Main Logo

Showing posts with label Veddas. Show all posts
Showing posts with label Veddas. Show all posts

Friday, 22 March 2019

කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව


කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව



රාත්‍රී අටේ සිට සවස හයට තල්ලු කර දැමූ කුසුමාසනදේවි ටෙලිනාට්‍යය ඉවර වෙලා ටිකක් කල් ගියා. ඒ ගැන ලියන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණෙ නැහැ. රාජ් සෝමදේව කොළඹ විශ්වවිද්‍යාලයෙ කරපු කතාවක් ඇහුවට පස්සෙ කුසුමාසනදේවි ගැන ඉක්මණින් ලියන්න හිතුණා. කුසුමාසනදේවිත් ඉතිහාස කතාවක්. එයත් අයිති ඉතිහාසයට. ටෙලිනාට්‍යයේ කුසුමාසනදේවි මා දන්නා දෝන කතිරිනා නො වෙයි. ඉතිහාසයට අර්ථ විවර(hermenutics) සපයනවා කියන එක මා පිළිගන්නෙ නැහැ. පශ්චාත්නූතනවාදය (postmodernism) කියන්නෙ නූතනවාදී අදහස් ප්‍රංශ විප්ලවයෙ අදහස් හරියන්නෙ නැති බව දැණුනු බටහිර බුද්ධිමතුන් ඉන් ගැලවෙන්න ගොතපු අව්‍යක්ත නිසරු අසාර්ථක කතන්දර ටිකක්. ඉතිහාසයට අර්ථ විවරණ සපයනව කිව්ව ම ඒකෙන් කියැවෙන්නේ ඉතිහාසය කියල වාස්තවික යමක් තියෙනවා, අප ඒකට විවිධ  අර්ථ විවරණ සපයනවා කියන එකයි. මේ ඊනියා යථාර්ථය රැක ගැනීමට බටහිර දාර්ශනිකයන් දරණ තවත් වෑයමක් පමණයි. ඉතිහාසය කියල එකක් නැහැ. තියෙන්නෙ ඉතිහාස නැත්නම් ඉතිහාස කතන්දර.

Friday, 13 July 2018

සිංහල ඉතිහාසයට එබී බැලීමක්


සිංහල ඉතිහාසයට එබී බැලීමක්



ඇමරිකා එක්සත් රාජ්‍යවල අගනුවර වූ වොෂිංටන්හි සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ක් තිබෙනවා. මේ ගොඩනැගිල්ලේ එක් ශාලාවක රටේ ඉතිහාසය නිරුපණය වන නොයෙකුත් චිත්‍ර ඡායාරූප පිළිම ආදිය තියෙනවා. එහි අයිසන්හවර්ගේ මෙන් ම රීගන්ගේත් පිළිම අඹා තිබෙනවා. මාටින් ලූතර් කිංගේත් පිළිමයක් තියෙනවා. එහෙත් එහි මුල් පදිංචිකරුවකුගේ පිළිමයක් නැහැ. රටේ ඉතිහාසය පටන් ගන්නේ 1607න් පමණ පසුව ඉංගිරිසින් වර්ජිනියා ප්‍රාන්තයට පැමිණීමත් සමග. කොලම්බස්ලා ගැන නොකියවෙනවා නො වෙයි. ඊනියා නව එංගලන්තය ගැන පමණක් නොව නව ප්‍රංසය, නව ස්පාඤ්ඤය ගැනත් කියැවෙනවා. එහෙත් අර ශාලාවේ නො වෙයි. වොෂිංටන්හි කැපිටල් ශාලාවේ ඇති ඉතිහාසය ඉංගිරිසින්ගේ හා පසුව වහලුන් ලෙස ගෙනා කළු ජනතාවගේ ඉතිහාසයයි.