Main Logo

Showing posts with label English Christian Culture. Show all posts
Showing posts with label English Christian Culture. Show all posts

Monday, 13 May 2019

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට

ඛෙමගෙ කොලුවගෙ සිංහල බෞද්ධ නොවන රට


මංගල සමරවීර කියල මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියල ඔහු කියාවි ද එංගලන්තය ඉංගිරිසි ක්‍රිස්තියානි රටක් නොවෙයි කියල. එහෙම කියද්දි ඔහු තවදුරටත් කිව්වොත් රටේ බහුතරය ඉංගිරිසි ක්‍රිස්තියානි වුණත් තවත් ජනවර්ග ඉන්නවයි කියල කිසිවකු මොකුත් කියන එකක් නැහැ. ඒ මොකද එහි කිසිවකු, ලංකාවෙන් එහි ගිය කිහිප දෙනකු හැරෙන්න, මංගල සමරවීර දන්නෙ නැති නිසා, කිසිවකු ඔහු පැන්සයකට ගණන් ගන්නෙ නැති නිසා. මා හිතන්නෙ නැහැ ඇඳුම් විලාසිතා ගැන කටයුතු කරන අයවත් ඔහු පැන්සයකට ගණන් ගන්නවා කියල. එංගලන්තෙ ජනමාධ්‍යයට මංගල කියන්නෙ මොකක්ද කියන එක දැන ගන්න වුවමනාවක් නැහැ. අර බීීබීසියෙ සංදේශය නම් සමහරවිට ඔහු සමග සාකච්ඡාවක් පවත්වාවි. බීබීසි සංදේශය පාස්කු ප්‍රහාරයටත් සිංහල බෞද්ධයන් වරදකරුවන් කියල කිව්වෙ. එංගලන්තෙ දි මංගලගෙ වටිනාකම එහෙමයි.