Main Logo

Showing posts with label .Atapirikara Buddhists. Show all posts
Showing posts with label .Atapirikara Buddhists. Show all posts

Tuesday, 7 January 2020

මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

 සිංහල ලිත් ඉලක්කම්


මහින්දගේ වැදගත් ම ප්‍රශ්නය

දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකට මහින්ද රාජපක්‍ෂ එළඹිලා. සිංහල බෞද්ධයන් තරම් තම ආගමට පූජ්‍ය පක්‍ෂයට හරි පූජක පක්‍ෂයට හරි ගරහන පිරිසක්  ලෝකයේ තවත් නැත් ද? මහින්ද ඒ ප්‍රශ්නයක් ලෙස අසන්නේ නැහැ. ඔහු ප්‍රශ්නයට ඔව් යන පිළිතුර දී ඇති බවයි මට හැඟෙන්නේ. එය එතරම් වැදගත් නැහැ. ප්‍රශ්නය හරි පිළිතුර හරි ඉදිරිපත් කිරීම ගැන මහින්දට පිං දෙන්න ඕන.

Saturday, 20 July 2019

වංග කතාවක්

වංග කතාවක්
මගේ මිතුරකු පසුගිය දා වංගයේ නැත්නම් බංගයේ පවතින ජනප්‍රවාදයක් එවා තිබුණා. මේ ජනප්‍රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි –- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්.  ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්.

Saturday, 15 December 2018

ජනාධිපතිට ඇති විකල්ප


ජනාධිපතිට ඇති විකල්ප



දින පනහකට පසුව මහින්ද අද අගමැති ධුරයෙන් ඉවත් වන බව කියනවා. එහෙත් එය එසේ සිදු  විය යුතුව තිබුණේ නැහැ. ඊයේ සිට මට විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබෙනවා තව මාස කිහිපයකින් බලයට එන්න හිටි මහින්ද මහත්තය ව අමාරුවෙ දැමීම පිළිබඳ කුණුහරුපයෙන් බැනලා. මගේ කුලය ගැනත් සඳහන් කරනවා. රනිල්ලා හා බටහිරයන් මට දුන් ඩොලර් ගැනත් ප්‍රශ්න කරනවා. ඒ කුණුහරුපවලින් මා සැලෙන්නේ නැහැ. ලංකාවේ උභයකුල පාරිශුද්ධ අය කී දෙනකු ඉන්නවා ද කියා මා දන්නේ නැහැ.