ක්‍රිස්තියානි රටක සිංහල බෞද්ධයෝ
අපි අදත් ත්‍රිත්ව කතාව හා කුමන්ත්‍රණ කතාව තවදුරටත් කරගෙන යමු. මා
මේ ලිපි ලිව්වා කියලා ජාතික යැයි කියන ජනමාධ්‍යවලවත් මේ කිසිවකට වැදගත් කමක්
දෙන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි දේශපාලනඥයන්වත් ප්‍රශ්නය හරියට කතා කරන්නෙ නැහැ. ප්‍රශ්නයක
ඉතිහාසය, සමස්තය කතා කරන්න බොහෝ දෙනකු කැමති
නැහැ. හැමෝ ම කතා කරන්නෙ පූජිතගෙ රුපියල්
මිලියන දොළහයි නාමල් හා නාලක ගැනයි
විතරයි. ත්‍රිත්ව විද්‍යාලෙ මිලියන දෙසීය ගැන කතා කරන්න බයයි. මා අහගෙන පෙරේදා එස්
බී දිසානායකත් රොඩ් ගිල්බර්ට් ගැන කතා කරනවා. ඒ අර පූජිත සම්බන්ධ කොටස ගැන පමණයි.
පූජිත සම්බන්ධ මිලියන දොළහ ගැන කතා කරන්න ඕන. ඒත් ඇයි ත්‍රිත්ව විදුහලේ මිලියන
දෙසීය ගැන කතා කරන්නෙ නැත්තෙ. දැන් ඩෑන් ප්‍රියසාද් කියා කෙනකු ඇවිත්. ඔහු කවුද?
මහාසෝන් බලකාය යනු කුමක් ද? එය නිර්මාණය කෙළේ කවුද? මේ ආණ්ඩුවේ ඇමති කෙනකු මෙයට සම්බන්ධ ද? ඥානසාර හාමුදුරුවන් යොදා ගෙන පසුව උන්වහන්සේ
අතහැර දැමූ ඇමති කෙනෙකු ඉන්නවා ද?
අපට මේ සියල්ල ගැන කතා කරන්න වෙලා තියෙන්නෙ අපේ ඇහැට කණට ගෝචර වුණු
දෙයින් පමණක් නො වෙයි. එහෙම වුණොත් අපට ක්‍රිස්තුස් වහන්සෙ ගැන කතා කරන්නත් බැරි
වේවි. අප කවුරුන්වත් ක්‍රිස්තුස් වහන්සේ දැකලා නැහැ. එහෙත් ලෝකයෙ වැඩි දෙනෙක්
එතුමා ගැන විශ්වාස කරනවා. බයිබලයෙ තියෙන දේ විශ්වාස කරන්නෙ මොන පදනමකින් ද?
මා ඒ විශ්වාසය ප්‍රශ්න කරන්නෙ නැහැ. අප යම් යම්
දේ විශ්වාස කරන ක්‍රම තියෙනවා. කිසිම දෙයක් සාධනය (ඔප්පු) කරන්න බැරි බව පමණක් මතක
තියා ගන්න. ඒ ඊනියා සාධනවල මුල් ස්වසිද්ධි
මිනිසුන්ගේ නිර්මාණ පමණයි. ඒ සාධනය කරන්නේ එයටත් කලින් වූ ස්වසිද්ධිවලට ගිහිල්ල ද?
එහෙ ම කරන්න බැගැ. අනෙක් අතට නිගමන ලබා ගන්නේ ඒ
මුල් ස්වසිද්ධිවලින් අනුමාන නීති යොදා ගෙන. මේ අනුමාන නීති සාධනය කරන්න පුළුවන් දේ
නො වෙයි. ඒ සියල්ල උද්ගමනයෙන් මිනිසුන් නිරමාණය කර ගත් දේ. මේ සියල්ල රේඛීය
චින්තනයේ සාධනය නොකරන ලද ඊනියා මුල් හේතුවකින් මිනිසුන්ගේ ම නිර්මාණ වූ ද්විකෝටික
න්‍යාය යොදා ගෙන ලබා ගන්නා ඊනියා නිගමන. හේතුවාදය (බුද්ධිවාදය) කියන්නෙ ප්‍රංශ
විප්ලවයෙන් ඇති කෙරුණු මායාවක් පමණයි. ඕන ම නම් ෆැන්ටසියක් කියන්න. අපට කරන්න පුළුවන් ඒත්තුගැන්වීම පමණයි. එහෙත්
සියල්ලන් ම ඒත්තුගන්වන්න බැහැ. ඒත්තුගන්නේ තම තමන්ගේ විශ්වාස මත පදනම් වෙලා.
