Main Logo

Saturday 23 March 2024

අරුන් එජාපයට යෑම බලාපොරොත්තු නොවූවක් නොවේ

 

අරුන් එජාපයට යෑම බලාපොරොත්තු නොවූවක් නොවේ

 

නැකැත් ගැන මා ලියූ ලිපියේ මට අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ කරුණු දෙකක්. එකක් සිංහල සංස්කෘතියේ විවිධත්වය අනුව අවුරුදු නැකැත් සීට්ටු කිහිපයක් තිබිය හැකි බව. අය අවශ්‍යතාව මත සීට්ටු තෝරා ගනීවි. ජාතික සමගිය එක් නැකැත් සීට්ටුවක් පමණක් තිබීමෙන් ඇති කරන්න බැහැ. දෙවැනි කරුණ අවුරුද්ද ලබන මොහොත නිර්වචනය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බව. සමහර විට අවුරුද්ද ලබන මොහොත සූර්යයා අස්විද නැකැතට පැමිණීම සමග සම්බන්ධ කරන්න තිබුණා. ඔය නැකැත් විසිහත නම් අපේ නිර්මාණ (සංස්කරණ). නම්වල පරිවර්තිත ස්වභාවයක් නැහැ. එහෙත් සුපුරුදු පරිදි ප්‍රතිචාර දැක්වූ අය වෙන කරුණු බදාගෙන. ඇතැමුනට පැය දොළහකට වඩා බඩගින්නේ ඉන්න බැහැ වගේ කතා. ඇතැමුනට ඊනියා පරිනාම කතා. සංස්කෘතියත් අනෙක් හැම දේ වගේ වෙනස් වෙනවා. අමුතුවෙන් කියන්න ඕන නැහැ.

 

දෙතුන් දෙනකු අරුන් සිද්ධාර්ථන්ට මොකද වෙන්නෙ කියා අහල තිබුණා. පඬි නැට්ටකු හරි ජෙප්පකු හරි සපුමල් කුමරු ගැන කියා තිබුණේ තම නොදැනුවත්කම බොහෝ අය මෙන් සකර්බර්ග් මගින් ප්‍රදර්ශනය කරමින්. අරුන්ට වෙන්න යන දේ ගැන අපට නම් අවබෝධයක් තිබුණා. ඔහු රනිල්ගේ යාපනයේ නියෝජිතයා වෙලා. ගැන අපට සැකයක් තිබුණේ නැහැ. ඔහුට රනිල් ආරක්‍ෂාව මුදල් මෙන් පාසල් ප්‍රතිසංස්කරණය වැනි ආකර්ශනීය වැඩ ලබා දුන්නා. මේ පිටුවේ ජනවාරි 22 හා 23 පළ වූ ලිපිවලින් කොටස් උපුටා දක්වනවා.

   

"අරුන් ගැන රනිල්ගේ නම් තක්සේරුවක් ඇති බව පැහැදිලියි. රනිල් ජනාධිපතිවරණයක් තියන්නේ තමාට 50%ක් ඡන්ද ඇති බව  ඒතතු යන්නේ නම් පමණයි එසේ නැත්නම් ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පනතක් ගෙනේවි. සඳහා අද වැඩ කරන්නේ කරු ජයසූරියයි. පනතත් සමග මාමා අනුගමනය කරමින් තමා විධායක අගමැති කර ගැනීමේ හැකියාවක් තියෙනවා.

 

කෙසේ වෙතත් අද මෙරට තීරණාත්මක සාධකය බවට අරුන් පත් වී තියෙනවා. අරුන්ගේ උතුරේ ඡන්ද  ප්‍රමාණය මෙටාවේ මැත දොඩවන එක්ස් කාරයන්ගේ නොගිණිය හැකි ඡන්ද ප්‍රමාණය සමග සැසඳූ විට  මහමෙර හා අබ ඇටයක් වගේ. අරුන් රනිල්ට සහාය දෙන්නේ නැද්ද යන්න ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණයක් ගැනීමේ දී රනිල්ට බලපාවි. අරුතින් අරුන් මෙරට දේශපාලනයේ වැදගත් සාධකයක් බවට පත් වී තියෙනවා." (22)

