Main Logo

Showing posts with label October 26. Show all posts
Showing posts with label October 26. Show all posts

Wednesday, 8 July 2020

මනාප පොරය හා සිරිසේන විරෝධය

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





මනාප පොරය හා සිරිසේන විරෝධය

මනාප පොරය ඔඩු දුවන තත්වයකට ඇවිල්ලා. කුරුණැගල දිස්ත්‍රික්කයේ අගමැති මහින්ද රාජපක්‍ෂගේ ආධාරකරුවන් පිරිසකට පහර දී ඇති බවක් කියැවෙනවා. ඒ වෙනත් අපේක්‍ෂකයකුගේ වැයික්කියට ගියා කියන වරදට. එසේ යෑම වරදක් කියා කියන්නේ පහර දුන් අය බවයි හිතා ගන්න වෙන්නෙ.  මේ කතාව මුසාවක් ද කියන්න දන්නෙ නැහැ. ඒත් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. 

Wednesday, 1 January 2020

තිස්ස අත්තනායකගේ තර්කය


     සිංහල ලිත් ඉලක්කම්



  • තිස්ස අත්තනායකගේ තර්කය

තිස්ස අත්තනායක කියන්නෙ කෘතහස්ත දේශපාලනඥයෙක්. ඔහුට තම පක්‍ෂයෙ යම් යම් ප්‍රශ්න තිබුණු බව බොහෝ දෙනා දැන සිටියා. කෘතහස්ත අත්තනායක දේශපාලනයෙ වැඩිය දකින්න හිටියෙ නැහැ. ඒත් සජිතාගමනයත් එක්ක අත්තනායකත් වැඩට බැස්සා. සජිතාගමනය අවගමනයක් වුණා. ඒත් කෘතහස්ත අත්තනායක තර්කයක් ඉදිරිපත් කරලා.

Sunday, 8 December 2019

දයාසිරි හා එස් බී ලා

    සිංහල ලිත් ඉලක්කම් 

දයාසිරි හා එස් බී ලා


ඊයේ ශ්‍රී ල නි පක්‍ෂයේ තුන්දෙනකුට විරුද්ධ ව විනය පරීක්‍ෂණයක් තිබුණා. එහි තීන්දුව පසුව දෙන බවයි කියැවෙන්නේ. ලක්‍ෂමන් යාපා මාධ්‍යවේදීන් යැයි කියා ගන්නන්ට ඔහුට තේරෙන විධියට හොඳ පිළිතුරක් දී තිබුණා. ඔහු කියා ඇත්තේ ඔවුන් ගත් තීරණයට පසුව ශ්‍රී ල නි පක්‍ෂය පැමිණි බවයි. තවත් අයකු කියා ඇත්තේ තමන් ගත් තීරණයට දයාසිරි ජයසේකර පසුව පැමිණි බවයි. 

Sunday, 10 November 2019

නොනවතින පිමි

       සිංහල ලිත් ඉලක්කම් 


නොනවතින පිමි




බොහොම කාලෙකට ඉස්සර මා මාක්ස්වාදියකු ව ඉන්න කාලෙ ආසාවෙන් කියෙව්ව පොතක් වුණෙ ට්‍රොට්ස්කිගෙ නොනවතින විප්ලවය (Permanent Revolution). ජ වි පෙ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂයක් වෙලා නැහැ. ඒ පක්‍ෂය බිහිවුණෙ මාම්වාදී තිඹිරි ගෙයක. ඒ මොකක් වුණත් ජ වි පෙ විප්ලවවාදී පක්‍ෂයක් හැටියට තමයි හැඳින්වෙන්නෙ. ජ වි පෙ පහුගිය අවුරුදු පනහක කාලයක දෙවතාවක් ම විප්ලවය කරන්න හදපු පක්‍ෂයක්.  පොලීසිවලට ගහල විප්ලවය කරන්න පුළුවන් කියල හිතපු නායකයකුගෙ පක්‍ෂයක්. තරුණයන් දසදහස් ගණනක් විප්ලවය වෙනුවෙන් බිලි දුන් පක්‍ෂයක්. හෙට අනිද්දා ඔවුන් ඒ තරුණයන් සමරාවි. පළමුව මරාවි දෙවනුව සමරාවි.