ඒ කෙටි විස්තරය කළාට පස්සෙ අහන්න තියෙන්නෙ ත්‍රිත්ව විද්‍යාලෙ සිදු
වූ දේ ගැන පරික්‍ෂණ කරන්න කියලා කවුරුන්වත් ඉල්ලන්නෙ නැත්තෙ මොක ද කියලා. මා ඉල්ලා
සිටිනවා ඒ ගැන පරීක්‍ෂණයක්. ඒත් එය මේ ලිපියෙන් එහාට යන්නෙ නැහැ. එයට හේතුව මෙරට
ක්‍රිස්තියානි ආධිපත්‍යයක් තිබීම. අප රට සිංහල බෞද්ධ රටක් කියන්නෙ නමට විතරයි.
සුද්දන් 1840 දි පමණ සිංහල බෞද්ධ රට නැති කළා.
පසුගිය දා කාදිනල්තුමා මානව අයිතිවාසිකම් ගැන ප්‍රකාශයක් කළා. එය
හොඳයි. ඒත් එතුමා අවුරුදු දහයකට පමණ පෙර කිව්වෙ වෙනත් දේ. එකල හිටපු ලංකා සභාවෙ
කෙනත් ප්‍රනාන්දු බිෂොප්වරයා ප්‍රභාකරන්ගෙ මානවීයභාවය ගැන කතා කළා. අද වන විට මෙරට
කතෝලික සභාවටත් තර්ජනයක් ඇති වෙලා. ඒ බෝන් අගේන්, යෙහෝවාගේ සාක්‍ෂිකරුවන් වැනි ක්‍රිස්තියානි නිකායවලින්. අද ඊනියා
ස්මාට් ජාතිකවාදීන් අතරත් ඒ අය ඉන්නවා. රාජපක්‍ෂලා වටාත් ඒ අය ඉන්නවා. මේ ඇතැමුන්
දෙමළ ජාතිවාදී ප්‍රශ්නය පටන් ගත්තෙ 1956න් 1983න් පස්සෙ ආදී වශයෙන් කියන්න හදනවා සිංහල
බෞද්ධයන්ට වරද පටවමින්. එහෙත් දෙමළ ජාතිවාදී ප්‍රශ්නය බොහෝ ඇතට යන එකක් බව අප
පෙන්නා දීලා අවුරුදු විසිපහකටත් වැඩියි.
කාදිනල්තුමා දැන් දන්නවා සිංහල බෞද්ධයන්ගේ ආරක්‍ෂාව නැතිව කතෝලික සභාවට ඒ
නව ක්‍රිස්තියානි නිකායවල තර්ජනයෙන් බේරෙන්න බැහැ කියා. කාදිනල්තුමාට බොහෝ කලකට
පෙර ලන්දේසි සමයේදීත් කතෝලිකයන්ට රෙපරමාදු ක්‍රිස්තියානින්ගෙන් ආරක්‍ෂාව සැපයුවෙත්
සිංහල බෞද්ධ රජු ප්‍රමුඛ සිංහල බෞද්ධයන්. අදත් සිංහල බෞද්ධයන් කතෝලිකයන්ට පමණක්
නොව අනෙක් ජනකොටස්වලට ද ආරක්‍ෂාව සපයනු ඇති. ඒත් බටහිරයන් හා ඔවුන්ගෙ ඉත්තන්
උත්සාහ කරන්නෙ සිංහල බෞද්ධයනට වරද පැටවීමට.
කාදිනල්තුමාගේ ප්‍රකාශයට මංගල සමරවීර තමාට පමණක් කළ හැකි වර්ගයේ ප්‍රකාශයක්
කරලා. මා මෙහි දී කල්පනා කරන්නේ මංගලට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂයේ ම කතෝලික
මන්ත්‍රීවරුනුත් ඒකාබද්ධ විපක්‍ෂෙ කතෝලික මන්ත්‍රීවරුනුත් එක්සත් වූ ආකාරය. එය
හොඳයි. මගේ ප්‍රශ්නය සිංහල බෞද්ධයනට එසේ එක්වන්න බැරි ඇයි කියා. කාදිනල්තුමාගේ ප්‍රකාශයෙන්
පස්සෙත් ඇතැම් සිංහල බෞද්ධයන් ද මහානායක හිමිවරුන් විවේචනය කරන්න ගත්තා. සිංහල
බෞද්ධයනට ඒ නිදහස තිබෙනවා. එහෙත් නිදහස තිබුණු නිසා ම එසේ විවේචනය කිරීම සුදුසු
නැහැ. සිංහල බෞද්ධයනට සිංහල බුදූසසුන වෙනුවෙන් එකතු වන්න පුළුවන් නම් මෙරට ප්‍රශ්න
බොහෝමයක් විසඳා අවසන්. මා දැන් දශක ගණනාවක් තිස්සේ කියනවා මෙරට ඇත්තේ ඊනියා දෙමළ
ප්‍රශ්නයක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ඉංගිරිසි (හා බටහිර) ක්‍රිස්තියානින්
(හා 1947 සිට ඉන්දියාව) දෙමළ කතාකරන ප්‍රභූ
වෙල්ලාලයන් යොදා ගැනීමක් බව. ඊනියා ජාත්‍යන්තර බලපෑම් පිටුපස ඇත්තේ ද එයයි.
