Main Logo

Showing posts with label වකුගඩු. Show all posts
Showing posts with label වකුගඩු. Show all posts

Sunday, 22 December 2013

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව - 1


වෙනත් අය නොපිළිගන්නා මත මා ප්‍රසිද්ධියේ පළකරන බවට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විදුසර පුවත්පත මගින් චෝදනා කරනමුත් මට දැනුම් නිර්මාණ ප්‍රකාශ නොකර සිටිය නො හැකි ය. මගේ ප්‍රධාන කාර්යය දැනුම නිර්මාණය කිරීම ය. සියළු දැනුම් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය. මා නිර්මාණය කරන දැනුම් ද බොරු ය. මගේ නිර්මාණ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ය. සමහරවිට එය ආත්මවාදී අශෝක බුදුදහමට හා සංස්කෘතියට පටහැණි විය හැකි ය. අශෝක අමරතුංග, කපිල පීරිස් ආදීහු එවිට අවි අමෝරා ගෙන මට විරුද්ධව සටන් වදිති. ඔවුන්ට අනුව ඔවුහු පාරිශුද්ධ ථෙරවාදයෙහි ආරක්‍ෂකයෝ ය. එහෙත් ඔවුහු දෙරණ නාලිකාවේ හෙළවංශය මගින් රාවණගේ පැවැත්ම වෙනුවට බුදුන්වහන්සේගේ නැවැත්ම පිළිගැනීමෙන් හෙළයේ වර්ධනයට හානි වූ බව කියමින් බුදුදහමට නිගාකරන සූරිය ගුණසේකර වැන්නන්ට එරෙහිව කිසිවක් නො කියති. එමෙන් ම ඔවුහු විවිධාකාරයෙන් බටහිර විද්‍යාව ආරක්‍ෂා කරති. අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවක් ඇත් ද නැත් ද යන්නවත් නො දනියි. එහෙත් ඔහු එය ආරක්‍ෂා කරයි. කපිල පීරිස් මහතා රේ විජේවර්ධන මහතාගේ විද්‍යාව ආරක්‍ෂා කරයි. කැනඩාවේ වාසය කරන මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා මා පාරභෞතික තර්කනයක යෙදෙන්නේ යයි කියයි. ඔහු දැන් කෘෂිරසායනික වකුගඩු රෝගය(කෘවරෝ)ට හේතුව ආසනික් නොව පොහොර වැඩියෙන් යොදාගැනීමත් එහි ඇති ඇතැම් රසායනික සංඝටක මහවැලි නදිය මගින් රජරට පෙදෙස්වලට ගෙනයෑමත් යැයි කියයි. එහෙත් මහවැලියෙන් වතුර නොලබන පෙදෙස්වලත් කෘවරෝ  පැතිරී ඇත. මේ තිදෙනාම දෙමළ ජාතිවාදයට විරුද්ධ යැයි සිතමි. එහෙත් වෙනත් බොහෝ කරුණුවලින් ඔවුහු බටහිරට සේවය කරති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ මා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.  මේ අතර බටහිර පඬියකු දැනුම විසින් මිනිසා වහලකු වීමට නුසුදුස්සකු බවට පත්කරයි යනුවෙන් කියා ඇත. මේ පඬියා දැනුම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කියා නැත. දැනුම අවිද්‍යාව හේතුකොටගෙන (විජ්ජාචරණ නොවීමෙන්) ඒ ඒ චින්තනයෙහි නිර්මාණය (සංස්කරණය) කෙරෙන අතර සංස්කෘතියට, පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. විජ්ජාචරණ සම්පන්නවූ බුදුන්වහන්සේ දැනුම නිර්මාණය නොකළහ. අනෙක් සියල්ලෝ ම යම් යම් දැනුම් නිර්මාණය කරති. නිර්මාණය කෙරෙන සියළු දැනුම් බොරු ය. මා විසින් නිර්මාණය කෙරෙන දැනුම ද බොරු ය. මා සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරන්නේ එසේ නොකළහොත් අප බටහිරයන්ගේ හා වෙනත් අයගේ බොරු දැනුම්වලට යටවන බැවිනි. අපට සරිලන්නේ අපේ බොරු (දැනුම) මිස බටහිරයන්ගේ බොරු (දැනුම) නො වේ. මෙහි දී මගේ මතකයට එන්නේ කලකට පෙර මැතිවරණයක දී ඡන්දාපේක්‍ෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ඌත් වලා, මූත් වලා, ගමේ වලා අපට හොඳා යනුවෙන් කෙරී ඇතැයි කියන ප්‍රකාශය ය. ඉහත සඳහන් පඬියාගේ පඬිකතාව උද්ධෘතයක් ලෙස ඉදිරිපත් කරන මෙරට සිටින පුහු නිවට උගතුන් නොදන්නේ බටහිර දැනුම විසින් අප බටහිරයන්ගේ වහලුන් බවට පත්කෙරී ඇති බව ය.  

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර සමානකම් බොහෝ ය. එහෙත් ඒ දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන්ලා කියන ආකාරයෙන් නො වේ. අනෙක් අයගේ මතය නොවුණත්, අමරතුංග මහතා කුමක් කීවත්, මම දකුණු අප්‍රිකාව හා ලංකාව පිළිබඳ මගේ දැනුම ප්‍රකාශ කරමි.  ලෝකයේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ ය. ලන්දෙසින් අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් වෙල්ලාලයන් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස ගෙනගොස් ඇත්තේ දකුණු අප්‍රිකාවට හා ලංකාවට ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද රාජ්‍යයක් ගොඩනැගීමට මුල්වූයේ ඒ රට ආක්‍රමණය කළවුන් අතර බහුතරය වූ ලන්දේසින් ය. දකුණු අප්‍රිකාවේ කතාකරන බස අෆ්‍රිකාන් යනුවෙන් හැඳින්වෙයි. එය ලන්දේසි භාෂාවෙන් බිඳී ඇති අතර කලක් කුස්සි ලන්දේසි යනුවෙන් අවඥා සහගතව හැඳින්විණි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇතිවූයේ ලන්දේසීන් මෙරටට වෙල්ලායන් ගෙන ඒම නිසා ය. අද උතුරු පළාතේ දෙමළ ජනගහණය (සංස්කෘතිය) අවුරුදු තුන්සිය පනහකට පෙර මෙරටට ගෙනෙන ලද වෙල්ලාලයන්ගෙන් පැවත එයි. ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලත් වෙල්ලාලයෝ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවට පැමිණෙන විටත් එහි සිටි බහුතරය වූ සිංහලයන් දෙමළ සමාජයේ ඊනියා පහත්කුල ජනයා ලෙස අවශෝෂණය කරගත්හ. මෙරට විශ්වවිද්‍යාලයක ඉතිහාසය නමින් බටහිර බොරු උගන්වන කසිකබල් ඉතිහාසඥයකුට නොතේරෙන කරුණ නම් විවිධ කාලවල දී අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශවලින් රටේ අනෙක් පළාත්වලට ස්වේච්ඡාවෙන් සංක්‍රමණය වූවන් (ලන්දේසීන් ආනයනය කළවුන් නොව) තම මුල් සංස්කෘතිය ඉවත ලා, ඇතැම්විට තම සංස්කෘතියෙන් සුළු කොටසක් එකතුකරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ බව ය. සිංහල සමාජය හා දෙමළ සමාජය අතර ඇති මේ වෙනස ද තේරුම් නොගෙන මෙරට දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකි ය. දකුණු අප්‍රිකාවේ ද ශ්‍රී ලංකාවේ ද ප්‍රශ්නය ජනගහනයෙන් සුළුතරය බලයෙන් වෙනත් කරුණුවලින් බහුතරය බවට පත්වීම ය. හිරෙන් නිදහස්වීමේ දී සුද්දන් සමග එකඟතාවකට පත්වී ඇති මැන්ඩෙලා හා වර්ණභේදවාදී සුදු පාලකයන් අතර ඇතිවී තිබෙන ඊනියා සංහිඳියාවේ ප්‍රතිඵලය ලෙස දකුණු අප්‍රිකාවේ නිදහසින් පසුව ද ආර්ථික වශයෙන් බලතල ඇති බහුතරය සුද්දන් මිස ජනගහනයෙන් බහුතරය වූ කල්ලෝ නො වෙති. සුද්දන් මැන්ඩෙලාට මෙතරම් ගරුකරන්නේ මැන්ඩෙලාගේ යහපත්කමට ද? සුදු පාලකයන් යහපත්කමට සැලකුවේ කවදා ද? සුද්දන් ගාන්ධිට හා මැන්ඩෙලාට මෙන් අනගාරික ධර්මපාලතුමාට ගරුකරන්නේ නැත්තේ ඇයි? මෙරට පඬියන් මැන්ඩෙලා අගයමින් ධර්මපාලතුමාට පහරදෙන්නේ ඇයි? අපට අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකා අච්චුවේ සංහිඳියාවක් නො වේ. 

මෙරටට ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ වෛදික සංස්කෘතිය අනුව ඔවුන්ගේ මව්රටෙහි දී (එනම් නිජභූමියෙහි දී) ශුද්‍රයෝ වූහ. මෙරටට ආනයනය කරනු ලැබූ ඔවුහු යාපන අර්ධද්වීපයෙහි ද සුළුතරයක් වූහ. බහුතරය වූයේ සිංහලයන් ය. එයට පෘතුගීසි ජාතික බ්ලෝඩියස් සාක්‍ෂි දරයි. එහෙත් වැඩිකල් නොගොස් දකුණු අප්‍රිකාවේ ලන්දේසීන් ප්‍රධාන සුළුතර සුද්දන් යටත්විජිතවාදී අවි බලයෙන් බහුතර කල්ලන් මර්දනය කර බලවතුන් වූ අයුරෙන් දෙමළ වෙල්ලාලයෝ යටත්විජිතවාදී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් හා අනුබලයෙන් යාපනයේ සිංහල බෞද්ධයන් (දෙමළ බෞද්ධයන් සිටියේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ හිස් හිස්වල ය.) අභිබවා තම සංස්කෘතික ආධිපත්‍යය පිහිටුවූහ.  තම මුල් බිමෙහි දී ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි බලමහිමයෙන් යාපන අර්ධද්වීපයෙහි දී මහේශාඛ්‍ය කුලය බවට පත්වී සිංහලයන් අඩුකුල ජනතාවක් ලෙස දමළ සංස්කෘතියට අවශෝෂණය කළහ. එය පළමු බලහත්කාරය විය. සුළුතරයක් බහුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමයේ මුල්පියවර විය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2013-12-22

Sunday, 15 December 2013

නාථ දෙවියන් මියගොස් ද?


පසුගිය දා “උගත් ගැමි” මැදිවියේ ජ වි පෙ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී නාථ දෙවියන් ආසනික් ගැන දැනගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසී ය. ඔහුට අනුව ආසනික් ගැන දැනගෙන ඇත්තේ පසුව ය. එසේ පසුව දැනගත් ආසනික් ගැන නාථ දෙවියන්ට දැනුමක් නොතිබිය හැකි ය යන්න ඔහුගේ ප්‍රශ්නයෙන් ගම්‍ය විය. මෙයින් ඔහු අදහස් කළේ නාථ දෙවියන් මිය යෑමෙන් පසුව ලෝකයා ආසනික් ගැන දැනගත් බව ද? ආසනික් සම්බන්ධ ප්‍රශ්නයේ දී නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද (ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් නො වේ) ඔහු අදාළ භවයෙන් චුත වී නැත. අනුර දිසානායකට සංකල්ප පැටළවී ඇත. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද තවමත් දෙව්ලොවින් චුත වී නැත. අනෙක් අතට ආසනික් යන්න සිංහලයන්ට අළුත් වුවත් ඔවුහු පාසානම් නමින් එය ඈත අතීතයේ සිට දනිති. නාථ දෙවියන් යනු කවුරුන් වුව ද ඔහු ද පාසානම් නමින් හඳුන්වනු ලැබූ කාලයේ සිට ආසනික් ගැන දන්නා බව නිසැක ය. අනුර දිසානායකලා අද වන විට කෙතරම් දුරට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වී තිබේ ද යන්න මෙයින් පැහැදිලි වෙයි. මා නාථ දෙවියන් ගැන දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. මගේ දැනුම අනුව ආසනික් හා සම්බන්ධ නාථ දෙවියන් යනු මනුෂ්‍ය නොවන ප්‍රාණියෙකි. ඔහුට දෙවියන් යැයි කීව ද ඒ භූතයකු විය හැකි ය. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වේ. මට අවශ්‍ය වූයේ දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම ඇති බව ද ජනතාවට පැවසීම ය. එසේ කීම එක් අතකින් වැරදි ය. මෙරට ජනයා මා නොකීවාට අවුරුදු දහස්ගණනක් තුළ පංචෙන්ද්‍රියන්ට සීමා නොවු විවිධ ක්‍රම මගින් දැනුම ලබාගෙන ඇත. මා කර ඇත්තේ ජනතාවගෙන් යමක් ඉගෙන එය තහවුරු කිරීම පමණ ය. සුද්දෝ අපට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කියා භූතයන් යනු මිථ්‍යාවන් යැයි ද භූතයන්ගෙන් දැනුම ලබාගැනීමට නොහැකි යැයි ද පවසති. සුද්දන්ගෙන් ඉගෙන ගත හැකි නම් භූතයන්ගෙන් ඉගෙන ගත නොහැක්කේ මන්දැයි මට නොවැටහෙයි. වඩා භයානක සුද්දා ද භූතයා ද? සුද්දාට හසු වූ කල බොහෝ අයට ගැලවීමක් නැති බව මෙරට නිවට පුහු උගතුන්ගෙන් පැහැදිලි වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවත්වන මට සුද්දාගෙන් ද භූතයාගෙන් ද ගැලවිය හැකි ය. මට තවමත් ගැලවීමක් නැත්තේ මගෙනි. ජනප්‍රිය ගීතයක අදහසක් අවශෝෂණය කරගෙන මට මගේ ම නොවන මගේ මමක් ඇතැයි කිව හැකි ය. ඉන් ගැලවීමට අඩුම තරමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු ය. වයස අවුරුදු දහහතරේ දී සුද්දාට හසුවූ මට සුද්දාගෙන් ගැලවීමට නම් අවුරුදු විස්සකට වඩා නොගියේ ය. භූතයාගෙන් ගැලවීමට එතරම් කලක්වත් නො ගියේ ය. එහෙත් අවශ්‍ය වූ විට සුද්දාගෙන් ද භූතයාගෙන් ද දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරමි.
 
අපට නාථ දෙවියන් නමින් හැඳින්වෙන අය මුණ ගැසුනේ බටහිර විද්‍යාවට හා එහි තාක්‍ෂණික අංගයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාවට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කීමට නොහැකි වූ අවස්ථාවක ය. මේ රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නැත. පසුගියදා රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවසා ඇත්තේ කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඔවුන්ට, එනම් ඔවුන්ගේ ස්වාමී සුද්දන්ට ඇති බව ය. ඔවුන්ට අනුව ඒ වකුගඩු බද්ධ කිරීම ය. දහස්ගණන් රෝගීන්ට බද්ධ කිරීමට වකුගඩු කඩේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකි ය. එහෙත් මේ දොස්තරලා ද නො(දත්) දොස්තරලා ද නොදන්නා දේ නම් අවයව බද්ධකිරීම යන්න සමස්තය යනු කොටස්වල එකතුව යැයි සිතන නිව්ටෝනීය යාන්ත්‍රික දර්ශනයෙන් ගලා එන්නක් බව ය, මේ අමතර කොටස් සංකල්පය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ පැටලීම  (එන්ටැන්ගල්මන්ට්) යන ෂ්රොඩිංගර්ගේ අවුරුදු හැත්තෑවකට පැරණි සංකල්පයෙන් ඉවත්කෙරී ඇති බව ය. පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසයි. සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යැයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක් අදහස් කරන්නේ දැයි නො දනිමි.  එහෙත් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යැයි ඔප්පු කළ හැකි කිසිවකු වේ ද?  බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යැයි කියමින් පට්ටපල් බොරු වියුක්ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්ටපල් බොරුවක් දැයි අශෝක අමරතුංග නො දනියි. 

නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. කැඩ්මියම් එහි දී උත්ප්‍රෙරකයක් ලෙස ක්‍රියා කරයි. අපි ඒ බව ජනතාවට කීවෙමු. කැනඩාවේ ජීවත්වන මට කෙදිනකවත් මුණ ගැසී නොමැති චන්ද්‍රසිරි ධර්මවර්ධන නම් මහාචාර්යවරයකු විද්‍යුත් තැපෑල මගින් මා ආසනික් ගැන කීවේ ඊනියා පාරභෞතික ක්‍රමවලින් බවත් මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු කිහිප දෙනකු එය බටහිර විද්‍යාත්මකව තහවුරු කිරීමට උත්සාහගත් බවත් සඳහන් කරයි. ඔහුගේ පාරභෞතිකය පිළිබඳ අර්ථදැක්වීම කෙසේ වුවත් කිසිවකුට අනුව ගුරුත්වාකර්ෂණය ද වෙනත්  වියුක්ත ප්‍රවාද ද පාරභෞතික ය. ඔහු පරණගම මහත්මියගෙන් අසා දැනගෙනත් එහෙත් නොකියන දෙය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම ආසනික් පර්යේෂණ කළේ මගේ මූලිකත්වයෙන් බවත් මා සේවයෙන් ඉවත්වීමෙන් පසුව ඒ පර්යේෂණ නැවතුනු බවත් ය. අපි ආසනික් පිළිබඳ දැනගැනීමෙන් පසුව ඔහු වැන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇරඹීමු. එහෙත් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව දැනගැනීමට නැත. ඔවුන් ඒ දැනගන්නා තෙක් අප කළ යුත්තේ රෝගීන් මිය යෑමට සැලැස්වීම ද? එක් කුහක දොස්තරවරයකු තමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව යැයි කියමින් රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් බව ප්‍රකාශ කළේ අපට නිග්‍රහ කිරීමට ය. එහෙත් ඔහු වාර්තාවක් ලෙස නම් කළේ හතර දෙනකු විද්‍යුත් සඟරාවක පළකළ පත්‍රිකාවකි. ලෙඩා මළත් හේතුව ආසනික් නොවේ නම් බඩ සුද්ද ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිවකු හෝ කිවුල ගැන නොකියද්දී ආණ්ඩුව නාථ දෙවියන්ගේ කීම මත පදනම් ව කිවුල නැතිකිරීමට ජල පෙරණ සවිකිරීමට තීරණය කර ඇත. එහෙත් කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් නොකර පෙරණ සවිකිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ආණ්ඩුව වැව් ප්‍රතිසංස්කරණය කර ජලය බෙදාදීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. එමෙන් ම වැව් තාවුලුවල මිරිකුළු  (මුරුංගා) වැනි ශාක වගා කිරීමටත්  කෘෂිරසායන ගෙන්වීම ක්‍රමයෙන් නවතා දේශීය පොහොර යොදා ගැනීමටත් ගොවි මහතුන් උනන්දු කළ යුතු ය. ආණ්ඩුව බටහිර වෙදකමට වෙන් කරන මුදලෙන් ඉතා සුළු කොටසක් වියදම් කර වෙදමහත්වරුන්ට අදාළ ප්‍රදේශවල වෙදකම් කිරීමට පහසුකම් සලස්වන්නේ නම් රෝගීන් සුවකළ හැකි ය. විදේශ විනිමයත් ඉතිරිකර ගත හැකි ය.


නලින් ද සිල්වා

2013-12-15

Friday, 23 November 2012

ආසනික් හා ජනමාධ්‍ය සන්නිවේදනය

2012 නොවැම්බර් 7 වැනි දා විදුසර 25 වැනි සංවත්සර කලාපයට මා ලියු ලිපියක තිබූ ඇතැම් කොටස් කර්තෘගේ අදහස අනුව සෙසු පාර්ශවයන්ට තදබල ලෙස මානසික ව පීඩාකාරී වන බැවින් හෝ සෙසු පාර්ශ්වයන් අසීරුතාවට පත්විය හැකි වන බවින් හෝ කපා දමා ඇත. මෙහි කළු අකුරෙන් සඳහන් වන්නේ එසේ කපා දැමූ කොටස් ය. එසේ කපා දැමීමෙන් එකතුකර ඇති කොටස් ද මෙහි සඳහන් වෙයි. මෙයට වගකිව යුත්තේ කවුරුන් දැයි නොදනිමි. එහෙත් මෙයට මුල් වූ තැනැත්තා ඊනියා යන වචනය තබාගෙන කියාගන්නා, යැයි කියන්නන් ආදී වචන කපා දමයි. ඔහුගේ සිංහල දැනුමේ තරම එයින් ම හෙළි වෙයි. ඉවත්කර ඇති කොටස්වලින් තදබල මානසික පීඩාවක්, අසීරුතාවක් ඇතිවන්නේ දැයි ඔබට ම තීරණය කළ හැකි ය. මේ කොටස් ඉවතකිරීමට මුල් වූ තැනැත්තා පරාජයෙන් වියරු වැටුණු ඊනියා විද්‍යාඥයකු වීමේ විශාල සම්භාවිතාවක් ඇත. 
- නලින් ද සිල්වා.