 

"අද වන විට ඇතැම් වෙල්ලාලයන් රට හැර ගොස් ඇති බැවින් යාපනය ප්‍රදේශයේ බහුතරය වෙල්ලාලයන් නොවන අය. එබැවින් ඡන්දයක් තිබ්බොත් අරුන්ගේ අගය වැඩි වෙනවා. බව දන්නේ අරුන් පමණක් නොවෙයි. රනිල් එය දන්නවා. රනිල් අරුන්ට ආරක්‍ෂකයන් සපයලා. ඔහුට පාසල් සීයක් සංවර්ධනය කරන බවට පොරෙන්දුවක් දීලා.  පඬි නැට්ටන්ට නොතේරුණාට රනිල්ට අරුන්ගේ වටිනාකම තේරෙනවා. පඬි නැට්ටන්ට සිංහල ප්‍රදේශවල සතපහක වටිනාකමක් නැහැ. එහෙත් යාපනය ප්‍රදේශයේ අරුන් සිද්ධාර්ථන් ඉදිරි මැතිවරණවල දී විශාල වෙනස්කම් කිරීමට හැකි පුද්ගලයෙක්. සමහර විට මීළඟ ජනාධිපති තෝරන්නේ ඔහු වෙන්න පුළුවන්!(23)

 

අරුන් අපට වැදගත් වන්නේ ඔහු ජාතිවාදී දෙමළ වෙල්ලාල ආධිපත්‍යයට විරුද්ධ සංවිධානගත දේශපාලනයක යෙදෙන නිසා. ඔහු රනිල්ටත් වැදගත්. රනිල්ට වෙල්ලාල නොවන දෙමළ ඡන්ද ලබා ගැනීමට. රනිල්ට අරුන් වැදගත් ජාතිකවාදීන්ටත් අරුන් වැදගත්. කියන්නෙ ජාතිකවාදීන් ඉන්නෙ රනිල් සමග වගේ විදග්ධ නිගමනවලට ඇතැමුන් එළඹෙන්න පුළුවන්. සමහරු කිසි දා පාසල් විවාද මට්ටමෙන් ඉහළට යන්නේ නැහැ.

 

අරුන්ට ආරක්‍ෂාව දෙන්නවත් මුදල් ආධාර දෙන්නවත් ජාතිකවාදීන්ට බැහැ. අරුන්ට වෙල්ලාලයන්ගෙන් ජීවිත තර්ජන තියෙනවා. වෙල්ලාලයන් හැමදාමත් ඉන්දියාවෙන් මෙහෙයවෙනවා. ඉන්දියාව අද සජිත්ට ආධාර කරනවා. වෙල්ලාල ඡන්ද බහුතරයක් සජිත්ට.  රනිල් එයට මුහුණ දෙන්නේ අද යාපනයෙ බහුතරයක් බවට පත් වී ඇති වෙල්ලාල නොවන ඡන්ද දිනාගැනීමට කටයුතු කිරීමෙන්.  අරුන් යාපනයේ ජා සංවිධායක ලෙස පත් කෙරෙන්නේ එබැවින්. එය රනිල්ටත් අරුන්ටත් ප්‍රයෝජනවත්.

 

එහෙත් රනිල්ට අරුන්ගේ ඡන්ද ලැබුණත් 50% වඩා ඡන්ද ගැනීමට පුළුවන් යන ප්‍රශ්නය තියෙනවා. තමාට 50%ක් ඡන්ද ලබා ගැනීමට නොහැකි යැයි ඒත්තු ගියොත් රනිල් ජනාධිපතිවරණය පැවැත්වීම සැක සහිතයි. කෙනකුට කියන්න පුළුවන් ව්‍යවස්ථාව අනුව මේ වසරේ ජනාධිපතිවරණය පවත්වන්න ඕන කියා. ඕනෑම නීතියක රටේ උත්තරීතර නීතියෙත් හිල් තියෙනවා. දක්‍ෂ නීිතිඥයන්ට නීතියේ හිල්වලින් රිංගන්න පුළුවන්.