President of the country objecting to the present governor of the Northern Province merely because the latter had functioned as an officer in the army. Even Vartharajaperumal hoisted the national flag when he was the Chief Minister of the combined Northern and eastern Provinces and we all know that India was behind him. The present objections to the national flag stems from Eelam politics of the dispersed Tamils who are being used by England, and Sampanthan and Wigneshwaran who would not receive much support from India have to readjust their politics to the whims and fancies of the dispersed Tamils. Wigneshwaran will have to attempt to visit high security zones in order to make news in his competition with Anandi. However, the irony is that whether they adjust or not they would soon find themselves in the same boat as Ananda Sangari, and their best bet would be to corporate with the government and work for the welfare of the Tamils in the Northern Province and cut the umbilical cord that attach the latter to the dispersed Tamils in the west.


Nalin De Silva

25-12-2013

Sunday 22 December 2013

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව - 1


වෙනත් අය නොපිළිගන්නා මත මා ප්‍රසිද්ධියේ පළකරන බවට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විදුසර පුවත්පත මගින් චෝදනා කරනමුත් මට දැනුම් නිර්මාණ ප්‍රකාශ නොකර සිටිය නො හැකි ය. මගේ ප්‍රධාන කාර්යය දැනුම නිර්මාණය කිරීම ය. සියළු දැනුම් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය. මා නිර්මාණය කරන දැනුම් ද බොරු ය. මගේ නිර්මාණ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ය. සමහරවිට එය ආත්මවාදී අශෝක බුදුදහමට හා සංස්කෘතියට පටහැණි විය හැකි ය. අශෝක අමරතුංග, කපිල පීරිස් ආදීහු එවිට අවි අමෝරා ගෙන මට විරුද්ධව සටන් වදිති. ඔවුන්ට අනුව ඔවුහු පාරිශුද්ධ ථෙරවාදයෙහි ආරක්‍ෂකයෝ ය. එහෙත් ඔවුහු දෙරණ නාලිකාවේ හෙළවංශය මගින් රාවණගේ පැවැත්ම වෙනුවට බුදුන්වහන්සේගේ නැවැත්ම පිළිගැනීමෙන් හෙළයේ වර්ධනයට හානි වූ බව කියමින් බුදුදහමට නිගාකරන සූරිය ගුණසේකර වැන්නන්ට එරෙහිව කිසිවක් නො කියති. එමෙන් ම ඔවුහු විවිධාකාරයෙන් බටහිර විද්‍යාව ආරක්‍ෂා කරති. අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවක් ඇත් ද නැත් ද යන්නවත් නො දනියි. එහෙත් ඔහු එය ආරක්‍ෂා කරයි. කපිල පීරිස් මහතා රේ විජේවර්ධන මහතාගේ විද්‍යාව ආරක්‍ෂා කරයි. කැනඩාවේ වාසය කරන මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා මා පාරභෞතික තර්කනයක යෙදෙන්නේ යයි කියයි. ඔහු දැන් කෘෂිරසායනික වකුගඩු රෝගය(කෘවරෝ)ට හේතුව ආසනික් නොව පොහොර වැඩියෙන් යොදාගැනීමත් එහි ඇති ඇතැම් රසායනික සංඝටක මහවැලි නදිය මගින් රජරට පෙදෙස්වලට ගෙනයෑමත් යැයි කියයි. එහෙත් මහවැලියෙන් වතුර නොලබන පෙදෙස්වලත් කෘවරෝ  පැතිරී ඇත. මේ තිදෙනාම දෙමළ ජාතිවාදයට විරුද්ධ යැයි සිතමි. එහෙත් වෙනත් බොහෝ කරුණුවලින් ඔවුහු බටහිරට සේවය කරති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ මා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.  මේ අතර බටහිර පඬියකු දැනුම විසින් මිනිසා වහලකු වීමට නුසුදුස්සකු බවට පත්කරයි යනුවෙන් කියා ඇත. මේ පඬියා දැනුම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කියා නැත. දැනුම අවිද්‍යාව හේතුකොටගෙන (විජ්ජාචරණ නොවීමෙන්) ඒ ඒ චින්තනයෙහි නිර්මාණය (සංස්කරණය) කෙරෙන අතර සංස්කෘතියට, පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. විජ්ජාචරණ සම්පන්නවූ බුදුන්වහන්සේ දැනුම නිර්මාණය නොකළහ. අනෙක් සියල්ලෝ ම යම් යම් දැනුම් නිර්මාණය කරති. නිර්මාණය කෙරෙන සියළු දැනුම් බොරු ය. මා විසින් නිර්මාණය කෙරෙන දැනුම ද බොරු ය. මා සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරන්නේ එසේ නොකළහොත් අප බටහිරයන්ගේ හා වෙනත් අයගේ බොරු දැනුම්වලට යටවන බැවිනි. අපට සරිලන්නේ අපේ බොරු (දැනුම) මිස බටහිරයන්ගේ බොරු (දැනුම) නො වේ. මෙහි දී මගේ මතකයට එන්නේ කලකට පෙර මැතිවරණයක දී ඡන්දාපේක්‍ෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ඌත් වලා, මූත් වලා, ගමේ වලා අපට හොඳා යනුවෙන් කෙරී ඇතැයි කියන ප්‍රකාශය ය. ඉහත සඳහන් පඬියාගේ පඬිකතාව උද්ධෘතයක් ලෙස ඉදිරිපත් කරන මෙරට සිටින පුහු නිවට උගතුන් නොදන්නේ බටහිර දැනුම විසින් අප බටහිරයන්ගේ වහලුන් බවට පත්කෙරී ඇති බව ය.  

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර සමානකම් බොහෝ ය. එහෙත් ඒ දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන්ලා කියන ආකාරයෙන් නො වේ. අනෙක් අයගේ මතය නොවුණත්, අමරතුංග මහතා කුමක් කීවත්, මම දකුණු අප්‍රිකාව හා ලංකාව පිළිබඳ මගේ දැනුම ප්‍රකාශ කරමි.  ලෝකයේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ ය. ලන්දෙසින් අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් වෙල්ලාලයන් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස ගෙනගොස් ඇත්තේ දකුණු අප්‍රිකාවට හා ලංකාවට ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද රාජ්‍යයක් ගොඩනැගීමට මුල්වූයේ ඒ රට ආක්‍රමණය කළවුන් අතර බහුතරය වූ ලන්දේසින් ය. දකුණු අප්‍රිකාවේ කතාකරන බස අෆ්‍රිකාන් යනුවෙන් හැඳින්වෙයි. එය ලන්දේසි භාෂාවෙන් බිඳී ඇති අතර කලක් කුස්සි ලන්දේසි යනුවෙන් අවඥා සහගතව හැඳින්විණි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇතිවූයේ ලන්දේසීන් මෙරටට වෙල්ලායන් ගෙන ඒම නිසා ය. අද උතුරු පළාතේ දෙමළ ජනගහණය (සංස්කෘතිය) අවුරුදු තුන්සිය පනහකට පෙර මෙරටට ගෙනෙන ලද වෙල්ලාලයන්ගෙන් පැවත එයි. ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලත් වෙල්ලාලයෝ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවට පැමිණෙන විටත් එහි සිටි බහුතරය වූ සිංහලයන් දෙමළ සමාජයේ ඊනියා පහත්කුල ජනයා ලෙස අවශෝෂණය කරගත්හ. මෙරට විශ්වවිද්‍යාලයක ඉතිහාසය නමින් බටහිර බොරු උගන්වන කසිකබල් ඉතිහාසඥයකුට නොතේරෙන කරුණ නම් විවිධ කාලවල දී අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශවලින් රටේ අනෙක් පළාත්වලට ස්වේච්ඡාවෙන් සංක්‍රමණය වූවන් (ලන්දේසීන් ආනයනය කළවුන් නොව) තම මුල් සංස්කෘතිය ඉවත ලා, ඇතැම්විට තම සංස්කෘතියෙන් සුළු කොටසක් එකතුකරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ බව ය. සිංහල සමාජය හා දෙමළ සමාජය අතර ඇති මේ වෙනස ද තේරුම් නොගෙන මෙරට දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකි ය. දකුණු අප්‍රිකාවේ ද ශ්‍රී ලංකාවේ ද ප්‍රශ්නය ජනගහනයෙන් සුළුතරය බලයෙන් වෙනත් කරුණුවලින් බහුතරය බවට පත්වීම ය. හිරෙන් නිදහස්වීමේ දී සුද්දන් සමග එකඟතාවකට පත්වී ඇති මැන්ඩෙලා හා වර්ණභේදවාදී සුදු පාලකයන් අතර ඇතිවී තිබෙන ඊනියා සංහිඳියාවේ ප්‍රතිඵලය ලෙස දකුණු අප්‍රිකාවේ නිදහසින් පසුව ද ආර්ථික වශයෙන් බලතල ඇති බහුතරය සුද්දන් මිස ජනගහනයෙන් බහුතරය වූ කල්ලෝ නො වෙති. සුද්දන් මැන්ඩෙලාට මෙතරම් ගරුකරන්නේ මැන්ඩෙලාගේ යහපත්කමට ද? සුදු පාලකයන් යහපත්කමට සැලකුවේ කවදා ද? සුද්දන් ගාන්ධිට හා මැන්ඩෙලාට මෙන් අනගාරික ධර්මපාලතුමාට ගරුකරන්නේ නැත්තේ ඇයි? මෙරට පඬියන් මැන්ඩෙලා අගයමින් ධර්මපාලතුමාට පහරදෙන්නේ ඇයි? අපට අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකා අච්චුවේ සංහිඳියාවක් නො වේ. 

