Main Logo

Showing posts with label දෙමළ-ජාතිවාදය. Show all posts
Showing posts with label දෙමළ-ජාතිවාදය. Show all posts

Monday, 8 April 2013

දෙමළ ජාතිවාදය හා අපේ විදේශ ප්‍රතිපත්තිය

අපේ පමණක් නොව ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ රටේ අභ්‍යන්තර ප්‍රතිපත්තියට අනුකූල වන අයුරින් ය. රටක විදේශ ප්‍රතිපත්තිය ඒ රටෙහි අභ්‍යන්තර ප්‍රතිපත්තියෙහි විස්තීරණයක් (දිගුවක්) යැයි ඇතැම් බටහිර දේශපාලනඥයෝ පවසති. එය අමුතුවෙන් කිවයුත්තක් නො වේ. අභ්‍යන්තර ප්‍රතිපත්තිය හා විදේශ ප්‍රතිපත්තිය අතර සංගත බවක් තිබිය යුතු ය. එසේ නොවුණහොත් රට කරවීමට නො හැකි ය. අපේ විදේශ ප්‍රතිපත්තිය රටේ අභිවෘද්ධිය සඳහා සකස් කෙරුණක් විය යුතු ය. එහෙත් අපට රටේ අභිවෘද්ධිය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කිව නොහැකි නම් එවිට විදේශ ප්‍රතිපත්තිය සකස් කරගැනීමෙහි දී ප්‍රශ්න ඇතිවීම වැළැක්විය නො හැකි ය. අපට අනෙක් ප්‍රශ්නවල දී මෙන් ම විදේශීය කටයුතු පිළිබඳ ප්‍රශ්නවල දී ද ජාතික වූ ප්‍රතිපත්තියක් නැත. කිනම් පක්‍ෂයක් බලයට පත්වුවත් අනුගමනය කළ යුතු අපේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු දළ ජාතික ප්‍රතිපත්තියක් ගැනවත් අපට සිතාගත නො හැකි ය. ජෙනීවා හි දී ආණ්ඩුව සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය වීම, එනම් එහි දී සිදුකෙරුණු ක්‍රියා මාර්ගය අනුව අපේ කැමැත්තට පරිබාහිර ව කටයුතු සිද්ධවීම විශාල ප්‍රශ්නයක් යැයි පෙන්වා, අප කැමති වුවත් නැතත් අද බටහිර රටවල් හා ඔවුන්ගේ හෙංචයියන් ලංකාවට එරෙහි වීම ආදිය සිදුවන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි නිසා යැයි කියන්නේ කෙසේ ද? එ ජා පක්‍ෂය අද ශ්‍රී ල නි ප හා රටේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් කරන විවේචන ඉතා ප්‍රාථමික තත්වයේ ඇත. එහි නායකයන් හා ජ වි පෙ නායකයන් තවමත් අදක්‍ෂ පාසල් විවාද කණ්ඩායම්වල සාමාජිකයන්ගේ තත්වයෙන් ඉහළට පැමිණ නැත.

විදේශ අමාත්‍යාංශයෙන් පත්කෙරෙන තානාපතිවරුන්ගේ ප්‍රශ්නයක් ලෙස විදේශ ප්‍රතිපත්තිය දැකිය නො හැකි ය. තානාපති තනතුරුවලට පත්කළ යුත්තේ දේශපාලනය ගැන අත්දැකීම් ඇති අය මිස පොතෙන් පතෙන් පමණක් රාජ්‍ය තන්ත්‍රය හා ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන ඉගෙනගත් අය නො වේ. මේ පොතපත මුළුමනින් ම මෙන් බටහිරයන්ගේ කෘති ය. ඔවුන්ගේ ලිපි ලේඛන මගින් කියැවෙන්නේ ඔවුන්ගේ ප්‍රවාද හා සංකල්ප ය. ඒවා බටහිර යුදෙවු ක්‍රිස්තියානි නූතනත්වය (ඊනියා පශ්චාත්නූතනත්වය යනු අවුරුදු පන්සියයක් පැරණි නූතනත්වයේ ම විකාශයක් පමණකි) පවත්වාගෙන යෑමේ අරමුණෙන් නිර්මාණය කෙරුණු දැනුම් වෙයි. මෙරට බටහිර අච්චුවේ කසිකබල් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන විදේශ සේවයට ඇතුල් වී බටහිරයන්ගේ පොතපත පමණක් කියවා ඇති නිලධාරීන්ගෙන් රටට යහපතක් සිදුවේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය. ඔවුන්ගෙන් පමණක් නොව මෙරට අනෙක් උසස් නිලධාරීන් යැයි කියන බොහෝ දෙනකුගේ ද පසුබිම එබඳු වන බැවින් රටට දෙවියන්ගේ ම පිහිට ය. විශ්වවිද්‍යලයීය ඇදුරන් ගැන කතා නොකර සිටීම කාටත් වැඩදායක ය.

අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමට පෙර අපේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සකස්කර ගත යුතු ය. ඒ අපට අවශ්‍ය ආකාරයට මිස බටහිර සංවර්ධන මාදිලි අනුව නො වේ. ඒ සකස් කළ යුත්තේ කෙසේ ද යන්න අපි අපේ ප්‍රවාද ඇසුරෙන් තේරුම්ගත යුතු වෙමු. අප ලෝකය පණවාගන්නේ (බුදුන්වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළම පණවන්නේ යැයි දේශනාකළ අරුතෙන්) බටහිරයන්ට අවශ්‍ය ආකරයට නම් අපට කිසි දා වගතුවක් නොවනු ඇත. අප ලෝකය පණවාගත යුත්තේ අපට අවශ්‍ය ආකාරයට ය. අද ඇතිවන ඊනියා සංවර්ධනය සිංහල බෞද්ධ සංවර්ධනයක් නොවන බව පැහැදිලි ය. අපට අවශ්‍ය කෙසේ වුවත් ධනය රැස්කර ගැනීම නො වේ. අවාසනාවකට අද අපේ සිංහල බෞද්ධකම දානයට, පිරිතට, මතක වස්ත්‍රයට සීමා වූ නාමමාත්‍රික එකක් බවට පත් වී තිබේ. එය පන්සිය වසරකට අධික බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ප්‍රතිඵලයකි. පනස්හයේ පෙරළියෙන් පසු තුරග තරග නැවැත්වීමට අපට හැකි විය. එහෙත් ඉන් අවුරුදු පනස්හයකට පසුව අප පැමිණ ඇත්තේ කොතැනකට ද? සුරාව, සූදුව, ගණිකාවන් හා බිරිය නොවන වෙනත් ගැහැණුන් වෙත යෑම, සත්ව හා මිනිස් ඝාතන, හොරකම මෙරට සමාජයේ රජයන්නේ අප බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවීම හේතුවෙනි. මෙහි පසුබිමේ ඇත්තේ පරිහාණිය සංවර්ධනය ලෙස උගන්වන පාසල් හා විශ්වවිද්‍යාලවලින් ලබාදෙන ඊනියා විද්‍යාත්මක දැනුම ය. ප්‍රත්‍යක්‍ෂයක් නොවූ බටහිර වියුක්ත දැනුම උද්ගමනයෙන් හා අනුමානයෙන් ලබාගන්නා වූ පට්ටපල් බොරු කතන්දර පමණක් වෙයි. මේ දිනවල මේ පට්ටපල් බොරු පිලිබඳ සාකච්ඡාවක් ඇතිවීම ගැන නම් සතුටු විය හැකි ය.

ජෙනීවාහි දී අපට අත් වූ පරාජයක් නැත. බටහිර ආධිපත්‍යයට යට වූ ඉන්දියාව ඇතුලු රටවල් විසිපහක් ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමෙන් රටට අත් වූ අපකීර්තියක් නැත. අද බටහිරට විරුද්ධව අලුත් ලෝකයක් බිහිවෙමින් ඇත. අප අපේ දැනුම අනුව කටයුතු කළහොත් ඒ අලුත් ලෝකයෙහි ඉතා කීර්තිමත් රටක් වනු ඇත්තේ ලංකාව ය. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර ගැති නොවන අලුත් ලෝකයෙහි කීර්තිමත් නායකයකු වන්නේ ද නැතහොත් මෙරට ඊනියා උගත් මධ්‍යම පාංතික නිවටයන්ට හා පුස්සන්ට (ඇංකරයන්ට) සවන් දී අපකීර්තියට පත්වන්නේ ද? ඒ මහතා කසිකබල් ඇංකරයන්ට සවන්දිය යුතු නො වේ. ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් වූ දෙමළ ජාතිවාදය ඉන්දියාවේ ද සහායෙන් දෙමළ ත්‍රස්තවාදයක් බවට පත්කරනු ලැබුයේ එකී ජාතිවාදය මගින් සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ය. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිරයන්ට හා ඔවුන්ට ගැති ඉන්දියාවට එරෙහිව ඉන්ද්‍රඛීලයක් ලෙස සිටිමින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අයෝමය දේශපාලන නායකත්වයක් ලබාදුන්නේ ය. එමගින් ලංකාවට ද මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන්ට ද අත්වූයේ කීර්තියකි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරින් හෝ බටහිර ගැති ඉන්දියාවෙන් හෝ අපට සහායක් නො ලැබුණි. අවසාන මොහොතේ දී ද බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් බේරා ගැනීමට ය. නම්බියාර්ලා කටයුතු කළේ ඒ සඳහා ය. එහෙත් අද රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තන් කියන්නේ අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිර රටවල හා ඉන්දියාවේ සහාය ලැබුණු බව ය. ඔවුන්ගේ සහාය සැමදාමත් තිබුණේ දෙමළ ත්‍රස්තවාදයට ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ අයෝමය දේශපාලන නායකත්වය හමුවේ ඔවුන්ට කරකියාගත හැකි දෙයක් නැතිවිය.

දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ගත්කල අපේ විදේශ ප්‍රතිපත්තිය කෙසේ සකස්විය යුතු ද? ඒ සකස්කිරීම සඳහා අප පළමුවෙන් ම දෙමළ ජාතිවාදය හැදෑරිය යුතු ය. ඒ පිළිබඳ අපේ ප්‍රවාද සකස්කර ගත යුතු ය. එහෙත් අවාසනාවකට අප තවමත් දෙමළ ජාතිවාදය දකින්නේ, නිවැරදිව කියන්නේ නම් නොදකින්නේ, බටහිරයන්ගේ ඇසිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූයේ ඒ පිළිබඳ අපට අපේ ම වූ දැනුමක් ද තිබුණු බැවිනි. දෙමළ ත්‍රස්තවාදීන් සමග දිගින් දිගට ම සාකච්්ඡා කරන ලෙස බටහිරයන් හා ඉන්දියාව අපට බලකරද්දී ඇංකරයන් හැරෙන්නට මෙරට සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය දෙමළ කොටි ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම්වලින් පරාජය කළ යුතු බව කියා සිටියහ. එය ජනාධිපතිතුමාට විශාල ශක්තියක් විය. එහෙත් අද අවාසනාවකට දෙමළ ජාතිවාදය ගැන ඒ මහතාට උපදෙස් දීමට සිටින්නේ එදා සාකච්ඡාවෙන් ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳිය යුතු යැයි කී අය වීම කණගාටුදායක ය. එපමණක් නොව මෙරට සිංහල ජනතාවගෙන් බහුතරයට ද දෙමළ ජාතිවාදය පිළිබඳ අවබෝධයක් නැත. ඒ බහුතරයට දෙමළ ජාතිවාදයක් ඇති බවක්වත් නොවැටහෙයි. ඔවුන් ද දන්නේ ඒ සම්බන්ධයෙන් බටහිරයන් කියන දෑ ය. බටහිර මතවාද පුනරුච්චාරණය කිරීම විශ්වවිද්‍යාලවල හා රාජ්‍ය නොවන සංවිධානවල සිටින බටහිර ගැති අනුකාරක පුස්සන්ගේ කාර්යභාරය වී ඇත. මේ එක පුස්සකු ඊළාම් ජාතික ගීයක් ද ලියූ බව මෙහි දී අමතක නොකළ යුතු ය. ඔහු ද ඔහුගේ මිතුරෝ ද ද්‍රෝහිහු වෙති. බටහිරයන්ගේ සාහිත්‍ය විචාර හා වෙනත් දැනුම් පුනරුච්චාරණය කිරීම සඳහා ඊනියා උගතුන් අවශ්‍ය නො වේ. පරිගණකවලට ද ඒ කළ හැකි ය. මෙරට පඬියකු තවත් පඬියකු සමතික්‍රමණය කිරීම යනු ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් එළිදැක්වීමක් නොව දෙවැනි පඬියා විසින් අනුකරණය කරනු ලැබූ බටහිරයකු පළමු පඬියා විසින් අනුකරණය කෙරුණු වෙනත් බටහිරයකු විසින් සමතික්‍රමණය කිරීමකි. මෙරට පඬියෝ සමතික්‍රමණය ද අනුකරණය කරති!

