ගමෙන් ලියුමක් ඇවිල්ලා විජේගෙන් වාගෙයි
මියන්මාහි වෙසෙන මගේ ශ්‍රී ලාංකික මිතුරකුට තමන් දන්නා මියන්මා ජාතිකයකු මුණ ගැසිලා. ඒ මියන්මා ජාතිකයා යම් කිසි සම්මන්ත්‍රණයක් සඳහා ලංකාවට ගිහින්. මගේ මිතුරා අසා තිබෙනවා ඒ තැනැත්තාගෙන් ලංකාව ගැන මොකද කියන්නෙ කියලා. පිළිතුර වී ඇත්තේ ලාංකිකයන් තමන් ගැන කියවන බවත් වෙලාවට වැඩ නොකරන බවත්.
මට මේ කතාව මතක් වුණේ විජයදාස රාජපක්‍ෂ තම
හිතවත් ගෝඨාභයට ලියා ඇති කෙසේ නමුත් මාධ්‍යයට නිකුත් වී ඇති ලිපියක් කියවීමෙන්
පසුව. විජයදාස රාජපක්‍ෂ තම හිතවතාට එවැනි ලිපි කීයක් ලියා තිබෙනවා දැයි මා දන්නේ
නැහැ. ඔවුන් දෙදෙනා ම ගිරුවාපත්තුවේ. එක ම පත්තුවේ අය ලිපි ලියා ගැනීම වරදක් නො
වෙයි. ලිපි ලියා පත්තු වේ නම් එය ප්‍රශ්නයක් වෙන්න බැරි නැහැ. ඒ කොහොම වුණත් මේ
ලිපිය ලියා තියෙන්නෙ අපටත් දැන ගැනීමට. එය පෞද්ගලිකයි රහසිගතයි කියල නැහැ.
විජයදාස රාජපක්‍ෂ මගේ හිතවතකු නම් නො වෙයි. මා
ඔහු දැක ඇත්තේ එක් වරක් පමණයි. කතා කර නැහැ. ඒත් මා ඔහු විජේ කියා හඳුන්වනවා.
විජේගේ ලිපියේ සමහර කරුණු ඇත්ත වෙන්න
පුළුවන්. ඒත් ලිපියට අනුව විජේගෙන් තොර ලොවක් නැහැ. මේ ආණ්ඩුව හදන්න බොහෝ දෙනකු
උදවු වුණා. ඒත් ආණ්ඩුව හැදුවෙ මෙරට සිංහලයන්,
විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් මිස වෙනත්
කිසිවකු නො වෙයි.
මේ ආණ්ඩුවේ මෙතරම් විශිෂ්ට ජයග්‍රහණය එක්
පැත්තකින් නොව කිහිප පැත්තකින් පනස්හයේ ජයග්‍රණය වගේ. පනස්හයේ ජයග්‍රහණය
සිංහලයන්ගේ ජයග්‍රහණයක්. සිංහල ජනතාව බහුතරයක් ඒ ජයග්‍රහණය බලාපොරොත්තු වුණා.
එහෙත් දේශපාලනඥයන් ඒ බලාපොරොත්තු වුණේ නැහැ. මැද කොළඹින් තේමිස් ජයග්‍රහණය කරාවි
කියල කවුරුන්වත් හිතුව ද? තේමිස්ට පසුව මොකද වුණෙ කියා මා අහන්නේ
නැහැ. විජේ එ ජා පක්‍ෂයෙන් ශ්‍රී ල නි පක්‍ෂයට
ආව වගේ තේමිස් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට යන්න ඇති. ඒ ප්‍රතිපත්තිගරුක
දේශපාලනයක් ද කියා මා අහන්නෙ නැහැ.
මේ ආණ්ඩුවේ මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක්
සිංහලයන් බලාපොරොත්තු වුණත් දේශපාලනඥයන් බලාපොරොත්තු වුණේ නැහැ. අද ආණ්ඩුවට සිංහල
ජාතිකත්ව මතයේ අදහස් උදහස් නොලැබෙන බවක් පේනවා. ඇතැම් සිංහල ජාතිකත්ව මතධාරීන් බොර
දියේ මාළු බාන්න හදන එකත් ඇත්ත. ඔවුන් හිතන්නේ තමන්ට 2024
ජයග්‍රහණය හිමිය කියා. ඒ අනුව ආණ්ඩුව අනවශ්‍ය ලෙස විවේචනය කිරීමට ඔවුන් පෙළඹිලා.
