Main Logo

Showing posts with label Democracy. Show all posts
Showing posts with label Democracy. Show all posts

Friday, 19 June 2020

මංගලගේ විජාතිකත්වය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4  5  6  7  8  9






මංගලගේ විජාතිකත්වය  

මංගල සමරවීර සහ තවත් කිහිප දෙනකු සජිත්ගේ නායකත්වයෙන් ඇති සමගි ජන බලව්ගයෙන් ඉවත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් කියල මැතිවරණ නිරීක්‍ෂකයන් පවසනවා. මේ මැතිවරණ නිරීක්‍ෂකයන් කියන්නෙ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පිරිසක්. ඔවුන් තමන්ට මුදල් ලැබෙන්නෙ කොහෙන්ද කියන එක පළමුවෙන් ම කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වෙතත් රටට හොඳයි. ආණ්ඩුව හැම රාජ්‍ය නොවන සංවිධානයක්  ගැන ම සෙවිල්ලෙන් ඉන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කුලියට සේවය කරන්නන් අවසාන වශයෙන් ගත් කල බටහිර කුලීකරුවන්. රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ගැන ම කියන්න තියෙන්නෙ මේ කුලීකාර කතාව පමණයි.

Tuesday, 25 February 2020

නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරමු

              සිංහල ලිත් ඉලක්කම්


නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරමු


මෙරට විවිධ ව්‍යාපාර තියෙනවා. පරිසරය රැකීමේ ව්‍යාපාර, මැතිවරණ නිරීක්‍ෂණ ව්‍යාපාර, අර දිනයේ ව්‍යාපාර මේ දිනයේ ව්‍යාපාර, සියයට හයේ සියයට තුනේ ව්‍යාපාර ආදී වශයෙන් ව්‍යාපාර රාශියක් තියෙනවා. පරිසරය රැකීම සඳහා ස්වෙච්ඡාවෙන් එකතු වී තම වියදමෙන් ඒ කටයුතු කරන අය ඉන්නවා. අපට ඒ අය ගැන ඇත්තේ ගෞරවයක්. මගේ පාසල් මිතුරන් කිහිප දෙනෙක් ද එහි නිරත වෙනවා. ඔවුන් ගන්නා වෙහෙස පිළිබඳ ව මට යම් දැනුමක් තියෙනවා. 

Monday, 20 January 2020

දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට

    සිංහල ලිත් ඉලක්කම්


දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට


ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්‍ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි. ඔවුන් දෙදෙනා එකට දේශපාලනය සැලසුම් කරලා. එය වත්මන් බීබීසි වාර්තාකරුගෙ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. එල්මෝගෙ කාලෙත් එහෙම තමයි. ඔහු කා සමග සම්බන්ධකම් පැවැත්වුවා ද කියා දන්නේ නැහැ. එහෙත් ඔහු සිංහල බෞද්ධ විරෝධී වුණා. ඔහුගෙ තිබුණු ඊනියා අපක්‍ෂපාතිත්වයක් නැහැ. 

Saturday, 18 January 2020

සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ

 සිංහල ලිත් ඉලක්කම්


සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ



අප සඟ ගණ යනුවෙන් ඇතැම් විට කියනවා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියන්නන් කිසිම ශ්‍රද්ධාවක් නැතිව ගණගෙඩියා යනුවෙන් කිවුවත් අප සඟ ගණ යන්න යොදා ගන්නේ ගෞරවයෙන්. මේ වචන දෙකෙන් ම කියැවෙන්නේ එකතුවක්, සංගමයක්, සමූහයක් ආදියයි. භික්‍ෂූන් වහන්සේ, සඟ ගණ ලෙස හැඳින්වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය ලෝකයට ගෙන යන පිරිසක්. උන්වහන්සේලා බුද්ධ පුත්‍රයන් ලෙසත් හැඳින්වෙනවා. සඟ ගණ යන්න එක ම අර්ථය දෙණ වචන යුගලයක්. අප එය යුගලයක් වශයෙන් ව්‍යව හාර කරන්නේත් ගෞරවයට. එහෙත් සඟ ගණ යන්නෙහි තවත් අර්ථ තිබෙනවා.

