Main Logo

Showing posts with label Nelum Kuluna. Show all posts
Showing posts with label Nelum Kuluna. Show all posts

Tuesday, 17 September 2019

සිංහලයන්ට අබ සරණ ද?

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලයන්ට අබ සරණ ද? 


ඊයේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී මෛත්‍රිපාල තරමක උද්වේගයකින් කතා කරලා. අර චීන සමාගම ගැන කී දේ නොකියා සිටියා නම් හොඳයි. මා කියන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුව තව්තිසාවෙන් පහළ වූ ආණ්ඩුවක් කියා. ඒකෙත් දූෂිතයන් හිටියා. ඒත් මහින්දවාදීන් කැමති නැහැ ඒ ආණ්ඩුවේ කිසිම වරදක් දකින්න. ඒ වගේ ම ඔවුන් කැමති නැහැ මෛත්‍රිපාලගෙ කිසිම හොඳක් දකින්න. 

Monday, 16 September 2019

නෙළුම් කුළුණ, පැල්පත්, නියම, නියාම, හා සිස්ටම් චේන්ජ්

                   සිංහල ලිත් ඉලක්කම් 

                                             

නෙළුම් කුළුණ, පැල්පත්, නියම, නියාම, හා සිස්ටම් චේන්ජ් 


බාප්පගෙ පුතා හිල්ටන් හෝටලේ කෑම භාරව ඉන්නෙ කියල පම්පෝරි කියවල රෑට කන්නෙ නැතිව නින්දට යනව වගේ වැඩක් තමයි අද නෙළුම් කුළුණ විවෘත කරන කොට දකුණු ආසියාවෙ උසම කුළුණ කුළුණ ගැන කතා කරමින් මේ ධාරාණිපාත වරුසාවට තෙමෙන පැල්පතක ඉන්න කෙනෙකුට තෙමෙන්න වෙලා තියෙන්නෙ. මා නෙළුම් කුළුණට විරුද්ධ ව කතා කරනව නො වෙයි. ඩිජිටල් තාක්‍ෂණයට කුළුණෙ ඇති විවිධ පහසුකම්වලට විරුද්ධ වෙනවත් නො වෙයි. හිල්ටන් හෝටලේටත් මා විරුද්ධ නැහැ. ඒත් අර මිනිසුන්ගෙ වැස්සට තෙමෙන පැල්පත්.