සුරංගනා කතා
මේ රටේ තරම් විිද්‍යාඥයන් ලෝකයේ වෙනත් රටක ඉන්නව කියල හිතන්න බැහැ.
දේශපාලන විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, විවිධ ප්‍රවාද අනුගමනය කරන සාහිත්‍යධරයන්, භෞතික විද්‍යාඥයන්, රසායන
විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන්, වෛද්‍ය විද්‍යාඥයන්, ඉංජිනේරු විද්‍යාඥයන්, පශූ
වෛද්‍ය විද්‍යාඥයන් ආදී වශයෙන් විද්‍යාඥයන් මෙරට දැක ගන්න පුළුවන්. ඔවුන් කිසිම ප්‍රවාදයක්
සංකල්පයක් තම ක්‍ෂෙත්‍රවලට එකතු කර නැති නමුත් ඔවුන් පෙනී සිටින්නේ විද්‍යාඥයන්
ලෙස. තමන් කතා කරන්නේ අහවල් විද්‍යාඥයකු ලෙස නැත්නම් අහවල් ක්‍ෂෙත්‍රයෙහි ප්‍රාමාණික
විද්‍යාඥයකු ලෙස වශයෙන් කියනු අප අසා තියෙනවා. නීතිඥයන් සාමාන්‍යයෙන් විද්‍යාඥයන්
ලෙස නොසැලකෙන නමුත් නීතියේ ප්‍රාමාණික විද්වතුන් ලෙස පෙනී සිටින්නන් ඉන්නවා.