Wednesday, 16 October 2019

ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?

         සිංහල ලිත් ඉලක්කම්   




ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ ගෝඨාභය අවුරුද්දකින් යැවීමට ද ?





ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබුයේ ජාතියේ අපේක්‍ෂක ලෙස. එයට මුල් වූයේ ජාතික ව්‍යාපාරය බව මා කියන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ වෙනත් අයට අගෞරවයක් ලෙස නො වෙයි. එහෙත් එයින් කියන්නේ නැහැ ජාතික සංවිධාන සියල්ල ඒ මතයේ සිටි බව. ඒ කෙසේ වෙතත් අද ජාතික සංවිධාන සියල්ල පිළිගන්නවා ගෝඨාභය ජාතික අපේක්‍ෂක ලෙස. එය හොඳ ප්‍රවණතාවක්.

Thursday, 3 October 2019

පරාද අපේක්‍ෂාව

   සිංහල ලිත් ඉලක්කම්


පරාද අපේක්‍ෂාව 

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණයට වඩා පරාජය අපේක්‍ෂාවෙන් කෙරෙන්නක් බව පැහැදිලි ය. ඒ තම පරාජය නොවන අනුන්ගේ පරාජය සඳහා ය. අපේක්‍ෂාවේ අපේක්‍ෂකයා ඉදිරිපත් වුවහොත් ඒ ඔහුගේ ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන් නොව සජිත්ගේ පරාජය අපේක්‍ෂාවෙනි. රනිල්දාසට ජයග්‍රහණයක් සඳහා කිසිම අපේක්‍ෂාවක් තිබිය නො හැකියි. ඔහුගේ ඒකායන අපේක්‍ෂාව සජීත් පරාජය කිරීම ය. 

Tuesday, 17 September 2019

සිංහලයන්ට අබ සරණ ද?

      සිංහල ලිත් ඉලක්කම්


සිංහලයන්ට අබ සරණ ද? 


ඊයේ නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේ දී මෛත්‍රිපාල තරමක උද්වේගයකින් කතා කරලා. අර චීන සමාගම ගැන කී දේ නොකියා සිටියා නම් හොඳයි. මා කියන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුව තව්තිසාවෙන් පහළ වූ ආණ්ඩුවක් කියා. ඒකෙත් දූෂිතයන් හිටියා. ඒත් මහින්දවාදීන් කැමති නැහැ ඒ ආණ්ඩුවේ කිසිම වරදක් දකින්න. ඒ වගේ ම ඔවුන් කැමති නැහැ මෛත්‍රිපාලගෙ කිසිම හොඳක් දකින්න. 

Thursday, 22 August 2019

පළාත් සභා හා සජිත් කටු

             සිංහල ලිත් ඉලක්කම්



පළාත් සභා හා සජිත් කටු



ජාතික චින්තනයට අනුව දෙවියන් නැත් ද පුනබ්භවයක් නැත් ද සංසාරයක් නැත් ද නිවන් සම්මාබෝධයක් නැත් ද අප කළ යුත්තේ එරික් ෆ්‍රොම් වැනි මහායානික අදහස්වලින් පෝෂණය ලැබූ බටහිර උගතුන් අනුව සභ්‍යත්ව රාජ්‍යය ගැන කතා කිරීම ද ආදී  ප්‍රශ්න රාශියක් ඇසීමට ඇති නමුත් මා ඒ සියල්ල පසුවට කල් දානවා. අද ගෝඨාභයට විරුද්ධ ව සිටි මැදි වයසේ අයටත් ගෝඨාභය වටා එකතු වීමට සිදු වී තිබෙනවා. ඒ හොඳ ප්‍රවණතාවක්. එබැවින් අපේ ප්‍රශ්න පසුවට කල් දමා අපි ගෝඨාභය දිනවීම සඳහා ශක්තිය යොදවමු. 

