Main Logo

Showing posts with label Ashokq Buddhism. Show all posts
Showing posts with label Ashokq Buddhism. Show all posts

Saturday, 20 July 2019

වංග කතාවක්

වංග කතාවක්
මගේ මිතුරකු පසුගිය දා වංගයේ නැත්නම් බංගයේ පවතින ජනප්‍රවාදයක් එවා තිබුණා. මේ ජනප්‍රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි –- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්.  ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්.