Main Logo

Showing posts with label Sarath Fonseka. Show all posts
Showing posts with label Sarath Fonseka. Show all posts

Thursday, 16 January 2020

සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු

 සිංහල ලිත් ඉලක්කම්


සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු


තව මාස එකහමාරකින් පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතයි. ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීම අවශ්‍යයි. එමෙන් ම රටට නව දේශපාලනයක් අවශ්‍යයි. ජනාධිපතිවරණයෙන් පසු මාස දෙකක් ගෙවී ගිහින්. ඉතා හොඳ පියවර කිහිපයක් එ කාලයෙහි අරගෙන තියෙනවා. එහි ගෞරවය ජනාධිපතිට හිමි වෙන්න ඕන. ඒත් පහුගිය මාස දෙකේ කළ වැඩ සියල්ල අනුමත කරන්න බැහැ. ඇතැම් පත්වීම් ගැන හොඳක් කියන්න බැහැ.

Saturday, 4 January 2020

ගෝඨාභය හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති දේශනය පැවැත්වුණා. ඒ සඳහා පැවතියේ ඉතා චාම් උත්සවයක්. ඒ විය යුතු විධියයි. ඉංගිරිසින්ගෙන් උරුම වූ උත්තමාචාර වෙඩි මුර ආදිය නැතිව ජයමංගල ගී සහ සාමාන්‍ය ආචාර සමාචාර පමණක් තිබුණා. එහි දී රාජපක්‍ෂ වෛරය ප්‍රකාශ කළ දෙදෙනකු සිටියා. එක් අයෙක් චම්පක අනෙකා සරත් ෆොන්සේකා. චම්පක ජනාධිපතිට ආයුබෝවන් කීවේ නැහැ. සමහර විට ඔහු ජනාධිපතිට දිර්ඝායු නොපතනවා වෙන්න පුළුවන්. 

Sunday, 18 August 2019

ගෝඨා භය

           සිංහල ලිත් ඉලක්කම්




ගෝඨා භය


අද මෙරට ඉතිහාසයේ ඉතාමත් ම වැදගත් දවසක්. සමහරවිට වැදගත් ම දවස වෙන්න පුළුවන්. අද තමයි මෙරට ප්‍රධාන විප්ලවවාදී පක්‍ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන තම අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා නම් කරන දවස. කිසිම ප්‍රායෝගික දේශපාලනයක් කර නැති එහෙත් වීරයන් වීමට දඟලන ඊනියා උගතුන්ටත් අද දවස වැදගත්. ඔවුන්ගෙන් වොයිස්කට් ලබා ගැනීමට එවැනි ම ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් කටයුතු කරාවි. ලාංකික විප්ලවයේ විශ්වවිද්‍යාලවල තරූණ තරූණියන්ට සතිපතා නාන්න සලස්වන පෙරටුගාමීන්ට රට පුරා පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න තරම්වත් ශක්තියක් නැති බව පැහැදිලියි. 

Saturday, 17 August 2019

ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

                    සිංහල ලිත් ඉලක්කම්


ප්‍රතිඥා හා ඊනියා සුළු ජාතික ඡන්ද

අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල තියෙන්නෙ දෙමළ ජනතාවට අභිමානයෙන් ජීවත් වීමට පළාත් සභා බලතල දිය යුතු ය කියා. ඔය අභිමානය, අභිලාෂය වගේ වචන දශක ගණනාවක් තිස්සේ යොදා ගැනෙනවා. කුමාර් පොන්නම්බලම් ද ඔය කතාව කිව්වා. 

Wednesday, 7 August 2019

කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු


සිංහල ලිත් ඉලක්කම්


කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු  


හජ්ජි උත්සවය සඳහා මුස්ලිම් පල්ලිවල තිබූ කඩු කිණිසි ආදිය ආපහු භාරදීලා. මාඝාත නමින් නීතියක් තිබූ රටක සත්ව ඝාතනය රජයේ අනුදැනුම ඇතුව කරන එකක් බවට පත්වෙලා. බොහෝ දෙනකු දන්නේ නැතිව ඇති මාඝාත කියන්නෙ මොකක් ද කියලා. දන්නෙ නැති අය හොයල බලන්න. මා කියන්න යන්නෙ නැහැ. මෙරට බෞද්ධයන් කුකුල් මස් කන හැටියට මුස්ලිමුන්ට කුකුළන් මැරීමටත් ආයුධ සපයන්න ඕන. අද රටේ පවතින තත්වයට පළමුව වරද පටවන්නෙ ඕන බෞද්ධයන්ට හා මුස්ලිම් ඡන්ද පෙරේතයන් වූ ඔවුන්ගේ දේශපාලනඥයන්ට. බද්‍යුද්දීන් කියා තිබුණා ඔවුන් දිනන පැත්තට කියා. ඔහු ඕනෑම ආණ්ඩුවක ඇමතිවරයෙක්. හිස්බුල්ලා කගේත් බුල්ලා. 

