Main Logo

Saturday 7 August 2021

බොරුකාරයකු ගැන

 


බොරුකාරයකු ගැන 



"සියලු පඬියන්ගේ දැනගැනීම සඳහා.

පී සී ආර් ධන වී රෝහල්ගත වීමි. කිවයුතු අසනීපයක් නැත. ඒ ගැන අසතුටුනම් ඇරිස් ලොක්කා හමුවන්න. මා වෙනුවෙන් පුද පූජා කළ සියල්ලන්ට පින්.”


ඉහත සඳහන් වන්නේ ජූලි 17 දාතමින් මුහුණු පොතේ ද ජූලි 20 දාතමින් කාලය වෙබ් අඩවියේ ද පළ වූ ලිපියකි. එය අසත්‍යයකි. මට කොවිඩ් වැළඳී තිබුණා. එසේ තිබිය දී කිවයුතු අසනීපයක් නැතැයි කීම බොරුවකි. මරණයේ එළිපත්ත පෑගීම ගැන ලියූ ලිපියෙන් ද ඉහත සඳහන් ප්‍රකාශය බොරු බව පැහැදිළි වෙනවා. එසේ බොරු කීම ගැන කණහාටුවෙනවා.  බොරු කියා ඇත්තේ සිහියෙන් ද අසිහියෙන් ද යන්න ප්‍රශ්නයක් නො වේ. බොරුව කියා ඇත්තේ මා ය. ඒ පිළිබඳ වගකීම මා භාරගන්නවා.


බොහෝ දෙනාට අනුව මා බොරුකාරයකු ය යන්න මගේ අදහසයි.