Main Logo

Showing posts with label New constitution. Show all posts
Showing posts with label New constitution. Show all posts

Saturday, 4 January 2020

ගෝඨාභය හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති දේශනය පැවැත්වුණා. ඒ සඳහා පැවතියේ ඉතා චාම් උත්සවයක්. ඒ විය යුතු විධියයි. ඉංගිරිසින්ගෙන් උරුම වූ උත්තමාචාර වෙඩි මුර ආදිය නැතිව ජයමංගල ගී සහ සාමාන්‍ය ආචාර සමාචාර පමණක් තිබුණා. එහි දී රාජපක්‍ෂ වෛරය ප්‍රකාශ කළ දෙදෙනකු සිටියා. එක් අයෙක් චම්පක අනෙකා සරත් ෆොන්සේකා. චම්පක ජනාධිපතිට ආයුබෝවන් කීවේ නැහැ. සමහර විට ඔහු ජනාධිපතිට දිර්ඝායු නොපතනවා වෙන්න පුළුවන්. 

Wednesday, 1 May 2019

සුමන්තිරන්, බටහිරයන්, අයිසිස් හා රිෂාඩ්

සුමන්තිරන්, බටහිරයන්, අයිසිස් හා රිෂාඩ්

බොර දියේ මාළු බෑම කාටත් පොදු ලක්‍ෂණයක්. පඬියන් කියා එහි වෙනසක් නැහැ. කොහොමත් අර්බුදකාරි අවස්ථාවල අප විවිධ හිතළු ඔස්සේ වැඩ කරනවා. ඒ ඒ අය විවිධ දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා. මා දැක්කා ඒබ්‍රහම් සුමන්තිරන් කියා තිබෙනවා ආණ්ඩුව ඊනියා සුළු ජාතීන්ගේ පැවැත්ම ගැන නොසිතන එක ප්‍රශ්නයක් කියා. ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් නොගෙනීම ඔහුට ප්‍රශ්නයක් වෙලා. ඔහු ඊනියා සමාජයීය ගිවිසුමක් (social contract) ගැන කතා කරනවා. දැනට පවතින ව්‍යවස්ථාව ඊනියා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇතිව සම්මත කර ගත් එකක් නොවන බවයි ඔහු කියන්නේ. ඔහුට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ කලබල අස්සේ ඔහුගේ, රනිල්ගේ, ජයම්පතිගේ හා ලාල් විජේනායකගේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න. 

Sunday, 27 January 2019

විපක්‍ෂය ගත යුතු මග


විපක්‍ෂය ගත යුතු මග



මා ඊයේ ලිපිය ලියන විට දැනගෙන හිටියේ නැහැ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් යම් පිරිසක් පසුගිය සැප්තැම්බරයේ වෙනස් කෙරී ඇති බව. එබැවින් ව්‍යවස්ථා සභාව කල් ඉකුත් වූ සභාවක් යැයි කීම වරදක්. ඒ වරද ගැන මා කණගාටු වෙනවා. එය දත්තයක් පිළිබඳ වරදක්.

Wednesday, 12 September 2018

ජෙනීවා හා නිව්යෝක්


ජෙනීවා හා නිව්යෝක්



ඊයේ ලිපියෙහි වරදක් වෙලා. එහි පහත සඳහන් වාක්‍ය කිහිපය තිබුණා. "අප කළ යුත්තේ නනදිකඩාල් හි පරාජය වුණේ ප්‍රභාකරන් හා කොටි පමණක් නොව මුළු  දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය ම බව පෙන්වා දීමයි. නන්දිකඩල් ජයග්‍රහණයෙන් පසු තවත් සාකච්ඡා ඊනියා සංහිඳියා කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් හි අප දුන්නේ දේශපාලන විසඳූමක් එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මිස ඊනියා ජාත්‍යන්තරයක ප්‍රශ්නයක් නො වෙයි. මා ඒ බව සරත් වීරසේකරට මෙන් ම චන්න ජයසුමනටත් කියා තියෙනවා."  

Monday, 10 September 2018

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල


මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.