මා මෙහි දී බලාපොරොත්තු වන්නේ දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි පැහැදිලි කිරීම නො වේ. අපේ විදේශ ප්‍රතිපත්තිය ඒ සම්බන්ධයෙන් ගත්කල පීලි පැන ඇති බවට සාකචඡාවක් ඇරඹීම මගේ අරමුණ වෙයි. දෙමළ ජාතිවාදයක් නැතැයි යන්නත් ඇත්තේ සිංහල ජාතිවාදයක් හා බෞද්ධ ආගම්වාදයක් පමණක් බවත් උසස් පෙළ පරීක්‍ෂණයෙන් එස් සාමාර්ථ ලබාගත් පඬියන්ගේ් හා ඉන් ඉහළ සුදුසුකම් ලැබූ පඬියන්ගේ සාමාන්‍ය දැනීම බව වෙබ් අඩවිවල හා ජනමාධ්‍යයෙහි සඳහන්වන කියුම්වලින් පැහැදිලි වෙයි. දෙමළ ජනතාවට 1948න් පසුව විශාල අසාධාරණයක් සිදු වී ඇති නිසා සාකච්ඡා මගින් ඒ අසාධාරණ නැතිකිරීමට නොහැකි වූ දෙමළ ජනයා ආයුධ අතට ගත්තේ් යැයි සිතීමට බොහෝ සිංහලයන් පුහුණු කෙරී ඇත. දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ඒ අසාධාරණකම් නැතිකිරීමට ගෙනෙන ලද විසඳුමක් යැයි පැවසෙයි. එබැවින් දහතුන්වැනි සංශෝධනය (මෙය නීී්‍යානුකූල පණතක් නො වේ) අහෝසි කළ යුතු යැයි කී වහාම පඬියෝ එයට විකල්පයක් ඉල්ලති. බටහිරයන් හා ඉන්දියාව කුමක් කීවත් ප්‍රශ්නයක් නැති තැන විසඳුමක් හෝ විකල්පයක් හෝ අවශ්‍ය නො වේ. අප ද තවමත් දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇති බව පිලිගන්නා හෙයින් දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ගත්කල අපේ විදේශ ප්‍රතිපත්තිය අපට ම විරුද්ධව ක්‍රියාත්මක වෙයි. අපි බටහිරයන් හා ඉන්දියාව (මේ කඩදාසි කූට්ටමේ ජෝකරයන් වනුයේ ජයලලිතා හා කරුණානිධි බව පැහැදිලි විය යුතු ය) කියන දේ හමුවේ අසරණ වෙමු. එහි දී අපේ අසරණ බව වැඩිකිරීමට එ ජා ප හා ජ වි පෙ ක්‍රියා කරයි. පිටරට සිටින විසිරුණු දෙමළ ජනයාගේ ඡන්දය තීරණාත්මක වන බැවින් බටහිරයන්ට ඔවුන්ගේ උද්ඝෝෂණවලට ඇහුන්කම් දීමට සිිදු වී ඇතැයි බටහිරයන් කියන්නේ ඒ දෙමළ ජනයාගේ ඊනියා විරෝධය පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් විසින් බව වසංකිරීමට ය. බටහිර රටවල එයට වැඩි සංඛ්‍යාවක් මුස්ලිම්වරු සිටිති. එහෙත් බටහිරයෝ මුස්ලිමුන්ගේ ඡන්දය තීරණාත්මක යැයි කියමින් ඔවුන්ට සවන් දෙත් ද? අපි පළමුව දෙමළ ජාතිවාදය තේරුම් ගනිමු.

(13/04/07)

Friday, 23 November 2012

දේශපාලනිකව අහෝසි වී ඇති ෆෙඩරල් දහතුන නෛතිකව ද අහෝසි කරමු

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යුතු යැයි කියන්නන්ගේ හේතු වී ඇත්තේ දෙමළ ජනයාට අසාධාරණයක් තිබීම, ඒ සඳහා දේශපාලනික විසඳුමක් නොදීම නිසා දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීම, දහතුන එවැනි දේශපාලන විසඳුමක් වීම, ඇතැම් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ආයුධ අත්හැරීම, දහතුන අහෝසි කළහොත් මේ තරුණයන් නැවතත් ආයුධ අතට ගැනීමට ඉඩ තිබීම, දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් දීමට අවශ්‍යවීම, එසේ දෙන බවට මහින්ද චින්තනයෙන් ද පසුව ද පොරොන්දු වී තිබීම, එසේ නොදුනහොත් ජාත්‍යන්තරයට දී ඇති පොරොන්දු කඩකිරීම නිසා ඇතිවිය හැකි බලපෑම්, ආදිය ය. මේ ව්‍යාජ හේතු වෙයි. ඇදුරන්ගේ ඉල්ලීම් මෙන්ම මේ හේතු ද ව්‍යාජ වෙයි.

මේ හේතු පදනම් වන්නේ ඊනියා සිංහල ආණ්ඩු 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් කර ඇත යන්න මත ය. 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී යැයි කියන්නන් 1947 දී රාජාසන කතා විවාදයේ දී චෙල්වනායගම් සිංහලයන්ට බිිරිතානින්ගෙන් නිදහස් විය හැකි නම් දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස්වීමට හැකියාව තිබිය යුතු යැයි ප්‍රකාශ කිරීම ගැන කියන්නේ කුමක් ද? ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගැනීම ගැන කියන්නේ කුමක් ද? ඩොනමෝර් ආණ්ඩු කාලවල ජී ජී පොන්නම්බලම් තම කුප්‍රකට පනහට පනහ ප්‍රතිපත්තිය මගින් සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සියයට පනහට අඩු කිරීමට යෝජනා කිරීම ගැන කියන්නේ කුමක් ද? දෙමළ නායකයන් ඩොනමෝර් කොමිසම ඉදිරියට ගොස් සිංහලයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතරය වේයැයි කියමින් සර්වජන ඡන්දයට විරුද්ධ වීම ගැන කියන්නේ කුමක් ද? එයටත් පෙර අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ඉංගිරිසි ආණ්ඩුකාරයන් සමග එක්වී ව්‍යවස්ථාදායකයේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීමට පියවර ගැනීම ගැන කියන්නේ කුමක් ද? අඩුම තරමෙන් 1815න් පසු ලංකා ඉතිහාසයෙන් කියැවෙන්නේ මෙරට ඊනියා ජාතික ප්‍රශ්නය 1948න් හෝ 1956න් හෝ පසු ඇතිවූවක් නොව වසර දෙසියයකට වඩා පැරණි ප්‍රශ්නයක් බව ය.

අද සිදු වී ඇත්තේ වැරදි ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට යෑමෙන් අවුලක් ඇති වී රටේ ඒකීය භාවය නැතිවීම ය. දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇත යන ලෙස ප්‍රශ්නය වෑරදි ආකාරයෙන් ඉදිරිපත් කෙරුණේ ඉංගිරිසින් හා ඉංගිරිසි උගත් වෙල්ලායන් අතිනි. 1815න් පසු මෙරට ගබ්සා වූ ලාංකික ජාතියේ නායකත්වය ලැබුණේ බර්ගර්වරුන්ට ය. ටික කලකට පසු එය ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන්ට ඉංගිරිසින් විසින් පැවරිණි. ලංකාවේ ම දේශපාලන නායකයන් බවට පත්කෙරුනේ අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ය. සංස්කෘතික නායකත්වයට පත්කෙරුනේ ඔවුන්ගේ ඥාති සහෝදරයා වූ ආනන්ද කුමාරස්වාමි ය. ඉංගිරිසින් ඉංගිරිසි උගත් වෙල්ලාලයන් රටේ නායකත්වයට පත්කළේ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව බලවේගයක් ගොඩ නැගීමට ය. එයට හේතුවක් විය. ඉංගිරිසින්ට විරුද්ධව 1815 සිට ම සටන් කර ඇත්තේ සිංහලයන් පමණකි. භික්‍ෂූන් වහන්සේ, කැප්පෙටිපොළ, විර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා, භාෂා ප්‍රේමීහු, පනස්හය මෙහෙයවූවෝ මෙහි දී කැපී පෙනෙති. (ගබ්සා වූ ලාංකිකයන් අනෙක් ජනතාවගෙන් වෙන් වී කොංග්‍රසයක සංවිධානය වෙමින් පෙත්සම් මගින් තමන් ඉංගිරිසින් මෙන් ම ඉංගිරිසින් බව කියමින් තමන්ට යම් පාලනයක් ලබාදීමට කරන ලද ආයාචන නිදහස් සටන් නො වේ) කෙසේ වෙතත් ඉංගිරිසින් විසින් කරන ලද (ඔවුන්ගේ පැත්තේ සිට බැලූ කල) වරදක් හේතුවෙන් අපට 1931 දී සර්වජන ඡන්ද බලය ලැබුණි. ඉන්පසු ඉංගිරිසි උගත් වෙල්ලාලයන්ගේ වරප්‍රසාද අඩුවීමට පටන්ගති. ඉංගිරිසිහු හා ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයෝ් වෙල්ලාලයන්ට අහිමිවන වරප්‍රසාද දෙමළ ජනතාවට කරන අසාධාරණයක් ලෙස අර්ථකථනය කළහ. මෙරට ඇති ප්‍රශ්නය අනෙකක් නොව අවුරුදු පන්සියයකට වැඩි කාලයක් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ය.

සර්වජන ඡන්දය හේතුවෙන් සමස්ත ලංකාවේ නායකත්වයෙන් ගිලිහී ගිය වෙල්ලාලයෝ 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තමන්ට සිංහල විරෝධී වෙමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂත්වය නොපිළිගනිමින් කිසි දිනෙක ලංකාවේම නාකයකන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත්හ. මෙහි දීි දකුණු ඉන්දිය පල්ලියක ක්‍රිස්තියානි භක්තිකයකු වූ චෙල්වනායගම් ප්‍රමුඛස්ථානය ගත්තේ ය. ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පිහිටුවා උතුුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටියේ ය. වෙල්ලාලයන්ට ඒ සටන තනිවම කිරීමට බැරි බව දත් ඔහු ලංකාවේ සියලු දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමුන් ද ඒකරාශි කර 1976 දී කුප්‍රකට වඩුකොඩෙයි යෝජනා මගින් ඊළාම් ඉල්ලීම ඉදිරිපත් කළේය. ඊනියා නිජභූමි, ස්වයංනිර්ණ අයිතිය පිළිබඳ සංකල්ප ද ඉංගිරිසින් හා බටහිරයන්, රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතිවාදීන්, සිංහල බෞද්ධයන්ට එරෙහිවූ කසිකබල් මාක්ස්වාදීන් විසින් ද ඉදිරිපත් කෙරිණි. සියලු විජාතික බලවේග ජාතික බලවේගවලට එරෙහිව ඒකරාශි විණි. හැත්තෑවේ දශකයේ මුල බිහි වූ ප්‍රභාකරන් අවසානයේ මේ සියල්ලන්ගේ යුද්ධ නායකයා බවට පත්විණි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීන් (යටකී අයට අනුව අවිගත් සටන්කාමීන්) පරාජය කළ නොහැකි බව, බෞද්ධයන්ට යුද්ධ අකැප බව ආදිය ඔවුහු අපට කියා දුන්හ. එබැවින් ඊළම වැළැක්වීම සඳහා ප්‍රභාකරන් සමග සාම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම ද අපට ඉගැන්විණි. දහතුන්වැනි සංශෝධනය දෙමළ ජාතිවාදයට ජය අත්කර දීම සඳහා එවකට බටහිරයන් සමග එකඟත්වයකට පැමිණ සිටි ඉන්දියාව අප මත බලයෙන් පැටවූ ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විණි. එය ඉදිරිපත් වූ ආකාරය ම නීත්‍යානුකූල නොවන බව වනසුන්දර මහතා පෙන්වා දී ඇත. එතුමා ඇතුළු විනිසුරුවරු හතර දෙනෙක් දහතුනෙන් ඒකීය භාවය නැතිවන බව කියා සිටියහ. ජාතික බලවේග ද එදා ද කියා සිටියේ දහතුනෙන් ඒකීයභාවය නැතිවන බව ය. පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වන ජනතාවගේ පරමාධිපත්‍යය නැතිවන බව ය. වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳූමක් මගින් රටේ ඒකීය බව නැතිවිය. එහෙත් බොහෝ දෙනාට එය අවබෝධ නො වීය. දිවිනැගුම පනත සම්බන්ධයෙන් භ්‍රෙෂ්ඨාධිකරණය දී ඇති තීන්දුවෙන් ජාතික බලවේග එදා කී කරුණු සනාථ වී ඇත.