Tuesday, 23 July 2019

මෛත්‍රිපාලගෙ කොන්ද

  මෛත්‍රිපාලගෙ කොන්ද

මෛත්‍රිපාල සිරිසේන තමන්ට පිටකොන්දක් ඇති බව නැවත වරක් පෙන්නලා. ඔහු ඒ ගමන රනිල් එක්ක එකතු වෙලා. දෙන්න ම දැන් කියන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කරන්න ඕන සියල්ල කරල හමාරයි කියල. ඕන නම් පොලිස්පතියි හිටපු ආරක්‍ෂක ලේකමුයි වරදකරුවන් වෙන්න ඇති. ඒත් තමන්වත් රනිල්වත් මේ කිසි දේකට වරදකරුවන් නොවන බවයි මෛත්‍රිපාල කියන්නෙ. 

Wednesday, 12 June 2019

ආණ්ඩු දෙකේ ගැටුම අවසන් අදියරේ

ආණ්ඩු දෙකේ ගැටුම අවසන් අදියරේ



පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින පනහකට පසු (දින පනහේ ආණ්ඩුව මතක් වෙනවා) පසු මහින්ද රාජපක්‍ෂ මුස්ලිම් අන්තවාදය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරලා. ඔහු මුස්ලිම් දේශපාලනඥයන්ගේ සිංහලෙන් එකක් දෙමළෙන් තවත් එකක් දෙබිඩි ප්‍රතිපත්තිය ගැනත් මේ සියල්ල ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යොදා ගැනීමට ඇති හැකියාව ගැනත් කියනවා. මේ ටික කියන්න මෙච්චර කල් ගත්තෙ ඇයි?

Sunday, 9 June 2019

නිවට නායකයන් නිසා සිංහලයන් වැරදි කරුවන් කිරීම


නිවට නායකයන් නිසා සිංහලයන් වැරදි කරුවන් කිරීම 

සුපුරුදු පරිදි සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් වැරදි කරුවන් කරලා. මුස්ලිම් ජනයාට හිරිහැර කෙරෙනවයි කියල ඇතැම් අරාබි රටවලුත් කලබල වෙලා ජනාධිපතිගෙන් අහල කියලයි වාර්තා වෙන්නෙ. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න මා දන්නේ නැහැ. ඒත් චතුස්කෝටිකය අනුව නම් බොරුවක් නොවෙන්නත් පුළුවන්. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉස්ලාම් කියන්නෙ ආගමක්. මුස්ලිම් කියන්නෙ සංස්කෘතියක්. ඉස්ලාම් හරි මුස්ලිම් හරි කියල ජනවර්ගයක් නැහැ. අනෙක් අතට සුන්නි ශියා වශයෙන් බෙදීමක් ද තියෙනවා. එයට අමතර ව සුෆි කියා කොටසකුත් ඉන්නවා. කුරූඳුවත්තේ දවටගහ පල්ලිය සුෆි මුස්ලිමුන්ගේ පල්ලියක් ලෙස සැලකෙනවා. 

Monday, 3 June 2019

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

හිස්බුල්ලා බද්‍යුද්දීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රතන හිමියන්ගේ උපවාසයෙන් පැහැදිලි වන කරුණ සිංහලයන්ට නායකත්වයක් නැති කමයි. ඒ උපවාසය බලන්න යන දේශපාලනඥයන්ට ඔවුන් මොන අරමුණෙන් එහි ගියත් කිසි දිනෙක ඒ නායකත්වයට පත් වෙන්න බැහැ.  ඒ කියන්නේ උපවාසය බලන්න නොගිය දේශපාලනඥයන්ට ඒ නායකත්වය හිමි වේය යන්න නො වෙයි. සිංහල ජනතාව ආගම් පක්‍ෂ භේදයකින් තොරව රතන හිමියන් බැලීමට ගොස් කියන්නේ එක ම එක කරුණක් පමණයි. ඒ අර ඇතැම් ත්‍රිරෝද රථයක කියවන්න ලැබෙන ආකාරයට අපි අසරණ වෙලා බුදුහාමුදුරුවනේ යන්නයි. දැන් කසිකබල් පඬියන් කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට සරණ වෙන්න බැහැ කියල. පඬියන් දන්න සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔවුන් හිතන්නෙ ඊනියා බෞද්ධ දර්ශනයක් ගැන. නැහැ බෞද්ධ දර්ශනය කියල එකක් නැහැ. සියළු දර්ශන පට්ටපල් බොරු.

