Main Logo

Showing posts with label Sanga Gana. Show all posts
Showing posts with label Sanga Gana. Show all posts

Saturday, 18 January 2020

සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ

 සිංහල ලිත් ඉලක්කම්


සඟ ගණ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පඬියෝ



අප සඟ ගණ යනුවෙන් ඇතැම් විට කියනවා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියන්නන් කිසිම ශ්‍රද්ධාවක් නැතිව ගණගෙඩියා යනුවෙන් කිවුවත් අප සඟ ගණ යන්න යොදා ගන්නේ ගෞරවයෙන්. මේ වචන දෙකෙන් ම කියැවෙන්නේ එකතුවක්, සංගමයක්, සමූහයක් ආදියයි. භික්‍ෂූන් වහන්සේ, සඟ ගණ ලෙස හැඳින්වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ ධර්මය ලෝකයට ගෙන යන පිරිසක්. උන්වහන්සේලා බුද්ධ පුත්‍රයන් ලෙසත් හැඳින්වෙනවා. සඟ ගණ යන්න එක ම අර්ථය දෙණ වචන යුගලයක්. අප එය යුගලයක් වශයෙන් ව්‍යව හාර කරන්නේත් ගෞරවයට. එහෙත් සඟ ගණ යන්නෙහි තවත් අර්ථ තිබෙනවා.

Tuesday, 7 January 2020

මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

 සිංහල ලිත් ඉලක්කම්


මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකට මහින්ද රාජපක්‍ෂ එළඹිලා. සිංහල බෞද්ධයන් තරම් තම ආගමට පූජ්‍ය පක්‍ෂයට හරි පූජක පක්‍ෂයට හරි ගරහන පිරිසක්  ලෝකයේ තවත් නැත් ද? මහින්ද ඒ ප්‍රශ්නයක් ලෙස අසන්නේ නැහැ. ඔහු ප්‍රශ්නයට ඔව් යන පිළිතුර දී ඇති බවයි මට හැඟෙන්නේ. එය එතරම් වැදගත් නැහැ. ප්‍රශ්නය හරි පිළිතුර හරි ඉදිරිපත් කිරීම ගැන මහින්දට පිං දෙන්න ඕන.