රනිල්ගෙ නීතියට නැවෙන ජ වි පෙ
අවුරුදු විස්සකට පස්සෙ ජ වි පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න යනවා. ඒත් සමහර වෙනස්කම් තියෙනවා. එදා ජ වි පෙරමුණෙන් ඉදිරිපත් වෙච්ච නන්දන ගුණතිලක අද එ ජා පක්‍ෂයේ. අද අනුර දිසානායකට අමුතුවෙන් එ ජා පක්‍ෂයට යන්න ඕන නැහැ. එදා නන්දන ගුණතිලක ඇන්දෙ රතු. ඉදිරිපත් වුණෙ ජ වි පෙරමුණෙන්. අද අනුර රනිල්දාස එන්නෙ ජාතික ජනබල පෙරමුණෙන්, අඳින්නෙ සුදට හුරු කහපාටක්. එදා රැස්වීම්වල වැඩිය පුටු තිබුණෙ නැහැ. අද ගාලු මුවදොර පිටියෙ විශාල ඉඩක පුටු. එදා නන්දන ගුණතිලක ලක්‍ෂ තුනකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. මෙදා රනිල්දාස ඉදිරිපත් වුණොත් ඡන්ද ලක්‍ෂ තුනක් ලැබෙන්නෙ නැහැ. රනිල්දාස ඉදිරිපත් කරන්න ගියාට ඉදිරිපත් කරයි ද යන්න තීරණය වෙන්නෙ සජිත් මත. රනිල් ඒක තීරණය කරාවි.