මේ ලිපි මුහුණු පොතේ පළ කිරීමට කිසිවකුටවත් කිසිම අවසරයක් නැති බව සලකන්න.
එස් බී හා ඉන්දියාව
අද ඇතැමුන් සිතා සිටින්නේ මහින්ද නොවරදින සුළු පුද්ගලයකු කියායි.
ඔහුගේ දේශපාලන නායකත්වයෙන් කොටි පැරද වූ බව සැබෑ ය. එහෙත් ඔහු එතැනට ඉබේ ආවා නො
වේ. 2005 දී ඔහු ජනාධිපති පදවියට පත්වන විටත්
ඔහු කොටි සමග සාකච්ඡා කළ යුතුය යන ස්ථාවරයේ පිහිටියා. ඔහුට විසඳීම සඳහා දෙමළ
ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් තිබුණා. ඒ විසඳීම සඳහා ඔහු කොටින් සමග සාකච්ඡා කිරීමට
සූදානමින් සිටියා. කොටි පැරදවීම සඳහා හමුදා මෙහෙයුමක් කළ යුතු ය යන තැනට ඔහු පත්
වූයේ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන්. මෙය යම් කිසිවකුට වෙනත් ආකාරයකින් විවරණය
කරන්න පුළුවන්. කොටි පැරදවීම සඳහා හමුදා ශක්තිමත් වන තුරු හමුදා මෙහෙයුමක් නොකළ
යුතු ය යන ස්ථාවරයේ මහින්ද සිටියේ යැයි කෙනකුට කියන්න පුළුවන්. සිද්ධියකින් පසුව ඒ
සිද්ධියට විවිධ අර්ථකථන දීම සුලබයි. එහෙත් සිද්ධියෙන් පෙර මහින්ද හමුදා මෙහෙයුමක්
කිරීමට කල්පනා කරගෙන සිටියේ නැහැ. මහින්ද 2005ට පෙර සිටියේ කුසල් පෙරේරා වැනි සිංහල විරෝධීන් සමග.