Main Logo

Tuesday 31 August 2021

මරණ භය, එන්නත, සංස්කෘතිය හා බටහිර වෙද මහත්තුරු

 

මරණ භය, එන්නත, සංස්කෘතිය හා බටහිර වෙද මහත්තුරු

 

මිනිසුන්ට මරණ භය දැනිලා. ඒ කොච්චර ද කියනවා නම් එන්නත ලබා ගන්න ගිහින් මරා ගන්න හදනවා. මේ භය අර අත්‍යාවශය සේවා කියමින්  අනවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන අයට නැත්තේ මොකද කියන එක ප්‍රශ්නයක්. මෙහි බිමන් කියන්නේ විමන් කියා සමහරු කියනවා. අපේ භාෂාවේත් සමහර ඉන්දියානු භාෂාවලත් ව ම අකුරු මාරුවෙනවා.  වංග දේශය බංග දේශය නැත්නම් බංගල දේශය වන්නේ ඒ අයුරින්. ඒත් වමා කියන එක බමා වෙන්නෙ නැහැ. ඒ කොහොම වුණත් විමන් යන්නේ විමානවලින් අහසින් කියාත් කියනවා. කාට හරි කියන්න බැරි නැහැ බිමින් යන නිසා බිමන් වෙලා තියෙනවා කියාත්.

Monday 30 August 2021

බටහිරයන්ගේ ඉත්තන් වූ කලා වමාලා කාලා වැමෑරීම

 

බටහිරයන්ගේ ඉත්තන් වූ කලා වමාලා කාලා වැමෑරීම

 

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන බව අප තේරුම් ගත්තේ කලකට පෙර. කොවිඩ් 19 සමග එය තවත් අයට පේන්න පටන් අරන් තියෙනවා. ඊනියා පශ්චාත්නූතනවාදී අදහස්වලින් පුහු මනෝ විශ්ලේෂණයෙන් පෙන්නුම් කෙළේත් ඒ කඩා වැටීමයි. අද ඇතැම් බටහිරයන් ඊනියා ජාලතන්ත්‍රවාදයක් ගැන කියවන්නේත් ඒ කඩා වැටීම පෙන්නුම් කරමින්. බටහිරයන් කියන බොහෝ දේ මෙරට ප්‍රචාරය කිරීමට සැරසී සිටින පිරිසක් ඉන්නවා. ඔවුන් සංඛ්‍යාවෙන් ඉතා ස්වල්පයයි. බටහිර පළවන අදහසක් තම්නට තේරෙන විධියට පළමුවෙන් සිංහලෙන් කීමත් බුද්ධිමත් බවේ ලක්‍ෂණයක් වෙන්න ඇති. ඔවුන් කරන්නේ කාලා වැමෑරීමක්.   ඒත් ඔවුුන් කියන දෙයක් රටට ඇහෙන්නේ නැහැ. මේ පිරිස බොහෝ විට වාමාංශික අදහස් දරණ වම්මු. වමක් නැති වුවත් වම්මු ඉන්නවා. ඒත් මේ වම්මුන් බොහෝ විට නඩත්තු කෙරෙන්නේ බටහිර ඊනියා රාජ්‍ය නොවන ආයතන මගින්. අද වමාලා වමක් නැතිව දකුණේ වමාලා වෙලා.

Sunday 29 August 2021

මේ ඔබේ කාලයයි

 

මේ ඔබේ කාලයයි

 

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මත කොන්ක්‍රීට් මංතීරුවක් ඉදිකිරීමට විරුද්ධ ව හාමුදුරුවරුන් කිහිප නමක් විරෝධය පලකරළ. වැඩේ තාවකාලික ව නතර කරළ. ඇතැමුන් කියන විධියට ලෝකයේ හොඳම ජල කළමනාකරණය තිබූ රටේ අද අපට රළපනාවක් අලුත්වැඩියා කරගන්න බැහැ. ඒ අතර මෙරට ඊනියා බටහිර වෙදකම පිළිබඳ විශේෂඥයන්ට කොවිඩ් සම්බන්ධයෙන් අලුතෙන් කිසිවක් කියන්න බැහැ. මේ වන විට චතුර අල්විස් වැනි ජනමාධ්‍යවේදීන්ටත් ඒ බව තේරුම් යමින් පවතිනවා.

