Main Logo

Sunday 31 March 2024

ජනාධිපති පොරය

 

ජනාධිපති පොරය

 

අද තරම් ව්‍යාකූලත්වයක් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙන කිසි දා තිබී ඇතැයි හිතන්න බැහැ. රනිල් අද හෙට පාර්ලිමේන්තු මැතිවරණයකට එකඟ වේය කියා හිතන්න බැහැ. ඔහුට මේ පාර්ලිමේන්තුව හොඳයි. මේ පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධ කිසිවක් කරන එකක් නැහැ. මේ පාර්ලිමේන්තුවට වෙනත් ජනාධිපතිවරයකු ගැන එකඟත්වයකට පත් වෙන්න බැහැ.

Saturday 30 March 2024

අනුර හා අරුන්

 

අනුර හා අරුන්

 

මෝදිදාස් කැනඩාවට ගිහින් මෝදිට ඕන ප්‍රකාශ කරලා. අරුන් සිද්ධාර්ථන් ඒවට උත්තර දීල. පළමුවැනි කොටුවෙ තියෙන සබැඳියෙන් අරුන්ට අනුරට සවන් දෙන්න පුළුවන්. අරුන් ජා පක්‍ෂයට ගිය එක ඇත්ත. ඒත් ඔහු තම ජාතික ප්‍රතිපත්තිය වෙනස් කරගෙන නැහැ. මෝදිදාස් වි පෙරමුණ ඔළුවෙන් හිටවලා. ටිල්වින් කියනවා වි පෙ ප්‍රතිපත්ති හා ජා ප්‍රතිපත්ති අතර වෙනසක් නැහැ කියලා. කියන්නෙ වි පෙරමුණත් දැන් පළාත් සභාවලට පක්‍ෂ කියන එක ? ටිල්වින්ලා ලාල් කාන්තලා තවමත් වි පෙරමුණේ , ජා බලවේගයෙ , දෙකේම , දෙකෙන් එකකවත් නැද්ද?

Friday 29 March 2024

දැනුම

 දැනුම

මොටා මෙටා පඬි නැට්ටකු කියා තිබුණා
භූදේශපාලන යථාර්ථය දේශපාලන මනෝවිශේලේෂණය
දත් අයට සැලැස්ම (ඊනියා කුමන්ත්රණ) කතාව
අලුත් දෙයක් නොවේය කියා.
පොඩි ප්රශ්නෙකට තියෙන්නෙ බටහිර දැනුමෙ කෙළ පැමිණි
පඬි නැට්ටන්ට ඊයෙ පෙරේදා වෙනකම්
බටහිර සැලැස්ම ගැන කිසිවක් කියන්න බැරි වීම.

මා නොදත් කුමන්ත්‍රණය දැන සිටි අය

 

මා නොදත් කුමන්ත්‍රණය දැන සිටි අය

 

මට විවිධ අය කියනවා විමල් වීරවංශ හා සේන තෝරදෙණිය ඊනියා කුමන්ත්‍රණය ගැන ලියා ඇති පොත් කියවන්න කියා. සමහර විට ඔවුන්ට අවශ්‍ය දෙදෙනාගේ දැනුමෙන් මා පෝෂණය කරන්න වෙන්න පුළුවන්. දෙදෙනා ගුණදාස අමරසේකරන්ගේ සම්භාවනාවට පත් වූ වාමවාදී ජාතිකවාදීන්. මා ඔවුන් මෙන් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා මාක්ස්වාදය සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කරන්නෙක්. නූගත්කම නිසා හරි සමාජවාදයක් හරියන්නෙ නැහැ කියා හිතන නිසා හරි වෙන්න ඇති. කෙසේ නමුත් පිටරටක ඉඳිමින් පොත් කියවීමට මට පිනක් නැහැ. මට මගේ නොදැනුමෙන් එහාට යන්න බැහැ.

Thursday 28 March 2024

පරගලය

 පරගලය

මා කියන්නේ හිතලු පමණයි.
මට තොරතුරු සපයන්නන් නැහැ.
ඊනියා අරගලය පරගලයක් (පර+අරගලය)
ලෙස හැඳින්වීම තොරතුරු සමග තහවුරු වෙලා.
එපමණයි.

කථානායකගේ වගකීම

 

කථානායකගේ වගකීම

 

සරත් හේවගේ පෙන්නා දී ඇති පරිදි මේ වනතුරු පාස්කු පුරාණය ලිපියට හා හා දමා නැහැ. ඉන් පැහැදිලි වන කරුණක් තියෙනවා. මෙරට තියෙන ක්‍රිස්තියානි ආධිපත්‍යය. ක්‍රිස්තියානි සංස්කෘතියට වැදගත් ලිපියක් පළ වුණා එය විහිළුවට ලක් කෙරෙන්නේ නැහැ. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට යම් ආකාරයකින් හරි අදාළ වෙන දෙයක් පළ කරා පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් හා තවත් අය, ඇතැම් විට ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය එය විහිළුවට ලක් කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ තම පොතේ මෙරට සිංහල බෞද්ධයන් දෙවැනි පෙළේ රටවැසියන් කියන්නේ ඇයි දැයි හා හා වලින් පැහැදිලි වෙනවා.