මෙරටට ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ වෛදික සංස්කෘතිය අනුව ඔවුන්ගේ මව්රටෙහි දී (එනම් නිජභූමියෙහි දී) ශුද්‍රයෝ වූහ. මෙරටට ආනයනය කරනු ලැබූ ඔවුහු යාපන අර්ධද්වීපයෙහි ද සුළුතරයක් වූහ. බහුතරය වූයේ සිංහලයන් ය. එයට පෘතුගීසි ජාතික බ්ලෝඩියස් සාක්‍ෂි දරයි. එහෙත් වැඩිකල් නොගොස් දකුණු අප්‍රිකාවේ ලන්දේසීන් ප්‍රධාන සුළුතර සුද්දන් යටත්විජිතවාදී අවි බලයෙන් බහුතර කල්ලන් මර්දනය කර බලවතුන් වූ අයුරෙන් දෙමළ වෙල්ලාලයෝ යටත්විජිතවාදී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් හා අනුබලයෙන් යාපනයේ සිංහල බෞද්ධයන් (දෙමළ බෞද්ධයන් සිටියේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ හිස් හිස්වල ය.) අභිබවා තම සංස්කෘතික ආධිපත්‍යය පිහිටුවූහ.  තම මුල් බිමෙහි දී ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි බලමහිමයෙන් යාපන අර්ධද්වීපයෙහි දී මහේශාඛ්‍ය කුලය බවට පත්වී සිංහලයන් අඩුකුල ජනතාවක් ලෙස දමළ සංස්කෘතියට අවශෝෂණය කළහ. එය පළමු බලහත්කාරය විය. සුළුතරයක් බහුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමයේ මුල්පියවර විය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2013-12-22

Friday 20 December 2013

Preparing for Geneva


Geneva has now become an annual event as the Avurudda, Vesak, Deepavali, Christmas, Ramadan etc., or even the school big matches and other such events, and we have to prepare in advance for the occasion. However, there is a difference. Geneva is a match played on a turf prepared by the western countries according to their rules that may be changed at any time even during the match to suit the organizers. Geneva is another weapon in the armoury of the west, which is used to maintain the hegemony of Greek Judaic Christian (GJC) Chinthanaya and Judaic Christian culture. The umpires and the scorers are drawn by the organizers from their team and in order to survive we have to get as much support as from those who are not with the organizers.

It is the “human rights” that is bowled by the organizers with a ball tampered by the umpires. The human rights is a concept of the present western rulers (if one insists the bourgeoisie) first formulated against the western feudalist states to “protect” the individual from the state. The west can think in terms of dichotomies only and the GJC Chinthanaya promoted the individual against the society (collectiveness) of the Catholic Chinthanaya. However, as far as human rights were concerned the individual was not any ordinary person found in the streets but belonged to the rising bourgeoisie. The bourgeoisie was based on the GJC Chinthanaya while the feudalistic rulers were emerged in the Catholic Chinthanaya. Having come to power the bourgeoisie adopted human rights to suit them and the Afro Asians did not have any human rights as such. In Sri Lanka we are reminded of English governors such as Brownrigg who rigged the western concept of human rights and Torrington who tortured the Sinhala Bhikkus and lay persons not necessarily in the battle field.

It should be mentioned that the GJC Chinthanaya is older than the bourgeoisie having incepted towards the end of the fifteenth century in Southern Europe, especially in Italy. Renaissance, Reformation, Western Science, Technology, Art, Industrial Revolution, Capitalism, French Revolution, Enlightenment etc., are all products of the GJC Chinthanaya that is now declining though it still maintains its hegemony. The GJC Chinthanaya at present is so bankrupt that it cannot identify phenomena. The use of the word “post” to identify events is a case in point in this regard. In its heyday the GJC Chinthanaya did not identify capitalism as post feudalism, but now there is a plethora of terms such as post modernism, post cubism, and even post conflict Sri Lanka. The use of the term post stems from the inability of the thinkers in the west in GJC Chinthanaya to identify phenomena. The other term used by the western thinkers is neo–something, in order to hide certain aspects of the phenomena. Thus we have concepts such as neo - colonialism, and very soon we will have neo-human beings. In Sri Lanka we do not have thinkers but only tinkers who mess around with the western concepts.  

In Geneva the organizers including the umpires and scorers will be discussing the human rights of “post conflict” Sri Lanka, however post conflict referring to the last two weeks of the “conflict” as well. It is mainly the last two weeks of the “conflict” that they would be interested though we are interested in the whole of the colonial period, which extends even up to the present “neo-colonialism”. The human rights as far as Sri Lanka is concerned can be divided into two categories. The two categories being those associated with the Tamils and that are applicable to the country in general. So called freedom of expression, independence of the judiciary, independence of media belong to the second category. However, there would not have been a second category if not for the first category. As far as the west is concerned the human rights violation in this country exist simply because the present government does not adhere to the dictates of the west in certain matters, especially in connection with the Tamil problem created, nurtured, nourished and maintained by the English. If Prabhakaran was given the opportunity to escape in the ship that Nambiar tried to organize on behalf of the west there would not have been any human rights problem in Sri Lanka, though an Eelam in exile would have been established to the satisfaction of England and recognized by most of the western countries.     

The present government with all its problems, does not bow down to GJC Chinthanaya on certain aspects of the sovereignty of the people and territorial integrity of the nation. This is what the west does not like and the human rights violations as interpreted by them will be made or the tampered ball will be bowled at us in Geneva. In 1989 -92 period human rights issue was not taken up by the west against the governments of J R Jayawardhane and Premadasa and one cannot say that they were the best democrats found in the world. Premadasa may have declared Gladstone persona non gratia but he was prepared to bow down to the England vis a vis India and went to the extent of supplying arms to the LTTE against India. The IPKF had to be sent back, but giving arms to the LTTE cannot be justified, and the west did not have anything against Premadasa on this count. Perhaps when the Sinhala youth are slaughtered it is all right as it was the Sinhala people who fought the English colonialism right throughout. The question remains as to whether the armed forces killed the Tamils indiscriminately as they did in the case of the Sinhala youth who were sometimes not even associated with the JVP. As far as the GJC Chinthanaya is concerned it is clear that the Sinhala people, except those paid by the NGOs, do not have human rights as interpreted by the west.  

As we get ready for Geneva all the familiar arguments by the Sri Lanka NGO tinkers, could be heard.  We are told that in order to win in Geneva it is essential that we implement the 13 A plus, implement the LLRC report etc. Similar arguments were heard during the thirty year “war” period and the Sri Lankans were told that the so called discrimination of the Tamils must be stopped. However, nobody has defined what these discriminations are, and what the west says amounts to that the sovereignty and territorial integrity should be given up by Sri Lanka. The loss of privileges of the English educated Tamils under the English colonial rulers is interpreted as discrimination against the Tamils in general. The solution for the so called discrimination as proposed by the Tamil leaders is nothing but continuation of their dominance at least in the Eastern Province and the northern Province as demarcated by the English, leaving the Tamils in the other provinces to be continued to be discriminated! The “solution” itself suggests that there is no discrimination of the Tamils in this country. It should be clear that there is no so called genocide against the Tamils in Sri Lanka, and the fact that the Tamils came over to the armed forces during the last two weeks of the humanitarian operations running away from the LTTE and that about 280,000 of the human shield was rescued by the armed forces speak volumes much more than the bogus reports by Darusmann, Navi Pillai and others. The 40,000 killed during the last two weeks stem from false assumptions regarding the numbers in the human shield as assumed by Samapanthan and others, and it is not a difficult task to expose their calculations.