Saturday 28 August 2021

රූකඩ නටවන සර්පයා

 

රූකඩ නටවන සර්පයා

 

අද විපක්‍ෂය ඇත්තේ දරුණු අර්බුදයක. එයට නායකයකු නැහැ. ප්‍රතිපත්තියකට ඇත්තේ ආණ්ඩුව මොනව කළත් එය විවේචනය කරමින් විරුද්ධ වීම පමණයි. විපක්‍ෂය කොවිඩ් 19 වැළඳී දුස්සාධ්‍ය වූවකුට වඩා අසරණයි. එක් අතකට කියන්න පුළුවන් විපක්‍ෂය කොවිඩ් වැළඳී විපක්‍ෂ නායක කාර්යාලයේ කර කියා ගන්න දෙයක් නැතිව වැටී ඉන්නවා කියා.

Friday 27 August 2021

ලොක්කෝ බොක්කෝ හා සොක්කෝ

 

ලොක්කෝ බොක්කෝ හා සොක්කෝ

 

වසංගතයක් ආවා කියා සමාජයේ ආකල්ප වෙනස් නොවන බව අද සිදුවේගන යන ක්‍රියාවලියෙන් පැහැදිලි වෙනවා. අපට රටක් ලෙස හිතන්න පුළුවන් ලංකාව සහභාගිවන ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී පමණයි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී වැඩි පිරිසක් එකතු වූ නමුත් සිංහල බෞද්ධ විරෝධී සිංහලයන් ද දෙමළ ත්‍රස්තවාදය සමග බැඳුනා. ක්‍රිස්තියානි කතෝලික පූජකවරුන් ද ඒ අතර සිටි බව කාදිනල්තුමාට අමතක වන්න බැහැ. ඇතැම් ඊනියා ප්‍රගතිශීලි භික්‍ෂූන් වහන්සේ කීප නමක් ද ඔවුන්ට එකතු වුණා.

Thursday 26 August 2021

අපට ලැබුණු දකුණු ඉන්දීය බුදුසසුන

 

අපට ලැබුණු දකුණු ඉන්දීය බුදුසසුන

 

ඊයේ (අගෝස්තු 25) ලිපියේ මා සඳහන් කළා අනුරාධපුර සංස්කෘතියේ සරල බව හා ප්‍රෞඪ බව ගැන. අපට බුදුදහම ලැබී ඇත්තේ මිහිඳු මාහිමියන් මෙරටට වැඩීමට පෙරයි. මිහිඳු හිමියන් මෙරටට වැඩම කර මෙරට බුදුසසුනක් පිහිටෙවුවා. රුවන්වැලි සෑය තනා ඇත්තේ අද ඒ පිහිටි  භූමියේ පිහිටි ගසක ලැගුම් ගත්තේ යැයි කියන රත්නවල්ලි නම්  යක්‍ෂයන්ගේ යැයි සිතිය හැකි දෙවඟනකට ඉවත් වීමට ආරාධනා කිරීමෙන් පසුව යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.

Wednesday 25 August 2021

ඇත් රාජයා ඉතිහාසය හා සංස්කෘතිය

 

ඇත් රාජයා ඉතිහාසය හා සංස්කෘතිය

 

අර ඇත් රාජයා දළදා හාමුදුරුවන් සඳහා ඇඹරී තිබූ පාවඩය සකස් කරන විට මට මතක් වූයේ අපේ සංස්කෘතියයි. ඉතිහාසයයි. කිසිම සංස්කෘතියක් නිර්මල සංස්කෘතියක් ලෙස හඳුන්වන්න බැහැ. ඕනෑම සංස්කෘතියක් වෙනස් වෙනවා. විවිධ හේතූන් නිසා වෙනස් වෙනවා. ඒවා අභ්‍යන්තර හේතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් බාහිර හේතු වෙන්න පුළුවන්. සිංහල සංස්කෘතිය වෙනස්වීමට වඩා බලපා තියෙන්නෙ බාහිර හේතූන් කියා කියන්න පුළුවන්.