Tuesday, 25 June 2019

දහනවය, විස්ස හා මහින්ද


දහනවය, විස්ස හා මහින්ද 

දැන් ඒ ගමන මහින්දගෙ පිළ කියාගෙන යනවා ඔවුන් දහනවයට ඡන්දය දුන්නෙ විස්ස ගේන බවට මෛත්‍රිපාල පොරොන්දු වුණ නිසා කියල. මහින්දත් ඒ වගේ කතාවක් පහුගිය දා කිවුවා.  ශ්‍රී ල නි පක්‍ෂය දහනවයට ඡන්දය දුන්නෙත් මෛත්‍රිපාල ඔවුන්ටත් විස්සක් ගේන බවට පොරොන්දු වුණු නිසා ද? ඊයේ මා අසා සිටියා ඩලස් අලහප්පෙරුම මහා බුද්ධිමත් ස්වයං විවේචනාත්මක වෙසක් ගනිමින් තමන් දහනවයට ඡන්දය දීම වරදක් බව පිළිගන්නා බවත් එහෙත් එසේ කෙළේ විස්ස ගෙනෙන බවට පොරොන්දු වූ නිසා බවත් කියනවා. මේ ඩලස් අලහප්පෙරුම නුගේගොඩ රැස්වීම දවස්වල හිටියේ කොහෙද?  

ඒ ප්‍රශ්නය විස්සට අදාළ නැති බව පැහැදිලියි. නමුත් මා ඒ ප්‍රශ්නය අහනවා. දහනවය ගෙනාවෙ ඊනියා දින සීයේ යහපාලන ආණ්ඩුවෙන්. ඩලස් ඒ බව දන්නවා. දහනවය ගෙනාවෙ නුගේගොඩ රැස්වීමට පස්සෙ කියන එකයි මගේ මතකය. ඩලස් ඒ වන විට මහින්දගෙ හොඳ හිතවතෙක් වෙලා. ඒත් ජනවාරි මාසෙ නම් මහින්දට දුරකථනයටවත් ඔහු සම්බන්ධ කර ගන්න බැරි වුණා. කෙහෙළිය රඹුක්වැල්ලත් කියල තිබුණ දහනවයට ඡන්දය දුන්නෙ විස්ස ගේන බවට පොරොන්දුවක් දුන් නිසා කියල. කෙහෙළිය කියන්නෙ ජී එල් සමග පළාත්සභා පොදු ලැයිස්තුව අස් කර ගන්න බවට ලියුමක් දුන් තැනැත්තා. ඒ අවුරුද්දකට දෙකකට කලින්. මහින්දගෙ අනුග්‍රහයක් නැතිව ඔවුන් ඒ ලිපිය දෙයි කියල හිතන්න බැහැ. 

මහින්ද කියන ඕන දෙයක් පිළිගන්න රටේ අර පනස්අට ලක්‍ෂයෙන් අති විශාල බහුතරය සූදානමින් ඉන්නවා. ඔවුන් මා කියන දෙයක් සතපහකට ගණන් ගන්නේ නැහැ. මහින්ද කොටි පරදවන්නෙ අරකෙන් ද කියල සෝමවංශ අමරසිංහගෙන් අහන්න අවුරුදු විස්සකටත් ඉස්සර කොටි පැරදවිය හැකි බව හා යුතු බව මා කියා තිබුණා. එහෙත් මා කියන දේට වඩා මහින්ද කියන දේ මිනිසුන්ට විශ්වාසයි. ඔවුන් මා සලකන්නේ කිසි වැඩක් කරල නැති නිකම් ලිපි ලියන්නකු හැටියට පමණයි. සමහරු හිතන්නෙ මට පුළුවන් ඊනියා තියරි විතරයි කියලයි. මා ප්‍රායෝගික ව කර ඇත්තේ කුමක් දැයි ඔවුන් අහනවා. මා ආයුධයක් ගෙන සටන් බිමට ගිය නැති බව ඇත්තයි. ඒහෙත් මා කිසිවක් නොකළ අයකු ලෙස සැලකීම නම් තරමක ප්‍රශ්නයක්. ඒත් ඒ ගැන මා පුදුම වෙන්නේ නැහැ. හතරවැනි සියවසෙන් පමණ පසුව අප හිතන එක නතර කරලා. අප දන්නේ හිතන අය ගැන නොව අනුන්ගේ සින්දු කියන ඩ්‍රීම් ස්ටාර්ලා ගැන පමණයි. මා කියන්නේ පඬියන් ගැන ම පමණක් නො වෙයි.  

