Main Logo

Friday 8 March 2024

මහා දවල් මහා බැංකු කොල්ලය

 

මහා දවල් මහා බැංකු කොල්ලය

 

බන්දුල ගුණවර්ධනයන් කලකට පෙර මහා දවල් මහා බැංකු මංකොල්ලය ගැන කිවුවා. රනිල් වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍රන් කළ විප්ලවය ගැන. යහපාලන කාලෙ. අද බන්දුල ගැන කියන්නෙ නැහැ. පොහොට්ටුවෙ කවුරුන්වත් කියන්නෙත් නැහැ. අර්ජුන් එන්නෙත් නැහැ. ලංකාවෙ හැටි එහෙමයි. ගැන කලබල වෙන්න එපා. කළු කුහර නැහැ කිවුවොත් නම් කලබල වෙනවා. කළු කුහර කිවුවට ඒවා කබොළු. හරස්කඩයක් ගත්තොත් සමහර විට උළුඳු වඩ වගේ පේනවා වෙන්න පුළුවන්. කළු කුහර නම් පේන්න විධියක් නැහැ. අපට පෙන්නන්නෙ හදපු පින්තූර.

 

මොකක් වුණත් දැන් තව මහා බැංකු මංකොල්ලයක් ගැන කතා වෙනවා. වැටුප් වැඩි කිරීමක් ගැන. හරියට කියනවා නම් වැටුප් වැඩි කර ගැනීමක් ගැන. සමහරුන්ට 75%කින් පමණ වැටුප වැඩි වෙලා. නැහැ වැඩි කරගෙන. සමහරුන්ගෙ වැටුප දැන් එකොළොස් ලක්‍ෂයක් විතර වෙනව කියනවා. අඩුම වැටුපත් දෙලක්‍ෂයකට කිට්ටුයි. වැටුප් වැඩි කර ගැනීම සමානුපාතික කෙරිලත් නැහැ. ඉහළ අයට සියයට හැත්තෑපහක් පමණ වුණාට පහතට පහතට එන විට ප්‍රතිශතයත් පහතට එනවා. නරක සියල්ලන්ට එක ප්‍රතිශතයකින් වැටුප් වැඩි කර ගත්ත නම්,

 

එහෙම කියන එකත් වැරදියි. වැටුප් වැඩි කර ගැනීමට සහභාගි වන්නෙ ඉහළ අය පමණක් වෙන්න ඕන. මහා බැංකුව පිහිටුවලා තියෙන්නෙ අනෙක් හැම එකක් වගේ ඉංගිරිසි ආයතන අනුකරණය කරමින්. 1949 පනතකින් මහා බැංකුව පිහිටෙවුව කියනවා. පනතින් මහා බැංකුවට පඩි වැඩි කර ගන්න බලය දීල තියෙනවා. බලය දීල තියෙනවා නම් වැඩි කර ගැනීම ගැන කතා කරන්නෙ අහවල් දේකට ?

 

මහා බැංකුවට සල්ලි කොහෙන් ? ආණ්ඩුව වෙන් කරන මුදල් ? මහ බැංකුව එහෙම ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්නෙ නැහැ. අයට වෙන සල්ලි හොයන ක්‍රම තියෙනවා. ඒවත් අර පණත අනුව. උදාහරණයක් හැටියට ඩොලර් සංචිතය තියෙන්නෙ මහා බැංකුවෙ. මුදල් අමාත්‍යාංශයට වුණත් ඩොලර් ගන්න වෙන්නෙ මහා බැංකුවෙන්. සඳහා රුපියල් දෙන්නෙ. ඉතින් ආණ්ඩුව (මුදල් අමාත්‍යංශය) ඩොලර් ගන්න රුපියල් ගෙවන්න ඕන. ආණ්ඩුවට රුපියල් නැති වුණා අපෙන් බදු අය කරනවා.

 

හැමදාමත් වගේ මහා බැංකුවෙ වැටුප් අනෙක් ආයතනවලට වඩා වැඩියි. දක්‍ෂයන් බඳවා ගැනීමට හා රැක ගැනීමට. මා මොටාවෙ රස්සාව කරන්න ගියෙ 1967. දවස්වල සහකාර කථිකචාර්යවරයකුට ලැබුණෙ සියලු දීමනා සමග රුපියල් 605යි. මහා බැංකුවටත් බඳවා ගත්තෙ වැටුපට . මොටවෙත් තිබුණ අර දක්‍ෂයන් බඳවා ගන්න ඕන කියන සංකල්පය. ඒත් කල් යෑමේ දී මහා බැංකුව වැටුප් වැඩි කර ගත්තත් ආණ්ඩුව  ප්‍රමාණයට මොටාලගෙ වැටුප් වැඩි කෙළේ නැහැ.