Tuesday 24 August 2021

කොවිඩ් 19, දැනුම, සංස්කෘතිය හා ඇතා

 

කොවිඩ් 19, දැනුම, සංස්කෘතිය හා ඇතා

 

කොවිඩ් 19 ගැන අප දන්නේ මොනවා ද? අප එතරම් දෙයක් නොදන්නා බවයි කියන්න පුළුවන්. අප ඊනියා ලෝකයක යම් යම් දේ නිරීක්‍ෂණය කරනවා කියනවා. ඒ නිරීක්‍ෂණය කරන්නෙත් බෙහෝ විට අප දන්නේ යැයි සිතන සංකල්ප කතා (ප්‍රවාද) මත පදනම් වෙලා. පොළොවට පොල් වැටෙන බව නිරීක්‍ෂණය කරන්න පොල්, පොළොව, වැටෙනවා කියන සංකල්ප තියෙන්න ඕන. අපට අහස කියා සංකල්පයකුත් තියෙනවා. අප නිල් අහස කියාත් සමහර විට කියනවා. ඒත් එහෙම නිල් පාට අහසක් අප නිරීක්‍ෂණය කරනවා ද? අහස අපේ නිරීක්‍ෂණයක් ද? අප නිරීක්‍ෂණය නොකරන දෙයක් නිරීක්‍ෂණය කරන බව කියනවා ද?

Monday 23 August 2021

කොවිඩ් අස්සෙන් කැරොල්

 

කොවිඩ් අස්සෙන් කැරොල්

 

මා ඊයේ (අගේස්තු 22) ඇසූ ප්‍රශ්නයේ ඔවුන්ගේ නම් සඳහන් කළත් ඩලස් අලහප්පෙරුම පැරණි මාධ්‍යවේදියාගෙන්ගෙන් හරි අද දේශපාලනඥයන් වී සිටින එකල  සිරසේ මහාරාජා විසින් පුම්බනු ලැබූ ඊනියා මාධ්‍යවේදීන්ගෙන් හරි මා ඊනියා විද්‍යාත්මක ක්‍රමය කුමක් දැයි දැනගැනීමට අදහස් කෙළේ නැහැ. මරික්කාර් මනුෂ වැන්නන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම විද්‍යාත්මක දැයි කාට හරි අහන්න පුළුවන්.  කෙසේ වෙතත් එවැන්නකු හරි වෙනත් පඬියකු හරි අපට විද්‍යාත්මක ක්‍රමය කුමක් දැයි කියා දී නැහැ. ලංකාවේ කෙසේ වෙතත් එක්සත් ජනපදවල, එංගලන්තයේ හා ඕස්ත්‍රේලියාවේ ඊනියා විද්‍යාත්මක රට වැහීමකට (ලොක්ඩවුන්) විරුද්ධ පිරිස් ඉන්නවා. පසුගිය දා මෙල්බර්න් නුවර එවැනි විශාල පිරිසක් පොලීසිය හා ගැටුණා. ට්‍රම්ප් සමහර ඊනියා විද්‍යාත්මක නිගමනවලට විරුද්ධ වුණා. ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි ඉඩක් ලැබුණොත් පසුව කියන්නම්.

Sunday 22 August 2021

විද්‍යාත්මක ක්‍රමය


විද්‍යාත්ම ක්‍රමය

මේ ප්‍රශ්නය ඩලස් අලහප්පෙරුම, රතන හිමි, ලාල්කාන්ත ආදී විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියන සියල්ලන් වෙතට යොමු කරනවා. ඔය විද්‍යාත්ම ක්‍රමය මොකක් ද කියල කියනවා ද?  