අවාසනාවකට ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ සම්පූර්ණ ගෞරවය ම මෙන් මහින්දට හිමිවෙලා. වැඩිම වුණොත් ගෝඨාභය ගැන කියාවි. එහෙත් සරත් ෆොන්සේකා වසන්ත කරන්නාගොඩ ආදීන් ද සිටිනවා. මේ ගෞරවය නිසා මහින්ද කියන ඕනෑම දෙයක් පනස්අට ලක්‍ෂය පිළිගන්නවා.   

පනස්අට ලක්‍ෂය මා ප්‍රතික්‍ෂෙප කරාවි. මට ලැබුණු කුට්ටිය කීයද කියලා අහාවි. එහෙත් මා ඉතා හොඳින් දන්න දෙයක් තියෙනවා. දහනවය සාකච්ඡා වෙන කාලෙ විස්සක් ගැන ඒකාබද්ධ විපක්‍ෂය කතා කෙළේ නැහැ. මා එය දැන ගත්තේ කෙසේ ද කියා මා කියන්නේ නැහැ. එකල මා ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීන්ට පෞද්ගලික ව  ලිපියක් යැවුවා අඩු තරමෙන් දහනවයේ යම් යම් කොන්දේසි ඉවත් කරවන්න කියා. එහෙත් ඔවුන් ඒ ලිපිය සතපහකට ගණන් ගත්තේ නැහැ. ඒ වන විට මහින්ද දහනවයට ඡන්දය දෙන්න තීරණය කරල ඉවරයි. පසු දිනෙක පවිත්‍රා වන්නිආරච්චි ඉතා පැහැදිලි ව කියා තිබුණා තමන් දහනවයට ඡන්දය දුන්නෙ සර් (මහින්ද) කී නිසා කියල. විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. 

විස්සෙ කතාව ඊයෙ පෙරේදා ඇදල ගත්ත එකක්. දහනවයට ඡන්දය දීම වරදක් බව පෙන්නුවා ම තමයි විස්සක් ඇදල ගත්තෙ. ඊට ඉස්සර විස්සක් ගැන කියැවුණෙ නැහැ. පසු කාලෙක 2018 මැයි මාසෙ වගේ ජ වි පෙ ආණ්ඩුව වෙනුවෙන් විස්සක් ගෙනාවා. ඒක විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ම වගේ අහෝසි කරන්න ගෙනාපු එකක්. ජනාධිපති තෝරන ක්‍රමයත් වෙනස් කරන්න ඒකෙ කියල තිබුණා. 2018 මැයි මාසෙ විස්ස ගැන මා ලියා ඇති මහින්දගෙ මුට්ටි දේශපාලනය ගැනත් කියලා. දහනවය ගෙනාපු දවස්වල විස්සක් ගැන කතාවක් තිබුණෙ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ මහින්දගෙ කීමට දහනවයට ඡන්දය දුන්නා. අද ඔවුන් විස්ස ගැන බයිලා කියනවා. 

හොඳයි අපි හිතමු මෛත්‍රිපාල විස්ස ගේන බවට පොරොන්දු වුණා කියල. දැන් ඒ විස්සෙ තියෙන්න යන්නෙ මොනව ද කියල ඩලස් හරි කෙහෙළිය හරි පවිත්‍රා හරි දැන ගෙන හිටිය ද? දැන ගෙන හිටිය ම කියමු. එත් මේ අනාගතයෙ සිද්ධ වෙන දෙයක් ගැන දුන් ඊනියා පොරොන්දුවක් නිසා දහනවයට ඡන්දය දෙනවා ද? ජනාධිපති ධුරයක් දැරූ අයකු කිසිම ලියවිල්ලක් නැතිව මෛත්‍රිපාල දුන් පොරොන්දුවක් මත පමණක් ඒ සා වැදගත් පනතකට ඡන්දය දෙනවා ද? 

අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂයෙ ම අය තමයි කිව්වෙ මෛත්‍රිපාල විශ්වාස කරන්න බැහැ කියලා. රෑ එකට ආප්ප කා පසුදා උදේ තමන්ට විරුද්ධ වූ අයකු ගැන මාස කිහිපයක් යන්නට මත්තෙන් එවැනි විශ්වාසයක් ඇති කර ගත්තේ කෙසේ ද? මට මෛත්‍රිපාල ගැනවත් මහින්ද ගැනවත්  තදබල විශ්වාසයක් නැහැ.  ඒත් ඒ දෙදෙනා එකතු නොවී රනිල් ඉවත් කරන්න බැරි බව මා දැන සිටියා. මා ඒ සඳහා ලිව්වා. පහුගිය ඔක්තෝම්බරයෙ එය එලෙසමත් ඉටු වුණා. මයිලෝ කාරයන් නොවන්නට අපට හුඟක් දේ කර ගන්න තිබුණා.  