අද මෙරට ඒකීය රාජ්‍යයක් නැත. දහතුන යනු ෆෙඩරල් ව්‍යවස්ථාවකි. එය ඊළමකට මග පාදයි. අද පාර්ලිමේන්තුවට මුළු ලංකාවට ම බලපාන පරිදි නීති පැනවිය හැකි නො වේ. ඒකීයභාවය පිළිබඳ අවසන් නිර්ණායකය වනුයේ රටටම බලපාන පරිදි කිසිම බාධාවකින් තොරව නීති පැනවීමේ ව්‍යවස්ථාදායක බලය ඇති තනි ආයතනයක් තිබේ ද යන්න ය. පැහැදිලිව ම දහතුනෙන් ඒකීය භාවය අහෝසි කර ඇත. දිවිනැගුම පනතෙන් පෙන්නුම් කෙරී ඇත්තේ එයයි. පළාත්සභාවල අනුමැතිය නොලැබුණහොත් තුනෙන් දෙකේ බලයක් නොමැති ආණ්ඩුවකට සංවෘත ලැයිස්තුවේ සඳහන් නොවන කරුණක් සඳහා මුළු ලංකාවට ම බලපාන පරිදි පනතක් සම්මත කර ගැනීමට නො හැකි ය. දිවිනැගුම පනතෙහි අඩංගු කරුණු කුමක් වුවත් එමගින් ලංකාව ඒකීය රාජ්‍යයක් නොවන බව පෙන්වා දී ඇත. අද ජනතාවට පරමාධිපත්‍යයක් නොමැති බව පැහැදිලි ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයට එය අහෝසි කිරීමෙන් තොරව පැවතිය හැකි නො වේ. පක්‍ෂයේ පැවැත්ම රැඳී ඇත්තේ කසිකබල් මාක්ස්වාදී අදහස් කිහිපයක් කටගාගත් චන්ද්‍රිකාගේ මන්ත්‍රීවරුන් හා කුමාර් රෑපසිංහගේ ජනවේගකරයන් කිහිප දෙනකු මත නොව රටේ ජාතිකත්වය අගය කරන පළල් සිංහල ජනතාවගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවගේ පක්‍ෂපාතීත්වය මත ය. ඒ බව අනෙඛ් අය කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා දැනගත යුතු ය.

අනෙක් අතට දහතුන යනු වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳුමක් පමණක් නොව ඒ වැරදි ප්‍රශ්නය විසඳීමේ දී ගත් ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණක් වෙයි. දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණ සම්බන්ධයෙන් රාමනාදන් පටන්ගත් දෙමළ ජාතිවාදී අරගලයේ එක් පියවරක් වූයේ ඊළම වෙනුවෙන් ඇති වූ දෙමළ ත්‍රස්තවාදය ය. එය නැතිකිරීම සඳහා ප්‍රභාකරන්ට හා දෙමළ ජාතිවාදයට යම් යම් දේ ඊනියා සාම සාකච්ඡා ඔස්සේ දේශපාලන විසඳූම් මගින් දිය යුතු යැයි බටහිරයෝ ද ඉන්දියානුවෝ ද විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීහු ද කියා සිටියෝ ය. ජාතික බලවේග කියා සිටියේ හමුදා ක්‍රියා මාර්ගයකින් දෙමළ ත්‍රස්තවාදය හා ජාතිවාදය පරාජය කළ යුතු බව ය. කළ හැකි බව ය. හමුදා ක්‍රියා මාර්ග ද දේශපාලන විසඳුම් ය. යුද්ධය යනු දේශපාලනය මිස අනෙකක් නො වේ. දහනවවැනි සියවසේ සිට ගලා ආ දෙමළ ජාතිවාදී ඉල්ලීම්, ඒවාට දැක්වූ ප්‍රතිචාර එකම සමස්ත ක්‍රියාදාමයක් පමණකි. එහි ඊනියා දේශපාලන විසඳුම් හා යුද්ධ විසඳුම් වෙන වෙන ම නැත. 2009 මැයි මාසයේ දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණු අතර දෙමළ ජාතිවාදය දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. එය දේශපාලන විසඳුමකි. රාමනාදන්ගේ සිට ප්‍රභාකරන් දක්වා වූ සමස්ත ක්‍රියාකාරීත්වය ද, දෙමළ ජාතිවාදය ද එහි දී දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. දහතුන ද දේශපාලනික වශයෙන් පරාජය කෙරුණු බව අමතක නොකළ යුතු ය. අද දේශපාලනිකව පරාජය කෙරී ඇති දහතුන නීති පොතේ ඇත. නීතිය, සැමදාමත් ඇත්තේ දේශපාලනය, තාක්‍ෂණය ආදිය පිටුපස ය. අද නීතිය යාවත්කාලීන කළ යුතුව ඇත. නීතිය දේශපාලනය සමග එක තලයකට ගෙන ආ යුතු ය. දහතුන අහෝසි කළ යුතු ය. මේ සම්බන්ධයෙන් විදේශවලට අතගැසීමට ඉඩදිය නොයුතු ය. රණවිරුවන් කොටින් පරාජය කළේ විදේශවල ආධාරයෙන් නොවන බව අවධාරණය කළ යුතු ය. නන්දිකඩාල් කලපුවෙන් ආපසු තිම්පු යා නො හැකි ය. නො යායුතු ය. යම් අයුරකින් ප්‍රභාකරන් ජයගත්තේ නම් බටහිරයන් හා රාජ්‍ය නොවන සංවිධාන ද කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුලු විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීන් කුමක් කීමට ඉඩ තිබිණි ද? ඔවුන් දහතුනට ටිකක් එහාට යෑමට කියන්නට තිබිණි ද? නැත එවිට තිබෙනු ඇත්තේ දේශපාලන විසඳුම වූ අවියෙන් පිහිටු වූ ඊළාම ය. ප්‍රභාකරන් දිනූ විට එක් ආකාරයකටත් පැරදුණු විට තවත් ආකාරයකටත් කරයුතු කළ නො හැකි ය. අවුරුදු දෙසියයකට ආසන්න දෙමළ ජාතිවාදයට දේශපාලන විසඳුමක් නන්දිකඩාල් කලපුවේ දී ලැබිණි. එය පමා වී වුවත් නීති පොතට වහාම ඇතුළත් කළ යුතු ය. ඒකීයභාවය නැවතත් තහවුරු කළ යුතු ය.


Sunday, 18 November 2012

සරසවි ඇදුරන්ගේ ව්‍යාජ ඉල්ලීම් හා දෙමළ ජාතිවාදය

අද වන විට සරසවි ඇදුරන්ගේ ඉල්ලීම්වල ව්‍යාජත්වය හෙළිදරවු වී ඇත. මේ වන විට පවත්නා ඇදුරු වර්ජනය 2010 ඔවුන් විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහි දී ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ වැටුප් වැඩිකිරීම ය. එහෙත් 2011 මාර්තු මස පැවති සංකේත වර්ජනයේ දී තවත් ඉල්ලීමක් ඉදිරිපත් විය. එය 6% ඉල්ලීම විය. අද වන විට මෙරට අධ්‍යාපනයේ මහා අර්බුදයක් ඇතැයි කියමින් 6% වටා ජනතාව ඒකරාශි කිරීමේ අසාර්ථක උත්සාහයක ඇදුරු නායකයෝ යෙදී සිටිති. මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් ඇති බවට ගෙනෙන සාක්‍ෂි අතර උපකාරක පංති වටා රොක්වන සිසුන් ද කොළඹ පාසල්වලට සිසුන් ගෙන යන වෑන් රථ ද ඇතැම් පාසල්වල අඩුපාඩුකම් හා ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යෑම ද වෙයි. මේ එකක්වත් අධ්‍යාපනයේ ඇතැයි කියන අර්බුදයට සාක්‍ෂි නො වේ. දැනට අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ රාජකීය විදුහලේ සිසුහු ද උපකාර පංතිවල සහාය පතති. එයින් කියැවෙන්නේ රාජකීය විදුහලේ අධ්‍යාපනය කඩා වැටී ඇති බව ද? දැනට දශක ගණනක් තිසසේ පළල් වූ මධ්‍යම පංතියක් මෙරට වෙයි. මේ මධ්‍යම පංතියට කොළඹ හා නාගරික පාසල්වලට තම දරුවන් යැවීමේ හැකියාව ලැබී ඇත. ඒ අතර අධ්‍යාපනය හා මෙරට ආර්ථිකය අතර කිසිම සම්බන්ධයක් නැත. අධ්‍යාපනය අද පවත්නා ආකාරයෙන් අපට උරුම වී ඇත්තේ දේශීය සම්ප්‍රදායක නොව ඉංගිරිසින්ගේ හා බටහිර නූතනත්වයේ අවශ්‍යතාව පරිදි රැකියාවන්ට සිසුන් පුහුණු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ය. අපේ ආර්ථිකය ද එලෙස ම බටහිර අනුකරණය කිරීමේ දිශාවකට යොමු වී ඇත. අද බටහිර රටවල ද අධ්‍යාපනය හා ආර්ථිකය අතර තිබූ පැරණි සම්බන්ධය බිඳ වැටෙමින් පවතියි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එකල උපාධියක් ලබාගැනීම සඳහා අවුරුදු තුනක් නේවාසිකව ගතකර අදාළ විද්‍යාලවල (විශ්වවිද්‍යාලයෙහි ට්‍රිනිටි ආදී විද්‍යාල) තිබූ ගුරු උපකාරවල පිහිට ලබාගැනීම අවශ්‍ය වූ නමුත් අද තෘතීයික අධ්‍යාපනික සුදුසුකම් වෙනත් ආයතනයකින් ලබාගන්නා සිසුන්ට ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි අවුරුද්දක් පමණක් ගතකර කේම්බ්‍රිජ් උපාධියක් ලබාගැනීමේ හැකියාව ලැබී ඇත. අද බටහිර ආර්ථිකයට අවශ්‍ය වන්නේ ශාස්ත්‍රවන්තයන් (ස්කොලර්ස් යන අරුතින්), ඊනියා විද්‍යාඥයන් ආදීන් නොව වෘත්තීයකයන් ය. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටීමේ ලක්‍ෂණයකි. යුරෝපීය වැඩවසම් ක්‍රමයෙහි බිහි වූ බටහිර විශ්වවිද්‍යාලවලට නූතනත්වයට මුහුණ දීමේ දී වෙනස්කම් කිරීමට සිදු වී ඇත.