Saturday 21 August 2021

රට සම්පූූර්ණයෙන් නොවසා කොවිඩ් පරදවමු

 

රට සම්පූූර්ණයෙන් නොවසා කොවිඩ් පරදවමු

 

අද ලිපියක් ලියන්න හිටියේ නැහැ. ඒත් ඊයේ ජනාධිපති ගෝඨාභය ජාතිය ඇමතීමෙන් පසු මෙය ලියන්න හිතුනා. එය සාර්ථක කතාවක්. කතාවේ මුල  ආණ්ඩුව මෙතෙක් කොවිඩ් සම්බන්ධයෙන් කර ඇති වැඩ සමාලෝචනය කෙරුණා. ආණ්ඩුව පසුගිය වර දිගු කාලයක් රට මුළුමනින් ම මෙන් වසා තැබීමෙන් අපනයනයට වූ පාඩුවත් ගෙනහැර දැක්වුවා. එය ආණ්ඩුව කළ වරදක් පිළිගැනීමක්. වරද පිළිගැනීම හොඳ ගුණයක්.

Friday 20 August 2021

රට වහන්න පෙර

රට වහන්න පෙර

 

රට වහන්න ඕන කියන කතාව අද රට පුරා පැතිරිලා. මේ කතාව ගෙනි යන්න මධ්‍යම පංතියකුත් රටේ ඉන්නවා. නිිදහස් අධ්‍යාපනයෙන් ප්‍රසාරණය වූ මේ මධ්‍යම පංතියට එතරම් විචාරයක් නැහැ. ඔවුන් බොහෝ විට බලන්නේ රටෙන් තමන්ට විය යුතු දේ මිසක් තමන්ගෙන් රටට විය යුතු දේ නො වෙයි. ඒත් ඔවුන්ට රටේ විශාල බලයක් තියෙනවා. මේ මධ්‍යම පංතියට බටහිර වෙද මහත්තුරු බටහිර වෙද හාමිනේලා වගේ ම බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ ඒ ඒ රාජකාරි කරන අය, ගුරුබොරුවන් ආදීන් ඇතුළත් වෙනවා.

Wednesday 18 August 2021

බටහිර වෙදමහත්තුරු බටහිර දැනුම හා තලේබාන් ජයග්‍රහණය

 

බටහිර වෙදමහත්තුරු බටහිර දැනුම හා තලේබාන් ජයග්‍රහණය

 

මා බටහිර වෛද්‍ය විද්‍යාව හදාරනු තබා සාමාන්‍ය පෙළටවත් බටහිර ජීව විද්‍යාව හදාරා නැහැ. ඒ මදිවට උසස් පෙළ රසායන විද්‍යාව අසමත්.  බටහිර ගණිතය හා භෞතික විද්‍යාව ගැන නම් අල්ප දැනුමක් තියෙනවා. ඒත් මා ගණිතඥයකුවත් විද්‍යාඥයකුවත් නො වෙයි. මා සුළුවෙන් දන්නා ගණිතයෙහි හා බටහිර භෞතික විද්‍යාවෙහි නිශ්චිත අදහස් දීමට උත්සාහ කරනවා. එය ඉංගිරිසි සංස්කෘතියෙහි ලක්‍ෂණයක්. මා හිතන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙහිත් ආවට ගියාට වචන පාවිච්චි කරන්නේ නැහැ කියා. එහෙම වුණත් බටහිර භෞතික විද්‍යාවෙහිත් ෆෝටෝනයක් කියන්නෙ මොකක් ද කියල නිශ්චිත ව කියන්නෙ නැහැ. ඒක ගැනත් කතා කරමු.