Wednesday 27 March 2024

පාස්කු පුරාණය

 

පාස්කු පුරාණය

 

මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැය පහක ප්‍රකාශයක් ලබා දීල. ඒකෙ මොනවද තියෙන්නෙ කියන එක රටවැසියන් දන්නෙ නැහැ. ගැන පොලීසිය විමර්ෂණය කරල නීතිපතිගෙන් උපදෙස් අරන් රටට කියන්න ඕන මොනවා කියන එක අධිකරණයට නඩුවක් ගොනු කරනවා ආදිය පස්සෙ තීරණය කරන බවයි පේන්න තියෙන්නෙ. කියන්න තරම් දෙයක් නැහැ කියලත් නඩුවක් නැහැ කියලත් තීරණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් තව කවුරු හරි මොකක්වත් ප්‍රකාශයක් කරනකම් අපටත් කාදිනල්තුමාටත් එතුමාගේ අගසවු දෙනමටත් බලා ඉන්න වෙනවා. ඒත් මට කියන්න ඕන ඒක ගැන නොවෙයි.

Tuesday 26 March 2024

බලපෑම්

     බලපෑම්

තමන්ට ජනාධිපති වන ලෙස බලපෑම් කළ
විදෙස් තානාපතිවරු/නියෝජිතයන්
තමන්ට ජනාධිපති වන ලෙස බලපෑම් කළ
විදෙස් තානාපතිවරු/නියෝජිතයන්
නම් කිරීම කථානායකවරයාගේ  යුතුකමක්.
රටවැසියන් ඒ දැන ගත යුතුයි.

රටවැසියන් ඒ දැන ගත යුතුයි.රටවැරටවැසියන් ඒ දැන ගත යුතුයි.සියන් ඒ දැන ගත යුතුයි.නම් කිරීම කථානායකවරයාගේ  යුතුකමක්.
රටවැසියන් ඒ දැන ගත යුතුයි.

සිරීපාදෙ රැකගැනීම

 

සිරීපාදෙ රැකගැනීම

 

මේ සංධාන කාලයයි. මැතිවරණ උණුසුමක් දැනෙන විට විවිධ සංධාන හැදෙනවා. එහෙත් සංධාන හැදෙන්නේ රට ජාතිය ගැන සිතා නො වෙයි. තමන්ට ඡන්ද වැඩි පුර ලබා ගැනීමට. එක්කෝ ජනාධිපති වෙන්න. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට. සමහරු සංධානවලට එන්නේ නැහැ. තමන් ගැන තියෙන අධිතක්සේරුව නිසා.

Monday 25 March 2024

මෛත්‍රිපාලගේ දේශපාලන ඉරණම

 

මෛත්‍රිපාලගේ දේශපාලන ඉරණම

 

මෛත්‍රිපාල ගැන මට ඇත්තේ අනුකම්පාවක්. එසේ කීම ගැන උරණ වන පිරිසක් ඉන්න බව මා දන්නවා. එහෙත් ඔහු අද එළිමහන් සිරකරුවකු වෙලා. ඔහුට විරුද්ධ නඩු තීන්දුවක් තියෙනවා. ඔහුට රුපියල් කෝටි ගණනක් ගෙවීමට නියම වුණා. ඔහු ඕනෑම මොහොතක අත් අඩංගුවට ගන්න හැකියාවක් තියෙනවා. ඔහු ජීවත් වන්නේ බියෙන් කියා මට හිතෙනවා.

Sunday 24 March 2024

කථානායකවරයාගේ හෙළිදරවුව

 

කථානායකවරයාගේ හෙළිදරවුව

 

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා ඉතා බරපතළ හෙළිදරවුවක් කළා. තමාට විදේශීය හා දේශීය බලපැම් තිබුණ බවටත් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමටත් කී බව ඔහු කියා සිටියා. මෙය ඉතාමත් බරපතළ ප්‍රකාශයක්. පරගලය හා සම්බන්ධ බටහිර හා ඉන්දීය සැලැස්ම මේ ප්‍රකාශය මගින් හෙළිවෙනවා. තමන් ගෝඨාභය එළවූ බවක් කියන පඬි නැට්ටන්ට මේ සියල්ල අතුල් පහරක්. මට  තොරතුරු ලැබෙන්නේ නැහැ. සිද්ධි දාමය ගැලපීමෙන් කතාවක් හදාගන්න එක පමණයි මා කරන්නේ. බටහිර සැලැස්ම ගැන කියන්නේත් කිවුවේත් එලෙසයි.