තර්ජනී නාමල් හා මෛත්‍රිපාල



කාලෙකට පස්සෙ ලංකාවෙ කණ්ඩායමක් ශූරතාව  දිනලා. ඒ දැල්පන්දු ක්‍රීඩාවෙන්. කණ්ඩායමේ හිටිය දෙමළ කතාකරන ක්‍රීඩිකාවක් ගැන බොහෝ දෙනා කතා කරනවා.  ඇයත් කණ්ඩායමත් ගැන අපට ආඩම්බරයක් තියෙනවා. එහෙත් ඒ ක්‍රීඩිකාවගේ නම කුමක් ද? එය සිංහලෙන් ලියැවෙන්නෙ තර්ජනී කියලා. එහෙම නමක් තියෙන්න පුළුවන් ද? ප්‍රංශ නම් හරියට උච්චාරණය කරන්න වෙහෙසෙන දෙමළ සිංහල භේදයක් ඇතිකිරීමට බටහිරයන්ගේ (ප්‍රංශ කාරයන්ගේ ද ඇතුලුව) ආධාරයෙන් හා අනුග්‍රහයෙන් කටයුතු කරන ඊනියා මානව හිතවාදීන් මේ නම උච්චාරණය කරන හැටි ප්‍රංශ කාරයකුගෙන්වත් අහගන්නෙ නැහැ. දෙමළ නම් ඉංගිරිසි අකුරෙන් ලියන්නෙ එක එක විධියට. අපට ඉස්සර ධර්මරත්නම් කියා ආචාර්යවරයෙක් හිටියා. ඔහුගේ නම ලිව්වෙ (Tharmaratnam) කියා. අරුල්ප්‍රගාසම් කියා පීඨාධිපතිවරයකුගෙ නම ලිව්වෙ (Arudpragasam) ලෙස. දෙමළ බසට ගරු කරනවා කියන පඬියන් ඒ බසට ප්‍රංශ බසට තරම් ගරු කරන්නෙ නැති බව පැහැදිලියි. දෙමළ න ල ෂ ශබ්ද කිහිපයක් තියෙනවා. ඒ ඉංගිරිසියෙන් (පඬි වීමට රෝම අකාරාදියෙන්)  ලියන ක්‍රම තියෙනවා. මා හිතන්නෙ මේ ක්‍රීඩිකාවගේ නම දර්ශනී කියලා. මා වැරදි වෙන්න පුළුවන්. දන්න කෙනෙක් කියන්න.

Monday, 30 October 2017

අද ඇරඹෙන විවාදය  


අද ඇරඹෙන විවාදය



ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කෙරුණු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද සිට දින තුනක් විවාද කිරීමට නියමිතයි. මේ විවාදය පැවැත්වෙන්නේ ඇමරිකානු ඔරුමත්තුනාඩු යුද්ධ නැව් කිහිපයක් කොළඹ වරායේ තිබෙන අතර. ඒ සිද්ධි දෙක සමගාමී වීම අහම්බයක් වන්නත් පුළුවන්, සැලසුම් කරන ලද්දක් වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ හිතන් හිටිය ද දන්නෙ නැහැ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ඡන්දයෙන් පමණක් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. එහි දී රටේ විරුද්ධත්වයක් ඇති වුණොත් විදේශවලින් යුද්ධාධාර ඉල්ලීමට. එය හිතළුවක් පමණක් වුවත් රනිල් වැඩ කරන ආකාරයට හා බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතා අනුව නව ව්‍යවස්ථාවක් කෙසේ නමුත් සම්පාදනය කිරීම අද ප්‍රධාන කාර්යය වෙලා.

Friday, 27 October 2017

ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම  


ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම

 

ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය උපදෙස් ගන්නේ ජාත්‍යන්තරවාදීන්ගෙන් බව පැහැදිලියි. අද අප ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම් ව සිටිය යුතුයි. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ කුමක් සිදුවේ ද යන්න කල් තබා මුළුමනින් ම  කීම තරමක් අපහසුයි. එහෙත් එය යම් තරමකට පුරෝකථනය කරන්න පුළුවන්. අප අතර සිටින ජාතිකවාදීන් යැයි කියා ගන්නවුන්ගෙන් අප පරෙස්සම් විය යුතුයි. නිතර දෙවේලේ රූපවාහිනියෙන් වාචාල කතා කී පමණින් කිසිවකු ජාතිකවාදියකුවත් බුද්ධිමතකුවත් වන්නේ නැහැ.