බටහිර විශ්වවිද්‍යාලවල ආරම්භයේ සිට ශාස්ත්‍රවන්තයට හා ඊනියා විද්‍යාඥයන්ට අමතර ව නව දැනුම නිපදවූවෝ සිටිය හ. දැනුදු සිටිති. එහෙත් මෙරට විශ්වවි්ද්‍යාල ආයතනය 1921 දී පිහිටුවනු ලැබුයේත් දහනවවැනි සියවසේ දී නීති විද්‍යාලය හා වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබුයේත් හුදෙක් පරික්‍ෂණවලට සිසුන් පුහුණු කරන ආයතන ලෙස ය. 1942 දී මේ ආයතන තුන එක්කර (නීති විද්‍යාලය එසේම පවත්වාගෙන යන අතර) ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබුයේත් පසුව කාර්මික විද්‍යාලය ඇසුරෙන් ඉංජිනේරු පීඨය පිහිටුවනු ලැබුයේත් දැනුම නිර්මාණය කරන්නන් බිහිකිරීමට නොව බටහිරින් ලැබෙන දැනුම ඉගෙන එය අනුකරණය කරන්නන් බිහිකිරීම සඳහා ය. ඒ අතර අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කිරීමට බැරිකම ද වෙයි. ඒ හේතුවල ප්‍රතිඵලය වූයේ ලංකා විශ්වවිද්‍යාලයෙන් බටහිර දැනුම අනුකරණය කරන ශාස්ත්‍රවන්තයන් හා ඊනියා විද්‍යාඥයන් බිහි කිරීම ය. අපේ සම්ප්‍රදායෙහි දැනුම නිර්මාණය කිරීමක් ගැන එකල කිසිවෙක් කතා නො කළහ. අවාසනාවකට විිද්‍යොදය හා විද්‍යාලංකාර පිරීවෙන් විශ්වවි්‍යාල බවට පත්වීමෙන් පසුව ඒ ආයතන ද ලංකා විශ්වවිද්‍යාලය අනුකරණය කර ආයතන පමණක් බවට පත්විය. මෙරට සමස්ත අධ්‍යාපනයෙහි ම ඇත්තේ අපට නොගැලපෙන අධ්‍යාපනයක් අපට ඔරොත්තු නො දෙන ආර්ථිකයක ලබා දීම ය. එහෙත් ඇදුරන්ගේ සමිති නායකයෝ එවැනි අර්බුදයක් ගැන කතා නො කරති. ඔවුන් කතාකරන්නේ ව්‍යාජ අර්බුදයක් ගැන ය. ඇතැම් ග්‍රාමීය පාසල් වැසී යන්නේ ගම්වල දෙමව්පියන්ට ද තම දරුවන් නාගරික පාසල්වලට යැවීමේ හැකියාව ලැබීම නිසා ය. මේ අතර පෙනී යන කරුණක් නම් බටහිර අර්ථයෙන් අද පාසල් දියුණු වී ඇති බව ය. අවුරුදු පනහකට පෙර රාජකීය විදුහලට ද පිහිණුම් තටාකයක් නො වී ය. අද පිහිණුම් තටාක නාගරික පාසල් බොහොමයක ඇති අතර පාසල් සංවර්ධනය මැනීමේ නිර්ණායකයක් බවට පිහිණුම් තටාක පත් වී ඇත. සමස්තයක් ලෙස ගතහොත් අද පාසල්වල ද විශ්වවිද්‍යාලවල ද පහසුකම් වර්ධනය වී ඇත. සෑම දේශනාගාරයක ම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ නැතිවා විය හැකි ය. එහෙත් දක්‍ෂ ගුරුවරයකුට කළු ලෑල්ල හා හුණු කෑල්ල පමණක් ප්‍රමාණවත් වෙයි. අද පරිගණක නැති පීඨයක් විශ්වවිද්‍යාලවල නැත. එහෙත් පරිගණක හා වෙනත් උපකරන ඔස්සේ අප බටහිරට කෙතරම් ගැතිවන්නේ ද යන්න බොහෝ ඇදුරන්ගේ අවධානයට යොමු නො වෙයි. කෙටියෙන් කියන්නේ නම් මෙරට අධ්‍යාපනයේ අර්බුදයක් වෙයි. එය බටහිර අනුකරණය කරන පුහු ශාස්ත්‍රවන්තයන් හා තුන්වැනි පංතියේ විද්‍යාඥයන් බිහිකිරීමට පමණක් අධ්‍යාපනය යොමු වී තිබීම නිසා හටගත්තක් වෙයි. එහෙත් අරසවි ඇදුරන් කතාකරන්නේ එවැනි අර්බුදයක් ගැන නො වේ. ඔවුන්ට අනුව අර්බුදයක් ඇත. ඒ අර්බුදය රජය අධ්‍යාපනයට මුදල් වියදම් නොකිරීම නිසා සිදුවන්නකි. එහෙත් රජය අධ්‍යාපනයට මුදල් වෙන් නොකරන්නේ යැයි පෙන්වීමට ඔවුහු අසමත් වෙති. යුනෙස්කෝ වාර්තාවෙහි කිසි තැනක රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි සඳහන් නො වේ. එසේ සඳහන් වී නැති බව පෙන්වූ විට ඔවුහු අරුම පුදුම තර්කයක් ඉදිරිපත් කරති. එනෙම් යූනෙස්කෝ රැස්වීම්වලට සහභාගිවන්නේ ඒ ඒ රටවල ඇමතිවරුන් බැවින් එහි සඳහන් වන්නේ රජය වියදම් කළ යුතු මුදල් බව ය. යුනෙස්කෝ රුස්වීම්වලට පෞද්ගලික අංශයෙන් සහභාගි නොවීම හේතුවෙන් එවැනි නිගමනයකට පැමිණිය හැක්කේ අනුකාරක පුහු ඇදුරකුට පමණ ය.

ආදායම් නූපදවන රජයේ ආයතනවලින් වැඩිම වැටුපක් ලබන්නෝ සරසවි ඇදුරෝ ය. අද වන විට මහාචාර්යවරයකුගේ වැටුප එක් ලක්‍ෂ පනස්දාහක් පමණක් වෙයි. ඇදුරන් කියන්නේ වැටුප් වැඩිකිරීමෙන් දක්‍ෂයන් විශ්වවිිද්‍යාලවලට බඳවාගත හැකි බව ය. එය පට්ටපල් බොරුවකි. 1993 දී ඇදුරන්ගේ වැටුප 200%කින් පමණ වැඩි වුවත් ඒ හේතුවෙන් බටහිර රටක ජීවත් වූ කිසිවෙක් අප රට විශ්විිද්‍යාලවලට නො බැඳුන හ. ඒ අතර අදත් පර්ිවාස කථිකාචාර්යවරයකු බඳවා ගැනීමේ දී ප්‍රථම පංති සාමාර්ථ දිනාගත් අටදුම්කරුවෝ රාශියක් ඉල්ලුම් කරති. බඳවා ගැනීම හා රඳවා ගැනීමත් වැටුප්් වැඩිකිරීමත් අතර සම්බන්ධයක් නැත. එසේ ඇතැයි කීම ජනතාව මුලාකිරීමට සරසවි ඇදුරන් යොදාගත් උප්පරවැට්ටියක් පමණකි. ඇදුරන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කරගැනීමට නොහැකි වූ විට ඔවුහු 6% හි එල්ලුණහ. මේ ඉල්ලීම සමිති සම්මේලනය ඉදිරිපත් කළේ තම සාමාජිකයන් වූ වෘත්තිය සමිතිවල අදහස් නො විමසා ය. එය සම්මේලනයේ ව්‍යවස්ථාවට ද පටහැණි ය. එබැවින් ම එය නීති විරෝධී ය. අනෙක් අතට වෘත්තීය සමිති අරගලයක් ඇරඹීමෙන් පසු තව තවත් ඉල්ලීම් එකතු කිරීම සදාචාර විරෝධී ය. සම්මේලනයේ නායකයාට සදාචාරයක් නැතිවිට එය එසේ වීම අරුමයක් ද නො වේ. ඊනියා යුනෙස්කෝ වාර්තා ගැන කතාකරමින් ආණ්ඩුව අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නැතැයි බොරු කියමින් ඉදිරිපත් කරන ලද එය ඔවුන්ගේ ඉල්ලීමක් පමණක් නො වී ය. ඉල්ලීම පිටුපස පරාජිත දේශපාලනඥයෝ වූහ. එ ජා පක්‍ෂ ආණ්ඩු තිබූ සමයෙහි රජය අධ්‍යාපනයට වෙන්කරන ලද මූදල් අඩු වූ නමුත් එ ජා ප නායකයෝ නිර්ලජ්ජිතව 6% ඉල්ලූහ. පාසල් ගිනිතබා ඇදුරන් හා සිසුන් මරා අධ්‍යාපනය කඩා කප්පල් කළ ජ වි පෙ නායකයෝ ද අධ්‍යාපනය දියුණු කිරීමට යැයි කියමින් 6% වටා එල්ලුණ හ. තම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම යුක්තියුක්ත කිරීමට නොහැකි වූ ඇදුරෝ විජාතික බලවේගවල මෙහෙයවීමෙන් ජනතාව ආකර්ෂණය කරගැනීම සඳහා වෘත්තීය සමිති අරගලය ආරම්භ කර ටික කලක් ගත වීමෙන් පසුව සදාචාර විරෝධී ව 6% ඉල්ලුහ. මෙරට විජාතික බලවේග ඇදුරන් හරහා ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව පැහැදිලි විය. ඔවුහු අධ්‍යාපනයෙහි නැති අර්බුදයක් මවා පෑහ. විජාතික බලවේගවලට අවශ්‍ය වූයේ මළ කඳන් ය. අරාබි වසන්තය ඔවුන්ගේ ආදර්ශය විය. ඔවුහු මාස තුනක් තිස්සේ වැඩවර්ජනයක් ගෙන යෑමට ඇදුරන්ට උපකාර කළහ. පැහැදිලිව ම අද ඇදුරු සම්මේලනයට බාහිර අරමුදල් ලැබෙයි. බාල තම්පෝ ප්‍රසිද්ධියේ ම ඇදුරන්ට රුපියල් ලක්‍ෂ පහක් දී ඇත. අප්‍රසිද්ධියේ දී ඇති අරමුදල් කවරේ ද? මේ අරමුදල් පිළිබඳ කිසිම පාරදෘශ්‍යභාවයක් නැත. රජය මේ අරමුදල් පිළිබඳ විමසා බැලිය යුත්තේ මෙය හුදෙක් වෘත්තීය සමිති අරගලයක් නොවීම නිසා ය. විජාතික බලවේග සරසවි ඇදුරන් පිටුපස සිටින්නේ ඇයි? ඇතැම් ඇදුරෝ විශේෂයෙන් ම ඇදුරියෝ අධ්‍යයනික වසන්තයක් ගැන කතා කළේ අරාබි වසන්තය සිහිකරමිනි.

විජාතික බලවේගවලට අවශ්‍ය මේ ආණ්ඩුව වැට්ටවීම ය. එයට හේතුවක් වෙයි. ඒ වෙනත් කිසිවක් නොව මේ ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ය. බටහිරයෝ අරාබිකරයේ වේවා ආසියාවේ වෙනත් තැන්වල වේවා තමන් කැමති නැති ආණ්ඩු පවත්වාගෙන යෑමට අවස්ථාව නො දෙති. අද බටහිරයෝ හා මෙරට විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බලයෙන් පහකිරීමට කටයුතු කරති. කටුනායක සිද්ධිය එහි පළමු අවස්ථාවේ විය.  එහි දී මිනිස් බිල්ලක් ගත් නමුත් එය දිගින් දිගට නො ගියේ ය. අද මේ බලවේග සිංහල බෞද්ධ සංස්කෘතිය මැඩලීම සඳහා ඇදුරන් යොදා ගනියි. ඇදුරු සම්මේලනයේ සභාපතිවරයා පසුගිය අවුරුදු පහළොවක පමණ කාලයක ක්‍රියාකර ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව ය. කිසිසේත් ම යුක්තියුක්තකළ නොහැකි ඉල්ලීම් පදනම් කරගනිමින් නැති අර්බුදයක් මවාපාමින් හැකිනම් ජනතාව ආකර්ෂණය කරමින් බටහිරයන්ගේ අණට කීකරු නොවී ත්‍රස්තවාදය පැරදවූ ආණ්ඩුව වැට්ටවීමට බටහිර බලවේග හා මෙරට විජාතික සිංහල විරෝධී බලවේග අද ඇදුරන් යොදාගනියි. අද සම්මේලනයේ නායකයෝ තම සමිති නොවිමසා ම තම ව්‍යාජ ප්‍රශ්නය එක්සත් ජාතින්ගේ සංවිධානයට ගෙන යති. මේ නායකයන්ට අවශ්‍ය කුමක් දැයි ඉතා පැහැදිලි ය. දෙමළ ජාතිවාදය දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නිසා ඇතිවූවක් නොවන බවත් බටහිරයන් නිර්මාණය කළ එකක් බවත් අපි කීවෙමු. අද එය සනාථ වී ඇත. එලෙස ම ඇදුරන්ගේ ප්‍රශ්නය ද ව්‍යාජ ප්‍රශ්නයක් බවත් එහි පිටුපස ඇත්තේ විජාතික බලවේග බවත් පැහැදිලි ය. ඇදුරන්ගේ ප්‍රශ්නය ව්‍යාජයක් වුවත් ආණ්ඩුව සමග සම්බන්ධ ඇදුරන් තිදෙනක් ආණ්ඩුව නොමග යවමින් සම්මේලනයට නොයෙකුත් දේ ලබාදීමට පසුගිය කාලයේ කටයුතු කළහ. අද ඔවුන්ගෙන් එක් අයකු හැළී ඇත. එමෙන් ම අද ආණ්ඩුව දන්නා කරුණක් නම් ඒ ඇදුරන් දෙදෙනා ආණ්ඩු නොමග යැවූ අය බව ය. අධ්‍යාපනය සඳහා ආණ්ඩුව හැකි ප්‍රමාණයෙන් මුදල් වියදම් කරයි.  ආණ්ඩුවට අධ්‍යාපනයට පමණක් නොව වෙනත් කටයුතු සඳහා ද මුදල් වැය කිරීමට සිදුවෙයි. ඉන් ප්‍රධාන ම එක වනුයේ රටේ ආරක්‍ෂාව ය. අද විජාතික බලවේග විසින් මෙහෙයවෙන සම්මේලනයේ නායකයන්ට අවශ්‍ය ඊනියා 6% ගැන කියමින් හැකිනම් ආරක්‍ෂක අමාත්‍යාංශයට වෙන් කරන මුදල් අඩු කිරීම ය. අද ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි සම්මේලනයේ ඉල්ලීම් ව්‍යාජ ඒවා වීමත්, අර ඇදුරන් දෙදෙනා ආණ්ඩුවේ කපටි ආරක්‍ෂයන් බව ආණ්ඩුව තේරුම් ගැනීමත්, තවත් දිය හැකි දෙයක් නැතිවීමත්, සම්මේලනය අධ්‍යාපනයේ ව්‍යාජ අර්බුදයක් මවාපාමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බව ආණ්ඩුව දැන් දන්නා නිසාත් ය. නීති විරෝධීව ඇදුරන් උසස් පෙළ ඇගයීම්වලින් වළක්වන සම්මේලනය අද පෞද්ගලික ආයතනවල දේශන පැවැත්වීමට ඇතැම් වර්ජිත ඇදුරන්ට ඉඩ දී ඇත. අවුරුදු හතළිහක් පමණ කාලයක් තිසසේ ඇදුරු වර්ජනවලට විරුද්ධ වූ සිංහල බෞද්ධ විරෝධී ඇදුරෙක් අද වර්ජනයට සහාය දෙමින් විශ්වවිද්‍යාල වසා තැබීමට අනුබල දෙන්නේ එමගින් තම ආයතනයට සිසුන් බඳවා ගැනීමට ය. ඇදුරු නායකයන්ට අද තම නිරුවත වසාගැනීමට නොහැකි වී ඇත.

