Main Logo

Sunday 3 March 2024

ඉන්දියන් ආක්‍රමණ විරෝධී පෙරමුණක්

 

ඉන්දියන් ආක්‍රමණ විරෝධී පෙරමුණක්

 

ඉන්දියාව දැනටමත් බොහෝ දුර ඇවිත්. ඉතා පැහැදිලිව ඉන්දියාව අප ග්‍රහණයට හසු කර ගෙන. හරින් ප්‍රනාන්දු ලංකාව ඉන්දියාවේ කොටසක් බව කියන්න ඇත්තේ අඩු තරමෙන් තමන්ට ඉන්දියාවෙන් හොඳ නමක් ලබා ගන්න වෙන්න ඕන. මා දන්න තරමින් ඔහු කතෝලිකයෙක්. පාස්කු ප්‍රහාරය දින පල්ලි නොගිය කතෝලිකයෙක්. ඔහු අතින් එදින පූජාව නියමිත තැන නොපැවැත් වී යැයි කියන කාදිනල්තුමාට පමණක් දෙවැනි වෙනවා වෙන්න පුළුවන්. හින්දු ඉන්දියාව කතෝලිකයන්ට හොඳින් සලකනවා වෙන්න ඇති. 

 

ඉන්දියාව අප තම ග්‍රහණයට හසු කර ගන්න බලන්නේ බොහෝ කලක සිට. ඇතැමුන්ට අනුව නම් නේරුටත් එවැනි වුවමනාවක් තිබුණා. ඉන්දිරා ගාන්ධි නම් වැඩ කෙළේ අරමුණෙන්. උතුරු ඉන්දියාව දකුණු ඉන්දියාව සමග එතරම් හොඳක් නැති වුවත් ඉන්දිරා ගාන්ධි දකුණු ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලැබූ දෙමළ ජනකොටස් දෙස ඉතා සානුකම්පික බැලුවා. හැත්තෑ ගණන්වල. වි පෙ පටන් ගත්තෙ චීන කොමියුනිස්ට් පක්‍ෂයේ. කාලෙ ජවිපෙ හා චීනයත් උතුරු කොරියාවත් අතර සම්බන්ධකම් තිබුණා. කෙසේ වෙතත් ජවිප තම පංති පහට ඉන්දියානු ව්‍යාප්තවාදය කියා පංතියක් එකතු කරන් තිබුණා.

 

ඉන්දිරා ගාන්ධි වෑයම් කෙළේ දෙමළ ජාතිවාදයට උපකාර කරමින් හරහා ලංකාව තම ග්‍රහණයට හසු කර ගැනීමට. ඉන්දු ලංකා ගිවිසුම එහි ප්‍රතිඵලයක් වුණා. මෙරටට ඊනියා සාම සාධක හමුදාවක් එවුවා. සමහර විට සේනානායකලාට හා ඉංගිරිසින්ට ඉන්දියාවේ අවශ්‍යතා ගැන යම් වැටහීමක් තියෙන්න ඇති. අප නිදහස ලබා ගැනීමෙන් පසුවත් කටුනායක හා ත්‍රිකුණාමලයේ බිරිතානි කඳවුරු පවත්වා ගෙන ගියා. කෙසේ නමුත් කඳවුරු පනස්හයෙන් පසු අස්කර ගැනීමට කිවුවා. එය කළ යුතුව තිබුණා. ඉන්පසු මෙරටට විදේශීය හමුදා පැමිණියේ ඊනියා සාම සාධක හමුදා ලෙස. ජේ ආර්ගෙ යටත්වීම හා ගාමිණී දිසානායකගෙ මැදිහත් වීම මත මෙරටට පැමිණි ඉන්දීය හමුදා ආපසු යැවුවේ ප්‍රේමදාස.

 

ඊනියා ආර්ථික අර්බුදය ආර්ථික අර්බුදයකට වඩා දේශපාලන ආක්‍රමණයක්. එය ඉන්දියාවේත් බටහිරයන්ගේත් වැඩක්. පරගලයන් ඉත්තන් ලෙස යොදා ගෙන පටන් ගන්නා ලද ආක්‍රමණයේ රඟ දැන් බලා ගන්න පුළුවන්. අප මූල්‍යමය වශයෙන් ජාමුලට යටත් වෙලා. මෙරට මූල්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් සකස් කෙරෙන්නේ ජාමූල අවශ්‍යතාවට. සඳහා ඔවුන් මහා බැංකුව යොදා ගන්නවා. මහා බැංකුව සුවාදීන කෙරුණේ ජාමුලට පරාධීන දීනයන් කරන්න. සම්බන්ධයෙන් මහා බැංකුවට වැඩියෙන් වැටුප් ගෙවනවා. අපි බදු ගෙවනවා.

