Main Logo

Showing posts with label Kusumasana Devi. Show all posts
Showing posts with label Kusumasana Devi. Show all posts

Friday, 22 March 2019

කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව


කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව



රාත්‍රී අටේ සිට සවස හයට තල්ලු කර දැමූ කුසුමාසනදේවි ටෙලිනාට්‍යය ඉවර වෙලා ටිකක් කල් ගියා. ඒ ගැන ලියන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණෙ නැහැ. රාජ් සෝමදේව කොළඹ විශ්වවිද්‍යාලයෙ කරපු කතාවක් ඇහුවට පස්සෙ කුසුමාසනදේවි ගැන ඉක්මණින් ලියන්න හිතුණා. කුසුමාසනදේවිත් ඉතිහාස කතාවක්. එයත් අයිති ඉතිහාසයට. ටෙලිනාට්‍යයේ කුසුමාසනදේවි මා දන්නා දෝන කතිරිනා නො වෙයි. ඉතිහාසයට අර්ථ විවර(hermenutics) සපයනවා කියන එක මා පිළිගන්නෙ නැහැ. පශ්චාත්නූතනවාදය (postmodernism) කියන්නෙ නූතනවාදී අදහස් ප්‍රංශ විප්ලවයෙ අදහස් හරියන්නෙ නැති බව දැණුනු බටහිර බුද්ධිමතුන් ඉන් ගැලවෙන්න ගොතපු අව්‍යක්ත නිසරු අසාර්ථක කතන්දර ටිකක්. ඉතිහාසයට අර්ථ විවරණ සපයනව කිව්ව ම ඒකෙන් කියැවෙන්නේ ඉතිහාසය කියල වාස්තවික යමක් තියෙනවා, අප ඒකට විවිධ  අර්ථ විවරණ සපයනවා කියන එකයි. මේ ඊනියා යථාර්ථය රැක ගැනීමට බටහිර දාර්ශනිකයන් දරණ තවත් වෑයමක් පමණයි. ඉතිහාසය කියල එකක් නැහැ. තියෙන්නෙ ඉතිහාස නැත්නම් ඉතිහාස කතන්දර.

Tuesday, 12 March 2019

මහින්දගේ ප්‍රකාශය

මහින්දගේ ප්‍රකාශය

තාමත් ඇතැමුන් මෛත්‍රිපාල කෙරෙහි වු වෛරයකින් පෙළෙන බව පැහැදිලියි. මේ වෛරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් තුරන් වී යෑමයි. ඊයේ මා කුසුමාසන දේවි නාට්‍යයේ සමාප්තිය දැක්කා. දෙරණ එය නිෂ්පාදනය කෙළේ කිනම් අරමුණකින් දැයි මට තාම තේරුම් ගැනීමට නොහැකි වුණා. එහි දෝන කතිරිනා කුසුමාසන දේවි බවට පත්කර තිබෙනබා. මට අපේ ඉතිහාසයේ ඈත අතීතය මතක් වුණා. මෙරට යක්‍ෂ ජනතාවක් නොසිටියේ  යැයි කියන ඇතැම් මෛත්‍රිපාල විරෝධී ජාතිකවාදීන්ට අනුව ඒ ජනතාව මෙන් ම මා ද අමනුෂ්‍යයන් වෙන්න පුළුවන්. ඒත් කුසුමාසන දේවිට අත් වී ඇත්තෙත් සර්වසාම්‍ය නොවූවත් යක්‍ෂ ප්‍රාදේශීය නායිකාවක් වූ කුවේණි ට සමාන ඉරණමක්. පිටින් පැමිණි වංගයන් හා පෘතුගීසීන් කාන්තාවන් මගින් බලය ලබා ගැනීමට කරන ලද ප්‍රයත්න මේ කතා දෙකෙන් පැහැදිලි වෙනවා.

Friday, 8 March 2019

එස් බීගේ හරක් කතා


එස් බීගේ හරක් කතා



මෙරට සිංහල බෞද්ධ රටක් කියන එක නැති කරන්න මුලින් ම හැදුවෙ සොළීන් වෙන්න පුළුවන්. පොළොන්නරුවෙ ශිව දේවාලය හදල තියෙන්න පන්සල් බිමක කියල මෛත්‍රිපාල සිරිසේන කියන්නෙ කාගෙ හරි යම් පුරාවිද්‍යාත්මක ගවේෂණයක ප්‍රතිඵලයක් පදනම් කර ගෙන වෙන්න ඕන. ඒත් මෛත්‍රිපාල එක්ක දැන් වැඩ කරන ඇතැම් හිටපු ස්වාදීනයන් හා පශ්චාත්නූතනවාදීන් කරන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගහන එක. මෛත්‍රිපාල හැම තිස්සෙ ම හරි නැහැ. පෘතුගීසීන් පත්තිනි දේවාල කඩල පල්ලි හදපු බවට සාක්‍ෂි තියෙනවා. ඊට පස්සෙ ලන්දේසින් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කරන්න විවිධ දේ කෙරුවා.  ඉංගිරිසින් තමයි සියල්ලට ම වැඩිය ඒ වැඩේ කෙළෙ. ඔවුන් මත්පැන් පුරුදු කළා. බටහිර ආකල්ප සිරිත් විරිත් අපට දුන්නා. ඒත් ඔය සියල්ල කරළත් සිංහල බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් ව තිබුණා. පාසල් විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ඒ වෙනස් කළා. ජේ ආර් විවෘත ආර්ථිකයක් නමින් විවෘත සංස්කෘතියක් ඇති කළා. එමගින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දුන්න. රනිල්ගෙ ආණ්ඩුව මේ පහර දීම තවදුරටත් කරගෙන යනවා. එහෙම පහර දෙමින් ඔවුන් අහනව අපි බෞද්ධ නොවෙයි ද කියලත්!

Monday, 11 February 2019

කුසුමාසනදේවි පහතට වැටීම


කුසුමාසනදේවි පහතට වැටීම



කුසුමාසනදේවි අද ඉඳන් පහතට වැටිලා. දෙරණේ රැ අටේ පටියේ සිට හයේ පටියට යෑම හොඳ දෙයක් නම් නො වෙයි. මා නරඹන්නේ දෙරණ පමණක් නිසා මගේ අතින් කියැවෙන්නේ දෙරණේ හොඳ නරක පමණයි. වැඩිය කිියැවෙන්නේ නරක වෙන්න පුළුවන්. ඒ නරක වැඩි නිසා. වෙනත් නාළිකා ගැන මට කියන්න හොඳක් නැහැ. මා ඒ නරඹන්නේ නැත්තේ එබැවිනුයි. මට කිසිම ජනමාධ්‍යයක් සමග සුහද සම්බන්ධයක් නැහැ. ජනමාධ්‍යවේදීන් මහාදැනමුත්තන්. ඔවුන් විද්‍යාත්මක විධික්‍රමය, ක්‍රමය (සිස්ටම්) වෙනස් කිරීම, වාස්තවිකත්වය, යථාර්ථය ආදී දේ ගැන කතා කරනවා. ඔවුන් අදෘශ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මා වැදගත් දෙයක් කියන අයකු නො වෙයි.