 

1992 වන විට මොටාවෙ වැටුප් හොඳට අඩු වුණා. මොටාල  වැඩ වර්ජනයක් කළා. මාත් එකල මොටාවෙක්. අපි තර්ක කළා මොටාවලටත් දක්‍ෂයන් බඳවා ගන්න හා රඳවා ගන්න ඕන නිසා ක්‍ෂෙත්‍රවල මොටාලගෙ වැටුප ක්‍ෂෙත්‍රවල ඉහළ වැටුප වෙන්න ඕන කියලා. උදාහරණයක් වශයෙන් මොටාවල ආර්ථික විද්‍යාඥයන්ට මහා බැංකුවෙ වැටුප් ගෙවන්න ඕන කියා. වෛද්‍ය පීඨයෙ නම් රජයේ වෛද්‍ය සේවයේ ඉහළ වැටුප් ගෙවන්න ඕන කියා. ඊළඟට අප තර්ක කළා මොන පීඨයෙ හිටියත් මොටාල මොටාලා නිසා පීඨයෙන් පීඨයට වැටුප් වෙනසක් තියෙන්න බැහැ කියා.

 

කියන්නෙ මොන පීඨයෙ හිටියත් අදාළ ක්‍ෂෙත්‍රයෙ ඉහළ වැටුප මොටාලට ලැබෙනව විතරක් නො වෙයි මා වැනි ගණිත මොටාවෙකුට වුණත් මහා බැංකුවෙ හරි රජයේ වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙ හරි ඉහළ වැටුප් ලැබෙනවා. එකල උසස් අධ්‍යාපන ඇමති හමීඩ්. ප්‍රතිපාදන කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරෙ. ඔවුන් අපේ තර්කය පිළිගත්තා. වැටුප් වැඩි කළා. ඒත් කොළඹ මොටාව තීරණය කළා මා දක්‍ෂයකු නොවන නිසා මට වැටුපට හිමිකම් කියන්න බැහැ කියා. මොටා සංගමයත් තීරණය කළා මා අදක්‍ෂයකු නිසා රඳවා ගන්න අවශ්‍ය නැහැ කියා. මට අවුරුදු දහයක් පමණ ගෙදර ඉන්න වුණා. නඩු කියල යම්තම් කැලණියට රිංග ගත්තා. කැලණියෙ මොටාල මට විරුද්ධ ශිෂ්‍යයන්ට අත් පත්‍රිකා බෙදුවා. බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්න හොඳ නැහැ කියලා. කළු කුහරවලට උළුඳු වඩ කියමු ?

 

මා කතාව කිවුවෙ මහා බැංකුවෙ එදත් වැටුප් වැඩි කර ගත්තා කියන්න. අදත් නරක මොටාවෙ වැටුප් මහා බැංකුවෙ වැටුප්වලට සම කරන්න කියා ඉල්ලන්න. මහා බැංකුවෙ දක්‍ෂයන්ටත් උගන්වන්නෙ මොටාවෙ දක්‍ෂයන් නොවැ. අද ඔය විශ්වකර්මයකු ලෙස පෙනෙන නන්දලාල් වීරසිංහ කැලණිය මොටාවෙ ගණිතය භෞතික විද්‍යාව හැදෑරු අයෙක්. නැහැ මා කැලණියට යෑමට පෙර. මොටාල මා අදක්‍ෂයකු ලෙසයි අදත් දකින්නෙ. ඇතැම් මොටා මහාචාර්යවරු මගේ ලිපිවලට හා හා ලකුණූ කරනවා. මේ ලිපියටත් ලකුණූ කරාවි.

 

කොහොම වුණත් මහා බැංකුවෙ ඉහළ අය කියන්නෙ 75%කින් පමණ වැටුප් වැඩි කර ගත්තත් ආදායම් බදුවලට කැපුණට පස්සෙ එපමණ වැඩි කිරීමක් ලැබෙන්නෙ නැහැ කියා. රජයේ වෛද්‍යවරුත් බදු ගෙවන්න තමයි මේ ළඟදි දීමනාවක් ලබා ගත්තෙ. නරක අනෙක් අයටත් බදු ගෙවන්න  දීමනාවක් දුන්න නම්. මා බදු වැඩි කිරීම සාධාරණය කරනවා නො වෙයි. ඒත් මේ වැටුප් වැඩි කර ගැනීම්වලින් පෙන්වන්නෙ එක්තරා විධියකට ගත්තොත් බදු නොගෙවා සිටීමක්. මහා බැංකුව එසේ කරනවා නම් කාට කියන්න ? වැටත් නියරත් ගොයම් කා නම්..,,,,