Sunday, 15 July 2012

නැවතත් ආසනික්

අපට නැවතත් ආසනික් ගැන කතාකිරීමට සිදු වී ඇත. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට යැයි කීවාක් මෙන් ආසනික් කතාවේ වඩා වැදගත් කොටස් තවමත් කතා කෙරී නැත. අද ආසනික් ගැන කතා කරන්නේ පසුගිය දිනෙක පුවත්පත් සාකච්ඡාවක දී හෙළි දරවු වූ කරුණක් නිසා ය. එහි දී කියැවී ඇත්තේ රජරට අදාළ පෙදෙස්වල ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වී ඇත්තේ ඔවුන් ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහවලට නිරාවරණය වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් හෙළිදරවු වන බව ය. ඒ වාර්තාවට අනුව මේ බැර ලෝහ ශරීර ගතවන්නේ ප්‍රධාන වශයෙන් ම ආහාර දාමයෙන් බව ද පුවත්පත් සාකච්ඡාවේ දී කියැවී ඇත. වාතය මගින් ද බැර ලෝහ ශරීර ගතවීමට ඉඩ ඇතැයි යනුවෙන් ද වාර්තාවේ සඳහන් වන බව කියැවෙයි. එහෙත් ජලය මගින් බැර ලෝහ ශරීර ගත නොවන බව වාර්තාවේ සඳහන් බව මා ඒ පිළිබඳ ව කියවූ පුවත්පතෙහි දැක්විණි. වකුගඩුවලට හානිකර පොහොර හා ඇතැම් පළිබෝධනාශක හිතුමතේ යොදා ගැනීම වැළැක්වීමෙන් ජනතාව ආරක්‍ෂා කරගත හැකි බව ද පුවත්පත් සාකච්ඡාවෙහි දී කියැවී ඇත. මේ විස්තර ද තවම සඟරාවක පළ කෙරී නැත. අපට පෙනී යන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය හා එහි මෙරට නියෝජිතයන් ආඳ මාළු ඉරටෙන් කෑමට උත්සාහයක් දරා ඇත. ඔවුන් ඒ වාර්තාව නිකුත් කර ඇත්තේ ඔවුන්ගේ ගැලවීමට බව පැහැදිලි ය. කෙසේ වෙතත් ඩොලර් මිලියන ගණනාවක් වියදම් කිරීමෙන් පසුව මෙවැනි වාර්තාවක් වුවත් නිකුත් කිරීම පිළිබඳ ව අපි සතුටු වෙමු. ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් බොහෝ දේ කීමට ඇති බව අපි දනිමු. එහෙත් අපි දැනට එකක් කියමු. රජරට පෙදෙස්වල වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධ හේතු නිසා ඇතැම් විට එසේ ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. එහෙත් අප කිසිවකුට බැඳී නැත. අපට අපේ මතය ප්‍රකාශ කිරීමට කිසිම බාධාවක් නැත්තේ ද එබැවිනි. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමට පළමුවෙන් ප්‍රකාශ කෙළේ නාථ දෙවියන් ය. එතුමන් සමග හිඳිමින් වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් අපට උපදෙස් දුන්නේ විපස්සක දෙවියන් ය. ඒ සියල්ල අප ලබාගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. ඒ මහත්මිය බටහිර වෛද්‍ය විිද්‍යාව හෝ හෙළ වෙදකම හෝ දැන සිටි කාන්තාවක් නො වේ. දෙවියන්ගෙන් ලැබුණු තොරතුරු අනුව රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. එයට අමතරව ඒ පෙදෙස්වල ඇති කුඹුරු පස හා කිවුල් ජලය ද හේතුවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ කුමක් සඳහන් ව තිබුණ ද කිවුල් ජලය මෙහි දී විනාශකාරී කටයුත්තකට මැදිහත් වෙයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වාර්තාව ගැන සඳහන් කළ පුවත්පත් සාකච්ඡාවේ දී ජනතාවට කිවුල නැති ජලය ලබාදීමේ වැදගත් කම සඳහන් කෙරී ඇත.

රජරට වකුගඩු රෝගය වඩාත්ම වැළඳී ඇත්තේ පිරිමින්ට ය. ආහාර දාමය රෝගය පැතිරීමට හේතුව නම් ගැහැණු පිරිමි වශයෙන් භේදයක් ඇතිවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇතිවෙයි. අප කණ්ඩායමේ සාමාජිකයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ජලය හේතුකොටගෙන පිරිමින්ට රෝගය වැළඳීමට ඇති ප්‍රවණතාව වැඩි බව 2012 ජූලි මස 11 වැනි දා විදුසර පුවත්පතෙන් පැහැදිලි කරයි. ආසනික් පොළොවට ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් එසේ ලැබෙන ආසනික් කුඹුරු පසෙහි රඳවා තබාගැනීමේ හැකියාවක් ඇති බවත් එසේ රැඳුණු ආසනික් ජලයට මිශූ වීමෙන් පසු කිවුල් ජලය සමග එකතු වී ආසනේට් ලවන සාදන බවත් එය ශරීරගත වීමෙන් පසු වකුගඩු රෝගය වැළඳෙන බවත් අපට විපස්සක දෙවියන්ගෙන් දැනගැනීමට ලැබුණේ ඒ දිනවල ම ය. අපට ඒ ගැන සැකයක් නැති වුවත් බටහිර පුස් කෑ අධ්‍යාපනයෙන් බටහිර විද්‍යාව කටගාගත් ආචාර්ය, මහාචාර්ය, ප්‍රවීණාචාර්ය ආදීන්ට පමණක් නොව ජනමාධ්‍යවල හා වෙනත් ආයතනවල සේවය කරන බටහිර විද්‍යාවට හා දැනුමට නමස්කාර කරන පුහු පඬියන්ටත් අනෙක් අයටත් ඒත්තු ගැන්වීම සඳහා අපි ඒ බව බටහිර රසායන විද්‍යාවට අනුව පෙන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආරම්භ කළෙමු. ඒ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතාට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ කිරීමට විශ්වවවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ශිෂ්‍යත්වයක් ද ලැබිණි. මේ පර්යේෂණවල ප්‍රතිඵල අනුව විවිධ පලිබෝධනාශකවල හා ජලයේ ද ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. ඒ පර්යේෂණ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය. ඒ හැරෙන්නට මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ කෙරුණු පර්යේෂණවලින් ඒ ප්‍රදේශවල ඇතැම් ශාඛවල ද ආසනික් ඇති බව අනාවරණය විය. අපට අවශ්‍ය වන්නේ කෘෂිරසායන නොමැතිව ගොවිතැන් කිරීමට මෙරට ජනතාච යොමුකර නීරෝගී ජාතියක් ඇති කිරීමට ය. එය කළ හැක්කේ සිංහල බෞද්ධ දැනුමක් මත පදනම් වෙමිනි. පරිසරය රැකීමට නොහැකි බටහිරයන්ට කළ හැක්කේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම නොව රෝග කලමණාකරණය කිරීම ය.

ජාතියට ඉතා වැදගත් වූ එවැනි පර්යේෂණ කල ඒ මහාචාර්යවරියනට ලැබුණේ මල් පොකුරු නොව ගල් මුල් ය. මහාචාර්ය ආචාර්ය දේවදත්තයෝ හා චිංචිමාණවිකාවෝ ක්‍රියාත්මක වූහ. සිංහල බෞද්ධ දැනුමක්් යන්න නයාට අඳුකොළ මෙන් වූ ඔවුන් එක හෙළා කියා සිටියේ ආසනික් නැති බව හා රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික් නොවන බව ය. කැලණිය විශ්වවිද්‍යාලයේ බැර ලෝහ පරීක්‍ෂාව සඳහා තිබූ උපකරණ කැඩී ඇතැයි ඔවුහු කීවෝ ය. ඒ අතර ඒ කාලයේ දී ඒ උපකරණ යොදා ගනිමින් තමන් කළ ඊනියා පර්යේෂණ ගැන වාර්තා ඉදිරිපත් කළහ. අප ප්‍රතිඵල පළකර නැතැයි කීහ. ඔවුන්ගේ අපවාදාත්මක ප්‍රචාරය විශ්වවවිද්‍යාල පද්ධතියට පමණක් සීමා නො වී ය. එක් චිංචිමාණවිකාවකගේ ස්වාමි පුරුෂයා අපට පිස්සු යැයි ප්‍රචාරයක් ගෙන ගියේ ය. ඔවුහු උසස් අධ්‍යාපන ඇමතිතුමා හමුවට ගොස් අප කැලණිය විශ්වවිද්‍යාලයේ දේවාලයක් තනා ඇති බව පැවසූහ. ඇමතිතුමා ද මේ කතා විශ්වාස කළේ ය. එතුමා මට හා අපේ කණ්ඩායමට විරුද්ධ විය. මගේ සේවා කාලය අවසාන වීමෙන් පසුව මා සේවා දිගුවකට කැමැත්ත පළ කළේ විද්‍යා පීඨාධිපති ලෙස මේ පර්යේෂණ සඳහා ශක්තිමත් පදනමක් ලබා දීමට ය. ඇමතිතුමා ප්‍රමුඛ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සේවා දිගුව ලබාදීමට විරුද්ධ විය. අවසානයේ දී මට අවුරුදු තුනකට සේවා දිගුවක් ලැබුණේ ජනාධිපතිතුමා මැදිහත් වී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ය. අවුරුදු තුනකට සේවා දිගුවක් ලැබුණු නමුත් මගේ පිඨාධිපති ධුර කාලය අවසානයේ දී, පර්යේෂණ සාර්ථක මට්ටමකට පැමිණ තිබූ බැවින් අවුරුදු තුනක් ගත නොකර අවුරුද්දක පමණ සේවා කාලයකින් පසුව මම සේවයෙන් ඉවත්වීමි. මා කිසිදු පර්යේෂණයකට හවුල් නොවුණත් පර්යේෂණ කණ්ඩායමට නායකත්වය සැපයීමි. අදත් සපයන්නෙමි. එහෙත් අද බලධාරීන්ගේ කෙණෙහිලිකම් වෙයි. එදා කැලණිය විශ්වවවිද්‍යාලයට අත්වීමට තිබූ ගෞරවය නැති වී ගියේ දේවදත්ත චිංචිමාණවිකා කණ්ඩායම නිසා ය. මොවුන් අප දේවාලයක් තනා ඇතැයි ප්‍රචාරය කළේ මා භාවනා කිරීම සඳහා විද්‍යා පීඨයේ එක් පංතිකාමරයක් සතියේ එක් දිනක් සවස හතරෙන් පසුව වෙන්කිරීම නිමිති කරගනිමිනි. පසුගිය දා රජරටින් ම පැමිණි සෞඛ්‍ය ඇමතිතුමා ද වකුගඩු රෝගය ගැන පර්යේෂණ කිරීම පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්තුති කර තිබුණේ කැලණිය අමතක කරමිනි. එතුමාගේත් අන්අයගේත් දැනගැනීම සඳහා පැවසිය යුත්තේ අද අප කණ්ඩායම අධිපතිවාදී බටහිර වෛද්‍යවරුන්ට පිළිගැන්වීමට අවශ්‍ය වී ඇති බැවින් ඔවුන්ගේ විද්‍යාවේ ව්‍යාජ පර්යේෂණ විධි ක්‍රම අනුගමනය කරමින් එහෙත් විපස්සක දෙවියන් අපට කියා දුන් හෙළ නිල වෙදකමේ ප්‍රතිකාර වකුගඩු රෝගින්ට ඊනියා පර්යේෂණ මට්ටමක කරන බව ය. අද සරසවි ඇදුරන්ගේ දේශපාලන වැඩවර්ජනයක් තිබිය දී ද අපේ කණ්ඩායම ආචාර්ය සමිති සම්මේලනයේ දේශපාලනය ගැන අවබෝධයක් ඇතිව ඒ වර්ජනයට සහභාගි නොවී මෙම පර්යේෂණයේ හා වෙනත් අධ්‍යයනික කටයුතුවල යෙදී සිටිති. ඒ අයට අමතරව ද ඇදුරු වර්ජනය නොතකා සේවය කිරීමට සූදානම් ඇදුරෝ වෙති. කැලණිය විශ්වවවිද්‍යාලයේ ඇතැම් ඇදුරන් දැනටමත් ඒ බව දන්වා උපකුලපතිතුමාට ලිපි භාර දී ඇත. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රතිපාදන කොමිසමේ හා විශ්වවිද්‍යාලවල වගකීම වෙයි.

බටහිර දැනුම කටගාගත් ඇතැම් ජඩමාධ්‍යවේදීහු වර්ජනයට විරුද්ධ වන ඇදුරන් කුලපතිකම් පීඨාධිපතිකම් ආදිය ගත් අය ලෙස හඳුන්වති. එමෙන් ම ඒ ඇදුරන්ට ඇත්තේ වැඩවසම් චින්තනයක් යැයි ද කියති. අද සරසවිවල ද පොදුවේ සමාජයේ ද ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම් ආධිපත්‍යයකි. එයට විරුද්ධව සටන් කළ යුතු ම ය. මුළු ලෝකයේ ම විශ්වවිද්‍යාලවල හා සමස්තයක් ලෙස ලෝකයේ ම ඇති දැනුම ද ඇතුළත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීම පහසු ක්‍රියාවක් නොවන බව අපි දනිමු. අපි විශ්වවිද්‍යාලයේ ඇතත් නැතත් මේ ආධිපත්‍යයට එරෙහිව සටන් කරමු. එය ආණ්ඩුවට කඩේ යෑමක් ලෙස දකින්නෝ පුහු පඬියෝ ය. අපේ සටන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට එරෙහිව ය. ඒ වින්තනයට විරුද්ධ චින්තන රාශියක් ලෝකයෙහි ඇත. ලංකාවේ ඇති චින්තනයට අපි ජාතික චින්තනය යැයි කියමු. ගුණදාස අමරසේකර මහතා එකඟ වුවත් නැතත් අප ආසනික් ගැන දැනගත්තේත් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන්නේත් ජාතික චින්තනය මත පදනම් වෙමිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව නම් ජාතික චින්තනය කෙළවර වී ඇත්තේ ජූලම්පිටියේ අමරේ බිහිකරමිනි. ඇතැම් ජඩමාධ්‍යවේදීහු ඔහු පුම්බති. මොවුන්ගේ දැනුමේ තරම මෙයින් පැහැදිලි වෙයි. අද සරසවි ඇදුරන්ගේ සටනට නායකත්වය දෙන්නේ මෙවැන්නෙකි. ජාතික චින්තනය යනු කුමක් දැයි නොදැන ඔහු ඒ විවේචනය කරයි. එය කෙළවර වී ඇතැයි ඔහු කියන්නේ ද? මේ බොහෝ දෙනකුට අද ඇත්තේ බටහිරයන් විසින් ඇතිකර පෝෂණය කෙරුණු දෙමළ ජාතිවාදයේ ඉන්දියානුවන් විසින් ද පෝෂණය කරනු ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ප්‍රශ්නය ය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත්වීමෙන් පසු ද මම එහි ආචාර්යවරුන්ට ජාතික චින්තනයට අදාළ නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ලිපි යැවීමි. ඒ ලිපිවලට පිළිතුරු දෙනු වෙනුවට ඔවුහු නිල වශයෙන් මගේ ලිපි කිසිවකුට නොලැබෙන්නට සැලැස්වූහ. ඒ ලිපි කියවීමට කැමැත්තෙන් සිටි බොහෝ දෙනකුට ඉන් සිදු වූ අසාධාරණය ගැන ඔවුහු සැලකිලිමත් නො වූහ. ඊනියා භාෂණයේ නිදහස ගැන කතාකරන ඇතැම් සරසවි ඇදුරන්ගේ කටයුතු එසේ ය. අද ඔවුහු ද නිදහස් අධ්‍යාපනය සඳහා ඔවුන් නොදන්නා දළ ජාතික නිෂ්පාදිතයකින්් 6%ක් වෙන් කරන මෙන් ඉල්ලා වර්ජනය කරති. සරසවි ඇදුරන්ගේ වර්ජනය පිළිබඳ ව ඉදිරියේ ලියන ලිපිවල ඇතැම් ඔළු දැනුමකින් තොරව ඉදිමී ඇති අයුරු ව්ස්තර කරමි.

Monday, 12 March 2012

බටහිර යටත්විජිතවාදයෙන් නිදහස්වීම

අපි සියල්ලෝ ම නැති ආත්මයක්, නැති විඤ්ඤාණයක්, නැති මනසක් ඇතැයි ගනිමින් කෙළවරක් නොපෙනෙන සංසාරයේ සැරිසරමු. ඔවුන්ගෙන් සමහරකු නැති නිදහසක් ඇතැයි ගනිමින් ජෙනීවාහි හා වෙනත් සංසදවල බටහිරයන් අපට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම්, යුද්ධාපරාධිකරණ ආදිය පිළිබඳ චෝදනා ඉදිරිපත් කිරීම් කුමන්ත්‍රණ ලෙස සලකති. තවත් සමහරු නැති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි ගනිමින් එයට විසඳුම් ඉදිරිපත් කරති. උගත් පාඩම් කොමිසමේ මහත්වරු ද ඇතැම් වාමාංශික යැයි කියාගන්නා ඇමතිවරු ද ඒ ගණයට අයත් වෙති. මේ අතර මගේ ලිපි තම වෙබ් අඩවියේ පළකර ඒවාට තම දේශපාලන අඥාන හිතවතුන් ලවා විවේචන ලියා ගන්නා ව්‍යාජ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරිකයෝ නැති ජර්මන් ප්‍රොතෙස්තන්තයක් ඇමරිකාවේ ඇතැයි සිතති. ඔවුන්ගේ ම එකෙක් නැති සංකල්පීය ශූන්‍යතාවක් ඇතැයි ගනිමින් මට නැති මාධ්‍යමිකවාදයක් ඇති කිරීමට උත්සාහ කරයි. නැති දේ ඇතැයි ගැනීම එසේ ගන්නා අයට අවසානයේ දී දුකක් වෙයි.

මා ජාතිකත්වය පැත්තෙන් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විවේචනය කරන්නේ අද ඊයේ නො වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන සමයේ සිට ම මම එසේ කරමි. එපමණක් නොව විශ්වවිද්‍යාල ඇතුළු ඔවුන්ගේ අධ්‍යාපනය ද විවේචනය කරමි. එහෙත් ව්‍යාජ දේශහිතෛශී ජාතික ව්‍යාපාරිකයන් පෙන්වීමට උත්සාහ කරන්නේ මා විශ්‍රාම යෑමෙන් පසුව පමණක් මෙරට ඇති බටහිර විශ්වවිද්‍යාල විවේචනය කරන බව ය. කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවල ඇති වූ ප්‍රශ්නවල දී සිදුවූයේ කුමක් දැයි නොදන්නේ මෙවැනි අඳ බාලයන් පමණක් විය හැකි ය. මෙරට දෙමළ ජනතාවට නැති ඉතිහාසයක් ඇති කළෝ බටහිර මෙන් ම මෙරට ද සිටින පඬියෝ ය. ව්‍යාජ දේශහිතෛෂීහු ද ඒ නැති ඉතිහාසය ඇතැයි කීහ. ඇතැයි කී ඒ ඉතිහාසය නැති බව පෙන්වා දුන්නේ කාලය වෙබ් අඩවියෙන් මිස කසිකබල් වෙබ් අඩවිවලින් නො වේ. කසිකබල් වෙබ් අඩවියට අනුව දෙමළ ජනයාගේ ඉතිහාසය දහහත්වැනි සියවසෙන් ඔබ්බට නොයන බව දන්නා බහුතරයක් ඇත. එහෙත් ඒ නැති බහුතරයකි. තවමත් බටහිර විද්‍යාවට පින් සිදුවන්නට තම ජීවිකාව කරගන්නන්ට බටහිර විද්‍යාව විවේචනය කිරීම නයාට අඳුකොළ බව මම ඔවුන් ඉඳහිට කරන ප්‍රකාශවලින් දනිමි. තම ගෝලබාලයන් ලවා මා ථෙරවාදයට විරුද්ධ මාධ්‍යමිකවාදියකු කර ප්‍රෙතෙස්තන්තවාදය ගැනවත් නොදන්නා අඥානයකු බවට පත්කර ජාතික ව්‍යාපරයෙහි පොල්මඃකාරයන් වීමට යත්න දරන මොවුහු මා බටහිර විශ්වවිද්‍යාලවල උගන්වමින් ම ඒ විවේචනය කළ ආකාරයට තමන් ජීවිකාව කරගැනීමට යොදාගන්නා බටහිර විද්‍යාව හා දැනුම විවේචනය නො කරති.

ධනවාදය හා ප්‍රොතෙස්තන්තවාදය ගැන අධ්‍යයනයක් කර පොතක් ලියු මැක්ස් වෙබර් ප්‍රොතෙස්තන්තවාදය ලෙස හැඳීන්වූයේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ප්‍රෙතෙස්තන්තය ය. මේ ප්‍රොතෙස්තන්තය කතෝලික චින්තනයට විරුද්ධ එකක් විය. එය බිඳී එන්නේ ම ප්‍රොටෙස්ට් යන ඉංගිරිසි වදනෙනි. වෙබර්ට අනුව ධනවාදය ඇතිවීමට ප්‍රොතෙස්තන්තවාදය බලපෑවේ ය. සිංහල ථෙරවාද බෞද්ධ චින්තනනයෙහි පදනම්වන නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ලෙස චින්තන පර්ෂදයෙහි අප කියන්නේ මේ සියල්ල පහළොස්වැනි සියවස අග ඇරඹි බව ය. අපි නාගර්ජුනපාදයන් වහන්සේ ලොව පහළ වූ විශිෂ්ටතම දාර්ශනිකයා ලෙස පිළිගත්ත ද උන්වහනසේ මතුකළ බුදුන් වහන්සේ දෙසූ ශූන්‍යය (අභාවප්‍රාප්ත මහාචාර්ය ඩබ් ඇස්කරුණාරත්න මහතාගේ කෘති කියවීමෙන් බුදන් වහන්සේ ශූන්‍යය දේශනා කර ඇති ආකාරය දැනගත හැකි ය) හා සංකල්පීය ශූන්‍යභාවය ඉතා ඉහළින් අගය කළ ද සසරට සාපේක්‍ෂව නිවන ගැනීම සහ පරම ශූන්‍යතාවය නො පිළිගනිමු. අපේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය නො වේ. එය අයින්ස්ටයින්ගේ ඊනියා සාපේක්‍ෂතාවාදය ද නොවන්නේ ඔහු සැබවින් ම කතා කළේ සාපේක්‍ෂතාවක් ගැන නොව නිරපේක්‍ෂ ගැන වීම නිසා ය. නාගර්ජුනපාදයන් වහන්සේගේ සාපේක්‍ෂතාවාදය ද අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයට වෙනස් ය. අප මේ සියල්ල පිලිබඳව බොහෝ දේ ලියා ඇත.