We should not agree to any so called international investigations for the simple reason international is only a substitute for the England led west. These “internationals” are biased and what the government has done so far in connection with the missing people, lost property is more than enough. The LLRC was a committee appointed by the government and not a committee whose recommendations in its entirety have to be implemented. It is the government that decides what recommendations have to be implemented, and in that connection the Sinhala opinion should not be disregarded. If we “won” in Geneva in previous years giving false promises by those who represented Sri Lanka then those representatives have to be reprimanded. We are not bound by false promises given by representatives who are biased against Sinhala people, especially against Sinhala Buddhists, with vested interests, and think that the Tamils have been discriminated against and devolution of powers to the Northern and Eastern Provinces is the only solution to the Tamil problem. Let us campaign among our friends in the world exposing the hypocrisy of the English led west, which uses the dispersed Tamils in their countries against Sri Lanka. We should expect more acts such as attempted visits by Wigneshwaran to high security zones, sathyagrahas by some TNA members in order to “attract” the attention of the western media and also of video footage by channel 4 but we should be able to expose these gimmicks of the Tamil leaders and the west to our friends. 


Nalin De Silva

22-12-2013

Wednesday 18 December 2013

බටහිර විද්‍යාවේ උපන්ගෙයි දෝෂය


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය එන් ඒ ද එස් අමරතුංග මහතාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දැනගැනීමට හදිසියක් ඇත. එය පට්ටපල් බොරුවක් නම් ඒ බව, ඔප්පුකරන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි. එහෙත් මා ඒ බව දැනටමත් පෙන්වා දී ඇත. සමහරවිට ඒ මහතා ඔප්පුකිරීම යන්නෙන් වෙනත් දෙයක් අදහස් කරන්නේ දැයි නො දන්නෙමි. අප ඔප්පු (සාධනය) කිරීම හොඳින් ම  සිදුවන්නේ යැයි සිතන බටහිර ගණිතයේ කිසිවක් ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්‍රස්තුත කිහිපයක් සත්‍ය බව උපකල්පනය කරමින් ඈරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟව තර්ක කර තවත් ප්‍රස්තුත ලබාගැනීම පමණ ය. වියුක්ත ප්‍රකාශයක් වූ එය එතරම් වියුක්ත නොවූ දන්ත වෙද්‍ය විද්‍යා මහාචාර්ය අමරතුංග මහතාට වැටහෙන්නේ දැයි නො දනිමි.

බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි අමරතුංග මහතා කියන්නේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා කියන්නේ පළමුවෙන් ම එවැනි දැනුම් පද්ධතියක් ඇති බව පිලිගනිමිනි. එහෙත් අමරතුංග මහතා බටහිර විද්‍යාව චීනයේ හෝ ඉන්දියාවේ (භාරතයේ යැයි කියමු) හෝ වෙනත් රටක හෝ තිබූ විද්‍යාවකින් වෙනස් වන්නේ යැයි නො සිතයි. ඔහුට අනුව බටහිර විද්‍යාවේ සිදු වී ඇත්තේ එතෙක් තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණකි. ඒ මහතාට අනුව ඒ ඒ රටවල ද විවිධ විද්‍යා තිබෙන්නට නො හැකි ය. ඒ ඒ රටවල තිබුණේ ද එකම විද්‍යාවක් ද? එසේ නම්, උදාහරණයක් ලෙස ගතහොත් චීනයේ තිබූ විද්‍යාව භාරතයේ තිබූ විද්‍යාවට සමාන ද? එකක් අනෙකෙහි වර්ධනයක් ද?  වඩා වර්ධනය වී තිබුණේ චීන විද්‍යාව ද නැත්නම් භාරතීය විද්‍යාව ද? 

මේ පිළිබඳ තවදුරටත් කතා කිරීමට පෙර ආසනික් හා මී උණ ගැන ද වචනයක් කිවයුත්තේ අමරතුංග මහතා ඒ ගැන ද කතාකර ඇති බැවිනි. අප විසින් කෘෂිරසායනික වකුගඩු රෝගය (කෘවරෝ) නමින් හැඳින්වෙන රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ නො දනියි. එයට හේතුව ආසනික් යැයි අපි නිර්භයව කියමු. එහෙත් එය එකම හේතුච නො වේ. එයට තවත් කරුණු දෙකක් ද හේතු වෙයි. ඒ කිවුල් ජලය හා ආසනික් රඳවා ගත හැකි පස ය. රජරට හා වෙනත් ප්‍රදේශවල කෘවරෝ වැළඳෙන්නේ ඒ හේතු තුන ම එහි දැකිය හැකි බැවිනි. ඒ හේතු තුනෙන් එකක් වුව ද නැතිවුවහොත් රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව පහළ මට්ටමක පවතියි. කෙසේ වෙතත් රෝගය වැළඳෙන්නේ කිවුල් ජලය හා මුසු වූ ආසනික් වකුගඩුවලට යෑමෙනි. එහි දී කැඩ්මියම් තිබීම අනිවාර්ය නො වේ. එහෙත් කැඩ්මියම් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. 

මේ කරුණු මුල් ම අනාවරණය කරනු ලැබුයේ කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසිනි. අනෙක් අය ඒ පිළිගත්තේ ද නැත් ද යන්න අපට පෞද්ගලික ව ප්‍රශ්නයක් නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන්ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ දරන බව රහසක් නො වේ. ඔවුන්ගේ ආකෘතියෙහි රෝගයකට හේතුව කුමක් ද යන්න ප්‍රකාශ කිරීමට ඊනියා පර්යේෂණ ගණනාවක් කළ යුතුව ඇත. මෙය වාස්තවික යැයි කියැවෙන එහෙත් මනෝමය වූවක් වෙයි. එයට දේශපාලන හා පෞද්ගලික (ආර්ථික) හේතු ද බලපායි. ආසනික් හා වෙනත් බැර ලෝහ අද පසට හා එමගින් ජලයට එකතු වන්නේ කෘෂිරසායන යොදා ගැනීම හේතුවෙනි. 

කෘෂිරසායන මෙරටට ගෙන්වන්නන් ද ඒ නිෂ්පාදනය කරන්නන් ද කෘවරෝ ආසනික් නිසා ඇතිවන්නේ යැයි ප්‍රකාශ කිරීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක් ම ගනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි රෝගයට හේතු කාරක කවරේදැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක් මත සම්භාවිතා පදනමකිනි. එබැවින් දේශපාලන, ආර්ථික මෙන් ම සංස්කෘතික හේතු මත ද රෝග හේතු කාරක තීරණය වෙයි. ආසනික් රෝගයට හේතුව ලෙස පිළිගැණුනහොත් ඉහත කී අයට ප්‍රශ්නයක් වන බැවින් ආසනික් හේතුව ලෙස නොපිළිගැනීමට ඊනියා අදාළ නිර්ණායකයක් හෝ කිහිපයක් හෝ යොදාගැනීම ඉතා පහසු කටයුත්තකි. 

මෙහි තවත් පැත්තක් ද වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් බටහිර වෛද්‍ය සංවිධානයක් හෝ පුද්ගලයකු හෝ මෙම රෝගයට හේතුවක් ලෙස ජලය ඉදිරිපත් කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ජලය රෝගයට හේතුවක් නොවන බවට ද මතයක් පළකර ඇතත් අද වන විට ඒ බව පිලිගැනීමේ මාවතකට සේන්දු වී ඇත. රෝගයට එක් හේතුවක් ලෙස කිවුල් ජලය ගෙනහැර දැක්වූයේ කැලණිය කන්ඩායම පමණකි. අප කණ්ඩායමේ මතය පමණක් පිළිගෙන අද ආණ්ඩුව විශාල ව්‍යාපෘතියකට අත ගසා ඇත. ජලයෙන් කිවුලත් වෙනත් ද්‍රව්‍යත් ඉවත්කරන පෙරණ සවිකිරීමට ආණ්ඩුව විශාල මුදලක් වෙන්කර ඇත. ඒ සඳහා ඒ පෙරණ නිෂ්පදනය කරන්නන් ද ගෙන්වන්නන් ද දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නො වේ. 

කෘවරෝ වැළඳීමට හේතු ලෙස අප කණ්ඩායම ප්‍රකාශ කළ කරුණු දෙකකින් ආසනික් හේතුවක් ලෙස නොපිළිගැනීමටත් කිවුල හේතුවක් ලෙස පිළිගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යොමුවීමටත් ඇත්තේ දේශපාලන හා ආර්ථික හේතු ය. ඇතැම් විට එකම සමාගමක් කෘෂිරසායන ද ජලපෙරණ ද ආනයනය කරයි. ඔවුන් රෝගයට හේතුවක් ලෙස කිවුල පිළිගනිමින් කෘෂිරසායන (ආසනික්) හේතුවක් ලෙස නොපිළිගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව යොදාගනු අපට දැකිය හැකි ය. රෝගයකට හේතුව නිර්ණය කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රාශියක් අඩංගු ක්‍රමවේදය මගින් බටහිර වෛද්‍ය විද්‍යාව ඔස්සේ තම අවශ්‍යතා ඉටුකරගැනීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදා වී ඇත. 

බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එකම චින්තනයකි. එ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. (මෙය අමරතුංග මහතා අගය කරන එහෙත් ගුණදාස අමරසේකර මහතා බටහිර කතුවරයකුගෙන් ලබාගත්තාවූ අදහසක් පමණක් වන විසිරුණු ජාතික චින්තනයෙන් වෙනස් වෙයි.) රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා තම ණැන පමනින් කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ණැන ඇතත් ගුණ නොමැති බව ය. ඔහු ද පදනම් වන්නේ ගුණ ණැන වෙන් කරන බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහෙත් ඒ මහතා නොදන්නා කරුණක් නම් ගුණ ණැන වෙන්කළ නොහැකි බවත් පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගුණවත් ණැනවත් නැති බව ය. 

මා අනෙක් අය නොපිළිගන්නා මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ අමරතුංග මහතා අඟවන පරිදි ලාබ ජනප්‍රියතාවක් සඳහා නොව ඉහත සඳහන් කරුණු මත පදනම් වෙමිනි. එහෙත් ඒ මහතා තබා ඒ මහතාගේ බුද්ධිමය වීරයා වූ ගුණදාස අමරසේකර මහතා ඒ ගැන කතා කිරීමට බොහෝ කලකට පෙර දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු යැයි ද කළ හැකි යැයි ද මා කියා සිටියේ අන් අය එසේ කිරීමට නොහැකි බව එකහෙළා කියන විට ය. අන් අය නොපිලිගන්නා මතයක් මා එදා ද ප්‍රකාශ කළේ ලාබ ජනප්‍රියතාවක් සඳහා යැයි අමරතුංග මහතා පවසන්නේ ද? 

මී උණට ද හේතුව කෘෂිරසායන යැයි අපි කීවෙමු. එසේ කීමෙන් අදහස් කළේ කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් මී උණ බෝවෙන බව නො වේ. මී මුත්‍රා කෘෂිරසායන සමග ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය මී උණට හේතු කාරක වෙයි. මී උණ රෝගය කෘෂිරසායන යොදාගැනීමට පෙර නො වී ය. එබැවින් මා කිහිප වතාවක් ම අසා ඇති ප්‍රශ්නයක් නම් එකල මීයන් මුත්‍රා නොකළේ ද යන්න ය.  අමරතුංග මහතා අද කියන්නේ තමන් ඒ ප්‍රශ්නය මගෙන් ඇසූ බව ය. එහෙත් ඒ පිළිබඳ මතකයක් මට නො මැත. 

කෙසේ වෙතත් අමරතුංග මහතා ඒ ප්‍රශ්නය අසා ඇත්නම් හෝ අද අසන්නේ නම් හෝ ඒ ගැන මම සතුටු වෙමි. එයට හේතුව ඒ ප්‍රශ්නයෙන් මගේ ස්ථාවරය තහවුරු වීම ය. කෘෂිරසායන භාවිතයට පෙර මී උණ වැළඳී නැත්නම් හා මී උණ වැළඳෙන්නේ මී මුත්‍රාවල ඇති යම් රසායනික සංඝටයක් නිසා නම් එයින් ගම්‍යවන්නේ, මී උණ වැළඳීමට පෙර මියන් මුත්‍රා කර නැති බව ය. කෙසේ වෙතත් තම ප්‍රශ්නය තම ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන යන බව අමරතුංග මහතාට වැටහෙන්නේ ද? 

දැන් අපි නැවතත් බටහිර විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයට යමු. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව යනු අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණ ය. ඒ මහතාට චින්තනය යන සංකල්පය දිරවා ගැනීමට අපහසු බව ඉතා පැහැදිලි ය. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කතාකරන්නේ ඇයි? එයට හේතුව පොපර් ද ඇතුළු බොහෝ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ට වෙනස් බව සැලකීමත් ඔවුන් බොහෝ දෙනකු බටහිර විද්‍යාව එක්කෝ සත්‍යය ලෙස  නැත්නම් සත්‍යයට ළඟාවන්නක් ලෙසත් අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යාවන් ලෙස සැලකීමත් ය. මෙය යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි ප්‍රතිඵලයකි. 

එපමණක් නො වේ. අමරතුංග මහතා ද බටහිර විද්‍යාවට ආවේණික වූ ක්‍රමයක් ඇති බව පිළිගනියි. ඔහු කියන්නේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පුකිරීමේ දී බටහිර විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක් හෝ යොදාගත නොයුතු බව ය. ඒ බව දෙසැම්බර් 11 වැනි දා පළ වූ ඒ මහතාගේ ලිපියෙහි අවසන් ඡෙදයෙහි සඳහන් වෙයි. මුල් ලිපියෙහි ද වෙනත් වචනවලින් තරමක් පටලැලි සහගත ව ඒ අදහස පළවිය. 

බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන බවත් එයට විශේෂිත වූ විද්‍යාත්මක විධික්‍රමයක් ඇති බවත් අමරතුංග මහතා මෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද පිළිගන්නේ නම් එය හුදෙක් අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වරධනයක් විය නො හැකි ය.  අමරතුංග මහතාට අමරසේකර මහතාට මෙන් ම පරස්පරවලින් තොරව සිතන්නට බැරි ය. අවාසනාවකට බොහෝ උගතුන් යැයි කියාගන්නෝ පරස්පරවල දියබුන් ගසති. අමරතුංග මහතා බටහිර විද්‍යාව අනෙක් රටවල විද්‍යාවන්ගේ වර්ධනයක් පමණක් යැයි කියන අතර ම බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි පවසයි. 

බටහිර විද්‍යාවේ ඊනියා විධික්‍රමයක් නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ කර ඇත. බුදුන් වහන්සේගේ කාලයෙහි ද ආත්මයක් ඇත් ද නැත් ද යන වග දැනගැනීම සඳහා බමුණන් ශුද්‍රයකු යැයි කියැවන්නකු මරා කෲර පරීක්‍ෂණයක් කර ඇති බව අප විසින් පෙන්වා දෙනු ලැබුයේ අද ඊයේ නො වේ. ගැලීලියෝ කළේ යැයි කියන පර්යේෂණ ව්‍යාජ බව ද අපි කියා ඇත්තෙමු. කෙටියෙන් කිවහොත් බටහිර විද්‍යාවට ආවේණික විධික්‍රමයක් නැති බවත් පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ආදිය අනෙක් රටවල දැනුම් පද්ධතීන්හිද දැකිය හැකි බවත් අපි අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ කියා ඇත්තෙමු. ඇතැම් විට විසිරුණු ජාතික චින්තනයට තමා විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීමට සුළු කලකට පෙර පැමිණි අමරතුංග මහතා අවුරුදු ගණනාවකට පෙර චින්තනය යන සංකල්පය අසාවත් නොතිබෙන්නට ඇත. බටහිර විද්‍යාවට ඊනියා විධික්‍රමයක් නැතත් එය අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන්නේ එහි චින්තනය හේතුකොටගෙන යැයි අපි කියමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද එහි චින්තනය හේතුකොටගෙන ය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ එහි උපන්ගෙයි දෝෂයක් නිසා ය. 


නලින් ද සිල්වා

2013-12-18

රට ජිනීවාහි බැඳ තැබීම


ඉංග්‍රීසි යටත් විජිත සමයේ රාජ ද්‍රෝහීන් ලෙස සලකා මෙරටින් පිටුවහල් කල සිංහල විරුවන් සිහි කිරීමක් පසුගිය දිනෙක රජයේ අනුග්‍රහයෙන් සිදුවිනි. අප එය අගය කල යුතුය. ඇත්තෙන්ම පෙබරවාරියේ යෙදෙන නිදහස් දිනයේදී ඊනියා නිදහසක් සමරනවා වෙනුවට අපි තවම නිදහස් නැතැයි සලකා ඒ දිනය මෙරට සියලු නිදහස් සටන් වලදී මිය ගිය හා තවමත් ජීවතුන් අතර සිටින විරුවන් සැමරීමට යොදා ගත හැකිනම් බටහිර ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා සිංහලුන් උනන්දු කරවීමට එය පිටුවහලක් වෙනු ඇත. මෙරට පිදුම් ලැබිය යුත්තේ කව්ද ගැරහුම් ලැබිය යුත්තේ කව්ද යන්න තීරණය කල යුත්තේ කැමරන්ලා නොව අපිය. කැමරන්ලා තනන්නේ අප මත වරද පටවා සදාකාලිකව අප ජිනීවා නුවරට බැඳ තැබීමටය. අපි ඒ බැමි ලිහා ගත යුතු අතර මාර්තු මාසයෙන් මාර්තු මාසයට රටේ දේශපාලණ පැවැත්ම ගැන සිතන රටාවෙන් බැහැරවී වසර පනහක් හැටක් ඉදිරියට සිතිය යුතුය. 

