Main Logo

Showing posts with label Gnanasara Himi. Show all posts
Showing posts with label Gnanasara Himi. Show all posts

Tuesday, 4 June 2019

පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය


පාස්කු ප්‍රහාරයට පසු පාස්කු නාට්‍යය
පාස්කු නාට්‍ය සාමාන්‍යයෙන් කතෝලික ප්‍රදේශවල රඟ දැක්වෙනවා. අද පාස්කු නාට්‍යය ලංකාව පුරා ම රඟ දැක්වෙනවා. අසාද් සාලි හා හිස්බුල්ලා මෛත්‍රිපාලගෙන් ඉල්ලා සිටියා ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස. ඒ ඉල්ලීමට ම නොවූවත් ඥානසාර හිමි නිදහස් කෙරුණා. රතන හිමියන් අසාද් සාලි හිස්බුල්ලා මෙන් ම බද්‍යුද්දීන් ද තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඊනියා අඛණ්ඩ උපවාසයක් ඇරඹුවා. ඥානසාර හිිමියන් රතන හිමියන්ට සහයෝගය දක්වමින් තමන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අසාද් සාලි හා හිස්බුල්ලා ඉවත් කරන මෙන් ඉල්ලා නුවර සිට කොළඹට පාද යාත්‍රාවක් ඇරඹුවා. පාද යාත්‍රාව ගැටඹෙට එනකොට අසාද් සාලි හා හිස්බුල්ලා තම තනතුරුවලින් ඉල්ලා අස්වුණා. පාද යාත්‍රාවත් උපවාසයත් නැවතුණා. නුවර ඇසළ පෙරහැරෙන් පසු දවල් පෙරහැර දිය කපන්න එන්නෙත් ගැටඹෙට. තාම පොසොන් මාසෙ ලැබුව විතරයි. 

Friday, 24 May 2019

තේරුම් ගැනීම විස්තර කිරීම අනාවැකි කීම හා ඥානසාර හාමුදුරුවෝ


තේරුම් ගැනීම විස්තර කිරීම අනාවැකි කීම හා ඥානසාර හාමුදුරුවෝ



මා පසුගිය කාලයේ දිනපතා ම මෙන් කාලයට ලිව්වා. එයට එක් හේතුවක් වූයේ ජනමාධ්‍ය මගේ ලිපි පළ නොකිරීමයි. එමෙන් ම විද්‍යුත් මාධ්‍ය ද මා නොසලකා හැරීමයි. ඊනියා ජාතිකවාදී යැයි කියා ගන්නා ජනමාධ්‍යට ද මා නොවැදගත් අනම් මනම් කියවන්නකු පමණක් වුණා. මේ සති දෙකේ නම් මට දිනපතා ලියන්න ලැබෙන එකක් නැහැ. ඒ මා තැනින් තැන යන සංචාරක   ජීවිතයක් ගත කරන නිසා. 

Saturday, 29 September 2018

ක්‍රිස්තියානි රටක සිංහල බෞද්ධයෝ


ක්‍රිස්තියානි රටක සිංහල බෞද්ධයෝ



අපි අදත් ත්‍රිත්ව කතාව හා කුමන්ත්‍රණ කතාව තවදුරටත් කරගෙන යමු. මා මේ ලිපි ලිව්වා කියලා ජාතික යැයි කියන ජනමාධ්‍යවලවත් මේ කිසිවකට වැදගත් කමක් දෙන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි දේශපාලනඥයන්වත් ප්‍රශ්නය හරියට කතා කරන්නෙ නැහැ. ප්‍රශ්නයක ඉතිහාසය, සමස්තය කතා කරන්න බොහෝ දෙනකු කැමති නැහැ. හැමෝ ම  කතා කරන්නෙ පූජිතගෙ රුපියල් මිලියන දොළහයි  නාමල් හා නාලක ගැනයි විතරයි. ත්‍රිත්ව විද්‍යාලෙ මිලියන දෙසීය ගැන කතා කරන්න බයයි. මා අහගෙන පෙරේදා එස් බී දිසානායකත් රොඩ් ගිල්බර්ට් ගැන කතා කරනවා. ඒ අර පූජිත සම්බන්ධ කොටස ගැන පමණයි. පූජිත සම්බන්ධ මිලියන දොළහ ගැන කතා කරන්න ඕන. ඒත් ඇයි ත්‍රිත්ව විදුහලේ මිලියන දෙසීය ගැන කතා කරන්නෙ නැත්තෙ. දැන් ඩෑන් ප්‍රියසාද් කියා කෙනකු ඇවිත්. ඔහු කවුද? මහාසෝන් බලකාය යනු කුමක් ද? එය නිර්මාණය කෙළේ කවුද? මේ ආණ්ඩුවේ ඇමති කෙනකු මෙයට සම්බන්ධ ද? ඥානසාර හාමුදුරුවන් යොදා ගෙන පසුව උන්වහන්සේ අතහැර දැමූ ඇමති කෙනෙකු ඉන්නවා ද?

