Main Logo

Showing posts with label Roman Dutch Law. Show all posts
Showing posts with label Roman Dutch Law. Show all posts

Tuesday, 31 December 2019

රාජිත චම්පක ගානියා හා තවත් දේ

 සිංහල ලිත් ඉලක්කම්


රාජිත චම්පක ගානියා හා තවත් දේ


සජිත් බොහොම බරපතළ දේ ගැන කතා කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සෙ නැතිව හිටපු සජිත්ගෙ ඩයිනමෝව හා එංජිම නැවත ක්‍රියාත්මක වෙනවා වගේ. සජිත් ඒවා ගරාජයට දාලා තියෙන්න ඇති. දෙයියන්ගෙ පිහිටෙන් සජිත්ට හෘදයාබාධ නැහැ. ආතතියකුත් නැති පාටයි. ඔහු තාම තරුණයි. රාජිතට හා චම්පකට වඩා තරුණයි. ඔහු රාජිත හා චම්පක බලන්නත් ගිහින්. මට ඔහුගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන ඔහු මොක ද කියන්නෙ. ඔහුත් හිටි ආණ්ඩුවකින් තමයි 2015 -2019 කාලයෙ ජාතික ගීය දෙමළෙන් ගැයුවෙ. ඔහු එය අනුමත කළ බවයි පේන්න තියෙන්නෙ. බොහෝ දෙනාට මතක නැති වුණාට ජාතික ගීය දෙමළෙන් ගැයීමට ජාතික ව්‍යාපාරයෙ සමහර ගිහි පැවිදි ප්‍රධානීන් ද එකඟ වුණා. 

Sunday, 1 December 2019

කත ගැන නොකී කතා

    සිංහල ලිත් ඉලක්කම් 


කත ගැන නොකී කතා



ආණ්ඩුවේ ඇතැම් උද්ධච්ඡ ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් (එවැනි නිලයක් ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ නැහැ)  සිතා සිටින්නේ ගෝඨාභය ජයග්‍රහණය කෙළේ පොහොට්ටුව නිසා බව ය. ඔවුන් කෙතරම් තමන් ගැන අධිතක්සේරුවකින් සිතනවා ද කිවහොත් මැතිවරණයේ දී ශ්‍රී ල නි ප නැතිව පොහොට්ටුවෙන් තරග කිරීමට කියනවා. ගෝඨාභය පොහොට්ටුවෙන් තරග කිරීම පිළිබඳ මා කැමති වුණේ නැහැ. එහෙත් අවසානයේ දී නව සංධානයට එයට එකඟ වීමට සිදු වුණා. එහෙත් ඒ තවත් කොනේදේසිවලට යටත් ව. මැතිවරණයේ දී සංධානය පුටුව ලකුණෙන් තරග කිරීමට ගෝඨාභයගේ නායකත්වයෙන් පැවති පක්‍ෂ නායක ගිවිසුම් අත්සන් කිරීමේ දී එකඟ වුනා. 

Wednesday, 21 August 2019

අතීතයෙන් අනාගතයට

         සිංහල ලිත් ඉලක්කම්


අතීතයෙන් අනාගතයට

අපේ රටේ අය දේශපාලන වශයෙන් කෙතරම් සංවේදී ද බව මහාවංසයෙන් ම පැහැදිලි වෙනවා. අප මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකුවත් ඒ එසේ නො වෙයි. එය දේශපාලන කෘතියක්. කවුදෝ ලියා තිබුණා මහාවංසයේ ප්‍රශ්නය ලියා ඇති දේ නොව නොලියා ඇති දේ කියා.  මහාවංසයෙහි ලියා ඇති දේ බොහෝ විට ඓතිහාසික සාධක (මා සාධක යන වචනය යොදා ගන්නේ වෙනත් වචනයක් නැති කමට) සමග ගැලපෙනවා. එහි ගැටළුවක් නැහැ. 

Monday, 19 August 2019

රනිල්ගෙ නීතියට නැවෙන ජ වි පෙ

              සිංහල ලිත් ඉලක්කම්

රනිල්ගෙ නීතියට නැවෙන ජ වි පෙ

අවුරුදු විස්සකට පස්සෙ ජ වි පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න යනවා. ඒත් සමහර වෙනස්කම් තියෙනවා. එදා ජ වි පෙරමුණෙන් ඉදිරිපත් වෙච්ච නන්දන ගුණතිලක අද එ ජා පක්‍ෂයේ. අද අනුර දිසානායකට අමුතුවෙන් එ ජා පක්‍ෂයට යන්න ඕන නැහැ. එදා නන්දන ගුණතිලක ඇන්දෙ රතු. ඉදිරිපත් වුණෙ ජ වි පෙරමුණෙන්. අද අනුර රනිල්දාස එන්නෙ ජාතික ජනබල පෙරමුණෙන්, අඳින්නෙ සුදට හුරු කහපාටක්. එදා රැස්වීම්වල වැඩිය පුටු තිබුණෙ නැහැ. අද ගාලු මුවදොර පිටියෙ විශාල ඉඩක පුටු. එදා නන්දන ගුණතිලක ලක්‍ෂ තුනකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. මෙදා රනිල්දාස ඉදිරිපත් වුණොත් ඡන්ද ලක්‍ෂ තුනක් ලැබෙන්නෙ නැහැ. රනිල්දාස ඉදිරිපත් කරන්න ගියාට ඉදිරිපත්  කරයි ද යන්න තීරණය වෙන්නෙ සජිත් මත. රනිල් ඒක තීරණය කරාවි. 