Monday 16 August 2021

රට වසා රට අරාජික කිරීම

 

රට වසා රට අරාජික කිරීම

 

කලකට පෙර රට බෙදන්න කතා කළ පිරිසක් හිටියා. ඔවුන් මූලික වශයෙන් සිංහල බෞද්ධ විරෝධීන්. කාදිනල්තුමාටත් මතක ඇති. ඒ අය විවිධ සිවල් සමාගම්, ක්‍රිස්තියානි හා වෙනත් සාම මණ්ඩල, විකල්ප ප්‍රතිපත්ති කේන්දර ආදියෙහි ඉඳගෙන කේන්දර බැලුවා. ඔවුන් රට බෙදන්න කියා කෙළින් ම කිව්වේ නැහැ. ඔවුන් කිව්වේ පළාත් සභාවලට තව තවත් බලය දෙන්න කියා. ඉඩම් පොලිස් බලතල ඒ අතර වුණා. ඔවුන්ට දේශපාලන නායකත්වය දුන්නේ රනිල්. රනිල් බටහිරට අවශ්‍ය ආකාරයට ක්‍රියා කළ ක්‍රියා කරන අයෙක්. ඔහු ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කරන්න නෝර්වේ තානාපති සමග උතුරට ගිය අයෙක්.

Saturday 14 August 2021

ගමෙන් ලියුමක් ඇවිල්ලා විජේගෙන් වාගෙයි

 

ගමෙන් ලියුමක් ඇවිල්ලා විජේගෙන් වාගෙයි

 

මියන්මාහි වෙසෙන මගේ ශ්‍රී ලාංකික මිතුරකුට තමන් දන්නා මියන්මා ජාතිකයකු මුණ ගැසිලා. ඒ මියන්මා ජාතිකයා යම් කිසි සම්මන්ත්‍රණයක් සඳහා ලංකාවට ගිහින්. මගේ මිතුරා අසා තිබෙනවා ඒ තැනැත්තාගෙන් ලංකාව ගැන මොකද කියන්නෙ කියලා. පිළිතුර වී ඇත්තේ ලාංකිකයන් තමන් ගැන කියවන බවත් වෙලාවට වැඩ නොකරන බවත්.

Thursday 12 August 2021

හර්තාලය සමසමාජය හා ජෙප්පෝ

 

හර්තාලය සමසමාජය හා ජෙප්පෝ

 

ඊයේ අපට පශ්චාත් කොවිඩ් පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යෑමට සිදු වුණා. ලිපිය පළ නොවූයේ ඒ නිසයි. කොවිඩ් රෝගය සඳහා මුල සිට ම මා ලංකාණ්ඩුවෙන් තඹ සතයක්වත් ගෙන නොමැති බව කිව යුත්තේ මා ගුණ යහපත් ප්‍රතිපත්තිගරුක අයකු බව කීමට නො වෙයි. හුදෙක් පඬියන්ගේ දැන ගැනීම සඳහායි. මා හොඳ මිනිහකු නොවන බව  කියා ඇති.

Monday 9 August 2021

චේතිය රජුගේ බාප්පා හා හීන්බබා සීයා

 

චේතිය රජුගේ බාප්පා හා හීන්බබා සීයා

 

ඊයේ මියන්මාහි සේවය කළ ලාංකිකයකු කොවිඩ් වැළඳී මිය ගියා. ඔහුගේ පෙනහළු දෙකට ම වයිරසය ඇතුල් වී ලේ කැටි ගැසී ඇති බවයි කියැවෙන්නේ. එහි නිවැරදිතාව ගැන මා සාක්‍ෂි දරන්නේ නැහැ. කෙසේ වෙතත් එය ඉතා ශෝකාකූල ප්‍රවෘත්තියක්. මට ඔහු මුණ ගැසී තිබුණා.

Saturday 7 August 2021

බොරුකාරයකු ගැන

 


බොරුකාරයකු ගැන 



"සියලු පඬියන්ගේ දැනගැනීම සඳහා.