Friday, 31 May 2019

රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල


රතන හාමුදුරුවො, රනිල් හා මෛත්‍රිපාල 

අද රතන හාමුදුරුවො දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන්න යන බවට ආරංචියක් තියෙනවා. ඒක මාරාන්තික ද නැහැ අපවත්වීමාන්තික ද නැත් ද කියල දැන ගන්න විධියක් නැහැ. ඊයේ මාධ්‍යයට කියන්නෙ නැතිව පවත්වපු සාකච්ඡාවක දි තීරණය ගත් බවට තමයි ආරංචි වුණෙ. මාධ්‍ය සහභාගි කර නොගැනීමත් මාධ්‍ය සංදර්ශනයක්. රතන හාමුදුරුවන්ට මාධ්‍ය ගැන අමුතුවෙන් කියල දෙන්න කාටවත් බැහැ. අසාද් සාලි ලා අස්කරන්න ඕන. ඒ බව අර වස විස කතාව වගේ ම අපි කියල තරමක කාලයක්. 

Monday, 13 May 2019

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට


මංගල සමරවීර කියල මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියල ඔහු කියාවි ද එංගලන්තය ඉංගිරිසි ක්‍රිස්තියානි රටක් නොවෙයි කියල. එහෙම කියද්දි ඔහු තවදුරටත් කිව්වොත් ඒ රටේ බහුතරය ඉංගිරිසි ක්‍රිස්තියානි වුණත් තවත් ජනවර්ග ඉන්නවයි කියල කිසිවකු මොකුත් කියන එකක් නැහැ. ඒ මොකද එහි කිසිවකු, ලංකාවෙන් එහි ගිය කිහිප දෙනකු හැරෙන්න, මංගල සමරවීර දන්නෙ නැති නිසා, කිසිවකු ඔහු පැන්සයකට ගණන් ගන්නෙ නැති නිසා. මා හිතන්නෙ නැහැ ඇඳුම් විලාසිතා ගැන කටයුතු කරන අයවත් ඔහු පැන්සයකට ගණන් ගන්නවා කියල. එංගලන්තෙ ජනමාධ්‍යයට මංගල කියන්නෙ මොකක්ද කියන එක දැන ගන්න වුවමනාවක් නැහැ. අර බීීබීසියෙ සංදේශය නම් සමහරවිට ඔහු සමග සාකච්ඡාවක් පවත්වාවි. බීබීසි සංදේශය පාස්කු ප්‍රහාරයටත් සිංහල බෞද්ධයන් වරදකරුවන් කියල කිව්වෙ. එංගලන්තෙ දි මංගලගෙ වටිනාකම එහෙමයි. 

Thursday, 2 May 2019

වෙච්ච දේ වෙන දේ

වෙච්ච දේ වෙන දේ


පසුගිය පාස්කු ඉරිදා සිදුවූයේ එක ගලින් කුරුල්ලන් කිහිප නෙකු මැරීමයි. ලංකාව ඇතුළත කරන මෙහෙයුම් තවදුරටත් වඩාත් ශක්තිමත් ව කරගෙන යන්න ඕන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. හමුදාව හා පොලීසිය දැනට කර ඇති මෙහෙයුම් ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒත් මා හිතන්නේ අපට ඇති නීති ප්‍රමාණවත් නොවන බවයි. මේ මෙහෙයුම් තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා කාලයෙන් පස්සට බලපාන නීති අවශ්‍යයි. අත්අඩංගුවට ගත් හා ගැනීමට සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් නීති අවශ්‍යයි. 