බටහිරුන් මුලින්ම කම්පා වූයේ ප්‍රභාකරන් ඇතුළු පිරිස ඝාතනය කිරීමටය නමුත් ඇමරිකානු ජනාධිපතිවරයාට ඔහුගේ හමුදාව බින් ලාඩන් ඝාතනය කරනු ලොවටම පෙන්වන්නට අවශ්‍යවූ නිසාවෙන් ප්‍රභාකරන් ඝාතනය කිරීම ගැන බටහිරුන්ට තිබූ විරෝධය තවදුරටත් ගෙනයාමට නොහැකිවිනි. හතලිස් දහසේ කථාවට වැදගත් බවක් ලැබුනේ ඉන් පසුවය. මිනිසුන් හතලිස් දහස් ගණනක් ඊළාම් යුධය අවසානයේ ඝාතනය නොවුනු බව බටහිර රහස් ඔත්තු සේවයන් නොදන්නවා විය නොහැකියි. මහ පොළවේ අඩියක් අඩියක් පාසා සිදුවෙන දේ චන්ද්‍රිකා මාර්ගයෙන් දැක ගත හැකි යුගයක, කොටි ත්‍රස්තවාදීන්ගේ නැව් පිළිබඳ ඔත්තු ආරක්‍ෂක අමාත්‍යංශයට සපයාදී ඇති විටෙක ඔවුන් ඒ බව නොදැන ගැනීමට හේතුවක් නැත. බ්‍රිතාන්‍යය ඇතුලු සියලු බටහිර රටවල් ඒ බව දැන ගත යුතුය. බටහිර ජඩ මාධ්‍යවල බොරු නිර්මාණය කෙරන්නේ ඔවුන්ට හතලිස් දහසේ කථාව තහවුරු කල නොහැකි බව ඔවුන් දන්නා නිසයි. තව තව පරීක්‍ෂණ කල යුතුයැයි ඔවුන් කියන්නේ ඊනියා පරීක්‍ෂණ හරහාවත් බොරු සාක්‍ෂි නිර්මාණය කර ගැනීම සඳහායි. අපි මේ පරීක්‍ෂණ වලට එකඟ විය යුතු නැත. සිය බිරියට පහර දෙතැයි කැමරන්ට චෝදනාවක් එල්ලවුවහොත් කැමරන් ඒ සඳහා ස්වාධීන පරීක්‍ෂණයක් කරනමෙන් ඉල්ලා සිටියිද නැත්නම් හැකිනම් ඊට සාක්‍ෂි සපයන්ට යැයි කියයිද? 

අපි කල යුත්තේ මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් බටහිර රජයන් පෙන්වන මඟ ගැනීම නොව, ඔවුන් කරන්නේ මුලාවක් බව ලොවටම ඒත්තු ගැන්වීමය. ඒ අතර අපි ජීනීවාහි සිදුවන ක්‍රියාදාමයන්ට කොටු නොවී අපේ අනාගතය ගැන සිතිය යුතුය. දේශපාලන වෙනස්වීම් සිදු වන්නේ සෙමිනි එහි ඵල අත් විඳිය හැකි වන්නේ ඊටත් බොහෝ කලකට පසුවය. ඇමරිකාවේ වහල්භාවය අහෝසි කර අදට වසර 148ක් වෙතත් තවමත් එහි බහුතරයක් කලු ජාතිකයින් ජීවත් වන්නේ සමාජ පතුලේය. නිදහස ලැබී බොහෝ කලක් යන තුරු කළු ජාතිකයින්ට උකස් ණය ලබාදීමට එරට බැංකු මැලි වුනි. ඒ නිසා ඔවුන් බොහොමයකට පරම්පරාගත ඉඩම් හිමි කමක් නැත. අද ඔවුන් බොහොමයක් දුප්පත්ය, අඩු අධ්‍යාපනයක් ලබති, ජනගහන අනුපාතයට බෙහෙවින් වැඩියෙන් බන්ධනාගාරගත වෙති. ඒ ඔවුන්ටවූ සාමාජීය අසාධාරණකම් කනපිට පෙරලීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙද්දීය. ඉංග්‍රීසීහු වෙල්ලස්සේ ජනතාව ඝාතනය කර ඔවුන්ගේ භව බෝග විනාශ කලහ. ඉඩම් පනත් (1840 සහ 1897) මඟින් ඉඩම් කොල්ලකෑහ. ඉන් සිංහල බෞද්ධයින් ලත් පසුබෑම නිවැරදි වෙන්නට කෙතරම් කලක් යැයිදැයි සිතා ගත හැකිද?

ඒ නිසා සිංහල බෞද්ධයින්ට සාධාරණයක් ඉටුවෙන ඔවුන්ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් තව වසර පණහකින්වත් ලංකාව තුල ඇති කර ගන්නටනම් ඒ සඳහා අද ගත යුතු දේශපාලන පියවර අද ගත යුතුය. ඒ පියවර ජිනීවා සම්බන්ධයෙන් ගන්නා පියවරට වඩා වෙනස්ය. එය උගත් පාඩම් කොමිසම් වාර්තාවේද නැතැයි මට හොඳට විශ්වාසය. ඒ පියවර කුමක්දැයි බටහිර උගතුන්ගෙන් අසා දැන ගත නොහැකිය. නමුත් ඒ පියවර කුමක් වුනත් එහි ප්‍රතිඵල අද ජීවත්වන බොහෝ දෙනෙකුට අත් විඳින්නට නොහැකි වනු ඇත. අපි ඒ පියවර ගත යුත්තේ අනාගතයේ බිහිවෙන දරුවන් උදෙසාය.

අපට දේශපාලන නිදහසක් අත් වෙන්නට නම් රාජ්‍යය ප්‍රභල විය යුතුය. එහි ඒකීය බව තහවුරු විය යුතුය. දෙමළ හා මුස්ලිම් ජනයා තම තමන්ගේ අයිතිවාසිකම් සඳහා ජන වාර්ගික පදනම මත දේශපාලණයේ නියැලෙනතාක් කල් රටේ ඒකීය භාවයට තර්ජනයක් ඇත. රටේ සතුරෝ එය සිංහල බෞද්ධයින් මර්ධනය කිරීමට පාවිච්චි කරනු ඇත. පසුගිය වසර තිහ තුල උගත් පාඩමක් ඇත්නම් එය මෙය නොවේද? ජන වාර්ගික පදනම මත කෙරෙන දේශපාලනය අඩපන කර දැමීමට නම් ඇල්ලිය යුතු දේශපාලන නිලයක් වේ. එය නම් දෙමළ හා මුස්ලිම් ජනයා ශ්‍රී ලාංකික ජාතියට එකතු කිරීමය. තව වසර පණහකින්වත් එහි ප්‍රතිඵල දැක ගන්නට නම් ජාතිය එකතු කිරීමේ මුල් දේශපාලණ පියවර අපි අද ගත යුතුය. මාර්තු මාසයෙන් මාර්තු මාසයට ජිනීවා නුවර සිදුවන දෙයට ප්‍රතික්‍රියා කිරීම ප්‍රමාණවත් නැත.


ජානක වංශපුර

2013-12-18

(අපි නොදන්න) විද්‍යාව


බටහිර විද්‍යාවේ කිසිම දේශපාලනයක් ආගමක් රටක් ජාතියක් සංස්කෘතියක් හෝ කිසි පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැතැයි පැවසේ. බටහිර විද්‍යාවේ දැනුම වාස්තවිකයි (objective) කියන්නෙ ඒ හින්දයි. මේ ඊනියා වාස්තවික බව නිසා යම් ප්‍රපඤ්චයක් ගැන බටහිර විද්‍යාවේ කියැවෙන කථාව ලෝකයේ ඕනෑම කෙනෙකුට පිළිගන්ට හැකි ඒ පිළිබඳ තිබිය හැකි එකම කථාව බවට පත්වෙනවා. බටහිර විද්‍යාව හැමෝටම සාධාරණයැයි කියන නිසා බටහිර විද්‍යාවේ අනුගාමිකයින්ට ලැබෙන්නේ අසමසම නමුත් මගේ මතයට අනුව අයුතු දේශපාලන බලයක්.