කොහොමටත් විපක්‍ෂයේ සිටින විට ලිබරල්වාදීනුත් සෑම විට ම බොරු සමාජවාදීනුත් සිතන්නේ
සෑම ප්‍රශ්නයකට ම තමන්ට විසඳුම් තිබෙන බවයි. ජාතිකවාදීන් අතර බොරු සමාජවාදීනුත්
ඉන්නවා.
කොවිඩ් 19 ලංකාවට සීමා වූ එකක් නොවන බව
අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් අර වසංගත හයක් මෙල්ල කළාය කියන නොදත් දොස්තර
හිතන්නෙ තමන්ට හත්වැනි වසංගතයත් මෙල්ල කරන්න පුළුවන් කියා. මෙහෙමත් වාචාලකමක්. අර
මියන්මා ජාතිකයා කියා ඇති කතාව මතක් වෙනවා ද?
එක් එක් අය කොවිඩ් පිළිබඳ දෙන උපදෙස්
ගැන, කියන කතා ගැන වෙන වෙන ම හිතන්න ඕන. මහා බැංකුවේ
හිටපු අධිපතියන්, හිටපු නියෝජ්‍ය අධිපතියන් සෑම දෙයක් ම කියන්නේ
හුදෙක් රට ගැන ම පමණක් හිතලා නො වෙයි. ඔවුන්ට තමන්ගේ ම වූ දේශපාලන මතිමතාන්තර
තියෙනවා.
අද හැමෝම වගේ කියන්නෙ තමන් කී දේ කළා නම් රට
කොවිඩ් ආධිපත්‍යයෙන් මුදවා ගන්න තිබුණ කියල. අද කොවිඩ් ආධිපත්‍යයක් ලෝකෙ අනෙක්
රටවල වගේ ම ලංකාවෙත් තියෙනවා. අර වෛද්‍ය නිලධාරීන්ගෙ කියන සංගමයකුත් කියල තිබුණ
ඔවුන් කී දේ කළා නම් කොවිඩ් ආධිපත්‍යයක් නැහැ කියල. අර මියන්මා ජාතිකයා සිහිවෙනවා
ද? ඔය සංගමය තමයි කොවිඩ් ආධිපත්‍යය තමන්ට තරවීමට
ලැබුණු එකක් කියල හිතා ගෙන වර්ජන කළෙ. වැටුප් වැඩි කර ගත්තෙ. ස්වාමි පුරුෂයන්
භාර්යාවන් තුන්හතර දෙනකු ඇසුරු කෙළෙ. ඔවුන්ගෙ සභාපති සදාසභාපති. ඔහු සජිත්ගෙ නුවර
තිබුණු ජනාධිපති අපේක්‍ෂක රැස්වීමටත් ගියා. එහෙම තමයි සදාසභාපතිලා. කොහොම හරි
ඔවුන් ඇති කරපු වර්ජන රැල්ල ගුරුබොරුවන් දක්වා පැතිර ගියේ කොවිඩ් ආධිපත්‍යයට තව
තවත් රට යටකරමින්. ගුරුබොරුවන් අවුරුදු විසිහතරක ප්‍රශ්නයක් විසඳ ගන්න කොවිඩ්
එනකම් ඉඳලා. කොවිඩ් ආවෙ නැත්නම් තව කොච්චර කල් ඉන්නවා ද?
කොවිඩ් මර්දනය සඳහා එකතු වෙන්න කියා
සිංහලයන්ගෙන් ඉල්ලන එක මෝඩකමක්. ඔවුන්ට එහෙම එකතු වෙන්න බැහැ. ක්‍රිස්තියානි
නූතනත්ව ප්‍රජාතන්ත්‍රවාදය මගින් කෙරිලා තියෙන්නෙ සිංහලයන් භේද කිරීමයි. කොවිඩ්
මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව කර තියෙන සියල්ල හරිය කියා මා කියන්නෙ නැහැ. ඒ වගේ ම
සියල්ල වැරදිය කියාත්
මා කියන්නෙ නැහැ. අද ආණ්ඩුවේ ප්‍රමුඛතාව එන්නත්කරණයට බව පැහැදිලියි. ඒකෙ වරදක්
නැහැ. ඒත් ඒක මත පමණක් රැඳෙන්න එපා. සංචරණ නීති හැකිතාක් දැඩි වෙන්න ඕන වගේ ම
ජනතාවට ඒ ගැන කියන්න හාමුදුරුවරුන් හා වෙනත් දැන උගත් අය තව තවත් ඉදිරිපත් වෙන්න
ඕන කියා හිතෙනවා.