Thursday, 16 January 2020

සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු

 සිංහල ලිත් ඉලක්කම්


සිංහල බහුතරයේ අවශ්‍යතාව ඉටු කරමු


තව මාස එකහමාරකින් පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතයි. ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීම අවශ්‍යයි. එමෙන් ම රටට නව දේශපාලනයක් අවශ්‍යයි. ජනාධිපතිවරණයෙන් පසු මාස දෙකක් ගෙවී ගිහින්. ඉතා හොඳ පියවර කිහිපයක් එ කාලයෙහි අරගෙන තියෙනවා. එහි ගෞරවය ජනාධිපතිට හිමි වෙන්න ඕන. ඒත් පහුගිය මාස දෙකේ කළ වැඩ සියල්ල අනුමත කරන්න බැහැ. ඇතැම් පත්වීම් ගැන හොඳක් කියන්න බැහැ.

Wednesday, 8 January 2020

රන්ජන්ගේ සේවය

           සිංහල ලිත් ඉලක්කම්


රන්ජන්ගේ සේවය



රන්ජන් රාමනායක තරම් මෙරට දේශපාලනයට සේවයක් කළ අයකු සමහර විට ඉඳලා නැතිව ඇති. මෙරට දේශපාලනයේ නීතියේ පොලීසියේ රාජ්‍ය සේවයේ සහ තවත් තැන්වල අමන ජරාජීර්ණ අවලම් භාවය කාටත් පේන විධියට හෙළිදරවු කෙළෙ රන්ජන් රාමනායක. මෙරට ඡන්දදායකයන්ට ඒ කිසිවක් වැඩක් වේවි ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් මීළඟ මැතිවරණයේ දී කොහොම ඡන්දය දේවි ද කියන එක ප්‍රශ්නයක්. හොරු තක්කඩි නීති කඩන්නන් නීති නවන්නන් දූෂිතයන් දෙපැත්තෙ ම ඉන්නවා. මීළඟ පාර්ලිමේන්තුවට ජාතිකත්වයක් ඇති නවක පිරිසක් ඉදිරිපත් කරන්න  ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කරනවා නම් හොඳයි. 

Sunday, 26 May 2019

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් තරම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව වැඩ කරන අයකු මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳල නැති බව රනිල් හැරෙන්න අනෙක් අය පිළිගනු ඇති බව හිතනවා. අද එසේ නොකියන එ ජා පාක්‍ෂිකයන් පවා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණු දිනයක එසේ කින බවට සැකයක් තියෙන්න බැහැ. ඔහු අමාත්‍ය මණ්ඩලය, ජනාධිපති ධුරය ආදී ආයතන එකක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.

Monday, 28 January 2019

එකක් ම නොවන එක් බමුණු කතාවක්


එකක් ම නොවන එක් බමුණු කතාවක්



පැරණි කතාවක එක් බමුණෙක් කියනවා මා අර බමුණන් ඒක භාර්යා සේවනයට කැමති කරවා ගත්ත කියලා. ඒ බමුණන්ගෙන් එක් අයකු කියනවා ඔව් අපි ඒක භාර්යා සේවනයට කැමති කියලා. ටික වෙලාවකට පස්සෙ තුන්වැනි බමුණෙක් දෙවැනි බමුණගෙන් අහනවා බ්‍රාහ්මණය ඔබ ඒක භාර්යා සේවනය කියන්නෙ කුමකට ද කියල.  එතකොට දෙවැනි බමුණ කියනව මා ඔය ලේබල්වලට කැමති නැහැ. අපේ ගෙදර ඇවිල්ල බලන්න වැඩ සිද්ධ වෙන ආකාරය. ඒක තමයි ඒක භාර්යා සේවනය කියන්නෙ කියල. යමක් තීරණය වෙන්නෙ ලේබල් වලින් නොවෙයි වැඩවලින් කියල. තුන්වැනි බ්‍රාහ්මණයා දෙවැනි බ්‍රාහ්මණයගෙ ගෙදර ගියේ නැහැ. තුන්වැනි බ්‍රාහ්මණය සමනල්ලු බලන්න ගියා.

