තේරුම් ගැනීම විස්තර කිරීම අනාවැකි කීම හා ඥානසාර හාමුදුරුවෝ
මා පසුගිය කාලයේ දිනපතා ම මෙන් කාලයට ලිව්වා. එයට එක් හේතුවක් වූයේ ජනමාධ්‍ය මගේ ලිපි පළ නොකිරීමයි. එමෙන් ම විද්‍යුත් මාධ්‍ය ද මා නොසලකා හැරීමයි. ඊනියා ජාතිකවාදී යැයි කියා ගන්නා ජනමාධ්‍යට ද මා නොවැදගත් අනම් මනම් කියවන්නකු පමණක් වුණා. මේ සති දෙකේ නම් මට දිනපතා ලියන්න ලැබෙන එකක් නැහැ. ඒ මා තැනින් තැන යන සංචාරක ජීවිතයක් ගත කරන නිසා.