මහින්ද දහනවයට ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්‍ෂය පෙළඹෙව්වේ තමාට ඊනියා විධායක අගමැතිකම ලැබේවිය යන බලාපොරොත්තුවෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට කියන එක දැන් කියන එකක් නැහැ. ඔහු අඩු වශයෙන් දහතුන ගැනවත් හිතුවේ නැහැ. පළාත් සභා තිබිය දී විධායක ජනාධිපති බලතල කප්පාදු කිරීම ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ. රට ගැන නොව පෞද්ගලිකත්වය ගැන පමණක් සිතා තීරණ ගැනීමේ වරදින් අද රට ම අස්ථාවර වෙලා. මහින්ද ඒකාබද්ධ විපක්‍ෂයේ ඡන්ද ලබා නොදෙන්න දහනවය සම්මත කර ගන්න බැහැ.  

2018 මැයි 05, 08, 16, 26, 27, 30 හා ජූනි 08 කාලය වෙබ් අඩවියේ පළ වූ ලිපි කියෙව්වොත් විස්ස ගැන තව යමක් කමක් දැන ගන්න පුළුවන්. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. දහනවයට පමණක් නොව යහපාලන අයවැයටත් ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන් බවයි මගේ මතකය. වැරදි නම් කියන්න. මේ රටේ තියෙන්නෙ දරුණුම ගණයෙ ගණුදෙනු (ඩීල්) දේශපාලනයක්. දහනවයට විරුද්ධ ව ඡන්දය දුන්නෙ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය නොදී ගෙදර ගියා.    

Thursday, 25 April 2019

ඒ සරත් මේ සරත් හා අනෙක් සරත්


ඒ සරත් මේ සරත් හා අනෙක් සරත් 

ඊයේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී හොඳ කතාවක් කළා. ඔහු ද වෙනත් බොහෝ අය මෙන් ම වෛරී දේශපාලනයේ ගොදුරක්. ඔහු සුදු කොඩි කතාව කෙළේත් වෛරී දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස. මා ඒ කතාවට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. එය රට පාවාදීමක් වුණා. ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි මුලින් ම කී අයකු වූයේ මා. එහෙත් ඔහු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී කළ කාර්යභාරය කිසිවකුට අමතක කරන්න බැහැ. අප රටේ එක් ලක්‍ෂණයක් වී ඇත්තේ යමකු කොතරම් ගුණ කළත් එක වරදකින් පමණක් ඒ සියල්ල අමතක කිරීමයි. ඇතැම් විට වරදක් කිරීමත් අවශ්‍ය නැහැ. තමන් දරණ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කළ පමණින් ඒ කළ හොඳ සියල්ල අමතක කරනවා. 

Saturday, 2 February 2019

ජනාධිපතිට ඇමති දොළ පිදේනි නැවැත්විය හැකියි


ජනාධිපතිට ඇමති දොළ පිදේනි නැවැත්විය හැකියි



එක්සත් ජාතික පෙරමුණ නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හිලකින් රිංගන්න හදනවා. මේ වගේ ව්‍යවස්ථාවෙ හිල්වලින් රිංගපු තවත් ආණ්ඩුවක් නැහැ. ඒ වගේ ම මේ වගේ ජරාජීර්ණ ඇමති පෙරේතයන් හිටපු පාර්ලිමේන්තුවක් නැහැ. අද මතයක් ඇති කරන් තියෙනවා ඇමති කෙනෙක් වෙන්නෙ නැතිව රටට වැඩක් කරන්න බැහැ කියලා.  අද මන්ත්‍රීවරු බොහෝ විට පක්‍ෂ මාරු කරන්නෙ ඇමතිකම් බලාපොරොත්තුවෙන්. ඒක කරන්නෙත්  ඉලක්කෙන් හතෙන් එහා පැත්තෙ කියැවෙන මුදල්වලට. ඊළඟට ඇමති වෙලත් නිකම් ඉන්නෙ නැහැ. තවත් හම්බ කරනවා.