පහළොස්වැනි සියවස අගභාගයේ කතෝලික චින්තනයට අභියෝගාත්මක ව නව චින්තනයක් දකුණු යුරෝපයෙහි සංස්කරණය වීමට පටන් ගත්තේ ය. නව චින්තනයට ග්‍රීක චින්තනය ද යුදෙව් චින්තනය ද වෙබර් සඳහන් කරන පරිිදි කතෝලික පල්ලියෙහි ජෙසුයිට් වැනි නිකායවල කැපකිරීම ආදිය ද එකතුවීණි. ඒ අර්ථයෙන් අපි ඒ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. එය ප්‍රධාන වශයෙන් ම කතෝලික චින්තනයට එරෙහිව ඇතිවිණි. එහි මූලික ලක්‍ෂණ අතර සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කර එයට වැදගත් තැනක් දීම, ඉන්ද්‍රිය පිනවීමට මූලිකත්වය දීම, ස්වාභාවික සම්පත් (ගැහැණුන් හා යුරෝපීය නොවන මිනිසුන් ද ඇතුළුව) මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්‍රයෝජනය සඳහා මවා හෝ මැවී හෝ ඇතැයි සැලකීම (මෙය කතෝලික චින්තනයට ද පොදු වූ නමුත් ඔවුන්ට ඒ ප්‍රයෝජනයට ගැනීමට නොහැකි විය), දෙවියන් වහන්සේ ලෝකය සුදු පිරිමියාට පවරා දී ඇතැයි සෑලකීම, ඒ හේතුවෙන් ස්වාභාවික සම්පත් හා මිනිස් ශ්‍රමය සූරාකෑමට යොමු වීම, තම සංස්කෘතිය එකම සංස්කෘතිය ලෙස සෑලකීම, එබැවින් ලෝකයාට එම සංස්කෘතිය පැටවීීමට කටයුතු කිරීම, තම ආර්ථික ක්‍රමය අනෙක් රටවලට ද පැටවීීම, ඒ සඳහා දේශපාලන හා අවි බලය යෙදවීම (චීනයට ද වෙඩි බෙහෙත් පිළිබඳ දැනුමක් තිබූ නමුත් ඔවුහු අනෙක් රටවලට තම සංස්කෘතිය පැටවීමට අවි බලය යොදා නොගත්හ), තරගකාරීත්වය අගය කිරීම, කතෝලික ත්‍රිකෝටික න්‍යාය අත්හැර ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය වෙත ආපසු යෑම, වියුක්ත චින්තනය, රූපික වියුක්ත දැනුම හා සාධාරණීකරණය (කතෝලික චින්තනයෙහි දැනුම සංයුක්ත විය. පැරණි වෛදික දැනුමෙහි සාධාරණීකරණයට වැදගත්කමක් නොවීය), ස්වසිද්ධාත්මක ක්‍රමය, ඌනිතවාදය, පද්ධතීන් සමස්තයක් ලෙස නොගැනීම, ඒ වෙනුවට පද්ධතිය යන්න කොටස්වල එකතුවක් ලෙස සෑලකීම, අනෙක් පැත්තට පද්ධතිය කොටස්වලට කැඩීම හා වෙන් කිරීම, ඒ සමග පද්ධතීන් යාන්ත්‍රික ලෙස ගැනීම, බාහිර ලෝකයක් ඇතැයි උපකල්පනය කිරීම, බාහිර ලෝකය වාස්තවික යථාර්ථයක් ලෙස සැලකීම, දෙවියන් වහන්සේ බාහිර ලෝකය යම් නීති පද්ධතියකට අනුව මවා ඇතැයි සැලකීම, ඒ නීති දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස මවා ඇති මිනිසාට විශේෂයෙන් ම සුදු පිරිමියාට දැනගත හැකි යැයි සැලකීම, සංසිද්ධිවලට බාහිර හේතු සෙවීම (මෙය දෙවියන් වහන්සේ බාහිර හේතුවක් වීම නිසා පැන නෑගෙන්නකි), පද්ධතියක අභ්‍යන්තරය ද ඊනියා බාහිර ක්‍රියා හා ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සැලකීම ආදිය වෙයි.

මේ සියල්ල එක රැයකින් ඇතිවූවා නො වේ. ඉතාලි පුනරුදයෙන් ආරම්භ වී, පෘතුගීසි ස්පාඤ්ඤ ආක්‍රමණ, යටත්විජිතවාදය, ලූතර්ගේ රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදය හා ප්‍රොතෙස්තන්තවාදය, ගැලීලියෝගේ ඊනියා පරීක්‍ෂණ, නිව්ටන්ගේ වියුක්ත ප්‍රවාද නිර්මාණය, එංගලන්තය පාප්වහන්සේගෙන් මිදීම, කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය, හේතුවාදය, ධනවාදය, ආලෝකනය ආදී අවස්ථා රාශියක් පසුකර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ගමන්කර ඇත. මේ සියල්ල පහළොස්වැනි සියවසේ ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිය සටහන් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානව හිතවාදය යන්න හුදු දේශපාලන සටන්පාඨයක් වී ඇති අතර ස්වභාව ධර්මය විනාශ වී යයි. බටහිරයන්ට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නො වේ. ඔවුන්ට අද ප්‍රශ්නවලට විසඳුම් නැත. අද ඔවුන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. එය ද වැඩි කලකට නො වේ. පශ්චාත්නූතනත්වය යනු නූතනත්වයේ කඩාවැටීම ය. ඔවුන්්ට අද සාධාරණ ප්‍රවාදවත් ගොඩනගා ගත නො හැකි ය. බටහිරයන්ගේ තකතීරු රසායනික කෘෂිකර්මය හේතුවෙන් අද පස විස වී සතුන් හා මිනිසුන් වස විස ආහාර වශයෙන් ගන්නා පිරිසක් බවට පත් වී ඇත. රජරට පෙදෙස්වල ගොවි ජනතාව පලිබෝධනාශක නිසා පසට එකතුවන ආසනික් හේතුවෙන් දින දෙකකට එක් අයකු බැගින් මිය යන තත්වයකට පත් වී ඇත. රජරට වකුගඩු රෝගීන්ගේ සිරුරුවල ආසනික් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙ හා වෙනත් තැන්වල කරන ලද පර්යෙෂණවල ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය කිත්සිරි සේනානායක, වෛද්‍ය කේ දහනායක, වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු තවත් බටහිර වෛද්‍යවරුන් හා සාරංග ෆොන්සේකා මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත්කරන ලද පත්‍රිකාවකට පසුගිය දා බටහිර වෝහාරික ව්‍යාධිවේදීන්ගේ සැසි වාරයක දී රිදී පදමක්කමක් හිමි වී ඇත. මා මෙවැනි පදක්කම් සතපහකටවත් මායිම් නොකරන නමුත් මෙරට ඊනියා බටහිර විද්‍යාඥයන්ට ඇස් ඇර බැලීමට පදක්කමේ දිස්නය හේතුවනු ඇත. මේ පරීක්‍ෂණ සිංහල විද්‍යාවක් නැවත බිහිකිරීම සඳහා ගත් සංක්‍රමණීය පියවරක් පමණකි. අද ඇතැමුන්ට කැලණිය විශ්වවවිද්‍යාලයේ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ නැවැත්වීමට අවශ්‍ය වී ඇත. ඒ රටේත් ජනතාවගේත් සුභ සිද්ධිය සඳහා නම් නොවන බව පැහැදිලි ය. ජෙනීවාහි දී පමණක් නොව, රජරටේදීත්, කැලණියේදීත් වෙනත් විශ්වවිද්‍යාලවලත් ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. අපේ ම මුදල්වලින් වස විස ගෙන ඒ අපේ ආහාර පද්ධතියට එකතුකර අපි මිය යන්නෙමු. බටහිර අධ්‍යාපනයෙන් බිහිකෙරෙන අයගෙන් ඉතා වැඩි පිරිස රටට ද්‍රෝහී ප්‍රතිපත්තියක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදය වෙනුවෙන් අනුගමනය කරති. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සිංහල වෙදකම දියුණු බවත් මිනිසුන් ජීවත්කිරීමට නොව මැරීමට බටහිර කෘෂිකර්මය හේතු වන බවත් පැහැදිලි ය. අප බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වනු ඇත්තේ අවසානයේ දී බටහිර දැනුමෙන් නිිදහස් වීමෙනි.

Saturday, 14 January 2012

දුර්ගාගෙන් වෙන්වීම හා ඉන්පසු වැඩ ඇරඹීම

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ආණ්ඩුවෙන් මට දිගුවක් නො ලැබුණි. මට දිගුවක් ලැබුණේ ගණිත අධ්‍යනංශයේ මහාචාර්යරයකු ලෙස ය. එය නීතියට පටහැණි නො වේ. විශ්වවිද්‍යාලවල සේවය කරන හා කළ ගොඩ පෙරකදෝරු ඇදුරෝ එය නීතියට පටහැණි බව කීවෝ ය. එහෙත් ඔවුහු ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය අභියාචනා මණ්ඩලයට හෝ අධිකරණයට හෝ නො ගියෝ ය. ඔවුහු සුපුරුදු පරිදි ඔවුන්ගේ ලිපි පළකරන සතිඅන්ත සිංහල බෞද්ධ විරෝධී කසිකබල් පුවත්පතකට පමණක් ලිවුහ. ගොඩ පෙරකදෝරුවන්ගේ බහට මා එකඟ නොවන බවත් මා සමුනොගන්නා බවත් මගේ සේවා දිගුව නී්‍යානුකුල බවත් මම ඉරිදා දිවයින සංග්‍රහය මගින් කියා සිටියෙමි. සේවා දිගුව සමග නී්‍යානුකුලව ම මගේ පිඨාධිපති පදවිය 2011 දෙසැම්බර් 31 වැනි දා දක්වා දික්කෙරිණි. ඒ අනුව මගේ පිඨාධිපති පදවියේ වලංගු බව දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් විය. එහෙත් අවශ්‍ය නම් මට තවත් වසරක් හා මාස නවයක පමණ කාලයක් ගණිත අංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළ හැකි ව තිබිණි.

මා සේවා දිගුව භාරගත්තේ ප්‍රධාන වශයෙන් ම නාථ දෙවියන්ගේ අවශ්‍යතාව පරිදි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට ය. එසේ සකස් කිරීම පීඨාධිපති තනතුර සමග සෘජුව බැඳී ඇත. මගේ කාර්යභාරය 2011 අගෝස්තු මස පමණ වන විට අවසන් වී තිබිණි. නාථ දෙවියන්ට ද තවදුරටත් මගේ කාර්යභාරය අවශ්‍ය නොවූ බව මට පැහැදිලි විය. එබැවිින් පසුගිය නොවැම්බරයේ නව අධ්‍යයන වර්ෂයේ ආරම්භයත් සමග ගණිත අංශයේ මහාචාර්ය ධුරයෙන් ද ඒ සමග පීඨාධිපති තනතුරෙන් ද ඉල්ලා අස්වීමේ ලිපිය අගෝස්තු මාසයේ දී උපකුලපතිතුමාට යැවීමි. ඒ ඉල්ලා අස්වීමේ ලිපිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් ද පිළිගන්නා ලදී. එහෙත් ඉන් පසු විද්‍යා පීඨයේ ඇදුරන් සමහරකු මා එක් ශිෂ්‍යයකුට පරීක්‍ෂණය අවසන් වීමෙන් පසුව එක් ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටීමට අවසර දී විභාග අක්‍රමිකතාවක් සිදු කළේ යැයි කියමින් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න යැයි උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. උපකුලපතිතුමා ද ඒ ඉල්ලීමට විශේෂ සැලකිල්ලක් දක්වමින් පාලක සභාව රැස්වීමට පෙර පාලක සභාවේ සාමාජිකයන්ගේ කැමැත්ත අත්සන් මගින් ලබාගෙන ඔවුන්ගේ චෝදනාව පිළිබඳ විභාග කිරීමට පියවර ගත්තේ ය. (සාමාන්‍යයෙන් ආචාර්යවරයකුට විරුද්ධව චෝදනාවක් ඇති විට පාලක සභාව රැස්වී එය විභාග කළ යුතු නම් ඒ සඳහා පුද්ගලයකු පත්කිරීමට තීරණය කර ඒ තීරණය සඳහන් වාර්තාව ඊළඟ පාලක සභා රැස්වීමෙි දී සම්මත කිරීමෙන් පසුව පමණක් වාභාගය ආරම්භ වෙයි.) මට විරුද්ධව චෝදනාවක් ඇතිවිට එයට මුහුණ නොදී ඉල්ලා අස්වීම නුසුදුසු යැයි සිතූ මම ඉල්ලා අස්වීමේ ලිපිය අස්කර ගත්තෙමි. මා කලින් ද සඳහන් කර ඇති පරිදි මූලික විමර්ශනයේ දී ම මම නිදොස් වීමි. අදාළ ශිෂ්‍යයා ප්‍රමාද වී විභායට පැමිණියකු මිස පරීක්‍ෂණය අවසානයේ දී පැමිණියකු නො වේ. එපමණක් නො වේ. එකී විමර්ශනය පැවැත් වූ හිටපු මහාධිකරණ විනිශ්වයකාර තුමා තම වාර්තාවෙන් කියා ඇත්තේ මගේ සේවා කාලය දීර්ඝ කිරීම හේතුවෙන් තනතුරු ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියවුන් ඒ බලාපොරොත්තු කඩවීම නිසා මේ තත්වය උද්ගත වී ඇති බව ය. පසුගිය දා විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරට පත්වූයේ එවැන්නෙකි. පසුගිය මාස කිහිපය මුළුල්ලේ ම විද්‍යා පීඨයේ ප්‍රශ්න ඇතිකළේ ප්‍රධාන වශයෙන් ම ඔහු ය. ඒ පීඨාධිපති වීම අරමුණින් ය. හැකිනම් මේ කතාව වැරදි නම් මට විරුද්ධව අධිකරණය ඉදිරියට යන ලෙස මම අභියෝග කරමි. එවිට එකී වාර්තාව අධිකරණය ඔස්සේ ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්කර ගැනීමට මට හැකිවනු ඇත. කෙසේ වෙතත් චෝදනාවලින් නිදහස් වූ මට විශ්වවිද්‍යාලයෙන් අස්වීමට බාධාවක් නොාතිබිණි. මා සරසවියෙන් නොව දුර්ගාගෙන් ඉවත්වූයේ් නිදොස් පුද්ගලයකු ලෙස ය. එපමණක් නොව මගේ කාර්යභාරය යම් ප්‍රමාණයකට වුව ද සාර්ථක ව නිමකළ පුද්ගලයකු ලෙස ය. ඒ මිස ආචාර්ය සංගමය වටා බැඳුණු නිවට ඇදුරන් කිහිප දෙනකුගේ බලපෑමට යට වී නො වේ. දුර්ගා එළවා සරසවිය කැඳවීමට නොහැකි වුවත් ඒ සඳහා මැකිය නොහැකි පියවර කිහිපයක් ගැනීමට හැකිවීම මගේ භාග්‍යයක් ලෙස සලකමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇදුරන්ගෙන් බහුතරයක් මට විරුද්ධ වෙති. එපමණක් නො වේ. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ම ගුරුවරු බහුතරයක් මට විරුද්ධ බව මම දනිමි. විටින් විට ලිපි ලියමින් මා බලාපොරොත්තුවන්නේ එහි ජාතික වූ පසුබිම දැක්වීමට ය. මා නැවතත් සඳහන් කරනුයේ මේ විරුද්ධත්වය පිටුපස ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ය. එය කිසිසේත් ම පෞද්ගලික වූවක් නො වේ. මෙවැනි කරුණුවලට කුමන්ත්‍රණ යැයි කියන්නෝ කරුණු හඳුනාගැනීමට නොහැකි අය පමණක් වෙති. මට ඉහත කී අයුරින් විරුද්ධත්වයක් ඇති නොවී නම් පමණක් මම පුදුමයට පත්වෙමි. මේ විරුද්ධත්වයට ප්‍රධාන හේතු කිහිපයක් ඇත. පළමුවෙන් ම බටහිර දැනුමේ ආධිපත්‍යයට ඇති මගේ තදබල විරුද්ධතාවය ය. එය දාර්ශනික පදනමක් මත කෙරෙන විරුද්ධතාවකි. 1986 දී මගේ ලෝකය පළකිරීම මගේ විරෝධතා ව්‍යාපාරයේ වැදගත් ම සන්ධිස්ථානයකි. එහෙත් එය ආරම්භය හෝ අවසානය හෝ නො වේ. මට දැනගැනීමට ලැබී ඇති ආකාරයට තම ශිෂ්‍ය අවධියේ සිට ම මා විවේචනය කිරීම ඔස්සේ පොරක් වීමට දඟලන පුහු ඇදුරකු මගේ දාර්ශනික කටයුතු මගේ ලෝකයෙන් අවසන් වී ඇති බව පවසා ඇත. එක්කෝ ඔහු දර්ශනය යනු කුමක් දැයි නො හඳුනයි. නැතහොත් ඔහු මගේ ලෝකයේ පසු මුද්‍රණවත් නොකියවූ අයකු විය යුතු ය. එසේත් නැතහොත් ඒ දෙකම විය යුතු ය. මා ඇතැම් කරුණු සම්බන්ධයෙන් මගේ ලෝකයේ දැක්වෙන දෑ සමග එකඟ නොවන බව පසු මුද්‍රණවල දක්වා ඇත. මගේ ලෝකයෙන් මගේ දාර්ශනික කටයුතු අවසන් වී නම් එවැනි වෙනස්කම් ඇතිවිය නො හැකි ය. හැරත් මගේ දාර්ශනික ලිපි දැන් අවුරුදු කිහිපයක් මුළුල්ලේ පළවන්නේ විදුසර පුවත්පතෙහි ය.

බටහිර දැනුම යනු තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් එය ඊනියා යථාර්ථයක් නොවන බවත් එය වාස්තවික වූ දැනුමක් නොවන බවත් මම නිර්භයව ම ප්‍රකාශ කරමි. දැනුම යනු සංස්කෘතියකට උඩින් වූ පද්ධතියක් නො වේ. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසකි. එය ඊනියා වාස්තවික බාහිර ලෝකයක් පිළිබඳ කෙරෙන ගවේෂණයකින් ඇතිවන්නක් නොව මනස් සහිත මිනිසුන්ගේ ම නිර්මාණ වෙයි. මිනිස්සු ද අනෙක් සත්තු ද දැනුම නිර්මාණය කරති. මිනිසුන් එසේ කරන්නේ තම පංචෙන්ද්‍රියන්ට මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව ය. එහි දී ඔවුහු චින්තනයක් මත පදනම් වෙති. චින්තනයක් යනු සුසමාදර්ශයකට වඩා පළල් වූවකි. (බොහෝ සරසවි ඇදුරෝ චින්තනය තබා සුසමාද ර්ශය යන්නවත් නො දනිති.) මිනිසුන් දන්නා ලෝකය වූ කලී ඔවුන්ගේ සංකල්ප හා ප්‍රවාදවල එකතුවකි. ඒ සංකල්පීය ලෝකය ශූන්‍ය වූවකි. මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම් යනු හුදු සම්මුති දැනුම් පමණකි. අප සියළු දෙනාම දැනුම් නිර්මාණය කරන්නේ අවිද්‍යාව හේතුකොටගෙන ය. මා සිතන ආකාරයට අවිද්‍යාව යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම නො දැනීම ය. සත්වයන්ගේ මනස්වල නිර්මාණවලින් ඔබ්බෙහි වූ ඊනියා බාහිර ලෝකයක් ගැන කතාකිරීම දෙවියන් කැඳවීමකි. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ප්‍රාණීන් නැති ලෝකයක් නැත. එහි සඳහන්වන ලෝක විකාශය ඩාවින්ගේ ඊනියා පරිණාමවාදයට සම්පුර්ණයෙන් ම පටහැණි ය. ඩාවින්ගේ ප්‍රවාදය ද ඊනියා මහා පිපුරුම ද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ බිහිවූවකි. එහි නිර්මාපකයකු නැති වුවත් නිර්මාණයක් වෙයි. විකාශය අකාබනිකයෙන් කාබනිකයටත්, කාබනිකයෙන් ජීවයටත් විහිදෙයි. බටහිර විද්‍යාවේ ප්‍රාණය, මනස, සිතීම ආදී සියල්ල අකාබනිකයෙහි විකාශයෙහි ප්‍රතිඵල ලෙස අවසාන විග්‍රහයෙහි දී කියැවෙයි. එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඇත්තේ වෙනත් විකාශයකි. එහි කල්පාරම්භයෙහි ම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයෝ රස පොළොවට එති. ඔවුන්ට රළු සිරුරු ලැබෙන්නේ රස පොළොව ආහාරයට ගැනීමෙනි. බෞද්ධ සාහිත්‍යයෙහි ඉගැන්වෙන ලෝක විකාශය හා බටහිර විද්‍යාවේ මහා පිපුරුම හා ඩාවින්ගේ පරිණාමය අතර ඇත්තේ අහසට පොළොව මෙන් වූ වෙනසකි. එහෙත් මෙරට බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අයට කිසිම ගැටළුවකින් තොරව ඒ දෙකම පිළිගත හැකි ය. එසේ කිරීමට හැකි වී ඇත්තේ මේ බෞද්ධ උගතුන් යැයි කියාගන්නා අය එක්කෝ නොසිතන නිසා ය. නැත්නම් බටහිර දැනුමේ නිවට දාසයන් වූ නිසා ය. බොහෝ විට ඒ දෙකම නිසා ය. මම බෞද්ධයෙක්මි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ කිසිම වූ ආකාරයක දාසයෙක් නො වෙමි. මම පෘථග්ජනයකු බැවින් බෞද්ධයකු වීමේ අභිමානයෙන් ඩාවින්ගේ පරිණාමවාදයත් අයින්ස්ටයින්ගේ විශ්වවේදයේ ප්‍රතිඵලයක් වූ මහා පිපිරුමත් ප්‍රතික්‍ෂෙප කරමි. අපෙන් තොරව, මිනිසුන්ගේ මනස්වලින් තොරව ලෝකයක්, ඊනියා වාස්තවික වූ ලෝකයක් ඇති බව, මනසින් තොරව පෙන්වන ලෙස මා ඊනියා භෞතිකවාදීන්ට (ද්‍රව්‍යවාදීන්ට) අභියෝග කර බොහෝ කල් ය. ඔවුන්ට එසේ පෙන්වීමට නොහැකි බව මම දනිමි. මෙරට සිටින නිවට භෞතිකවාදීන්ට නම් ඒ ගැන සිතීමටවත් නො හැකි ය. ඊනියා වාස්තවික ලෝකය දැක ඇත්තේ කවු ද? එය කිසිම මිනිසකුගේ නිරීක්‍ෂණයක් නො වේ. එය හුදෙක් තර්කයෙන් එළඹෙන වියුක්ත නිගමනයක් පමණකි. වියුක්තය දකින්නකු වේ නම් ඒ දෙවියන් වහන්සේ විය යුතු ය. අප මනස ආධාරයෙන් නීිරී’ක්‍ෂණය කරන ලෝකය ඔස්සේ ඊනියා වාස්තවික ලෝකයක් දකින්නේ කෙසේ ද? අනෙක් අතට තර්කය යනු කුමක් ද? තර්කය යනු යම් න්‍යායක් (ලොජික්) මත පදනම් ව ඒ න්‍යාය සමග සංගත ව යම් ප්‍රස්තූතයකින් පටන්ගෙන තවත් ප්‍රස්තුතයක් කරා එළඹීමේ දී යොදා ගන්නා ක්‍රමවේදයක් පමණකි. අද ලෝකයේ බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ යොදා ගැනෙන්නේ ඉතාම දුප්පත් න්‍යායක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය ය. එය එකම න්‍යායවත් නිවැරදි න්‍යායවත් නොවන බව බොහෝ ඇදුරෝ නො දනිති.


