Main Logo

Showing posts with label Natha Devi. Show all posts
Showing posts with label Natha Devi. Show all posts

Saturday, 28 March 2020

ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව

     සිංහල ලිත් ඉලක්කම්


ඊනියා කොවිඩ් දැනුම, ලෙඩ දාගැනීම හා පිස්සුව



බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව අද අනාථ වෙලා. ඔවුන් (ලංකාවේත් බටහිරත් පොදුවේ) නාථ දෙවියන් විශ්වාස නොකරන නිසා ඔවුන්ට ඒ දෙවියන්ට කියන්නත් බැහැ. නාථ දෙවියන් ගැන කියන්නේ පාදෙණිය පමණයි. ඒ  හේතුවෙන් අද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් දෙකට කැඩිලා. අලුත්ගේ හා නවින් සොයිසා එක පැත්තක. පාදෙණිය තවත් පැත්තක. ඔවුන් එකිනෙකා පරදවන්න ප්‍රකාශ නිකුත් කරනවා. පාදෙණිය සහතිකය නිසාවත් නාථ දෙවියන්ගේ පැත්තෙන් අනෙක් අය ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලෙ පැත්තෙන්. ඒ තොරතුරු ඉදිරිපත් කරන්න බටහිර වෛද්‍යවරයකු වෙන්න ඕන නැහැ. අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. 

Friday, 1 November 2019

සිරිජාතිකවාදී මා

    සිංහල ලිත් ඉලක්කම්


සිරිජාතිකවාදී මා 




ඊයේ (ඔක්තෝම්බර් 31) මෙරට වැදගත් දිනයක්. පක්‍ෂ හා සංවිධාන දහහතක් එකතු වී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය ගොඩ නැගුවා. එහි ඇතැම් පක්‍ෂ හා සංවිධාන මැතිවරණ කොමිසමේ ලියා පදිංචි නැහැ. එය එතරම් වැදගත් නැහැ. ඇතැමුනට මේ නව සංධානය මීළඟ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ වාහකයක් පමණයි. එයත් ඇතැමුන් තම පාක්‍ෂිකයන් ඉදිරිපත් කිරීම සඳහා උපක්‍රමයක් ලෙස යොදා ගන්නවා. පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට හැරුණු විට අනෙක් පක්‍ෂ හා සංවිධාන සියල්ලට ම ලැබෙන්නේ අපේක්‍ෂකයන්ගෙන් 18%ක් පමණයි. එය පක්‍ෂ හා සංවිධාන පහළොවක් අතර බෙදී යන්න ඕන. ඒ පක්‍ෂකයට සාමාන්‍යයෙන් අපේක්‍ෂකයන් තුන්දෙනකු පමණ ලැබෙන්න පුළුවන්. ඇතැම් පක්‍ෂයකට එයට වැඩි වෙන්නත් අඩු වෙන්නත් පුළුවන්. ඊයේ සිට මහා මැතිවරණයට අපේක්‍ෂකයන් තේරීම නිල වශයෙන් ආරම්භ වුණා.

Sunday, 12 August 2018

ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව




                             ග්ලයිෆොසේට් නීතිය හා බටහිර විද්‍යාව



අද හර්තාල් දවස. හර්තාලයට අදට අවුරුදු හැටපහක් වෙනවා. ඒ ගැන ලියන්න තියෙන්නෙ ඒකෙන් එතරම් මිනිසුන් සංඛ්‍යාවක් මැරුණෙ නැහැ කියන එක විතරයි. සමහරු කියන විධියට පනස්හය ඇති වුණෙ පනස්තුනේ හර්තාල හින්ද! පනස්හයට හර්තාලයෙන් කිසිම බලපෑමක් වුණෙ නැහැ. පනස්හය ජාතිකත්වය ඉදිරියට ඒමක්. හර්තාලයෙ කිසිම ජාතිකත්වයක් තිබුණෙ නැහැ. හර්තාලයෙ බලපෑම කෙසේ වෙතත් පිලිප්ලා ඇන් ඇම්ලා කොල්වින්ලා එස් ඒ වික්‍රමසිංහලා අන්තිමේ දි ශ්‍රී ල නි ප ප්‍රධාන ආණ්ඩුවල කොටස්කරුවන් වුණා. ඒක මහජන පෙරමුණු දේශපාලනය කියල කිව්ව අය තවමත් ලෙනින් කියවනවා. ලෙනින් ලෙනින් කියෙව්ව නැතිව ඇති. නැත්තන් ලෙනින්ටත් ලෙනින් කියව කියව ඉන්න තිබුණා.