Friday, 26 October 2018

මහින්ද හා රෝ නාඩිය


මහින්ද හා රෝ නාඩිය



සති ගණනාවකට පස්සෙ නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන ඒ පොඩි දේකට නොවෙයි. රටේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමේ කතාවක් සම්බන්ධයෙන්. ඒ චෝදනා කරන පුද්ගලයා නාමල් කුමාර කියල පොලිස් ඔත්තුකරුවකු  බව පැවසෙනවා. ඔහු තාම අත්අඩංගුවට පත් වෙලා නැහැ. ඔහු සරත් ෆොන්සේකා ගැනත් කියනවා. මෙහි ඇත්ත නැත්ත අප දන්නේ නැහැ. නාලක - නාමල් කටහඬ පට 123කින් 122ක් ද කොහෙද සැසඳෙනවා කියනවා. ඒ සංඛ්‍යා වැරදි වෙන්න පුළුවන්. එහෙත් ඒ සංඛ්‍යා ප්‍රතිශතය  එ ජා පක්‍ෂය වෙනුවෙන් ජ වි පෙ ඉදිරිපත් කළ විසිවැනි සංශෝධනයේ ව්‍යවස්ථාවට එකඟ නොවන වගන්ති ප්‍රතිශතයටත්  වඩා බෙහෙවින් ඉහළයි. ජ වි පෙරමුණට දැන් වෙනින් වාර්තාවක් ගැන හිතන්න වේවි. පහුගිය දා පැවති ජන උද්ඝෝෂණයේ රතු කමිස ඇඳගත් පාක්‍ෂිකයන්ගේ හා රතු කමිස ඇඳනොගත් පාක්‍ෂිකයන්ගේ එකතුවේ ප්‍රතිශතය කීයද දන්නෙ නැහැ.අනුර කුමාර රතු කමිසයක් ඇඳ සිටියේ නැති නිසයි ඒ විධියට ප්‍රශ්න කරන්නෙ.

Sunday, 9 September 2018

ෆොන්සේකා හා ජෙනීවා



මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.


ෆොන්සේකා හා ජෙනීවා



ඊයේ දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ කිහිපයක් වාර්තා කර තිබුණා. ඒ ජෙනීවා හා ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන්. අනෙක් පුවත්පත්වල එය කෙසේ වාර්තා වී දැයි මට නිශ්චිතව කියන්න බැහැ. එහෙත් ෂමින්ද්‍රගේ වාර්තාව ඉතා වැදගත්.

Saturday, 19 May 2018

ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම


ප්‍රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම



ප්‍රභාකරන් ඝාතනය කෙරුණු දිනයේ ඒ ගැනත් යමක් කියන්න ඕන. ඉන්දියාව මේ මෙහෙයුම් සම්බන්ධ ව දැක් වූ ආකල්පය කුමක් ද? අද අපට එය වැදගත් වෙනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි අපේ රාජ්‍යය එනම් සිංහල බෞද්ධ රාජ්‍යය  නැවත පිහිටුවා ඒ පවත්වා ගෙන යෑමට. මේ ලිපිවලින් එතරම් ඵලක් නොවන බව මා දන්නවා. එහෙත් ඒ ලියන්න ඕන කිහිප දෙනකුටවත් වැඩක් ගන්න. 1815න් පසු අපට ඇත්තෙ ක්‍රිස්තියානි රාජ්‍යයක්. 1817-18, 1848, දහනවවැනි සියවස අග, නවසිය පනස්ගණන්වල සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කිරීමේ අවශ්‍යතාව ඇතැමුනට තිබුණ. නමුත් අසමගිකම් ඇතුළු විවිධ හේතු නිසා එය සඵල වුණේ නැහැ.

Sunday, 4 March 2018

ගෝඨාභය හා මෛත්‍රීබය



ගෝඨාභය හා මෛත්‍රීබය


ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ කතා බහ කලක් තිස්සේ පැතිර යනවා. රණවිරුවන් දඩයම් කරන්නේ නැතැයි කියන ආණ්ඩුවක් රණවිරුවන් සම්බන්ධ ආරක්‍ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගන්න හදනවා. ආණ්ඩුව කියාවි අත්අඩංගුවට ගැනීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් නොවෙයි කියලා. රටේ සාමාන්‍ය නීතිය අනුව පුරවැසියකු සම්බන්ධ චෝදනාවකට පරීක්‍ෂණ කිරීම අදාළ අංශවල කටයුත්තක් කියා ආණ්ඩුව කියන්න පුළුවන්.

Thursday, 14 September 2017

හාමුදුරුවරුන්ට අපහාස කරන අමන දේශපාලනඥයෝ


හාමුදුරුවරුන්ට අපහාස කරන අමන දේශපාලනඥයෝ



එංගලන්තය ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් වන්නා සේ ම ඉතාලිය කතෝලික රටක් වන්නා සේ ම ඉන්දියාව හින්දු රටක් වන්නා සේ ම සවුදි අරාබිය මුස්ලිම් රටක් වන්නා සේ ම ලංකාව සිංහල බෞද්ධ රටක්. ඉන්දියාව රටක් වුනේ ඉංගිරිසින් එහි ගියාට පස්සෙ. හින්දු ආගම ඇති වුණෙත් හයවැනි සියවසෙන් පස්සෙ. ක්‍රිස්තියානි මුස්ලිම් කතෝලික ආගම්වල ඉතිහාසය සිංහල බෞද්ධ රටේ ඉතිහාසය තරම් පැරණි නැහැ. ලෝකයේ තිබෙන අඛණ්ඩ පාරම්පරික ජීවමාන සංස්කෘතීන් අතර සිංහල බෞද්ධ සංස්කෘතිය පැරණි ම ජීවමාන සංස්කෘති දෙකෙන් එකක්. අනෙක චීන සංස්කෘතිය.