 

ඉන්දියාව අප දේශපාලන වශයෙන් හා සංස්කෘතික වශයෙන් යටත් කරගෙන. එය වඩාත් භයානකයි. කලකට පෙර ඉන්දියාවේ හිටි පනික්කාර් නමින් ප්‍රතිපත්තියක් තිබුණා. ඉන් කියා සිටියේ ඉන්දියන් සාගරය ඉන්දියාවේ සාගරය කියා. ඉන් ගම්‍ය වන්නේ කුමක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉන්දියන් සාගරයට පමණක් සීමා වූවක් නො වේ. ඉන්දියන් සාගරයට කෙහොම වෙතත් මේ වන විට ලංකාවට පැමිණෙන නැව් කවරේද යන්න තීරණය කෙරෙන්නේ ඉන්දියාවට අවශ්‍ය විධියට. ජේ ආර් මෙන් රනිල් ඉන්දියාවට යටත් වෙලා.

 

එට්කා හරහාත් නැතත් අමුල් අදානි සහ තවත් සමාගම් ලංකාවට එනවා. ඉන්දියානු ශ්‍රමිකයන් මෙරටට එනවා. මෙරට ඉන්දියාවේ ප්‍රාන්තයක් නොව නව්‍ය යටත් විජිතයක් වෙනවා. අප කළ යුතු දේ නොකර එංගලන්තයක් සිංගප්පූරුවක් කිරීමට යැමේ විපාක. අධිපරිභෝජනය බොරු උගත්කම් ඇතුළු බොරු ෂෝක් අපේ පරිහානියට හේතු වුණා.  විවෘත ආර්ථිකයත් සමග අපේ නිෂ්පාදන නැති කර ගත්තා. ජේ ආර් රොනී ඇතුළත්මුදලි ගාමිණී දිසානායක ආදීන් ඊට වග කියන්න ඕන. අපනයනවලට වඩා අපේ ආනයන වැඩියි.

 

දැන් පළමු ජාත්‍යන්තර භගවද් ගීතා මහෝත්සවය ලංකාවේ පැවැත්වීමට යනවා. එය භගවද් ගීතා අවවාද සිහි කිරීම සඳහා පැවැත්වෙන බව කියනවා. සඳහා හර්යානා ප්‍රාන්තයේත් කුරුක්‍ෂෙත්‍ර සංවර්ධන මණ්ඩලයේත් අනුග්‍රහය ලැබෙන බව කියනවා. භගවද් ගීතයේ ක්‍රිෂ්ණ අර්ජුනට කියන්නේ නෑදෑයන් ගුරුවරුන් මිතුරන් ආදීන් විරුද්ධ පැත්තේ හිටියත් ධර්මය වෙනුවෙන් යුද්ධ කරන්න ඕන කියන එක. මෝක්‍ෂයට යන මාවත වෙන්න පුළුවන්. බ්‍රහ්මන් සමග එක්වීමට යන මාවත වෙන්න පුළුවන්. ඒත් බුද්ධ වචනය නො වෙයි. ඉන්දියාව බුදුදහම රටින් පන්නා ගත්තා.

 

රනිල් ඉන්දීය ගැත්තෙක් කියා මා කියන්නේ නැහැ. ඔහු බටහිර ගැත්තකු බව සැබෑව. එහෙත් අද බටහිරයන් ඉන්දියාවේ නොපණත්කම් ඉවසනවා. අධිපතිවාදී  බටහිරයන් හොඳ බවක් මෙයින් කියැවෙන්නේ නැහැ. අප දැනටමත්  ප්‍රමාද වැඩියි. ජෙප්පන් මෝදිදාස්ලා වෙලා. ඉන්දියන් ආක්‍රමණ විරෝධී පෙරමුණක අවශතාව පැන නැග තියෙනවා. මීළඟ ජනාධිපති කවුරු වුණත් ඉන්දියාවට මුහුණ දීමට හැකි අයකු වෙන්න ඕන. ජනාධිපතිවරණය පැවැත්වුවහොත් එවැනි අයකු ජනාධිපති ලෙස පත් කර ගත යුතුයි.