Sunday, 17 June 2018

බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද


බන්ධනාගාර කොමසාරිස් බුදු හාමුදුරුවන්ට ඉහළ ද





චීවරය ද ජම්පරය ද යන මැයෙන් ලියූ ලිපිය ගැන විවිධ අය විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වලා. ඇතැමුනට මගේ සිංහල බෞද්ධකමත් ප්‍රශ්නයක් වෙලා. ඥානසිරි හිමියන් බන්ධනාගත කිරීම වැරදි කියා මා කියා නැති බැවින් මගේ දේශ හිතෛෂී භාවය ඇතැමුනට ප්‍රශ්නයක් වෙලා. මා නීතිය හා සාමය ගැන කතා කරන තවත් මහාචාර්යවරයකු පමණය කියා එක් අයකු කියා තිබුණා. මා මහාචාර්යවරයකු නොවන බව ඔහු දන්නේ නැතිව ඇති.

Thursday, 1 June 2017

ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ


ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ



ට්‍රම්ප් පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කරලා. ඒ පිළිබඳ නිල ප්‍රකාශය ඉදිරි දින කිහිපයෙහි කිරීමට නියමිතයි. ට්‍රම්ප් මොන තරම් වැරදි කළත් ජාතිකවාදියෙක්. ඔහු දේශපාලනඥයකු ලෙස පරිණත නැහැ. ඔහු වැරදි කරන්නේ එබැවිනුයි. එහෙත් ඔහු ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට විරුද්ධයි. ට්‍රම්ප් ප්‍රංශයේ ලෙ පෙන් ආදීන්ගේ දේශපාලනය හුදු ජනප්‍රියවාදයක් නො වෙයි. මොවුන් ඊනියා ගෝලීයකරණයට, ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වන්නේ කරුණු කිහිපයක් හේතුකොට ගෙන. ඒ අතර ආර්ථික හේතු තියෙනවා. පැරිස් සම්මුතියෙන් නිෂ්පාදනයට පහරක් වදින බව ඔහු සිතනවා. ඒ අතර තවත් වැදගත් හේතුවක් තියෙනවා. ඔහු කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි. අද විද්‍යාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි ආගම බවට පත්වෙලා. විද්‍යාඥයන් තමයි පූජකයන්. ඒ් ආගම හා පූජකයන් විවේචනය කරන විට ඒ ආගමිකයන්ට කේන්ති යනවා.  ට්‍රම්ප් ඒ පූජකයන්ට අකමැතියි. ඔහු විද්‍යාවට වෙන් කරන මුදල් කපා හරිනවා.

Tuesday, 9 May 2017

නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්  


නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්


මාලිංග හර්මන් ගුණරත්න කලක් ජේ ආර්ගෙත් හිතවතෙක්. එහෙත් පසුව විරසක වුණා. ඔහු පොතක් ලියලා ඉංගිරිසියෙන්. එහි ඉංගිරිසි නම ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට්, එනම් දෙවියන් වහන්සේගේ රහස් නියෝජිතයා. මා ඒ පොත කියවා නැහැ. දි අයිලන්ඩ් පත්‍රයෙහි ඒ පිළිබඳ ලියැවුණු විචාරයක් කියවීමට ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයකු වන නිස්සන්ක විමලසූරිය නමැත්තකු ශුද්ධ වූ ආත්මයක් සමග යම් යම් ප්‍රතිහාර්ය කර තිබෙනවා. එහි ඒ ශුද්ධ ආත්මය දෙවියන් වහන්සේ කියා කියන්නේ නැහැ. නිස්සන්ක විමලසූරිය කොඩිවින කැපීම වැනි කාර්යයන් සිදු කර තිබෙනවා.