Thursday, 18 August 2011

බටහිර විද්‍යාවේ චණ්ඩි

කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා බටහිර වෛද්‍යවරයකු බව ඒ මහතා අගෝස්තු මස තුන්වැනි බදාදා විදුසරට ලියා ඇති ලිපියෙන් පැහැදිලි ය. එහෙත් ඒ මහතා තමා බටහිර වෛද්‍යවරයකු බව නො කියයි. බටහිර වෛද්‍යවරුන් තමන් බටහිර වෛද්‍යවරුන් බව නොකියා වෛද්‍යවරුන් යැයි පවසන්නේ ඇයි? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical council) තමන් ශ්‍රී ලංකා බටහිර වෛද්‍ය සභාව ලෙස හඳුන්වා නොගන්නේ ඇයි? ආයුර්වේද වෛද්‍ය සභාව හෝ වෙනත් එවැන්නක් හෝ ආයුර්වේද දේශීය ආදී නම්වලින් හැඳින්වෙද්දී බටහිර වෛද්‍ය සභාවට බටහිර යන්න ඉවත්කර වෛද්‍ය සභාව නමින් පෙනී සිටීමට ඉඩ ලැබී ඇත්තේ කෙසේ ද? බටහිර වෛද්‍යවරුන්ට බටහිර යන්න අත්හැරීමට හැකි වී ඇත්තේ ඇයි?

වරුණ ගුණතිලක නම් බටහිර වෛද්‍යවරයා ආසනික් මීඩියා පර්යේෂණ පත්‍රිකාවක් ගැන සඳහන් කරයි. ඔහු එය කොටස් වශයෙන් පළවන අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැති මෙගා ටෙලි නාට්‍යයකට සමාන කරයි. මෙහි දී හමුවන චරිත අතර පඬියන් මැට්ටන් හා පුස්සන්ට අමතරව අවස්ථාවාදී දේශපාලකයන් මෙන් ම චණ්ඩින් ද දැකගත හැකි යැයි උගත් දොස්තර මහතා පවසයි. සත්තකින් ම මෙහි මැට්ටෝ ද පුස්සෝ ද වෙති. දොස්තර මහතා නොදනිතත් චණ්ඩිහු ද ඔවුහු ම වෙති.

අප රටේ විශ්වවිද්‍යාලවල ද තත්වය එසේ ම ය. චණ්ඩීහු නිවට බටහිර ගැති දේශපාලකයන් ද සමග එක් වී බටහිර වෛද්‍ය පීඨ, බටහිර ඉංජිනේරු පීඨ, හා වෙනත් බටහිර විද්‍යා පදනමක් සහිත පීඨ බටහිර යන්න ඉවත්කර වෛද්‍ය පීඨ ආදී වශයෙන් හඳුන්වති. මේ චණ්ඩිකම මිස අනෙකක් නො වෙි. ලෝකයේ වෛද්‍ය ක්‍රම රාශියක් තිබිය දී බටහිර වෛද්‍ය ක්‍රමය පමණක් වෛද්‍ය නමින් හඳුන්වන්නේ කෙසේ ද? සත්තකින් ම මෙය අවස්ථාවාදී කෙසේ වෙතත් දේශපාලන ප්‍රශ්නයකි. ලංකාවේ විශ්වවිිද්‍යාලයකට අයත් පීඨයක නම අවසාන වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසසම් සභාවෙන් අනුමත වී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්විය යුතු ය. එහි දී දේශපාලනඥයන් වන්නේ මෙරට උසස් අධ්‍යාපන ඇමතිවරයා පමණක් නො වේ. බටහිර රටවල දේශපාලනඥයෝ ද මෙරට බටහිර වෛද්‍යවරු ද බටහිර වි්‍යාඥයෝ ද එහි දී දේශපාලනඥයෝ හා චණ්ඩි වෙති.

බටහිර වෛද්‍ය පීඨ එසේ නොහැඳින්වෙන්නේ දේශපාලන බලයෙන් හා චණ්ඩිකමිනි. ඒ පීඨ බටහිර වෛද්‍ය පීඨ ලෙසත් ඊනියා විද්‍යා පීඨ බටහිර විද්‍යා පීඨ ලෙසත් හඳුන්වන ලෙස අපි යෝජනා කරමු. කැලණිය විශ්වවිද්‍යාලය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස යළි නම්කරන ලෙස අපි යෝජනා කරමු. එහෙත් අපට ඒ යෝජනා නීතිගත කරවීමට තරම් දේශපාලන බලයක් නැත. නීතිය යනු දේශපාලන ආධිපත්‍යය රැක ගැනීම සඳහා යොදා ගැනෙන දේශපාලනය පිටුපස යන මෙවළම් පොදියකි. බටහිර දේශපාලන ආධිපත්‍යය හා චණ්ඩිකම එබඳු ය. අපේ උත්සාහය මේ දේශපාලනඥයන් හා චණ්ඩින් ඉවත්කිරීම ය. එහෙත් වරුණ කරුණාතිලක දොස්තර මහතාට අවශ්‍ය වෙනත් දෙයක් බව පැහැදිලි ය. ඔහුට අවශ්‍ය බටහිර දැනුමට ගැතිකම් කරන බටහිර උගතුන්ගේ පෙළැන්තියේ දේශපාලන ආධිපත්‍යය හා චණ්ඩිකම රැකගැනීම ය.

අද මෙරට පුවත්පත්වලට ලියන බටහිර ගැති උගතුන් අපෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ඊනියා විධික්‍රමයක් පිළිපදින ලෙස ය. එහෙත් මෙකියන විධික්‍රමයක් මෙලොව නැත. මේ මායාකාරී මිථ්‍යාවකට අනුව අපේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්නැයි ඔවුහු කියති. එසේ ඉදිරිපත් නොකරන්නේ නම් අපේ ප්‍රතිඵල පිළිගැනීමට තමන් බැඳී නැති බවක් ඔවුහු කියති. එහෙත් මේ ඊනියා මායාව අනුව ක්‍රියාත්මක වන ලෙස බටහිර ගැති චණ්ඩි කියන්නේ අපට පමණ ය. ඊනියා සාම්‍ය සමාලෝචන, පර්යේෂණ නැවත කිරීමට හැකියාවක් තිබීම ආදිය රජරට වකුගඩු රෝගයට හේතුව ඇල්ගී යැයි කියන කණ්ඩායමට ඉදිරිපත් කර ඇත් ද? ඒ කණ්ඩායම තම ප්‍රතිඵල මාධ්‍යවලට ප්‍රකාශ කළේ ඊනියා විද්වත් සඟරාවල පළකිරීමෙන් පසුව ද? මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා ම පවසා ඇති අයුරු ඔහු තම ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළකර ඇත්තේ ඒ ප්‍රකාශකර අවුරුදු පහකට පසු ය.

බටහිර විද්‍යාවට අවශ්‍ය ආකෘතියෙහි අපේ ප්‍රතිඵල ඉදිරිපත්කරන ලෙස බලකිරීම ම දේශපාලන ආධිපත්‍යය යොදාගෙන කෙරෙන චණ්ඩිකමකි. එය හුදු ශාස්ත්‍රීය කටයුත්තක් බවට පෙන්වන්නේ එය දේශපාලන බලය යොදා ශාස්ත්‍රීය කටයුත්තක් බවට පත්කර ඇති බැවිනි. එක් පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ ඊනියා ශාස්ත්‍රීය මතයක් පිළිගත හැක්කේ එය බටහිර ආකෘතියකට අනුකූලව ඉදිරිපත් කළහොත් පමණ ද? බටහිර ගැති උගතුන් අද අපෙන් ඉල්ලන්නේ පලිබෝධනාශකවල ආසනික්, රසදිය සයනයිඩ් ආදිය සම්බන්ධයෙන් ඊනියා සහතික ලත් රසායනාගාරයක කෙරෙන පරීක්‍ෂාවල වාර්තාවකි. අපේ කණ්ඩායමේ ඇතැම් අය එවැනි සහතික ගෙනැවිත් දීමට කටයුතු කරති. එයට මගේ තදබල විරුද්ධත්වයක් නැත. දේශපාලන ආධිපත්‍යය තිබෙන චණ්ඩින්ට අවශ්‍ය සහතික පත් ගෙනැවිත් නොදී ඔවුන් අප විශ්වාස නොකරන බැවින් එසේ කිරීමට සිදු වී ඇත. එහෙත් දිගින් දිගට ම අප මේ සෙල්ලමට ඉඩදිය යුතු නො වේ. ඔවුන් ඊනියා විධික්‍රමයක නාමයෙන් ඉල්ලන ඉල්ලන දේ ගෙනැවිත් දීමට අප බැඳී නැත.

අප ඔවුන්ට කියා සිටින්නේ අපේ රසායානාගාරවලට පැමිණ එව බලව ක්‍රමයට අපේ පර්යේෂණ ගැන දැනගන්නා ලෙස ය. එහි ඇති වරද කුමක් ද? එසේ පැමිණ ඔවුන්ට අපෙන් කෙලින් ම ප්‍රශ්න කළ හැකි ය. ඊනියා සාම්‍ය සමාලෝචන සහිත පත්‍රිකාවලට වඩා එහි පිළිගත හැකි බවක් නැද් ද? එමගින් පර්යේෂණ නැවත නැවතත් කිරීමක් නො වන්නේ ද? අනෙක් අතට මේ සහතික ලත් ආයතනවලට රිංගා ගෙන සිටින නිලධාරීන්ට, ඊනියා පර්යේෂකයන්ට තමන්ගේ මතිමතාන්තර යුක්තියුක්ත කිරීම සඳහා පර්යේෂණ කළ නො හැකි ද? මා දන්නා සහතික ලත් ආයතනයක රසායන විද්‍යාවට අදාළව පර්යේෂණ කරන ප්‍රධානියාගේ සිංහල බෞද්ධ විරෝධී හැඟීම් මත ආසනික් හා රසදිය සඳහා පරීක්‍ෂා කරන බව සාක්‍ෂි සහිත ව පෙන්වා දිය හැකි ය.

බටහිර විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණින් වස්තු හෙළීමේ දී වස්තු තෝරා ගත්තේ ඔහුට අවශ්‍ය කරුණ පෙන්වාදීම සඳහා ය. ඔහු යකඩ බෝලයක් හා පිහාටුවක් අතහැරියේ නම් ඔහුගේ අරමුණ ඉටු නොවීමට තිබිණි. ඔහු තමන්ට අවශ්‍ය දේ පෙන්වීම සඳහා පර්යේෂණ කළේ ය. අද මෙරට ඊනියා සහතික ලත් පර්යේෂාණාගාරයක පරීක්‍ෂා කෙරෙන්නේ ද එහි පර්යේෂක ප්‍රධානියාට අවශ්‍ය දේ පෙන්වීම සඳහා ය. ඔහු ආසනික් තිබෙන නියැදිවල ආසනික් නැතැයි පෙන්වීමේ විශේෂඥයෙකි. ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇතැයි සිතමි. ගැලීලියෝගේ ගෝලයෝ ගුරුවරයා හිටගෙන කළ දේ දුව දුව කරති.

බටහිර විද්‍යාවේ චණ්ඩි තමන් මහ ඉහළින් සළකන නේචර් සයන්ස් සඟරාවලට ද බලපෑම් කරති. මේ සඟරා ඇත්තේ බටහිර විද්‍යාවට අවශ්‍ය දේ කීමට වුවත් ඉඳහිට ඔවුන් අතින් බටහිර චින්තනයට පටහැණි එහෙත් බටහිර ඊනියා පර්යේෂණ ක්‍රමයට අනුකුල ප්‍රතිඵල පළවෙයි. 1988 දී පමණ නේචර් සඟරාවේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මූල ධර්මය සනාථකරන පත්‍රිකාවක් පළවිණි. ඉන් කියැවුණේ ඇතැම්් ද්‍රවය්‍යයක් ඇතැම් ද්‍රවයක දියකර එහි තනුකත්වය බෙහෙවින් අඩුකළ ද අදාළ ද්‍රව්‍යයේ ගුණ ද්‍රාවණයේ දැකිය හැකි බව ය. පත්‍රිකාව පළවීමෙන් පසු බටහිර ඇලොපති වෛද්‍යවරු, එනම් දොස්තරලා, නැගී සිටියහ. ඔවුහු ඊනියා විධික්‍රමයේ “අඩුපාඩු” පෙන්වමින් සඟරාවට බලපෑම් කළහ. එහි ප්‍රතිඵලය වූයේ පත්‍රිකාවේ ප්‍රංශ ජාතික කතුවරයා පත්‍රිකාව ඉල්ලා අස්කර ගැනීම ය. මේ පිළිබඳ ව මා එකල විිදුසූරට කෙටි සටහනක් යැවූ බව මතක ය.

අද සයන්ස් සඟරාවේ ද එවැන්නක් සිදුවෙයි. පසුගිය දා මනෝජ් රත්නායක මහතා විදුසරට ලියු ලිපියක ආසනික් මත ජීවත්වන බැක්ටීරියා පිළිබඳ කියැවෙන පත්‍රිකාවක් ගැන සඳහන්කර තිබිණි. මෙය සම්මත බටහිර චින්තනයට එකඟ නො වේ. ඒ පත්‍රිකාවට ත්‍යාගයක් ද ලැබුණු නමුත් එහි භයානකකම වටහාගත් බටහිර විද්‍යාවේ චණ්ඩි ඒ පත්‍රිකාව ප්‍රතික්‍ෂෙප කරවීමට කටයුතු කළහ. එහෙත් අපට ඒ පත්‍රිකාව කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. ආසනික් උරාගැනීමෙන්, වෙනත් වස වර්ග උරාගැනීමෙන්, ජීවත්විය හැකි ජෛව වර්ග ලොව තිබිය යුතු ය. එසේ නැතහොත් ආසනික් විස වීමෙන් රෝගාතුර වන අයට බටහිර ඇලොපති ක්‍රමයේ ම පිහිට ය. එහෙත් ප්‍රතිකර්ම සඳහා විරුද්ධ ගුණ ඇති රසායනික ද්‍රව්‍ය ගැන සිතන බටහිර ඇලොපති ක්‍රමයට රජරට වකුගඩු රෝගයට ප්‍රතිකර්ම නැත. එසේ වුවත් අපට ආසනික් විස නැතිකිරීමට ආසනික් උරාගත හැකි ශාඛ වර්ග යොදා ගැනීමට හැකි ය.

කොහොඹ ගස මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයකි. අපේ පර්යේෂණවල දී අප දුටු කරුණක් වූයේ කොහොඹ ගසෙහි පොත්තෙහි ආසනික් තැන්පත්වීම වැඩි බව ය. කොහොඹ ලෙඩ රෝගවල දී මිනිසුන්ට පිහිටවන්නේ මිනිසාට අහිතකර ඇතැම් බැක්ටිරියා හා වයිරස සමග ජීවත්වීමට කොහොඹ ගසට හැකිවීම නිසා යැයි සිතිය හැකි ය. අඩුම තරමින් කොහොඹ ගසට ආසනික් වසක් නො වේ. එමෙන් ම ඇතැම් බැක්ටිරියාවලට ආසනික් සමග ජීවත්විය හැකි වීම පුදුමයක් නොවිය යුතු ය. අපේ විද්‍යාවක නම් ඒ එසේම විය යුතු ය. වසවිස යනු නිරපේක්‍ෂ දෑ නොව ඒ ඒ ජීවියාට සාපේක්‍ෂ දෑ වෙයි. මිනිසාට වස ද්‍රව්‍ය සෑම ජීවියකුට ම වස වීම අවශ්‍ය නො වේ. මෙන්ඩලීෆ්ගේ වගුවෙහි ආසනික් ඇත්තේ ජීවයට උපකාරී වන ෆොස්ෆරස් කාණ්ඩයේම ම ෆොස්ෆරස් මූල ද්‍රව්‍යයට පහළින් බව ද අමතක නොකළ යුතු ය. අප අපේ චක්‍රීය චින්තනයේ චතුස්කෝටික න්‍යායක අපේ විද්‍යාවක් ගොඩනගාගත් දිනයක මෙය වඩාත් හොඳින් තේරුම් ගතහැකි වනු ඇත. එහෙත් පරණ තෙස්තමේන්තුවට අනුකූල ඩාවීනිය රේඛීය පර්ණාමය හා ඇරිස්ටෝටලීය න්‍යාය පමණක් පිළිගන්නා බටහිර විද්‍යාවට අනුව ආසනික් මත ජීවත්වන ජීවියා පරස්පර ය. අද චණ්ඩීන් වූ බටහිර සම්මත විද්‍යාඥයන්ගෙන් අදාළ පර්යේෂණයේ ඊනියා අඩුපාඩුකම් පෙන්වමින් ඒ පත්‍රිකාවට එදිරිවාදුකම් කෙරෙන්නේ එබැවිනි. නිසැකයෙන් ම මේ චණ්ඩි පළවා හැරිය යුතු ය. අද නම් අපට සියල්ල කිරීමට සිදුව ඇත්තේ මේ චණ්ඩින්ට අවශ්‍ය ආකාරයට ය.

අවසාන වශයෙන් වරුණ ගුණතිලක දොස්තර මහතාට කිවයුත්තේ සහල්වල ද ආසනික් අඩංගු බව අප තවමත් කියන බව ය. අප ඒ ගැන අද අවධානයක් නොකරන්නේ රජරට වකුගඩු රෝගය වැළදීමට එය අදාළ නොවන බැවින් එහි දී එය ද්වීතියික කරුණක් වන බැවින් මිස එසේ ද්වීතියික කරුණක් යැයි කියා පෑළ දොරෙන් පැන යෑමට නො වේ. අනෙක් අතට සහල්වල ආසනික් අඩංගු බව පළමුවෙන් ම සඳහන් කළේ ලොව පතළ කීර්තියක් ඇතැයි කියන කැලණිය විශ්වවිිද්‍යාලයේ ලෝක පූජිතයකු ලෙස සැලකෙන මහාචාර්ය රංජිත් ජයසේකර මහතා ය. ඒ මහතා දැන් ඒ ගැන කිසිවක් සඳහන් නොකර සිටීම නම් අපට පුදුමයක් වෙයි. ඉදිරි කාලයේ දී අපට තව තවත් වස විස ගැනත් වසවිසට ඔරොත්තු දෙන ශාඛ ගැනත් කතාකිරීමට සිදුවනු ඇත. එය මෙගා ටෙලිනාට්‍යයකට අලුත් චරිත එකතුකිරීමක් නොව අවස්ථානුකූලව ජනතාව දැනුවත් කිරීම ය. කෙසේ වුවත් තෙරක් නොපෙනෙන සංසාරයක් ගැන කතාකරන බෞද්ධයනට ඊනියා මෙගා ටෙලි නාට්‍ය අමුතු අත්දැකීමක් ද නො වේ.

Friday, 12 August 2011

ආසනික් ගැන අපේ කතාව

ආසනික් ප්‍රශ්නය පිළිබඳ ව තවමත් විවිධ අංශවලින් විවිධ කතා ගෙතෙනු දක්නට හැකි ය. කතන්දර ගෙතීමට සිංහලයන් දක්වන්නේ අති මහත් දක්‍ෂතාවකි. එහෙත් ඒ කතා සංගතව ගෙතීමට ඔවුන්ට එතරම් දක්‍ෂතාවක් නැත. රජරට ජලයේ ආසනික් නැතැයි කියන්නන් ගෙතා ඇති ප්‍රධාන ම කතාව නම් අප මේ ප්‍රශ්නයේ දී අපේ කතාව වෙනස්කර ඇති බව ය. ඔවුන්ට අනුව අපි රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි කී නමුදු දැන් තවත් අවශ්‍යතා දෙකක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. එනම් කිවුල් ජලය හා රජරට ප්‍රදේශවල ඇති කුඹුරු පස ය. අප එදා වතුර හා සහල් ගැන කතා කළමුත් අද කතාකරන්නේ කෘමිනාශක සම්බන්ධයෙන් ය. අප අතින් සහල් හා ජලය ගිලිහී ගොස් ඇති සෙයක් යැයි අපේ විරුද්ධකරුවෝ පවසති.

මේ ඉතාමත් වැරදි කතාවකි. අපේ විරුද්ධවාදීන් පැවසීමට තැත් කරන්නේ අප ඔවුන්ගේ විවේචන හමුවේ සහල් හා වතුර අස්කරගෙන ඇති බවත් දැන් අප ඒ වෙනුවට පලිබෝධනාශක කෙරෙහි සිත් යොමුකර ඇති බවත් ය. අප කළේ කුමක් ද? මෙහි ප්‍රවෙිශය කුමක් ද? අපි විමසා බලමු. අපේ මූලික අරමුණ වූයේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීම ය. ඉන්පසු ඒ සඳහා ප්‍රතිකාර කිරීම ය. අපට කලින් ද විවිධ කණ්ඩායම් රජරට වකුගඩු රෝගය ගැන පරීක්‍ෂාකර විවිධ වාර්තා ඉදිරිපත් කෙරී තිබිණි. ඔවුන්ට අනුව කැඩ්මියම්, ඇලුමීනියම් භාජනවල ආසනික් සහිත ජලය තැන්පතුව, ඇල්ගී වර්ග ආදිය රජරට වකුගඩු රෝගයට හේතු විය. එහෙත් මේ එකක්වත් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ පිළි ගැනීමට ලක් නොවීය. ඒ සියල්ලෙහිම විවිධ ගැටලු තිබිණි. අදත් ඒ නො පිළිගැනෙයි.