Wednesday, 26 June 2019

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව

පාක්‍යසෝතිගෙ ගල් වරුසාව 

පාක්‍යසෝති සරවනමුත්තු රෝම ලන්දේසි (ක්‍රිස්තියානි) නීතිය යටතෙ අස්ගිරි මහානායක හාමුදුරුවන්ට විරුද්ධ ව පැමිණිලි කරලා. ඔහු නීතිපතිට පැමිණිළි කර බවයි මාධ්‍යයෙන් කියැවෙන්නෙ. උසාවිය ඉදිරියට ගියා ද කියන එක පැහැදිලි නැහැ. මොනව වුණත් රෝම ලන්දේසි නීතිය සාධාරණ හැටියටයි උගන්නලා තියෙන්නෙ. පාක්‍යසොතිගෙ පැමිණිල්ල මහානායක හාමුදුරුවො මොනව කිව්ව එක ගැන ද කියන එක මාධ්‍ය කියන්නෙ නැහැ. ඒත් මාධ්‍ය පාක්‍යසෝතිට තරම් ප්‍රසිද්ධියක් මහානායක හාමුදුරුවන්ට දෙන්නෙ නැහැ කියන එක නම් පැහැදිලියි. 

Wednesday, 6 February 2019

වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග කරන කතා


වෙල්ලාල නොවන දෙමළ කතාකරන ජනයා සමග කරන කතා





සිංහලයන් උතුරු පළාතට ගිහින් දෙමළ කතාකරන ජනයා හමුවන එක ඉතා වැදගත්. කොළඹ ඉන්න රාජ්‍ය නොවන පඬියන්, සිවල් සාමාජිකයන් ආදී කී දෙනකුට දෙමළ කතා කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. ඒත් ඔවුන් තමයිලු දෙමළ කතාකරන ජනයාගේ ප්‍රශ්නය මොකක් ද කියල දන්නෙ. ඒ ප්‍රශ්නෙ අපට තේරෙන්නෙ නැතිලු.  ඒක ලෙහෙසියෙන් කියන්නත් බැරිලු. බැසිල් රාජපක්‍ෂත් ඒ වගේ කතාවක් කියනවා. බැසිලිකාවෙ පූජකයන් ඒකට වෙනස් අර්ථකථන දෙන්න හැදුවත් ඔහු කළ ප්‍රකාශය ඒවට ඉඩක් තියල නැහැ. මේ කිල්ලෝටවල හුණු හෙවීමක් නො වෙයි. කුණු කන්දලයක් ගැන කීමක්. අපි ඔය ඊනියා ප්‍රශ්නය අපට තේරෙන විධියකට කියන්න පුළුවන් කෙනකු එනකන් බලා ඉන්න වෙනවා. එතකන්  විසඳුමක් දෙන්න බැරි බව කාට වුණත් තොරෙන්න ඕන. ඇයි කවුරුන්වත් ප්‍රශ්නය මොකක් ද කියල කියන්නෙ නැහැ නෙ.

Saturday, 23 June 2018

ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය






ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය



මේ ලිපියෙන් නම් කිසිම වැඩක් වෙන එකක් නැහැ. ඒ කියන්නෙ අනෙක් ලිපිවලින් වැඩක් වෙනව කියන එක නොවෙයි. ජාතික ව්‍යාපාරයෙ ඉන්න  පූජ්‍ය පක්‍ෂය මෙන් ම දැවැන්ත ගිහි නායකයන් ද මේ ලිපි කියවන්නේ නැහැ. ඔවුන්ගේ වෙබ් අඩවිවල මේ ලිපියක් පළවෙන්නෙ නැහැ. එහෙත් ඔවුන්ට ඉඳහිට මතක් වෙනවා මා ජීවත්ව ඉන්න බව. එතකොට ඔවුන් යුතුකමට වගේ ලිපියක් මට විද්‍යුත් තැපෑලෙන් එවනවා. මගේ මනුස්සකමක් නැතැයි කියමින් ලිපියක් එවන්නෙ අහවල් දේකට ද කියලා හිතෙනවා.

Wednesday, 20 June 2018

සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස


සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස



මෙරට දේශපාලනය අද අන්තිම තැනකට ඇද වැටිලා. ඒ ඒ දේශපාලනඥයන් පමණක් නොවෙයි ඔවුන් වටා සිටින්නන් ද කියන කරන දේ බොහෝ දෙනකුට විශ්වාස නැහැ. හැමතිස්සෙ ම වගේ බලන්නෙ යමකු මේ කරන්නෙ මොකක් ද කියන එක වෙනත් විධියකට තේරුම් ගන්න පුළුවන් ද කියන එක. එක්තරා විධියකින් ඒ සංයුක්ත හිතළු තැනීමක්. සමහර විට ඒ හිතළු හරියන්නත් පුළුවන්.

Sunday, 17 June 2018

බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද


බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද





චීවරය ද ජම්පරය ද යන මැයෙන් ලියූ ලිපිය ගැන විවිධ අය විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වලා. ඇතැමුනට මගේ සිංහල බෞද්ධකමත් ප්‍රශ්නයක් වෙලා. ඥානසිරි හිමියන් බන්ධනාගත කිරීම වැරදි කියා මා කියා නැති බැවින් මගේ දේශ හිතෛෂී භාවය ඇතැමුනට ප්‍රශ්නයක් වෙලා. මා නීතිය හා සාමය ගැන කතා කරන තවත් මහාචාර්යවරයකු පමණය කියා එක් අයකු කියා තිබුණා. මා මහාචාර්යවරයකු නොවන බව ඔහු දන්නේ නැතිව ඇති.