Saturday, 22 September 2012

ජයලලිතාගේ ඉලක්කය

ජයලලිතා තරුණ කල සිනමා නිළියක වූවා ය. එහෙත් අද ඇය චිත්‍රපටිවල රඟපෑමක් නො කරයි. කෙසේ වුව ද ගැහැණු පිරිමි භේදයකින් තොරව දේශපාලනඥයෝ ද නළු නිළියෝ වෙති. නළු නිළියන්ට දේශපාලනඥයන් වීම හෝ දේශපාලනඥයන්ට නළු නිළියන් වීම හෝ ප්‍රශ්නයක් නො වේ. ඒ කෙසේ වුවත් අද ජයලලිතා කරන්නේ කුමක් ද යන්න වැදගත් ප්‍රශ්නයක් වෙයි. ජයලලිතා යනු ඉන්දියාවේ අගමැතිනිය නො වේ. ඇය සෝනියා ගාන්ධි ද නො වේ. ඇය තමිල්නාඩුවේ මහ ඇමතිනිය පමණක් වෙයි. එහෙත් ඇය එයින් සෑහීමකට පත්වීමට අකමැති බව පැහැදිලි ය. ඇයගේ කැමැත්ත තමිල්නාඩුවේ අගමැතිනිය වීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඇයට තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය ය. ඒ අතින් ඇය කරුණානිධිගෙන් වෙනස් වෙයි. කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදීන්ට ආධාර කළමුත්, කරනමුත් ඔහුට තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය නො වේ. තමිල්නාඩුවට ඉන්දියාවෙන් වෙන්වීමට නොහැකි බව කරුණානිධි දනියි. එහෙත් ජයලලිතාගේ සිහිනවලට සීමාවක් නැත.

පසුගිය දා ඉන්දියාවේ සිදුවූයේ ලංකාවට විරුද්ධ දේටත් වඩා ඉන්දියාවට විරුද්ධ දේ ය. එහි දී ඒ සියල්ල කෙරුණේ ජයලලිතාගේ අවශ්‍යතාවට ය. ඇය අපේ හමුදාවේ දෙදෙනකුට හමුදා පුහුණුව නොදී ආපසු යැවිය යුතු යැයි ප්‍රකාශයක් කළා ය. එහෙත් ඉන්දියාවේ පුවත්පත්වලට අනුව එය අපේ හමුදාවේ දෙදෙනකුට දුන් පුහුණුවක් නො වේ. වෙනත් රටවලින් ද ඉන්දියාවට ගොස් සිටි ඒ ඒ රටවල හමුදා සෙබළුන් සමග ලංකාවෙන් ගිය අය ද පුහුණුවකට සහභාගි වී ඇත. ඉන්දියාවේ පුවත්පත් පැවසූ ආකාරයට ලංකාවේ හමුදාවෙන් එහි ගිය අයට තුවක්කු පාවිච්චි කරන්නේ කෙසේ දැයි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉන්දියාවට නො වී ය. එහෙත් ජයලලිතා එය තම ඉලක්කය කරා යෑමට යොදා ගත්තා ය. ලංකාවේ ද ඉන්දියාවේ ද වෙනත් බොහෝ ආසියාතික රටවල ද විපක්‍ෂ දේශපාලනඥයන් ක්‍රියාකරන්නේ එකම ආකාරයට ය. ඔවුහු ඉතා නග්නව බලයට පත්වීමට උත්සාහ කරති. ජයලලිතා තමිල්නාඩුවේ මහ ඇමතිනිය වුව ද ඇයගේ ඉලක්කය අනුව හා ඉන්දියාව සමස්තයක් ලෙස ගත්කල විපක්‍ෂ දේශපාලනඥියකි. බටහිර රටවල විපක්‍ෂ දේශපාලනඥයන් හා හිතවතුන් ක්‍රියාකරන්නේ සියුම්ව ය. එහෙත් අපේ රටවල එසේ නො වේ. පසුගිය දා ගුරු සේවයේ කිසිම වගකීමක් නැති වෘත්තීය සමිතියක් පහේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණය අවලංගු කිරීමට උද්ඝෝෂණය කළේ ප්‍රශ්න පත්‍රයක් පිට වී ඇතැයි කියමිනි. එය හුදෙක් ආණ්ඩුවට පහර දීමක් විය. ප්‍රශ්න පත්‍ර පිටවීම බොරු්වක් බව පැහැදිලි ය. ඉසෙඩ් ලකුණු අවුල ඇති කළේ ද ගුරු සංගමයක් හා තටිල් මහතා ය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව තටිල් ක්‍රමයට පටහැණි ය. එහෙත් ඒ බව කීමට එදා කෑ ගැසූ කිසවෙක් ඉදිරිපත් නො වෙති. විපක්‍ෂය හා විපක්‍ෂයට හිතවත් සංවිධාන ක්‍රියා කරන්නේ එසේ ය. සරසවි ඇදුරන්ගේ ඊනියා 6% ද ව්‍යාජයක් පමණ ය. එය කාගේ යෝජනාවක් ලෙස පසුගිය වසරේ දී වෘත්තීය සමිති අරගලය අරඹා කලක් ගතවීමෙන් පසුව ඉල්ලීම්වලට එක්වුණ ද අද ඒ වටා ආණ්ඩු විරෝධීන් එකතු කිරීමට ජ වි පෙ හා එ ජා ප උත්සාහ දරයි. වකුගඩු රෝගය ද අද දේශපාලන පක්‍ෂ විසින් දේශපාලන අරමුණු සඳහා යොදාගනු දැකිය හැකි ය. අප මනුෂ්‍ය නොවන බලවේග මගින් රෝගයට හේතුව ආසනික් බව කියද්දී මේ කොයි කවුරුත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක හිර වී අපට සිනහසුනහ. අප ඒ ප්‍රශ්නය ඉදිරිපත්කර ඒ සඳහා ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන තෙක් මේ අය සිටියේ කොහේ ද? අද ද ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක බටහිර වෛද්‍ය ක්‍රමයෙන් රෝගයට ප්‍රතිකාරයක් දිය හැකි නො වේ. ’

ජයලලිතා තමිල්නාඩුවට ගොස් සිටි පාපන්දු කණ්ඩායමක් ආපසු ලංකාවට එවුවා ය. ජාතික හෝ වෙනත් ආකාරයකින් හෝ විශාල වැදගත් කමක් ඇති කණ්ඩායමක් නොවූ තරුණ පාපන්දු ක්‍රීඩකයන් පිරිසකට වැදගත් කමක් දීමට ජයලලිතාට එමගින් හැකිවිය. ඉන්දීය පුවත්පත්වලට අනුව ජයලලිතාගේ ක්‍රියාව නොවන්නට ඒ කණ්ඩායම ඉන්දියාවට පැමිණි බවවත් ඉතා වැඩි පිරිසක් නොදැන සිටීමට ඉඩ තිබිණි. ඉන්පසු යාඥා කිරීම සඳහා ලාංකික කිතුණු බැතිමතුන් පිරිසක් තමිල්නාඩුවේ වේලන්කන්නි පල්ලියට ගිය අවස්ථාවේ කොටි හිතවාදීන් යැයි කියාගන්නවුන් පිරිසක් ඔවුන්ට හිරිහැර කර තිබිණි. ලාංකික කතෝලික බැතිමතුන්ට තාන්ජාවුර්හි පූණ්ඩිමාතා පල්ලියට ගිය අවස්ථාවේ දී ද ඊනියා කොටි හිතවාදීන්ගේ තර්ජනවලට මුහුන පෑමට සිදු වී ඇත. යාඥාකරුවන් ත්‍රිචි ගුවන් තොටුපළට විශේෂ බස්රියවලින් ගමන් ගනිද්දී ද බස්වලට පහර දී ඇත. ඉන්දීය පුවත්පත්වලට අනුව යම් සන්දර්ශනයකට සහභාගි වීමට තමිල්නාඩුවේ පාසලකට ගිය ලාංකික කතෝලික ශිෂ්‍ය කණ්ඩායමකට එයට සහභාගි වීම තහනම් කෙරී ඇත. මේ එකක්වත් ජයලලිතා නොදැනුවත් ව සිදු වූ දේ නො වේ. එහෙත් ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිටියේ යැයි කීමට නො හැකි ය. කෙසේ වුවත් ඉන්දීය රජය තමිල්නාඩුව සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් නො ගැනීම නම් විවේචනය කළ යුතු ය. ලංකාවෙන් ඉන්දියාවට යෑමට වීසා දෙන්නේ ඉන්දීය රජය මිස තමිල්නාඩුව වැනි ප්‍රාන්තවල ආණ්ඩු නො වේ. ඉන්දියාව වීසා දීමේ දී අදාළ ගමන් බලපත්‍රය හිමියාගේ ආරක්‍ෂාව ගැන ද අවශ්‍ය පරිදි පියවර ගැනීමට බැඳී ඇත. එහෙත් තමිල්නාඩුවට ඇති බිය නිසා ම දෝ ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව කිසිවක් කර නැත. මේ සියළු කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු ය. ඉන්දියාවට ඇතුල් වීමට ඉන්දීය රජයෙන් වීසා ලබා ඇති අයකුට එරටට ඇතුල් වීමට ඉඩ නොදීමට ජයලලිතාට ඇති අයිතිය කුමක් ද?