එපමණක් නොවේ. මේ ඇතැම් හේතු කිසිම වූ ආකාරයේ ඊනියා විද්වත් සඟරාවක පළකර නොතිබිණි. එහෙත් කිසිම විද්‍යඥයෙක් අද අපෙන් ප්‍රශ්න කරන ආකාරයට ඒ ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළ නොකර මහජනතාවට ඉදිරිපත් කළේ ඇයිදැයි ප්‍රශ්න නො කළේ ය. ඇතැමුනට තේරුම් ගැනීමට නොහැකි මේ දෙබිඩි පිළිවෙත ය. එහෙත් තවදුරටත් කරුණු විමසීමේ දී පෙනී යන කරුණ නම් ප්‍රශ්නයට නාථ දෙවියන්ගේ මැදිහත්වීම නිසා වෙනත් අයගෙන් නොඅසන ප්‍රශ්න අපෙන් අසන බව ය. කාගෙ කාගෙත් විරුද්ධතාව නාථ දෙවියන්ට බව පැහැදිලි ය.

නාථ දෙවියෝ යනු කවරහු ද? අපේ සාහිත්‍යයට අනුව නාථ දෙවියෝ මෛත්‍රී නමින් මීළඟට මේ මහාභද්‍ර කල්පයෙහි ම බුද්ධත්වය ලබති. නාථ දෙවියන් හැරෙන්නට වෙනත් දෙවිවරුන්ගෙන් ද අපේ කණ්ඩායමට උපදෙස් හා හෝඩුවා ලැබෙයි. ඒ දෙවිවරුන් අතර විපස්සක දෙවියෝ ප්‍රධාන වෙති. ඒ අතර දෙවොල් දෙවියෝ ද, දැඩිමුණ්ඩ දෙවියෝ ද වෙති. මේ දෙවිවරුන්ගෙන් අපට ලැබෙන හෝඩුවා මත අපි බටහිර රසායන විද්‍යාවට අනුව පරීක්‍ෂණ පවත්වමු.

මේ දෙවිවරු අපට කිසි විටෙක සියල්ල නො කියති. එසේ කළහොත් දිව්‍ය බලය පිරිහී යන බව පැවසෙයි. එය සුරංගනා කතාවක් නො වේ. දෙවිවරු අපට උපදෙස් හා හෝඩුවා ලබාදෙන්නේ මූලික වශයෙන් ජනයා ධාර්මික කිරීමට හා නිවන් මගට පත්කිරීමට මිස මැජික් පෙන්වීමට නො වේ. අපට ඒ පිළිබඳ කිසිම ගැටළුවක් නැත. ඇතැම් දේව අනුහස් ඇති ස්ථාන ටික කලකින් වැසී යන්නේ අදාළ දෙවියන් අනවශ්‍ය ප්‍රමාණයකට තොරතුරු දී දිව්‍ය බලය නැතිකර ගැනීම නිසා යැයි අපට විශ්වාස කළ හැකි ය.

රජරට වකුගඩු රෝගය පිළිබඳ සාකච්ඡා කිහිපයකින් පසුව වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ දෙවිවරුන් කරා යොමු කරන ලද්දේ මා විසිනි. බොහෝ කලක සිට භාවනාවෙන් දැනුම ලබාගැනීම පිළිබඳ මගේ සිත යොමු වී තිබිණි. එමෙන් ම අපේ විද්‍යාවක් ගොඩනගා ගැනීමට මේ ක්‍රමය ද, එනම් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් සම්බන්ධ කර ගැනීම ද යොදාගත හැකි බව මට පෙනී ගොස් තිබිණි.

වෛද්‍ය චන්න ජයසුමන මහතාට රජරට ප්‍රදේශවලින් ජලය හා පස් නියැදි ගෙන ඒමට දෙවියන්ගෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව ගෙනෙන ලද නියැදිවල ආසනික් ඇති බව දෙවිවරු පැවසුහ. ඉන්පසු අපි ජල නියැදි ආසනික් සඳහා පරීක්‍ෂා කළෙමු. එහි දී ද බටහිර රසායන වි්‍යාඥයන්ට ක්‍රමයක් නොතිබුණු බැවින් දෙවිවරු යම් හෝඩුවාවන් සැපයුහ. ඒ අනුව පරීක්‍ෂා කිරීමේ දී අදාළ නියැදිවල ආසනික් ඇති බව හෙළිදරවු විණි.

ජලය සමග අපි විවිධ ශාඛ වර්ගවල ද පළතුරු හා ගෙඩිවල ද ආසනික් ඇත්දැයි පරීක්‍ෂා කළෙමු. එහි දී සහල්වල ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. සහල්වල ආසනික් ඇති බව දැනට අවුරුදු කිහිපයක් තිස්සේ ම මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය දනිති. එබැවින් අපේ හෙළිදරවුව අළුත් දෙයක් නො වී ය. එහෙත් රජරට වකුගඩු රෝගයට හේතුව බත්කෑම යැයි අපි නො කීවෙමු. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ද එහෙත් එයට අමතරව ඒ රෝගය පැතිරයෑම සඳහා කිවුල සහිත ජලය ද කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද අවශ්‍ය බව කීවෙමු. මේ හේතු විවිධ අවස්ථාවල අනෙක් අයගේ විවේචන හමුවේ අපේ කණ්ඩායම විසින් එකතු කළ දේ නොව අප ආරම්භයේ සිට ම ප්‍රකාශ කරන ලද කරුණු විය.

රජරට ප්‍රදේශවලින් හමු වූ රෝගීන් ගැන අධ්‍යයනයක් කළ අපේ කණ්ඩායමේ වෛද්‍යවරුන් ඒ රෝගයට හේතුව ආසනික් (ආසනේට්) විෂවීම බව දැනගත්හ. ඔවුන්ට ලබාගත හැකි වූයේ රෝගයෙන් මියගිය අයගේ මෘත ශරීර දෙකක් පමණක් වීම මෙහි දී අපට ඇති ප්‍රධාන ම අඩුපාඩුව වෙයි. එහෙත් ඒ මෘතදේහ දෙක ව්‍යචිඡෙදය කිරීමෙන් පසු පෙනී ගිය කරුණ වූයේ රෝගයට හේතුව ආසනික් බවත් මෙය සාමාන්‍ය ආසනික් විෂවීමකට වඩා වෙනස් බවත් මේ රෝගය පිළිකා විශේෂයක් බවත් ය. මෙහි දී ද අපට දෙවිවරුන්ගෙන් හෝඩුවාවන් ලැබුණු බව සඳහන් කළ යුතු ය.

රෝගයට හේතුකාරකය ආසනික් බවත්, රජරට ප්‍රදේශවලින් ලබාගත් ජල, පස්, ශාඛ නියැදිවල ආසනික් ඇති බවත් දැනගැනීමෙන් පසු අපට අවශ්‍ය වූයේ ඒ ප්‍රදේශවලට ආසනික් ලැබෙන්නේ කෙසේ දැයි සොයා බැලීම ය. අපේ පොළොවේ ආසනික් ස්වභාවයෙන් ආසනික් නැත. ඒ බව ඕනෑම භූවිද්‍යාඥයකුට රසායන විද්‍යාඥයකුට භූරසායන විද්‍යාඥයකුට (විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පියකුට) අඩි දහයක් පමණ යටට පොළොව හාරා ඒ ඒ මට්ටමේ දී ආසනික් ඇති නැති බව පරීක්‍ෂාකිරීමෙන් දැනගත හැකි ය.

ලංකාවේ පොළොවේ සමස්තයක් ලෙස ගත්කල ආසනික් ඇත්තේ අඩි දහයක් පමණ යටට යන තෙක් පමණ යැයි අපි කියමු. අප එසේ කියන්නේත් දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව ය. එසේ නම් එයින් කියැවෙන්නේ මෙරට පොළොවට බාහිර ව ආසනික් එකතු කෙරී ඇති බව ය. ඒ ආසනික්වලට තවමත් පොළොවෙන් අඩි දහයකට වඩා යටට යෑමට කාලයක් ලැබී නැත. එසේ නම් බාහිර ව පොළොවට ආසනික් එකතු කරන්නේ කවු ද යන ප්‍රශ්නයට අපි මුහුණ දුූන්නෙමු.

ඒ ප්‍රශ්නයට ඉතා පැහැදිලි පිළිතුරක් විය. ඒ කවුරුන්වත් නොව මෙරටට පලිබෝධ නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කරන්නන් බව ය. ඔවුහු අසරණ ගොවි මහතුන් ලවා දැන් අවුරුදු හතළිහක් පමණ කාලයක් තිස්සේ කෘෂි රසායන මගින් පොළොවට ආසනික් එකතු කරති. අපේ පිළිතුර අපි පලිබෝධනාශක නියැදි රාශියක් පරීක්‍ෂාකිරීමෙන් පසුව තහවුරු කරගත්තෙමු. අපි ඉන්පසු ඒ බව ක්‍ෂණිකව ම ප්‍රකාශ කළේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ය. අපට ඊනියා විද්වත් සඟරාවල සාම්‍ය සමාලෝචනවලින් පසුව පත්‍රිකා පළකරගැනීමෙන් ඒ කිරීමට අවශ්‍ය නො වීය. එසේ කළේ නම් අපේ පත්‍රිකා මේ වනතුරුත් පළ නොවී තිබෙනු අතර අඩුම තරමෙන් කෘමිනාශක නවයක් අලෙවිකිරීම තහනම් නො කෙරෙනු ද ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහාලුම් දොළහක් පමණ වරායේ රඳවා ගැනීමට ද රේගුවට අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඇතැමුන් කියන්නාක් මෙන් නොව අපි කිසිම විටෙක ජලයේ හා සහල්වල ආසනික් ඇති බව සඳහන්කිරීම අත්නොහැරියෙමු. අප දැන් වැඩි වශයෙන් පලිබෝධනාශක ගැන කතාකරන බව සත්‍යයකි. රජරට වකුගඩු රෝගයට හේතුව බත් හෝ වෙනත් ආහාරයක් හෝ නොවන බවත් එය වැළඳෙන්නේ බොන වතුර නිසා බවත් වතුරට ආසනික් එකතුවන්නේ ආසනික් රඳවාගත හැකි පසක් රජරට ප්‍රදේශවල ඇති නිසා බවත් ඒ පසට ආසනික් ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් දැනගැනීමෙන් පසු අපට හාල්වල ඇති ආසනික් ගැන කතාකිරීමේ අවශ්‍යතාවක් නො වීය. එයට හේතුව අපේ අධ්‍යයනය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් වීම ය. එහෙත් අප ජලයේ ආසනික් (කැලිසියම් ආසනේට්) ඇති බව දිගින් දිගට ම ප්‍රකාශ කරන්නේ ඒ බව අපේ අධ්‍යයනයට අදාළ බැවිනි. අප දැන් කෘමිනාශක ගැන වැඩි අවධාරණයක් කරන්නේ ඒ ඔස්සේ රජරටට පමණක් නොව අනෙක් ප්‍රදේශවල පසට ද ආසනික් එකතුවීම නතර කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් පැතිර යෑම නවතාගත හැකි නිසා පමණක් නොව මෙරට ගොවි ජනතාව බෞද්ධ විරෝධී සත්ව ඝාතනයෙන් ඈත්කිරීමට ද හැකි නිසාත් ය. මෙරට ගොවි මහතුන් කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඈත්කර සිංහල බෞද්ධ ගොවිතැනකට යොමු කිරීම අපේ එක් අරමුණක් වෙයි.

මෙහි දී තවත් කරුණක් නොකියා ම බැරි ය. මෙරට බොහෝ දෙනා අවුරුදු ගණනක් තිස්සේ කෘමිනාශකවල වසවිස ඇති බව දැනගෙන සිටිය හ. ඒ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂාවලින් නොව අත්දැකීමෙන් දැනගත් කරුණකි. එහෙත් ඒ වසවිස කවරේදැයි ඔවුහු නොදැන සිටියහ. කෘමිනාශකවල ආසනික් පමණක් නොව රසදිය ද ඇති බව අපේ කණ්ඩායම බටහිර රසායන විද්‍යාවට අනුව කරන ලද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. එය ද දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව කෙරුණකි. එපමණක් නොව එහි සයනයිඩ් ද අඩංගු වන බවට හෝඩුවාවක් වෙයි. බොහෝ දෙනා කෘමිනාශකවල වස විස අඩංගු බව දැනගෙන සිටිය ද ගොවීන් මුළුමනින් ම ඊනියා හරිත විප්ලවයේ කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඉවත්කිරීමට නොහැකි විය.

නාථ දෙවියන් ප්‍රශ්නයට අවතීර්ණවීමෙන් පසු ඊනියා හරිත විප්ලවයේ ව්‍යසනයට ඇති අවධානය අන් අතකට යොමු වී ඇත් ද? එසේ ප්‍රශ්න කරන්නෝ අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාවට ම සේවය කරති. ඊනියා හරිත කෘෂිකර්මය ද බටහිරයන්ගේ හඳුන්වා දීමකි. එයින් කෙරෙන්නේ එම කෘෂිකර්මයෙන් මුළු මහත් ජනතාවට ම අවශ්‍ය ආහාර නිපදවීමට නොහැකි බව පෙන්වා ගොවි ජනතාව කෘෂිරසායන කෘෂිකර්මයේ ම රඳවා තැබීම ය. අපට දෙවිවරුන්ගෙන් ලැබෙන හෝඩුවාවලින් කියැවෙන්නේ සිංහල බෞද්ධ ගොවිතැන ඔස්සේ අවශ්‍ය ආහාර සියල්ල නිෂ්පාදනය කරගත හැකි බව ය. අද බොහෝ දෙනාට නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රශ්නයක් වී ඇති බව සැබෑ ය. එහෙත් ඒ දෙවිවරුන් ද අපේ විද්‍යාවක කොටස්කරුවන් බව අමතක නොකළ යුතු ය. අපේ විද්‍යාවක් ගොඩනැගීමේ දී අපට ඒ දෙවිවරුන් අවශ්‍ය වෙයි. ඒ දෙවිවරුන් ප්‍රශ්නයෙන් ඈත්කර තැබිය යුතු යැයි පවසන්නෝ අවසානයේ දී බටහිර ක්‍රිස්තියානි විද්‍යාවට ම සේවය කරති. මේ අතර ඇතැම්හු අපේ විද්‍යාව යනු විද්‍යාවක් නොවේ යැයි කියති. බටහිර ක්‍රිස්තියානි විද්‍යාවේ දාසයන් වූ ඔවුන්ගේ විවේචන නොතකා අපේ විද්‍යාවක් ගොඩනැගීමට අතදෙන විදුසරට අපේ ස්තුතිය හිමිවෙයි.


ඊනියා විද්‍යාඥයන්ගේ දැනුම


අද දිවයිනේ ප්‍රධානතම විද්‍යාඥයකු ලෙසත් කීර්තිමත් විද්‍යාඥයකු ලෙසත් හැඳින්වෙන මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පසුගිය ජූලි 31 වැනි දින දිවයින ඉරිිදා සංග්‍රහයට ලියූ ලිපියෙන් මා නැවතත් ජනතාවට ආසනික් භීතියක් ඇතිකරන බව පවසා ඇත. මට හෝ අප කණ්ඩායමේ වෙනත් අයකුට හෝ ඊනියා ආසනික භීතියක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් නැත. ආසනික් භීතියක් මේ රටේ ජනතාවට ඇතිකිරීමට අවශ්‍යතාවක් තිබෙන අයකුට වුව ද එසේ කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍යවල වස විස ඇති බව ජනතාව දැන සිටීම ය. ඇතැමකු ඒ හේතුවෙන් කාබනික ගොවිතැන වැනි විකල්ප ගොවිතැන් කරා ද යොමු වී ඇත. එය අද ඊයේ දැනගත් දෙයක් නොවන මෙරට ජනතාව සමග කටයුතු කරන අය දනිති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද වස විස නැති ගොවිතැනක් ගැන කතා කරයි. අප කර ඇත්තේ මේ වස විස කිහිපයක් රසායනික නම්වලින් හඳුනාගැනීම පමණ ය. ඒ දැනුම අපට මුලින් ම ලබාදුන්නේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රධාන දෙවිවරුන් බව අවධාරණය කළ යුතු ය. දෙවිවරුන් ඒ ඒ අවස්ථාවල කෘෂි රසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්, රසදිය හා සයනයිඩ් ගැන කී බව මෙහිලා සඳහන් කළ යුත්තේ අප කැලණියේ මෙන් ම වෙනත්් රසායනාගාරවල ද පිරික්සුම් කළේ දෙවියන් විසින් දෙන ලද ඒ දැනුම මත පදනම් වී නිසා ය. මෙවැනි පරීක්‍ෂණවල දී කෙරෙන්නේ බටහිර විද්‍යාවේ රසායනාගාරවල ක්‍රියාකරන පටිපාටියට අනුව කෘෂිරසායන ද්‍රව්‍යවල ඒ ඒ ද්‍රව්‍ය අඩංගු දැයි සොයා බැලීම ය. එසේ සොයාබැලීම සඳහා අඩුම තරමෙන් ඒ ද්‍රව්‍ය පිළිබඳ උපකල්පනයක් අවශ්‍ය වෙයි. අපේ රසායනාගාරවල අපි ආසනික් හා රසදිය සඳහා පරීක්‍ෂා කළෙමු. එසේ ම අද වන විට තත්ව පාලකයන් විසින් පිළිගැනී ඇතැයි කියන රසායනාගාරවල ද ඇතැම් කෘමිනාශක නියැදිවල ආසනික්, රසදිය හා සයනයිඩ් ඇති බව සහතික කර ඇත. ඔවුන් ද පරීක්‍ෂා කළේ ඔවුන් ලබාගත් තොරතුරු මත පදනම් වී ය. මේ තොරතුරු අනුව ඔවුහු ඒ ඒ කෘමිනාශකවල ඒ ඒ රසායනික ද්‍රව්‍ය සඳහා පරීක්‍ෂා කළහ. උදාහරණයක් ලෙස මලයාසියාවේ රසායනාගාරයක දී කර ඇත්තේ ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව ආසනික්, රසදිය හා සයනයිඩ් සඳහා පරීක්‍ෂාකිරීම ය. මලයාසියාවේ විද්‍යාඥයන් හෝ තාක්‍ෂණ ශිල්පීන් හෝ ඔවුන් ම පරීක්‍ෂණ මගින් කෘෂි රසායන ද්‍රව්‍යවල සයනයිඩ් තිබෙන බවක් දැනගෙන නැති බව මෙහි දී අවධාරණය කළ යුතු ය. මෙයින් අදහස් කරන්නේ යම් ද්‍රව්‍යයක ඇති රසායන සංයුතිය දැනගැනීමට හැකි යන්ත්‍ර සූත්‍ර නැති බව නො වේ. එහෙත් එහි ද පරාස සීමාවන් වන බව අවධාරණය කළ යුතු ය. දැන් මෙරට සිටින ඊනියා විද්‍යාඥයන්ට අවශ්‍ය නම් සයනයිඩ් භීතිකාවක් ගැන කතාකළ හැකි ය. එහෙත් මේ රටේ ඇත්තේ ආසනික් හෝ රසදිය හෝ සයනයිඩ් හෝ භීතිකාවක් නොව ආසනික් ආදී ත්‍රස්තවාදයකි. කෘෂිරසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නෝ ඒ ද්‍රව්‍යවල ආසනික් හෝ වෙනත් වසක් විසක් හෝ නැතැයි ත්‍රස්තවාදී ව, බටහිර විද්‍යාවේ පරීක්‍ෂා මත පදනම් වන්නේ යැයි කියමින් පවසති.

අප මෙන් නොව කීර්තිමත් විද්‍යාඥයකු වූ මහාචාර්ය ඉලේපෙරුම මහතාගේ ඉහත සඳහන් ලිපියේ ම ඇති පහත සඳහන් වාක්‍ය අපි නැවතත් කියවමු. (මේ පශ්චාත්නූතනවාදීන්ගේ ඊනියා කියවීමක් නො වේ.) “කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන ලවණයක් බව මම කලින් ලිපියක සඳහන් කළෙමි. ඕනෑම අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකට ජලයේ දිය වේ. මෙය කැල්සියම් ආසනේට්වලට ද වලංගු සත්‍යයක් වන අතර එහි ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි.”…….. …….. .. .. උෂ්ණත්වය සහ ජලයේ ආම්ලිකතාව මත කැල්සියම් ආසනේට් දියවන ප්‍රමාණය වෙනස්වන බව ද මහාචාර්ය නලින් ද සිල්වා කියයි. මෙය සත්‍යයක් වන අතර උසස් පෙළ රසායන විද්‍යාව හදාරණ ඕනෑම සිසුවකු පවා එම කරුණ හොදාකාරව ම දනී. රජරට වකුගඩු රෝග කලාපයේ ජල සාම්පල විශ්ලේෂණය කළ මා නිරීක්‍ෂණය කළේ මේවා බොහෝමයක් භාස්මික වන බවත් පී එච් අගය 7ට වඩා වැඩි බවත් ය. එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු ය.” මේ වාක්‍ය කිහිපයෙන් මහාචාර්ය ඉලේපෙරුම මහතා වැටී ඇති ආසනික් පඹගාල නිරූපණය වෙයි.

ජූලි 31 වැනි දින ලිපිය ලියන තෙක් ඔහු දිගින් දිගට ම කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. ඔහු කිසි විටෙක උසස් පෙළ සිසුන් ද දන්නා බව කියන අහවල් උෂ්ණත්ව පරාසයේ් දී අහවල් ආම්ලිකත්ව පරාසයේ දී කැල්සියම් ආසනේට් ජලයේ දියවන බවක් හෝ නොවන බවක් හෝ කියා නො සිටියේ ය. පසුගිය දිනෙක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී ද ඔහු පරාස ගැන සඳහන් නො කෙළේ ය. ඔහු කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. එනම් ඔහු නිරපේක්‍ෂ දිය නොවීමක් ගැන කතා කළේ ය. ඉහත කී සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය පරණගම මහත්මිය යම් ආමිලිකත්ව පරාසයක යම් උෂ්ණත්ව පරාසයක කැල්සියම් ආසනේට් දියවන බව කියා සිටියා ය. ඔහු ඒ අවස්ථාවේදීවත් මහාචාර්ය පරණගම මහත්මිය සමග එකඟ නො වී ය. පැහැදිලිව ම මහාචාර්ය ඉලේපෙරුම මහතා උසස් පෙළ සිසුන් ද දන්නේ යැයි කියන කරුණක් දැනගෙන ඇත්තේ මේ නොබෝදා ය. දැනුම කවදා ලබාගත්තත් ප්‍රශ්නයක් නැත. මෙවර උසස් පෙළ පරීක්‍ෂණයට පෙර ඒ කරුණ දැනගැනීම ගැන ඒ මහතාට ද සතුටු විය හැකි යැයි සිතමි. කෙසේ වෙතත් ඒ මහතාගේ වත්මන් දැනුම පිලිබඳ ව අපට ඇත්තේ බලවත් සතුටකි.