Saturday, 23 June 2018

ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය






ඥානසාර හාමුදුරුවන් නිසා මතු වූ ප්‍රශ්නය



මේ ලිපියෙන් නම් කිසිම වැඩක් වෙන එකක් නැහැ. ඒ කියන්නෙ අනෙක් ලිපිවලින් වැඩක් වෙනව කියන එක නොවෙයි. ජාතික ව්‍යාපාරයෙ ඉන්න  පූජ්‍ය පක්‍ෂය මෙන් ම දැවැන්ත ගිහි නායකයන් ද මේ ලිපි කියවන්නේ නැහැ. ඔවුන්ගේ වෙබ් අඩවිවල මේ ලිපියක් පළවෙන්නෙ නැහැ. එහෙත් ඔවුන්ට ඉඳහිට මතක් වෙනවා මා ජීවත්ව ඉන්න බව. එතකොට ඔවුන් යුතුකමට වගේ ලිපියක් මට විද්‍යුත් තැපෑලෙන් එවනවා. මගේ මනුස්සකමක් නැතැයි කියමින් ලිපියක් එවන්නෙ අහවල් දේකට ද කියලා හිතෙනවා.

Wednesday, 20 June 2018

සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස


සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස



මෙරට දේශපාලනය අද අන්තිම තැනකට ඇද වැටිලා. ඒ ඒ දේශපාලනඥයන් පමණක් නොවෙයි ඔවුන් වටා සිටින්නන් ද කියන කරන දේ බොහෝ දෙනකුට විශ්වාස නැහැ. හැමතිස්සෙ ම වගේ බලන්නෙ යමකු මේ කරන්නෙ මොකක් ද කියන එක වෙනත් විධියකට තේරුම් ගන්න පුළුවන් ද කියන එක. එක්තරා විධියකින් ඒ සංයුක්ත හිතළු තැනීමක්. සමහර විට ඒ හිතළු හරියන්නත් පුළුවන්.

Sunday, 17 June 2018

බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද


බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද





චීවරය ද ජම්පරය ද යන මැයෙන් ලියූ ලිපිය ගැන විවිධ අය විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වලා. ඇතැමුනට මගේ සිංහල බෞද්ධකමත් ප්‍රශ්නයක් වෙලා. ඥානසිරි හිමියන් බන්ධනාගත කිරීම වැරදි කියා මා කියා නැති බැවින් මගේ දේශ හිතෛෂී භාවය ඇතැමුනට ප්‍රශ්නයක් වෙලා. මා නීතිය හා සාමය ගැන කතා කරන තවත් මහාචාර්යවරයකු පමණය කියා එක් අයකු කියා තිබුණා. මා මහාචාර්යවරයකු නොවන බව ඔහු දන්නේ නැතිව ඇති.

Saturday, 16 June 2018

චීවරය ද ජම්පරය ද


චීවරය ද ජම්පරය ද





ඥානසාර හාමුදුරුවන්ගෙ ප්‍රශ්නය එක්ක මා සමග තවත් පිරිසක් මතභේද හදාගන්න පුළුවන් බව මා දන්නවා. පළමුවෙන් ම කියන්න ඕනෙ මා උන්වහන්සෙගෙත් බොදු බල සේනාවෙත් දේශපාලනය සමග එකඟ නොවන බව. දැන් බොහෝ දෙනෙකු කියාවි මා අපක්‍ෂපාත නැහැ කියලා. ඒක ඇත්ත. මා මගේ දර්ශනය, ඥානවිභාගය, ආදිය මත ඉඳගෙනයි ප්‍රශ්න දිහා බලන්නෙ. කවුරු කවුරුත් නොකිව්වත් තම තමන්ගෙ ලෝකවල තමයි ප්‍රශ්න දකින්නෙ.