Saturday 23 March 2024

පාස්කු උණ

 පාස්කු උණ

මෛත්රීපාලට හදිසියේ පාස්කු උණ
හැදුනේ කා වෙනුවෙන් ද?
උණ ගැන්නුවෙ කවුද?

අරුන් එජාපයට යෑම බලාපොරොත්තු නොවූවක් නොවේ

 

අරුන් එජාපයට යෑම බලාපොරොත්තු නොවූවක් නොවේ

 

නැකැත් ගැන මා ලියූ ලිපියේ මට අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ කරුණු දෙකක්. එකක් සිංහල සංස්කෘතියේ විවිධත්වය අනුව අවුරුදු නැකැත් සීට්ටු කිහිපයක් තිබිය හැකි බව. අය අවශ්‍යතාව මත සීට්ටු තෝරා ගනීවි. ජාතික සමගිය එක් නැකැත් සීට්ටුවක් පමණක් තිබීමෙන් ඇති කරන්න බැහැ. දෙවැනි කරුණ අවුරුද්ද ලබන මොහොත නිර්වචනය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව. සමහර විට අවුරුද්ද ලබන මොහොත සූර්යයා අස්විද නැකැතට පැමිණීම සමග සම්බන්ධ කරන්න තිබුණා. ඔය නැකැත් විසිහත නම් අපේ නිර්මාණ (සංස්කරණ). නම්වල පරිවර්තිත ස්වභාවයක් නැහැ. එහෙත් සුපුරුදු පරිදි ප්‍රතිචාර දැක්වූ අය වෙන කරුණු බදාගෙන. ඇතැමුනට පැය දොළහකට වඩා බඩගින්නේ ඉන්න බැහැ වගේ කතා. ඇතැමුනට ඊනියා පරිනාම කතා. සංස්කෘතියත් අනෙක් හැම දේ වගේ වෙනස් වෙනවා. අමුතුවෙන් කියන්න ඕන නැහැ.

Friday 22 March 2024

නැකතේ කතාව

 

නැකතේ කතාව

 

සිංහල අවුරුදු නැකැත් හෙවත් නකත් ගැන ග්‍රහ යුද්ධයක් ඇති වෙලා. ඒත් අහසෙ නොවෙයි ලංකාවෙ. ගැන කතා කරන්න ඉස්සෙල්ල  නකත් ගැන වචනයක් කියන්න ඕන. අප බොහෝ දේ භාරතයෙන් ලබා ගෙන තියෙනවා. ඒත් සමහර දේ අපේ නිර්මාණ නැත්නම් සංස්කරණ එහෙමත් නැත්නම් අභිසංස්කරණ. නකත් හා ශූන්‍යයට සංකේතයක් ලබා දීම අපේ වැඩ හැටියටයි මට හිතෙන්නෙ. ශූන්‍ය ගැන කී දේ එහෙම නැත්නම් හිතලුව වැඩ කරනවාද කියා බලන්න වාතාවරණයක් නැහැ. සඳහා අවශ්‍ය මුදල් ලබා ගන්න විධියක් නැහැ.

Thursday 21 March 2024

මගේ හිතලු හා සුගීශ්වරගේ අත්දැකීම්

 

මගේ හිතලු හා සුගීශ්වරගේ අත්දැකීම්

 

ගෝඨාභය රාජපක්‍ෂ ගැන මා ලියන්නේ හිතලු බව එක් පඬි නැට්ටකු කියා තිබුණා. මා ගෝඨාභය මුණ ගැසී ඇත්තේ දින දෙක තුනක් පමණයි. වචන සීයක් විතර කතා කර ඇති. මා ලියන්නේ හිතලු බව ඇත්තයි. ඒත් මා කී බොහෝ දේ ගෝඨාභය රාජපක්‍ෂගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරත් සාකච්ඡා වාර දෙකක දී කියා තිබුණා. හිතලු වැඩ කරනවා කියා බැලීමයි කෙරෙන්න ඕන. තවත් අයකු මෙසේ කියා තිබුණා.

Wednesday 20 March 2024

වඩුන්නාගල පාර්ලිමේන්තුවේ

 

වඩුන්නාගල පාර්ලිමේන්තුවේ

 

දෙමළ වෙල්ලාල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අඩව්වක් අල්ලලා. ඔවුන් තමන්ට බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ ශිවලිංග සහිත හින්දු කෝවිල් ඉදි කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමට විරුද්ධ කතානායක ඉදිරියේ විරෝධය දක්වලා. සජිත් ප්‍රේමදාසත් මන්ත්‍රීවරුන්ට එකතු වෙලා. මා හිතන්නෙ නැහැ ඔහුගේ පියාණන් එවැන්නක් කරාවි කියා. මාලිමාව ගැන මුනිවත රකින්නේ උතුර දකුණ හොයා ගැනීමට බැරි වීම නිසා.