සිංහල බුද්ධාගම කියන්නෙ බුදුදහම නො වෙයි. සිංහල බුද්ධාගමේ හාමුදුරුවරුන් වැඩ ඉන්නේ අපට ධර්මයෙන් අනුශාසනා කරන්න පමණක් නො වෙයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ දවසේ සිට ම උන්වහන්සේලා රජවරුන්ට හා ජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. ඒ බව වෙනත් ආගමිකයන් මෙන් ම ජාත්‍යන්තරවාදී ඕල්කට් බෞද්ධයනුත් දැන ගන්නවා හොඳයි. සිංහල බෞද්ධයන් ඇතැම් විට හාමුදුරුවරුන් විවේචනය කරනවා. ඒ පෞද්ගලික ව මිස ප්‍රසිද්ධියේ නො වෙයි. හාමුදුරුවරුන් රහත් වී නැහැ. උන්වහන්සේලාත් පෘථග්ජන. උන්වහන්සේලා අතින් වැරදි වෙන්න පුළුවන්. එහි ඵල විපාක උන්වහන්සේ විඳිනු ඇති. උන්වහන්සේලා කෝටියක් සංවර සිල් නොව පන්සිල් බිඳ ගත්තත් අප පන්සිල් ගන්නේ උන්වහන්සේලගෙන් මිස අමන දේශපාලනඥයන්ගෙන් නො වෙයි. එහි පරස්පරයක් දැකිය හැක්කේ ජාත්‍යන්තරවාදී බෞද්ධයකුට පමණයි. ගුරු හාමුදුරු කෙනකු සිටින, ඕපපාතික ව පහළ නොවූ හාමුදුරුවරුන්ට සිංහල බෞද්ධයන් ගරු කරනවා, වඳිනවා. අද බොහෝ විට අමන දේශපාලනඥයන්ටත් සිසුන් හා වෙනත් අය වඳින නිසා ඔවුන් හිතනවා ඇති ඔවුනුත් අපේ වැඳුම් ගන්න බිහි වුණු අය ලෙස.



හාමුදුරුවරුන්ගේ ශීලය වැදගත්. එහෙත් සිංහල බෞද්ධයන්ට එය එක් නිර්ණායකයක් පමණයි. සිංහල බෞද්ධයන්ට හාමුදුරුවරුන් ජාතියේ මුරදේවතාවුන් වහන්සේ. අපේ හාමුදුරුවරුන්ගේ වැදගත් කාර්යයක් වන්නේ ජාතිය, ඒ කියන්නේ සිංහල ජාතිය රැක ගැනීම. සමහර විට සිල් රැකීමටත් වඩා ජාතිය රැකීම වැදගත් වෙන්න පුළුවන්. සිංහල ජාතිය නොවන්නට ලොවේ ථෙරවාදයක් නැහැ. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. සිංහලයන්ට ජාතිය රැක ගැනීමට උපදෙස් දුන්නේ අවවාද අනුශාසනා කෙළේ සිංහල හාමුදුරුවරු. සිංහලයන් ජාතියක් වූයේ බටහිර ඊනියා ධනපති විප්ලවය ඇතිවීමට බොහෝ කලින්. යුරෝපයේ ජාතීන් ඇති වූයේ ඊනියා ධනපති විප්ලවයෙන් පසුව.



සරත් ෆොන්සේකා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට චීවර ධාරියකු පිස්සකු යැයි කියනවා. සරත් ෆොන්සේකා යුද්ධ දක්‍ෂයෙක්. ඒ ගැන වාදයක් නැහැ. ඔහු හමුදාපති ලෙස වැදගත් කාර්යයක් ඉටු කළා. එහෙත් ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු ඔහු රටට වින කරනවා.  කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව මගින් ඔහු රටට මහත් හානියක් කළා. ඊනියා යුද්ධාපරාධ කතා ඇති වූයේ ඉන් පසුව. අද ඔහු ජගත් ජයසූරිය ගැන ඊනියා යුද්ධාපරාධ කතා කියනවා. ඒ සියල්ල ඔහු හමුදාපති ව සිටි කාලයේ සිදු වූ දේ. ඒ සියල්ල යුද්ධාපරාධ නම් ඔහු එයට වග කිව යුතුයි. ඊනියා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ දී ආණ්ඩුව දක්වන මන්දගාමි භාවය ගැන දින කිහිපයකට පෙර හුසේන් කුමාරයා ජෙනීවාහි දී කතා කර තිබුණා. මෛත්‍රිපාල ඊයේ අදාළ පනතට අත්සන් කළා. මේ නිවට ආණ්ඩුවට බටහිරයන් නියම කළ කාර්යභාරය ගැන අප කියා බොහෝ කල්. අප කියන දේ අසන්නේ කවුද?