නමුත් පෘතග්ජන මිනිස්සු ගොතන කිසිම කථාවක වාස්තවික බවක් තිබිය නොහැකියි. මම එහෙම හිතන්නේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි අනාත්මයි කියල විශ්වාස කරන බෞද්ධයෙකු හැටියට. බටහිර විද්‍යාවෙත් වාස්තවික බවක් නැහැ. ඒක තේරුම් ගන්න සරලම විදිහ තමයි නලින් ද සිල්වා මහතා පෙන්වාදී ඇති පරිදි ඇපල් ගෙඩි බිමට වැටීම ගැන නිව්ටන් සහ අයින්ස්ටයින් කියල තියන කතන්දර අතර අහසට පොලොව මෙන් ඇති වෙනස අවබෝධ කර ගන්න එක. කෙටියෙන් කියනවා නම් නිව්ටන් කිව්වේ ඇපල් ගෙඩිය මත පොලොවෙන් යම් ආකර්ශනීය බලයක් යෙදෙනවා කියලයි. අපි සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ඉගෙන ගන්නේ මේ කථාවයි. නමුත් අයින්සටයින්ගේ කථාව නිව්ටන්ගේ කථාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහුගේ කථාවෙ පොලොවෙන් ඇපල් ගෙඩිය මත යෙදෙන ආකර්ශනීය බලයක් නැහැ. එකම ප්‍රපඤ්චය බටහිර විද්‍යාව තුලම එකිනෙකට හාත්පසින් වෙනස් කථා දෙකකින් විස්තර කිරීමට හැකිවීම තුලින් පෙනෙන්නේ බටහිර විද්‍යාවේ වාස්ථවික බවක් නැති බව නේද? 

මේක වෙන විදිහකටත් තේරුම් ගන්න පුලුවන්. අයෙක් වරක් මගෙන් අහනවා බටහිර රටක, බටහිර විද්‍යා දැනුමෙන් නිර්මාණය කරන එම්.ආර්.අයි යන්ත්‍රයකින් අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකුගේ මොළයේ පිංතූරයක් අරගෙන ඔහුගේ යම් රෝගාබාධයක් නිර්ණය කර ගැනීමට හැකිනම් ඉන් කියවෙන්නේ බටහිර විද්‍යාව වාස්ථවික බව නෙවෙයිද කියා. වෙනත් වචනයකින් කියනවා නම් ඔහු කියන්නේ එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධ ගැන ගොතන කථා අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකු සම්බන්ධයෙනුත් වෙන ඕනෑම මිනිසෙකු සම්බන්ධයෙනුත් හරියනවා. එහෙම හරියන්ඩ නම් ඊට අනුබද්ධ දැනුමේ කිසි සංස්කෘතියක්, රටක්, ජාතියක් පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැති විය යුතුයි කියලයි. 

දැන් මේ යන්ත්‍රය ආධාරයෙන් ගොතන කථාව හරියනවා කියල අපි දැන ගන්නෙ කොහොමද? ඔය යන්ත්‍රය ක්‍රියා කරවන්ට ඕනෑම අයෙකුට බැහැනෙ, ඒකට යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඊලඟට ඒකෙන් ලැබෙන මොළේ පිංතූරය විවරණය කරන්නත් යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඒ විවරණයත් රෝගියාගේ අනිකුත් ආබාධත් එකතු කරල රෝගය ගැන කථාවක් ගොතන්නත් යම් පුහුණවක් ඕනෙ. ඒ විදිහට බැලුවහම මේ කථාව ගොතන්න විවිධ විශේෂඥ දැනුම ඇති කිහිප දෙනෙකුගේ සහය අවශ්‍යය වෙනවා. සාමාන්‍ය මිනිස්සු බහුතරයකට මේ විශේෂඥ දැනුම නැහැනෙ. ඒ නිසා අපි බොහොමයකට මේ කථාවේ ඇත්ත නැත්ත හොයන්න විදිහක් නැහැ. අපි කරන්නේ අර විශේෂඥයින් කෙරෙහි ඇති භක්තිය නිසා ඔවුන් කියනදේ විශ්වාස කරන එක නේද? එහෙම නම් එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධය ගැන ගොතන කථාව ඕනෑම කෙනෙකුට පිලිගත හැකි යැයි කියන්නේ මොන පදනමකින්ද? බොහෝ අයට තියෙන්නෙ ඒ පිළිබඳව විශ්වාසයක් පමණයි. බටහිර විද්‍යාව සහ එහි අනුගාමිකයින් පිළිබඳව පොදුවේ විශ්වාසයක් අප තුල ඇති කරන්නේ බටහිර සංස්කෘතියෙන් ආධිපත්‍යයෙනුයි. දැන් රෝගය ගැන කථාව හරි කියල අපි පිලිගන්නේ බටහිර සංස්කෘතික බලපෑම නිසා නම් රෝගය ගැන කථාවේ බටහිර සංස්කෘතිය නැතැයි කියන්න පුලුවන්ද? එහි බටහිර සංස්කෘතිය ඇත්නම් ඒ කථාව වාස්තවිකද?

මෙතෙන වෙන්නෙ මේකයි. මුලින්ම බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් අපිට ඒ කථා පිලිගන්වන්ට සලස්සවනවා. ඊ ලඟට අපි ඒවා පිලිගන්න එක පෙන්නලා කියනවා ආං ඒ හින්දා ඒ කථා වාස්තවිකයි කියලා. මුලාවක් නෙ.

මේ රෝගියාගේ අසනීපය ගැන දේශීය නාඩි වෙදෙකුටත් කථාවක් ගොතන්න පුලුවන්. ඒ කථාවයි එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් කියන කථාවයි සසඳන්න අවශ්‍යනම් අපි කල යුත්තේ රෝගියාගේ රෝග ලක්‍ෂණ සමඟ වඩාත් සංගතවෙන කථාව මොකක්ද කියල හොයන එකයි. ඊට වඩා කරන්න දෙයක් නැහැ. ඒ සඳහා නාඩි විද්‍යාව මෙන්ම බටහිර විද්‍යාව ගැනත් විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. ඊටත් වඩා අපිට වැදගත් වෙන්නෙ නාඩි විද්‍යාවට අනුව දෙන ප්‍රතිකාරද නැත්නම් එම්.ආර්.අයි යන්ත්‍රයේ කථාවට අනුව දෙන ප්‍රතිකාරද වඩා සුවයක් අත් කරදෙන්නේ කියන එකයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවනම් ප්‍රතිකාර දෙකක් සංසන්ඳනය කරන්නෙ ශායනික පරීක්‍ෂණයක් (e.g. double blinded clinical trial)  කරලයි. එවැනි පරීක්‍ෂණයක් නොකර වඩා හොඳ ප්‍රතිකාර ක්‍රමය මොකක්ද කියල නිගමනය කරන එක සීරියස් බටහිර විද්‍යාඥයෙකුට නම් වටින්නේ නැහැ.

බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික (objective) බවක් නැති බව හොඳින්ම පෙනෙන්නේ එහි ක්‍රියාත්මක වෙන දේශපාලණය තුලයි. බටහිර විද්‍යාඥයින් ඉතා ඉහලින් සලකන නේචර් නම් සඟරාවේ පරීක්‍ෂණ නිබන්ධනයක් පලකරවා ගන්න එක ලෙහෙසි නෑ. එසේ කරන ඕනෑම චීන විද්‍යාඥයෙකුට චීන විද්‍යා ඇකඩමිය මඟින් ඩොලර් දස දහස් ගණනක් තෑගි ලැබෙන බව කියා තිබුණා. චීන රජය මේක කරන්නේ ආර්ථික හා දේශපාලන අරමුණකින්ද නැත්නම් හුදෙක් ලෝකයා වෙත දැනුම ලබාදීමේ සත්භාවයෙන්ද? මේ පරිසරය තුල චීන විද්‍යාඥයෝ ප්‍රකාශයට පත් කරන විද්‍යා දැනුමේ වාස්තවික බව සහතික කල හැකිද? මේක චීන විද්‍යාඥයින්ට පමණක් නෙවෙයි ලොව පුරා ඉන්න දහස් ගණනක් බටහිර විද්‍යාඥයින්ට අදාලයි. වෛද්‍ය විද්‍යාව පිළිබඳව මෙවර නොබෙල් ත්‍යාගය හිමිකරගත් විදුවතුන් අතරින් එක් අයෙකුවූ රැන්ඩි ෂෙකමන් මහතා තමන් මින් පසු නේචර් සඟරාවට තමන්ගේ නිබන්ධන යොමු කරන්නේ නැතැයි පවසා තිබුණා. නේචර් සඟරාව මෙන්ම අනිකුත් එවැනි සඟරා කතෘවරු ලිපි තෝරාගැනීමේදී අනුගමනය කරන වෙළඳමය ප්‍රතිපත්ති විද්‍යාවේ ස්වාධීනත්වයට හානි කර යැයි ඔහු පවසයි. මෙය බටහිර රටවල පර්යේෂණ කටයුතුවල නියැලී සිටින අය අතර ප්‍රසිද්ධ රහසක්. මොනවා කලත් බටහිර විද්‍යා දැනුම නිර්මාණය කිරීමේදී හා එය ඒත්තු ගැන්වීමේදී ක්‍රියාත්මක වෙන දේශපාලණයෙන් බටහිර විද්‍යාව නිදහස් කර ගන්ට බැහැ. කොටින්ම මිනිස් මනසින් නිර්මාණය කරන කිසිම දැනුමක වාස්තවික බවක් තිබිය නොහැකියි.