Tuesday 19 March 2024

ඩොලර් ඉපයීම

 

ඩොලර් ඉපයීම

 

මේ දවස්වල ඩොලරයේ අගය බහිනවා. ඊයේ (මාර්තු 18) ඩොලරය රුපියල 300 බැහැලා. එය රනිල්ගෙ හරි නන්දලාල්ගෙ හරි නොපෙනෙන ඉන්ද්‍රජිත් කුමාරස්චාමිගෙ හරි හපන්කමක් නම් නො වෙයි. අපි ණය ගෙවන්නෙ නැහැ. එතකොට ඩොලර් සංචිතය ඉහළ යනවා. ඩොලරයේ අගය වැටෙනවා. කවදා හරි ණය ගෙවන්න වෙනවා. ඒක 2027 දී ඊට පස්සේ කියන එක නොවෙයි ප්‍රශ්නය. නොගෙවා ඉන්න කාලෙට පොලිය එකතු වෙන්නෙ නැද්ද? කියන්නෙ අවසානයේ දි අපි වැඩියෙන් ගෙවනවා ? රනිල් 2027 වෙනකම් ජනාධිපතිවෙලා ඉන්න ගැටයක් ගහනවා ? 2027 වන විට ඔහුට වයස අසූවට කිට්ටුයි. කාලයෙහි ඔහු දෙමළ වෙල්ලාලයන්ට බලය බෙදන්න සූදානම් වෙනවා ?

Monday 18 March 2024

අපි අලුත් අදහස් නැති ජාතියක්

 

අපි අලුත් අදහස් නැති ජාතියක්

 

මෙරට ඇත්තේ අලුත් අදහස් නැති කමේ ප්‍රශ්නයක්. බොහෝ දෙනා හිතන්නේ තමන්ට අදහස් තියෙනවා කියා. මා මොටාවට ශිෂ්‍යයකු ලෙස ගියෙ 1963 ජූනි මාසයේ. අවුරුදු හැටකට වැඩියි. මොටාවෙ අලුත් අදහස් තිබුණේ නැහැ. දැනුත් නැහැ. 1960 පමණ කාලයේ සිට මට අවශ්‍ය වුණෙ විද්‍යාඥයකු වෙන්න. විද්‍යාඥයන් කියන්නෙ විද්‍යාව ටිකක් කටගාගත් අය නො වෙයි. මා උපාධියට හැදෑරුවෙ ගණිතය. ඒත් එය ගණිත පාඨමාලාවක් නොවෙයි. එකල තිබූ බිරිතානි ක්‍රමය අනුව මෙරට ගණිතය කියා කිවුවෙ ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට. අපට උපාධි අවසාන පරීක්‍ෂණයට ප්‍රශ්න පත්‍ර අටක් තිබුණා. පළමු වසරෙන් පසු අපට විභාග තිබුණෙ අවසාන පරීක්‍ෂණය. අවුරුදු තුනක් ගණිත විශේෂ පාඨමාලාව හැදෑරීමෙන් පස්සෙ පැය තුනේ ප්‍රශ්න පත්‍ර අටකින් සියල්ල විනිශ්චය කළා. කියන්නෙ අවුරුදු තුනක වැඩ පැය විසි හතරකින්.

Sunday 17 March 2024

යථාර්ථය

 යථාර්ථය

ලිඳ ළඟ කතා වතුර පයිප්පය ළඟ කතා
මෙටා මොටා කතා
පඬි නැට්ටන්ට හා ඇතැම් ජාතිකවාදීන්ට
ඊනියා භූ දේශපාලන යථාර්ථය
ලිබියාව වැනි රටවලට මිස
ලංකාවට නොවෙයි.

බටහිර හා ඉන්දීය සැලැස්ම

 

බටහිර හා ඉන්දීය සැලැස්ම

 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලියා පළ කළ කුමන්ත්‍රණය කෘතිය මා කියවූයේ සිංහලෙන්. එය සමහර විට ඉංගිරිසි කෘතියේ පරිවර්තනය වෙන්න පුළුවන්. කෙසේ නමුත් සිංහල පිටපත කඩිමුඩියේ කළ එකක් බව පැහැදිලියි. මෙය කෘතිය සම්බන්ධ කෙටි සටහනක් පමණයි. මෙහි ඇති අදහස් පසුව විටින් විට ඉඩ ලැබෙන පරිදි විස්තර කෙරෙනු ඇති.