මේ ප්‍රශ්නයේ දී මෙරට විපක්‍ෂ දේශපාලන පක්‍ෂ හැසුරුණේ බලය ලබාගැනීමේ කෑදර කමින් මිස දේශප්‍රේමී මහඟු ක්‍රියාවක් සිදු කරන ආකාරයෙන් නො වේ. ඔවුහු ඒ සිද්ධි සම්බන්ධයෙන් ද මෙරට රජය විවේචනය කළහ. නන්නත්තාරගත වී ඇති එක් දේශපාලනඥයෙක් ද අළුත් නමකින් පැරණි පක්‍ෂයක් ලබාගෙන ව්‍යාජ ජාතිකත්වයක් ඇතිව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට වරද පැටවීමේ නිවට උත්සාහයක නිරත විය. ජයලලිතා ඉලක්ක සපුරා ගැනීමට යන විට මෙරට ආණ්ඩුවට කළ හැක්කේ ඉවසීමෙන් කටයුතු කිරීම පමණ ය. මෙහි දී කතෝලික සභා නායකයෝ නියම තැනට ප්‍රශ්නය එල්ල නොකර අවශ්‍ය අයට ආණ්ඩුවට විරුද්ධ ව නිවට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී දියාරු ප්‍රකාශයක් නිකුත් කළහ. තමිල්නාඩුවේ තන්ජාවුර් ප්‍රදේශයේ දී අතවරයට ලක් වු ලාංකිකයෝ සියල්ලෝ ම පාහේ කතෝලිකයෝ වුහ. එහෙත් ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට මායක පූජකවරු ඉදිරිපත් නො වූහ.

යාඥා කිරීිමට ගිය පිරිසට තර්ජනවලින් හා ගැරහුම්වලින් බේරී ඒමට අවස්ථාවක් සැපයීමට ඉන්දිය රජය ගත් පියවර කවරේ ද? මේ සිද්ධි පිටුපස ඉන්දීය රජය ඇතැයි අපි විශ්වාස නො කරමු. එහෙත් ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව දැඩි පියවරක් නොගත්තේ ය. ඉන්දියාව කටින් මිස ක්‍රියාවෙන් අපේ මිතුරු රටක් නො වේ. කලකට පෙර කොටින්ට තමිල්නාඩුවේ ද වෙනත් ප්‍රදේශවල ද ආයුධ පුහුණුව ලබාදීමට කටයුතු කළේත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඉන්දු ලංකා ගිවිසුම අප මත බලයෙන් පැටවූයේත් පළාත් සභා බලහත්කාරයෙන් පිහිටවූයේත් ඉන්දීය රජය ය. ඉන්දියාව හා කරුණානිධි ලංකාව සම්බන්ධයෙන් ගත්කළ දෙමළ ජාතිවාදයට ආධාර කළ ද ඉන්දියාවේ දී දෙමළ ජාතිවාදයට පක්‍ෂපාත නැත. අද ජයලලිතා තැත්කරන්නේ ඉන්දියාවේ ද දෙමළ ජාතිවාදය පැතිරවීමට ය. එමගින් තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට ය. ලංකාවේ ඊළම පිහිටුවීමට ජයලලිතා ආධාර කරන්නේ ඒ මත පදනම් ව ලංකාවේ ඊළම හා තමිල්නාඩුව එක්කර ඇගේ මහා ඊළම පිහිටුවීමට ය. අද ඉන්දියාවට දිට්ඨධම්මවේදනීය කර්ම ඵලය පිළිබඳ සේයාවක් වැටී ඇත. ඉංගිරිසින් යටතේ තිබූ ඉන්දියාවේ මුල්ම බෙදුම්වාදී කණ්ඩායම ඇතිවූයේ දළ වශයෙන් ගත්කළ අද තමිල්නාඩුව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ය. දෙමළ බසේ ශ්‍රෙෂ්ඨත්වයක් ගැන කියමින් දෙමළ ජාතිවාදයක් ඉන්දියාවේ ඇතිකිරීමට මුල් වූවෝ එරට දෙමළ කතෝලික පූජකවරු ය. වෙන ම රාජ්‍යයක් ඇතිකිරීමේ වුවමනාව අද ද ජයලලිතා ඇතුළු ඇතැමුනට ඇත. නිසි වේලාව පැමිණියහොත් ඉන්දියාව පාවා දෙමින් බටහිරයන් ඉන්දියාවේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට පක්‍ෂ ව කටයුතු කරනු ඇත.

මේ සියල්ල හමුවේ අපේ රජයට කල්පනාකාරීව කටයුතු කිරීමට සිදුවෙයි. ජයලලිතාගේ ඉලක්කය කුමක් වුවත් කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදයට ආධාර දුන්නත්, කේරළය කර්නාටක ආන්දූ ප්‍රදේශ් යන ද්‍රවිඩ ප්‍රාන්තවල ජනතාව දෙමළ ජාතිවාදයට විරුද්ධ වෙති. පුරාණයේ අප රැකී සිටිමට ප්‍රධාන හේතුවක් වූයේ සිංහල රජවරුන් චේර හා පාණ්ඩ්‍යයන් සමග පැවැත්වූ සබඳතාව ය. අද ද අප උපක්‍රමශීලීව කේරළ කර්ණාටක හා ආන්ද්‍ර ප්‍රදේශ් සමග ද මහාරාෂ්ට්‍රය ද බිහාර් වැනි බෞද්ධයනට වැදගත් වූ ප්‍රාන්ත සමග ද සම්බන්ධතා පැවැත්විය යුතු ය. කේරළයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු සහිතව උප තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගත් තීරණය වැදගත් ය. එවැනි කාර්යාල ඉන්දියාවේ අදාළ ප්‍රාන්තවල පිහිටුවීමට කටයුතු කළ යුතු ය. ඉන්දියාව යනු සමජාතීය රාජ්‍යයක් නො වේ. ඉණ්දියාවේ ඉංගිරිසින් පැමිණීමට පෙර ඒකීය රාජ්‍යයක් තිබී නැත. අද ඉන්දියාව යම් පමණකට වුවත් එකට බැඳී ඇත්තේ ක්‍රිකට් හා හින්දි සිනමාව ඔස්සේ ය. ඉන්දීය රජය දෙමළ ජාතිවාදයට ආධාර කළත් බටහිරයන් ඉන්දියාව පිටුපස සිටියත් අප චීනය දෙසට තල්ලු විය යුතු නො වේ. චීනය ද අද දුෂිත රටකි. අද එහි බලයේ ඇත්තේ සංස්කෘතික විප්ලවයේ දී බටහිර නූතනත්වය වෙනුවෙන් ක්‍රියාකළ අයගේ දරුවන් ය. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ගත කරන කාමසුඛල්ලිකානු ජීවිත ගැන ඉඳහිට දැනගන්නට ලැබෙයි. ලැබෙන ප්‍රවාෘත්තිවලට අනුව නම් එහි නායකයන් අතර තාවෝවාදය අද අභාවයට යමින් පවතියි. ඉන්දියාවේ ද නායකයෝ හා ඊනියා උගතුන් සහිත මධ්‍යම පංතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පසුපස යති. එහෙත් චීනයේ හා ඉන්දියාවේ අතිමහත් බහුතර ජනතාව තවමත් එසේ නොවීම ලෝකයේ ම යහපතට හේතුවෙයි. අද චීනය ද බලන්නේ ආසියාවේ අනෙක් රටවල් තම අණසක යටතේ තබා ගැනීමට ය. කිසිම රටකට නොබැඳී දෙමළ ජාතිවාදය පරාජය කිරීමටත් රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත් අපට හැකි විය යුතු ය. අප ජයලලිතාගේ බලලෝභී බෙදුම්වාදී දේශපාලනය හඳුනාගෙන කටයුතු කළ යුතු ය. අප ඇයට කිසිම ඉඩක් දිය යුතු නො වේ.


Sunday, 5 August 2012

මෙරට දෙමළ සංස්කෘතිය නැති කිරීම

අවුරුදු පනස්දෙකකට පමණ පසුව පසුගිය සතියේ යාපනය, කිලිනොච්චිය මුලතිව් ප්‍රදේශවල සංචාරයක යෙදීමේ අවස්ථාව මට ලැබිණි. ඒ ප්‍රදේශවල දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය එයට දේශපපාලන නායකත්වය දුන් ජනාධිපතිතුමාටත් එයට අවශ්‍ය සියළු කටයුතු ඉදිරි දැක්මකින් යුක්තව කලමණාකරණය කළ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් හිමිවෙයි. එහෙත් රණවිරුවන්ගේ කැපකිරීම, දක්‍ෂතාව, ජාති වාත්සල්‍යය ආදී ගුණ නොමැතිව එය කිසිසේත්ම ඉටු නොවනු ඇත. අප කලින් සිතා සිටියේ මේ ජයග්‍රහණයට අපෙන් ද යම්කිසි දායකත්වයක් වූ බව ය. එහෙත් රණවිරුවන් හමුවේ අප හිරු දුටු කදෝපැණියන් බව මා අත්දුටුවේ ඒ ප්‍රදේශවල කරන ලද සංචාරයෙන් පසුව ය. අපේ ඊනියා කාර්යභාරයක් ගැන කතාකිරීමට පවා අප පෙළඹීම ගැන මම දැන් ලජ්ජා වෙමි. ඒ ප්‍රදේශ දෙමළ ත්‍රස්තවාදයෙන් මුදාගෙන දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ගේ අසළකටවත් පැමිණීමට විශ්වවවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් ඊනියා විශේෂිත පුද්ගලයන් ලෙස මහා උජාරුවෙන් අගය කෙරෙන ආචාර්ය මහාචාර්යවරුන්ට නො හැකි ය. මෙරට විශේෂිත පුද්ගලයෝ අන් කවරකුවත් නොව රණවිරුවෝ ය. රණවිරුවන් විසින් කර ඇති සේවය (එය සේවයක් නො වේ. ඒ උදාර කාර්යය විස්තර කිරීම සඳහා මට වචනයක් නැත) හමුවේ උදාර නොව උදර සේවයෙහි යෙදෙන ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් හා ඊනියා පර්යේෂණ තඹ දොයිතුවක්වත් නො වටී. රණවිරුවන්ගෙන් අති මහත් බහුතරය විශ්වවිද්‍යාලයකට පය ගසාවත් නැත. නිලධාරි මට්ටමේ බොහෝ දෙනා ද (නිලයන්) විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් නොලැබුවෝ වෙති. ඒ මානව සම්පත පුහුණු කෙරුණේ සම්මත අධ්‍යාපන ක්‍රමයෙන් පිටත ය. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් දෙමළ ත්‍රස්තවාදය හා ඊනියා ජාතික ප්‍රශ්නය ගැන ලියූ අය අතරෙන් ආචාර්ය නිර්මාල් දේවසිරි ඇතුළු බහුතරය කියා සිටියේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බව ය. ඔවුහු සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊනියා ආධිපත්‍යයක් ගැන ලිවූහ. විශ්වවිද්‍යාලවලින් පුහුණු කෙරෙන ඊනියා මානව සම්පත් මගින් පසුගිය අවුරුදු හැත්තෑවක කාලය තුළ (ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ආයතනය ද ගතහොත් අවුරුදු අනූවක පමණ කාලයක්) රටට සිදු කර ඇති සේවය කුමක් ද? මේ ඊනියා මානව සම්පත අද රටේ දුෂණවලට හා අකර්මණ්‍යයට දේශපාලනඥයන්ට ද වඩා වගකිව යුතු ය. ඒ ඊනියා සම්පත නොවන්නට රටට යම් භාග්‍යයක් උදාවීමට ඉඩ තිබිණි. විශ්වවිද්‍යාලයීය ඇදුරන්ට තරම් මුළු වැටුප් වැඩිවීමක් රාජ්‍ය අංශයේ කිසිම ක්‍ෂෙත්‍රයක සිදු වී නැත. ඔවුන්ට සත පහක වැටුප් හෝ දිමනා වැඩිවීමක් නොකළ යුතු ය. ආණ්ඩුවට වැඩිපුර මුදල් ඇත්නම් කළ යුත්තේ රණ විරුවන්ගේ සුභ සාධනයට ප්‍රතිපාදන වෙන් කිරීම මිස දළ ජාතික නිෂ්පාදිතය ගැන හෝ දළ ගෘහස්ථ (දේශීය) නිෂ්පාදිතය ගැන හෝ හයක් හතරක් නොදත් කිසිම නිර්මාණශීලීත්වයක් නොමැති අනුකාරක සරසවි ඇදුරන්ට තව තවත් දීමනා ගෙවීම නො වේ. ඔළුව ඉදිමී ඇති මොවුන්ට මොවුන් විසින් එතරම් උගතකු ලෙස නොසැලකෙන ඇමති එස් බී දිසානයක මහතා පසුගිය දා දළ ගෘහස්ථ නිෂ්පාදනය ගැන මූලික පාඩමක් ඉගැන්වී ය. අනුකාරකයන් බටහිරයන්ගේ මතිමතාන්තර දෙසාබාද්දී රණවිරුවෝ තම නිර්මාණශීලීත්වය විදහා පාමින් ත්‍රස්තවාදය පරාජය කළහ. ඔවුහු බටහිරයන්ගේ ආධාරයෙන් අවසානයේ දී නන්දිකඩාල් කලපුව ඔස්සේ මුලතිව් වෙරළින් පැන යෑමට සැලසුම් කළ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී අවසාන සටනේ දී අපායට යැවූහ.