අපිට බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික බවක් නැහැ කියල පෙන්වල දෙන්න අවශ්‍ය ඇයි? බටහිර විද්‍යාව උගන්වන එක නවත්තන්න නෙවෙයි. වෙන දේශීය විද්‍යාවක් ඊට වඩා උඩින් තියන්නතත් දේශීය දැනුමක් වාස්තවික කරන්නවත් නෙවෙයි. (ඉස්කෝලෙ යන ළමයි නොමඟ හරින්නත් නෙවෙයි. ඇත්තටම ථේරවාදී බෞද්ධ රටක මිනිස් මනසින් නිර්මාණය කල දැනුමක් යථාර්තයක් ලෙස ඉගැන්වීම තමයි නොමඟ හැරීම) අපිට අවශ්‍ය බටහිර විද්‍යාවේ නැති වාස්තවික බවක් ඇතැයි පෙන්වා ඒ බොරුව මත පමණක් පදනම් වෙමින් දේශීය දැනුම යටපත් කිරීමට බටහිර විද්‍යාවේ අනුගාමිකයින් දරන උත්සාහය නිෂ්ඵල කිරීමටයි. කොටින්ම බටහිර විද්‍යාවට (විද්‍යාඥයින්ට නොවේ) වැඩ බැරිනම් බොරු වාස්තවික බවක් පෙන්වා දේශීය දැනුම යටපත් කිරීමට ඉඩ දිය නොහැකිය. එහෙම කියන්න පැහැදිලි ප්‍රායෝගික හේතු තියෙනවා. 

අද රට පුරා පැතිර යන වකුගඩු ආශ්‍රිත රෝගයට ප්‍රායෝගික පිළියමක් අවශ්‍යයි. අවසානයේ වැදගත් විය යුත්තේ දැන් සිටින රෝගීන් සුව කිරීමට හා ඉදිරියේදී රෝගීබව ඇති නොවීමට ගත හැකි නිවැරදි පිළියම මොකක්ද කියන එකයි. පසුගිය දිනක ලංකාවේ ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් ජාතික විද්‍යා ඇකඩමිය විසින් සංවිධානය කරන ලද සමුළුවක මේ පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනේ තවමත් බටහිර විද්‍යාවට මේ ප්‍රශ්ණය අඟෙන් අල්ලා ගන්නට නොහැකිවී ඇති නිසා බව පැහැදිලියි. නමුත් මෙරට දේශීය උගතුන්ට, වෙද මහත්වරුන්ට, සාමාන්‍ය ගැමියන්ට මේ ප්‍රශ්ණය පිළිබඳව බටහිර විද්‍යාවට නැති අවබෝධයක් තියෙනවා. පිරිසිදු ජලය ලබා ගන්න විදිහ, රසායනික පොහොර නැතිව ගොවිතැන කරන විදි විතරක් නෙවෙයි වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන විදිගැන පවා මේ අයට දැනුමක් තියෙනවා. කල් නොයවා මේ දැනුම සංවිධානාත්මකව ක්‍රියාවට නැංවීම සඳහා රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි. බටහිර විද්‍යාව තවමත් මේ ගැන සිතමින් ඉන්න අතරේ මේ දේශීය දැනුම ක්‍රියාවට නොන්වා යටපත් කිරීමට තරම් සාධාරන හේතු තියෙනවාද? ඇත්නම් ඒ හේතු විද්‍යාත්මකද? විද්‍යාවේ නැති ඔබ්ජෙක්ටිව් බවක් නම් කියන්න එන්න එපා.


ජානක වංශපුර

2013-12-18

Politics of war crime allegations


TNA’sinspired call to investigate so called crimes committed by the Sri Lankan armed forces in the last phase of the humanitarian operation seems like an afterthought. After all, these crimes, supposed to have taken place four years ago and the TNA, a party that should have had intimate knowledge of such crimes,kept quiet about it all this time. A month ago TNA did not have any qualms about taking oath before the chiefperpetrator of these so called crimes.  So, one can only guess that the timing and the purpose of their agitations corresponds with the UN Human rights council meeting to be held in March next year, and is in support of a would be UN resolution against Sri Lanka sponsored by a “friendly” country. Of courseTNA has everything to gain from such agitation. But the fact that this was not a major concern for the TNA for all these years concedes that the politics behind war crime allegationsis not the politics that governs TNA, although they may be compatible.

The politics that govern TNA is the same that governed from Chelvanayagam to Prbhakaran. Their goal is to carve out ethnic Tamils from the population and come to power on the strength of their isolation and keep it that way. This kind of politics is purely local and is affected by non-Tamil politics only when the pre-imposed isolation is threatened. So, alleged war crimes should not be one of their main concerns as long as the TNA is allowed to keep their slice of the cake.

The politics of war crimes is not local. Its players are the western governments. Their ultimate goal is to keep the politics of both Sinhalas and Tamils as well as that of the Muslims permanently dependent on the west. In order to achieve their end, Sinhalas, Tamils and Muslims in Sri Lanka must be kept as segregated as possible, as it has been done throughout the colonial period. MahindaRajapaksalooks like a leader who might keep the communal politics from falling apart and this is against their management plan. This is why the western governments want to dethrone the Rajapaksas, hence the war crime allegations. But war crime allegations are not just there to oust the Rajapaksas. It is also propaganda that can be dragged on for years, causingfuture generations of Tamils to believe that they have been wronged by the Sinhalas and making sure that Sinhalas and Tamils staypermanentlysegregated in this country. Despite calls for reconciliation by western governments, war crime allegations are specifically designed to achieve the opposite.

So, the reason that the TNAwas slow to act on the war crime issue is only because they have not been told about the global management plan; for obvious reasons. That does not mean that the politics of war crimes are incompatible with that of the TNA. However, it is hard to imagine that ordinary Tamils envision their leaders being managed by foreign handsforever.

As far as Sinhalas are concerned their main goal should be to defeat the management plan of the western governments while dealing with the politics of the TNA.In this case, wining doesn’t mean just wining the vote on a UN resolution in Sri Lanka’s favor or protecting war heroes from being prosecuted for crimes they did not commit. In the long run, winning means safe guarding the sovereignty of the country from foreign interventions. If segregation is their modus operandi then the way to defeat it is to integrate.

As the guardians of the nation,Sinhala Buddhists must take the leadership in integrating the nation. In doing so, they must let go of communal politics though it may seem like letting the guard down. Throughout the independence struggle Sinhala Buddhists lost their lives, properties and their leaders like no other community in the country. Today they have lost their way of life. To add to injury they are being accused ofdominating other communities. Sinhala Buddhists did not create segregation in Sri Lanka. It is ironic that they are being asked to lead the politics of integration. But they must; if they want to resurrect Sinhala Buddhist way of life.

It is mothers who keep families together when all odds are against it. Perhaps it may be time to bring out the mother nature of the Sinhala Buddhist culture. Politics of national integration is the exact opposite politics of war crime allegations.


Janaka Wansapura

18-12-2013

Sunday 15 December 2013

නාථ දෙවියන් මියගොස් ද?