ඔය විශේෂඥ වෛද්‍යවරුන් නිකුත් කරන පණිවුඩවල අර
චීන එන්නත හැරෙන්න අනෙක් ඒවා ගන්න කියනවා. අදත් (අගෝස්තු 14) මා
එවැනි නිවේදනයක් දැක්කා. මෙරට බටහිර වෙදමහතුන් හා වෙදහාමිනේලා කෙරෙහි මගේ ඇත්තේ
තදබල අනුකම්පාවක්. ඔවුන් අද සංඛ්‍යාන විවරණ කරනවා. සංඛ්‍යානය ඔවුන්ගේ ප්‍රියතම
විෂය වෙලා වගේ. ඔවුන්ට එයට අමතර ව කරන්න දෙයක් නැහැ. කරන්නත් බැහැ. ඔවුන්ගේ බටහිර
ම වෙසෙන බටහිර වෙදමහතුන් කොවිඩ් ඉදිරියේ අසරණ වන විට ඔවුන් මොනවා කරන්න ද? අපි
ඔන්න ඔහේ ඔය සංඛ්‍යාන බලමු. බටහිර වෙදමහතුන් හැමදාමත් කළෙ රෝගීන් බය කිරීම. රෝගීන්
බයවන තරමට බටහිර වෙදමහතුන්ට හොඳයි. දැන් සංඛ්‍යාන මගින් බය කරනවා. කොවිඩ් ගැන බය
වෙන්න ඕන. ඒක වෙන ම කරුණක්. කෙසේ වෙතත් ආණ්ඩුව ආයුර්වේ ද වෙදමහතුන්ට තැනක් දීලා.
දේශීය වෙදමහතුන්ට ද එවැනි වැදගත්කමක් ලබා දෙන්න ඕන. එමෙන් ම බය නැති කර ගන්න ආධ්‍යාත්මික
ගුණවගාවක් ද අවශ්‍ය වෙනවා.
එන්නත ගත්තාය කියා කොවිඩ් නොවැළඳී ඉන්නේ නැහැ.
අමෘතය බිව්වාට නොමැරී ඉන්නෙත් නැහැ. අර ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් මිථ්‍යාවක් කියා
අහක දැමූ පැණියට මොකද වෙලා තියෙන්නෙ. ඔය ඩෙල්ටා විකෘතිය (ප්‍රභේදය) එන කාලයේ ම
ධම්මික වෙද මහතා කිවුවා තම පැණිය ඩෙල්ටාවට මදි බව. ඒත් ප්‍රබුද්ධයන් විද්‍යාඥයන්
වූ මෙරට ජනමාධ්‍යකරුවන් ඒ ගණනකටවත් ගත්තේ නැහැ. ඔවුන්ට දේශීය දැනුම මිථ්‍යාවක්. මා විද්‍යාඥයකු නොවීම කෙතරම් භාග්‍යයක් ද කියා
හිතෙනවා. ඔය මොකක් වුණත් පැණිය බිව් අයකු කොවිඩ් නිසා මරණයට පත් වූ බවක් අසා
තිබෙනවා ද? එන්නත දෙන අතර ම ආණ්ඩුව දේශීය ප්‍රතිකාරවලටත්
ආධ්‍යාත්මික ගුණවගාවටත් අත දෙන්න ඕන. අර එකල ඇහුණු පිරිත් දැන් ඇහෙන්නෙ නැත්තෙ මොකද? ඒ
මිථ්‍යාවක් කියා අයින් කෙරිලා ද?
මේ විජේගේ ලිපියට පිළිතුරක් නො වෙයි. මට ඔහුට
පිළිතුරු දීමට අවශ්‍ය නැහැ. පිළිතුරු දීම ඔහුගේ හිතවත් ගෝඨාභයගේ වැඩක්. ගණිත
භාෂාවෙන් කියනවා නම් මේ එම ලිපිය කියවීමෙන් මගේ හිතට නැගුණු සසම්භාවී අදහස්
කිහිපයක් පමණයි. විජේත් ලියල තියෙන්නෙ සසම්භාවී අදහස් කිහිපයක්.