Wednesday, 24 April 2019

ලෝක අමාරුවක වැටෙනවා ද?


ලෝක අමාරුවක වැටෙනවා ද?
 



බොහෝ දේ කියන්න තියෙනවා. එක ලිපියකින් කොහොමටවත් කියන්න බැහැ. පඬියන්ගෙ කටවල් වැහිලා. දැන් කියන විධියට නම් පඬියන්  සද්දෙ වහලා. සමහරු තම මත වෙනස් කරගෙන. පාස්කු ඉරිදා ගැන බටහිර පශ්චාත් මාක්ස්වාදීන් හරි වෙනත් පශ්චාත්තාපවාදීන් හරි තවම මොකුත් කියල නැද්ද? බීබීසියයි නෝර්වෙ කවුදැයි පාස්කු ඉරිදාත් සිංහල බෞද්ධයන්ට ම බැර කරල. පඬියන්ට බැරි ද ඉක්මනට නෝර්වේ තානාපති කාර්යාලයෙන්වත් සිංහල බෞද්ධ විරෝධී කතාවක් ඉල්ල ගන්න.

Monday, 15 April 2019

වැඩ ඇල්ලීම


වැඩ ඇල්ලීම

මේ දිනවල දේශපාලනයේ ඇත්තේ නොනගතයක්. එය සිංහල පැය තිස්දෙකක් නැත්නම් ඉංගිරිසි පැය (හෝරා) දොළහයි විනාඩි හතළිස්අටක් වෙන අවුරුදු නොනගතයට වඩා බෙහෙවින් වැඩියි. සමහරවිට සතියක් විතර යන්න පුළුවන්.  මෛත්‍රිපාල මොකක් ද ප්‍රකාශයක් කරන්න සූදානම්ලු. එක එක අය තමන් දකින ආකාරයට ඒ ප්‍රකාශය දැනටමත් දැකල. සජිත් අගමැති කරන්න යනව කියල කියනව. සජිත් අගමැති කරයි ද නැද්ද කියල නම් මා දන්නෙ නැහැ. හැබැයි සජිත් අගමැති කළොත් ඔහු 113 ලබා ගනීවි. 

Thursday, 4 April 2019

මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


අද ශ්‍රී ල නි පක්‍ෂයට අයවැයට පක්‍ෂව ඡන්දය දෙනව ද නැත්නම් විරුද්ධව ඡන්දය දෙනව ද එහෙමත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී ඉන්නව ද කියල තීරණයක් ගන්න වෙනවා. එය මූලික වශයෙන් ම දේශපාලන තීන්දුවක්. එහෙත් එහි දී වියුක්ත න්‍යායත් යම් ප්‍රමාණයකට බලපානව. අපි ඒ ගැන පසුව කතා කරමු.

Sunday, 10 February 2019

ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්


ඔක්තෝම්බර් විසිහය, රනිල් හා බැසිල්



ඔක්තෝම්බර් විසිහය ගැන එක් එක් අය එක් එක් කතා කියනවා. එ ජා පෙරමුණ හා එහි හවුල්කාර දෙමළ ජාතික සංධානයත් ජ වි පෙරමුණත් ඒ ගැන ප්‍රධාන වශයෙන් ම කියන්නේ එය ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සහ ව්‍යවස්ථා විරෝධී කියායි. එහෙත් මේ එක් අයකුවත් මහින්ද අගමැති කිරීමට විරුද්ධ ව අධිකරණයට ගියේ නැහැ. දඹර අමිල හිමියන් පමණක් අවසානයේදී නඩුවක් පැවරුවා. එය මැයි මාසෙට කල් ගිහිල්ලා. මාත් කැමතියි ඒ ගැන විනිසුරුවරුන් කියන්නෙ මොකක් ද කියලා දැන ගන්න.