පී සී ආර් ධන වී රෝහල්ගත වීමි. කිවයුතු අසනීපයක් නැත. ඒ ගැන අසතුටුනම් ඇරිස් ලොක්කා හමුවන්න. මා වෙනුවෙන් පුද පූජා කළ සියල්ලන්ට පින්.”


ඉහත සඳහන් වන්නේ ජූලි 17 දාතමින් මුහුණු පොතේ ද ජූලි 20 දාතමින් කාලය වෙබ් අඩවියේ ද පළ වූ ලිපියකි. එය අසත්‍යයකි. මට කොවිඩ් වැළඳී තිබුණා. එසේ තිබිය දී කිවයුතු අසනීපයක් නැතැයි කීම බොරුවකි. මරණයේ එළිපත්ත පෑගීම ගැන ලියූ ලිපියෙන් ද ඉහත සඳහන් ප්‍රකාශය බොරු බව පැහැදිළි වෙනවා. එසේ බොරු කීම ගැන කණහාටුවෙනවා.  බොරු කියා ඇත්තේ සිහියෙන් ද අසිහියෙන් ද යන්න ප්‍රශ්නයක් නො වේ. බොරුව කියා ඇත්තේ මා ය. ඒ පිළිබඳ වගකීම මා භාරගන්නවා.


බොහෝ දෙනාට අනුව මා බොරුකාරයකු ය යන්න මගේ අදහසයි. 

 




Thursday 5 August 2021

මහාරාජාගේ හා මහා ගුරු බොරුවන්ගේ සිංහල විරෝධය

 

මහාරාජාගේ හා මහා ගුරු බොරුවන්ගේ සිංහල විරෝධය

 

මා  කිලි මහරාජා කළු ද සුදු ද දන්නේ නැහැ. ඊනියා ගුරු දෙවි වෘත්තීය සමිති නායකයන් ගැන කීමට ඇත්තේ ද එයමයි. ලංකාවේ දී ද සමාජයෙන් ඈත් ව ජීවත්වන මට ඔවුන් ගැන පෞද්ගලික දැනුමක් නැහැ. ඒත් ඔවුන් සියල්ලන් ම මේ ආණ්ඩුවට විරුද්ධ බව මා දන්නවා. ඔවුන් පමණක් නොව විවිධ ක්‍ෂෙත්‍රවල වෘත්තීය සමිති නායකයන් මේ ආණ්ඩුවට විරුද්ධයි. මේ රටේ ජේ ආර් ජයවර්ධනගෙන් පසු එ ජා පක්‍ෂයටත් අනුබද්ධ වෘත්තීය සමිති තියෙනවා. සුනිල් රත්නප්‍රියගෙන් අහන්න. ඊනියා සමාජවාදීන්ටත් එ ජා පක්‍ෂයටත් අණ්ඩු විරෝධීන් ලෙස එකතු වීමට හැකි කම තියෙනවා. ඔවුන් එකතු වෙනවා. ඔවුන් එකතු වන්නේ ඇයි? කිලි මහාරාජාටත් ඊනියා වෘත්තීය සමිති නායකයන්ටත් ඇති පොදු එකමුතුව කුමක් ද?

Tuesday 3 August 2021

මරණයේ එළිපත්ත පාගල ආපහු ආවා

 

මරණයේ එළිපත්ත පාගල ආපහු ආවා

 

මරණයේ එළිපත්ත පාගල ආපහු එන්න මට හැකි වුණා. එය මගේ වාසනාවක් ද වෙනත් කාගේවත් අවාසනාවක් ද කියන්න ඉක්මන් වෙන්න ඕන නැහැ. ආපහු ඒම වාසනාවක් නම් එළිපත්ත පාගන්න ගිය එක අවාසනාවක් ද වගේ ප්‍රශ්න අහන එක තේරුමක්  නැති වෙන්නත් පුළුවන්. අවාසනාවක් කියන වචනය ම තේරුමක් නැති එකක් වෙන්න ඕන. අපි කවුරුත් කවදා හරි මැරෙනවා. අපට අමෘතය ලැබිලත් නැහැ.