Monday, 17 December 2018

රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර ම යවමු


රට විකුණන රට බෙදන ප්‍රෝඩාතන්ත්‍රවාදියා ගෙදර  යවමු



රනිල් පස්වැනි වතාවටත් අගමැති වෙලා. ඒක ලෝක වාර්තාවක්ලු. අපට තවත් ලෝක වාර්තාවක් පිහිටුවන්න පුළුවන්. ඒ රනිල් පස්වැනි වතාවටත් අගමැති කමෙන් ඉවත් කරලා. ඒත් මේ ගමන ඉවත් කරන්නෙ හයවැනි වතාවකට අගමැති වෙන්න එහෙම නම් නො වෙයි.  රනිල් දිවුරුම් දුන්නට පස්සෙ හොඳ කතා දෙකක් කෙරිල. එකක් කොළඹ ජනාධිපති කාර්යාලයෙදි. අනෙක තංගල්ලෙදි. කොළඹ කතාවෙ දී ජනාධිපති සිරිසේන රනිල් ඉස්සරහින් තියාගෙන රනිල්ගෙ ප්‍රෝඩාතන්ත්‍රවාදය, රට බෙදීම හා රට විකිණීම ගැන කියලා. රනිල් මොනව කියන්න ද? ඒත් දෙරණෙ චතුර නම් කීවෙ රනිල් පරිණත ව හිතන්න ඇතිලු ඒ චෝදනා ජනාධිපති ම ගන්න කියලා. දෙරණ හිරු ආදී නාළිකා පළමුවෙන් බලන්නෙ රට ගැන නොවෙයි තමන්ගෙ පැවැත්ම ගැන.

Monday, 3 December 2018

මුල අමතක නොකරමු


මුල අමතක නොකරමු



අද කෙරී ඇත්තේ මොකක් ද කියන එක දැන් බොහෝ දෙනාට අමතක වෙලා. හැමෝ ම වගේ කටින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා. අපට සිහිවන්නේ කපුරුහාමිලා. අප කිසි විටෙකත් මුල අමතක කරන්න හොඳ නැහැ. මේ මුල කියන්නේ රේඛීය චින්තනයේ දැක්වෙන ඊනියා ආරම්භය නො වෙයි. අද ප්‍රශ්නයේ මුල ව්‍යවස්ථාවවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවෙයි රනිල්ගෙන් රට ආරක්‍ෂා කිරීම. තව අවුරුදු එකහමාරක් හිටිය නම් මහින්දට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණත් වැඩක් නැහැ. ඒ වන විට රටෙන් කොටසක් විකුණලා, ඉතිරි කොටස දෙමළ ජාතිවාදීන්ට දීල. ඇතැම් වෙබ් අඩවි ව්‍යාජ ශීර්ෂ පාඨ යොදා පාඨකයන් මුළා කර මුදල් උපයනවා.

Friday, 20 July 2018

ආණ්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදය




ආණ්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් වික්‍රමසිංහට අනුව මෙතරම් ප්‍රජාතන්ත්‍රවදී ආණ්ඩුවක් කිසි දිනෙක තිබී නැහැ. සමහරවිට ලෝකයේ කොහේවත් නොතිබෙන්නට පුළුවන්. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී හමුදා කඳවුරු ගැන ප්‍රශ්න කළ විට රනිල් කියන්නේ ඒ හමුදාපතිවරුන්ගේ වැඩක් කියා ය. හමුදාපතිවරුන්ට එතරම් නිදහසක් තියෙනවා. ඇමතිවරයා හෝ ඇමතිවරු හෝ හමුදාපතිවරුන්ට උපදෙස් දෙන්නේ නැහැ. රනිල්ට අනුව අණක් නම් ඇමතිවරු කෙදිනකවත් දීමට විධියක් නැහැ. ආණ්ඩුව එතරම් ම ප්‍රජාතන්ත්‍රවාදීයි.