දැන් තමා වැටී ඇති වළෙන් ගොඩ ඒමට ඔහු උපාය දෙකක් යොදාගැනීමට සැරසෙයි. එක් උපායක්් නම් කැල්සියම් ආසනේට් පමණක් නොව ඕනෑම ඊනියා අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකින් වුව ද ජලයේ ද්‍රාවණය වන බව කීම ය. ඔහු එයින් කීමට සූදානම් වන්නේ තමා අද්‍රාව්‍ය යැයි කී කැල්සියම් ආසනේට් ද සුළු ප්‍රමාණයකින් වුව දියවන බව කීමය. දැන් ඔහුට අනුව කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි. මෙය ආසනික් සම්බන්ධයෙන් සුළු ප්‍රමාණයක් නොවන බව කිව යුතු ය. අනෙක් අතට මේ ද්‍රාව්‍යතාව ද ආම්ලිකතාව උෂ්ණත්වය ආදිය මත වෙනස් වෙයි. මහාචාර්ය ඉලේපෙරුම මහතා වලෙන් ගොඩ ඒමට යොදා ගැනීමට උත්සාහ කරන දෙවැනි උපාය ද්‍රාව්‍යතාවේ මේ විචලනය මත පදනම් වෙයි. ඔහු කියන්නේ ඔහු පරීක්‍ෂා කළ නියැදි බොහෝමයක පී එච් අගය හතට වැඩි වූ බවත් එබැවින් එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු බවත් ය. පී එච් අගය වැඩිවන විට කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව අඩුවන බැවින් ඔහු පරීක්‍ෂා කළ බොහොමයක් නියැදිවල ආසනික් දිය වී නොතිබුණු බව ඇඟවීම මේ කතාවේ අරමුණ වන බව පෙනේ. එමගින් ආසනික් ජලයේ දිය නොවන්නේ යැයි ඔහු කලින් කී කතාව යම් පමණකින් යුක්තියුක්ත කිරීමට කීර්තිමත් මහාචාර්යවරයා උත්සාහ ගන්නා බව ද පැහැදිලි වෙයි. එහෙත් ඒ මහතාට ම අනුව නියැදි යම් ප්‍රමාණයක පී එච් අගය හතට අඩු ය. ඒ නියැදිවල කැල්සියම් ආසනේට් ද්‍රාවණය වී නොතිබිණි ද? ඔහු තවදුරටත් පවසන්නේ කැල්සියම් ආසනේට් ජලයේ දියවීමේ දී අයනවලට වෙන් වී ජලයට එකතුවන්නේ කැල්සියම් හා ආසනේට් යන අයන ප්‍රභේද දෙක බව ය. ඔහුගේ තර්කය ආසනේට් විසවීමක් ගැන මිස කැල්සියම් ආසනේට් සංයෝගය විසවීමක් ගැන කතාකිරීම වැරදි බව ය. අපි ඔහු නිවැරදි යැයි සිතමු. එසේ වුවත් අපේ කතාවෙහි (බටහිර විද්‍යාවෙහි ද ඇත්තේ කතා පමණකි) අදාළ කරුණෙහි දී ආසනේට් විසවීමට කැල්සියම් ආසනේට් තිබිය යුතු ය. අප කියා සිටින්නේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ය. ආසනික් නොතිබෙන්නට කැල්සියම් ආසනේට් නැත. කැල්සියම් ආසනේට් නොමැතිව ආසනේට් අයන නැත. එබැවින් අපේ මූලික ප්‍රස්තුතයට ඉන් හානියක් නො වේ. කෙසේ වෙතත් කැල්සියම් ආසනේට් කිනම් අවශ්‍යතා යටතේ වුවත් ඕනෑම ජලයක දියවීමේ දී අයනවලට වෙන්වන්නේ ද, මේ තොරතුරු අඩංගු වන්නේ කොහේ ද ආදිය බටහිර රසායන විද්‍යාව ගැන එතරම් දැනුමක් නැති අපට උගත් මහාචාර්යවරයා පවසන්නේ නම් කෘතඥ වෙමි. ඔහු පස ගැන කියන කතා අපි කිසිසේත් විශ්වාස නො කරමු. ලංකාවේ සෑම තැනකම ඇත්තේ එකම පසක් යැයි කියන පාංශු විද්‍යාඥයෝ වෙත් ද? රජරට වුව ද සමස්තයක් ලෙස ගත්කල කුඹුරු පස තිබුණ ද සෑමතැනක ම ඇත්තේ එකම පසක් නො වේ. රජරට ද රෝගය සමව පැතිරීමක් දක්නට නොලැබීමට එය එක් හේතුවකි. මහාචාර්යතුමා තවත් කතාවක් කියයි. ඔහුගේ ෆ්ලුවොරයිඩ් කතාව ප්‍රකාශ කළේ 2004 බව ද එය ජාත්‍යන්තර සඟරාවක පළ කළේ 2009 බව ද කියයි. ඉන් අදහස් කරන්නේ ඔහු ඊනියා විද්වත් සඟරාවක ප්‍රතිඵල පළ කළේ ඒ රටට ප්‍රකාශ කර අවුරුදු පහකට පසුව බව ද? කෙසේ වෙතත් ඔහුගේ මතය වෙනත් බොහෝ දෙනා නොපිළිගන්නා බව පැහැදිලි ය. අනෙක් අතට ඊනියා විද්වත් සඟරාවක පළ වූ පමණින් මතයක් නිවැරදි නො වේ. නේචර් හා සයන්ස් සඟරාවල ද පළවන ලිපිවලින් 30%ක් පමණ අවුරුදු කිහිපයක දී ප්‍රතික්‍ෂෙප වෙයි. අවසාන වශයෙන් ඔහු වෛද්‍යවරුන් පවසන්නේ යැයි කියමින් රජරට වකුගඩු රෝගියකු එක්සීමා රෝගියකු බවට පත්කිරීමේ නින්දිත උත්සාහයක යෙදෙයි. ඒ බව පවසන වෛද්‍යවරුන් කවරේදැයි ඔහුට නම්කළ හැකි ද? ඔහුට අනුව වෛද්‍ය තිලක් අබේසේකර මහතා කියන්නේ වකුගඩු රෝගීන් කිසිවකුවත් ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව ය. අබේසේකර මහතා එසේ කියන්නේ දැයි මම නො දනිමි. අඩුම තරමින් සාධාරණ වශයෙන්(පොදු යන අරුතින්) වකුගඩු රෝගීන් ගැන එසේ කීවේ නම් ඒ ගැන තවත් පරී’ක්‍ෂාකිරීමට සිත යොමුවීමට තිබිණි. එහෙත් රජරට වකුගඩු රෝගීන් කිසිවකු ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන්නේ යැයි අබේසේකර මහතා පවසා ඇත්නම් ඔහුට ද දිවැස් තිබිය යුතු ය.

Friday, 29 July 2011

දහතුන හා පලිබෝධනාශක

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තවදුරටත් කතාකිරීමට බොහෝ දේ ඇතත් නැවතත් කෘෂි රසායන ගැන සඳහන්කිරීමට අවශ්‍ය ව ඇත්තේ තවමත් ඒ පිළිබඳ ව වැරදි තොරතුරු ජනතාව අතට පත්වන බැවිනි. දහතුන් වැනි ව්‍යවස්ථාව ගැන අප දරණ මතය වනුයේ එය කිසිසේත් ම වර්තමාන දේශපාලන තත්වය නිරූපණය කරන සංශෝධනයක් නොවන බව ය. නීීතිය සෑමදාමත් දේශපාලනය තාක්‍ෂණය ආදිය පසුපස යයි. දහතුන් වැනි ව්‍යවස්ථාව මෙරට ප්‍රධාන දේශපාලන ධාරාව නොවූ, ගබිසා වූ ලාංකික ජාතියේ දේශපාලන ධාරාව පිටුපස ගිය නීතියකි. නන්දිකඩාල් පරාජයෙන් පසු ඊනියා ලාංකික දේශපාලන ධාරාව අතුගෑවීයෑමේ තත්වයකට පත්වී ඇත. චන්ද්‍රිකාගේ ඇතැම් ඇමතිවරුන් දහතුන පසුපස ගිය ද නන්දිකඩාල් පරාජයෙන් පසු දේශපාලනයෙහි, එසේත් නැතහොත් පඬි බසින් නම් පශ්චාත් යුද දේශපාලනයෙහි, ඊනියා ලාංකික ධාරාවෙහි ඉතිරි වී ඇති රොඩ්ඩට හා එහි නෛතික නිරූපණයක් වූ දහතුනට කිසිම වැදගත් කමක් නීීත්‍යානුකුලබවක් නැත. පසුගිය සතියේ අප කී පරිදි ආයුධගත් සටන් යනු දේශපාලනය ම මිස අනෙකක් නො වේ. දේශපාලනයේ දී පරාජය වූ දහතුනට, බලය බෙදීමට,නීතියේ තැනක් තිබිය නො හැකි ය. අද ඊනියා බලය බෙදීමක් හා දහතුනක් අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධ විරෝධී ඊනියා ලාංකික රොඩ්ඩට මිස සාමාන්‍ය ජනයාට නො වේ. මේ ලාංකික රොඩ්ඩ පවත්වාගෙන යන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසිනි. එහි දී රාජ්‍ය නොවන සංවිධාන, ජඩමාධ්‍ය හා විශ්වවිද්‍යාල ප්‍රමුඛ බටහිර අධ්‍යාපනික ආයතන යොදා ගැනෙයි. හිලරි ක්ලින්ටන් චෙන්නායි නගරයේ දී ලංකාවට ඉන්දීය ආකෘතිය සුදුසු යැයි යෝජනා කර ඇත. ඉන්දියාවේ වාංශික රාජ්‍ය ගැන හෝ ලංකාවේ එක්සේසත් රාජ්‍යය ගැන හෝ කිසිම අවබෝධයක් නැති මේ ස්ත්‍රිය අපට ඊනියා බහු සංස්කෘතිය ඉගැන්වීමට පෙර ඇගේ මුතුන් මිත්තන් විසින් ඝාතනය කෙරුණු ඊනියා රතු ඉන්දියානුවන්ගේ සංස්කෘතියට හිමි තැන දීමට කටයුතු කරන්නේ නම් මැනවි. අද සාමාන්‍ය දෙමළ ජනයාට ද අවශ්‍ය යම්කිසි ආකෘතියක ඇඟට දැනෙන සංවර්ධනයකි. අපට අවශ්‍ය බටහිර පාර්ලිමේන්තුව ම වැනි වූ පළාත් සභා නොව තම ඉරණම තමන් ම විසඳාගන්නා ගම්සභා ය. මේ පිළිබඳ ව නුදුරු අනාගතයේ දී වැඩි දුරටත් කතාකරමු. ගම්සභා බලතල සහිතව 1948 සිට ක්‍රියාත්මක කෙරිණි නම් අද රජරට වකුගඩු රෝගයක් නැතිවන්නට තිබිණි. වකුගඩු රෝගය බහුජාතික සමාගම්වල ජාති විරෝධී බෞද්ධ සම්මා ආජීව විරෝධී බටහිර ආර්ථිකය පුම්බන වෙළඳාමේ ප්‍රතිඵලයකි. එහි ද දේශපාලනයක් වෙයි. අද ජනතාවගේ කණකර උගස්ගන්නා මුදලාලිලාගේ හා වෙනත් අයගේ ජඩමාධ්‍ය මුග්ධ මහාචාර්යවරුන් සමග එකතු වී පාළුගෙයි වළං බිඳිමින් කැලණියේ අප කණ්ඩායමට පරිභව කරන්නේ ඔවුන් ද අවසාන වශයෙන් ගත්කල සිංහල බෞද්ධ දේශපාලනයකට, ජීවන ක්‍රමයකට විරුද්ධ හෙයිනි.


දේශපාලනය පාර්ලිමේන්තුවට, මැතිවරණයට, ව්‍යවස්ථාවට ආදියට පමණක් සීමා නො වේ. දැනුම ද අධ්‍යාපනය ද දේශපාලනයට අයත් වෙයි. අද අප පාලනය කෙරෙන්නේ, ලාංකික රොඩ්ඩ තවමත් පවත්වාගෙන යන්නේ බටහිර දැනුම ඔස්සේ ය. අප අවුරුදු විසිපහකට අධික කාලයක් බටහිර විද්‍යාවට එරෙහිව සටන් කරන්නේ ද දැනුම දේශපාලනයෙහි යොදා ගැනෙන බැවිනි. ඊනියා යථාර්ථය, වාස්තවිකත්වය, විද්‍යාත්මක විධි ක්‍රමය ආදිය ඇතුළත් බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ම, බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් අප පාගාදැමීමට යොදාගන්නා ප්‍රධාන මෙවළම වෙයි. නාථ දෙවියන්, විපස්සක දෙවියන් ඇතුළු සම්‍යක් දෘශ්ටික දෙවිවරුන් පිළිබඳ දැනුම ඊනියා මිථ්‍යාවක් බවට පත්කර බටහිර ක්‍රිස්තියානි දෙවියන් ලෝකය මවා ඇත්තේ කෙසේ දැයි දැනගැනීමට තැත්කරන බටහිර විද්‍යාව හා ඒ මත පදනම් වූ අනෙක් දැනුම් නිත්‍යානුකූල බවට පත්කර ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. අද මළ මිනියක් බවට පත් වී ඇති එහෙත් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී දේශපාලනයේ බලමහිමයෙන් පවත්වාගෙන යන බටහිර විද්‍යාවේ ආධිපත්‍යයෙන් අප හැකි ඉක්මනින් ගැලවිය යුතු ය.


කැලණිය විශ්වවිද්‍යාලයේ අප කණ්ඩායමට අවශ්‍ය වූයේ රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි දැනගැනීමට ය. මහේශාඛ්‍ය වෙසින් පෙනී සිටින බටහිර වෛද්‍ය විද්‍යාවේ එයට හේතුව නො දැක්වෙයි. ඔවුන්ට ඒ සඳහා ප්‍රතිකර්මයක් ද නැත. අද වන විට මේ රෝගයෙන් විසිදහකට අධික ජනතාව මියගොස් ඇති බව බටහිර වෛද්‍යවරු ම පවසති. පේරාදෙණියේ ප්‍රථම වර්’ෂ පරීක්‍ෂණය අසමත් වූවෝ ද අද ඊනියා ලෝක පූජිත විද්‍යාඥයන් බවට පත් වී සිටිති යි කියැවෙයි. ඔවුන් වකුගඩු රෝගයට හේතුව නොදනිතත් පර්යේෂණ ගැන කියති. බටහිර විද්‍යාවේ පර්යේෂණ ලෙස ලංකාවේ කෙරෙන්නේ බුද්ධිමය වශයෙන් ගත්කල ඉතාමත් පහළ මට්ටමේ දේ ය. මේ පර්යේෂකයෝ සූපශාස්ත්‍රයේ දී මෙන් අහවල් අහචල් දේ එකතුකරති. අහවල් උෂ්ණත්වයට රත්කරති. එතරම් බුද්ධියක් නැති අයකුට වුව ද මේ සූපශාස්ත්‍ර පර්යේෂණ ඔස්සේ පත්‍රිකා පළකර මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් විය හැකි ය. කරුණාකර මොවුන්ගෙන් බටහිර විද්‍යාව ඇතු්‍රළු බටහිර දැනුමට එකතු වූ එක් සංකල්පයක්, ප්‍රවාදයක් සඳහන් කරන්න. මේ මහාචාර්යවරුන්ට වකුගඩු රෝගය ගැන කෙතෙක් කීවත් නොතේරෙයි. ඒ ඔවුන්ගේ බුද්ධිමට්ටම නිසා විය හැකි ය.


රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කියන ඕනෑම කණ්ඩයමක් පිළිතුරු දියයුතු ප්‍රශ්න දෙකක් වෙයි. ඒ රෝගය රජරට ප්‍රදේශවලට හා ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී ඇත්තේ ඇයි? ඒ රෝගය අවුරුදු විසිපහක පමණ කාලයකට සීමා වී ඇත්තේ ඇයි? අපට කලින් මේ පිළිබඳ ඉදිරිපත් කෙරී ඇති හේතුවලින් ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු නො ලැබෙයි. උදහරණයක් ලෙස ගතහොත් ෆ්ලුවොරයිඩ් අවූරුදු විසිපහකට පෙර ද ලංකාවේ තිබිණි. රෝගයට හේතුව ෆ්ලුවොරයිඩ් නම් අවුරුදු විසිපහකට පමණ පෙර රෝගය නොවැළඳුනේ ඇයි? එමෙන් ම ෆ්ලුරොයිඩ් ඇති අනෙක් පෙදෙස්වල රෝගය නැත්තේ ඇයි? රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව සියයට අනුනවයක සහතිකයක් ඇතිව අපි කීවෙමු. අපට තවත් මෘතදේහ ලැබිණි නම් බොහෝවිට සියයට සියයක සහතිකයක් ඇතිව ඒ බව කීමට තිබිණි යැයි සිතමි. දැන් ප්‍රශ්න රාශියක් අපෙන් ඇසෙයි. රෝගයට වැළඳෙන්නේ කැල්සියම් ආසනේට් නිසා බව ද අප කියා ඇත. පඬියන්ගේ ප්‍රශ්නය ඒ ආසනික් ද නැත්නම් ආසනේට් ද යන්න ය. ඒ කුමක් කීවත් එහි වරදක් නැත. කැල්සියම් ආසනේට් අදාළ ප්‍රදේශවල ජලයට එකතු වූයේ කෙසේ ද යන ප්‍රශ්නය පඬියන් ඇසී නම් ඔවුන්ට ඒ ආසනික් ද ආසනේට් ද යන්න දැනගැනීමට තිබිණි. අදාළ ප්‍රදේශවල ජලයේ කැල්සියම් ආසනේට් ඇතිවන්නේ ආසනික් ඒ කිවුල් ජලයෙහි ඇති කැල්සියම් ලවනයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙනි. අදාළ ප්‍රදේශවල ජනතාවට වකුගඩු රෝගය වැළඳෙන්නේ බත් හෝ වෙනත් කෑමක් නිසා නොව ප්‍රධාන වශයෙන් ම වතුර බීමෙනි. ඔවුන්ගේ ආමාශයට ගොස් ඇත්තේ කැල්සියම් ආසනේට් මිස ආසනික් නො වේ. එහෙත් ආසනික් නොමැතිව අදාළ ප්‍රදේශවල කැල්සියම් ආසනේට් නැත. රෝගයට හේතුව ලෙස ඇතැම් අවස්ථාවක ආසනික් ද තවත් අවස්ථාවක ආසනේට් ද ප්‍රකාශ වී ඇත්තේ නම් එයට හේතුව ඉතා සරළ බව පැහැදිලි විය යුතු ය. දැන් ඇතැමුන්ට ප්‍රශ්නය වී ඇත්තේ කැලිසියම් ආසනේට් ජලයේ දියවන්නේ ද යන්න ය. මම බටහිර රසායන විද්‍යාව කුඩාකල (අවුරුදු දහහතරේ) සිට ම අප්‍රිය කළෙමි. එබැවින් මම එය ඉගෙන නොගත්තෙමි. එයට හේතුව මගේ මනසට එය බටහිර ගණිතය හෝ බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව හෝ තරම්වත් ෙසෙද්ධාන්තිකව පොහොසත් නො වීම ය. රසායන විද්‍යාව පිළිබඳ මට එතරම් දැනීමක් නොමැති වුවත් අවශ්‍ය දේ මම විද්වතුන්ගෙන් හා පොතපතින් දැනගන්නෙමි. මා ලබා ඇති තොරතුරු අනුව කැල්සියම් ආසනේට් ඒ ඒ ආම්ලිකත්ව යටතේ ඒ ඒ උෂ්ණත්වවලදී ජලයේ දියවෙයි. රසායන විද්‍යා හා වෙනත් ඒ සම්බන්ධ මහාචාර්යවරුන් ඒ බව නොදැන සිටීම පුදුමයට කරුණක් නොවුවත් ඔවුන් ජනමාධ්‍යයේ දැනමුත්තන් ලෙස ශිල්ප දක්වා කැලිසියම් ආසනේට් ජලයේ දිය නොවන බව කියමින් ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් නම් මගේ හදවතට අයහපත් වූ නමුත් මට ඇත්තේ සාධාරණ කෝපයකි. මේ මහදැනමුත්තන්ට දැනගැනීමට අවශ්‍ය නම් අදාළ පත්‍රිකා ඉදිරිපත් කළ හැකි ය.


ඉහත කී අයුරින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් වුවත් රෝගය වැළඳ’ීමට තවත් කරුණු දෙකක් සම්පුර්ණ කළ යුතු ය. එනම් රසායනික ප්‍රතික්‍රියාවලින් කැල්සියම් ආසනේට් ලවනය ඇතිවීමට අදාළ කැල්සියම් ලවන සහිත ජලය සහ ආසනික් ර’ඳවා තබාගත හැකි පසක් යන අවශ්‍යතා දෙක ය. අදාළ ප්‍රදේශවල මේ අවශ්‍යතා දෙක ම වෙයි. ඉන් එකක්වත් නොතිබුණහොත් ආසනික් තිබුණ ද රජරට වකුගඩු රෝගය නො වැලඳෙයි. අදාළ ප්‍රදේශවල පමණක් ඒ රෝගය දක්නට ඇත්තේ එබැවිනි. රෝගයට එකම හේතුව ආසනික් නොවුණ ද එය ප්‍රධාන හේතුව වෙයි. හම්බන්තොට රෝගය නැත්තේ එහි කිවුල් ජලය තිබුණ ද අදාළ පස නොමැති බැවිනි. තවත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. ආසනික් ලැබෙන්නේ කොහෙන් ද? එයට පිළිතුර කෘෂි රසායන යන්න ය. අඩුම තරමින් කෘමිනාශක වර්ග නවයක ආසනික් ඇති බව වෙනත් පර්යේෂකයෝ ද කියති. කෘෂි රසායනවලට අපේ ගොවි මහතුන් හුරුකර අවුරුදු හතලිහක් පමණ වෙයි. එහි ඇති ආසනික් පොළොවට උරාගෙන ජලයට කාන්දුවීමට අවුරුදු පහළොවක් පමණ ගත වී නම් වකුගඩු රෝගය පසුගිය අවුරුදු විසිපහකට පමණක් සීමාවීම ද ආසනික් මගින් පැහැදිලි වෙයි. හේතු මෙතරම් පැහැදිලිව තිබිය දී පඬියන් ලිබරල්වාදීන් මාක්ස්වාදීන් ආදීන් අපට විරුද්ධවන්නේ බහුජාතික සමාගම් පමණක් නොව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී විද්‍යාවද රැකීමට ය. මොවුන්ගෙන් ඇතමකු දහතුනට පක්‍ෂ වීම පුදුමයක් නො වේ.


