Main Logo

Showing posts with label Vijaya. Show all posts
Showing posts with label Vijaya. Show all posts

Tuesday, 30 June 2020

අපේ පොදු ඉතිහාසයට එබී බැලිමක්

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9




අපේ පොදු ඉතිහාසයට එබී බැලිමක්


මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය අප්‍රිකාවේ විසූ ලුසී අත්තම්මාගෙන් පටන් ගන්නා බවට බටහිරයන් ගොතා ඇති පට්ටපල් බොරුව රේඛීය චින්තනය මත පදනම් වෙන්නක්. බටහිරයන්ට කොතනකින් හරි පටන් ගන්න ඕන. ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ ඇති වූ අදහස් සමග දෙවියන් වහන්සේ මිය ගියා. එහෙත්  පහළොස්වැනි සියවසේ ඇරඹුණු චින්තනය මිය ගියේ නැහැ. මාටින් ලූතර් එය තහවුරු කළා. අද වන විට දෙවියන් වහන්සේ තර්කය ලෙස යළි ඉපදිලා. ඔය ලුසීත් එහි අනිටු ප්‍රතිඵලයක්. 

Monday, 6 January 2020

ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම්

  සිංහල ලිත් ඉලක්කම්


ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම්



ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අතර ප්‍රශ්නය අද ඊයේ එකක් නොවෙයි. රාම රාවණ කතාව එහෙමත් නැත්නම් මූලික වශයෙන් රාමායණය විතරක් නොවෙයි ඔඩිසි ඉලියඩ් කෘතිවලිනුත් පෙන්නුම් කරන්නේ මේ ප්‍රශ්නයයි. පඬියන්  පඬි පෝතකයන් හා පඬි නැට්ටන් හිතන්නෙ ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අලුත් ප්‍රශ්නයක් කියලා. කසිකබල් මාක්ස්වාදී පඬියන්ට ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අතර ඊනියා අපෝහක සම්බන්ධය ගැන සති ගණන් කතා කරන්න පුළුවන්. එහෙත් අපෝහකය කියන්නෙ මොකක් ද කියල ඇහුවොත් කියන්න බැහැ. එංගල්ස්ගෙ ඩයලෙක්ටික්ස් ඔෆ් නේචර් කියවන්න කියල මාරුවෙයි. ඒ පොතේ ඇති අපෝහකයක් නැහැ. ඊනියා නීති තුනක් නම් තියෙනවා. 

Saturday, 20 July 2019

වංග කතාවක්

වංග කතාවක්
මගේ මිතුරකු පසුගිය දා වංගයේ නැත්නම් බංගයේ පවතින ජනප්‍රවාදයක් එවා තිබුණා. මේ ජනප්‍රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි –- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්.  ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්.

Friday, 13 July 2018

සිංහල ඉතිහාසයට එබී බැලීමක්


සිංහල ඉතිහාසයට එබී බැලීමක්



ඇමරිකා එක්සත් රාජ්‍යවල අගනුවර වූ වොෂිංටන්හි සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ක් තිබෙනවා. මේ ගොඩනැගිල්ලේ එක් ශාලාවක රටේ ඉතිහාසය නිරුපණය වන නොයෙකුත් චිත්‍ර ඡායාරූප පිළිම ආදිය තියෙනවා. එහි අයිසන්හවර්ගේ මෙන් ම රීගන්ගේත් පිළිම අඹා තිබෙනවා. මාටින් ලූතර් කිංගේත් පිළිමයක් තියෙනවා. එහෙත් එහි මුල් පදිංචිකරුවකුගේ පිළිමයක් නැහැ. රටේ ඉතිහාසය පටන් ගන්නේ 1607න් පමණ පසුව ඉංගිරිසින් වර්ජිනියා ප්‍රාන්තයට පැමිණීමත් සමග. කොලම්බස්ලා ගැන නොකියවෙනවා නො වෙයි. ඊනියා නව එංගලන්තය ගැන පමණක් නොව නව ප්‍රංසය, නව ස්පාඤ්ඤය ගැනත් කියැවෙනවා. එහෙත් අර ශාලාවේ නො වෙයි. වොෂිංටන්හි කැපිටල් ශාලාවේ ඇති ඉතිහාසය ඉංගිරිසින්ගේ හා පසුව වහලුන් ලෙස ගෙනා කළු ජනතාවගේ ඉතිහාසයයි.

Tuesday, 29 May 2018

සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම


සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම



ලංකාවෙබ් හි කතෘ ධර්මසිරි වීරසිංහ කලකට පෙර බුදුදහම, බුද්ධාගම, සිංහල බුද්ධාගම, ඕල්කට් බුද්ධාගම ආදිය  පිළිබඳ ව වාදයකට එළඹුණා බුද්ධාගම බුදුදහමෙන් වෙනස්බව ඔහු පිළිගත්ත ද සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළා. ඔහුට අනුව ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය පුනරුදය කළා. ඔහු එය ඕල්කට් බුද්ධාගමේ අධ්‍යාපනය බව පිළිගත්තේ නැහැ. එමෙන් ම ඔහු සිතන්නේ ධර්මපාලතුමා හා ඕල්කට්තුමා එකම මතයක් දැරූ බවයි. ධර්මපාලතුමා ඕල්ලකට්තුමාගෙන් කැඩුණු බවත් එතුමන් අතර විරසකයක් වූ බවත් ධර්මසිරි වීරසිංහ නොදත් බවක් ඇඟවුණා.

Monday, 19 March 2018

නයා නැටීම


නයා නැටීම



ඉන්දියාව බංග්ලාදේශය පරද්දලා. කාටද ආඩම්බරේ? රනිල්ට ද? බැසිල්ට ද? අශෝක රජුට ද? විජයට ද? කුවේණිට ද? ශ්‍රී වික්‍රම රාජසිංහට ද? පිළිමතලාවෙට ද?  ඉන්දියාව බංග්ලාදේශයට නයා පෙන්නලා. ප්‍රේක්‍ෂකයො නයි නැටුම නටලා. මේ ප්‍රේක්‍ෂකයන්ගෙන් අති මහත් බහුතරය සිංහලයන් වෙන්න ඕන. ඉනුත් බොහෝ දෙනා සිංහල බෞද්ධ වූ බවට සැකයක් නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගම්වලත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඒකට හේතුව දැන් ගම්වලත් ජනවර්ග සිටීම. සිංහල බෞද්ධයන් පමණක් හිටිය, එහෙමත් නැත්නම් වෙනත් සංස්කෘතීන්වල බලපෑමක් නොතිබුණු, අසන්නට නොමැති වුණු ගම්වල සිංහල බෞද්ධ කියන සංකල්පයට වැදගත් තැනක් තිබුණෙ නැහැ. එහෙත් දැන් හැම තැන ම සිංහල සංස්කෘතියට විරුද්ධකම් ඇති වෙලා. ඒ ගැන බොහෝ දෙනා දැනුවත්. ඒ නිසා ගමෙත් සිංහල බෞද්ධකමක් ගැන අද හැඟීමක් තියෙනවා. නැති කම්කරු පංතියක් ගැන හිතමින් කම්කරු පංතියට ඊනියා පංති විඥානය ගෙන ගොස් කම්කරු පංති රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බටහිර චින්තනයේ මාක්ස්වාදී ප්‍රවාහයේ දීන දාසයන්ට නම් සිංහල බෞද්ධ සංස්කෘතියක් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පමණයි. ඒත් ඔවුන්ට ඒකෙ කිසිම නිර්මාණයක් කර ගන්න බැහැ.