රන්ජන් රාමනායක බී එම් ඩබ්ලිව් සංඝ මුදලාලිලා ගැන කතා කර තිබුණා. හාමුදූරුවරුන් ගැන සිංහල බෞද්ධයනට නැති රුදාවක් කතෝලික රන්ජන් රාමනායකට තියෙන්නෙ කොහොම ද? රන්ජන් රාමනායක සාමාන්‍යයෙන් කරන්නේ අනුන් ලියා දෙන පිටපතක් අනුව රඟපෑම. සමහර විට පිටපත ඔහු ම ලියනවාත් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධයකු සමහර කතෝලික පියතුමන්ලාගේ පිළිවෙත පිළිබඳ යමක් කීවොත් කුමක් සිදු වේවි ද? සිංහල බෞද්ධ රටේ ඊනියා ප්‍රමුඛස්ථානය කෙසේ වෙතත් බලය ඇත්තේ කාට ද? සිංහල බෞද්ධයනට ද?



සිංහල බෞද්ධයනට එරෙහි වන ඇතැමුන් සිංහල බෞද්ධ පවුල්වල උපත ලත් අය. ඔවුන් අද රැකෙන්නේ ඔවුන්ට ප්‍රසිද්ධිය ලැබෙන්නේ කෙසේ ද? ඔවුන් සිංහල බෞද්ධයනට එරෙහි වන්නේ ඔවුන්ගේ ඊනියා මානව හිතවාදයක් නිසා ද? සිංහල බෞද්ධයනට එරෙහිව යන මේ සියලු දෙනා අවසාන වශයෙන් පදනම් වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි. ඒ දැනුම් ආධිපත්‍යයට ඔවුන් කිසි දිනෙක විරුද්ධ වන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා සමාජවාදයත් සේවය කරන්නේ බටහිර ආධිපත්‍යයට. අද සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ප්‍රධාන වශයෙන් ඇප කැප වී සිටින්නේ මාක්ස්වාදීන්.



අද අමන දේශපාලනඥයන් විවේචනය කරන්නේ සිංහල ජාතිය, සිංහල බුද්ධාගම වෙනුවෙන් කතා කරන පෙනී සිටින හාමුදුරුවරුන්. මෙය බොහෝ දෙනාට අමතක වන කරුණක්. ඊනියා දුසිලුන් ඇත්තේ සිංහල ජාතියට සිංහල බෞද්ධයනට වී ඇති අසාධාරණය ගැන කතා කරන හාමුදුරුවරුන් අතර පමණ ද? අමනයන්ගේ ව්‍යාපෘතිය ඉතා පැහැදිලියි. එය ඉංගිරිසි ආණ්ඩුකාරයන්ට තිබු ව්‍යාපෘතියමයි. කඩහපොල හාමුදුුරුවන්ට වෙඩි තැබුවේ උන්වහන්සේ සිංහල ජාතිය හා සිංහල බුද්ධාගම වෙනුවෙන් ක්‍රියා කළ බැවින්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ප්‍රශ්නය වූයේ කහකඩ හමුදාව ලෙස හැඳින්වුණු හාමුදුරුවරුන්. අදත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ අයට ප්‍රශ්නයක් වී ඇත්තේ සිංහල ජාතිය සිංහල බුද්ධාගම ගැන වැඩ කරන හාමුදුරුවරුන්. මොවුන් දන්නා කරුණ නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නම් එවැනි හාමුදුරුවරුන් මර්දනය කළ යුතු බව.



සරත් ෆොන්සේකා මෙන් ම රන්ජන් රාමනායකත් එ ජා පක්‍ෂයේ සාමාජිකයන්. ඔවුන් හාමුදුරුවරුන්ට එල්ල කරන ප්‍රහාර ගැන පක්‍ෂ නායකයා නිහඬ ඇයි? රනිල්ටත් අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම ද? ඒ බැරි නම් දුර්වල කිරීම ද? මහානායක හිමිවරුන් ද විරුද්ධ වන විට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ඒ සඳහා නො වේද? රනිල්ගේ සංස්කෘතිය කුමක් ද කියන එක ඔහු කරන කියන දෙයින් පැහැදිලි වෙනවා. පස්දුන් රටේ ඉරටු තියෙන කොහු තියෙනවා ද කියලා අහගන්න ඕනෙ කාගෙන් ද? මේ ආණ්ඩුවේ නායකයා ලෙස පෙනී සිටින්නේ මෛත්‍රිපාල. සරත් ෆොන්සේකා මෙන් ම රන්ජන් රාමනායකත් ආණ්ඩුවේ. ආණ්ඩුවේ නායකයා ලෙස මෛත්‍රිපාල ඔවුන් පිළිබඳ ව කරන්නේ කුමක් ද? මහින්ද හිතවතුන් යැයි කියන්නන් තනතුරුවලින් ඉවත් කරන මෛත්‍රිපාල සිංහල බෞද්ධ හාමුදුරුවරුන්ට අපහාස කරන අයට කරන්නේ කුමක් ද? මෛත්‍රිපාලට මහින්ද කෙරෙහි මෛත්‍රියක් නැති කමෙන් සිංහල බෞද්ධකම නැති කිරීමට කටයුතු කරනවා ද?