පසුගිය දා “උගත් ගැමි” මැදිවියේ ජ වි පෙ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී නාථ දෙවියන් ආසනික් ගැන දැනගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසී ය. ඔහුට අනුව ආසනික් ගැන දැනගෙන ඇත්තේ පසුව ය. එසේ පසුව දැනගත් ආසනික් ගැන නාථ දෙවියන්ට දැනුමක් නොතිබිය හැකි ය යන්න ඔහුගේ ප්‍රශ්නයෙන් ගම්‍ය විය. මෙයින් ඔහු අදහස් කළේ නාථ දෙවියන් මිය යෑමෙන් පසුව ලෝකයා ආසනික් ගැන දැනගත් බව ද? ආසනික් සම්බන්ධ ප්‍රශ්නයේ දී නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද (ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් නො වේ) ඔහු අදාළ භවයෙන් චුත වී නැත. අනුර දිසානායකට සංකල්ප පැටළවී ඇත. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද තවමත් දෙව්ලොවින් චුත වී නැත. අනෙක් අතට ආසනික් යන්න සිංහලයන්ට අළුත් වුවත් ඔවුහු පාසානම් නමින් එය ඈත අතීතයේ සිට දනිති. නාථ දෙවියන් යනු කවුරුන් වුව ද ඔහු ද පාසානම් නමින් හඳුන්වනු ලැබූ කාලයේ සිට ආසනික් ගැන දන්නා බව නිසැක ය. අනුර දිසානායකලා අද වන විට කෙතරම් දුරට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වී තිබේ ද යන්න මෙයින් පැහැදිලි වෙයි. මා නාථ දෙවියන් ගැන දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. මගේ දැනුම අනුව ආසනික් හා සම්බන්ධ නාථ දෙවියන් යනු මනුෂ්‍ය නොවන ප්‍රාණියෙකි. ඔහුට දෙවියන් යැයි කීව ද ඒ භූතයකු විය හැකි ය. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වේ. මට අවශ්‍ය වූයේ දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම ඇති බව ද ජනතාවට පැවසීම ය. එසේ කීම එක් අතකින් වැරදි ය. මෙරට ජනයා මා නොකීවාට අවුරුදු දහස්ගණනක් තුළ පංචෙන්ද්‍රියන්ට සීමා නොවු විවිධ ක්‍රම මගින් දැනුම ලබාගෙන ඇත. මා කර ඇත්තේ ජනතාවගෙන් යමක් ඉගෙන එය තහවුරු කිරීම පමණ ය. සුද්දෝ අපට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කියා භූතයන් යනු මිථ්‍යාවන් යැයි ද භූතයන්ගෙන් දැනුම ලබාගැනීමට නොහැකි යැයි ද පවසති. සුද්දන්ගෙන් ඉගෙන ගත හැකි නම් භූතයන්ගෙන් ඉගෙන ගත නොහැක්කේ මන්දැයි මට නොවැටහෙයි. වඩා භයානක සුද්දා ද භූතයා ද? සුද්දාට හසු වූ කල බොහෝ අයට ගැලවීමක් නැති බව මෙරට නිවට පුහු උගතුන්ගෙන් පැහැදිලි වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවත්වන මට සුද්දාගෙන් ද භූතයාගෙන් ද ගැලවිය හැකි ය. මට තවමත් ගැලවීමක් නැත්තේ මගෙනි. ජනප්‍රිය ගීතයක අදහසක් අවශෝෂණය කරගෙන මට මගේ ම නොවන මගේ මමක් ඇතැයි කිව හැකි ය. ඉන් ගැලවීමට අඩුම තරමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු ය. වයස අවුරුදු දහහතරේ දී සුද්දාට හසුවූ මට සුද්දාගෙන් ගැලවීමට නම් අවුරුදු විස්සකට වඩා නොගියේ ය. භූතයාගෙන් ගැලවීමට එතරම් කලක්වත් නො ගියේ ය. එහෙත් අවශ්‍ය වූ විට සුද්දාගෙන් ද භූතයාගෙන් ද දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරමි.
 
අපට නාථ දෙවියන් නමින් හැඳින්වෙන අය මුණ ගැසුනේ බටහිර විද්‍යාවට හා එහි තාක්‍ෂණික අංගයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාවට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කීමට නොහැකි වූ අවස්ථාවක ය. මේ රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නැත. පසුගියදා රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවසා ඇත්තේ කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඔවුන්ට, එනම් ඔවුන්ගේ ස්වාමී සුද්දන්ට ඇති බව ය. ඔවුන්ට අනුව ඒ වකුගඩු බද්ධ කිරීම ය. දහස්ගණන් රෝගීන්ට බද්ධ කිරීමට වකුගඩු කඩේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකි ය. එහෙත් මේ දොස්තරලා ද නො(දත්) දොස්තරලා ද නොදන්නා දේ නම් අවයව බද්ධකිරීම යන්න සමස්තය යනු කොටස්වල එකතුව යැයි සිතන නිව්ටෝනීය යාන්ත්‍රික දර්ශනයෙන් ගලා එන්නක් බව ය, මේ අමතර කොටස් සංකල්පය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ පැටලීම  (එන්ටැන්ගල්මන්ට්) යන ෂ්රොඩිංගර්ගේ අවුරුදු හැත්තෑවකට පැරණි සංකල්පයෙන් ඉවත්කෙරී ඇති බව ය. පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසයි. සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යැයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක් අදහස් කරන්නේ දැයි නො දනිමි.  එහෙත් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යැයි ඔප්පු කළ හැකි කිසිවකු වේ ද?  බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යැයි කියමින් පට්ටපල් බොරු වියුක්ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්ටපල් බොරුවක් දැයි අශෝක අමරතුංග නො දනියි. 

නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. කැඩ්මියම් එහි දී උත්ප්‍රෙරකයක් ලෙස ක්‍රියා කරයි. අපි ඒ බව ජනතාවට කීවෙමු. කැනඩාවේ ජීවත්වන මට කෙදිනකවත් මුණ ගැසී නොමැති චන්ද්‍රසිරි ධර්මවර්ධන නම් මහාචාර්යවරයකු විද්‍යුත් තැපෑල මගින් මා ආසනික් ගැන කීවේ ඊනියා පාරභෞතික ක්‍රමවලින් බවත් මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු කිහිප දෙනකු එය බටහිර විද්‍යාත්මකව තහවුරු කිරීමට උත්සාහගත් බවත් සඳහන් කරයි. ඔහුගේ පාරභෞතිකය පිළිබඳ අර්ථදැක්වීම කෙසේ වුවත් කිසිවකුට අනුව ගුරුත්වාකර්ෂණය ද වෙනත්  වියුක්ත ප්‍රවාද ද පාරභෞතික ය. ඔහු පරණගම මහත්මියගෙන් අසා දැනගෙනත් එහෙත් නොකියන දෙය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම ආසනික් පර්යේෂණ කළේ මගේ මූලිකත්වයෙන් බවත් මා සේවයෙන් ඉවත්වීමෙන් පසුව ඒ පර්යේෂණ නැවතුනු බවත් ය. අපි ආසනික් පිළිබඳ දැනගැනීමෙන් පසුව ඔහු වැන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇරඹීමු. එහෙත් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව දැනගැනීමට නැත. ඔවුන් ඒ දැනගන්නා තෙක් අප කළ යුත්තේ රෝගීන් මිය යෑමට සැලැස්වීම ද? එක් කුහක දොස්තරවරයකු තමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව යැයි කියමින් රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් බව ප්‍රකාශ කළේ අපට නිග්‍රහ කිරීමට ය. එහෙත් ඔහු වාර්තාවක් ලෙස නම් කළේ හතර දෙනකු විද්‍යුත් සඟරාවක පළකළ පත්‍රිකාවකි. ලෙඩා මළත් හේතුව ආසනික් නොවේ නම් බඩ සුද්ද ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිවකු හෝ කිවුල ගැන නොකියද්දී ආණ්ඩුව නාථ දෙවියන්ගේ කීම මත පදනම් ව කිවුල නැතිකිරීමට ජල පෙරණ සවිකිරීමට තීරණය කර ඇත. එහෙත් කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් නොකර පෙරණ සවිකිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ආණ්ඩුව වැව් ප්‍රතිසංස්කරණය කර ජලය බෙදාදීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. එමෙන් ම වැව් තාවුලුවල මිරිකුළු  (මුරුංගා) වැනි ශාක වගා කිරීමටත්  කෘෂිරසායන ගෙන්වීම ක්‍රමයෙන් නවතා දේශීය පොහොර යොදා ගැනීමටත් ගොවි මහතුන් උනන්දු කළ යුතු ය. ආණ්ඩුව බටහිර වෙදකමට වෙන් කරන මුදලෙන් ඉතා සුළු කොටසක් වියදම් කර වෙදමහත්වරුන්ට අදාළ ප්‍රදේශවල වෙදකම් කිරීමට පහසුකම් සලස්වන්නේ නම් රෝගීන් සුවකළ හැකි ය. විදේශ විනිමයත් ඉතිරිකර ගත හැකි ය.


නලින් ද සිල්වා

2013-12-15