Saturday, 16 July 2011

වකුගඩු රෝගය, ආසනික්, සහල් හා විද්‍යාඥයෝ

කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේෂණයෙහි යෙදෙන කණ්ඩායමට මේ වන විට මල් පොකුරු මෙන් ම ගල්මුල් ද ලැබී ඇත. ගල්මුල් බොහෝවිට ලැබෙන්නේ ඊනියා විද්‍යාඥයන්ගෙන් හා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන්ගෙනි. මල් පොකුරු ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙනි. අපේ ගවේෂණයෙහි ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇතැම් දුර්මත ද පළවන බැවින් හා ඒ ප්‍රතිඵල උපයෝගී කරගෙන විවිධ අය විවිධ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන බැවින් තවදුරටත් අපේ ගවේෂණ ගැන සඳහන්කිරීම අවශ්‍ය ය.

අප ගවේෂණය කළේ රජරට වකුගඩු රෝගය පිළිබඳව ය. කලින් සඳහන් කර ඇති ආකාරයට පිළිතුරු සැපයිය යුතු ප්‍රභ්න දෙකක් විය. එකක් මේ විශේෂිත වකුගඩු රෝගය රජරට හා අවට ප්‍රදේශවලට පමණක් සීමා වී ඇත්තේ ඇයි ද යන්න ය. අනෙක රෝගය පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයකට සීමාවන්නේ ඇයි ද යන්න ය. ෆ්ලුවොරයිඩ් එයට පිළිතුරක් නොවන්නේ අවුරුදු විසිපහකට පෙර ද ෆ්ලුවොරයිඩ් තිබූ හෙයින් සහ ලංකාවේ ෆ්ලුවොරයිඩ් ව්‍යාප්ත වී ඇති ආකාරය හා රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති ආකාරය අතර සහසම්බන්ධයක් නොමැති බැවිනි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට ඒ බව තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි. කැඩ්මියම් හා ඇල්ගී සම්බන්ධයෙන් ද මූලික ව පැවසිය හැක්කේ ඒ බව ය.

එහෙත් හේතුව ලෙස සිතන රසායන ද්‍රව්‍යයේ ව්‍යාප්තිය හා රෝග ව්‍යාප්තිය අතර සහසම්බන්ධයක් තිබේ දැයි අප සොයා බැලිය යුත්තේ රෝගයට එකම හේතු කාරකය ලෙස අදාළ ද්‍රව්‍යය පමණක් දක්වා ඇත්තේ නම් පමණකි. එසේ නැතහොත් අපට අනෙක් හේතු ද සොයා බැලීමට සිදු වෙයි. අනෙක් අය විසින් දක්වා ඇති හේතු මෙන් නොව ආසනික් සම්බන්ධයෙන් අප කියා සිටින්නේ ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය නො වැළඳෙන බව ය. රජරට නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම සඳහා කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද විශේෂිත කිවුල් ජලයක් ද අවශ්‍ය වෙයි. ඇතැම් ජ්‍යෙෂඨ මහාචාර්යවරුන්ට මේ බව කිහිප වතාවක් කියාදීත් තේරුම් ගත නොහැක්කේ ඇයි ද යන්න මහාචාර්යවරයකුගෙන් ම අසා දැනගත යුතු ය. අනුරාධපුර නගරයේ ජනයාට ඒ රෝගය නොවැළඳෙන්නේ ඔවුන් බොන වතුර බොහෝ විට වැවෙන් පොම්ප කරන බැවිනි. වැව්වල ආසනික් සාන්ද්‍රතාව මෙන් ම කිවුලට හේතු වූ ලවන වර්ගවල ද සාන්ද්‍රතාව ලිංවල අදාළ සාන්ද්‍රතාවන්ට අඩු ය.

අප ජලයේ ආසනික් හඳුනාගැනීම සඳහා යොදාගන්නා ක්‍රමය සම්මත ක්‍රමයෙන් වෙනස් වන්නේ උපකරණ වශයෙන් නොව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය (අම්ල ආදිය) හා රත්කරණ උෂ්ණත්වය ආදී වශයෙනි. මේ විස්තර තවමත් ඊනියා විද්වත් සඟරාවක පළ වී නොමැති බව ඇත්ත ය. එහෙත් ඒ විස්තර විද්වත් සම්මේලන යැයි කියන රැස්වීම් කිහිපයක ද පසුගිය දා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමක දී ද විස්තර කෙරී ඇත. ඒ අරුතින් ගත්කල පහසුකම් ඇති රසායනාගාරයක ඒ ක්‍රමය යොදාගෙන අපේ ප්‍රතිඵල ලැබේ දැයි පරීක්‍ෂා කළ හැකි ය. එහෙත් කිසිවෙක් එසේ නො කරති. අඩුම තරමෙන් අපේ රසායනාගාරවලට පැමිණ අප ඒ පරීක්‍ෂණ කරන්නේ කෙසේ දැයි සොයා බැලීමට (එව බලව) කරන ලද ආරාධනයක් පවා ඔවුහු නො පිළිගනිති. ඒ කිසිවක් නොකරන ඔවුහු හුදෙක් අපේ ප්‍රතිඵල ඊනියා විද්‍යාත්මක සඟරාවල පළකර නොමැතිය යන්න මත පිහිටා අවලාද නගමින් කටයුතු කරති.

මෙහි දී කිවයුතු තවත් කරුණක් ඇත. මෙරට බටහිර විද්‍යාඥයන් ඒකරාශි කරන ආයතනය වූ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් මා විකේන්ද්‍රික (අසම්මත) අදහස් දරණ පුද්ගලයකු බව පවසා අප කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් මගේ අදහස්වලින් දුරස්ථ නොවුවහොත් ඔවුන් බැරෑරුම විද්‍යාඥයන් ලෙස සැලකිය නොහැකි බවට අනතුරු අඟවා ඇත. ලංකාවේ සඟරාවක පර්යේෂන පත්‍රිකාවක් පළකර ගැනීමට නම් බොහෝ විට මෙරට තීරක විද්‍යාඥයන් දෙදෙනකු ලවා ඒ අනුමත කරවා ගත යුතු ය. ඒ සියළු විද්‍යාඥයෝ බොහෝ විට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සාමාජිකයෝ වෙති. අපේ කණ්ඩයමෙන් යවන පත්‍රිකාවක් කතුවරුන්ගේ නම් නැතිව වුවත් හඳුනා ගැනීම අපහසු කටයුත්තක් නො වේ. බැරෑරුම් විද්‍යාඥයන් නො වේ යැයි විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලබන පිරිසකගේ පත්‍රිකාවක් ඉහත සඳහන් තීරක විද්‍යාඥයන් අතින් අනුමත වේ යැයි සිතන්නේ ද? ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඉතා සියුම් අයුරෙන් රජරට වකුගඩු රෝගය සම්බන්ධ අප කණ්ඩායමේ පත්‍රිකාවක් ලංකාවේ පළවීම වළක්වා ඇත. ඒ අතර ඔවුහු අපේ ප්‍රතිඵල ඊනියා විද්‍යා සඟරාවක පළකරණ ලෙස ඉල්ලති.

අපේ ගවේෂණයේ එක් අවස්ථාවක අදාළ ප්‍රදේශවලට ආසනික් එකතුවන්නේ පලිබෝධනාශක මගින් බව දැනගත්තෙමු. ඉන්පසු ඒ ප්‍රදේශයේ භෝග ගැන සොයා බැලීමේ දී කොහොඹ ගස්වල හා තවත් ශාඛවල ආසනික් ඇති බව දැනගත්තෙමු. කෘෂි රසායනික ද්‍රව්‍ය ඔස්සේ පසට හා ජලයට එකතුවන ආසනික් මගින් ඒ ඒ ශාඛයට ඒ ඒ ප්‍රමාණයෙන් ආසනික් උරා ගැනෙයි. සහල්වල ද යම් ප්‍රමාණයක් ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. එය හුදෙක් අතිරේක දැනුමක් විය. එහෙත් ජනමාධ්‍ය මගින් වඩාත් ප්‍රචාරය වූයේ එය ය. එසේ වුවත් ජනමාධ්‍යයෙන් වැඩි අවධාරණයක් නොකෙරුණ කරුණ නම් රජරට වකුගඩු රෝගයට බත්කෑම හේතුවක් නොවන බව ය. පලිබෝධනාශක භාවිතය හේතුවෙන් ඇතැම් ආහාරපානවලට යම් ප්‍රමාණයක ආසනික් ප්‍රතිශතයක් ඇතුල්වේ. එය භෝගයෙන් භෝගයට වෙනස්වෙයි. ලංකාවේ නිෂ්පාදිත සහල්වල යම් ප්‍රමාණයක් ආසනික් අඩංගු නමුත් එය පොදුවේ ගත්කල ඇමරිකාවේ නිෂ්පාදීත සහල්වල ඇති ආසනික් ප්‍රමාණයට අඩු ය. එහෙත් චීනයේ හැරෙන්නට වෙනත් රටක සහල්වල තිබිය හැකි උපරිම ආසනික් ප්‍රමාණය නියම කෙරී නැති බව ද පැහැදිලි කළ යුතු ය. සහල් පිලිබඳ ව අපට එයට වඩා යමක් ප්‍රකාශ කළ හැකි නො වේ.

එහෙත් ඇතැම්හු මේ කරුණ මුල්කරගෙන මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට උත්සාහ ගනිති. අප කලින් සතියේ සඳහන් කළ ආකාරයට තමන් ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයන් යැයි කියාගන්නා විවිධ ආණ්ඩු විරෝධීහු ද, උපකුලපති අධ්‍යක්‍ෂ ආදී තනතුරු බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට හේත්තු වී සිටින්නෝ ද සිටින්නියෝ ද ආණ්ඩුවත් අපත් අපහසුවට ලක්කරමින් සහල්වල ආසනික් ඇති නැති බව ගැන කතාකරති. මේ එක් අයකු පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති රැස්වීමේ දී කියා සිටියේ හැත්තෑවේ දශකයේ මුල මඤ්ඤොක්කා කා පවුල් පිටින් මිය ගිය බව ය. එකල එ ජා පාක්‍ෂිකයන් බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ වගා සංග්‍රාමයට එරෙහිව එවැනි කතා පැතිර වූ බව අපි දනිමු. සමහරු ආණ්ඩුවෙන් ලකුණු දා ගැනීමට කිසිසේත් ම සහල්වල ආසනික් නැතැයි කියති. තවත් සමහරු අපේ ප්‍රතිඵලවලට අනවශ්‍ය ආකාරයෙන් අතිශෝක්තියෙන් ප්‍රචාරයක් ලබා දී ආණ්ඩුවට පහර දීමට ඒ ප්‍රතිඵල යොදා ගනිති. මේ සහල්වල ආසනික් බෙහෙවින් ඇතැයි යනුවෙන් ද කොහේත් ම නැතැයි යනුවෙන් ද කෙරෙන ලකුණු තරඟයෙන් මිදීමට කාලය පැමිණ ඇත. අප දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඵලවිපාක ගැන කතාකළ යුතු ය.

අප කළ යුත්තේ රජරට වකුගඩු රෝගීන් සුවකර ගැනීමට උපරිම වශයෙන්් උත්සාහ ගැනීම ය. රජරට වකුගඩු රෝගයට අප දක්වා ඇති හේතුව වැරදි නම් ඒ බව අඩුම තරමෙන් දත්ත සමග සංගත වන ආකාරයෙන් පෙන්වා දිය යුතු ය. එසේ වැරදි බව පෙන්වා දිය හැකි නම් ඊළඟට කළ යුත්තේ රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි අනාවරණය කර ගැනීම ය. ඒ සඳහා කළ යුතු වැඩ කරන අතර රජරට පමණක් නොව රටේ සියළුම ගොවීන් වස විස නැති ගොවිතැනක් කරා ගෙන යෑමට ද අපි කටයුතු කළ යුතු වෙමු. ඒ පිළිබඳ දැනුම ඇත්තෝ රට පුරා විසිරී සිටිති. ජනාධිපතිතුමා යටතේ පිහිටුවන ඒකකයක් මගින් මේ දැනුම ඒකරාශී කර එය ගොවි ජනතාව කරා ගෙන යා යුතු ය.

මෙරට ඇති ජාතික දැනුම මේ වන විට අභාවයට යමින් පවතියි. ගොවිකමේ, වෙදකමේ ආදී වශයෙන් ඇති මේ දැනුමට සම්‍යක් දෘෂ්’ටික දෙවිවරුන් එකතුකරන දැනුම ද වෙයි. ඊනියා විද්‍යාඥයන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට සිනහසෙන්නේ ඒ අදෘශ්‍යමාන පාර භෞතික බලවේග කියමිනි. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය ද අදෘශ්‍යමාන වෙයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමක් බව පෙන්විය හැකි අයකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ හෝ ගුරුත්වාකර්ෂණය ගෝචර වන විශ්මිත ඉන්ද්‍රිය ද රැගෙන කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙසට ආරාධනය කරමි. අපේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔහුගේ හෝ ඇයගේ හෝ ඒ විශ්මිිත ඉන්ද්‍රිය මෙන් ම සිහිය ද පරීක්‍ෂාකරනු ඇත. සිහිය පරීක්‍ෂා කරන්නේ කිනම් විද්‍යාත්මක ක්‍රමයකට අනුව ද ආදී අසිහියෙන් අසන ප්‍රශ්නවලට වුවත් අපි බටහිර ඊනියා තොරතුරු දැනගැනීමේ අයිතියට අනුව නොව සිංහල බෞද්ධ ක්‍රමයට අනුව ඉඩ දෙමු.

Friday, 8 July 2011

අපි බත් කමු

කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ගවේෂණය කරන කණ්ඩායමේ අරමුණ කුමක් ද යන්න පැහැදිලි කරගත යුතු වන්නේ මේ වනවිට ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා පලිබෝධනාශක ආනයනය කරන සමාගම් ඒ සම්බන්ධයෙන් අමූලික අසත්‍ය පතුරුවා ඇති බැවිනි. එහි දී ඔවුහු තමන් විද්‍යාඥයන් ලෙස හඳුන්වාගන්නා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් හා ඊනියා පර්යේෂණ ආයතනවල සේවයකරන පර්යේෂකයන් යැයි කියාගන්නා කිහිපදෙනකු ද යොදාගත්හ. තමන් වැටී සිටින දේශපාලන අගාධයෙන් ගොඩ ඒමට මගක් සොයන බංකොළොත් ජ වි පෙ කථිකාචාර්යවරයකු අප ගවේෂණයට එරෙහිව අනෙක් කථිකාචාර්යවරුන් පමණක් නොව සිසුන් ද සංවිධානය කිරීමට ගත් උත්සාහයක් පසුගිය දා ව්‍යර්ථ වී ගියේ සිසුන්ගේ දැඩි විරෝධය මධ්‍යයෙහි ය. මේ ජ වි පෙ කථිකාචාර්යවරයා හා තවත් එ ජා ප හිතවත් ආචාර්යවරු තමන් සමග එකඟ නොවන කථිකාචාර්යවරුන්ට තම අදහස් ප්‍රකාශකිරීමටවත් ඉඩ නොදී තමන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි ගලවා නිරුවත් බව ප්‍රදර්ශනය කළහ. අද මේ කථිකාචාර්යවරු තමන්ට විරුද්ධ අදහස් දරණ තරුණ තාවකාලික ගුරුවරුන්ට විශ්වවිද්‍යාලයෙන් අස්වී යන ලෙසට තර්ජනය කරති. විශ්වවිද්‍යාලයීය ආචාර්ය ධුරය විශේෂිත සම්භාවනීය ධුරයක් ලෙස සලකමින් තමන්ට වැඩි වැටුප් ගෙවන ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට පිවිස ඇත්තෝ ද ඔවුහුම ය. එහෙත් තමන් අස්වී යැයි කියන අංශාධිපති තනතුරට හිමි මාසික දීමනාව මාස්පතා ඉතාමත් සම්භාවනීය ව ලබාගන්නෝ ද ඔවුහුම ය. එමෙන් ම විශ්වවිද්‍යාලයේ රාජකාරි කාලයෙහි දී විවිධ රාජ්‍ය නොවන ආයතනවල දේශන පවත්වන්නෝ ද ඔවුහු ම ය. විශ්වවිද්‍යාලයේ පවත්වන දේශනවලට වැඩි දේශන ප්‍රමාණයක් බාහිර ආයතනවල පවත්වමින් ලක්‍ෂ ගණනින් මුදල් උපයන්නෝ ද ඔවුහු ම ය. ඔවුන්ගේ සදාචාරය කෙසේ ද යත් තමන් දරණ මතවලට විරුද්ධ මත දරන සිසුන් විභාගවලින් සිසුන්ගේ වචනවලින් ම නම් අන්නවන්නෝ ද ඔවුහුම ය. මෙවැන්නන් ගැන රජයේ අවධානය යොමුවිය යුතු කාලය පැමිණ ඇත.

අප කණ්ඩායමට ප්‍රශ්නය වූයේ රජරට හා ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ නිදන්ගත වකුගඩු රෝගය පැතිර ඇත්තේ ඇයි ද යන්න ය. ඒ මිස සහල්වල ඇති ආසනික් කොපමණ ද යන්න හෝ වෙනත් භෝගයක හෝ මත්ස්‍ය වර්ගයක හෝ අඩංගු ආසනික් ප්‍රමාණය සෙවීම නො වේ. ඒ ද්විතීයික කරුණු විය. එය ද අවශ්‍ය වූයේ පසුකතාවක් ලෙස ය. අපේ ප්‍රධාන ප්‍රශ්න දෙකට පිළිතුරු වූයේ රජරට වකුගඩු රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික් බවත් ඒ පසට හා ජලයට ආසනික් එකතුවන්නේ පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය නිසා බවත් ය. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවට සියයට අනූනවයක විශ්වාසයක් අපට ඇත. එය මුළුමනින් ම විශ්වාස කිරීමට අපට පරික්‍ෂා කිරීම සඳහා ඒ රෝගයෙන් මියයන අයගේ මෘත දේහවල කොටස් ලබාගැනීමේ දුශ්කරතාවක් වෙයි.

රෝගය වැළඳීමට ප්‍රධාන හේතුව ආසනික් වුවත් ආසනික් තිබීම නිසා පමණක් වකුගඩු රෝගය නො වැළඳෙයි. බොහෝ පඬියන් ද අපෙන් අසන්නේ පලිබෝධනාශක යොදාගන්නා අනෙක් පළාත්වල එම රෝගය ව්‍යාප්ත වී නැත්තේ ඇයි ද යන්න ය. යම් ප්‍රදේශයක රෝගය ව්‍යාප්ත  වීමට තවත් හේතු දෙකක් අවශ්‍ය වෙයි. එකක් නම් ඒ ප්‍රදේශවල දක්නට ලැබෙන කුඹුරු පස යැයි හැඳින්වෙන පස ය. අනෙක ඒ ප්‍රදේශයෙහි ඇති විශේෂිත ලවනයක් සහිත කිවුල් ජලය ය. රජරට වකුගඩු රෝගය වැළඳීමට නම් මේ කරුණු තුන ම සම්පුර්ණ විය යුතු ය. එසේ සම්පුර්ණ වන්නේ ප්‍රධාන වශයෙන් ම අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සහ දෙහිඅත්තකණ්ඩිය ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍රදේශවල ය. එමෙන් ම මේ පළාත්වල පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ පමණක් මේ රෝගය පැතිර යෑමට හේතුව ඒ පළාත්වල කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය දැනට අවුරුදු හතළිහකට පමණ සීමා වීම ය. අප රටට කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දී දැනට අවුරුදු හතළිහක් පමණ වෙයි. රෝගය වැළඳීමට තරම් ආසනික් ප්‍රමාණයක් එකතුවීමට අවුරුදු පහළොවක් විස්සක් පමණ කාලයක් ගතවන්නට ඇතැයි උපකල්පනය කළහොත් අපට පිළිතුරු දීමට තිබූ අනෙක් ප්‍රශ්නයට ද පිළිතුරු ලැබෙයි.

අපට ඉහත රජරට වකුගඩු රෝගයට හේතු සෙවූ පර්යේ’ෂක කණ්ඩායම්වල පැහැදිලි කිරීම්වලින් ඉහත ප්‍රශ්න දෙකෙන් එකකටවත් පිළිතුරු නො ලැබෙයි. එබැවින් ඔවුන් දී ඇති ෆ්ලුවොරයිඩ්, කැඩිමියම්, ඇලුමීනියම්, ඇල්ගී වැනි හේතු ප්‍රතික්‍ෂෙප කිරීමට අපට  ගැටළුවක් නො වී ය. එහෙත් මෙහි දී කිවයුත්තක් වෙයි. රෝගය වැළඳීමට කැඩ්මියම් ප්‍රධාන හේතුවක් නොවුව ද එයින් ආසනික්වලට යම්කිසි තල්ලුවක් ලැබෙයි. එහෙත් ආසනික් නොමැතිව කැඩ්මියම්වලින් පමණක් රෝගය නො වැළඳෙයි. අප නැවතත් අවධාරණය කරන්නේ අපට විසඳාගත යුතුව තිබූ ප්‍රධාන ප්‍රශ්නය එතෙක් බටහිර වෛද්‍ය විද්‍යාවට හසු නොවූ රෝග කාරකය මිස සහල් හා වෙනත් ආහාර ද්‍රව්‍යවල ආසනික් තිබේ ද නැත් ද යන්න නො වේ. අනෙක් අතට සහල්වල ආසනික් ඇති බව අප කණ්ඩායමේ ගවේෂණවලට පෙර ද මෙරට ඊනියා විද්‍යඥයෝ දැන සිටිය හ. මා දන්නා තරමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ම උද්භිද විද්‍යා අංශයෙහි මහාචාරය රංජිත් ජයසේකර මහතා 2005 දී ප්‍රසිද්ධ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක සහලවල ආසනික් ඇති බවට කරුණු දක්වා ඇත. එමෙන් ම ඉන්පසුව ජපන් කණ්ඩායමක් ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයිය කණ්ඩායමක් ද සහල්වල ආසනික් ඇති බව දක්වා ඇත.