ථෙරවාදී රටවල් පහට ම බටහිර
ක්‍රිස්තියානි ලෝකයේ (ප්‍රංශ විප්ලවයෙන් මතු වුණු ක්‍රිස්තියානි සුපිරිව්‍යුහ
සංස්ථාපනයේ) තර්ජනය මතු වෙලා. දරුස්මාන් ලවා වාර්තා හදවන්නේ ලංකාවට විරුද්ධව පමණක්
නො වෙයි. මියන්මාරයට විරුද්ධව ඇති කොමිසමේ රධිකා කුමරස්වාමිත් සේවය කරනවා.
මියන්මාරයේ අවුං සාන් සුකී අද එඩිතරව බටහිරයන්ට එරෙහිව නැගී හිටිනවා. බටහිරයන් ඇගේ
කැනේඩියානු රටවැසිකම අහෝසි කරන්න යනවා. නොබෙල් තෑග්ගට ඕන දෙයක් වූණ දෙන්. ඕවට ඇති
වැදගත් කමක් නැහැ. ඒ වැදගත්කම් බටහිරයන් ම ඇති කළ දේ. අර ක්‍රිස්තියානි සංස්ථාපනයට
එරෙහිව ජීවන දර්ශනයක් සැපයිය හැක්කේ ථෙරවාදයට පමණයි. ඒ බව අප කියන්න පටන් අරන්
බොහෝ කල්. අද අප කළ යුත්තේ පළමුව ථෙරවාදී රටවල සංධානයක් (සංස්ථාපනයක් නොවෙයි) තනා
ගැනීමයි. එය පහසු නැහැ. ලංකාවේ ථෙරවාදී බෞද්ධයන් එකතු කර ගැනීමට නොහැකි ව ලෝකයේ
ථෙරවාදීන් එකතු කරන්නේ කෙසේ දැයි කෙනකුට ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙත් මේ එක
උත්සාහයක්වත් අත් හරින්න හොඳ නැහැ.
අද බටහිර රටවල ඊනියා ජාත්‍යන්තරවාදී සංස්ථාපනය කැඩෙනවා. ට්‍රම්ප්
මෙවර එක්සත් ජාතීන් හමුවේ කළ කතාව වැදගත්. ඔහු රාජ්‍ය නායකයන්ට කීවේ ජාතිකත්වයට
ගරු කරන දේශප්‍රේමීන් වන ලෙසයි. මෛත්‍රිපාලට ඒක ඇහුණද දන්නෙ නැහැ. ඒ මොකක් වුණත් අප මේ බටහිර ක්‍රිස්තියානි
ආධිපත්‍යයෙන් මිදෙන්න ඕන. මා කලින් දවසක කීවාක් මෙන් මෙරට පඬියන් සිංහල බෞද්ධ
සංස්කෘතියට පහර දෙන්නේ රටෙන් ම මතු වූ සංකල්ප ප්‍රවාද වලින් නොව බටහිරින් අහුලා
ගත් දැනුම් කෑලිවලින්. මේ සිංහල පවුල්වල ඉප දී ඇති පඬියන්ට විවිධ හීනමාන තියෙනවා.
ඒ හීනමාන ඇතැම්විට තම දෙමව්පියන් සම්බන්ධයෙන් වූ දේ. දෙමව්පියන්ගේ ඊනියා ගොඩේකමට,
ඔවුන්ට විඳින්නට සිදු වූ විවිධ පීඩනවලට විසඳුම්
සොයන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වීමෙන්. තම පියා රෙද්ද බැනියම අඳින එක ගැන
ලජ්ජා වූ පුතුන් එකල හිටියා.
අප මේ සියල්ල දැන ගන්නේ කෙසේ ද? අපට වැටත් නියරත් ගොයම් කෑම අද කතෝලිකයන් මංගලට විරුද්ධ ව එකතු වෙලා.
ක්‍රිස්තියානින් ත්‍රිත්ව විදුහලේ සිදු වූ දේ වහනවා. එහෙත් බෞද්ධයන් තම තමන්ට ම
පහර දී ගන්නවා. නාලක, නාමල්, ඩෑන් ප්‍රියසාද් කතාව අන්තිමේ දී යට යන්න පුළුවන්. මේ කතාවල අල ගිය
මුල් ගිය තැන් හොයනවා නම් හොඳයි. සිංහල බෞද්ධකම උපයෝගී කර ගනිමින් හෙළ උරුමයක් ගැන
කතා කළ පුද්ගලයන් බලයට ඒම සඳහා හාමුදුරුවරුන් ද යොදා ගෙන සිංහල බෞද්ධයනට වරද
පැටවෙන ලෙස කටයුතු කළේ ද? ඒ හාමුදුරුවරුන් අද කොහේ ද? මෙන් ම හොරාගෙ අම්මගෙන් පේන ඇහීමත් මතක් වෙනවා.
කොහොමත් මේ රටේ නීතිය සිංහල බෞද්ධ නො වෙයි.