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 14

        









 


Monday, 4 September 2017

මේ සරත් හා ඒ සරත්                          



මේ දිවයින ඉරිදා සංග්‍රහයෙහි 2009 දෙසැම්බර් මස මුල සතියෙහි පළ වූ ලිපියක්. එය මට ලබා දුන් අයට පින්. මේ ලිපිය ගැන අද පළ වූ   මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක් නම් ලිපියෙහි සඳහන් වෙනවා. 



මේ සරත් හා ඒ සරත්

                                                                                                     

ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක්‌ ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක්‌ නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක්‌ තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශෙද්‍රdaහී නඩයකට එකතු වූ සරත් ය.

මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්  


මේ සරත් රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක්



සරත් ෆොන්සේකා ගැන මා බොහෝ දේ කියා තිබෙනවා. 2010 ජනාධිපතිවරණ සමයේ දී ඔහු සිරභාරයට ගත යුතු යැයි මා යෝජනා කළා. පළමුවෙන් ම එසේ කෙළේ කුරුණෑගල දී මහින්දට පක්‍ෂව පැවැත් වූ රැස්වීමක දී. ඒ ජනාධිපතිවරණයේ දී ම එක් රුපවාහිනී සාකච්ඡාවක දී මා කියා සිටියා සරත් ෆොන්සේකාට එරෙහි ව එක්සත් රාජ්‍යයෙහි ප්‍රාන්තයක යුද අපරාධ පිළිබඳ නඩුවක් පවරා තිබූ බවත් එය ඒ වන විට අස්කර ගෙන ඇති බවත්. නඩුව අස්කර ගැනීම හා ඊනියා පොදු අපේක්‍ෂකයා වීම අතර සම්බන්ධයක් නැතැයි නොසිතිය යුතු බවත් මා ඒ සාකච්ඡාවේ දී පවසා සිටියා. 

Thursday, 27 April 2017

රනිල් - ෆොන්සේකා මර්දනයේ ප්‍රථම බිල්ල  


රනිල් - ෆොන්සේකා මර්දනයේ ප්‍රථම බිල්ල



සරත් ෆොන්සේකාට දීමට යන තනතුර ගැන නිශ්චිත තීරණයක් නැති බව පේනවා. ඒත් ආණ්ඩුව දරුණු මර්දනයකට සූදානම් වන බව පැහැදිලියි. සරත් ෆොන්සේකා ඇමතිවරයකු ලෙස සිටිය දී තවත් ඇමති ධුරයක් ඔහූට පැවරීමට යනවා ද? ඒ ඇමති ධුරය උද්ඝෝෂණ මැඩලීමේ ඇමති ධුරය ද? ඒ යටතට ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ කොටස් ගෙනෙනවා ද? නැත්නම් සරත් ෆොන්සේකා දැනට දරණ ඇමති ධුරයෙන් ඉවත් වී උද්ඝෝෂණ මැඩලීමේ ඇමති ලෙස පත් කෙරෙනවා ද? එසේත් නැත්නම් ඇමති ධුරයක් නැතිව ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඉහළ ම අණ දෙන නිලධාරියා ලෙස පත් කෙරෙනවා ද? ඒසේත් නැත්නම් හමුදාවේ හා පොලීසියේ කොටසක් සරත් ෆොන්සේකාගේ අණට යටත් කරනවා ද?

Monday, 27 March 2017

සරත් ෆොන්සේකා මහින්දට ස්තුතිවන්ත විය යුතුයි  







සරත් ෆොන්සේකා මහින්දට ස්තුතිවන්ත විය යුතුයි



බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම රාජ්‍යාරක්‍ෂාවට ප්‍රශ්නයක් වෙනවා. චන්ද්‍රිකාට නම් අත් අඩංගුවට ගැනීම වරදක් නො වෙයි. ඇය ඔවුන් වරදකරුවන් ලෙස සලකනවා විය හැකියි. අප මතක තබා ගත යුත්තක් නම් මෙතෙක් මේ කිසිවකු ලංකාවේ උසාවියක දී වරදකරුවන් වී නොමැති බවයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ සතුටු වන්නේ කවුරුන් ද යන්න සොයා බැලුවහොත් පැහැදිලි වනු ඇත්තේ ඒ පිරිස කිසියම් ආකාරයකින් නමුත් සිංහල විරෝධීන් වන බවයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වන්නේ ද සිංහල විරෝධීන්ටයි.