කිලිනොච්චි ප්‍රදේශය වත්මන් සංවර්ධන ආකෘතියෙහි ගමන් අරඹා ඇත. පුදුකුඩුඉරිප්පු හා අවට ප්‍රදේශවලට චෙල්වනායගම්ලා ප්‍රභාකරන්ලා කර ඇති විනාශය වෙනුවට වත්මන් සංවර්ධනයක් ඇතිකිරීමට තරමක කාලයක් ගතවනු ඇත. බටහිරයන්ගේ ආධාර අනුග්‍රහ ලැබූ ප්‍රභාකරන්ලාගේ කෙරුවාව එතරම් ම දරුණු ය. යාපනය නගරය හා අවට තවමත් ඇත්තේ හැත්තෑවේ් දශකයේ මුල යැයි කිව හැකි ය. මේ ප්‍රදේශවල කළ යුතු කාර්යයන් බොහෝමයක් වෙයි. එහෙත් බටහිර සංවර්ධනයක් ඔස්සේ මේ ජනතාව දිනගත හැකි යැයි මම නො සිතමි. ආණ්ඩුවට වෙනත් සංවර්ධන ආකෘතියක් දැනට නොමැති බැවින් බටහිර සංවර්ධන ආකෘතිය පසුපස යෑම වරදක් නො වේ. එහෙත් චෙල්වනායගම් ඉදිරියට පැමිණියේත් ප්‍රභාකරන්ට මග පෑදුවේත් ජී ජී පොන්නම්බලම්ගේ කර්මාන්ත ප්‍රතිපත්තිය යටතේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, නැගෙනහිර පළාතේ විවිධ කම්හල් ඇතිකිරීම මධ්‍යයේ බව අමතක නොකළ යුතු ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුවට හා රණවිරුවන්ට අද දෙමළ ජාතිවාදය පරාජය කිරීම සඳහා බුද්ධිමත් ව කටයුතු කිරීමට සිදු වී ඇත. ගැමුණු රජු එළාර රජු පරාජය කර තම සතුරා වෙනුවෙන් ස්මාරකයක් ඉදි කළේ ය. එළාර රජු ද්‍රවිඩ වී යැයි මම නො සිතමි. ඒ කෙසේ වෙතත් ඔහු ධාර්මිෂ්ඨ වී යැයි මහාවංසයේ සඳහන් වෙයි. ඔහුගේ ඊනියා ධර්මිෂ්ඨ බව, ගැමුණුගේ ඊනියා දුෂ්ට බව මහරජ ගැමුණු කෘතියෙහි සඳහන් ආකාරයට ඔහුගේ පුරෝහිතයාගේ සටකපට ප්‍රචාරාත්මක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් විය හැකි ය. එහෙත් එළාර රජු පිටුපස විදේශිකයෝ නො වුහ. එමෙන් ම ගැමුණු රජු බෝධිසත්වයකු වේ යැයි කියැවේ. ප්‍රභාකරන් වෙනුවෙන් ස්මාරකයක් ඇති කළ යුතු යැයි විශ්වවවිද්‍යාලයේ හෝ ඊනියා රාජ්‍ය නොවන ආයතනයක පඬියකු යෝජනා කළහොත් අප ඒ ගැන පුදුම විය යුතු නැත. මේ පුස්සන් දන්නා එකම දෙය බලය බෙදීම හා බලය බෙදීම පමණ ය. එහෙත් මේ ඊනියා බලය බෙදෙන්නේ වෙල්ලාලයන්ට බවත් එය අවසානයේ දී ඊළමක් සඳහා ම යොමු වන බවත් ජනතාවට ලැබෙන බලයක් නොමැති බවත් පුහු පඬියෝ නො කියති. හැරත් ප්‍රභාකරන් පැරදවීමට නොහැකි යැයි කී පඬියන් පුනරුච්චාරණය කරන බටහිර පඬිවදන් බටහිර අසත්‍ය ප්‍රවාද මත පදනම් වී ඇති බව අප අමතක නොකළ යුතු ය.

අද පඬියන්ගේ ඊනියා කතිකාවත යුද්ධය දිනීමට හැකි වූ ආණ්ඩුවට ඊනියා සාමය දිනාගත හැක්කේ නොහැකි මන්ද යන්න ය. සාමය දිනාගෙන ඇත. එහෙත් සාමය පවත්වාගෙන යෑමට බටහිරයෝ ද පඬියෝ ද ඉඩ නො දෙති. ඒ සඳහා බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතිවාදී නායකයෝ ද යොදා ගැනෙතිි. යාපනයේ හා අනෙක් ප්‍රදේශවල සංචාරය කරද්දී මට පෙනී ගිය කරුණ වූයේ පොන්නම්බලම් රාමනාදන්, අරුණාශලම්, ජී ජී පොන්නම්බලම්, චෙල්වනායගම්, අමිර්තලිංගම් ප්‍රභාකරන් ආදීන් දෙමළ ජනයාගේ අභිමානය මරා දමා ඇති බව ය. සිංහලයන්ගේ සංස්කෘතිය, අදීනත්වය හා අභිමානය මරා දැමීමට දෙමළ ජාතිවාදය බිහිකර ත්‍රස්තවාදයක් බිහිකළ බටහිරයන් අවසානයේ දී කර ඇත්තේ දෙමළ ජනතාව විනාශ කිරීම ය. අද සම්බන්ධන් දෙමළ ජනයාගේ සංස්කෘතියත් මරා දැමීමට සැරසෙයි. ඔහු නූතන චෙල්වනායගම් කෙනෙකි. ඔහු දෙමළ ජනතාවගේ ඊනියා අයිතීන් දිනාගැනීම සඳහා යැයි කියමින් විසුරුණු දෙමළ ජනයා හා වෙල්ලාලයන් වෙනුවෙන් තවත් දෙමළ තරුණ තරුණියන් පිරිසක් බිලි දීමට අහිංසා සටන් කිරීමට සැරසෙයි. ජනයා සහභාගි කරගනිමින් කරන ඊනියා අහිංසා සටන් නැත. අහිංසාව ආයුධයට විරුද්ධ නිරායුධ උපක්‍රමයක් බවට පත්වන්නේ තනි පුද්ගලයකු අතින් ඒ කෙරෙන්නක් නම් පමණකි. එවැන්නකු ගැන කිවහැක්කේ බුදුන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. මහාත්මා ගාන්ධි ද ඊනියා අහිංසාව මගින් සිදු කළේ ජනතාව හිංසාවට පෙළඹවීම ය. චෙල්වනායගම් ද එසේම ය. සම්බන්ධන් ද එසේම වනු ඇත. මේ අයගේ සිංහල බෞද්ධ විරෝධය තවමත් සංසිඳී නැත. බටහිරයෝ ද, විසුරුණු දෙමළ ජනයා ද, සම්බන්ධන් වැනි දෙමළ ජාතිවාදී නායකයෝ ද සාමාන්‍ය දෙමළ ජනයා සිංහලයන්ට විරුද්ධව මෙහෙයවීමට උත්සාහ කරති. මොවුන්ට අවශ්‍ය තවත් ඊනියා යුද්ධයක් ද? එමගින් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යවා සිංහලයන්ට ආර්ථික තහංචි පමුණුවා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කීිම ද? මොවුහු සිංහල බෞද්ධයන්ගේ යුද හැකියාව තවමත් නො දනිත් ද? අසවේදෝලාගේ සිට ටොරිංටන්ලා දක්වා නූගත් පාඩම හිලරි ක්ලින්ටන්ලා, කැමරන්ලා ඉගෙන ගනීවි යැයි සිතිය හැකි ද? සම්බන්ධන්ලා බටහිරයන්ගේ අනුග්‍රහයෙන් සූදානම් වන්නේ දෙමළ සංස්කෘතිය විනාශ කිරීමට ය. උතුරු හා නැගෙනහිර පළාත්වලින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලා චෙල්වනායගම් අනුගමනය කරමින් ඊනියා අහිංසා සටන්වල යෙදීමට මේ දෙමළ ජාතිවාදී නායකයෝ බලාපොරොත්තු වෙති. ඒ අතර වවුනියා හිර කඳවුරේ ද්‍රස්තවාදී හිරකරුවෝ කැරළි ගසති. සම්බන්ධන් කියන්නේ කොටි ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කරන ලෙස ය. ගොනා හැරෙන්නේ කුමකටදැයි යන්න පිළිබඳ ව සිංහලයෝ දනිති.

මෙරට හමුදා කඳවුරු තිබිය යුත්තේ කොතැනක දැයි තීරණය කරන්නේ ජනාධිපතිතුමා, ආරක්‍ෂක අමාත්‍යාංශය හා හමුදාව ය. අද අනුරාධපුරයේත් වෙනත් ප්‍රදේශවලත් හමුදා කඳවුරු වෙයි. ඒවා ඉවත්කිරීමට උද්ගෝෂණ නැත. අද උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදාව නොවන්නට ඉතිරි වී සිටින කොටි ත්‍රස්තවාදීන්, කොටි සිරකරුවන් ද සමගින් නටන්නට යන නැටුමේ පසුබිම් වාදනය එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගෙනි. හමුදා භටයන්ට උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ තවත් බොහෝ කාර්යයන් සිදු කිරීමට ඉතිරි වී ඇත. බිම් බෝම්බ ඉවත් නොකෙරුණු ප්‍රදේශ එමට ය. එසේ බිම් බෝම්බ ඉවත් කෙරෙන්නේ ඉතා සෙමින් ය. ඒ කුමක් වුවත් දෙමළ ජාතිවාදය නැති කරනතුරු හමුදාව ඒ පළාත්වල තබාගත යුතු ය. දෙමළ ජාතිවාදය තිබෙනතාක් සාමයක් නැත. සාමය පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන්නේ දෙමළ ජාතිවාදීන් ය. බටහිරයෝ දෙමළ ජාතිවාදය පවත්වාගෙන යති. ඒ කෙරෙන්නේ මූලික වශයෙන් ම විසුරුණු දෙමළ ජනයා හා සම්බන්ධන්ලා යොදා ගෙන ය. සම්බන්ධන්ලාගේ දෙමළ ජාතිවාදය පරාජය කරන තෙක් හමුදාව උතුරේ හා නැගෙනහිර පවත්්වාගෙන යා යුතු ය. එසේ නොමැති වුවහොත් සම්බන්ධලා දෙමළ තරුණ තරුණියන් පිරිසක් බිල්ලට දී ඉහත කී ප්‍රදේශ ලේ විලක් බවට පත්කර මෙරට දෙමළ සංස්කෘතිය නැති කරනු ඇත.


Wednesday, 22 February 2012

දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව

දෙමළ ජාතිවාදයට අද අවශ්‍ය කුමක් ද? දහතුන ද? ඉන් ඔබ්බට ද? එසේත් නැත්නම් දෙමළ ඊළමක් ද? දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව තීරණය වන්නේ එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් අතිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුවත් දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීමට හැකි වුවත්, දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ එය බටහිර රටවල් අතින් පෝෂණය වන බැවිනි. අද සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සංධානයට තනිව ම දේශපාලනිකව කළ හැකි දෙයක් නැත. එහෙත් බටහිරයන් විසින් රැකෙන ඔවුහු බටහිරයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිති. දෙමළ ජාතිවාදය ආරම්භයේ සිට ම පෙනී සිටියේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බැවින් මෙහි අමුත්තක් ද නැත. ලන්දේසීහු දහහත්වැනි සියවසේ කෘෂිකාර්මික කම්කරුවන් වූ ද දෙමළ හින්දු කුල ධුරාවලියේ ශුද්‍රයන් වූ ද වෙල්ලාලයන් තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල වෙරළින් මෙරටට ආනයනය කළ දිනයේ සිට ඔවුන් සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. එහි පළමු පියවරක් ලෙස වෙල්ලාලයන් හින්දු කුල ධුරාවලියේ වෛශ්‍ය තත්වයට ද වඩා උසස් කරනු ලැබූහ. මෙරට හින්දු සමාජය අවසාන විග්‍රහයේ දී ව්‍යුහාත්මක ව සකස් කෙරී ඇත්තේ සිංහල කුල ක්‍රමය දෙස බලා මිස ඉන්දියාවේ කුල කුමය බලාගෙන නො වේ. එහෙත් එයට ඉන්දියාවේ දරුණු කුල පීඩනය එකතු වී ඇත. එම කුල පීඩනය පසුව සිංහල සමාජයට ද ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිත සමයන්හි දී එකතු වී ඇත. ඒ කෙසේ වෙතත් ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ පාලන සමයෙහි ඉහළට ඔසවනු ලැබූ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ද කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් ම පැවත ආවෝ වෙති. ලන්දේසීන් හා පසුව විශේෂයෙන් ම ඉංගිරිසින් රටේ නායකත්වයට වෙල්ලායන් පත්කිරීමට උත්සාහ ගත්තේ සිංහලයන්ට පහර ගැසීමට ය. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන නැති කිරීමට ලන්දේසිහු ද ඉංගිරිසිහු ද වෙල්ලාලයන් යොදාගත්හ. දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇතිකළ දිනයේ සිට මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූයේ කෙසේ ද යන්න ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.