එහෙත් අප ඉතා වගකීමක් සහිත ව ප්‍රකාශ කරන්නේ රජරට වකුගඩු රෝගයට බත්කෑම හේතුවක් නොවන බව ය. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් අඩංගු බොන වතුර මිස කන බත් නො වේ. සහල්වල ආසනික් ඇතැයි  යන්න අවධාරණය කෙරුණේ මෙරටට ආසනික් සහිත පලිබෝධනාශක ආනයනය කරන ආයතන හා එසේ ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කර ඇති නිලධාරීන් විසිනි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් ආනයනය කළ හෝ ආනයනය කිරීමට අවසර ලබාදුන් හෝ ආසනික් සහිත පළිබෝධනාශකවලින් ජනතා අවධානය ඉවත්කර රජය ද අප කණ්ඩායම ද අපහසුතාවකට පත්කරමින් වකුගඩු රෝගයට හේතුවක් නොවූ සහල් කෙරෙහි ජනතා අවධානය යොමු කරවීම ය. මොවුහු තමන් කළ වරදක් වසාගැනීමට අප කණ්ඩායමට ද රජයට ද පහර දීමට කිසිම අදාළත්වයක් නැති වෙනත් ම කරුණකට ප්‍රසිද්ධිය ලබාදුන්හ. එහි දී ඔවුන්ට රජයේ මැති ඇමතිවරුන් සමග තනතුරු ලබාගැනීම සඳහා සම්බන්ධකම් පවත්වන ඊනියා විද්‍යාඥයන්ගේ ද, තමන් දැක්වූ හේතු සාවද්‍යබව හෙළිදරවුවීමෙන් පශ්චාත්තාපයට හෝ වෙනත් තාපයකට හෝ පත් වී ඇති ඊනියා විද්‍යාඥයන්ගේ ද සහාය ලැබිණි. අප මේ ඊනියා විද්‍යාඥයන්ට අනුකම්පා කිරීමට සූදානම් නමුත් දිනපතා රජරට වකුගඩු රෝගයෙන් මියයන රෝගීන්ගේ ඥාතීන්ගෙන් නම් ඔවුන්ට කිසිම සමාවක් නො ලැබෙනු ඇත.

බත්කෑම රජරට වකුගඩු රෝගයට හේතුවක් නොවන බව අපි නැවතත් අවධාරණය කරමු. අපට අවශ්‍යවන්නේ එකම එක දෙයක් පමණකි. එනම් මෙරට රජරට ගොවීන්් ද ඇතුළු සියළු ගොවි මහතුන් කෘෂි රසායනික කෘෂිකර්මයෙන් ඉවත්කර පැරණි හෙළ ගොවිකම් වෙත ඔවුන් නැවත කැඳවාගෙන යෑම ය. අප රට ගොවි මහතුන්ට මුල දී, එනම් හැටේ දශකයේ දී කෘෂි රසායන ද්‍රව්‍ය හඳුන්වා දුන්නේ ඔවුන්ට ඒ ද්‍රව්‍ය යොදාගැනීම වෙනුවෙන් මුදල් ද ලබා දෙමිනි. අද එම ගොවි මහතුන්ගේ මුණුබුරන්ට එම රසායන ද්‍රව්‍ය නැතිව බැරි ය. අපට අවශ්‍ය වන්නේ මෙරට ජනයා බත්කෑමෙන් ඉවත් කර ඔවුන්ට පාන් කවා බටහිර තිරිඟු ගොවියන් පොහොසත් කිරීම නොව ඔවුන් තව තවත් බතට හා දේශීය ධාන්‍ය වර්ගවලට හුරුකරවීම ය. ඒ සඳහා දේශීය විකල්ප ගොවිකම හඳුන්වා දීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යටතේ ඒ සිදුවේ යැයි අපි අපේක්‍ෂා නො කරමු. පසුගිය කාලයෙහි විකල්ප ගොවිකම හඳුන්වාදීම සඳහා ඔවුන්ට රජයෙන් ලැබුණු මුදල් ප්‍රමාණය කෙතෙක් ද? එයින් වියදම් කළ ප්‍රමාණය කෙතෙක් ද? ඒ වියදම් කෙළේ කුමක් සඳහා ද? ආදී ප්‍රශ්න අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් අසමු.

පැරණි දේශීය ගොවිකම යොදා ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු කිරිමැටියාගාර ප්‍රදේශයේ කුඹුරක් කරති. එහි හතරවැනි කන්නය ද දැන් ආරම්භ වී ඇත. ඒ අත්දැකීම් ද අපට රජරට ගොවිමහතුන් සමග බෙදාගත හැකි ය. ඉහත කී සියල්ල සඳහා ජනාධිපතිතුමා යටතේ ඒකකයක් පිහිටුවීමට අපි යෝජනා කරමු. ගොවි මහතුන්ට පැරණි ගොවිකම හඳුන්වාදිය හැක්කේ කොළඹ දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් නොව ප්‍රායෝගික ව ගොවි මහතුන් කරා යෑමෙනි. ජනාධිපතිතුමා  යටතේ පිහිටුවන ඒකකයකින් ඒ කළ හැකි බව අපි දනිමු. එහි දී කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පිටත සිටින අපට ද එයට සහාය විය හැකි ය. ජනාධිපතිතුමාට මෙන් ම අපට ද අවශ්‍ය වන්නේ මෙරට ජනයාට යහපත් සෞඛ්‍ය තත්වයකින් කල්ගත කිරීම සඳහා ඔවුන් තව තවත් බත් කෑමට යොමු කිරීමට ය. අපේ උද්‍යොග පාඨය වනුයේ අපි බත් කමු යන්න ය.

Sunday, 3 July 2011

දේශන - බටහිර යුධ අධිකරණ තර්ජන සහ කෘෂි රසායන මරුවැල්

හිතවතුනි,
මෙම සම්මන්ත්‍රණයේ පැවැත්වූ දේශන වල ශ්‍රවණ ගොනු පහතින් ලබාගත හැකිය. මෙහිදී මහාචාර්ය නලින් ද සිල්වා, වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුන්ද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද විසින් දේශන පවත්වනු ලැබිණි. දේශකයන් විසින් රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වී ඇති මත සහ ඒවායේ ඇති දුර්වලතා පිළිබඳව පැහැදිලිකිරීම්ද විවිධ පාර්ශවයන් විසින් නව මතය පිළිබඳව නගන ප්‍රශ්න සඳහා පිළිතුරුද දෙනු ලැබිණි.

හැඳින්වීමේ කථාව - නලින් ද සිල්වා මහතා

චන්න ජයසුමන මහතාගේ කථාව - 1

චන්න ජයසුමන මහතාගේ කථාව - 2

චන්න ජයසුමන මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 1

නලින් ද සිල්වා මහතාගේ කථාව - 2

නලින් ද සිල්වා මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 4

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ කථාව

Wednesday, 18 May 2011

රසායනික ආසනික් හා වෙනත් ආසනික්

රජරට වකුගඩු රෝගය පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව මේ වන විට බොහෝ දෙනා දන්නා කරුණකි. මේ කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්යවරු, ආචාර්යවරු මෙන් ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු ද වෙනත් බටහිර වෛද්‍යවරු ද අයත් වෙති. විශේෂයෙන් ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් හා ලිං ආශ්‍රිත ව කරන ලද පරීක්‍ෂණවල දී ජලයෙහි ආසනික් සාන්ද්‍රතාව සම්මතයෙන් තිබිය හැකි යැයි කියන සාන්ද්‍රතාවට වඩා ඉතා අධික බව පැහැදිලි විය. රජරට ජලයේ කිවුල හේතුකොටගෙන අදාල ලවණ හා ආසනික් සංයෝගයෙන් ඇතිවන ආසනේට් වකුගඩුවල ඉතිරිවීම රෝගයට හේතුව බව අනාවරණය වී ඇත. කිවුල සහිත ජලයේ ආසනික් ඇති බව රසායනික ක්‍රම මගින් දැනගැනීම අසීරු කටයුත්තකි. වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පවත්වන වෙනත් කණ්ඩායම්වලට රජරට ජලයේ ආසනික් ඇති බව දැනගැනීමට නොහැකි වී ඇත්තේ එබැවින් හෝ වෙනත් කරුණක් නිසා හෝ විය හැකි ය. බටහිර විද්‍යාවෙි ඊනියා වාස්තවික විද්‍යාත්මක ක්‍රමයේ ව්‍යාජය මම හොඳාකාරව දනිමි. අපේ විද්‍යාවේ නමි අපට සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ආධාර කරති. ජලයේ ආසනික් ඇති බව අවසානයේ දී පඬියන්ට අනාවරණය කෙරුණේ් නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්ඩායමේ මග පෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ඇති පරමාණුක අවශෝෂණ ප්‍රේක්‍ෂාවලිමාපකය යොදා ගැනීමෙනි. ඉන්පසු තවත් පරීක්‍ෂණාගාරයක දී ද ඒ බව හෙළි වී ඇති නමුත් තවමත් අපේ කණ්ඩයමට විරුද්ධ වූවන් තැන තැන කියන්නේ තමන් වැනි මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට (උපකරණ මගින්) නොපෙනෙන ආසනික් අදෘශ්‍යමාන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් අසන්නේ අප වැන්නන්ට පෙනෙන මහාචාර්යවරුන්ට නොපෙනෙන දේ, අප වැන්නන්ට නොපෙනෙන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. එය සරලව මෙසේ ය. අපට මහාචාර්යවරියන් පෙනේ. මහාචාර්යවරියන්ට ආසනික් නොපෙනේ. අපට දෙවියන් නොපෙනේ. දෙවියන්ට ආසනික් පෙනේ. එහි එක්තරා ආකාරයක සමමිතියක් ඇති බැවින් මම එයට ඇලුමි කරමි. එහෙත් මතු බුදුවන නාථ දෙවියන් අපට කියන්නේ කිසිවක නොඇලෙන ලෙසත් සියල්ල උපේක්‍ෂාවෙන් අත්හරින ලෙසත් ය. නාථ දෙවියන් කෙසේ කීවත් උගත් මහාචාර්යවරියන් සම්බන්ධ සමමිතික කියුම් මම කෙසේ අත්හරිම් ද?

රජරට ජලයේ පමණක් නොව වකුගඩු රෝගීන්ගේ හිස කෙස් නියපොතු ආදී ජෛවීය කොටස්වල ද සහල්වල ද ආසනික් අඩංගු බව අප කණ්ඩායමට අනාවරණය වී ඇත. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව නොදැන සිටි කරුණකි. දෙවියන්ගේ මාර්ගයෙන් ලබාගත් දැනුමෙන් අපි ඒ කුමක් දැයි දැන් දනිමු. බටහිර උගත්කමෙන් මත් වී ඇති අය (මත්පැන් පානය කරන්නන්ගෙන් ඇතැම්හු මඳ පමණින් ගත්කල ද මත්වෙති. බටහිර උගත්කමෙන් මත්වීමෙහි දී ඇතැමුන්ට ද එවැන්නක් සිදුවේ) නොදනිතත් අතීතයෙහි ද අපේ විද්‍යාවෙහි දැනුම ලබාගැනීමේ දී අප දෙවියන්ගෙන් ද ආධාර ගෙන ඇත. ඊශ්‍රායලයන් පිරිසක් අපේ වැව් තාක්‍ෂණය ඉගෙන ගැනීමට ලංකාවට පැමිණ ඇතැයි පසුගිය දා වාර්තා විය. ඔවුන්ට එය කළ හැකි දැයි මම නො දනිමි. යුදෙව්වන් ද අතීතයේ දෙවියන්ගෙන් යම් යම් දේ දැනගත් ජනවර්ගයකි. ඒ කෙසේ වෙතත් අප වැව් තාක්‍ෂණය දැනගෙන ඇත්තේ දෙවියන්ගෙන් බව පමණක් දැනට කිව යුතු ය. විිදුසර පුවත්පතට ලියන අපේ ප්‍රවාද ලිපි පෙළෙහි මම සති කිහිපයක සිට දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ ව සාකච්ඡා කරන්නෙමි. අප දෙවියන්ගේ මාර්ගයෙන් දැනගත්තේ වකුගඩු රෝගයට හේතුව පමණක් නො වේ. එයට ප්‍රතිකාර ද අපි දැනගත්තෙමු. ඒ ප්‍රතිකාර බටහිර රෝහල්වල අත්හදා බැලීමට ද අපට බලධාරීන්ගෙන් අවසර ලැබී ඇත. 

දැන් ප්‍රශ්නය ජලයට ආසනික් එකතුවන්නේ කෙසේ ද යන්න ය. එයට ඇත්තේ එකම එක පිළිතුරකි. ඒ කෘෂි රසායන ද්‍රව්‍ය මාර්ගයෙනි. කෘෂි රසායන ද්‍රව්‍යවල, විශේෂයෙන් ම කෘමි නාශකවල, ආසනික් විශාල සාන්ද්‍රණයක් ඇති බව ද දැන් අපි දනිමු. ඒ එවැනි ද්‍රව්‍යවල ආසනික් නොතිබිය යුතු බවට බටහිරයන්ගේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන මගින් ද ප්‍රකාශ කෙරී තිබිය දී ය. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපට ලැබෙන්නේ බටහිර රටවලිනි. ඒ රටවලින් භාණ්ඩ පිට රටට යැවීමේ දී ඊනියා ජාත්‍යන්තර නීති බල නොපාන්නේ ද? වස විස පිටරට යවන රටවල් ගැන සොයා බැලීමට බෑන් කි මූන්ට අවසර නැත් ද? අවසර තිබුණත් බටහිර වරද නොපෙනෙන බෑන් කි මූන්ට (බින් ලාඩන් මරා දැමීම ගැන මොහු කුමක් කරන්නේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු) ඇතැම් විට අර මහාචාර්යවරියන්ට මෙන් ම ආසනික් නොපෙනෙනවා විය හැකි ය. අනෙක් අතට අප රටට බටහිරෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ භාණ්ඩ ආනයනය කිරීමේ දී එහි වස විස තිබේ දැයි සොයා නො බලන්නේ ද? කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගැනෙන්නේ රජරට පමණක් නො වේ. එසේ නම් අනෙක් පළාත්වල වකුගඩු රෝගීන් හමුනොවන්නේ ඇයි දැයි පඬියකු අසනු ඇත. ජලයෙහි කිවුල නොමැති පළාත්වල ආසනික් ජලයට මිශ්‍ර වුවත් රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වෙන රෝගය නො වැළඳෙන බවත්, එහෙත් ආසනික් ජලයට මිශ්‍ර වීමෙන් දියවැඩියාව වැනි වෙනත් රෝග වැළඳෙන බවත් අපේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. කිනම් රෝගයක් වැළඳුනත් කෘෂි රසායනික ද්‍රව්‍යවලට ආසනික් එකතුකිරීම මානව විරෝධී කටයුත්තකි. අප වැනි රටවල ජනතාවට වස විස කැවීම බටහිර ප්‍රතිපත්තිය විය හැකි ය. අපට වස දීම බටහිරයන්ට ලාභ කටයුත්තක් ද විය හැකි ය. එහෙත් අප ඒ ද්‍රව්‍ය ආනයනය කරන්නේ ඇයි? ජලයේ ආසනික් නැතැයි කියන පර්යේෂණ කණ්ඩායම්වලට බටහිර විවිධ සංවිධානවලින් ආධාර ලැබෙන්නේ ඇයි? මේ සියල්ලක් පිළිබඳ ව ආණ්ඩුව වහාම සොයා බලා අවශ්‍ය නිසි පියවර ගත යුතු යැයි යෝජනා කරමි.   

අපට ආසනික් ලැබෙන්නේ රසායනික ද්‍රව්‍යයක් ලෙස පමණක් නො වේ. බටහිරෙන් ලැබෙන සිංහල විරෝධී දැනුම ද සමස්තයක් ලෙස ගත්කල අප සංස්කෘතික වශයෙන් මරාදැමීමට දෙන ශාස්ත්‍රීය ආසනික් අඩංගු පොදියකි (පැකේජයකි). මේ පොදිය රට පුරා බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල වෙයි. බෑන් කි මූන්ට භාරදෙන ලද ඊනියා විද්වත් හෙවත් බ්ලේක් වාර්තාව ද ආසනික් පොදියකි. එයින් බලාපොරොත්තුවන්නේ ද අප මරා දැමීම ය. එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. අද බොහෝ විද්‍යුත් මාධ්‍ය නාලිකා ඔස්සේ රටට බෙදා දෙන්නේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය නසන ආසනික් ය. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීමට නිසි පියවර ගෙන ඇතැයි අපි කිසිසේත් නො කියමු. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් යොදා ගැණුනු ප්‍රධාන අවියක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ආණ්ඩුව කරන ලද සේවය (බලය තිබුණත්) එ ජා පයෙන් හෝ ජ වි පෙන්් හෝ කිසි දිනෙක කෙරෙන්නක් නො වේ. එබැවින් මේ ආණ්ඩුව විජාතික බලවේගවලින් ආරක්‍ෂා කිරීමටත් එවැනි බලවේග ක්‍රියාත්මක වන ආකාරය හෙළි කිරීමටත් මම බැඳී සිටිමි.

මේ දිනවල විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් දියත් කෙරී ඇති ආසනික් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පිළිබඳ ව ද මා කියන්නේ ඒ පසුබිමෙහි ය. අද ඇතැමුන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වී ඇත්තේ ඔවුන් අනෙක් අයගෙන් කොන්වීමට ඇති අකමැත්ත නිසා මිස ඒ ක්‍රියා මාර්ගය අනුමත කරන නිසා නො වේ. ඒ ක්‍රියා මාර්ගයට එක් නොවුවන්ට ඇතැම් ආචාර්යවරුන් කරන කෙණෙහිළිකම් ද මම දනිමි. මම මේ ක්‍රියා මාර්ගයට මුළුමනින් ම විරුද්ධ වෙමි. ඒ බව මා වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් ඉදිරියේ කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සාමාජිකත්වයට පවසා ඇත. පසුව මේ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වෙමි. දැනට මෙරට ජනතාවගේ දැනගැනීම සඳහා ඉතා කෙටියෙන් මෙසේ සඳහන් කරමි. වැටුප් සම්බන්ධයෙන් ආචාර්ය සමිති සම්මේලනය ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පසුගිය වසරේ අග අත්හිටුවා තිබිණි. පසුගිය අයවැයෙන් පසුව 2010 නොවැම්බර් 24 වැනි දා පැවති සම්මේලන රැස්වීමට අදහස් දෙකක් ඉදිරිපත් වී තිබිණි. එකකින් කියැවුණේ 2010 දෙසැම්බර් 01 දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැවත ඇරඹීමට හා ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ය. දෙවැන්නෙන්් ජනාධිපතිතුමාට ආචාර්යවරුන්ගේ ප්‍රශ්න ගැන දන්වා යැවීමටත් ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට එතුමාගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලා සිටීමටත් කියැවිණි. රැස්වීමේ තීරණය වූයේ දෙවැන්න ක්‍රියාත්මක කිරීම ය. 25% පර්යේෂණ දීමනාව ගැන සම්මේලනය සතුට පළකළ ද, එහි කොන්දේසිවලට විරුද්ධතාව දක්වා ඇතැම් කොන්දේසි පිළිබඳව බලධාරීන් සමග සාකචිඡා කිරීමට තීරණය කළේ ය.  2011 ජනවාරි 07 වැනි දා සම්මේලනයේ වාර්ෂික සභා රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලයක් පත්විණි. එහි දී පත් වූ නිලධාරි මණ්ඩලයේ වැඩි බලය, එ ජා ප, ජ වි පෙ හිතවතුන්ට හා සිංහල විරෝධී ෆෙඩරල්වාදී ඊනියා වමට හිමිවිය. 2011 පෙබරවාරි 21 පැවති සම්මේලනයේ විධායක සභා රැස්වීමක දී ජනාධිපතිතුමාට කරුණු නොදක්වා, පර්යේෂණ දීමනාවේ කොන්දේසි පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා නොපවත්වා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට නැවත එළඹීමට ද පසු රැස්වීමක දී ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ද තීරණය විය. මෙය වෘත්තීය සමිති සදාචාරයට ද සම්මේලන ව්‍යවස්ථාවට ද පටහැණි බවත් ආණ්ඩුවට ආසනික් දීමට ගන්නා තැතක් බවත් පමණක් දැනට ප්‍රකාශ කරමි. සම්මේලනය සාකච්ඡා නොකළ ද කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ හිටපු නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් ජනාධිපතිතුමා හා අදාළ නිලධාරීන් හමු වී පර්යේෂණ දීමනාවේ කොන්දේසි ලිහිල් කරගෙන ඇත.

Wednesday, 2 February 2011

ඉලෙක්ට්‍රෝන දුසිමක් අවශ්‍යව ඇත. එහෙත් ඒ ඉන්ද්‍රිය ගෝචර විය යුතුය.

"රජරට වකුගඩු රෝගය යනු මේ ජාත්‍යන්තර බලවේග හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම විසින් රජරට ජනජීවිතය අවුල් කරනු ලැබීම නිසා රජරට වැසියන්ට වැළඳුණු රෝගයකි. බටහිරයන් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රියා කරන්නේ කිසියමි ලෙසකින් වුවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය රැකගැනීමට ය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ප්‍රශ්නවලට විසඳුමි නැත. එහි නියමුවන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය කිරීම පමණකි. ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි ආයතන මෙි කළමනාකරණය වෙනුවෙන් බටහිරයන් විසින් පිහිටුවනු ලැබු සමිති සමාගමි වෙයි."