මේ ජාතිවාදය මුල දී රටේ ම නායකත්වයට වෙල්ලාලයන් පත්කිරීමට කටයුතු කළත් එයට ඉඩක් නොමැති බව 1947 ප්‍රථාම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව චෙල්වනායගම් දැනගත්තේ ය. දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවට අයත් වූ ඔහුු ඉන්පසුව ක්‍රියා කළේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණකම් වී ඇතැයි කියමින් දෙමළ ජනයාගේ ඊනියා වාසභුමි යැයි කියූ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. ඔහු ඒ සඳහා 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ද පිහිටුවා ගත්තේ ය. එය පිහිටුවා ගත්තේ සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරගත් 1956ටත් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් 1972ටත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී මාධ්‍යය මත ප්‍රමිතිකරණයකට ලක්කෙරීම නිසා දෙමළ ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදුවිණි යැයි කී 1972ටත් පෙර බව දෙමළ ජාතිවාදීන්ටත් පඬියන්ටත් අමතක වී ඇත. 1976 දී සියළු දෙමළ හා මුස්ලිම් පක්‍ෂ එකතු කරගත් චෙල්වනායගම් උග්‍ර සිංහල විරේාධී සංවිධානයක් පිහිටුවා ගෙන අපකීර්තිමත් වඩුකොඩේ යෝජනාව සම්මත කරගත්තේ ය. එහි දී දෙමළ ජාතිවාදීහු එතෙක් තමන් පදනම් වූ මතවාද කුමානුකූලව ගොනුකර ගැනීමට ද සමත්වූහ. ඔවුන්ට අනුව දෙමළ ජනයා වෙන ම ජාතියක් වූ අතර, අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ පදිංචි වී සිට ඇතෂ සිංහල ජනයා පසුව පැමිණ දෙමළ ජනයා බලයෙන් පහකර රාජ්‍යත්වය ලබාගෙන ඇතෂ පසුව උතුරු හා නැගෙනහිර පළාත්වලට සීමා වූ දෙමළ ජනයා එහි වෙන ම රාජ්‍යයක්, විභේෂයෙන් ම උතුරු පළාතේ පවත්වාගෙන ගොස් ඇතෂ පෘතුගීසීන් පෑමිණෙන විට මෙරට දෙමළ රාජ්‍යය ද ඇතුළු ස්වාධීන රාජ්‍යය කිහිපයක් තිබූ නමුත් අවසානයේ දී ඉංගිරිසින් ඒ සියල්ල එකතුකර ලංකාවේ ප්‍රථම වරට ඒකීය රාජ්‍යයක් බිහිකර ඇතෂ ඒ ඒකීය රාජ්‍ය ඉංගිරිසින් සිංහලයන්ට භාර දී ආපසු ගිය අතර සිංහලයන් (සිංහල ආණ්ඩු) දෙමළ ජනයාට අසාධාරණකම් රාශියක් කර ඇතෂ උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභූම්ය වන අතර සිංහලයන්ගෙන් එය නිදහස් කර ගැනීමට කාලය පැමිණ ඇතෂ මේ අදහස් 1976 ට පෙර ද තිබී ක්‍රමයෙන් විකාශය වී වඩුකොඩේ යෝජනාවට ගොනුකර තිබිණි. මේ සියල්ල අසත්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පසුව පැමිණි යැයි කියන සිංහලයන්ට ඉන්දියාවේ වංගය - බෙංගාලය, කාලිංගය –- ඔරිස්සාව ආදී ප්‍රන්ත සමග වැඩි සම්බන්ධයක් තිබිය යුතු වූ නමුත් අදත් තමිල්නාඩුව සමග සම්බන්ධකම් පවත්වන්නේ දෙමළ ජනයා ය. මෙරට තිබූ එක්සේසත් රාජ්‍යය ගැන කිසිම සඳහනක් නොකිරීමට දෙමළ ජාතිවාදීහු වගබලා ගත්හ. අප මේ බොහොමයකට පිළිතුරු දී ඇති අතර තවත් අය ද තමන්ගේ එකතු කිරීම් කර ඇත.

බටහිරයන්ගේ අනුග්‍රහය ඇතිව ඉන්දියාව අප මත පළාත් සභා ඇටවූයේ ප්‍රශ්නය දෙමළ ජාතිවාදීන් සූත්‍රගත කළ ආකාරය මත පදනම් වෙමිනි. දෙමළ ජාතිවාදීන් කියා සිටි එක කරුණකටවත් සිංහලයෝ එකඟ නො වුහ. එයට එකඟ වූ අය සිංහලයන් අතර සිටියේ නම් ඔවුහු කසිකබල් මාක්ස්වාදීන්, සත පහක වටිනාකමක් හෝ සමාජ බලපෑමක් හෝ නැති පශ්චාත්නූතනවාදීන් හා පශ්චාත්මාක්ස්වාදීන්, ඊනියා ලිබරල්වාදීන්, බටහිර රාජ්‍ය මගින් තම මත ප්‍රචාරය කිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටවු ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, බටහිරයන්ගේ ම අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ ඊනියා සිවිල් සංවිධාන, (ග්‍රාම සංවර්ධන සමිති, කුලඟන සමිති ආදී අව්‍යාජ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන දුර්වලකර හරිනු ලැබිණි), ඊනියා භාෂණ නිදහස වෙනුවෙන් බටහිර මුදලින් පෙනී සිටියවුන්ගේ සංවිධානවල, ඇතැම් ජනමාධ්‍යවේදීන් යැයි කියාගත්තවුන් ආදීන් අතර වූහ. ඔවුන්ට සමාජයේ කිසිම බලපෑමක් කිරීමට නොහැකි වුවත් සිංහල විරෝධි සතිඅන්ත කසිකබල් පුවත්පතක්, ක්‍ෂණික නූඩ්ල්ස් වැනි ක්‍ෂණික පුවත්පත් සාකච්ඡා, ලිප්ටන් වටරවුමේ හා කොටුව දුම්රිය ස්ධානය ඉදිරිපිට ක්‍ෂණික උද්ඝොෂණ (පපඩම් සාකච්ඡා හා පපඩම් උද්ඝෝෂණ) ආදී උප්පරවැට්ටි ඔස්සේ ජනමාධ්‍යවල පෙනී සිටියහ. මුළු රටෙන් ම ඡන්ද පනස්දාහක් ගත නොහැකිව බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරන සංවිධානවලට ජනමාධ්‍යයෙහි ලැබෙන තැන කිසිසේත් ම සමානුපාතික නියෝජනත්වයක් යැයි කිවහැකි නො වේ. මේ පුස්සන්ගේ පක්‍ෂපාතකම් පැත්තක තබා ඉන්දු ලංකා ප්‍රෝඩා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වූහ. එහෙත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රියාත්මක විණි. 75% ක සිංහල බහුතරයක් අමතක කර පළාත් සභා සාර්ථක කරගැනීමට ඉන්දියාව, බටහිරයන්, දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගෙන් වැටුප් හෝ වෙනත් ආධාර හෝ ලබන ඉහත සඳහන් පුස්සන් වෙර විරිය කළ නමුත් එසේ කරගැනීමට ඔවුන්ට නොහැකි විය. එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවශ්‍යතාව මත නෝර්වේ හා ස්වීඩනය ඊනියා සාම සාකචිඡා ඔස්සේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා එක් පැත්තකින් ඉටුකළ අතර අනෙක් පැත්තෙන් බටහිර රටවල් දෙමළ ත්‍රස්තවාදීන්ට ආයුධ හා මුදල් ලබා දුනි. එහෙත් සිංහල බහුතරය ඒ එකකින්වත් පරාජය කිරීමට දෙමළ ජාතිවාදයට හා බටහිරයන්ට හා ඉන්දියාවට නොහැකි විය. අවසානයේ දී ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි අයකු ලෙස කියැවුණු මතය ද පරාජය කළ සිංහලයෝ දේභපාලනික ව පළාත් සභා ද කොටි සංවිධානය සමග නන්දිකඩාල් කලපුවේ ගිල්ලවූහ.

එහෙත් අද තවමත් බටහිරයන්ගේ අවශ්‍යතාව හා අනුග්‍රහය මත දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා හා සම්බන්ධන්ලා මෙහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙති. අද කළ යුත්තේ හැකිනම් පළාත් සභා මුළුමනින් ම අහෝසි කිරීමය. එසේ නොහැකි නම් ඉඩම් හා පොලිස් බලතල නොදී් සෞඛ්‍ය හා අධ්‍යාපන බලතල ආපසු ලබාගත යුතු ය. අද අධ්‍යාපන ඇමතිතුමා පාසලෙන් ඉතිහාසය අයින්කිරීමට යන බව සැළ ය. ඒ 1972 දී කළ වරදක් නැවත කිරීම ය. පරිසරය ජාතික උරුමය සමග පටලවා නොගත යුතු ය. කළ යුත්තේ ඉතිහාසය හා ජාතික උරුමය එකතු කිරීම ය. අධ්‍යාපන ඇමති තරමට ජාතිකත්වයක් නැති ඇමතිවරුන් කෙසේ ක්‍රියාකරන්නේ දැයි අපට සිතාගත හැකි ය. අද මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරු කී දෙනෙක් වෙත් ද? නන්දිකඩාල් කලපුවේ දී දුන්නේ දේශපාලන විසඳුම බව අප පුන පුනා කියා ඇත. හමුදා මෙහෙයුමකින් ලබන ජයග්‍රහණ යනු දේශපාලන විසඳුම් වෙයි. සම්බන්ධලා මේ බව දනිති. ඔවුන් නැවතත් දහතුනෙන් එහා යෑමට කතාකරන්නේ වෙනත් අරමුණකිනි. අද සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නන්ට ද, දෙමළ ජාතිවාදීන්ට ද, පුස්සන්ට ද, ජනරළට හා ජ වි පෙට ද අවශ්‍ය එක් දෙයක් පමණකි. කලබල, උද්ඝෝෂණ, වර්ජන ආදිය ඇතිකර ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට කියමින් බටහිරයන්ට ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට පටහැණි ක්‍රියාමාර්ග ගන්නා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට උදව් කීිරීමට ය. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැක්කේ එය අධිකරණය ඉදිරියේ ඇති බැවිනි. එහෙත් ඔහු ද 2009 ජුනි මාසයෙන් පමණ පසු මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදී සම්බන්ධන්ලාට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණයට යැවීමට ය. ඔවුන්ට සරත් ෆොන්සේකා ඒ අධිකරණයට යැවීමට අවශ්‍ය නැත. දෙමළ ජාතික සංවිධානය අද දහතුනට ඔබ්බට යෑමට උත්සාහ දරන්නේ ඒ ඔස්සේ චෙල්වනායගම් ක්‍රමයේ සත්‍යග්‍රහ මගින් කලබල ඇතිකර ආණ්ඩුව පෙරළා දැමීමට ය. ඒ අතර් ඔවුහු කලබල ඇති කිරීමට ජනරළ හා වෙනත් කණ්ඩායම්වල ද ආධාරය පතති. මහින්ද රාජපක්‍ෂ මහතාට විකල්පයක් වී නම් මෙරට මේ වන විටත් මාලදිවයිනක් ලිබියාවක් බවට පත්කර අවසාන ය.